28/09/2026
85 වන ශ්රී ලංකා පොලිස් අන්තර්-කොට්ඨාස මලල ක්රීඩා ශූරතාවලියේ සමස්ත ශූරතාව විශේෂ කාර්ය බලකාය (STF) දිනා ගනී
ශ්රී ලංකා පොලිසියේ විශේෂ කාර්ය බලකාය (STF), 85 වන ශ්රී ලංකා පොලිස් අන්තර්-කොට්ඨාස මලල ක්රීඩා ශූරතාවලියේ සමස්ත ශූරතාව දිනා ගනිමින් කීර්තිමත් 'ජනාධිපති අභියෝගතා කුසලානය' හිමිකර ගැනීමට සමත් විය.
දිවයින පුරා විසිරී ඇති පොලිස් කොට්ඨාස 69ක් නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් 4,000කට ආසන්න සංඛ්යාවක් සහභාගී වූ මෙම ශූරතාවලිය, 2026 සැප්තැම්බර් 25 සිට 27 දක්වා බම්බලපිටිය පිහිටි ක්ෂේත්ර බලකා මූලස්ථාන පොලිස් ක්රීඩාංගණයේදී පැවැත්විණි.
දින තුනක් පුරා පැවති මෙම තරගාවලිය ඉහළ තරගකාරීත්වයකින් සහ විනයගරුක බවකින් යුතුව පැවැත්වුණු අතර, එහිදී ශ්රී ලංකා පොලිස් නිලධාරීන්ගේ මලල ක්රීඩා කුසලතා, අධිෂ්ඨානය සහ ක්රීඩා විශිෂ්ටත්වය මනාව විදහා දැක්විණි. තරගාවලිය පුරා විශේෂ කාර්ය බලකායේ ක්රීඩක ක්රීඩිකාවන් දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් සමස්ත ශූරතාව සහ කීර්තිමත් 'ජනාධිපති අභියෝගතා කුසලානය' දිනා ගැනීමට එම බලකායට හැකි විය.
මෙම තරගාවලියේ සමාප්ති උත්සවය සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ගරු ආනන්ද විජේපාල මහතා, මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්ය ගරු සුනිල් වටගල මහතා, මහජන ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා සහ පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා සහභාගී වූහ. ශ්රී ලංකා පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ ජ්යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම ජයග්රහණය මගින් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සතු ඉහළ විනය මට්ටම, ශාරීරික යෝග්යතාව, කැපවීම සහ තරගකාරීත්වය යන ගුණාංග මනාව පිළිබිඹු කෙරේ.
අවසාන ශූරතා ප්රතිඵල
ස්ථානය කොට්ඨාසය
1 වන ස්ථානය (සමස්ත ශූරතාව) විශේෂ කාර්ය බලකාය (STF)
2 වන ස්ථානය (පළමු අනුශූරතාව) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID)
3 වන ස්ථානය (දෙවන අනුශූරතාව) කුරුණෑගල කොට්ඨාසය
4 වන ස්ථානය ශ්රී ලංකා පොලිස් විද්යාල කොට්ඨාසය (SLPC)
STF Crowned Overall Champions at the 85th Sri Lanka Police Inter-Divisional Athletic Championship
The Special Task Force (STF) of the Sri Lanka Police emerged as the Overall Champions of the 85th Sri Lanka Police Inter-Divisional Athletic Championship, securing the prestigious President’s Challenge Trophy.
The championship was held from 25 to 27 September 2026 at the Field Force Police Grounds, Bambalapitiya, bringing together nearly 4,000 male and female athletes representing 69 Police Divisions from across the island.
The three-day event was conducted in a highly competitive yet disciplined atmosphere, showcasing the athletic talent, determination and sporting excellence of personnel of the Sri Lanka Police. The outstanding performance of the STF athletes throughout the championship enabled the Force to secure the overall championship and claim the prestigious President’s Challenge Trophy.
The closing ceremony was graced by Hon. Ananda Wijepala, Minister of Public Security and Parliamentary Affairs; Hon. Sunil Watagala, Deputy Minister of Public Security; Mr. Ravi Seneviratne, Secretary to the Ministry of Public Security; and Mr. Priyantha Weerasooriya, Inspector General of Police. The ceremony was also attended by senior officers of the Sri Lanka Police and the Special Task Force.
The achievement reflects the high standards of discipline, physical fitness, dedication and competitive spirit maintained by the personnel of the Special Task Force.
Final Championship Standings
Position Division
1st (Overall Champions) - Special Task Force
2nd (First Runners-Up) - Criminal Investigation Department
3rd (Second Runner up) - Kurunegala Division
4th Place - Sri Lanka Police College Division (SLPC)