අරක්කු ඇඟට හොඳ නැති බව කවුරුත් දන්නා කතන්දරයකි හොඳ නැති අරක්කු වස බවට පත්කරමින් මිනිස්සු මරා දමන කතන්දරයක් වාර්තා වේ
රාජපක්ෂ පවුලේ ආශිර්වාදයෙන් පවත්වාගෙන පවත්වාගෙන යන
රන්දිය ඇරෑක් සමාගම ( pinland arrack ) හොර බලපත්‍ර බාවිතා කරමින් අරක්කු සෑදීමට අවශ්‍ය ස්ප්‍රීතු සාදන බව සොයාගන්නට ලැබේ.. සාමාන්‍යයෙන් අරක්කු නිෂ්පාදනයට අවශ්‍ය ස්ප්‍රීතු නිෂ්පාදනයට ඒ සඳහාම අවශ්‍ය වන බලපත්‍රයක් තිබිය යුතු නමුදු පින්ලන්ඩ් නම් අරක්කු සමාගම සිදු කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් හොර මගඩි වැඩකි. එනම් පැල්වත්ත සීනි සමාගමට අයත්ව තිබූ ස්ප්‍රීතු ලබා ගනිමින් ස්ප්‍රීතු නිෂ්පාදනය බෙදා හැරීම සහ ප්‍රවාහනය සිදු කිරමින් සිටි ඉහත කී බලපත්‍රය ඕඩිකොලොන් සදහා සදහා භාවිතා කරන ස්ප්‍රීතු වැනි ස්ප්‍රීතු නිෂ්පාදනය සඳහා පමණක් නිකුත් කරන ලද බලපත්‍රයක් වේ එවැනි බලපත්‍රයක් භාවිතා කරමින් අරක්කු නිෂ්පාදනයට අවශ්‍ය ස්ප්‍රීතු පෙරීම සිදු කරන්නේ කෙසේද යන්න විමතියට කරුණකි .. මෙතෙක් කාලයක් සැමට වහන්වී මෙම ක්‍රියාව සිදු කිරීම සඳහා රාජපක්ෂවරුන්ගේ බලය මුන් භාවිතා කර ඇත. රාජපක්ෂ පවුලේ බාලම පුත්‍රයාගේ කාර් රේස් පිස්සුවට අවශ්‍ය වාහන සපයන්නේ මෙම ආයතනයේ හිමිකරු විසිනිමෙසේ සකස් කරගන්නා ලද ස්ප්‍රීතු වෙන්නප්පුවේ පිහිටි කර්මාන්ත ශාලාවකට ගෙනැවිත් අරක්කු නිෂ්පාදනය සඳහා භාවිතා කරයි. ශ්‍රී ලංකාවේ නීතිය අනුව සහ සාමාන්‍ය ක්‍රමවේදය අනුව සුරාබදු දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති ආරක්ෂිත ලේබලය ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සියලුම අරක්කු වල තිබිය යුතු නමුත් මෙම අරක්කු සමාගම සිදු කරන්නේ අදාල ලේබලයට සමානම හොරෙන් සාදාගන්නා ලද ආරක්ෂිත ලේබලයක් ඒ සඳහා භාවිතා කිරීමයි. මෙය සමාජයටම හොරරහසේ සියල්ලන්ටම හොරරහසේ සිදු වුව ද සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහල පුටු දැනුවත් කරමින් ඔවුන්ගේ ආශිර්වාදය යටතේ සිදු කරන ක්‍රියාවලියකි සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඔවුන්ගෙන් විශේෂ වරප්‍රසාද ලබා ගනිමින් මෙම හොර මගඩිය සඳහා ආශිර්වාදය ලබා දෙන බව මේ වන විට නොරහසකි. මෙපමණක් නොව තවත් ආයතන ගණනාවකට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් හොර වැඩ සදහා තම සෙවනැල්ල සපයනු ලබයි. මෙම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තමන්ට ම හිතවත් සුරාබදු නිලධාරීම් මෙම කටයුතු සදහා යොදාගනී. සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට අනුයුක්ත නිලධාරියෙකු VA අරක්කු සමාගමේ ස්ථානාධිපතිවරයාද ලෙසද කටයුතු කරන්නේ කේසේද යන්න සොයා බැලිය යුතු නොවේද?
තවද අදාල සමාගමෙස් අරක්කු වර්ග උතුරු නැගෙනහිර අලෙවි වන්නේ කිසිදු ආරක්ෂක ලේබලයක් නැතිවයි
ධනය බලය යොදවමින් අධික ලාභය වෙනුවෙන් මෙවැනි වංචනික ක්‍රියා වල නිරත වන්නන් නීතිය හමුවට ගෙනවිත් දඬුවම් කළ යුතු වුවද සුරාබදු නිලධාරීන්ගේ නිලධාරීන් ගේ ආශිර්වාදය සහ ඉහළ දේශපාලන පුටුවල ආශිර්වාදයෙන් කිසිදු දිනක ඔවුන් නීතිය හමුවට ඉදිපත් නොකරණු ඇත.
සත්‍යයේ හඬ
Tell About the Truth
03/03/2020
🤮🤮🤮🤮🤮🤮
11/02/2018
දෙරණේ දිලිත් මුදලට විකිණෙයි.
18/12/2017
E T I මුල්‍ය අර්බුදය උග්‍ර වේ ,තැම්පතු කරුවෝ දහස් ගනනින් මුදල් ආපසු ඉල්ලයි. GOLDEN KEY PART 2
ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනයේ මූල්‍ය අර්බුධය මේ වන විට ඉතාමත් බරපතල තත්ත්වයට පත් වී ඇත. ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනයේ සිදු වූ මූල්‍ය කඩා වැටීම සැලවීමත් සමගම එහි මුදල් ආයෝජනය කළ ගනු දෙනු කරුවන් විශාල වශයෙන් තමන්ගේ මුදල් තැන්පතු යළි ලබා ගැනීමට පැමිණියත් ඔවුන්ට මෙතෙක් මුදල් ලබා ගැනීමට නොහැකි වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලියාපදිංචි මූල්‍ය සමාගමක් වන ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනයේ වත්මන් තත්ත්වය මීට වසර ගණනාවකට පෙර ශ්‍රී ලංකාවේ සිදු වූ විශාලතම මූල්‍ය වංචාව වන ගෝල්ඩන් කී තැන්පතුවංචාවටත් වඩා බරපතල එකක් බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. තැන්පත්කරුවන් 9056 දෙනෙක් ගෝල්ඩන් කී සමාගමේ රුපියල් මිලියන 26500 ක් තැන්පත් කර තිබුණු අතර වංචා ව තුළින් පීඩාවට හා සිත්තැවුලට පත් තැන්පත්කරුවන් 26 දෙනකු සිය දිවි නසාගැනීම් හා විවිධ අසනීප හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණි. මෙම බරපතල වංචාව හේතුවෙන් සෙලින්කෝ සමූහ ව්‍යාපරයේ සභාපති සෙලින්කෝ සභාපති ලලිත් කොතලාවල ට සහ ඔහුගේ බිරිය වූ සිසිලියා කොතලාවල ටසිර දඩුවම් හිමි විය.
ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනයේ දිනෙන් දින ඔඩු දුවන මෙම බරපතල මූල්‍ය කඩා වැටීම හමුවේ ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයට අයත් ස්වර්ණවාහිනිය ඇතුළු එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්, ස්වර්ණ මහල්, එදිරිසිංහ ඩිවලොපර්ස්, ඊ.ඒ.පී.සිනමා, , සුව නෙත අක්ෂි රෝහල යන ව්‍යාපාර ඒකාබද්ධ කර විකුණා දැමීමට ඊ.ඒ.පී සමූහයේ වත්මන් පාලකයින් උතසහා දරා ඇති අතර ඒ සියලු උත්සාහයන් අසාර්ථක වී ඇත.
කුප්‍රකට කැසිනො ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා, බැදුම්කර මගඩියට සම්බන්ධන අර්ජුන් ඇලෝෂියස් මෙන්ම කොටි ඩයස්පෝරාවේ නියමුවකු වන සුදීර් ජයරාම් නම් මැලේසියානු ද්‍රවඩයකු ද මෙම ව්‍යාපාර සමූහය මිලට ගැනීමට පැමිණ ඇති අතර දිනෙන් දින අගාධයට යන මෙම ව්‍යාපාර ඔවුන් කුණු කොල්ලෙට ඉල්ලා ඇති බව වාර්තා වේ.
මේ අතර තවත් දේශීය ව්‍යාපාරිකයින් කීප දෙනකු ද මෙම ව්‍යාපාර වෙනුවෙන් යහපත් ලන්සු කීපයක් ඉදිරිපත් කර ඇති අතර මේ වන විට ඔවුන් සමග ඊ.ඒ.පී වත්මන් පාලකයින් සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා වේ. කෙසේ වෙතත් වටිනා මිනිස් ජීවිත 26ක් අහිමි කරමින් ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු වූ දැවැන්තම මූල්‍ය වංචාව වන ගෝල්ඩන් කී වංචාවේ දෙවැනි කොටස ලෙස ඊ.ටී.අයි. මූල්‍ය වංචාවක් ගැන ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ නොලියවෙන්නටත් කීර්තිමත් මවු පිය යුවලකට නිගා දෙමින් ගෝල්ඩන් කී හොරුන් මෙන් හිර ගෙයි බත් නොබුදින්නටත් ඊ.ඒ.පී සමූහයේ වත්මන් පාලකයින් වන ජීවක, නාලක, අසංක සහ දීපා යන එදිරිසංහ දූ පුතුන් වග බලා ගත යුතුය.
16/04/2017
දුමින්ද සිල්වා මැතිඳුනි ඔබ සිටියා නම් අද නොවේ මෙවන් දුකක් අපිට...
මීතොටමුල්ලේ අපි
Like us - සත්‍යයේ හඬ
Many legal flaws in Duminda’s verdict!
The appeal over the death sentence verdict issued against five persons including Duminda Silva, for the murder of Bharatha Lakshman Premachandra and four others, was filed at the Supreme Court on the 22nd of this month.
There are many contradictory theories and opinions within the legal circles regarding the divided verdict issued at the end of the trial.
While indictments were filed against 13 defendants, Judge Padmini N. Ranawaka ordered the death sentence for five defendants including Duminda Silva for charges of Manslaughter and imprisonment for murder charges.
Judge M.C.B.S. Morayes did not give his verdict but was in agreement with Judge Padmini N. Ranawaka’s verdict.
Disparities in evidence:
Judge Shiran Gunaratne who was the chairman of the three judge bench issued a separate verdict releasing the defendants from all charges.
His opinion was that the case could not be proved beyond reasonable doubt and his verdict was based on the fact that there was disparity in the statements of the witnesses
Accordingly, he said as such the benefit of the doubt should have gone to the defendants.
Ignoring initial statements:
In Judge Padmini Ranawaka’s verdict too the disparity in the evidence was indicated.
However she had chosen to disregard the statements the witnesses had made to the police and accept only the statement made in court when issuing the verdict.
Although it was stated that the witnesses had faced death threats and pressure at the time they made the statements to police, none of the witnesses had mentioned anything about such threats in court.
As such, ignoring the initial statements is baseless and puzzling.
Generally, evidence given by a witness immediately after an incident takes place is considered more accurate than evidence given after a period of time.
Evidence given after a period of time after the incident can be influenced and it is normal that both statements made to police soon after the incident had changed later when the evidence was heard in court.
It is an acceptable fact that in such instances, the court has to be very mindful when considering evidence given by witnesses who change their statements later in court.
Disparative legal interpretations
However in reference to both verdicts, it was highlighted that two judges issued two contrasting judgements regarding a single incident.
The evidence given by petitioner’s witnesses to police initially were changed when they gave evidence in court or in certain instances the evidence was proved false.
Extremely poor police investigations:
Further all the witnesses were those of the plaintiff’s party.
The police investigations had also failed to obtain evidence from independent parties, even when required.
During the trial it was revealed that the police had conducted the investigations in a very weak manner.
In some instances, the evidence given by certain police officers were beyond any credibility and riddled with flaws.
The investigations were headed by two officers responsible for investigating serious financial fraud and malpractices of the previous regime. As such it is highly puzzling that there were so many flaws in the investigations conducted under these esteemed officers.
First shot fired by the prosecution party:
However, in issuing the verdict in this case, it is legally challenging to have determine that the defendants had committed these crimes on a collective intention.
There is no evidence to indicate that this crime was committed according to a pre-determined plan and issue the verdict on the presumption that all the defendants had committed this crime based on their previous indifferences.
The crime was committed by a single person using a single weapon, without any order from anyone else.
The entire incident was sparked by instant rage and moreover, the first shot was fired by the complainant’s party.
There are many legal disparities in the two verdicts that were issued in this regard while this trial had created a huge uproar in the legal circles. Hence we intend to analyze this case further in the coming weeks.
(Sathhanda –Subash Jayawardena)
දුමින්දට දුන් තීන්දුවෙන් නීතිමය ගැටලු රැසක්!
දුමින්ද සිල්වා මහතා මේ වන විට සිටින්නේ බන්ධනාගාරයේය. එහෙත් ඔහුට දුන් නඩුතීන්දුව මහත් ආන්දෝලනයක් නිර්මාණය ඇතිකර ඇත. එයින් මතුවුණු ප්‍රශ්න කෙසේ විසඳෙයිද ?
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු මරණයට පත් කළ සිදුවීම සම්බන්ධයෙන් වූ නඩු විභාගයේදී දුමින්ද සිල්වා මහතා ඇතුළු පස්දෙනෙකුට කොළඹ මහාධිකරණය ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් යළි සලකා බැලීම සඳහා වන අභියාචනයක් පසුගිය 22 වන දින ශ්‍රේෂ්ඨධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නඩු විභාගය අවසානයේදී ලබා දුන් බෙදුණු තීන්දුව සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රය තුළ මේ වන විට විවාදාත්මක තත්ත්වයක් පවතී.
මෙහිදි විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව පැමිණිල්ලක් විසින් අධි චෝදනා ගොනුකර තිබූ අතර දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව පද්මිණී එන්. රණවක විනිසුරුවරිය චෝදනා කිහිපයකට සිර දඬුවම් නියම කිරීම සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් මරණ දඬුවම් නියම කිරීම සිදු කළාය.
එම්.සී.බී.එස් මොරායස් විනිසුරුවරයා ඔහුගේ තීන්දුවක් ප්‍රකාශයට පත් නොකර රණවක මහත්මියගේ තීන්දුවම අනුමත කළේය. පසුව විනිසුරු මඩුල්ලේ සභාපති ශිරාන් ගුණරත්න මහතා වෙනම තීන්දුවක් ප්‍රකාශයට පත්කර විත්තිකරුවන් සියලු දෙනාව සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලදී.
මෙහිදි ශිරාන් ගුණතිලක මහතාගේ තර්කය පදනම්ව තිබුණේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් විසින් ලබා දෙන ලද සාක්ෂිවල පරස්පරතාව මත විත්තිකරුවන්ට සැකයේ වාසිය හිමි විය යුතු වීම පෙර විනිශ්චයන්වලදී ද පිළිගත් මූලධර්මයක් වන නිසා මෙහිදි ද ඒ අනුව කටයුතු කරන බවය. පැමිණිල්ලට සැකයකින් තොරව චෝදනා ඔප්පු කිරීමට නොහැකි වූ බව ගුණතිලක මහතාගේ නිගමනය වේ.
එසේම පද්මිණි රණවක මහත්මියගේ නඩු තීන්දුවේ ද මෙම සාක්ෂි පරස්පරතා සම්බන්ධයෙන් සටහන්ව තිබේ. එහෙත් ඇය පොලිස් විමර්ශනවලදි සාක්ෂිකරුවන් ලබා දුන් කටඋත්තර නොසලකා හැර පසුකාලීනව අධිකරණය හමුවේ ලබා දුන් සාක්ෂි පිළිගැනීමට ලක් කර මෙම නඩු තීන්දුව ලබා දුන්නාය.
එහෙත් එහිදි සාක්ෂිකරුවන්ට මුල් අවස්ථාවේදී එල්ල වූ ජීවිත තර්ජන සහ බලපෑම මත වැරදි සාක්ෂි පොලිසියට ලබා දුන් බව පැවසුවද එවැනි තර්ජනයක් සම්බන්ධයෙන් කිසිදු සාක්ෂිකරුවෙකු අධිකරණය හමුවේ එකදු සාක්ෂියක් හෝ ඉදිරිපත් කිරීමට සමත්ව තිබුණේද නැත. ඒ අනුව මුල් කටඋත්තර නොසලකා හැරීමේ පදනම ගැටලුසහගතය.
සාමාන්‍ය යෙන් යුක්තිය පසිඳලීමේ දී සාක්ෂිකරුවෙකු යම් සිදුවීමත් සමග අප්‍රමාදව ලබා දෙන සාක්ෂිය වඩා නිරවද්‍ය බවට සලකනු ලබයි. පසුව ලබා දෙන සාක්ෂි විවිධ බලපෑම්වලට යටත්වීම ස්වාභාවිකය. පොලිසිය හමුවේ දී දෙවරක්ම ලබා දුන් සාක්ෂියක් අධිකරණයේදී වෙනස් වීම ඒ අනුව නොසලකා හැරිය නොහැකිය.
එවැනි සාක්ෂිකරුවෙකුගේ සාක්ෂිය නඩු තීන්දුවක දී සලකා බැලීම අතිශය පරීක්ෂාකාරීව සිදුකළ යුතු බව නීතියේ පිළිගැනීමය.
ඒ කෙසේ නමුත් මෙම නඩු තීන්දු දෙකම පරිශීලනය කිරීමෙන් එකම කරුණක් සම්බන්ධයෙන් විනිසුරුවන් දෙදෙනෙකු පරස්පර නෛතික අර්ථකතන ලබා දීම කැපී පෙනේ.
මෙහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් මුල් අවස්ථා එකකදී හෝ දෙකකදි පොලිස් විමර්ශනවල දී ලබා දුන් කටඋත්තර අධිකරණය හමුවේදී වෙනස් කිරීම වෙන්ම ඇතැම් සාක්ෂිකරුවන් ලබා දුන් කට උත්තර අසත්‍ය බව අධිකරණයේදී හෙළිවීම සිදුව තිබුණි.
එමෙන්ම මෙම සාක්ෂිකරුවන් සියලු දෙනාම පැමිණිල්ලේ පාර්ශ්වික සාක්ෂිකරුවන්ය. ස්වාධීන සාක්ෂි ලබා ගත යුතු අවස්ථා පවා මෙම පොලිස් විමර්ශනවලදි මග හැර තිබිණි. එමෙන්ම මෙම පොලිස් විමර්ශනයද අතිශය දුර්වල ආකාරයෙන් සිදුව තිබෙන බවද, මෙම නඩු විභාගය තුළදී හෙළිවිය. විමර්ශන නිලධාරීන්ගේ ඇතැම් සාක්ෂි කෙසේවත් පිළිගැනීමට නොහැකි තරමට අඩුපාඩු සහිතව තිබිණි.
මෙම විමර්ශනය සිදුකළේ වර්තමානයේදී පසුගිය පාලන සමයේදී සිදුව තිබෙන අතිශය බරපතල සිදුවීම් විමර්ශනය සම්බන්ධයෙන් කීර්තියක් උසුලන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වීම මත මෙම විමර්ශන අඩුපාඩු සහිත වීම ගැටලු සහගතය.
කෙසේ නමුත් මෙම දඬුවම නියම කිරීමේදී මෙම විත්තිකරුවන් පොදු චේතනාවක් මත අදාළ වරදවල් සිදුකළ බවටත් ගෙන එන නෛතික තර්කයද අභියෝගයට ලක්වන්නකි. මෙම වෙඩි තැබීමේ සිදුවීම පෙර සැලැස්මක් අනුව සිදුවූවක් බවට කිසිදු සාක්ෂි නැතත් පෙර පැවති විරසක හෝ විත්තිකරුගේ පෙර හැසිරීම පදනම් කරගෙන මේ සැලසුම් සහගත ඝාතනයක් බවත් නිගමනය කර කිහිපදෙනෙකුටම එරෙහිව එකම දඬුවම ලබාදීම ගැටලු සහගත බවද පෙනේ. මෙහිදි අදාළ මරණ සිදු කිරීමට හේතු වූ වෙඩි තැබීම සිදුකර තිබුණේ එක් පුද්ගලයෙකු විසින් හා එක් ගිනි අවියකිනි.
ඒ සඳහා කිසිවෙකු හෝ නියෝග ලබා දීම සිදුව නොතිබිණි. ඒ මොහොතේ ඇතිවූ ක්ෂණික තත්ත්ව මත මේ සියල්ල සිදුව තිබේ. එමෙන්ම පළමු වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේද පැමිණිලි පාර්ශවයෙනි. මෙම නඩු තීන්දු දෙක සම්බන්ධයෙන් පැන නැගෙන නෛතික ගැටලු රැසක් තිබෙන අතර මෙම නඩු තීන්දුව මෙරට ආන්දෝලනයකට තුඩු දුන් කරුණක් නිසා ද මේ සම්බන්ධයෙන් දීර්ඝ විග්‍රහයක් ඉදිරි සතියකදි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.
උපුටා ගැනීම - සැප්තැම්බර් 25 ඉරිදා සත්හඬ පුවත්පත
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Colombo Road
Colombo
50000
