Flood Warnings Sri Lanka

Flood Warnings Sri Lanka

Share

https://irrigation.gov.lk/web/index.php?option=com_content&view=article&id=27&Itemid=128&lang=en

Hydrology Division was established as a specialized branch of the Irrigation Department (ID) in 1947, in order to fulfill the hydrological data demands for Water Resources Management and Flood Management of the island.There are 38Manual Hydrological Stations running on 24«7 basis throughout the year, 64 Peripheral Stations that take twice a day readings by volunteer caretakers, and 106 automatic s

03/06/2026

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය
2026 ජූනි මස 03 දින සවස 04.00 ට නිකුත් කරන ලදි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ඇති විය හැක.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං ඇති විය හැක. සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

GENERAL WEATHER FORECAST FOR NEXT 36 HOURS
Issued at 04.00 p.m. on 03 June 2026

Showers or thundershowers will occur at times in Western, Sabaragamuwa and North-western provinces and in Galle, Matara, Kandy and Nuwara-Eliya districts.

Heavy falls about 100 mm are likely at some places in Western and Sabaragamuwa provinces and in Galle, Matara, Kandy and Nuwara-Eliya districts.

Showers or thundershowers may occur at a few places in Uva province and in Ampara and Batticaloa districts after 1.00 pm.

Strong winds about (40-50) kmph can be expected at times over Western slopes of the central hills, Northern and North-central provinces and in Hambantota and Trincomalee district.

Fairly strong winds about (30-40) kmph can be expected at times over other areas of island.

The general public is kindly requested to take adequate precautions to minimize damage caused by temporary localized strong winds and lightning during thundershowers.

அடுத்த 36 மணித்தியாலங்களுக்கான பொதுவான வானிலை முன்னறிவிப்பு
2026 ஜூன் 03ஆம் திகதி பிற்பகல் 04.00 மணிக்கு வெளியிடப்பட்டது.

மேல், சப்ரகமுவ மற்றும் வடமேல் மாகாணங்களிலும் காலி, மாத்தறை, கண்டி மற்றும் நுவரெலியா மாவட்டங்களிலும் அவ்வப்போது மழையோ அல்லது இடியுடன் கூடிய மழையோ பெய்யக் கூடிய சாத்தியம் காணப்படுகின்றது.

மேல் மற்றும் சப்ரகமுவ மாகாணங்களிலும் காலி, மாத்தறை, கண்டி மற்றும் நுவரெலியா மாவட்டங்களிலும் சில இடங்களில் 100 மி.மீ அளவான பலத்த மழைவீழ்ச்சி எதிர்பார்க்கப் படுகின்றது.

ஊவா மாகாணத்திலும் அம்பாறை மற்றும் மட்டக்களப்பு மாவட்டங்களிலும் சில இடங்களில் பி.ப. 1.00 மணிக்குப் பின்னர் மழையோ அல்லது இடியுடன் கூடிய மழையோ பெய்யக் கூடிய சாத்தியம் காணப்படுகின்றது.

மத்திய மலைநாட்டின் மேற்கு சரிவுப் பகுதிகளிலும் வடக்கு மற்றும் வடமத்திய மாகாணங்களிலும் ஹம்பாந்தோட்டை மற்றும் திருகோணமலை மாவட்டங்களிலும் அவ்வப்போது மணித்தியாலத்துக்கு 40-50 கிலோ மீற்றர் வரையான வேகத்தில் பலத்த காற்று வீசக் கூடும் என எதிர்பார்க்கப் படுகின்றது. நாட்டின் ஏனைய பிரதேசங்களில் அவ்வப்போது மணித்தியாலத்துக்கு 30-40 கிலோ மீற்றர் வரையான வேகத்தில் ஓரளவு பலத்த காற்று வீசக் கூடும் என எதிர்பார்க்கப் படுகின்றது.

இடியுடன் கூடிய மழை பெய்யும் வேளைகளில் அப் பிரதேசங்களில் தற்காலிகமாக வீசக் கூடிய பலத்த காற்று மற்றும் மின்னல் தாக்கங்களினால் ஏற்படக்கூடிய பாதிப்புகளை குறைத்துக்கொள்ள தேவையான முன்னெச்சரிக்கை நடவடிக்கைகளை எடுத்துக் கொள்ளுமாறு பொதுமக்கள் அறிவுறுத்தப் படுகின்றார்கள்.

Photos from Flood Warnings Sri Lanka's post 03/06/2026
03/06/2026
03/06/2026

𝐀𝐧𝐧𝐨𝐮𝐧𝐜𝐞𝐦𝐞𝐧𝐭 𝐨𝐟 𝐰𝐚𝐭𝐞𝐫 𝐥𝐞𝐯𝐞𝐥 𝐬𝐭𝐚𝐭𝐮𝐬 𝐢𝐧 𝐦𝐚𝐣𝐨𝐫 𝐫𝐢𝐯𝐞𝐫𝐬 𝐚𝐧𝐝 𝐫𝐞𝐬𝐞𝐫𝐯𝐨𝐢𝐫𝐬.
As at 6.00 am on the 3rd of June 2026

• Current Rainfall Situation:
Over the past 20 hours, rainfall has been relatively low, recording approximately 25mm, particularly in the upper catchment areas of the Nilwala, Gin, Kalu, and Kelani rivers.

• River Water Levels:
Under the current conditions, water levels in the rivers do not show a rapid increase. Although minor rises are observed in certain locations, they have not reached flood threat levels.

• Weather Forecast:
The Department of Meteorology predicts significant rainfall today. As of this morning, showers are already being experienced in the upper catchment areas of the Maha Oya, Kalu, Kelani, Gin, and Nilwala rivers.

• Public Advisory:
While there is no immediate flood situation, the forecasted continuous rain brings the potential for heavier rainfall. Therefore, the public is strongly advised to remain highly vigilant.

• Official Advice:
The Department is continuously monitoring the situation and will issue immediate warnings if necessary. The public is urged to pay close attention to future announcements to mitigate any potential disaster risks.

Eng. L.S.Sooriyabandara
Director of Irrigation - Hydrology and Disaster Management Division
Irrigation Department
www.irrigation.gov.lk

2026.06.03 වන දින උදෑසන 6.00 වන විට දිවයිනේ ඇති ප්‍රධාන ගංඟාවල සහ ජලාශවල ජලමට්ටම්වල තත්ත්වය පිළිබඳ නිවේදනය

• වර්තමාන වර්ෂාපතන තත්ත්වය:
පසුගිය පැය 20 ක කාලය තුළ නිල්වලා, ගිං, කළු සහ කැළණි ගංගාවල ඉහළ ධාරා ප්‍රදේශවල වර්ෂාපතනය සාපේක්ෂව අඩු අගයක් ගෙන ඇති අතර, එය මිලිමීටර් 25 කට ආසන්න අගයක් ලෙස වාර්තා වී ඇත.

• ගංගා ජල මට්ටම්:
මෙම තත්ත්වය යටතේ ගංගාවල ජල මට්ටම්වල ශීඝ්‍ර ඉහළ යාමක් පෙන්නුම් නොකරයි. ඇතැම් ස්ථානවල සුළු ජල මට්ටම වැඩිවීමක් පෙන්නුම් කළද, එය ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී නොමැත.

• කාලගුණ අනාවැකිය:
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයන්ට අනුව අද දිනයේ සැළකිය යුතු වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ. අද උදෑසන වන විටත් මහ ඔය, කළු, කැළණි, ගිං සහ නිල්වලා ගංගාවල ඉහළ ධාරා ප්‍රදේශවලට වර්ෂාපතනයක් ලැබෙමින් පවතී.

• මහජනතාවට උපදෙස්:
දැනට ගංවතුර තර්ජනයක් නොමැති වුවද, ඉදිරියට වර්ෂාපතනයක් අපේක්ෂා කරන බැවින් ජල මට්ටම් ඉහළ යාමේ අවදානමක් පවතී. එබැවින් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

• අවධානය යොමු කරන්න:
තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කරන අතර, අවශ්‍ය වුවහොත් කඩිනමින් නිවේදන නිකුත් කිරීමට කටයුතු කෙරේ. විය හැකි ආපදා අවම කර ගැනීම සඳහා එම නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස උපදෙස් දෙනු ලැබේ.

ඉංජි. එල්.එස්.සූරියබණ්ඩාර
වාරිමාර්ග අධ්‍යක්ෂ (ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය)
වාරිමාර්ග දෙපාර්තමේන්තුව
www.irrigation.gov.lk

03/06/2026

WEATHER FORECAST FOR SEA AREAS AROUND THE ISLAND DURING NEXT 24 HOURS
Issued at 05.30 a.m. on 03 June 2026

Condition of Rain:
Showers or thundershowers will occur at several places in the sea areas off the coast extending from Puttalam to Hambantota via Colombo and Galle.

Winds:
Winds will be southwesterly. Wind speed will be (30-40) kmph. Wind speed can increase up to (50-60) kmph at times in the sea areas off the coast extending from Mullaittivu to Pottuvil via Kankasanthurai, Mannar, Puttalam, Colombo, Galle and Hambantota. Wind speed can increase up to 50 kmph at times in the other sea areas around the island.

State of Sea:
The sea areas off the coasts extending from Mullaittivu to Pottuvil via Kankasanthurai, Mannar, Puttalam, Colombo, Galle and Hambantota will be rough at times. The other sea areas around the island will be fairly rough at times.

The wave height may increase about (2.0 – 2.5) meters in the sea areas off the coast extending from Mannar to Pottuvil via Colombo, Galle and Hambantota. (this is not for land area).

Temporarily strong gusty winds and very rough seas can be expected during thundershowers.

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
2026 ජූනි මස 03 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

වැසි තත්ත්වය:
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළඟ:
සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. මුලතිව් සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා ඉහළ යා හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැක.

මුහුදේ ස්වභාවය:
මුලතිව් සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.

මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 – 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ).

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

Issued By Meteorology Department of Sri Lanka

03/06/2026

WEATHER FORECAST FOR 03 JUNE 2026
Issued at 05.30 a.m. on 03 June 2026.

Showers or thundershowers will occur at times in Western, Sabaragamuwa and North-western provinces and in Galle, Matara, Kandy and Nuwara-Eliya districts.

Heavy falls about 100 mm are likely at some places in Western and Sabaragamuwa provinces and in Galle, Matara, Kandy and Nuwara-Eliya districts.

Strong winds about (40-50) kmph can be expected at times across the island.

The general public is kindly requested to take adequate precautions to minimize damage caused by temporary localized strong winds and lightning during thundershowers.

2026 ජූනි මස 03 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 ජූනි මස 03 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ඇති විය හැක.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Issued By Meteorology Department of Sri Lanka

02/06/2026

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය
2026 ජූනි මස 02 දින සවස 04.00 ට නිකුත් කරන ලදි

හෙට (03) දින සිට ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සුළං වේගයේ වැඩිවීමක් බලාපොරොත්තු වේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

GENERAL WEATHER FORECAST FOR NEXT 36 HOURS
Issued at 04.00 p.m. on 02 June 2026

Increase in rainfall over the southwestern parts of the island and, increase in wind speed across the island are expected from tomorrow (03) and during the next few days.

Showers or thundershowers will occur at times in Western, Sabaragamuwa and North-western provinces and in Galle, Matara, Kandy and Nuwara-Eliya districts.

Heavy falls above 100 mm are likely at some places in Western and Sabaragamuwa provinces and in Galle, Matara, Kandy and Nuwara-Eliya districts.

Strong winds about (40-50) kmph can be expected at times across the island.

The general public is kindly requested to take adequate precautions to minimize damage caused by temporary localized strong winds and lightning during thundershowers.

அடுத்த 36 மணித்தியாலங்களுக்கான பொதுவான வானிலை முன்னறிவிப்பு
2026 ஜூன் 02ஆம் திகதி பிற்பகல் 04.00 மணிக்கு வெளியிடப்பட்டது.

நாளை (03 ஆம் திகதி) முதல் அடுத்த சில நாட்களுக்கு, நாட்டின் தென்மேற்குப் பிரதேசங்களில் மழைவீழ்ச்சி அதிகரிப்பும், நாடு முழுவதும் காற்றின் வேகம் அதிகரிப்பும் எதிர்பார்க்கப் படுகின்றது.

மேல், சப்ரகமுவ மற்றும் வடமேல் மாகாணங்களிலும் காலி, மாத்தறை, கண்டி மற்றும் நுவரெலியா மாவட்டங்களிலும் அவ்வப்போது மழையோ அல்லது இடியுடன் கூடிய மழையோ பெய்யக் கூடிய சாத்தியம் காணப்படுகின்றது.

மேல் மற்றும் சப்ரகமுவ மாகாணங்களிலும் காலி, மாத்தறை, கண்டி மற்றும் நுவரெலியா மாவட்டங்களிலும் சில இடங்களில் 100 மி.மீ க்கும் அதிகமான பலத்த மழைவீழ்ச்சி எதிர்பார்க்கப் படுகின்றது.

நாடு முழுவதும் அவ்வப்போது மணித்தியாலத்துக்கு 40-50 கிலோ மீற்றர் வரையான வேகத்தில் பலத்த காற்று வீசக் கூடும் என எதிர்பார்க்கப் படுகின்றது.

இடியுடன் கூடிய மழை பெய்யும் வேளைகளில் அப் பிரதேசங்களில் தற்காலிகமாக வீசக் கூடிய பலத்த காற்று மற்றும் மின்னல் தாக்கங்களினால் ஏற்படக்கூடிய பாதிப்புகளை குறைத்துக்கொள்ள தேவையான முன்னெச்சரிக்கை நடவடிக்கைகளை எடுத்துக் கொள்ளுமாறு பொதுமக்கள் அறிவுறுத்தப் படுகின்றார்கள்.

02/06/2026

# # එල් නිනෝ (El Niño) තත්ත්වයක් සඳහා සූදානම් වන්න.
=========================================

ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ (WMO) නවතම වාර්තා තහවුරු කරන්නේ එල් නිනෝ තත්ත්වයන් වර්ධනය වෙමින් පවතින බවත්, ඉදිරි මාස කිහිපය තුළ ස්වාභාවික ආන්තික කාලගුණික තත්ත්වයන් ඇතිවීමේ අවදානම ඉහළ නංවමින්, එය ගෝලීය උෂ්ණත්වය සහ වර්ෂාපතන රටාවන් කෙරෙහි බලපෑම් කිරීමට සූදානම් වන බවත්ය.

එල් නිනෝ හි උපරිම ප්‍රබලතාවය සහ එය ඇතිවන නිශ්චිත කාලසීමාව පිළිබඳව යම් අවිනිශ්චිතතාවයක් පැවතියද, බොහෝ පුරෝකථන ආකෘති (Forecast Models) මඟින් පෙන්වා දෙන්නේ මෙය අවම වශයෙන් මධ්‍යස්ථ හෝ සමහර විට ප්‍රබල මට්ටමක පවතිනු ඇති බවයි.

# # # **අපට අපේක්ෂා කළ හැක්කේ කුමක්ද?**
සෑම එල් නිනෝ සංසිද්ධියක්ම අනන්‍ය වන නමුත්, එය සාමාන්‍යයෙන් දකුණු ඇමරිකාවේ ඇතැම් ප්‍රදේශ, දකුණු එක්සත් ජනපදය, අප්‍රිකාවේ අඟ (Horn of Africa) ප්‍රදේශයේ කොටස් සහ මධ්‍යම ආසියාවට වැඩි වර්ෂාපතනයක් ලබා දීමට හේතු වේ. එමෙන්ම මධ්‍යම ඇමරිකාව, උතුරු දකුණු ඇමරිකාව, කැරිබියන් කලාපය, ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව සහ දකුණු ආසියාවේ ඇතැම් කොටස් වෙත වියළි කාලගුණික තත්ත්වයන් ඇති කිරීමට ද එය බලපායි. උත්තර අර්ධගෝලීය ග්‍රීෂ්ම සෘතුව (Boreal summer) අතරතුර, එල් නිනෝ හි උණුසුම් ජල ප්‍රවාහයන් මධ්‍යම/නැගෙනහිර පැසිෆික් සාගරයේ සුළි කුණාටු (Hurricanes) ඇතිවීමට රුකුලක් වන අතර, අත්ලාන්තික් ද්‍රෝණියේ (Atlantic Basin) සුළි කුණාටු ඇතිවීම වළක්වයි.
මෙහි බලපෑම් එහි තීව්‍රතාවය, කාලසීමාව, වසරේ කාලවකවානුව සහ අනෙකුත් දේශගුණික විචල්‍යතාවන් සමඟ සිදුවන අන්තර්ක්‍රියා මත පදනම්ව වෙනස් වේ. ලෝකයේ සියලුම කලාපවලට මෙයින් බලපෑම් ඇති නොවන අතර, එකම කලාපයක් තුළ වුවද එහි බලපෑම් එකිනෙකට වෙනස් විය හැකිය.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ ප්‍රජාව ඉදිරි මාසවලදී ද මෙම තත්ත්වයන් අඛණ්ඩව නිරීක්ෂණය කරනු ඇත.
ජීවිත ආරක්ෂා කර ගැනීමටත්, අපගේ ආර්ථිකයන් සහ ප්‍රජාවන් මත ඇති වන බලපෑම අවම කර ගැනීමටත් පූර්ව සෘතුමය පුරෝකථනයන් (Advance seasonal forecasts) සහ පූර්ව අනතුරු ඇඟවීම් ( ) අත්‍යවශ්‍ය වේ.

Prepare for an El Niño.

WMO’s latest updates confirm that El Niño conditions are developing and are set to influence global temperature and rainfall patterns, increasing the risk of extreme weather over the coming months. Although some uncertainty remains about El Niño peak strength and timing, most forecast models suggest it will be at least moderate—and possibly strong.

𝐖𝐡𝐚𝐭 𝐜𝐚𝐧 𝐰𝐞 𝐞𝐱𝐩𝐞𝐜𝐭?

Each El Niño event is unique, but it is typically associated with increased rainfall in parts of southern South America, the southern United States, parts of the Horn of Africa and central Asia, and drier conditions over Central America, northern South America, the Caribbean, Australia, Indonesia, and parts of southern Asia. During the Boreal summer, El Niño’s warm water can fuel hurricanes in the central/eastern Pacific Ocean, while it hinders hurricane formation in the Atlantic Basin.

Its effects vary depending on the intensity, duration, time of year, and how it interacts with other climate variability. Not all regions of the world are affected, and even within a region, impacts can be different.

The WMO community will continue monitoring conditions in the coming months.

Advance seasonal forecasts and are vital to save lives and cushion the impact on our economies and our communities.

Everything you need to know about the emerging El Niño—link in the comments 👇

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Hydrology And Disaster Management Division, Irrigation Department, Bauddhaloka Mw
Colombo
00700

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15
Saturday 08:30 - 16:15
Sunday 08:30 - 16:15