03/06/2026
ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය
2026 ජූනි මස 03 දින සවස 04.00 ට නිකුත් කරන ලදි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ඇති විය හැක.
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං ඇති විය හැක. සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
GENERAL WEATHER FORECAST FOR NEXT 36 HOURS
Issued at 04.00 p.m. on 03 June 2026
Showers or thundershowers will occur at times in Western, Sabaragamuwa and North-western provinces and in Galle, Matara, Kandy and Nuwara-Eliya districts.
Heavy falls about 100 mm are likely at some places in Western and Sabaragamuwa provinces and in Galle, Matara, Kandy and Nuwara-Eliya districts.
Showers or thundershowers may occur at a few places in Uva province and in Ampara and Batticaloa districts after 1.00 pm.
Strong winds about (40-50) kmph can be expected at times over Western slopes of the central hills, Northern and North-central provinces and in Hambantota and Trincomalee district.
Fairly strong winds about (30-40) kmph can be expected at times over other areas of island.
The general public is kindly requested to take adequate precautions to minimize damage caused by temporary localized strong winds and lightning during thundershowers.
அடுத்த 36 மணித்தியாலங்களுக்கான பொதுவான வானிலை முன்னறிவிப்பு
2026 ஜூன் 03ஆம் திகதி பிற்பகல் 04.00 மணிக்கு வெளியிடப்பட்டது.
மேல், சப்ரகமுவ மற்றும் வடமேல் மாகாணங்களிலும் காலி, மாத்தறை, கண்டி மற்றும் நுவரெலியா மாவட்டங்களிலும் அவ்வப்போது மழையோ அல்லது இடியுடன் கூடிய மழையோ பெய்யக் கூடிய சாத்தியம் காணப்படுகின்றது.
மேல் மற்றும் சப்ரகமுவ மாகாணங்களிலும் காலி, மாத்தறை, கண்டி மற்றும் நுவரெலியா மாவட்டங்களிலும் சில இடங்களில் 100 மி.மீ அளவான பலத்த மழைவீழ்ச்சி எதிர்பார்க்கப் படுகின்றது.
ஊவா மாகாணத்திலும் அம்பாறை மற்றும் மட்டக்களப்பு மாவட்டங்களிலும் சில இடங்களில் பி.ப. 1.00 மணிக்குப் பின்னர் மழையோ அல்லது இடியுடன் கூடிய மழையோ பெய்யக் கூடிய சாத்தியம் காணப்படுகின்றது.
மத்திய மலைநாட்டின் மேற்கு சரிவுப் பகுதிகளிலும் வடக்கு மற்றும் வடமத்திய மாகாணங்களிலும் ஹம்பாந்தோட்டை மற்றும் திருகோணமலை மாவட்டங்களிலும் அவ்வப்போது மணித்தியாலத்துக்கு 40-50 கிலோ மீற்றர் வரையான வேகத்தில் பலத்த காற்று வீசக் கூடும் என எதிர்பார்க்கப் படுகின்றது. நாட்டின் ஏனைய பிரதேசங்களில் அவ்வப்போது மணித்தியாலத்துக்கு 30-40 கிலோ மீற்றர் வரையான வேகத்தில் ஓரளவு பலத்த காற்று வீசக் கூடும் என எதிர்பார்க்கப் படுகின்றது.
இடியுடன் கூடிய மழை பெய்யும் வேளைகளில் அப் பிரதேசங்களில் தற்காலிகமாக வீசக் கூடிய பலத்த காற்று மற்றும் மின்னல் தாக்கங்களினால் ஏற்படக்கூடிய பாதிப்புகளை குறைத்துக்கொள்ள தேவையான முன்னெச்சரிக்கை நடவடிக்கைகளை எடுத்துக் கொள்ளுமாறு பொதுமக்கள் அறிவுறுத்தப் படுகின்றார்கள்.
03/06/2026
WEATHER FORECAST FOR SEA AREAS AROUND THE ISLAND DURING NEXT 24 HOURS
Issued at 05.30 a.m. on 03 June 2026
Condition of Rain:
Showers or thundershowers will occur at several places in the sea areas off the coast extending from Puttalam to Hambantota via Colombo and Galle.
Winds:
Winds will be southwesterly. Wind speed will be (30-40) kmph. Wind speed can increase up to (50-60) kmph at times in the sea areas off the coast extending from Mullaittivu to Pottuvil via Kankasanthurai, Mannar, Puttalam, Colombo, Galle and Hambantota. Wind speed can increase up to 50 kmph at times in the other sea areas around the island.
State of Sea:
The sea areas off the coasts extending from Mullaittivu to Pottuvil via Kankasanthurai, Mannar, Puttalam, Colombo, Galle and Hambantota will be rough at times. The other sea areas around the island will be fairly rough at times.
The wave height may increase about (2.0 – 2.5) meters in the sea areas off the coast extending from Mannar to Pottuvil via Colombo, Galle and Hambantota. (this is not for land area).
Temporarily strong gusty winds and very rough seas can be expected during thundershowers.
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
2026 ජූනි මස 03 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
වැසි තත්ත්වය:
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළඟ:
සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. මුලතිව් සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා ඉහළ යා හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැක.
මුහුදේ ස්වභාවය:
මුලතිව් සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.
මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 – 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ).
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
Issued By Meteorology Department of Sri Lanka
03/06/2026
WEATHER FORECAST FOR 03 JUNE 2026
Issued at 05.30 a.m. on 03 June 2026.
Showers or thundershowers will occur at times in Western, Sabaragamuwa and North-western provinces and in Galle, Matara, Kandy and Nuwara-Eliya districts.
Heavy falls about 100 mm are likely at some places in Western and Sabaragamuwa provinces and in Galle, Matara, Kandy and Nuwara-Eliya districts.
Strong winds about (40-50) kmph can be expected at times across the island.
The general public is kindly requested to take adequate precautions to minimize damage caused by temporary localized strong winds and lightning during thundershowers.
2026 ජූනි මස 03 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 ජූනි මස 03 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ඇති විය හැක.
දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
Issued By Meteorology Department of Sri Lanka
02/06/2026
ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය
2026 ජූනි මස 02 දින සවස 04.00 ට නිකුත් කරන ලදි
හෙට (03) දින සිට ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සුළං වේගයේ වැඩිවීමක් බලාපොරොත්තු වේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ඇති විය හැක.
දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
GENERAL WEATHER FORECAST FOR NEXT 36 HOURS
Issued at 04.00 p.m. on 02 June 2026
Increase in rainfall over the southwestern parts of the island and, increase in wind speed across the island are expected from tomorrow (03) and during the next few days.
Showers or thundershowers will occur at times in Western, Sabaragamuwa and North-western provinces and in Galle, Matara, Kandy and Nuwara-Eliya districts.
Heavy falls above 100 mm are likely at some places in Western and Sabaragamuwa provinces and in Galle, Matara, Kandy and Nuwara-Eliya districts.
Strong winds about (40-50) kmph can be expected at times across the island.
The general public is kindly requested to take adequate precautions to minimize damage caused by temporary localized strong winds and lightning during thundershowers.
அடுத்த 36 மணித்தியாலங்களுக்கான பொதுவான வானிலை முன்னறிவிப்பு
2026 ஜூன் 02ஆம் திகதி பிற்பகல் 04.00 மணிக்கு வெளியிடப்பட்டது.
நாளை (03 ஆம் திகதி) முதல் அடுத்த சில நாட்களுக்கு, நாட்டின் தென்மேற்குப் பிரதேசங்களில் மழைவீழ்ச்சி அதிகரிப்பும், நாடு முழுவதும் காற்றின் வேகம் அதிகரிப்பும் எதிர்பார்க்கப் படுகின்றது.
மேல், சப்ரகமுவ மற்றும் வடமேல் மாகாணங்களிலும் காலி, மாத்தறை, கண்டி மற்றும் நுவரெலியா மாவட்டங்களிலும் அவ்வப்போது மழையோ அல்லது இடியுடன் கூடிய மழையோ பெய்யக் கூடிய சாத்தியம் காணப்படுகின்றது.
மேல் மற்றும் சப்ரகமுவ மாகாணங்களிலும் காலி, மாத்தறை, கண்டி மற்றும் நுவரெலியா மாவட்டங்களிலும் சில இடங்களில் 100 மி.மீ க்கும் அதிகமான பலத்த மழைவீழ்ச்சி எதிர்பார்க்கப் படுகின்றது.
நாடு முழுவதும் அவ்வப்போது மணித்தியாலத்துக்கு 40-50 கிலோ மீற்றர் வரையான வேகத்தில் பலத்த காற்று வீசக் கூடும் என எதிர்பார்க்கப் படுகின்றது.
இடியுடன் கூடிய மழை பெய்யும் வேளைகளில் அப் பிரதேசங்களில் தற்காலிகமாக வீசக் கூடிய பலத்த காற்று மற்றும் மின்னல் தாக்கங்களினால் ஏற்படக்கூடிய பாதிப்புகளை குறைத்துக்கொள்ள தேவையான முன்னெச்சரிக்கை நடவடிக்கைகளை எடுத்துக் கொள்ளுமாறு பொதுமக்கள் அறிவுறுத்தப் படுகின்றார்கள்.
02/06/2026
# # එල් නිනෝ (El Niño) තත්ත්වයක් සඳහා සූදානම් වන්න.
=========================================
ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ (WMO) නවතම වාර්තා තහවුරු කරන්නේ එල් නිනෝ තත්ත්වයන් වර්ධනය වෙමින් පවතින බවත්, ඉදිරි මාස කිහිපය තුළ ස්වාභාවික ආන්තික කාලගුණික තත්ත්වයන් ඇතිවීමේ අවදානම ඉහළ නංවමින්, එය ගෝලීය උෂ්ණත්වය සහ වර්ෂාපතන රටාවන් කෙරෙහි බලපෑම් කිරීමට සූදානම් වන බවත්ය.
එල් නිනෝ හි උපරිම ප්‍රබලතාවය සහ එය ඇතිවන නිශ්චිත කාලසීමාව පිළිබඳව යම් අවිනිශ්චිතතාවයක් පැවතියද, බොහෝ පුරෝකථන ආකෘති (Forecast Models) මඟින් පෙන්වා දෙන්නේ මෙය අවම වශයෙන් මධ්‍යස්ථ හෝ සමහර විට ප්‍රබල මට්ටමක පවතිනු ඇති බවයි.
# # # **අපට අපේක්ෂා කළ හැක්කේ කුමක්ද?**
සෑම එල් නිනෝ සංසිද්ධියක්ම අනන්‍ය වන නමුත්, එය සාමාන්‍යයෙන් දකුණු ඇමරිකාවේ ඇතැම් ප්‍රදේශ, දකුණු එක්සත් ජනපදය, අප්‍රිකාවේ අඟ (Horn of Africa) ප්‍රදේශයේ කොටස් සහ මධ්‍යම ආසියාවට වැඩි වර්ෂාපතනයක් ලබා දීමට හේතු වේ. එමෙන්ම මධ්‍යම ඇමරිකාව, උතුරු දකුණු ඇමරිකාව, කැරිබියන් කලාපය, ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව සහ දකුණු ආසියාවේ ඇතැම් කොටස් වෙත වියළි කාලගුණික තත්ත්වයන් ඇති කිරීමට ද එය බලපායි. උත්තර අර්ධගෝලීය ග්‍රීෂ්ම සෘතුව (Boreal summer) අතරතුර, එල් නිනෝ හි උණුසුම් ජල ප්රවාහයන් මධ්‍යම/නැගෙනහිර පැසිෆික් සාගරයේ සුළි කුණාටු (Hurricanes) ඇතිවීමට රුකුලක් වන අතර, අත්ලාන්තික් ද්‍රෝණියේ (Atlantic Basin) සුළි කුණාටු ඇතිවීම වළක්වයි.
මෙහි බලපෑම් එහි තීව්‍රතාවය, කාලසීමාව, වසරේ කාලවකවානුව සහ අනෙකුත් දේශගුණික විචල්‍යතාවන් සමඟ සිදුවන අන්තර්ක්‍රියා මත පදනම්ව වෙනස් වේ. ලෝකයේ සියලුම කලාපවලට මෙයින් බලපෑම් ඇති නොවන අතර, එකම කලාපයක් තුළ වුවද එහි බලපෑම් එකිනෙකට වෙනස් විය හැකිය.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ ප්‍රජාව ඉදිරි මාසවලදී ද මෙම තත්ත්වයන් අඛණ්ඩව නිරීක්ෂණය කරනු ඇත.
ජීවිත ආරක්ෂා කර ගැනීමටත්, අපගේ ආර්ථිකයන් සහ ප්‍රජාවන් මත ඇති වන බලපෑම අවම කර ගැනීමටත් පූර්ව සෘතුමය පුරෝකථනයන් (Advance seasonal forecasts) සහ පූර්ව අනතුරු ඇඟවීම් ( ) අත්‍යවශ්‍ය වේ.
Prepare for an El Niño.
WMO’s latest updates confirm that El Niño conditions are developing and are set to influence global temperature and rainfall patterns, increasing the risk of extreme weather over the coming months. Although some uncertainty remains about El Niño peak strength and timing, most forecast models suggest it will be at least moderate—and possibly strong.
𝐖𝐡𝐚𝐭 𝐜𝐚𝐧 𝐰𝐞 𝐞𝐱𝐩𝐞𝐜𝐭?
Each El Niño event is unique, but it is typically associated with increased rainfall in parts of southern South America, the southern United States, parts of the Horn of Africa and central Asia, and drier conditions over Central America, northern South America, the Caribbean, Australia, Indonesia, and parts of southern Asia. During the Boreal summer, El Niño’s warm water can fuel hurricanes in the central/eastern Pacific Ocean, while it hinders hurricane formation in the Atlantic Basin.
Its effects vary depending on the intensity, duration, time of year, and how it interacts with other climate variability. Not all regions of the world are affected, and even within a region, impacts can be different.
The WMO community will continue monitoring conditions in the coming months.
Advance seasonal forecasts and are vital to save lives and cushion the impact on our economies and our communities.
Everything you need to know about the emerging El Niño—link in the comments 👇