NR LEADS Nation

Call Directions Website Contact the organization

NR LEADS Nation අනාගත අභියෝග වලින් මව්බිම සුරක්ෂිත කිරීම උදෙසා පෙළගැසෙන ජනතා පෙරමුණ.

08/10/2026

අද ගැන එදා දුටු මහින්ද ❤️🇱🇰

මහින්ද නම් වූ සිංහල බෞද්ධ සන්නාමයට එරෙහි නිහඩ මනෝවිද්‍යාත්මක යුද්ධය...ලංකාවේ දේශපාලනය කියන්නේ හුදෙක් ඡන්ද පෙට්ටියට වැටෙන...
08/10/2026

මහින්ද නම් වූ සිංහල බෞද්ධ සන්නාමයට එරෙහි නිහඩ මනෝවිද්‍යාත්මක යුද්ධය...

ලංකාවේ දේශපාලනය කියන්නේ හුදෙක් ඡන්ද පෙට්ටියට වැටෙන කතිරයෙන් පමණක් තීරණය වෙන සරල ක්‍රීඩාවක් නෙවෙයි. ඒක ඊට වඩා ගොඩක් ගැඹුරුයි. ඒ භූමිය ඇතුළේ තියෙන්නේ මිනිස්සුන්ගේ හැඟීම්, ලේ, කඳුළු සහ පරම්පරා ගණනාවක් තිස්සේ මහපොළොවේ මුල් බැසගත්තු සංස්කෘතික අනන්‍යතාවයන්.

​දශක කිහිපයක් පස්සට හැරිලා බැලුවොත්, මේ සංකීර්ණ දේශපාලන සිතුවම ඇතුළේ 'සිංහල බෞද්ධ' මතවාදයේත්, ජාතිකවාදී කඳවුරේත් අපරාජිතම සලකුණ විදිහට ඉස්මතු වුණේ එකම එක නමයි.

​ඒ, මහින්ද රාජපක්ෂ. 🇱🇰❤️

​ඇත්තටම අද වෙද්දී ඔහු නිකම්ම නිකම් දේශපාලඥයෙක් නෙවෙයි. ඔහු කියන්නේ ලාංකීය සමාජය ඇතුළේ නිර්මාණය වෙච්ච දැවැන්තම දේශපාලනික සන්නාමය (Political Brand). රාජපක්ෂ පවුල ඇතුළේ වුණත්, ඉන් පිටත සමස්ත ජාතිකවාදී කඳවුර ඇතුළේ වුණත්,ජාත්‍යන්තර දේශපාලනයේ වුණත්, මිනිස්සුන්ගේ නොබිඳෙන විශ්වාසය ගැටගැහිලා තියෙන්නේ ඒ රූපයත්, ඒ හඬත් එක්ක. මහින්ද කියන මනුස්සයා මේ පොළොව උඩ ජීවත්වෙලා ඉන්න තාක් කල්, ජන හදවත් වල බැඳුණු ඒ අදෘශ්‍යමාන බලකොටුව බිඳිනවා කියන එක ලේසි නෑ. දේශපාලන පිටියේ ප්‍රතිවාදීන් මේ බව දන්නේ අද ඊයේ ඉඳන් නෙවෙයි.

​හැබැයි, වර්තමානය වෙද්දී මේ දේශපාලන බල අරගලයේ හැඩය වෙනස් වෙලා. නව දේශපාලන ප්‍රවාහයන්ට ඕනේ රාජපක්ෂවරුන්ව නිකම්ම ඡන්දෙකින් පරද්දන්න විතරක් නෙවෙයි. ඊට වඩා සූක්ෂම, ඉතා ගැඹුරු මනෝවිද්‍යාත්මක මෙහෙයුමක් මේ වෙද්දීත් කරළිය යටින් නිහඬවම ක්‍රියාත්මකයි.

​ඉලක්කය පැහැදිලියි; මහින්ද රාජපක්ෂ කියන ඒ දැවැන්ත ප්‍රතිරූපය මානසිකව බිඳවැට්ටවීම.

​ඇයි මෙහෙම කරන්නේ?

රටක් විදිහට වෙනස්ම දිශාවකට හැරෙන්න, හරියටම කිව්වොත් 'නිරාගමික' (Secular) මාක්ස්වාදී රාජ්‍යයක් කියන තැනට මේ සමාජය අරන් යන්න ඇතැම් දේශපාලන බලවේගවලට දැඩි වුවමනාවක් තියෙනවා.

හැබැයි ඒ පාරේ යන්න තියෙන ලොකුම කන්ද, ප්‍රබලම බාධකය තමයි 'මහින්ද' කියන සාධකය. සිංහල බෞද්ධ බලයේ කේන්ද්‍රය තියෙන්නේ එතැන. මහා නුග ගහක් එකපාර කපලා බිම දාන්න බෑ. හැබැයි ඒ ගහේ මුල් වලට යන වතුර ටික නැවැත්තුවොත්, කාලයක් යද්දී ඒ යෝධ ගහ අතු අගින් වේලිලා, ඇතුළෙන්ම දිරාපත් වෙලා කඩාගෙන වැටෙනවා.

​දේශපාලනයෙත් හැටි එහෙමමයි. මහින්දව මානසිකව පීඩාවට පත් කරලා, ජනතාවට ඔහු ගැන තියෙන ඒ දැවැන්ත ආකර්ෂණය ටිකෙන් ටික දියකරලා හරින්න හදන්නෙත් අන්න ඒ න්‍යායෙන්.

​රාජපක්ෂ පවුලේ විතරක් නෙවෙයි, මුළු ජාතිකවාදී කඳවුරේම අවසන් තීරකයා ඔහු. මේ ඔක්කොම එකට බැඳලා තියාගෙන ඉන්න ප්‍රධාන හුය ඔහුයි. ඒ හුය කඩන්න පුළුවන් වෙන්නේ ඔහුව මානසිකව වට්ටලා විතරයි කියන තැන අද ප්‍රතිවාදීන් ඉන්නවා. ඒක හරි ගියොත්, සිංහල බෞද්ධ දේශපාලන බලය රාජපක්ෂලාගෙන් ගැලවිලා යන එක නිකම්ම සිද්ධ වෙන ස්වභාවික දෙයක් බවට පත්වෙනවා.

​මේක දේශපාලන පක්ෂ දෙකක් හෝ පුද්ගලයින් දෙන්නෙක් අතරේ තියෙන සාමාන්‍ය බල අරගලයක් නෙවෙයි. මේක ඊට වඩා ගොඩක් බරපතලයි. මේක පරම්පරා ගාණක් තිස්සේ ආව ජාතිකවාදී මතවාදයකුත්, අලුතින් එන නිරාගමික, මාක්ස්වාදී මතවාදයකුත් අතරේ සිද්ධවෙන නිහඬ මනෝවිද්‍යාත්මක යුද්ධයක්.

​මේ අදෘශ්‍යමාන සටනින් කවුරු දින්නත්, පැරදුනත්... එක දෙයක් ස්ථිරයි. ඒ ප්‍රතිඵලය ලංකාවේ දේශපාලන ඉතිහාසයේ දිශානතිය සදහටම වෙනස් කරාවි.

බලය තිබුණත් නැතත්, මහින්ද රාජපක්ෂ යනු කවදත් මහින්ද රාජපක්ෂමය!දේශපාලනයේ සැඩ සුළං, කුණාටු කොතෙක් ආවත් කොඳුනාරටිය කෙළින් ති...
08/10/2026

බලය තිබුණත් නැතත්, මහින්ද රාජපක්ෂ යනු කවදත් මහින්ද රාජපක්ෂමය!

දේශපාලනයේ සැඩ සුළං, කුණාටු කොතෙක් ආවත් කොඳුනාරටිය කෙළින් තියාගෙන ඉතිහාසය ඉදිරියේ හිටගත් ඒ මිනිසාගේ අතීතය දෙස පිටින් බලා සිටින ඕනෑම කෙනෙකුට එක දෙයක් පැහැදිලිය. ඒ, ඔහු බලය හැසිරවූ ආකාරයයි.

​දෙවතාවක්ම මේ රටේ උසස්ම විධායක පුටුවේ ඉඳලත්, තමන්ට ඕනෑ තරම් බලය තිබිලත්, ඔහු කිසිම දවසක 'පළිගැනීම' තමන්ගේ දේශපාලන ආයුධය කරගත්තේ නැත.

​ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරයන්ගේ ඝාතනයෙන් පසු අසරණ වී සිටි ඒ බිරිඳ සහ කුඩා දරුවන් ආරක්ෂා කරන්නට, ඒ දරුවන්ට සමාජයේ බියක් සැකක් නැතුව ජීවත් වෙන්න පාර හදලා දෙන්නට ඔහු දෙපාරක් හිතුවේ නැත. දේශපාලන සතුරන්ගේ අසරණ වුණු පවුල දෙස පවා ඔහු බැලුවේ මහත් වූ මනුස්සකමිනි.

​ඒ මනුස්සකමේ උච්චතම අවස්ථාව ලෝකයම දුටුවේ උතුරේ මානුෂීය මෙහෙයුම අවසන් වූ මොහොතේය.

​මුළු රටම ජයග්‍රාහී උදම් අනද්දී, පරාජිත වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ වයෝවෘද්ධ අම්මාවයි තාත්තාවයි ආරක්ෂිතව කොළඹට කැඳවාගෙන එන්නට ඔහු යැව්වේ තමන්ගේම ලේ නෑයන් වූ නංගිලා දෙදෙනාවය. තුවක්කුවේ බසට එහා ගිය මනුෂ්‍යත්වයකින් ඒ මහලු දෙමාපියන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදී, ඔවුන්ගේ ජීවිතයේ සැඳෑ සමය ගෞරවනීය ලෙස ගත කරන්නට පහසුකම් සැලසූ නායකයෙක් වෙන කොහේ නම් සිටීද?

​ඔහු එදා ඒ යුද්ධයට නායකත්වය දුන්නේ තමන්ගේ පවුලට කිරුළු පලඳවන්නට නොවේ. වෙඩි හඬට, බෝම්බ හඬට තැතිගත් අහිංසක මිනිසුන්ගේ ජීවිත රැක දෙන්නටය; කඩාවැටුණු මාතෘභූමිය එකම ධජයක් යටතට එක්සේසත් කරන්නටය.

ඒ අසීරු තීන්දු ගනිද්දී ඔහුගේ බිරිඳ, දරුවන්, සහෝදරයන් සිටියේ හෙට දවසේ තමන්ගේ ජීවිතය ගැන පවා අවිනිශ්චිතතාවයකය. මේ යුද්ධය ඉවර කළ පසු එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවෙන් සහ ජාත්‍යන්තරයෙන් තමන්ට එන තර්ජන, පළිගැනීම් ගැන නොදැන නෙවෙයි ඔහු ඒ පියවර තැබුවේ. රට වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ එඩිතරබව ඔහු සතුව තිබුණි.

​බලය යනු අද ඇවිත් හෙට යන තාවකාලික දෙයක් බව ඔහු හොඳින්ම දනී. හැබැයි බලය තිබුණත් නැතත්, කෙළින් සිටගෙන ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ඒ අභිමානවත් නායකත්වය තවමත් ඒ චරිතය තුළ නොසැලී පවතී.

​තුට්ටු දෙකේ පටු දේශපාලන පළිගැනීම්වලින් හෝ මඩ ප්‍රහාරවලින් යටපත් කළ නොහැකි එකම සත්‍යයක් තිබේ. ඒ, අවසන් හුස්ම තෙක්ම මේ මාතෘභූමියට පෙම් බැඳි නායකයෙකුගේ ඉතිහාසයයි.

​බලය තිබුණත් නැතත්, මහින්ද රාජපක්ෂ යනු කවදත් මහින්ද රාජපක්ෂමය!❤️🇱🇰

07/10/2026

සිරිලිය ව්‍යාපෘතිය යටතේ කරපු වැඩ

"මම යුද්ධය අවසන් කලේ මටත් මගේ පවුලේ අයටත් අනාගතයේදී පලිගැනීම් වලට ලක් විය හැකි බව දැනගෙනයි"-මහින්ද රාජපක්ෂ-             ...
07/10/2026

"මම යුද්ධය අවසන් කලේ මටත් මගේ පවුලේ අයටත් අනාගතයේදී පලිගැනීම් වලට ලක් විය හැකි බව දැනගෙනයි"

-මහින්ද රාජපක්ෂ-

07/10/2026

එදා ගංගොඩවිල සෝම හිමියන් විසින් ජාතියටම කියූ දේ අද සත්‍යවෙමින් පවතී පාදඩ රාජ්‍යක් බිහිවීම හේතුවෙන් සිංහල බෞද්ධයින්ට සිංහල බෞද්ධ රට අහිමිකරමින් පවතී.
සැබෑ සිංහලයෙක් නම් තීරණය ඔබ සතුයි.

07/10/2026

නාමල් අද පාර්ලිමේන්තුව අමතයි.

යට යන සැබෑ ප්‍රශ්න සහ එක ගලෙන් කුරුල්ලෝ රංචුවකටම ගැසීමේ අලුත්ම නාටකය....​පැය ගණනාවක් ඉන්ධන පෝලිම්වල සිටිනා සාමාන්‍ය මිනි...
07/10/2026

යට යන සැබෑ ප්‍රශ්න සහ එක ගලෙන් කුරුල්ලෝ රංචුවකටම ගැසීමේ අලුත්ම නාටකය....

​පැය ගණනාවක් ඉන්ධන පෝලිම්වල සිටිනා සාමාන්‍ය මිනිසා අද මුහුණ දෙමින් සිටින්නේ වචනයෙන් විස්තර කළ නොහැකි තරම් අතිමහත් මානසික සහ ශාරීරික පීඩනයකටය. "පැය ගාණක් ඉඳන් පෝලිමේ.. තාමත් තෙල් ටිකක් ගහගන්න බැරි වුණා" යැයි සුසුම්ලන, කෝපයට පත් ජනතාවගේ ඉවසීමේ සීමාව මේ වන විටත් බොහෝ දුරට ඉක්මවා ගොස් ඇත.

"නැවෙන් බාන මිලට තෙල්" වැනි මැතිවරණ වේදිකාවේදී දුන් පොරොන්දු හමුවේ අපේක්ෂා සහගත වූ ජනතාවට, අද සිය වාහන තුළ දහදිය පෙරාගෙන දුක් විඳින මොහොතේ ලැබී ඇති සෘජු පිළිතුර කුමක්ද යන්න සමාජය පුරා දැඩි කතාබහකට ලක්ව තිබේ.

​මෙවන් දැවැන්ත සමාජීය හා ආර්ථික අර්බුදයක් රට තුළ බුර බුරා ඇවිළෙමින් පවතිද්දී, අද හදිසියේම මුළු මහත් මාධ්‍ය අවකාශයම එක්තරා සුවිශේෂී පුවතකින් දෙවනත් විය. ඒ, "හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමයි."

​නීතියට ඉහළින් කිසිවෙකුටත් සිටිය නොහැකි බවත්, ස්වාධීන අධිකරණ ක්‍රියාවලියකට සමස්ත පුරවැසියන්ම ගරු කළ යුතු බවත් අවිවාදිත සත්‍යයකි. කෙසේ වෙතත්, දේශපාලන විචාරකයින් සහ මහජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් මෙම සිදුවීම දෙස බලන්නේ හුදු නීතිමය රාමුවකින් ඔබ්බට ගිය වෙනස්ම දේශපාලනික කියවීමක් හරහාය. මෙම සිදුවීම් මාලාව පිටුපස කිසියම් සැඟවුණු දේශපාලන න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක වන්නේද යන කුකුස මේ වන විටත් සමාජය තුළ මුල්බැසගෙන අවසන්ය.

​මේ මොහොතේ සමාජ මාධ්‍ය සහ දේශපාලන වේදිකාව තුළ නැගෙන ප්‍රබලතම තර්කයක් සහ ගැටලුවක් තිබේ. ශිරන්ති රාජපක්ෂ මහත්මියව අත්අඩංගුවට ගැනීම සඳහා නිවසටම යාමේ අවශ්‍යතාව කුමක්ද යන්නයි. ඇය මෑතකදී දිවයිනට පැමිණියේ සැත්කමකට මුහුණ දීමෙන් අනතුරුවය. ගුවන් තොටුපොළ වැනි උපරිම ආරක්ෂාවක් සහිත ස්ථානයකදී හෝ, ඇය අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබා දීමට නියමිතව සිටි දිනවලදී මෙම නීතිමය පියවර ගැනීමේ හැකියාව බලධාරීන්ට ඕනෑතරම් තිබුණි. එසේ තිබියදීත්, හිටපු ජනාධිපතිවරයා ඉදිරිපිටදීම, නිවසටම ගොස් ඇයව රැගෙන යාම හුදු නීතිය ක්‍රියාත්මක කිරීමක්ද, නැතහොත් නායකයෙකුගේ මානසිකත්වයට එල්ල කළ සූක්ෂම ප්‍රහාරයක්ද යන්න විචාරකයින් නගන ප්‍රධාන ගැටලුවකි.

​අනෙක් අතට, වසර ගණනාවක් පැරණි 'සිරිලිය' නඩුව යළි කරළියට ගෙනෙමින්, ඊට පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීම පිළිබඳවද නීති ක්ෂේත්‍රයේ මෙන්ම සාමාන්‍ය සමාජයේද විවිධ මත පළ වෙමින් පවතී. සුවිශේෂී හේතුවක් නොමැතිව ඇප ලබාදීම සීමා කෙරෙන මෙවැනි පනත් භාවිත කිරීම තුළින්, චෝදනාව කුමක් වුවත් කෙසේ හෝ සිරගත කිරීමේ හදිසි වුවමනාවක් පිළිබිඹු වන්නේදැයි ඇතැමුන් ප්‍රශ්න කරති.

​මෙම සමස්ත ක්‍රියාවලියම "එක ගලෙන් කුරුල්ලන් රංචුවකටම ගැසීමේ" උපායමාර්ගයක් ලෙස බොහෝ දෙනෙකු අර්ථකථනය කරති. එක් පසෙකින්, ඉන්ධන පෝලිම් අර්බුදය හමුවේ රජයට එරෙහිව ගොඩනැගෙන ජනතා කෝපය සහ අවධානය වෙනතකට හැරවීම මෙහි එක් අරමුණක් ලෙස සමාජය තුළ අදහස් පළ වේ. අනෙක් පසින්, මෑතකදී බුද්ධ ශාසනයට සහ චීවරයට එල්ල වූ යම් යම් අභියෝගාත්මක සිදුවීම් හේතුවෙන් ජනතාව තුළ මතුවෙමින් පවතින දැඩි විරෝධය යටපත් කිරීමද මීට හේතු වී ඇති බවට තවත් පිරිසක් මත පළ කරති.

​දේශපාලන බල අරගලයන් සහ මෙවැනි උපායමාර්ගයන් ලෝකයේ බොහෝ රටවල විවිධ ආණ්ඩු යටතේ දැකිය හැකි පොදු ලක්ෂණයකි.

අතීතයේ පැවති පාලනයන් වෙත එල්ල වූ විවිධ චෝදනා සහ විවේචන කෙසේ වෙතත්, දේශපාලන පසමිතුරන් සමඟ මෙවැනි ආකාරයේ ගැටුම් ඇතිකරගැනීම් සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශ්ව විවිධ දෘෂ්ටිකෝණවලින් අදහස් දක්වයි.

​නමුත් අවසාන වශයෙන් තේරුම් ගත යුතු සත්‍යයක් තිබේ. ජනතාවගේ බඩගින්න, තෙල් පෝලිම්වල රස්නය, ජීවන වියදම, සහ ජාතික හෝ ආගමික සංවේදීතාවන් වැනි සැබෑ මහජන ප්‍රශ්න, තාවකාලික දේශපාලන උණුසුම් පුවත් හරහා සම්පූර්ණයෙන්ම යටපත් කළ නොහැකිය.

සියලු දේශපාලන නාටකයන් සහ ක්‍රියාවලීන් උපේක්ෂාවෙන් හා සුපරීක්ෂාකාරීව බලා සිටින බහුතර ජනතාව, තමන්ට හිමිවන පළමු ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාවේදී මේවාට නිසි පිළිතුරු ලබා දෙනු ඇත. කාලය විසින් ඒ සියල්ලටම වඩාත් නිවැරදිම තීන්දුව ලබා දෙනු නොඅනුමානය.

2025 උසස් පෙළ ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගැනීමට නොහැකි බව සරසවි ඇදුරෝ කියති...ළමයෙක් A/L පාස් වුණා කියන්නේ සතුටු වෙන්න ඕන කාරණය...
06/10/2026

2025 උසස් පෙළ ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගැනීමට නොහැකි බව සරසවි ඇදුරෝ කියති...

ළමයෙක් A/L පාස් වුණා කියන්නේ සතුටු වෙන්න ඕන කාරණයක්... ඒත් අද මේ රටේ දෙමාපියන්ට සිද්ධ වෙලා තියෙන්නේ දරුවාගේ ප්‍රතිඵල කොළය දිහා බලලා සතුටු වෙනවා වෙනුවට සුසුම් හෙලන්න.

​2025 A/L ලිව්ව අලුත් ශිෂ්‍ය කණ්ඩායම විශ්වවිද්‍යාලවලට බඳවාගන්නවත්, ඔවුන්ට උගන්වන්නවත් විදියක් නැහැයි කියලා විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය දැන් කෙළින්ම කියනවා.

හේතුව?

සරසවි පද්ධතිය ඇතුළේ පවතින ගැටලුවලට ආණ්ඩුව කිසිම විසඳුමක් නොදීම සහ ආචාර්යවරුන්ගේ දැඩි හිඟය.

​හිතලා බලන්න,
සාමාන්‍යයෙන් ශිෂ්‍ය කණ්ඩායම් 04ක් විතරක් ඉන්න ඕන සරසවි ඇතුළේ අද කණ්ඩායම් 05ක්, 06ක් හිරවෙලා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ 2024 A/L ළමයින්ගේ පළමු සතියේ පන්ති පටන් අරන් තියෙන්නෙත් පහුගිය සතියේ.

​මේ විකාරරූපී ප්‍රමාදය නිසා A/L ඉවර වෙලා කැම්පස් යනකල් අවුරුදු 2ක්, 3ක් ගෙදරට වෙලා බලාගෙන ඉන්න වුණු අපේ ළමයින්ට, ඉස්සරහට අවුරුදු 04ක් තිස්සේ ගෙදරට වෙලා තරුණ කාලය නාස්ති කරන්න වෙන බරපතළ අවදානමක් දැන් නිර්මාණය වෙලා.

​තමන්ගේ දරුවා උපාධියක් අරන් රස්සාවකට යනකල් අම්මලා තාත්තලා ගෙවන කැපකිරීම් කොච්චරද? ඒත් ළමයෙකුගේ වටිනාම වයසෙන් අවුරුදු 4ක් කියන්නේ නිකම්ම නිකම් කාලයක් නෙවෙයි. ඒ නාස්ති වෙන්නේ මනුස්සයෙක්ගේ ජීවිතයේ හොඳම කාලය.

​මෙච්චර කල් කොහොමහරි මේ අර්බුදය ඇදගෙන ගිය ආචාර්යවරුන්ටත් දැන් තවත් මෙය කරපින්නාගෙන යන්න බැරි තැනට පද්ධතිය කඩා වැටිලා ඉවරයි. මේක නිකම්ම නිකම් පුවත්පතක පළවෙච්ච තවත් එක් පුවතක් නෙවෙයි; මේක මුළු රටේම අනාගතය අඩපණ වෙන බවට කෙරෙන අවසන් රතු එළිය!

​අපේ දරුවන්ගේ ජීවිතවලින් අවුරුදු ගණන් හොරකම් කරන මේ ක්‍රමයට තවත් කොච්චර කල් නිහඬව ඉන්නද? පාලකයින්ගේ ඇස් ඇරෙන්නේ තව කවදාද?

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින්..

“මේක මං හිතන්නේ හැම වසරකම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශේෂයෙන්ම ආණ්ඩුව එකතු වෙලා කරන වැඩක් තමයි, ඔය බඳවා ගැනීම් එක්කම ඉන්න ශිෂ්‍ය ප්‍රමාණයත් වැඩි කරනවා. දැන් මේ පාරත් ඒකම තමයි කරලා තියෙන්නේ. දැනට බඳවා ගන්න ශිෂ්‍ය ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් එකතු කරලා බඳවා ගන්න කියලා එවලා තියෙනවා. අපි පැහැදිලිවම කියන්නේ සැප්තැම්බර් නෙමෙයි අපිට කවදා මේක බඳවා ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මොකද මේ පද්ධතියේ තියෙන අර්බුදය නොදැන කරන වැඩක් නෙමෙයි මේක. අපි එක විශ්වවිද්‍යාලයක් ගත්තොත්, දැන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ එක පීඨයක 2024 උසස් පෙළ කරපු ශිෂ්‍ය කණ්ඩායමේ පළවෙනි සතිය තමයි ගිය සතිය. එතකොට 2025 කොහොමද සැප්තැම්බර් බඳවා ගන්නේ? ඒ වගේ තමයි මේ පද්ධතියේම විශ්වවිද්‍යාලවල සිටිය යුතු ශිෂ්‍ය කණ්ඩායම්වලට වැඩි ප්‍රමාණයක් දැනටත් ඇතුළේ ඉන්නවා. ශිෂ්‍ය කණ්ඩායම් හතරක් ඉන්න ඕනේ තැන හයක් දක්වා ඉන්න තැන් තියෙනවා. එතකොට එහෙම තැනක 2025 ශිෂ්‍ය කණ්ඩායම කොහොමද සැප්තැම්බර් බඳවා ගන්නේ? ඒක නිසා අපි දැන් මේ වෙනකොට බලලා තියෙන කාරණය තමයි මේක තව මාස ගාණකට 2025 කණ්ඩායම බඳවා ගන්න බැහැ. ඒ වගේම දැන් 2026 උසස් පෙළත් අවසන්, එතකොට ඒ ශිෂ්‍ය කණ්ඩායමත් එකතු වෙනවා…

අපි දන්නවා උසස් පෙළ අවසන් කරලා තමන්ගේ දරුවා හැකි ඉක්මනින් විශ්වවිද්‍යාල ප්‍රවේශයට ගෙනැල්ලා එතනින් එහාට මේ කටයුතු ඉක්මනින් අවසන් කරන්න දෙමාපියන් බලාපොරොත්තු වෙනවා. හැබැයි දැන් වෙලා තියෙන දේ තමයි උසස් පෙළ අවසන් කරලා වසර දෙකක් තුනක් එළියේ ඉන්න වෙලා තියෙනවා. දැන් මේ ඇතිවෙලා තියෙන තත්ත්වය උඩ සමහරවිට මේක වසර හතරක් විතර විශ්වවිද්‍යාලවලට එන්නේ නැතුව ශිෂ්‍යයින්ට ගෙදරට වෙලා ඉන්න වෙන්න පුළුවන්. එතකොට ඒ අයගේ කාලය, එතකොට මේ කාලය තුළ විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වීමෙන් ඇතිවෙන තත්ත්වය මේක ඉතාම මේ රටේ ඉතාම බරපතල සමාජ අර්බුදයක්. ඉතින් ආණ්ඩුව මේක තේරුම් ගන්නේ නැති එක තමයි ප්‍රශ්නය. ඉතින් මේ තත්ත්වය UGC එක එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ගන්න කිව්වට විශ්වවිද්‍යාලයට ගන්න විදිහක් නැහැ. ඒක තමයි දැන් අද දවසේ විශ්වවිද්‍යාල ආචාර්යවරු මේක සාකච්ඡා කළේ, මේ පහුගිය වසරවල තමන්ට දරාගන්න බැරි තරම් විශාල වැඩප්‍රමාණයක් කරලා තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරු මේ දක්වා මේ ශිෂ්‍ය කණ්ඩායම් හතර, පහ, හය තියාගෙන ආවේ. හැබැයි තවදුරටත් මේක කරන්න විශ්වවිද්‍යාල ආචාර්යවරු සූදානම් නැහැ.”

ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනුමැතියත් නැතුව කෝච්චිය පීලිගත කළේ කාගේ හදිස්සියටද? - ජීවිතයක් බිලිවුණා නම් වගකියන්නේ කවුද?...
05/10/2026

ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනුමැතියත් නැතුව කෝච්චිය පීලිගත කළේ කාගේ හදිස්සියටද? - ජීවිතයක් බිලිවුණා නම් වගකියන්නේ කවුද?

මහ පාන්දර අඳුර මැදින් ඇදෙමින් තිබුණු ඒ දුම්රිය, මාරයාගේ කටක් අද්දරින් බේරී ගියේ අනූනවයෙන් බව ඒ මොහොතේ එහි ගමන් ගත් මගීන් දන්නේ නැතුව ඇති.

​අද (05) අලුයම 4:35ට පමණ පේරාදෙණියෙන් කොළඹ කොටුව බලා පිටත් වුණු පළමු කාර්යාල දුම්රිය මුහුණ දුන්නේ කිසිවෙකුත් නොසිතූ ඉරණමකටයි. ඉහළ කෝට්ටේ, කඩිගමුව සහ ගංගොඩ කියන දුම්රිය ස්ථාන අතරමැදදී, රියදුරුටවත් හිතාගන්න බැරි වෙලාවක දුම්රිය මාර්ගයට කඩා වැටුණු පස් කන්දක් සහ ගල් කුට්ටිවල හැපුණු දුම්රිය එන්ජිම සහ තවත් මැදිරියක් එකවරම පීලි පැන්නා. ඇසිපිය හෙළන සැණින් සිදුවුණු මේ අනතුරෙන් මහා විනාශයක් නොවුණේ මහ රෑ අඳුරෙම දුම්රිය පදවපු රියදුරුගේ දක්ෂතාවය හෝ හුදෙක් ඒ මිනිස්සුන්ගේ පෙර පිනකට වෙන්න ඇති.

​මේ කතාවේ ඇත්තම ඛේදවාචකය තියෙන්නේ එතන නෙවෙයි.

​'දිට්වා' සුළි කුණාටුවෙන් පස්සේ මාස 10ක් පුරාවට කොළඹ කොටුවේ ඉඳන් පේරාදෙණිය සහ ගම්පොළ දක්වා උඩරට මාර්ගයේ ගමනාගමනය නතර කරලා තිබුණේ ඊට සිදුවී තිබූ දැඩි හානිය නිසයි. මගීන් හිතුවේ දිගු කාලීන ප්‍රතිසංස්කරණවලින් පසුව දැන් මේ ගමන ඉතාම සුරක්ෂිතයි කියලා. ඒ විශ්වාසය මතයි පසුගිය 2 වැනිදා යළිත් මේ මාර්ගයේ දුම්රිය ධාවනය ආරම්භ කළේ. ඒත් ධාවනය පටන් අරන් දවස් දෙකක් යන්නත් කලින් මේ වගේ බරපතළ දෙයක් වුණේ කොහොමද?

​ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය මේ මොහොතේ මුළු රටටම හෙළිකරන ඒ බිහිසුණු සත්‍යය ඇඟ කිලිපොළා යන තරමේ එකක්. ඔවුන් ඍජුවම චෝදනා කරන්නේ, මේ සා විශාල ප්‍රතිසංස්කරණයකින් පසුව වුණත්, නැවත දුම්රිය ධාවනය ආරම්භ කර තිබෙන්නේ "ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ" (NBRO) කිසිදු නිල අනුමැතියකින් හෝ අවසරයකින් තොරව බවයි.

​කඳු නායයෑම්, ගල් පෙරළීම් සහ භූමියේ අස්ථාවර බව ගැන සහතිකයක් දිය හැකි ප්‍රධානම සහ එකම වගකිවයුතු ආයතනය පැත්තකට කරලා, කිසිම ප්‍රමිතියක් හෝ තක්සේරුවක් නැතුව මේ විදියට දුම්රියක් පීලිගත කළේ කාගේ හදිස්සියකටද?

​අද මේ පීලිපැනීමෙන් ජීවිත හානියක් නොවුණු එක ඇත්ත. ඒත්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අවසරයකින් තොරව, හුදෙක් බලධාරීන්ගේ හිතුමනාපයට ධාවනය කළ මේ කෝච්චිය අද පාන්දර මහා පාතාලයකට පෙරළිලා ගියා නම්... ඒ මැදිරි ඇතුළේ නිදාගෙන ආපු අහිංසක පියෙකුට, මවකට හෝ දරුවෙකුට තමන්ගේ ජීවිතය අහිමි වුණා නම්... ඒ අහිංසක ලේවල වගකීම භාරගන්නේ කවුද?

​මිනිස්සුන්ගේ ජීවිත කියන්නේ තීරණ ගන්න පුටුවල ඉන්න අයට ඕන විදියට ඔට්ටු අල්ලන්න පුළුවන් සූදු පිටියක් නෙවෙයි. නීති කඩ කරමින්, තාක්ෂණික අනුමැතියකින් තොරව කරපු මේ මරණීය අත්හදාබැලීම අද නතර වුණේ පීලිපැනීමකින් විතරක් වුණත්, හෙට එය සමූහ මරණයක් දක්වා දුරදිග ගියොත් පපුවට අත තියලා වගකීම භාරගන්න කෙනෙක් මේ පද්ධතිය ඇතුළේ ඉන්නවාද කියන එක අපි බලධාරීන්ගෙන් ප්‍රශ්න කළ යුතුමයි.

Address

776 Galle Road, 04
Colombo
00500

Alerts

Be the first to know and let us send you an email when NR LEADS Nation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to NR LEADS Nation:

Shortcuts

Share