25/01/2026
හොරුත් එක්ක ඩීල් නැති ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන්....
හෙටක් ඇති රටක් වෙනුවෙන් සටන් කරන පරපුරක්. http://parapurakabalaya.lk/
# 2015 නොවැම්බර් 01 වන දින අප නිල වශයෙන් ආරම්භ කළෙමු.
# න්‍යායාත්මකව අදහස් සහ මත ඉදිරිපත් කරමින්ද.
# ජනතා අයිතිය උදෙසා මැදිහත් වෙමින් සහ මැතිවරණ සඳහා දායක වෙමින්ද.
# පුරවැසියන් දැනුවත් කරමින් සහ ඒකරාශී කරමින්ද අප ගමන් කළෙමු.
#පරපුරක බලය මේ ගත කරනේ අපගේ සැළසුමේ හතරවන අවධියයි. ආණ්ඩු බලය අත්පත් කර ගැනීම උදෙසා ඍජු ලෙස පිවිසීමයි.
# අප ගැන විස්තර ඔක්කොම දැනගන්න මෙතනින් එන්න.
25/01/2026
හොරුත් එක්ක ඩීල් නැති ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන්....
25/01/2026
2025 මහ සභා රැස්වීම - 2026 ජනවාරි 31, පෙරවරු 10.00 ට, පිළියන්දල ප්‍රධාන කාර්යාලයේදී
විධායක සාමාජිකන් සහාභාගී වන්න. ඉල්ලුම් කරන ක්‍රියාකාරි සාමාජිකන්ට සහභාගී වීමට අවස්ථාව සැලසේ.
මහ ලේකම් හෝ ජාතික සංවිධායක සම්බන්ධීකරණය කරන්න.
01/01/2026
අප කතා කරන මාතෘකාවට පදනම වන්නේ 6 වසරේ දරුවන්ගේ අධ්‍යාපන මොඩියුලයට වැඩිහිටි සමලිංගික සවැදියක් ඇතුළත් විමත්, සිවිල් සමාජයෙන් එය පෙන්වා දෙන තුරු ජනාධිපති, අගමැති (අධ්‍යාපන ඇමති ) සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ස්ථීර ලේකම් එය නොදැන සිටීමත්ය.
වගකිව යුතු සියල්ලන්ට මඟ හැරුන විනාශය.
වගකීම් විරහිත ජනාධිපති සහ අගමැතිත්, අධ්‍යාපන ලේකම් සහ අනෙකුත් නිලධාරීනුත් සමාජයෙන් පෙන්වා දෙන තුරු කිසිවක් දැන නොසිටි බව පෙන්වන්නට උත්සහ කරයි. ඔවුන්ගේ එම පෙන්වාදීම සත්‍ය යැයි උපකල්පනය කළහොත් අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රියාවලිය අතිශයෙන්ම අනාරක්ෂිත වගකීම් විරහිත ක්‍රියාවලියකි. දේශපාලන අධිකාරියත්, නිලධාරීනුත් තොත්ත බබාලා වන්නට වූ විට දැයේ දරුවන්ට දෙවියන්ගේම පිහිටය.
ලිංගික අයිතිය සහ ලිංගික අධ්‍යාපනය
අප මිනිස් ප්‍රජාවගේ ලිංගික විවිධත්වය මත වූ ලිංගික අයිතියට ගරු කරන්නෙමු. නූතන ලිංගික කැමැත්තේ ප්‍රවනතා පිළිබඳව ගෝලීය සංවාදයක් තිබේ. එය සමාජ විද්‍යාත්මකව, මනෝ විද්‍යාත්මකව සහ වෛද්‍ය විධ්‍යාත්මකව ප්‍රවේසමෙන් සලකා බැලිය යුතුය. මානව වර්ගයාගේ අතිශය සංවේදී කලාපයක් සහ සංස්කෘතික සහ සදාචාරාත්මක සීමා පිළිබඳව බහුතර සමාජයේ ගැටීම විවාදාත්මක තලයකට වඩා මානුෂීය සංවාදාත්මක ප්‍රවේශකින් විසදාගත යුතුය.
ලිංගික අධ්‍යාපනය වෙනුවෙන්ද අප පෙනී සිටින්නෙමු. ලිංගිකත්වය යනු සමාජයේ පැවැත්මයි. ලිංගිකත්වය විද්‍යාවක් සහ කලාවක් ලෙසද ලෝකයේ වසර දහස ගණනකට සිට පැවත ආ බවද අප මතක් කර ගත යුතුය. ලිංගික අධ්‍යාපනය යනු කෙසේ ලිංගිකව හැසිරෙන්නේද යන්නට ලගු නොවේ. ආරක්ෂාව සෞඛ්‍ය (ශාරීරික සහ මානසික ) ඇතුලු තවත් බොහෝ කරුණු ලිංගික අධ්‍යාපනයට ඇතුළත් වේ. ගැටලුව ලිංගික අධ්‍යාපනය නොවේ.
හරිනිගේ ප්‍රවේශය සහ චෝදනාවේ දිසානතිය.
අප කෙනෙකුගේ පුද්ගලික ලිංගික චර්යා අනෙක් කිසිවෙකුට හානියක් නොවන සහ නීතිමය සීමා තුළ කඩ වී නැත්නම් සාකච්ඡා නොකරන්නෙමු. නමුත් මේ ආණ්ඩුවේ ප්‍රධානීන් කීප දෙනෙක්ගේ සමරිසි කැමැත්ත සහ ඔවුන් ඒ සම්බන්ධ බාධා ඉවත් කර ගැනීමේ ප්‍රවේශයේ ස්භාවය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විශාල විවේචනයක් තිබේ. එවැනි පසුබිමක මෙවැනි සිද්ධියක් ඉතා සරළව අගමැති හරිනිව ඉල්ලක්ක වීම ස්භාවික සමාජ ස්භාවයකි.
නීතිය සහ සදාචාරය.
අවුරුදු 10, 12 දරුවන්ට සමරිසි ලිංගික සහකරුවන් සොයා ගැනීමට දැනුම ලබා දීම ලංකාවේ නීතිය අනුව අපරාධයකි. සදාචාරාත්මක සීමාවේ ශිෂ්ඨ සම්පන්න සමාජය කම්පනයට ලක් කරයි. ආණ්ඩුවට හිතකාමින් කුමන සාධාරණය කිරීම් කළද ඔවුන් පවා මෙම පදනම විවාද නොකරයි. නැතහොත් මෙම කලාපයේදි නිහඬ වෙයි. මෙම වැරැද්ද සිදුකෙරුණ පුද්ගලයන් සොයා බලා දරුවන් අපචාරයට තැත් කිරීමට උත්සහ කිරීම පිලිබඳව දඩුවම් කළ යුතුය.
ජනාධිපතිගේ, අගමැතිගේ සහ අධ්‍යාපන ලේකම්ගේ මැදිහත් වීම.
ජනාධිපති - මේ බරපතල තත්වය තුළ ජනාධිපති අනුර තවමත් නිහඩ වී ඇති අතර 2/3 ආණ්ඩුවක් සහ විධායක ජනාධිපති බලතල භාවිතා කරමින් වේගවත් සහ අවංක මැදිහත් වීමක් නොපෙන්වයි. මෙම ක්‍රියාවලියට සම්බන්ධ සියලු පිරිස් පැය කීපයක් තුළ ගෙන්වා විමසීමක් කරන්නට තරම් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු සංවේදී හෝ වග වන බවත් දක්නට නැත.
අගමැති - අගමැති හරිනි මෙය දැනගන්නේ සිවිල් සමාජය පෙන්වා දුන් පසුවය. ඇය ඒ මොහොතේ තම අධ්‍යාපන ඇමතිකමෙන් සහ අගමැතිකමෙන් ඉල්ලා අස් වී පරීක්ෂණ පවත්වාගෙන යාමට සහය දැක්විය යුතු නමුදු එවැනි සදාචාරයකට ලං වීමටවත් ඇයට නොහැකි වී ඇත.
අධ්‍යාපන ලේකම් - අධ්‍යාපන ලේකම් සී.අයි.ඩී. යට ගොස් පැමිණිල්ලක් දමා තිබේ. ඔහු පවසන්නේ කුමන්ත්‍රණයක් විය හැකි බවය. ඔව්... එසේද විය හැක. කුමන්ත්‍රණ සිදු වී සියල්ල අවුල් සහගත වන තුරු ඔහුට එය සොයා ගැනීමට නොහැකි වී ඇති බව ඔහුගේ කතාවෙන් ගම්‍ය වෙයි. එපමණක් නොව අදාල ක්‍රියාවලියට සම්බන්ධ සියලු පිරිස් කැඳවා පරික්ෂණයක් කිරීමටද ඔහුට අමතකව ඇත.
අවසාන සටහන
දේශපාලන අධිකාරිය ඇතුලු කිසිඳු බලධාරියෙකුට මෙම ගැටළුව සිවිල් සමාජය පෙන්වා දෙන තුරු සොයා ගැනීමට නොහැකි තරම් ක්‍රියාවලිය අවුල් සගහත වන අතර අනුර, හරිනි සහ අධ්‍යාපන ලේකම් සම්පූර්ණයෙන් අසමත්ය.
ජනාධිපති වේගයෙන් මෙම අර්බුදයට මැදිහත් නොවීමෙන් මෙහි බර ඔහුට නොතේරුන හෝ එවැනි මැදිහත් වීමකට ඔහුගේ හැකියාව නැති බව නිරීක්ෂණය වෙයි.
අධ්‍යාපන ලේකම් අභ්‍යන්තර කඩිනම් පරික්ෂණයක් නොකර සී.අයි,ඩී. යට භාරදී කුමන්ත්‍රණ කතාවක එල්ලී සිටීමෙන් වගකීමෙන් බැහැර වී ඇත.
අප මේ පේන අහන්නේ හොරාගේ අම්මාගෙන් නොව හොරාගෙන්ම දැයි සමස්ථ ක්‍රියවලිය දෙස බැලු කල අපට සැකයක් ගොඩ නැගේ.
දරුවන් අනාරක්ෂිතය. සමාජය කම්පනය විය යුතු මොහොතක හිරි වැටී ඇති බව පෙනෙයි. ප්‍රගතිශීලි විපක්ෂයක් නැත. ජනතාව සටන අතට ගත යුතුය.
පරපුරක බලය
01/01/2026
ජයග්‍රහණයේ අවුරුද්දක් වේවා !
ලැබුවා වූ 2026 නව වසර ඔබේ අභියෝග ජය ගත හැකි ජයග්‍රහණයේ වසරක් බවට පත් වේවා යැයි පරපුරක බලයේ අප ප්‍රාර්ථනා කරන්නෙමු.
ශ්‍රී ලංකාවාසී ඔබ අප සැම මුහුණ දෙන පොදු අභියෝග ජය ගැනීම සඳහා අප ඔබ සමඟ සිටින්නෙමු. සැම ජයග්‍රහණයක් පිටිපසම මනා සැලසුමක්, කැපකිරීමක් ඇති බවත් පසු නොබස්නා චිත්ත ධෛර්ය සමඟ සම්බන්ධයක් ඇති බවත් අප ඔබට මතක කරන්නෙමු. ඒ නිසා අභියෝග ජය ගැනීම සඳහා ඔබේ ධෛර්ය සමඟ අප නිරන්තරයෙන් සිටින්නෙමු. අපි කැපවෙන්නෙමු.
2026 අප නිමා කළ යුත්තේ ජයග්‍රහණයේ වසරක් ලෙසය. ඉතින්.... අප.... ඉදිරියට යමු !
පරපුරක බලය
31/12/2025
සූම් සැබැදිය - https://us06web.zoom.us/j/85234004220
07/10/2025
කුරුණෑගල ජනතාව දැනුවත් කිරීම.
පරපුරක බලය පිළිබඳව සහ පුරවැසියාගේ භූමිකාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සදහා වන අත් පත්‍රිකා බෙදාදීම. අද දින කුරුණෑගල නගරය ආශ්‍රිතව සිදුකෙරිණ. පරපුරක බලයෙහි මධ්‍යම කාරක සභික කුසුම් සජීව ෆර්නෑන්ඩුගේ නායකත්වයෙන් මෙම ප්‍රචාරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි
01/10/2025
දිනයක් නොව දේශයක් හදමු ! දරුවන්ට ගොඩනැගෙන්නට... !
පාර්ලිමේන්තු මැතිවරණ සමයේ අපිටත් මඟ හැරුණු විඩියෝවක්..
Chamara Nakandala
01/01/2025
ලැබුවා වූ 2025 නව වසර අභියෝග ජය ගන්නට හැකි නව වසරක් වේවා යැයි පරපුරක බලය වෙනුවෙන් මම ඔබට සුභ පතන්නෙමි.
සෑම වසරක්ම නිමා වන්නේ ජීවිතයට අත්දැකීම් ඉතුරු කරමින් බවත් සෑම වසරක්ම ආරම්භ වන්නේ ජිවිතයට අලුත් බලාපොරොත්තු ඉතුරු කරමින් බවත් පොදු නියතයක්. 2024 වසර නිමා වන්නේත්, 2025 වසර අද ආරම්භ උනේත් එසේමයි.
2025 වසර ශ්‍රී ලාංකීය දේශපාලනයේ හැරවුම් ලක්ෂයකට පරිසරයක් සකස් වෙමින් තිබෙනවා. එය බලාපොරොත්තුවෙත්, බිඳවැටීමේත් නැවත එක්ව නැගිටීමේත් අභියෝගයන් මත ගොඩනැගෙන බව අපට පෙනෙන්නට තිබෙනවා.
අපගේ මානව වර්ගයාගේ ගමන් මඟම අභියෝගවලින් පිරී තිබුණා. ඉතිහාසය වෙනස් කළේ එවැනි අභියෝගවලට මුහුණ දිය හැකි මිනිසුන් නිසයි. අලුත් තත්වවලට මුහුණ දෙන වෙනස් වෙන මිනිසුන් ලෝකය වෙනස් කළා. අප ඔබෙන් ඉල්ලන්නේ වෙනස්කම්වලට පසුබට නොවන ලෙසයි.
අපට ලැබෙන ප්‍රතිඵලය කුමක් උනත් එය අවසානයක් නොවේ.
අප නොනැවති සටන් කරමු ! එක්ව ජය ගමු!
චාමර නාකන්දල
මහ ලේකම් - පරපුරක බලය.
16/11/2024
අප විසින් කොතනින් හෝ ආරම්භ කළ යුතුව තිබුණා. අපව නැවැත්වීමට ඔවුන් බොහෝ දේ කර තිබුණා. අපි ආරම්භ කළේ එවැනි අපව නැවැත්වීමට කළ බොහෝ දේවල් බිඳ දමමින්. අපව මාධ්‍ය විසින් වාරණය කර තිබුණා. එය මේ රටේ පවතින ක්‍රමයේ ස්වභාවයයි.
වෙනසක් සොයන අප, වෙනසක් සොයන මිනිසුන් වෙනුවෙන් සටනට ආවා. සටනේ ආරම්භයට කොළඹ දිස්ත්‍රික් ජනතාව තමන්ගේ ආරම්භය දුන්නා.
අප වෙනුවෙන් ඡන්දය භාවිතා කළ කොළඹ දිස්ත්‍රික් ජනතාවට අපේ ආචාරය පුද කරනවා. ඉලක්කම් ගණනින් අඩු උනත් ඒ ජනතාව තැබූ බලාපොරොත්තුව වෙනුවෙන් සහ රටේ සියල්ලන්ම වෙනුවෙන් ඉදිරි කාලයේ නොනැවති අප සටන් කරනවා. ඔබට නැවතත් ස්තූතියි.
කොළඹ දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායම අංක 1 වෙනුවෙන් කණ්ඩායම් නායක සහ පරපුරක බලය මහ ලේකම් - චාමර නාකන්දල
අපේ එකෙක්. Chamara Nakandala
#අපේඑකෙක්
නිඳහසින් වසර 67 කට පසුවත් දියුනුවන්නට නොහැකි වූ ජාතියක් ලෙසත්, තම ජනතාවගේ මූලික අවශ්‍යතාවයන්වත් ඉටුකරන්නට බැරි වූ රටක් ලෙසත්, අපට අප පිලිබදව නව කියවීමක් අවශ්‍යයැයි අප සිතන්නෙමු. නිල්,කොල,රතු,කහ කන්නාඩිවලින් රට දෙස නොබලන සැබැ දේශප්‍රේමී මිනිසුන්ගේ ඒකරාශී වීමක් ඒ සඳහා අවශ්‍ය යැයි අප විශ්වාස කරන්නෙමු.
1948 න් පසුව ඉපදුන නිඳහස හිමිවූ නැති රටේ බහුතරයක් ජනතාව වෙනුවෙන් සංවිධානගතවීමක් යුගයේ අවශ්‍යතාවයක් බව අප හදුනාගෙන ඇත්තෙමු. එකට එකතුවීම තුලින් අපේ පරපුරෙහි බලය ගොඩනැගිය හැක. මේ රට මේ මහා ආගාධයෙන් ගොඩගත හැක්කේ එවැනි බලයකින් වෙනසකින් පමණි.