අනවසරයෙන් මගී ප්‍රවාහනය සඳහා යෙදවූ තවත් බස් රථ සඳහා නීතිමය ක්‍රියා මාර්ග
===========================================
කොළඹ Peoples Park සිට නුවරඑළිය , උඩපුස්සැල්ලාව යන ප්‍රදේශ දක්වා 2026 - 04-12 දින රාත්‍රියේ අනවසරයෙන් මගීන් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජංගම පරීක්ෂණ නිළධාරීන් සහ බැස්ටියන් මාවත බස් පර්යන්තයේ රාජකාරියේ යෙදී සිටි නිළධාරීන් අදාළ ස්ථානයට ගොස් එම බස් රථ පරීක්ෂා කරන ලදී.
මෙම බස් රථ මගීන්ගෙන් නියමිත ගාස්තු ඉක්මවා මුදල් අය කර ඇති අතර මගී ප්‍රවාහනය සඳහා නිසි අවසර පත්‍රයකින් තොරව ධාවනය කිරීමට සැළසුම් කර ඇත.
මේ පිළිබඳව එහි ගමන් ගැනීමට සිටි මගීන්ව දැනුවත් කර, අදාළ බස් රථ ඉදිරි නීතිමය ක්‍රියා මාර්ග සඳහා යොමු කරන ලදී.
National Transport Commission
National Transport Commission
12/04/2026
විශේෂ අවුරුදු සේවා බස් රථ යෙදවීම - 2026-04-11
===============================
අද දිනයේත් මාකුඹුර සහ බැස්ටියන් මාවත බස් පර්යන්තයන්හි සිට මගී අවශ්‍යතාවය අනුව බස් රථ යෙදවීම සිදු කල අතර විශාල මගී තදබදයකින් තොරව පහසුවෙන් සහ ආරක්ෂාකාරිව තම ගමනාන්තයන් දක්වා ගමන් කිරීමට සඳහා බස් රථ යෙදවීමට අවශ්‍ය කටයුතු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කරන ලදී.
අනවසරයෙන් මගී ප්‍රවාහනය සඳහා යෙදවූ බස් රථ සඳහා නීතිමය ක්‍රියා මාර්ග
===========================================
කොළඹ Peoples Park සිට හැටන්,නාවලපිටිය,ඩයගම යන ප්‍රදේශ දක්වා 2026 - 04-11 දින රාත්‍රියේ අනවසරයෙන් මගීන් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජංගම පරීක්ෂණ නිළධාරීන් සහ බැස්ටියන් මාවත බස් පර්යන්තයේ රාජකාරියේ යෙදී සිටි නිළධාරීන් අදාළ ස්ථානයට ගොස් එම බස් රථ පරීක්ෂා කරන ලදී.
මෙම බස් රථ මග්ගින්ගෙන් නියමිත ගාස්තු ඉක්මවා මුදල් අය කර ඇති අතර මගී ප්‍රවාහනය සඳහා නිසි අවසර පත්‍රයකින් තොරව ධාවනය කිරීමට සැළසුම් කර ඇත.
මේ පිළිබඳව එහි ගමන් ගැනීමට සිටි මගීන්ව දැනුවත් කර, අදාළ බස් රථ ඉදිරි නීතිමය ක්‍රියා මාර්ග සඳහා යොමු කරන ලදී.
කොළඹ සිට ගාල්ල දක්වා නව අධිසුඛෝපභෝගී බස් රථ සේවාව ආරම්භය
==========================================
මෙතෙක් කල් අඩුපාඩුවක්ව පැවති කොළඹ සිට ගාල්ල දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ක්‍රියාත්මක වන අධිසුඛෝපභෝගී බස් සේවාව අද දින සිට ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් ආරම්භ කරන ලදී.
11/04/2026
විශේෂ අවුරුදු සේවා බස් රථ යෙදවීම - 2026
-----------------------------------------------------------------
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා යන ජනතාවට පහසුවෙන් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සදහා බස් රථ සූදානම් කර මගී අවශ්‍යතාවය අනුව විශේෂ බස් රථ යෙදවීමේ කටයුතු මේ වන විට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් ආරම්භ කර ඇත.
ඒ අනුව කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් නැවතුම්පල, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය, කඩවත සහ කඩුවෙල බස් පර්යන්තයන්හි සිට දිවයිනේ ප්‍රධාන නගර දක්වා මෙම විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කරනු ලබයි...
2026 අප්‍රේල් මස 10 වන දින සිට අප්‍රේල් මස 20 දින දක්වා මෙම විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක වේ.
අලුත් අවුරුදු විශේෂ සේවා බස් රථ යෙදවීම සම්බන්ධව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තුමාගේ විශේෂ දැනුවත් කිරීම.
2026-04-10
11/04/2026
07/04/2026
අන්තර් පළාත් මගීසේවා අවසරපත්‍රහිමියන් වෙත කෙරෙන දැනුම් දීමයි.
07/04/2026
අවුරුදු කාල සීමාව සඳහා සුඛෝපභෝගී සේවාවේ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය කරනු ලබන ජා.ග.කො.ස. අවසරපත්‍ර හිමියන් සහ අතිරේකව යොදවනු ලබන පළාත් ප්‍රවාහන අධිකාරීවල සුඛෝපභෝගී බස් රථ හිමියන් සඳහා කෙරෙන නිවේදනයයි.
23/03/2026
අන්තර්වාර බස් ගාස්තු සංශෝධනය 2026-03-23
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
241, Park Road, Colombo/05
Colombo
00500
Opening Hours
| Monday | 08:30 - 16:15 |
| Tuesday | 08:30 - 16:15 |
| Wednesday | 08:30 - 16:15 |
| Thursday | 08:30 - 16:15 |
| Friday | 08:30 - 16:15 |
