Sri Lanka Police

Sri Lanka Police

Share

Welcome to the Official Sri Lanka Police page. We believe in proactive engagement with the community.

This page serves as a platform for us to connect with you, share important updates, awareness information and safety tips.

02/06/2026

ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් බඳවා ගැනීමේ මූලික සම්මුඛ පරීක්ෂණය - 2026

#මේ_ඔබේ_පොලිසියයි

02/06/2026

වෙසක් බැති ගී සුගායනය - 2026
வெசாக் பக்திப் பாடல் இசை நிகழ்ச்சி – 2026.

Photos from Sri Lanka Police's post 02/06/2026

පොලිස් නිලධර වෙසක් බැති ගී සුගායනය 2026 -

පොදු ජන සිත්තුල ආගමානුසාරයෙන් ආකල්පමය වෙනසක් ඇති කිරීම සමාජය වරදින් මුදවාගැනීම සඳහා වැදගත් පියවරක් වන බැවින් ශ්‍රී ලංකා පොලිසිය වන අප වෙසක් පොහෝ දිනය අරමුණුකරගනිමින් පසුගිය දින කිහිපය තුල දිවයින පුරා විවිධ වූ ආගමික වැඩසටහන් පවත්වන ලදී.

ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිකරනු ලබන මෙවර වෙසක් උත්සවයට සමගාමීවද පොලිස් මූලස්ථානය පරිශ්‍රයේ උත්කර්ෂවත් බැති ගී සරණියක් පවත්වා එය සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව ඔබවෙත ගෙන ඒමට කටයුතු සංවිධානය වූයේද එහි එක් ප්‍රධාන පියවරක් වශයෙනි.

ඒ් අනුව පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු සංගමයේ මනා සංවිධානය යටතේ මෙවර “වෙසක් බැති ගී සුගායනය- 2026” , බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ හා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා‌ගේ ප්‍රධානත්වයෙන් 2026.06.01 වන දින සවස පොලිස් මූලස්ථානයේදී උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී.

වැඩමවාවදාල ගරු සංඝරත්නයේ ආශිර්වාද සමඟින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ හා ආරාධිත ප්‍රභූවරුන්ගේ සහභාගීත්වයෙන් සවස 07.00 ට පමණ ඇරඹුනු මෙම බැති ගී සරණිය මියුරු හඩ ඇති පොලිස් නිලධාරීන්ගෙන් හා පොලිස් බටහිර තූර්ය වාදන වෘන්දයේ සංගීතයෙන් පුරා හෝරා 2ක් පුරා රසගැන්වුනි.

පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ නර්තනාංගයන් මෙන්ම ප්‍රවීන ගායකයින් වන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, පොලිස් කොස්තාපල් බුද්ධික උෂාන් යන නිලධාරීන් ඇතුළු ගීත ගායනයෙන් ශ්‍රී ලංකා පොලිසිය තුළ ඉමහත් ප්‍රසිද්ධියක් අත්කරගෙන ඇති නිලධාරීන්ගේ ගීත ගැයුම් මෙහිදී කාගෙත් සිත් අමන්දානන්දයට පත්කිරීමට සමත් විය.

පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු සංගමයේ සභාපති ලෙස පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහ උපසභාපති ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ මෙන්ම ලේකම් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතාගේ උපදෙස් හා සෘජු මෙහෙයවීම යටතේ එලෙස අති සර්ථකව පැවැත්වුනු මෙවර “වෙසක් බැති ගී සුගායනය” පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය, පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසය, සන්නිවේදන කොට්ඨාසය ඇතුලු පාර්ශව රැසකගේ සහයෝගය ඇතිව Sri Lanka Police නිල Facebook පිටුව ඔස්සේ සජීවීව විකාශනය කරන ලදී.
---------------------------------
பொலிஸ் அதிகாரிகளின் வெசாக் பக்திப் பாடல் இசை நிகழ்ச்சி – 2026

பொது மக்களின் மனங்களில் மத அடிப்படையிலான மனப்பாங்கு மாற்றத்தை உருவாக்கி, சமூகத்தை குற்றங்களிலிருந்து விடுவிப்பது முக்கியமான ஒரு நடவடிக்கையாக இருப்பதால், இலங்கைப் பொலிஸார் வெசாக் பூரணை தினத்தை முன்னிட்டு கடந்த சில நாட்களாக நாடு முழுவதும் பல்வேறு மத நிகழ்ச்சிகளை நடத்தினர்.

கௌதம புத்தபகவானின் புனித திரிதின நிகழ்வை நினைவுகூரும் இவ்வாண்டு வெசாக் விழாவுடன் இணைந்த வகையில், பொலிஸ் தலைமையக வளாகத்தில் சிறப்பான பக்திப் பாடல் நிகழ்ச்சி ஒன்று ஏற்பாடு செய்யப்பட்டு, அது சமூக ஊடகங்களின் மூலம் நேரலையாக மக்களுக்கு வழங்கப்பட்டது.

அதன்படி, பொலிஸ் பௌத்த மற்றும் மத விவகார சங்கத்தின் சிறந்த ஏற்பாட்டில், இவ்வாண்டின் “வெசாக் பக்திப் பாடல் நிகழ்ச்சி – 2026” புத்தசாசன, மத மற்றும் கலாச்சார விவகார அமைச்சர் கலாநிதி ஹினிதும சுனில் செனவி மற்றும் பொது மக்கள் பாதுகாப்பு மற்றும் பாராளுமன்ற விவகார அமைச்சர் ஆனந்த விஜயபால ஆகியோரின் தலைமையில் 2026.06.01 அன்று பிற்பகலில் பொலிஸ் தலைமையகத்தில் சிறப்பாக நடைபெற்றது.

பிக்குகளின் ஆசீர்வாதத்துடன், பொலிஸ் மா அதிபர் சட்டத்தரணி பிரியந்த வீரசூரிய மற்றும் சிரேஷ்டப் பொலிஸ் அதிகாரிகள், அழைக்கப்பட்ட விருந்தினர்கள் ஆகியோரின் பங்கேற்புடன், மாலை சுமார் 7.00 மணியளவில் ஆரம்பமான இந்த பக்திப் பாடல் நிகழ்ச்சி, இனிமையான குரலுடைய பொலிஸ் அதிகாரிகள் மற்றும் பொலிஸ் மேற்கு இசைக் குழுவின் இசையுடன் சுமார் 2 மணி நேரம் சிறப்பாக நடைபெற்றது.

பொலிஸ் கலாச்சாரப் பிரிவின் நடன நிகழ்ச்சிகளும், புகழ்பெற்ற பாடகர்களான தென் மாகாணத்திற்கு பொறுப்பான சிரேஷ்டப் பிரதிப் பொலிஸ் மா அதிபர் கித்சிரி ஜயலத் மற்றும் பொலிஸ் கான்ஸ்டபிள் புத்திக உஷான் உள்ளிட்ட, பாடல் கலை மூலம் இலங்கைப் பொலிஸில் பெரும் புகழ்பெற்ற அதிகாரிகளின் பாடல்களும் இந்நிகழ்வில் அனைவரையும் மகிழ்ச்சியில் ஆழ்த்தின.

பொலிஸ் பௌத்த மற்றும் மத விவகார சங்கத்தின் தலைவராக பொலிஸ் மா அதிபர் சட்டத்தரணி பிரியந்த வீரசூரிய, பிரதித் தலைவராக நிர்வாகத்திற்குப் பொறுப்பான சிரேஷ்டப் பிரதிப் பொலிஸ் மா அதிபர் சஞ்சீவ தர்மரத்ன, மற்றும் செயலாளராக பிரதிப் பொலிஸ் மா அதிபர் மஹிந்த திசாநாயக்க ஆகியோரின் வழிகாட்டுதலின் கீழ் மிக வெற்றிகரமாக நடைபெற்ற இந்நிகழ்ச்சி, பொலிஸ் ஊடகப் பிரிவு மூலம் தகவல் தொழில்நுட்பப் பிரிவு, குற்றப் பதிவுப் பிரிவு, தொடர்பாடல் பிரிவு உள்ளிட்ட பல பிரிவுகளின் ஒத்துழைப்புடன் Sri Lanka Police அதிகாரப்பூர்வ Facebook பக்கத்தில் நேரலையாக ஒளிபரப்பப்பட்டது.
------------------------------------------

Sri Lanka Police Host Vesak Bethi Gee Musical Program 2026 at Police Headquarters

Recognizing the importance of fostering a positive change in public attitudes towards religion as a means of promoting a more virtuous society, the Sri Lanka Police have, over the past several days, conducted a series of religious programmes islandwide in observance of Vesak Poya Day.

As part of this year’s Vesak commemorations marking the birth, enlightenment, and passing away of Lord Buddha, a grand devotional musical program was organized and broadcast live via social media as a key highlight.

Accordingly, under the auspices of the Police Buddhist and Religious Affairs Association, the “Vesak Bhathi Gee Suyamaya 2026” was held in a grand manner at the Police Headquarters on the evening of 1 June 2026, under the patronage of the Minister of Buddhasasana, Religious and Cultural Affairs, Dr. Hiniduma Sunil Senevi, and the Minister of Public Security and Parliamentary Affairs, Mr. Ananda Wijepala.

Blessed by the Maha Sangha, the event commenced at approximately 7.00 p.m. with the participation of senior police officers led by the Inspector General of Police, Attorney-at-Law Mr. Priyantha Weerasooriya, along with invited dignitaries. The devotional program continued for two hours, featuring melodious performances by police officers accompanied by the Sri Lanka Police Western Band.

Performances by the Police Cultural Division, along with vocal presentations by veteran singers including Senior DIG Mr. Kithsiri Jayalath (Southern Province) and Police Constable Buddhika Ushan both of whom have earned notable recognition within the Sri Lanka Police added colour and vibrancy to the event.

Under the guidance and direct supervision of the Chairman of the Police Buddhist and Religious Affairs Association, IGP Attorney-at-Law Mr. Priyantha Weerasooriya, together with the Vice Chairman Senior DIG Mr. Sanjeewa Dharmaratne (Administration) and Secretary DIG Mr. Mahinda Dissanayake, the program was successfully organized.

The event was coordinated by the Police Media Division with the support of the Police Information Technology Division, Crime Records Division, and Communications Division, and was broadcast live on the official Sri Lanka Police page.

#මේ_ඔබේ_පොලිසියයි

02/06/2026

නොසැලෙන ධෛර්යය, නිශ්චල අධිෂ්ඨානය. මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් කැපවුණු වීරත්වයේ සටහනයි මේ....
அசையாத துணிவு, நிலையான உறுதி. தாய்நாட்டின் பாதுகாப்புக்காக அர்ப்பணிக்கப்பட்ட வீரத்தினுடைய பதிவு இதுவாகும்….

02/06/2026

2026.06.01 දින උදෑසන කඳාන පොලිස් වසමේ ගනේගොඩ ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර නිතී විරෝධී මත්පැන් ලීටර් 75 ක් (බෝතල් 100) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන කඳාන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරු අවුරුදු 34 ක් වන කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කඳාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
------------------------------
2026.06.01 அன்று காலை, கந்தானை பொலிஸ் பிரிவிற்குட்பட்ட கணேகொட பகுதியில், வலான மத்திய ஊழல் ஒழிப்பு அதிரடிப் பிரிவு அதிகாரிகள் குழுவால் மேற்கொள்ளப்பட்ட சோதனையில், சட்டவிரோத மதுபானம் 75 லீற்றர் (100 பாட்டில்கள்) உடன் ஒரு சந்தேகநபர் கைது செய்யப்பட்டு கந்தானை பொலிஸ் நிலையத்தில் ஒப்படைக்கப்பட்டுள்ளார்.

கைது செய்யப்பட்ட சந்தேகநபர் 34 வயதுடைய கந்தானை பகுதியைச் சேர்ந்தவர் ஆவார்.

மேலதிக விசாரணைகளை கந்தானை பொலிஸார் மேற்கொண்டு வருகின்றனர்.
-----------------------------

On the morning of 01.06.2026, a team of officers attached to the Central Anti-Corruption Unit, Walana, carried out a raid in the Ganegoda area within the Kandana Police Division. During the operation, they apprehended a suspect in possession of 75 litres (100 bottles) of illicit liquor and subsequently handed him over to the Kandana Police Station.

The suspect is a 34-year-old resident of the Kandana area.

Further inquiries are being conducted by the Kandana Police.

02/06/2026

වයෝවෘද්ධ සහ හුදෙකලා වූ දෙමාපියන්ගේ ආරක්ෂාව සම්බන්ධව දැනුවත් කිරීම
වයෝවෘද්ධ සහ හුදෙකලා වූ වැඩිහිටියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම එතරම් අවධානයක් යොමු නොවුනද අද තිබෙන ඉතාමත් සංවේදී වගේම අත්‍යවශ්‍යම කාර්යයක් බව ශ්‍රී ලංකා පොලිසිය හඳුනාගෙන ඇත. දරුවන් රැකියා වලට යාම, විදේශගත වීම හෝ වෙනත් පළාත්වල පදිංචි වීම නිසා මෙසේ වැඩිහිටියන් අවදානමකට ලක් වන අවස්ථාවන් පසුගිය දිනවල වාර්තා විය.
හුදෙකලාව නිවසක සිටින මොවුන් අපරාධකරුවන්ගේ පහසු ඉලක්කයක් විය හැකි බැවින් ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සැලකිළිමත් වීමට ශ්‍රී ලංකා පොලිසිය අවධානය යොමු කරවනු ලැබේ
විශේෂයෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් මුදල් සහ රන් බඩු කොල්ලකෑම සඳහා මෙවැනි හුදෙකලා නිවාස ඉලක්ක කර ගනු ලැබේ. එහිදී ඔවුන්ගේ අපරාධමය අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ඇතැම් අවස්ථාවන්වලදී ඝාතනයන්ගෙන් අවසන් වන සිදුවීම්ද මෑත කාලීනව ශ්‍රී ලංකා පොලිසිය නිරීක්ෂණය කර ඇත.
එවැනි වයෝවෘධ සහ හුදෙකලා වැඩිහිටියන් සිටින නිවාස පිළිබඳ කටයුතු කිරීමේදී පහත කරුණු සම්බන්ධව අවධානය යොමු කල හැකිය.
• නිවස වටා රාත්‍රී කාලයට හොඳින් ආලෝකය වැටෙන ලෙස සකසා තිබීම.
• ආගන්තුකයන් ලෙස නාන්නාඳුනන පුද්ගලයන් නිවස තුළට යම් කාර්යන් සිදුකිරීම සඳහා කැඳවා නොගැනීම.
• අසල්වැසියන් සමඟ සුහදතාවය වර්ධනය කරගැනීම තුළින් අනෝන්‍යය ආරක්ෂාව සලසා ගැනීම.
• හුදෙකලාව වෙසෙන වැඩිහිටියන් පිළිබඳව ග්‍රාම නිලධාරී මහතා සහ ප්‍රජා පොලිස් කමිටුව දැනුවත් කර තිබීම මඟින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු ගැනීමට කටයුතු කිරීම.
• දෙමාපියන්ට පහසුවෙන් හැසිරවිය හැකි සරල ජංගම දුරකථනයක් භාවිතා කිරීමට ලබා දීම සහ ඒ සඳහා දරුවන්ගේ සහ පොලිසියේ අංක ඇතුළත් කිරීම.
• එසේම හදිසි අවස්ථාවකදී ඇමතීම සඳහා නිවසේ අත්‍යවශ්‍ය අංක ප්‍රදර්ශනය කර තිබීම ( උදා - තම වසමේ පොලිස් ස්ථානයේ අංකය , 119, සුවසැරිය ගිලන්රථය 1990 , ළඟම සිටින අසල්වැසියෙකුගේ සහ පවුලේ වෛද්‍යවරයාගේ අංක විශාල අකුරින් ලියා පහසුවෙන් දර්ශනය වන ස්ථානයක ප්‍රදර්ශනය කිරීම
• වැඩිහිටියන් සහ හුදෙකලා දෙමාපියන් බලාගැනීමට මුදලට ලබාගන්නා බාහිර පුද්ගලයන්, සුරැකුම් මධ්‍යස්ථාන හෝ ගෘහ සේවකයන්ගේ සේවය ලබා ගැනීමේදී ඔවුන්ගේ පසුබිම සම්බන්ධව පරීක්ෂා කර බලා ඔවුන් පදිංචි පොලිස් වසමෙන් පොලිස් වාර්තාවක් ලබා ගැනීමෙන් පසු ඔවුන්ගේ සේවය ලබා ගැනීම.
දෙමාපියන් සහ වැඩිහිටියන් හුදෙකලා කිරීම අවම කර ඔවුන්ගේ ආරක්ෂාව සතුට සම්බන්ධව නිරන්තරයෙන් අවධානයෙන් සැලකිලිමත් වී යම් අපරාධයක් සිදුවීමට ඇති අවස්ථා කල්වේලා ඇතිව හඳුනාගැනීමට බුද්ධිමත් වන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
-------------------------------
தனிமையில் வாழும் முதியோர்கள் மற்றும் வயோதிப பெற்றோர்களின் பாதுகாப்பு தொடர்பான விழிப்புணர்வு.

தனிமையில் வாழும் முதியோர்கள் மற்றும் வயோதிப பெற்றோர்களின் பாதுகாப்பை உறுதிப்படுத்துவது, போதிய கவனம் பெறாதிருந்தாலும், தற்போதைய சூழலில் மிகவும் உணர்வுபூர்வமானதோடு அத்தியாவசியமான பொறுப்பாக இருப்பதாக இலங்கைப் பொலிஸார் சுட்டிக்காட்டுகின்றனர். பிள்ளைகள் தொழில்நிமித்தம் வெளியிடங்களுக்கு அல்லது வெளிநாடுகளுக்கு செல்வது, அல்லது வேறு பகுதிகளில் குடியேறுவது போன்ற காரணங்களால், பல முதியோர்கள் தனிமையில் வாழ வேண்டிய நிலை உருவாகியுள்ளது. இதன் விளைவாக அவர்கள் பல்வேறு ஆபத்துகளுக்கு உள்ளாகும் சம்பவங்கள் அண்மைக் காலங்களில் பதிவாகியுள்ளன.

தனிமையில் வீடுகளில் வசிக்கும் இம்முதியோர்கள் குற்றவாளிகளின் எளிய இலக்குகளாக மாறக்கூடிய நிலையில் இருப்பதால், அவர்களின் பாதுகாப்பை உறுதிப்படுத்துவதற்காக மேற்கொள்ளப்பட வேண்டிய நடவடிக்கைகள் குறித்து பொதுமக்கள் கூடுதல் அவதானம் செலுத்துமாறு இலங்கைப் பொலிஸார் கேட்டுக்கொள்கின்றனர்.

குறிப்பாக, போதைப்பொருளுக்கு அடிமையான சிலர் பணம் மற்றும் தங்க நகைகளை அபகரிக்கும் நோக்கில் இத்தகைய தனிமை வீடுகளை இலக்காகக் கொள்கின்றனர். தங்களது குற்ற நோக்கங்களை நிறைவேற்றுவதற்காக சில சந்தர்ப்பங்களில் கொலைகளில் ஈடுபடும் சம்பவங்களும் அண்மைக் காலங்களில் பதிவாகியுள்ளதை இலங்கைப் பொலிஸார் அவதானித்துள்ளனர்.

தனிமையில் வாழும் முதியோர்கள் மற்றும் வயோதிப பெற்றோர்கள் வசிக்கும் வீடுகள் தொடர்பில் பின்வரும் விடயங்களில் கவனம் செலுத்தப்பட வேண்டும்:

 வீட்டைச் சுற்றியுள்ள பகுதிகளில் இரவு நேரங்களில் போதுமான வெளிச்சம் கிடைக்கும் வகையில் மின்விளக்குகள் பொருத்தப்பட்டிருக்க வேண்டும்.

 அறிமுகமற்ற அல்லது நம்பகத்தன்மை உறுதிப்படுத்தப்படாத நபர்களை எந்தவொரு பணிக்காகவும் வீட்டிற்குள் அனுமதிப்பதைத் தவிர்க்க வேண்டும்.

 அயலவர்களுடன் நல்லுறவை பேணுவதன் மூலம் பரஸ்பர பாதுகாப்பை உறுதிப்படுத்திக் கொள்ள வேண்டும்.

 தனிமையில் வாழும் முதியோர்கள் தொடர்பான தகவல்களை கிராம அலுவலர் மற்றும் சமூகப் பொலிஸ் குழுவினருக்கு அறிவித்து, அவர்களின் பாதுகாப்பை உறுதிப்படுத்த நடவடிக்கை எடுக்க வேண்டும்.

 முதியோர் எளிதில் பயன்படுத்தக்கூடிய கைப்பேசி ஒன்றை வழங்கி, அதில் பிள்ளைகள், உறவினர்கள் மற்றும் பொலிஸாரின் தொலைபேசி இலக்கங்களை பதிவு செய்து வைத்திருக்க வேண்டும்.

 அவசரநேரங்களில் தொடர்புகொள்வதற்காக அத்தியாவசிய தொலைபேசி இலக்கங்களை வீட்டில் தெளிவாகக் காட்சிப்படுத்தி வைத்திருக்க வேண்டும். (உதாரணமாக: பிரதேச பொலிஸ் நிலையத்தின் தொலைபேசி இலக்கம், 119 அவசர சேவை, 1990 சுவசெரிய ஆம்புலன்ஸ் சேவை, அருகிலுள்ள அயலவர் மற்றும் குடும்ப மருத்துவரின் தொலைபேசி இலக்கங்கள் ஆகியவற்றை பெரிய எழுத்துக்களில் எழுதி எளிதில் காணக்கூடிய இடத்தில் காட்சிப்படுத்துதல்.)

 முதியோர் மற்றும் தனிமையில் வாழும் பெற்றோர்களைப் பராமரிப்பதற்காக நியமிக்கப்படும் வெளிப்புற நபர்கள், பராமரிப்பு நிலையங்கள் அல்லது வீட்டு உதவியாளர்களின் சேவைகளைப் பெறும்போது, அவர்களின் பின்னணி தொடர்பாக முறையான விசாரணைகளை மேற்கொண்டு, அவர்கள் வசிக்கும் பிரதேசப் பொலிஸ் நிலையத்திலிருந்து பொலிஸ் அறிக்கையைப் பெற்ற பின்னரே அவர்களின் சேவைகளைப் பெற்றுக்கொள்ள வேண்டும்.

பெற்றோர்களையும் முதியோர்களையும் தனிமைப்படுத்துவதை இயன்றவரை குறைத்து, அவர்களின் பாதுகாப்பு மற்றும் நலன் தொடர்பில் தொடர்ச்சியான அக்கறையுடனும் கவனத்துடனும் செயல்படுவதன் மூலம், ஏற்படக்கூடிய குற்றச் செயல்களை முன்கூட்டியே அடையாளம் கண்டு தடுக்கும் வகையில் விழிப்புணர்வுடன் செயற்படுமாறு இலங்கைப் பொலிஸார் பொதுமக்களிடம் கேட்டுக்கொள்கின்றனர்.
----------------------------

Raising Awareness on the Safety of Elderly and Isolated Parents
The Sri Lanka Police has identified the protection and well-being of elderly individuals and parents living alone as a critical social concern that requires greater public attention. In recent times, incidents have been reported in which elderly and isolated persons have been placed at risk due to their children migrating overseas for employment, settling abroad, or relocating to other parts of the country.
As elderly individuals living alone may become easy targets for criminal activity, the Sri Lanka Police wishes to highlight several precautionary measures that can help ensure their safety and security.
Isolated residences are often targeted by criminals, particularly drug addicts, who seek to steal Money, Jewelry, and other valuables. Recent investigations have revealed that some of these crimes have escalated into acts of violence, including murder.
The Sri Lanka Police therefore advises the public to pay special attention to the following safety measures for elderly and isolated persons:
• Ensure that the house is adequately illuminated during the night.
• Avoid allowing unknown or unverified individuals into the home to carry out work or services.
• Foster strong relationships with neighbors and maintain regular communication to enhance mutual safety and support.
• Inform the relevant Grama Niladhari and Community Policing Committee about elderly individuals who live alone so that their welfare and security can be monitored.
• Provide elderly family members with a simple and user-friendly mobile phone and save important contact numbers, including those of family members and the local police station.
• Display emergency contact numbers prominently in the home using large, clear lettering. These may include the local police station, the Police Emergency Hotline (119), Suwaseriya Ambulance Service (1990), nearby neighbours, and the family doctor.
• When hiring caregivers, domestic assistants, or personnel from care centres to look after elderly or isolated individuals, verify their background carefully and obtain a police clearance report from the police division in which they reside before engaging their services.
The Sri Lanka Police kindly urges the public to reduce the isolation experienced by elderly parents and family members, remain attentive to their safety and well-being, and take proactive measures to identify and prevent potential threats before they occur.

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Police Headquarters
Colombo
100