Teacher Service ගුරු සේවය

Teacher Service ගුරු සේවය

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Teacher Service ගුරු සේවය, Public & Government Service, Colombo.

13/01/2026

ගුරුවරු 80 % ක් විතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට කැමැත්තෙන් හිටියේ .ඒත් ඒක හරිහැටි ගේන්න බලධාරින්ට බැරි වුනා.

05/01/2026

ජනවාරි 5 පාසල් ඇරඹුණේ 2026 පළමු වාරයට මිස 2025 තුන්වන වාරයට නොවන බව කරුණාවෙන් සලකන්න.

15/11/2025

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ iii ශ්‍රේණියට බඳවාගැනීම සඳහා වන සීමිත තරග විභාගය - 2025.

2025 නොවැම්බර් මස 17 දින පෙ.ව. 9.00 සිට 2025 දෙසැම්බර් මස 19 දින පෙ.ව. 9.00 දක්වා අයදුම් කළ හැකිය.

රජයේ ගැසට් නිවේදනය 2025.11.14, 55 පිටුව බලන්න.
https://documents.gov.lk/view/gazettes/2025/11/2025-11-14(I-IIA)S.pdf

නිරවද්‍ය හා විශ්වසනීය තොරතුරු සඳහා අපගේ පිටුව Like කරන්න.

05/11/2025
26/10/2025

🖋️ පැවති ආණ්ඩු යටතේ අධ්‍යාපනයට සම්බන්ධ සෑම සේවාවක්ම අවුලෙන් අවුලට පත්ව තිබුණු බව නොරහසක්.

🖋️ අභියෝග රැසක් මැද වත්මන් ආණ්ඩුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියළු ගැටළුවලට සාධාරණ විසඳුම් සොයමින් ඉන්නවා.

🖋️ වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ අධ්‍යාපන සභාවක් ස්ථාපනය කිරීම පාසල් අධ්‍යාපනයේ නව මංපෙත් විවර කරන්නක්.

🖋️ එවැනි පසුබිමක් තුළයි අධ්‍යාපන සභාව ස්ථාපනයට අදාළ විද්වත් කමිටුව සකස් කළ මූලික වාර්තාව, එම කමිටුවේ සභාපති මහාචාර්ය ඕ.ජී. දයාරත්න මහතා විසින් 2025.10.10 දින අධ්‍යාපන සභාව ස්ථාපනයට අදාල පාර්ලිමේන්තු අනු කාරක සභාවට භාර දුන්නේ.

🖋️ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය මෙන්ම යෝජිත අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාවේ සභාපති මහින්ද ජයසිංහ සහෝදරයාද, සෙසු සාමාජිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම ඇතුලු මන්ත්‍රීවරුන්ද, අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් කිහිප දෙනෙකුද පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මෙම අවස්ථාවට සහභාගි විය. මෙය මෙම පාර්ලිමේන්තු අනු කමිටුවේ තුන්වන රැස්වීමයි.

🖋️ එහි පළමු රැස්වීම පැවැත්වුණේ පසුගිය ජූලි මස 07 වැනිදායි. විද්වත් කමිටුව විසින් ඉතා කෙටි කාලයක් තුළ කමිටු වාර්තාව කඩිනමින් සකස් කර භාර දීමට කටයුතු කිරීමද ඇගයීමට ලක්වුණා.

©️ Teacher Service

Photos from Mahinda Jayasinghe's post 23/10/2025
Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Colombo