09/04/2026
பாடசாலை மாணவர்கள் மத்தியில் மனப்பாங்கு ரீதியான மாற்றத்தை ஏற்படுத்துவதன் ஊடாக, எரிசக்தி பாதுகாப்பு தொடர்பான நடத்தை மாற்றத்தை உருவாக்குவதற்கும், அவர்கள் மூலமாக பெற்றோர்களுக்கு எரிசக்தி பாதுகாப்புச் செய்தியைக் கொண்டு சென்று பொதுமக்களிடையே விழிப்புணர்வை ஏற்படுத்துவதற்கும் இலங்கையை காப்போம் பாடசாலை எரிசக்தி பாதுகாப்புத் திட்டம் திட்டமிடப்பட்டுள்ளது. கல்வி, உயர்கல்வி மற்றும் தொழிற்கல்வி அமைச்சுடன் இணைந்து அனைத்து பாடசாலைகள், அரசாங்கத்தினால் அங்கீகரிக்கப்பட்ட தனியார் பாடசாலைகள் மற்றும் பிரிவெனாக்களை மையமாகக் கொண்டு 2026.04.09 அன்று இத்திட்டம் நடைமுறைப்படுத்தப்படவுள்ளது
09/04/2026
පාසල් සිසුන් තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම මඟින් බලශක්ති සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් චර්යාත්මක වෙනසක් ඇති කර ගැනීමටත්, ඔවුන් හරහා දෙමාපියන් වෙත බලශක්ති සුරක්ෂිතතා පණිවිඩය ගෙන යමින් මහජන පෙළඹවීමක් ඇති කරලීමටත් “සුරකිමු ලංකා” පාසල් බලශක්ති සුරක්ෂිතතා වැඩසටහන අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා ඒකාබද්ධව සියලුම පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් හා පිරිවෙන් මුලික කොට 2026.04.09 දින ක්‍රියාත්මක කිරීමට නියමිතය.
08/04/2026
இலங்கையை காப்போம் எரிசக்தி பாதுகாப்புத் திட்டம் தொடர்பான அனைத்து பாடசாலை அதிபர்கள், பாடசாலை ஆசிரியர்கள் மற்றும் முன்பள்ளி ஆசிரியர்களுக்கான விழிப்புணர்வு நிகழ்ச்சி
திகதி: 2026.04.08
நேரம்: பி.ப. 02.00 மணி
இந்த நிகழ்வு Clean Sri Lanka (க்ளீன் ஸ்ரீலங்கா) உத்தியோகபூர்வ Facebook பக்கம் மற்றும் Youtube தளத்தின் ஊடாக நேரலையாக ஒளிபரப்பப்படும்.
(இதற்கான இணைப்பு (Link) மற்றும் QR குறியீடு ஆகியன இத்துடன் இணைக்கப்பட்டுள்ளன)
எனவே, இந்த நேரலை நிகழ்வில் இணைந்து கொள்ளுமாறு உங்களை அன்புடன் கேட்டுக்கொள்கிறோம்.
Facebook:
https://www.facebook.com/CleanSL2025
Youtube:
https://www.youtube.com/
கிளீன் ஸ்ரீலங்கா செயலகம் 🇱🇰
08/04/2026
"සුරකිමු ලංකා" බලශක්ති සුරක්ශිතතා වැඩසටහන පිළිබද සියලූම පාසල් විදුහල්පතිවරුන්, පාසල් ගුරුවරුන් සහ පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීම
2026.04.08 දින ප.ව. 02.00ට
ක්ලීන් ශ්‍රීලංකා නිල Facebook පිටුව හා YouTube ගිණුම ඔස්සේ සජීවීව සිදුකරනු ලබයි.
(සම්බන්ධ වීමට දිගුව (Link) සහ QR කේතය මෙම ලිපිවල සහ මේ සමග දක්වා ඇත)
එබැවින්, මේ සදහා සජීවීව සම්බන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
Facebook -
https://www.facebook.com/CleanSL2025
Youtube -
https://www.youtube.com/
ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය 🇱🇰
07/04/2026
Mindful consumption starts with simple choices 💡
Let’s take responsibility and use energy wisely.
18/09/2025
“පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් ලෙස හයිඩ්‍රජන් භාවිතය සඳහා ලබාදිය හැකි
සියළුම ආකාරයේ සහයෝගය ලබාදමට රජය සූදානම්“
- බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි
රටේ බලශක්ති අරමුණු ජය ගැනීමේදී නව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මෙන්ම නවීන තාක්ෂණය හා ක්‍රමවේද උපරිම අයුරින් භාවිත කිරීම තම රජයේ ක්‍රියා පිළිවෙත බව අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසා සිටියේ අද (18) දින කොළඹදී පැවැත්වෙන “හයිඩ්‍රජන් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වන පාර්ශවකරුවන්ගේ උපදේශන සමුළුවේ“ (Stakeholder Consultation on Draft Renewable Hydrogen Policy of Sri Lanka) ආරම්භක අවස්ථාව අමතමිනි.
අපේ රටේ ප්‍රනර්ජනනීය බලශක්ති විභවතාව ඉතා ඉහළ වන අතර, එම පුනර්ජනනීය බලශක්තිය විදුලිබල පද්ධතියට ලබා ගැනීමේ ධාරිතාව ඉහළ නංවනු පිණිස වන සම්ප්‍රේෂණ, ගබඩාකරණ පහසුකම් හා යටිතල පහසුකම් දියුණු කිරීම පිණිස අප කැපවීමෙන් ක්‍රියා කරනවා.
විදුලිබල ජනනය සඳහා හයිඩ්‍රජන් භාවිතය අනාගතය සඳහා ඉතාමත් වැදගත්. ඒකේ මූලික පියවරක් තමයි, ඒ පිළිබඳ ප්‍රතිපත්ති කෙටුම්පත සැකසීම. ඒ ප්‍රතිපත්ති කෙටුම්පත සැකසීමේ ක්‍රියාවලියේදී පාර්ශවකරුවන් සමග කෙරෙන මෙම උපදේශන වැඩමුළුව ඉතාම වැදගත් පියවරක්. ඒ වගේම එහිදී, විවිධ රටවල විශේෂඥ සහාය ලබා ගනිමින් විශේෂයෙන් ලොව දියුණු රටවල දිගු කාලයක් පුරා එම ක්ෂේත්‍රයේ ක්‍රියාකාරකම්වල නියැලෙන ලාංකික විද්වතුන් හා අනෙකුත් විදේශීය විශේෂඥ සහාය ලබා ගැනීමට හැකි වීම අපේ ජයග්‍රහණයක්. ඒ වගේම මේ සඳහා විවිධ ආකාරයෙන් දායකත්වය ලබාදෙන අදාළ ආයතන හා විශේෂඥයින්ට ස්තූතිවන්ත වෙන්න කැමතියි යනුවෙන්ද අමාත්‍යවරයා තව දුරටත් ප්‍රකාශ කර සිටියේය.
බලශක්ති අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව සංවිධානය කළ මෙම වැඩමුළුව සඳහා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජ්‍ය නේවාසික නියෝජිත මරීනා ටෙන්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ආනන්ද රාජකරුණා, , ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය ටී.එම්.ඩබ්ලිව්.ජේ. බණ්ඩාර, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති ආචාර්ය තුෂාරා රත්නායක, ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නීල් ද සිල්වා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ, ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා,යන මහත්ම මහත්මීන් ඇතුළු ක්ෂේත්‍රයේ විද්වතුන් රැසක් එක්ව සිටියහ.
29/08/2025
ස්ථාවර විදුලිබල පද්ධතියක් වෙනුවෙන් පියවර රැසක්