Sri Lanka Post

Call Directions Website Contact the organization

Sri Lanka Post Sri Lanka Post is the one and only Government Postal Services Provider in Sri Lanka. We are one of the oldest Government departments in existence today.

Sri Lanka Posts has been in existence for more than 209 years and employs more than 17,000 employees in various positions. We are proud of our history and heritage.

23/09/2026

🚨 අවධානයටයි! ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නමින් එන වංචනික SMS පණිවිඩවලින් ඔබත් රැවටෙන්න එපා!
"රේගු ගාස්තු නොගෙවීම නිසා ඔබේ පාර්සලය ප්‍රමාදයි" ලෙස සඳහන් කරමින් ඔබ වෙත එන එකම ආකාරයේ SMS පණිවිඩයක් ඔබගේ මුළු බැංකු ගිණුමම හිස් කිරීමට සමත් විය හැක!

වර්තමානයේ වංචාකරුවන් මහජනතාවගේ විශ්වාසය දිනාගැනීම සඳහා රාජ්‍ය ආයතනවල නම් සහ ලාංඡන ඉතා සූක්ෂම ලෙස භාවිතා කරමින් මෙම ජාවාරම් සිදු කරයි.
⚠️ මෙම වංචාවෙන් ආරක්ෂා වන්නේ කෙසේද?
🖱️සැකසහිත සබැඳි (Links) ක්ලික් නොකරන්න: එවැනි පණිවිඩවල ඇති ලින්ක් එකක් ක්ලික් කළ සැණින් ඔබව රැගෙන යන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට නොව, ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත් අංක, කල් ඉකුත් වීමේ දිනය සහ CVV අංකය සොරකම් කිරීමට සකස් කළ ව්‍යාජ වෙබ් අඩවියකටය.
💵මුදල් ගෙවීමට පෙර තහවුරු කරගන්න: කිසියම් ගෙවීමක් කිරීමට පෙර, අදාළ ඉල්ලීම තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් සිදු කළ එකක්ද යන්න 1950 ක්ෂණික ඇමතුම් අංශය හරහා තහවුරු කරගන්න.
🧽මකා දමන්න (Delete): මෙවැනි සැකසහිත පණිවිඩයක් ලැබුණු වගෙන් මකා දමා අදාළ බලධාරීන්ට දැනුම් දෙන්න.

ඔබේ මුදල් සහ පෞද්ගලික දත්ත සම්පූර්ණයෙන්ම ආරක්ෂා කර ගැනීමට මෙම වීඩියෝව නරඹා අනෙකුත් අයවත් දැනුවත් කරන්න!

🚨 අවධානයටයි! ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නමින් ලැබෙන වංචනික SMS පණිවිඩ පිළිබඳව සැලකිලිමත් වන්න!   මෑතකදී ශ්‍රී ලංකා...
23/09/2026

🚨 අවධානයටයි! ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නමින් ලැබෙන වංචනික SMS පණිවිඩ පිළිබඳව සැලකිලිමත් වන්න!
මෑතකදී ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ලෙස පෙනී සිටිමින්, රේගු ගාස්තු හෝ තැපැල් ගාස්තු ගෙවන ලෙස දන්වමින් මහජනතාව වෙත විවිධ වංචනික SMS පණිවිඩ ලැබෙන බවට තොරතුරු වාර්තා වී ඇත.
මෙම පණිවිඩවල අඩංගු සැකසහිත සබැඳි (Links) මගින් ඔබගේ පෞද්ගලික සහ බැංකු/මූල්‍ය තොරතුරු සොරකම් කිරීමට ඇතැමුන් උත්සාහ දරයි.

එබැවින් පහත කරුණු පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන්න:
❌ රේගු ගාස්තු හෝ වෙනත් ගෙවීම් සිදු කිරීම සඳහා කිසිවිටෙකත් SMS මගින් සබැඳි (Links) එවනු නොලැබේ.
❌ අපගේ නිල නොවන කිසිදු සබැඳියක් වෙත ගොස් ඔබේ ක්‍රෙඩිට් කාඩ් හෝ බැංකු ගිණුම් තොරතුරු ඇතුළත් නොකරන්න.

✅ කළ යුත්තේ කුමක්ද?
මෙවැනි සැකසහිත පණිවිඩයක් ලැබුණහොත් කිසිදු විටෙක එහි ඇති Link එක ක්ලික් නොකරන්න.
කිසියම් ගෙවීමක් හෝ පාර්සලයක් පිළිබඳව තොරතුරු සත්‍යාපනය කර ගැනීමට අවශ්‍ය නම්, වහාම අපගේ නිල 1950 ක්ෂණික ඇමතුම් අංශය අමතන්න. තැපැල් දෙපාර්තමේන්තුවේ නිල නාලිකා සහ වෙබ් අඩවිය පමණක් විශ්වාස කරන්න.
මහජනතාව මුදල් හා පෞද්ගලික තොරතුරු වංචාවලින් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පණිවිඩය අනෙකුත් අය අතරද බෙදාහදා (Share) ගන්න.

පුදුකුඩුඉරිප්පු නව තැපැල් කාර්යාලය ඉදි කිරීම සඳහා වැඩ ආරම්භ කරයි ! තැපැල් දෙපාර්තමේන්තුවේ නව තැපැල් කාර්යාල ගොඩනැගිලි ඉද...
23/09/2026

පුදුකුඩුඉරිප්පු නව තැපැල් කාර්යාලය
ඉදි කිරීම සඳහා වැඩ ආරම්භ කරයි !

තැපැල් දෙපාර්තමේන්තුවේ
නව තැපැල් කාර්යාල ගොඩනැගිලි
ඉදිකිරීම වෙනුවෙන් වෙන් කර ඇති
ප්‍රතිපාදන මුදලින් රුපියල්
මිලියන 32 ක මුදලක් වෙන් කර
පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ
යෝජිත නව තැපැල් කාර්යාල
ගොඩනැගිල්ල සඳහා
2026 සැප්තැම්බර් මස 18 වන දින
මුල් ගල තබන ලදී.
ඒ ගරු විෂය භාර අමාත්‍ය
වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා ප්‍රමුඛ
ආරාධිතයින් අතිනි.

මෙම ව්‍යාපෘතිය 2027 අප්‍රේල් මස 30 වන දින
අවසන් කිරීමට නියමිත අතර
තැපැල් දෙපාර්තමේන්තුවේ
ගොඩනැගිලි හා ඉඩම් අංශයේ
පූර්ණ අධික්ෂණය මත
ගොඩනැගිලි දෙපාර්තමේන්තුව විසින්
ඉදි කිරීම් කටයුතු සිදු කරනු ඇත.

මාධ්‍ය අංශය,
තැපැල් මූලස්ථානය.

23/09/2026

විශේෂ නිවේදනයි !

23/09/2026

අවවාදයයි ......!

🌍 Sending your letters and parcels around the world is now easier than ever!With End-to-End Tracking, you can send your ...
22/09/2026

🌍 Sending your letters and parcels
around the world is now easier than ever!

With End-to-End Tracking,
you can send your international postal items
safely and with confidence through the
Tracked Delivery Service (TDS) —
now available at your nearest Post Office. 📦✈️📮

Created by - Shivaperumal Selva Sivakumar
( Post Office)

ඔබේ ලිපි හා භාණ්ඩ
ලොව පුරා යවන්න දැන් තවත් පහසුයි! 🌍
End-to-End Tracking පහසුකම සමඟින්,
ආරක්ෂිතව සහ විශ්වාසයෙන්
ලොව පුරා විදේශ තැපැල් භාණ්ඩ යැවීමට,
Tracked Delivery Service (TDS) සේවාව
දැන් ඔබේ ළඟම තැපැල් කාර්යාලයෙන්..

නිර්මාණය - ශිවපෙරුමාල් සෙල්ව සිවකුමාර්
(මස්කෙලිය තැපැල් කාර්යාලය)

🌍 உங்கள் கடிதங்களையும் பொதிகளையும்
உலகம் முழுவதும் அனுப்புவது இப்போது முன்பை விட எளிது!

எண்ட்-டு-எண்ட் டிராக்கிங் (End-to-End Tracking) வசதியுடன்,
உங்கள் சர்வதேச தபால் பொருட்களை
பாதுகாப்பாகவும் நம்பிக்கையுடனும் அனுப்ப,
டிராக்ட் டெலிவரி சர்வீஸ்
(Tracked Delivery Service - TDS) சேவை
இப்போது உங்கள் அருகிலுள்ள தபால் நிலையத்தில்.. 📦✈️📮
தயாரித்தவர் - சிவபெருமாள் செல்வ சிவகுமார் (மஸ்கெலியா அஞ்சல் நிலையம்)




යාපනය දිස්ත්‍රික්කයේ කයිතඩි නව තැපැල් කාර්යාලය ජනතා අයිතියටඒ විෂය භාර ගරු අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමන්ගේ ප්‍...
19/09/2026

යාපනය දිස්ත්‍රික්කයේ
කයිතඩි නව තැපැල් කාර්යාලය
ජනතා අයිතියට
ඒ විෂය භාර ගරු අමාත්‍ය,
වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමන්ගේ
ප්‍රධානත්වයෙනි.

පසුගිය 2025 ඔක්තොම්බර් මස 2 දින
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය
ගරු රාමලිංගම් චන්ද්‍රෙස්කරන් මැතිතුමන්
ඇතුළු ආරාධිතයන්ගේ ප්‍රධානත්වයෙන්
මුල් ගල තබා වැඩ ආරම්භ කල
මෙම තැපැල් කාර්යාලය
මාස 11 ක් ඇතුලත අවසන් කර ඇත.

කයිතඩි ප්‍රදේශයේ පදිංචිව සිට (නැසීගිය) ආරුමුගන් සූරියකුමාර මහතා
තැපැල් කාර්යාලය ඉදිකිරීම සඳහා
මෙම ඉඩම පරිත්‍යාග කිරීමට එකඟ වී එතුමාගේ දයාබර බිරිඳ වන සූරියකුමාර දයාපරි මහත්මිය, සූරියකුමාර රමණන් සහ සූරියකුමාර මයුරන් යන දරුවන් දෙදෙනා විසින් පසුගිය වර්ෂයේදී
පරිත්‍යාග කර ඇත.

ඉදිකල නව ගොඩනැගිල්ල වෙනුවෙන්
තැපැල් දෙපාර්තමේන්තුව
මිලියන 29 මුදලක් වැය කර ඇත.

ආරුමුගන් සූරියකුමාර මහතාට කෘතගුණ සැලකීමක් ලෙස තැපැල් දෙපාර්තමේන්තුවේ, මුද්දර කාර්‍යාංශයේ යාපනය උප කවුළුවෙනි නිකුත් කල පුද්ගලකාරක මුද්දර පත්‍රිකාවක්
සිහිවටනයක් ලෙස ගරු අමාත්‍යතුමන් විසින් එම මහත්මාගේ බිරිඳ සහ බාල පුතු වෙත පිළිගන්වන ලදී.

මෙම අවස්ථාව සඳහා
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී
භවන්තරාජා මැතිතුමා,
ප්‍රදේශයේ දේශපාලන නායකයින්,
රාජ්‍ය නිළධාරින්ද,
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
නීතිඥ ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා,
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
තුසිත හුලංගමුව මහතා,
නියෝජ්‍ය තැපැල්පති (උතුරු පලාත)
කේ. නිවේධිකා මහත්මිය,
තැපැල් අධිකාරි (ගොඩනැගිලි හා ඉඩම්)
චම්පික පෙරේරා මහතා, තැපැල් දෙපාර්තමේන්තු
සිවිල් ඉංජිනේරු ලහිරු ගොඩගේ මහතා,
ප්‍රාදේශීය තැපැල් අධිකාරී (උතුර)
කේ. සෙන්දිල් කුමාර් මහතා ඇතුළු
තැපැල් දෙපාර්තමේන්තුවේ විධායක හා
මාණ්ඩලික නිළධාරින්
කයිතඩි තැපැල් කාර්යාලයේ
කාර්යය මණ්ඩලය
ප්‍රදේශවාසින් ද සහබාගි විය.

මාධ්‍ය අංශය
තැපැල් මූලස්ථානය.

#නලින්දජයතිස්ස #තැපැල්දෙපාර්තමේන්තුව #උතුරුපලාත
#කයිතඩිතැපැල්කාර්යාලය

උතුරු පලාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ මුලතිව් නව තැපැල් කාර්යාලය ජනතා අයිතියට ඒ, විෂය භාර ගරු අමාත්‍ය,වෛද්‍ය නලින්ද ජයතිස්ස...
18/09/2026

උතුරු පලාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ
මුලතිව් නව තැපැල් කාර්යාලය
ජනතා අයිතියට
ඒ, විෂය භාර ගරු අමාත්‍ය,
වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමාගේ
ප්‍රධානත්වයෙනි.

පසුගිය2025 ඔක්තොම්බර් මස 17 වන දින
පාර්ලිමේන්තු මංත්‍රී ජේ. රජීවන් මැතිතුමා ඇතුළු ආරාධිතයන්ගේ ප්‍රධානත්වයෙන්
මුල් ගල තබා වැඩ ආරම්බ කල
මෙම තැපැල් කාර්යාලය
මාස 11 ක් ඇතුලත අවසන් කර ඇත.

ඉදිකල නව ගොඩනැගිල්ල සඳහා
තැපැල් දෙපාර්තමේන්තුව
මිලියන 28.8 මුදලක් වැය කල අතර
පැරණි ගොඩනැගිල්ලට යාබදව
සියළු පහසුකම් වලින් සමන්විතව
මෙම නව ගොඩනැගිල්ල ඉදි කෙරිනි.

මෙම අවස්ථාව සඳහා
වව්නියාව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
සෙල්ලතම්බි තිලකනාදන් මැතිතුමා,
පාර්ලිමේන්තු මන්ත්‍රී
ජෙගතීශන් මැතිතුමා,
පාර්ලිමේන්තු මන්ත්‍රී
තුරේරාසා රවිහරන් මැතිතුමා සහ
ප්‍රදේශයේ දේශපාලන නායකයින්,
දිසාපති තුමන් ඇතුළු
රාජ්‍ය නිළධාරින්ද,
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
නීතිඥ ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා,
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
තුසිත හුලංගමුව මහතා,
නියෝජ්‍ය තැපැල්පති (උතුරු පලාත)
කේ. නිවේධිකා මහත්මිය,
තැපැල් අධිකාරි (ගොඩනැගිලි හා ඉඩම්)
චම්පික පෙරේරා මහතා,
තැපැල් දෙපාර්තමේන්තුවේ සිවිල් ඉංජිනේරු
ලහිරු ගොඩගේ මහතා,
ප්‍රාදේශීය තැපැල් අධිකාරි (වව්නියාව)
අරුල් චෙල්වම් මහතා ඇතුළු
තැපැල් දෙපාර්තමේන්තුවේ විධායක හා
මාණ්ඩලික නිළධාරින්
මුලතිව් තැපැල් කාර්යාලයේ
කාර්යය මණ්ඩලය
ප්‍රදේශවාසින් ද සහබාගි විය.

මාධ්‍ය අංශය
තැපැල් මූලස්ථානය.

තැපැල් දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2 සේවා ගණය සඳහා වූ 1 වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2026 (III ...
07/09/2026

තැපැල් දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2 සේවා ගණය සඳහා වූ 1 වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2026 (III ශ්‍රේණියේ උප තැපැල් ස්ථානාධිපතිවරුන් සඳහා)

උක්ත කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය පැවැත්වීම සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය හා ආදර්ශ අයදුම්පත්‍රය දෙපාර්තමේන්තු නිල සේවා පෝටලයේ පළ කිරීමට කටයුතු කර ඇත.

📌 අයදුම්පත් යොමු කළ හැකි කාලසීමාව:
2026.07.17 සිට 2027.08.14 දක්වා

📌 අදාළ ලිපිගොනු සහ ආදර්ශ අයදුම්පත් සඳහා:
🌐 http://circulars.slpost.lk/

அஞ்சல் திணைக்களத்தின் மேலாண்மை உதவி தொழில்நுட்பமற்ற பிரிவு 2 சேவைப் பிரிவிற்கான 1 ஆம் செயற்திறன் தடைத்தாண்டல் பரீட்சை - 2026 (தரம் III உப அஞ்சல் அதிபர்களுக்காக)

மேற்குறிப்பிட்ட செயற்திறன் தடைத்தாண்டல் பரீட்சையை நடத்துவதற்கான விண்ணப்பக் கோரல் அறிவித்தல் மற்றும் மாதிரி விண்ணப்பப்படிவம் என்பன திணைக்களத்தின் உத்தியோகபூர்வ சேவை இணையத்தளத்தில் பதிவேற்றம் செய்யப்பட்டுள்ளன.

📌 விண்ணப்பிக்கக்கூடிய கால எல்லை:
2026.07.17 முதல் 2027.08.14 வரை

📌 தொடர்புடைய ஆவணங்கள் மற்றும் மாதிரி விண்ணப்பப் படிவத்திற்கு:
🌐 http://circulars.slpost.lk/

1st Efficiency Bar Examination for the Management Assistant Non-Technical Segment 2 Service Category in the Department of Posts - 2026 (For Sub-Postmasters Grade III)

The notice calling for applications and the specimen application form for conducting the above Efficiency Bar Examination have been published on the official departmental service portal.

📌 Application Period:
From 2026.07.17 to 2027.08.14

📌 To access relevant documents and specimen application form:
🌐 http://circulars.slpost.lk/

📢 ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයයි ✉️🚚ප්‍රාථමික ශිල්පීය නිලධර ගණයේ III වන ශ්‍රේණියේ තැපැල් රියදුරු (ස...
23/08/2026

📢 ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයයි ✉️🚚

ප්‍රාථමික ශිල්පීය නිලධර ගණයේ III වන ශ්‍රේණියේ තැපැල් රියදුරු (සීමිත) තනතුර සදහා බඳවා ගැනීමේ ප්‍රායෝගික පරීක්ෂණය - 2025

උක්ත තනතුර සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය සහ ආදර්ශ අයදුම්පත්‍රය තැපැල් දෙපාර්තමේන්තුවේ නිල සේවා පෝටලය වෙත ඇතුළත් කර ඇත.

📌 අයදුම්පත් යොමු කළ හැකි කාලසීමාව:
2026.08.14 සිට 2026.09.18 දක්වා

📌 අදාල ලිපිගොනු සහ ආදර්ශ අයදුම්පත් සඳහා:
🌐http://circulars.slpost.lk/uploads/1786614067_2026.08.13%20SAS.EX.11.50.PL3.REQ.pdf

📢 இலங்கை அஞ்சல் திணைக்களத்தின் விசேட அறிவித்தல் ✉️🚚

ஆரம்ப தொழினுட்ப உத்தியோகத்தர் பிரிவின் தரம் III அஞ்சல் சாரதி (வரம்புக்) பதவிக்கு ஆட்சேர்ப்பு செய்வதற்கான செய்முறைப் பரீட்சை - 2025

மேற்குறிப்பிட்ட பதவிக்கான விண்ணப்பக் கோரல் அறிவித்தல் மற்றும் மாதிரி விண்ணப்பப்படிவம் என்பன அஞ்சல் திணைக்களத்தின் உத்தியோகபூர்வ சேவை இணையத்தளத்தில் பதிவேற்றம் செய்யப்பட்டுள்ளன.

📌 விண்ணப்பிக்கக்கூடிய கால எல்லை:
2026.08.14 முதல் 2026.09.18 வரை

📌 தொடர்புடைய ஆவணங்கள் மற்றும் மாதிரி விண்ணப்பப் படிவத்திற்கு:
🌐http://circulars.slpost.lk/uploads/1786614067_2026.08.13%20SAS.EX.11.50.PL3.REQ.pdf

📢 Special Notice from Sri Lanka Department of Posts ✉️🚚

Practical Test for Recruitment to the Post of Postal Driver (Limited) - Grade III in the Primary Skilled Officer Category - 2025

The calling of applications notice and the specimen application form for the above post have been published on the official service portal of the Department of Posts.

📌 Application Period:
From 2026.08.14 to 2026.09.18

📌 To access the relevant documents and specimen application form:
🌐http://circulars.slpost.lk/uploads/1786614067_2026.08.13%20SAS.EX.11.50.PL3.REQ.pdf

Address

310, D R Wijewardena Mawatha
Colombo
01000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112328301

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Post posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Lanka Post:

Shortcuts

Share