26/05/2026
තැපැල් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය වෙනුවෙන් "අන්තර්ජාල වෙබ් අඩවි සහ ඊමේල් භාවිතය" පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක් අද දින (2026.05.26) මූලස්ථාන තැපැල් කළමනාකරණ අභ්‍යාස විද්‍යාලයේ පවත්වන ලදි 📬💻
ඩිජිටල්කරණය වෙමින් පවතින ලෝකයක රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සහ සයිබර් ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා සංවිධානය කරන ලද "අන්තර්ජාල වෙබ් අඩවි සහ ඊමේල් භාවිතය" පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ පුහුණු වැඩසටහනක් 2026 මැයි 26 වන දින සාර්ථකව පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂාව සඳහා වූ ජාතික මධ්‍යස්ථානය (Sri Lanka CERT|CC) වෙනුවෙන් තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සිය වටිනා සම්පත් දායකත්වය සපයන ලදී.
තැපැල් දෙපාර්තමේන්තුවේ පුහුණු අංශයේ ප්‍රධානි, අධ්යක්ෂ ඒ.ඩබ්ලිව්.එම්. උපතිස්ස විජේකෝන් මහතාගේ මඟපෙන්වීම යටතේ සංවිධානය වූ මෙම පුහුණු වැඩසටහන නවීන තාක්ෂණය ආරක්ෂිතව වැළඳගනිමින්, වඩාත් ගුණාත්මක මහජන සේවාවක් සැපයීමට මෙම පුහුණුව මහඟු අත්වැලක් වනු නොඅනුමානය.
14/05/2026
A Special Inspection Visit to
Certify the International Standards of
Sri Lanka Post
Mr. Nugzar Bregvadze, the Chairman of the Quality of Service Fund (QSF)of the
Universal Postal Union (UPU) and the
Head of International Affairs at
Georgian Post Ltd,
arrived in Sri Lanka for an official visit.
Purpose of the Visit
The primary objective of this visit is to
evaluate the progress of the
modern technical tools integrated into the national postal system under the
QSFLKA2015 project.
As part of this initiative, 1,000 units of the following equipment have been installed in post offices island-wide to facilitate the
digital data entry of
international registered mail:
* Desktop Computers
* Barcode Scanners
* Printers
Progress Review & Inspections
May 14 (Today) A special workshop was
held at the Postal Headquarters to review the project's success.
Following the session,
field inspections were conducted at the
Postal Headquarters and the
Dehiwala Post Office
May 15 (Tomorrow) Further field
evaluations are scheduled to take place to ensure operational efficiency.
A Leap Towards Digitalization
This initiative aims to streamline Sri Lanka Post in alignment with international standards and strengthen global cooperation. It represents a significant milestone in elevating the local postal service to a global level through strategic digitalization.
Key Participants
The event was attended by:
Mr. Ruwan Sathkumara(Postmaster General)
Executive and Staff Officers of the
Department of Posts.
........................... ,,,,, ................................
ශ්‍රී ලංකා තැපැල් සේවාවේ
ජාත්‍යන්තර ප්‍රමිතිය සහතික කිරීමට
Georgian Post Ltd හි ජාත්‍යන්තර කටයුතු ප්‍රධානී
ගරු නුග්සාර් බ්රෙග්වාඩ්සේ (Nugzar Bregvadze) මහතා
විශේෂ නිරීක්ෂණ චාරිකාවක්!
විශ්ව තැපැල් සංගමයේ (Universal Postal Union - UPU)
සේවා ගුණාත්මක අරමුදලේ (QSF) සභාපති සහ
Georgian Post Ltd හි ජාත්‍යන්තර කටයුතු ප්‍රධානී
ගරු නුග්සාර් බ්රෙග්වාඩ්සේ (Nugzar Bregvadze) මහතා
නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය.
මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ
QSFLKA2015 ව්‍යාපෘතිය යටතේ
මෙරට තැපැල් පද්ධතියට එක් වූ
නවීන තාක්ෂණික මෙවලම්වල ප්‍රගතිය
ඇගයීමට ලක් කිරීමයි.
ජාත්‍යන්තර ලියාපදිංචි තැපැල් භාණ්ඩ
දත්ත පද්ධතියට ඇතුළත් කිරීම සඳහා
ඩෙස්ක්ටොප් පරිගණක,
බාර්කෝඩ් ස්කෑනර් සහ ප්‍රින්ටර් 1,000ක්
දිවයින පුරා තැපැල් කාර්යාල වල
ස්ථාපිත කර ඇත.
අද දින (මැයි 14) තැපැල් මූලස්ථානයේදී පැවැත්වූ
විශේෂ වැඩමුළුව මගින්
ව්‍යාපෘතියේ සාර්ථකත්වය
සමාලෝචනය කෙරුණු අතර,
මූලස්ථාන සහ දෙහිවල තැපැල් කාර්යාල
නිරික්ෂණය කෙරුනු අතර
හෙට දින (මැයි 15) තවදුරටත්
ක්ෂේත්‍ර ඇගයීම් සිදු කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා තැපෑල ජාත්‍යන්තර
ප්‍රමිතීන්ට අනුකූලව කාර්යක්ෂම කිරීම සහ
ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම
මෙහි ප්‍රධාන අරමුණ වේ.
මෙම සුවිශේෂී අවස්ථාව
ශ්‍රී ලංකා තැපැල් සේවාව
ඩිජිටල්කරණය ඔස්සේ ගෝලීය මට්ටමට
ඔසවා තැබීමට තැබූ තවත් දැවැන්ත පියවරකි.
මෙම අවස්ථාව සඳහා
පෝස්ට් මාස්ටර් ජනරාල්
රුවන් සත්කුමාර මහතා ඇතුළු
තැපැල් දෙපාර්තමේන්තුවේ
විධායක හා මාණ්ඩලික නිළධාරින් පිරිසක්
එක්ව සිටියහ.
12/05/2026
මාලදිවයිනේ හීදී පැවති
ප්රවීණයන්ගේ මළල ක්‍රීඩා තරගාවලියේදී
පන්නිපිටිය තැපැල් කාර්යාලයේ
සුසන්ත ධම්මික පෙරේරා මහතා
5000m, 1500m සහ 800m රන් පදක්කම්
ජයග්‍රහණය කර ඇත.
එමෙන්ම
100m×4 සහ 400m×4 රිදී පදක්කම්
දිනාගෙන ගැනීමට ඔහු ඇතුළු
ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.
ලක්මව හා තැපැල් මාතාව රනින් සැරසූ ඔහුට
සමස්ථ තැපැල් දෙපාර්තමේන්තුව වෙනුවෙන්
උණුසුම් සුභ පැතුම්.!
07/05/2026
අභිමානවත් ජයග්‍රහණයක්! 🏆
2026 වෙළඳ සේවා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ (Mercantile Open Badminton Tournament) වයස අවුරුදු 40 ට වැඩි පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ රංග දුමින්ද මහතා සමත් විය. 🏸
තැපැල් සේවයට අභිමානයක් එක් කළ ඔබගේ ඉදිරි ක්‍රීඩා කටයුතු සාර්ථක කර ගැනීමට අපගේ උණුසුම් සුබපැතුම්! 🎉👏