IDH / Gothatuwa New Town

IDH / Gothatuwa New Town

Share

Lets Talk about politics issues, Helping Others, Making a good Society in our area and Mother Sri La

29/03/2026

ලංකාවේ ඇති ඉන්ධනහල්වලින් අප ගෙවූ මුදලට සරිලන නියම ඉන්ධන ප්‍රමාණය එහි ඇති ඉන්ධන ‍පොම්පය හරහා අපට ලැබෙනවාද යන්න කාලයක සිට මෙරට බොහෝ දෙනකුගේ සිතේ පැසවන කුකුසකි.

ඉන්ධන ලබාගැනීමට ඉන්ධනහලට ගිය විට ඉන්ධන ‍පොම්පය දෙස අප ඇසිපිය නොබලා බලා සිටින්නේ ඒ නිසාය. ඉන්ධන ලබාගැනීමට මුදල් ගෙවූ පසු ඉන්ධන ‍පොම්පයේ ඉහළ ඩිජිටල් තිරයේ අප ගෙවූ මුදලත් ගෙවූ මුදලට ලබාදිය යුතු ඉන්ධන ප්‍රමාණයත් නිවැරදිව සටහන් වේ.

‍පොම්පකරු ඉන්ධන ‍පොම්පය ක්‍රියාත්මක කළ විට ඉලක්කම් කැරකී අප ගෙවූ වටිනාකමට ලැබිය යුතු ඉන්ධන ප්‍රමාණය අපට ලැබේ. මේ ක්‍රියාවලිය මුල සිට අගට නිරීක්ෂණය කරන අපට සැක සිතිය යුතු තැනක් අල්ලාගත හැකිද? සැබැවින්ම නොහැකිය. එසේ වූවා කියා අප ගෙවූ සම්පූර්ණ මුදලට නියමිත ඉන්ධන ප්‍රමාණය ඔබට ලැබුණා කියා ඔබ සිතනවාද? ‘ඔව්’ කියා ඔබ සිතුවත් නිසැක වශයෙන්ම ඔබ සිටිනා ස්ථාවරය නිවැරදි නොවේ. මන්ද මෙරට ඇති ඉන්ධන ‍පොම්ප බොහෝමයකින් අප ගෙවූ මුදලට නියම ඉන්ධන ප්‍රමාණය අපට ලැබෙන්නේ නැති නිසාය. අප මෙය ස්ථිරවම කියනුයේ මේ පිළිබඳ සොයා බලා කරුණු අධ්‍යයනය කිරීමකින් අනතුරුවය.

වසර තිහකට අධික කාලයක් ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති මේ විධායක ශ්‍රේණියේ නිලධාරියා කියන කතාව අසමු. එවිට මේ කතාවේ ඇත්ත නැත්ත ඔබටම පසක් වනු නොඅනුමානය.

“ඔබේ ප්‍රශ්නයට කෙටියෙන්ම උත්තර දුන්නොත් ඔව්, ලංකාවේ පිරවුම්හල්වල තියෙන බොහෝමයක් ඉන්ධන ‍පොම්පවලින් ඔබ ගෙවන මුදලට ලැබිය යුතු ඉන්ධන ප්‍රමාණය ලැබෙන්නේ නෑ. මං වැඩ කරන ක්ෂේත්‍රය වුණත්, කතාව තිත්ත වුණත් ඇත්ත ඕක තමයි.”

ඔහු කිසිදු පැකිළීමකින් තොරව කතාව පටන්ගත්තේය. ඔහුට බාධා නොකර මම නිහඬ වීමි.

“පෙට්‍රෝලියම් එකේ පෙට්‍රල් ෂෙඩ් තියෙනවා 1200කට ආසන්න සංඛ්‍යාවක්. ඉන් වැඩිම ප්‍රමාණයක් ඉන්ධනහල් තියෙන්නේ බස්නාහිර පළාතේ. ෂෙඩ් 285ක් හෝ 290ක් බස්නාහිර තියෙනවා. මෙරට ඉන්ධන පාරිභෝජනයෙන් සියයට පනහකට ආසන්න ප්‍රමාණයක් භාවිත කරන්නේ බස්නාහිර පළාතේ උදවිය. දැන් පාරිභෝගිකයන් වන අපට තියෙන ප්‍රශ්නය තමයි අපේ වාහනේට දුන්නු මුදලට නියමිත තෙල් ප්‍රමාණය ‍පොම්පෙන් ටැංකියට වැදුණද කියන එක. මේ ගැටලුවට පේන විසඳුමක් නෑ. ගොඩක් අයගේ හිතේ තියෙන්නේ සැකයක්.

මේ ක්ෂේත්‍රයේ ඉන්න නිලධාරියෙක් හැටියට මම දන්නවා සමහර ෂෙඩ්වලින් තෙල් අඩුවෙන් ගහන බව. එතකොට මේකට වගකියන්න ඕන කවුද? මගේ අදහස නම් මේකට ප්‍රධාන වශයෙන්ම වගකියන්න ඕන මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව. කෙටියෙන් කීවොත් කිරුම් මිනුම් එක. ඒ වගේම තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය පරිපාලනය වගේම සංස්ථාව ගත්තු සමහර වැරදි තීරණ.”

වසර තිහකට අධික කාලයක් ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති මේ විධායක ශ්‍රේණියේ නිලධාරියා කියන කතාව අසමු. එවිට මේ කතාවේ ඇත්ත නැත්ත ඔබටම පසක් වනු නොඅනුමානය.

ඉන්ධන ‍පොම්පවලින් කෙරෙන තෙල් ජාවාරමට කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව වගකිවයුත්තේ ඇයි? ඒ ගැටලුව ඔහු නිරාකරණය කළේ මෙසේය.

“ලංකාවට ගේන ඕනෑම ‍පොම්පයක් ඉන්ධනහලක මිනුම් ඒකකයක් ලෙස පාවිච්චි කරන්න අවසර දෙනවා නම් මාදිලි අනුමැතිය ගන්න ඕන. මේ අනුමැතිය දෙන්නේ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව මගින්. කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවේ සීල් එක නැතුව කිසිම ඉන්ධන ‍පොම්පයකින් තෙල් නිකුත් කරන්න බෑ. ඒක නීතියෙන් තහනම්. නමුත් ගොඩක් ‍පොම්පවල කිරුම් මිනුම් සීල් එක නෑ. ඒකට හේතු කීපයක් තියෙනවා.

එකක් තමයි 2002 ඉන්දියන් ඔයිල් සමාගම ලංකාවට ආවට පස්සේ ෂෙඩ්වලට ඕන කරන සියල්ල ඒ අය දුන්නේ නොමි‍ලේ. ඔන්න තරගයක් ඇතිවුණා. අපේ තෙල් සංස්ථාවට මුදල් තිබුණේ නෑ ඉන්දියන් ඔයිල් එකත් එක්ක හැප්පෙන්න. අවසානයේදි සංස්ථාව කළේ අපිත් අපේ ඉන්ධනහල් හිමියන්ට මොනවා හරි කරන්න ඕන කියලා චීනෙන් අඩු මුදලට බාල ‍පොම්ප ගෙන්නලා නොමි‍ලේ ෂෙඩ්වල හයි කළා. ඇත්තටම මේවා සෙල්ලම් බඩු වගේ. මෙන්න මේ ‍පොම්ප එකක්වත් සීල් කරලා නෑ. මොකද මේ ‍පොම්ප එකක්වත් මාදිලි අනුමැතියට දැම්මේ නෑ. තවත් එකක් කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවෙන් සීල් කළත් ඒක සංස්ථාවේ නිලධාරීන් අතින් ගැලවෙන්න පුළුවන්. එහෙම වුණු හැම වෙලාවකම කිරුම් මිනුම් නිලධාරීන් ෂෙඩ්වලට ඇවිත් ‍පොම්ප සීල් කරන්නේ නෑ. මොකද හේතුව නිලධාරීන් ඉන්නේ ටිකයි. වාහන හිඟයි. නමුත් එහෙම කියලා කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවට තමන්ගේ වගකීමෙන් නිදහස් වෙන්න බෑ.”

අප සොයාගත් තොරතුරුවලට අනුව අද වනවිට ඉන්ධනහල්වලද තෙල් ජාවාරම මහා පරිමාණව සිදුවන්නේ තෙල් සංස්ථාවේ නිලධාරීන්ගේ ආශිර්වාදයෙනි. මීට අමතරව එහි සේවයේ නියුතු ‍පොම්ප ක්‍රියාකරවන්නන් ඉන්ධන ලබාගැනීමට පැමිණි පුද්ගලයන්ගේ ඇස වසා කරන සමහර දේ ඇතත් ඒවා සංවිධානාත්මක අයුරින් සිදු නොවන පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන වංචා සහගත ක්‍රියාවන්ය.

“ඔය තෙල් ‍පොම්ප කොටසක් තියෙනවා ප්‍රමාණ ශෝධන ඒකකය කියලා. අපි කියන්නේ ‘කැලිබරේට්’ කරනවා කියලා. මේ කොටසින් තමයි මිනුම් නිවැරදිව සකස් කරන්නේ. ඒක අඩු වැඩි කරන්න පුළුවන්. ඔන්න ඔය කොටස පාවිච්චි කරලා තමයි මේ හොර වැඩේ කරන්නේ. උදාහරණයක් හැටියට ඉන්ධන ලීටර් හතර හමාරක් එළියට යනකොට මීටරේ ඉන්ධන ලීටර් පහක් පෙන්වන්න හදන්න පුළුවන්. මේ කැලිබරේෂන් යුනිට් එක තියෙන්නේ ‍පොම්පෙ ඇතුළේ. මෙන්න මේ කොටසයි සීල් කළ යුත්තේ.

මේක සීල් කරන්නේ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවයි, තෙල් සංස්ථාවටයි. කිරුම් මිනුම් සීල් එක අනිවාර්යයි. මේ සීල් එක නැතුව ඉන්ධන නිකුත් කරන්න බෑ. නමුත් ප්‍රධාන බලධාරීන්ගේ මුද්‍රාව නැතිව තෙල් නිකුත් වෙනවා. ඒක තමයි ඛිෙදවාචකය. මම මුලින් කිව්වා වගේ ගොඩක් ‍පොම්පවල මේ කොටස සීල් කරලා නෑ.

තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය කාර්යාල නවයක් තියෙනවා. ඒවයේ වෙන වෙනම ප්‍රාදේශීය කළමනාකරුවන් ඉන්නවා. ඔවුන් යටතේ තවත් නිලධාරීන් දෙන්නෙක් ඉන්නවා. මේ නිලධාරීන් හැම මාසෙකම මේ ‍පොම්ප චෙක් කරන්න යනවා. ඔය අතරේ ෂෙඩ් අයිතිකාරයින්ගෙන් පැමිණිලි එනවා වැඩිපුර තෙල් යනවා කියලා. ඔන්න එතකොට සංස්ථා අර නිලධාරීන් සීල් කඩලා අර ‘කැලිබරේට්’ යුනිට් එක ඇජෙස් කරනවා. ඔය දේවල් එහෙම සිද්ධ වෙන අතරේ තිරෙන් එහා වෙනත් කතා යනවා.”

සොයා දැනගත් ආකාරයට ඉන්ධනහල් හිමියන් ප්‍රාදේශීය කළමනාකාර හා ඔහු යටතේ සිටිනා නිලධාරීන් සමග සුහද ගනුදෙනුවක් පවත්වාගෙන යමින් ඔවුන් සතුටු කිරීමට උනන්දු වේ. ප්‍රාදේශීය කළමනාකරු අමනාප කරගතහොත් ඉන්ධනහල් අයිතිකරුවාට සිදුවන්නේ මහත් අලාභයකි. ඉන්ධනහලකින් ඉන්ධන අඩුවෙන් නිකුත් කරන්නේ යැයි යම් සැකයක් පාරිභෝගිකයකුට ඇති වුවහොත් එය පරීක්ෂා කිරීමට ඉන්ධනහ‍ලේ සම්මත මිනුම් ඒකකයක් තිබේ.

“ඒක සුදු යකඩෙන් හදපු කෑන් එකක්. ඒකෙන් ලීටර් පහක් මනින්න පුළුවන්. ඒකට කියන්නේ ටෙස්ටින් කෑන් කියලා. උඩට හෝ පහළට දශම දෙකයි පහක් විතරයි වෙනස් වෙන්නෙ. හැබැයි අමාත්‍යාංශයට ලැබි ඇති තොරතුරුවලට අනුව ඉන්ධනහල් බොහොමයක මේ පරාසය -.5 සිට -.1 දක්වා පරාසයක තියෙනවා.”

අපි මුලින් සඳහන් කළ සම්මත ඒකකය සෑම ඉන්ධනහලකම තිබිය යුතු වුවත් බොහෝ තැන්වල එහෙම මිනුම් උපකරණයක් දකින්නට නැත. තිබුණත් ඇත්තේ ව්‍යාජ එකකි. එය පතුලෙන් උඩට ඔසවා ඇත. උඩට ඔසවා ඇති ප්‍රමාණය ඉන්ධන ‍පොම්පයෙන් සමබර කර සකසයි. ඒ නිසා ඔබ එවැනි පරීක්ෂාවකට යන්නේ නම් පතුලෙන් උඩට නොඑසවූ සුදුපාට තද ලෝහයෙන් නිම කළ සම්මත ඒකකය ඉල්ලා සිටින්න.

“ඉස්සර තිබුණේ මේ සුදු යකඩ මිනුම ‍නෙවෙයි රතුපාට සාමාන්‍ය ලෝහයෙන් හදපු එකක්. ඒක පතුලෙන් උඩටම තළනවා. හැබැයි සුදු යකඩ එක තළන්න බෑ. මේ සුදු යකඩ මිනුම් භාජනය සෑම ඉන්ධනහලකම තිබිය යුතුයි. නමුත් ඒක සෑම තැනකම නෑ. ඒක බරපතළ ප්‍රශ්නයක්.”

එයට හේතුව සම්මත ප්‍රමාණයට වඩා දෙගුණයක් අඩුවෙන් යන තත්ත්වයක් අද දකින්න පුළුවන්” මුලින් චීනෙන් ගෙනත් සවි කළ ‍පොම්ප සවි කළේ අවුරුදු පහකට. නමුත් දැන් ඒ වගේ කාලය අවුරුදු පහළොව ඉක්ම ගිහින්. වෙනස් කළත් නැතත් ‍පොම්ම පරණ නිසා මේ ‍පොම්පවලින් තෙල් යන්නේ අඩුවෙන්. ඒක බරපතල ප්‍රශ්නයක්.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ඇති ඉන්ධන ‍පොම්පවලින් විශාල ප්‍රමාණයක් කල්ඉකුත් වූ ඒවාය. මේ ඉන්ධන ‍පොම්ප හරහා පාරිභෝගිකයාට බරපතළ පාඩුවක් සිදුකරන්නේය.

නමුත් අද වන විට ඔවුන් දැන හෝ නොදැන තමන් වෙත නැති නීතියක් ආරෝපණය කරමින් මහා වංචාවක යෙදේ. කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව මගින් සීල් තබන ලද ඉන්ධන ‍පොම්පයක සීල් කඩා ජාවාරමේ යෙදීමට කටයුතු කරන තෙල් සංස්ථා නිලධාරීන්ට එරෙහිව වහා බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.

යම් ඉන්ධන ‍පොම්පයක අලුත්වැඩියාවක් කළයුතු නම් මේ දෙපාර්ශ්වයටම ඊට සහභාගි වී ඒ අලුත්වැඩියාව කළ යුතු තැනට නීතිය සංශෝධනය විය යුතුය. එසේ නොවුණහොත් ජනතාවගේ ඇසට වැලි ගසමින් දූෂිත තෙල් සංස්ථා නිලධාරින් ගෙන යන මේ මහා වංචාවට තිත තැබිම අසීරු වනු ඇත.

31/01/2026

🍿”ලංකාවේ අපිට ඕන තැනක අපි යනවා. අපිට ලයිසන් මොකටද අපි සුද්දො. අපි ආවෙ නැත්නම් උඹලගෙ රටවල් උන් ගිහින් මැදපෙරද්ග වලං කක්කුස්සි හෝදනවා”

සුද්දො එහෙමත් කියනවා ඇති සමහර විට

ඒත් මෙහෙම නම් කියලා තියෙනවා

“ අපි සුද්දො අපිට මොකටද ලයිසං”

ඒ කියලා තියෙන්නෙ අහංගමදි

"🔴අහංගම පොලිසිය විසින් සිදු කරන ලද රථවාහන පරීක්ෂාවකදී, වලංගු රියැදුරු බලපත්‍ර නොමැතිව යතුරුපැදි ධාවනය කළ විදේශිකයන් නව දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තියෙනවා. සංචාරක වීසා මත දිවයිනට පැමිණ සිටින මෙම පිරිස ඊයේ දිනයේදී අහංගම පොලිස් ස්ථානය ඉදිරිපිටදී පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී ඔවුන් මෙරට මාර්ග නීති උල්ලංඝනය කරමින් අනාරක්ෂිත ලෙස රථවාහන ධාවනයේ යෙදී ඇති බව තහවුරු වී ඇත.

මෙරට පවතින රථවාහන පනතට අනුව රියැදුරු බලපත්‍ර රහිතව ධාවනය කිරීමේ වරද යටතේ අදාළ විදේශිකයන් පිරිසට එරෙහිව චෝදනා ගොනු කර ඇත. ඒ අනුව, අදාළ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීම සඳහා අද දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අහංගම පොලිසිය වැඩිදුරටත් වාර්තා කරයි.

කෙසේ වුවත් මේ විශේෂ පරීක්ෂාව සිදු කොට අපේ රට ඇතුලේ
පර/\යන් ලෙස හැසිරුණු පරසුද්දන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කොන්දක් සහ ශක්තියක් තිබුනු අහංගම පොලීසියට ස්තූතියි.

29/01/2026

මත්ද්‍රව්‍ය ටෙස්ට් කරන්න ගත්තා විතරයි. 152, 166, 164, 175, බස්වල රියදුරු / කොන්දොස්තර හිඟයක් ඇතිවෙලා කියන්නේ ඇත්තද?

29/01/2026

29/11/2025

විශේෂ විමර්ශන වාර්තාව: කැලණි ගඟේ 'මහා ජල බෝම්බය' සහ 2025 ගංවතුරේ විද්‍යාත්මක සත්‍යය
වාර්තාව සැකසුවේ: ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සෙනරත් දිසානායක දිනය: 2025 නොවැම්බර් 28 වේලාව: පස්වරු 7.00 තත්ත්වය: රතු නිවේදන (අධි අවදානම්)

හැඳින්වීම
ශ්‍රී ලාංකීය ඉතිහාසයේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වයක් අභියස අපි සිටින්නෙමු. බොහෝ දෙනා මෙය 2016 වසරේ ගංවතුර සමඟ සසඳමින්, "තාම වතුර නෑ" යැයි පවසමින් සැනසී සිටිති. නමුත් මාධ්‍යවේදියෙකු ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත ගැඹුරින් විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ, අප ඉදිරියේ ඇත්තේ 2016 ට වඩා බිහිසුණු ජල විද්‍යාත්මක අනතුරක් බවයි.

මෙම වාර්තාව මගින් 2016 සහ 2025 තත්ත්වයන්ගේ විද්‍යාත්මක වෙනස, ඉදිරි දින කිහිපයේ කාලගුණ අනාවැකිය සහ ගංවතුර බැස යාමට ගතවන කාලය පිළිබඳව සවිස්තරාත්මකව කරුණු ගෙන එන්නෙමි.

1. ඇයි මේ ගංවතුර 2016 ට වඩා භයානක? (විද්‍යාත්මක සත්‍යය)
බොහෝ දෙනාට අමතක වූ, නමුත් විද්‍යාත්මකව තහවුරු වූ කරුණ නම් 2016 සහ 2025 යනු හාත්පසින්ම වෙනස් සිදුවීම් දෙකක් බවයි.

2016 මැයි (පහළ නිම්න ගංවතුර): එදා වැස්ස ලැබුණේ හංවැල්ල සහ කොළඹට පමණය. ගඟේ ඉහළින් (අවිස්සාවේල්ලෙන්) ආ ජල කඳ අඩුය. එදා අවිස්සාවේල්ල මාපකය (Glencourse) සටහන් වූයේ මීටර් 16.70 ක් ලෙස පමණි.

2025 නොවැම්බර් (ඉහළ නිම්න ගංවතුර - වත්මන් තත්ත්වය): මෙවර කිතුල්ගල, දෙරණියගල සහ ලක්ෂපාන යන ඉහළ කඳුකරයට මිලිමීටර් 300-400 ක අති විශාල වර්ෂාවක් ලැබී ඇත.

සාක්ෂිය: අද (28) වන විට අවිස්සාවේල්ල මාපකය මීටර් 17.94 ක් දක්වා ඉහළ ගොස් ඇත.

නිගමනය: මෙය 2016 ට වඩා මීටර් 1.24 ක් (අඩි 4ක් පමණ) උසැති දැවැන්ත ජල කඳකි. මෙම "ජල බෝම්බය" තවමත් කොළඹට ළඟා වී නැත. එය හෙට (29) දින කොළඹට කඩා වදිනු ඇත.

2. කොළඹට කුමක් සිදුවේද? (ඉදිරි පැය 48 සඳහා පුරෝකථනය)
කොළඹ නගලගම් වීදියේ ජල මාපකය මේ මොහොතේ (නොවැ. 28) අඩි 5.30 ක් වැනි අගයක් පෙන්නුම් කළද, හෙට දිනය ඉතා තීරණාතිකය.

ජල මට්ටම ඉහළ යාම: අවිස්සාවේල්ලෙන් එන අතිරික්ත ජල කඳ සහ පසුගිය වසර 10 තුළ කොළොන්නාව අවට සිදුවූ ඉඩම් ගොඩකිරීම් (Land Reclamation) යන සාධක දෙක එකතු වූ විට;

පුරෝකථනය: නගලගම් වීදිය මාපකය අඩි 9.25 සිට අඩි 9.75 දක්වා ඉහළ යාමේ දැඩි අවදානමක් ඇත.

සරලව කිවහොත්: 2016 වසරේ ඔබේ නිවසට ජලය පැමිණි මට්ටමට වඩා, මෙවර අඩි 1 යි අඟල් 6ක් හෝ අඩි 2ක් (1.5ft - 2.0ft) වැඩිපුර ජල මට්ටමක් බලාපොරොත්තු වන්න.

3. සුළි කුණාටුවේ ගමන් මග සහ කාලගුණ අනාවැකිය
දිවයිනට බලපා ඇති කාලගුණ පද්ධතියේ හැසිරීම පිළිබඳ නවතම චන්ද්‍රිකා දත්ත (Satellite Imagery) විශ්ලේෂණය පහත පරිදි වේ:

සුළි කුණාටුවේ ගමන් මග: දිවයින ආශ්‍රිතව පවතින මෙම පීඩන අවපාතය (Depression) ඉදිරි පැය 24 තුළ ක්‍රමයෙන් ශ්‍රී ලංකාවෙන් ඈතට, එනම් උතුරු/වයඹ (North-West) දෙසට ගමන් කරනු ඇතැයි පුරෝකථනය කෙරේ.

වර්ෂාපතනය: කුණාටුව ඈතට ගියද, එහි "වලිගය" (Trailing Bands) මගින් තවදුරටත් නිරිතදිග කලාපයට වැසි ගෙන එනු ඇත. නමුත් හෙට (29) සවස් වන විට වර්ෂාවේ අඩුවීමක් බලාපොරොත්තු විය හැක.

අවදානම: වැස්ස අඩු වුවද, ගංවතුර අඩු නොවේ. මන්ද ඉහළ කඳුකරයෙන් ගලා එන ජලය කොළඹට පැමිණීමට දිනක් පමණ ගතවන බැවිනි. එමනිසා වැස්ස පෑව්වද ජල මට්ටම තවදුරටත් ඉහළ යනු ඇත.

4. ගංවතුර බැස යාම සහ සාමාන්‍ය තත්ත්වයට පත්වීම (Time Forecast)
කැලණි ගඟේ පහළ නිම්නය යනු ඉතා සෙමින් ජලය බැස යන ප්‍රදේශයකි. වත්මන් දත්ත අනුව ගංවතුර බැස යාමේ කාලසටහන (Timeline) පහත පරිදි අනුමාන කළ හැක:

උපරිම මට්ටමට පැමිණීම (Peak): නොවැම්බර් 29 (හෙට) දහවල් හෝ රාත්‍රී කාලයේදී කොළොන්නාව සහ තදාසන්න ප්‍රදේශ උපරිම ජල මට්ටමට ළඟා වනු ඇත.

ස්ථාවරව පැවතීම (Stagnation): නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 යන දිනවල ජල මට්ටම අඩුවීමකින් තොරව ඉහළ අගයකම පවතිනු ඇත (මුහුදේ වඩදිය මට්ටම් සහ ජල පරිමාව වැඩි නිසා).

බැස යාම ආරම්භ වීම (Receding): වර්ෂාව සම්පූර්ණයෙන්ම නතර වුවහොත්, දෙසැම්බර් 02 වන දින සිට ඉතා සෙමින් (දිනකට අඟල් කිහිපය බැගින්) ජලය බැස යාම ආරම්භ වේ.

සාමාන්‍ය තත්ත්වය: ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජලයෙන් නිදහස් වීමට දෙසැම්බර් 06 හෝ 07 දක්වා කල් ගත විය හැක.

5. මාධ්‍යවේදියෙකු ලෙස ජනතාවට කරන අවසන් ආයාචනය
බුද්ධිමත් ජනතාවනි,

විද්‍යාව බොරු නොකියයි. අප සතුව ඇත්තේ 2016 ට වඩා දරුණු ඉලක්කම් ය.

ග්ලෙන්කෝස් මාපකය 2016 පරාජය කර ඇත.

අපේ ජල රැඳවුම් ඉඩම් කොන්ක්‍රීට් වී ඇත.

එබැවින්, "ගිය පාර වතුර ආවේ නෑ" කියන මතකයේ එල්බගෙන නොසිටින්න. නගලගම් වීදිය අඩි 5.00 පෙන්වන මෙම මොහොත, ඔබගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට ලැබෙන අවසන් ස්වර්ණමය පැය කිහිපයයි. අඩි 5 සීමාව පැන්න පසු මාර්ග යට වී ඔබ කොටු වන බව මතක තබා ගන්න.

වහාම ඉවත් වන්න. ආරක්ෂිත ස්ථාන කරා යන්න. දේපලවලට වඩා ජීවිතය වටිනා බව සිතන්න.

🛑 හදිසි ආධාර සහ සම්බන්ධීකරණ විස්තර (Save & Share)
ගංවතුර අවදානම හමුවේ කොටු වී සිටින හෝ ඉවත් වීමට සහය අවශ්‍ය ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වන විශේෂ දුරකථන අංක:

1. ක්ෂණික සහන සහ මෙහෙයුම් මධ්‍යස්ථාන (24 Hours)

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (රට පුරා ඕනෑම තැනක සිට නොමිලේ ඇමතිය හැක)

පොලිස් හදිසි ඇමතුම් අංශය: 119 (ජීවිතාරක්ෂක බෝට්ටු ඉල්ලීම් සහ ආරක්ෂාව සඳහා)

සුව සැරිය ගිලන් රථ සේවය: 1990 (රෝගීන් සහ ආබාධිත පුද්ගලයින් ඉවත් කරගැනීම සඳහා)

2. බෝට්ටු සහ හමුදා සහය (කොළඹ සහ කැලණි ගඟ දෙපස) ඔබේ නිවස වට වී ඇත්නම් හෝ රෝගියෙකු ඉවත් කරගැනීමට බෝට්ටුවක් අවශ්‍ය නම් පහත අංක අමතන්න:

ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් මැදිරිය (Rescue Ops): 011-2445368 / 011-2212230

යුධ හමුදා හදිසි මැදිරිය: 113 / 011-2434251

ගුවන් හමුදා සහන මැදිරිය (Air Rescue): 011-2441044

3. ප්‍රාදේශීය ලේකම් කාර්යාල (සහන මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු සඳහා) ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට කතා කර ළඟම ඇති ආරක්ෂිත මධ්‍යස්ථානය (පන්සල/පාසල) දැනගන්න.

කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය: 0112 547206

කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය: 011-2560321

වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය: 011-2930438

බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය: 0112 400 314

4. දැනට හඳුනාගෙන ඇති ප්‍රධාන ආරක්ෂිත මධ්‍යස්ථාන (Safe Centers): (කරුණාකර යාමට පෙර ඔබේ ග්‍රාම නිලධාරී හරහා තහවුරු කරගන්න)

කොළොන්නාව: ටෙරන්ස් එන් ද සිල්වා මහා විද්‍යාලය / විද්‍යාවර්ධන විද්‍යාලය.

වැල්ලම්පිටිය: සේදවත්ත රජමහා විහාරය.

කැලණිය: විද්‍යාලංකාර පිරිවෙන (සහන කඳවුර).

5. විදුලි බිඳවැටීම් දැනුම් දීමට:

ලංකා විදුලිබල මණ්ඩලය (CEB): 1987

LECO ආයතනය: 1910

⚠️ ඉවත් වීමට පෙර සැලකිලිමත් වන්න!
ඔබ ආරක්ෂිත ස්ථානයකට යනවිට පහත දේවල් අනිවාර්යයෙන්ම ළඟ තබා ගන්න (Emergency Bag):

ලියකියවිලි: ඉඩම් ඔප්පු, උප්පැන්න සහතික, හැඳුනුම්පත් (ප්ලාස්ටික් බෑගයක දමා වතුර නොවදින ලෙස සකසන්න).

ඖෂධ: නිවසේ සිටින රෝගීන්ගේ දිනපතා ගන්නා බෙහෙත් වර්ග (අවම වශයෙන් දින 3කට සරිලන පරිදි).

ආහාර/ජලය: බිස්කට්, වතුර බෝතල් සහ කුඩා දරුවන්ට අවශ්‍ය කිරිපිටි.

විදුලි පහන්: ටෝච්, පවර් බෑන්ක් (Power banks) සහ අමතර බැටරි.

සුරතල් සතුන්: හැකි නම් ඔවුන්වද ආරක්ෂිත ස්ථානයකට ගෙන යන්න, නැතහොත් ගැටගසා දමා නොයන්න (ලිහා දමන්න).

"ජීවිතය රැකගන්න - දේපල පසුව සොයාගත හැක."

මීට, විශ්වාසී, සෙනරත් දිසානායක (වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිල දත්ත ඇසුරිනි)

27/11/2025

අදින් පස්සේ බෙහෙත් දෙන්න පටන් ගන්න.

01). ඔයාගේ ගමේ ඉන්න තනි මි #නිහෙක්, ගමේ වගුරු බිම ගොඩ කරලා/ කුඹුර ගොඩ කරලා building එකක් අටවනවා නම්, අදින් පස්සේ වි #රුද්ධ වෙන්න.

ඒ අ #නුවණ මනුස්සයා රටේ තියෙන තරමක් නීති/ guidelines උල්ලංඝනය කරලා හදපු තනි බිල්ඩිම නිසා තමයි, අද ඔය මුළු ගමේම ගෙවල් ටික වතුරෙන් යටවෙලා තියෙන්නේ. තනි මි #නිහෙක්ගේ පවක් තමයි, ඔයා ඔය ගං වතුරට අහුවෙලා ගෙවන්නේ.

02). ඔයාගේ නගරයේ වතුර බහින ඇල පාරට වාහන වලින් ඇවිල්ලා කුණු මළු අත හරිනවා නම්, ලබන සතියේ ඉඳලා එහෙම අයට බෙහෙත් දෙන්න. ආයේ කවදාවත් ඒක නොකරන්න බෙහෙත් දෙන්න.

මීට අවුරුදු 70කට කලින් ලස්සන පාට පාට මාළු පීනපු ඇල පාරවල් "කුණු ඇලවල්" කරපු නිසා තමයි, අපේ town ඔක්කොම දැන් යට වෙන්නේ.

03). ඔයාගේ ගම අවුරුදු සිය ගණනක් පුරා කන්ද පාමුල තිබුණා, කිසිම හෙ #නයක් නැතිව. කොහේවත් ඉඳලා ආව මුදලාලියෙක් කන්ද මුදුන වි #නාස කරලා හෝටල් තඩියක් අටවනවා නම්, ගමේ මිනිස්සුන් ගේ/ ගමට ආදරේ සංවිධාන වල/ ර #ජයේ ආයතන වල/ නීතියේ පිහිට අරගෙන, ඔය හෝටලය පොළොවට ස #මතලා කරලා දාන්න.

ඉවක් බවක් නැතිව කඳු මුදුනක් මුදුනක් ගානේ අටවන හෝටල් තඩි තමයි, මේ නායයෑම් බහුතරයකට වගකියන්න ඕනා.

04). මහත්වරුනි, අපට මතක නැති වුණාට ගිය අවුරුද්දෙත් මේ විදියටම ගං වතුරක් ආවා. 2023 අවුරුද්දෙත් මේකම වුණා. එකම වෙනස එන්න එන්න ගං වතුරේ විශාලත්වය වැඩි වීම පමණයි.

හැමදාම මේ ගම්මාන යටවෙනවා. අපි හැම අවුරුද්දකම අවසාන මාසේ භාණ්ඩාගාරේ හිස් කරගන්නවා, යටවුණ මනුස්සයන්ට වන්දි/ ආධාර ගෙවලා. මොන විහිළුවක් ද මේ?

මේ පාර අපි බුද්ධිමත් ක්‍රමයකට මේ ප්‍රශ්නය විසඳමු. වගුරුබිම්/ ඇල පාරවල්/ කඳු මුදුන් වි #නාශ කරන සුළු පිරිස හුරතල් නොකර/ එයාලා ගේ සල්ලි කුට්ටි වලට යට නොවී, මේ ප්‍රශ්ණය අපි සදහටම විසඳමු.

නැත්නම් වයසට යනකල් අපට සිද්ධ වෙන්නේ, හම්බ කරන සේසතෙන් 40%ක් බදු විදියට ගෙවලා, ඒ සල්ලි ටික අවුරුද්ද අන්තිමට ආපදා වන්දි විදියට බෙද බෙදා ඉන්න තමයි. ❤️💛

-

17/09/2025

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 9ක ජල කප්පාදුවක්...
විදුලිය කප්පාදුවක් හේතුවෙන් හෙට (18) පෙ.ව. 10.00 සිට ප.ව. 7.00 දක්වා අඹතලේ පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන කොළඹ 1- 15 දක්වා ඇතුළු ප්‍රදේශ රැසක ජල සැපයුම් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

22/07/2025

ලංකාවට ප්‍රධාන වශයෙන් කුඩු ගෙන්නන්නෙ හතර දෙනයි - ඒ හතර දෙනාවම මං දන්නවා - ලගදිම දවසක මං ගේමක් ගහලා උන් හතර දෙනාව නැති කරලා ලංකාවෙ කුඩු නැති කරනවා - හතර දෙනාටම ඕනේ නෑ ඕකෙන් දෙන්නෙක්ට ගැහුවත් ඇති ..

මට කියන්න දේවල් ගොඩක් තියෙනවා , මාව හිරේට දැම්මොත් මම අල්ලපු කූඩුවේ ඉන්න එකාට හරි ඒ දේවල් ටික කියනවා ..

මාකදුරේ මදුෂ් - බැලුම්ගල

( ලින්ක් එක පළමු කොමෙන්ටුවේ )

ඒ ප්‍රකාශය කරල වැඩි දවසක් යන්න කලින් මධුෂ් කොටු වෙනවා - ලංකාවට ගේනවා - දවස් ගනනක් අපරාධ පරීක්ෂන දෙපාර්තුමෙන්තුව භාරයේ පසු වෙනවා -

ඊලගට නඩු කටයුතු සදහා පොලීසියට බාර දෙනවා - බාර ගන්නෙ දේශබන්දු - එච්චරයි - මධුෂ් ඉවරයි - පොලීසිය එක්ක ඉද්දැද්දි බයිසිකල් කරුවෙක් ඇවිත් වෙඩි තියලා යනවා - මදුෂ් ගාව තිබුනු සේරම සාක්ෂි ඒත් එක්කම වැලලෙනවා - ඇත්තෙන්ම කිව්වොත් වලලනවා --

දේශබන්දු කියන්නෙ මාකදුරේ මදුෂ්ට හරක් කටාට වඩා භයානක සංවිධානාත්මක අපරාධ කාරයෙක් -
නියෝජ්‍ය සොලිස්ටාර් ජෙනරාල් -

දේශබන්දු වෙනුවෙන් කොළඹින් නීතිඥයින් පනහක් ---

#ෂර්ලොක් හෝම්ස් තියරි දාලා නිරීක්ෂණය කරොත් විවිද නිගමනයන්ට එන්න පුඵවන් කතන්දර ගොඩක් ----- මේ මහාචාර්ය මොරියාටි ද , නැත්නම් කර්නල් සෙබස්තියන්ද 🤗🤗🤗🤗

-උපුටා ගැනීමකි-

Photos from IDH / Gothatuwa New Town's post 22/07/2025

දැනුවත් වන්න...!

වෙළෙඳ ආයතන විසින් බොහෝ විට පාරිභෝගිකයා වෙත පටවන වෙළඳ ගාස්තු පාරිභෝගිකයා විසින් නොදැරිය යුතු බව මහ බැංකුව අවධාරණය කළා.

බැංකු සහ වෙළෙන්දන් අතර අත්සන් කර ඇති ගිවිසුම් අනුව, ගාස්තුව වෙළෙන්දා විසින්ම දැරිය යුතුයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති යෙව්ට් ප්‍රනාන්දු පැවසුවේ, මිලදී ගැනීමේ පිරිවැයට එකතු වන වෙළෙඳ ගාස්තුව දැරිය යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ වෙළෙන්දන් දැනුවත් කර බැංකු පවා දැනුවත් කර ඇති බවයි.

මෙම පිළිවෙත ඉතා දිගු කලක් තිස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබුණ ද ගැටලුව විසඳීමට කිසිවකු කිසිවක් කර නැත.

මහ බැංකුව විසින් පවත්වනු ලබන බව කියන අඛණ්ඩ දැනුවත් කිරීම් පවා වෙළඳුන් සහ බැංකු විසින් අනුගමනය කර නොමැති බව පෙනී ගොස් තිබෙනවා.

“එය වෙළෙන්දා විසින් දැරිය යුතු වෙළඳ ගාස්තුවකි. නමුත් සිදු වන්නේ සමහර විට ඔවුන් එය පාරිභෝගිකයා වෙත ලබා දීමයි. අපි ඒ ගැන දිගින් දිගටම වෙළෙඳුන්ව දැනුවත් කරලා බැංකුවලටත් දැනුම් දීලා තියෙනවා. එමෙන්ම VISA සහ Mastercard කාඩ්පත් සපයන්නන් ද මෙම දැනුවත් කිරීම සිදු කරනවා” මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති යෙව්ට් ප්‍රනාන්දු පැවසුවා.

“මෙම වෙළඳ ගාස්තුව වෙළෙන්දන් විසින් දරනු ලබන බවට අත්සන් කර ඇති ගිවිසුමක් ඇති බැවින් එය පාරිභෝගිකයා විසින් දරනු නොලබන බව පාරිභෝගිකයන් දැනුවත් වීම හොඳයි”, වෙළඳුන් ඔවුන්ගේ ගාස්තුව කාඩ්පත් හිමියාට ලබා දීමට උත්සාහ කරන විට කාඩ්පත් භාවිත කරන්නන්ට වැදගත් වියහැකි තීරණාත්මක තොරතුරු ද ඇය එකතු කළා.

කෙනෙකුගේ ක්‍රෙඩිට් කාඩ්පත හරහා කරන ලද මිලදී ගැනීමේ මිලෙන් සියයට 3.5ක් දක්වා අමතර ගාස්තු දැරීමට සිදුවීම, වසර දෙකකට වැඩි කාලයක් පැවති බහුවිධ ඉහළ බදු සහ වාර්තාගත ඉහළ උද්ධමනය හේතුවෙන් දැනටමත් බැට කෑ පාරිභෝගිකයන් සඳහා අතිරේක බද්දකට සමාන වෙනවා.

වෙළඳ ගාස්තුව ගැනුම්කරුට ලබා දීමේ පුරුද්ද නිසා මිනිසුන් මිලදී ගැනීම් කිරීමට කාඩ්පත් භාවිත කිරීමෙන් වැළකී සිටින බවත්, දැඩි මුදල් භාවිතයෙන් සමාජය ඈත් කිරීමටත්, කාඩ්පත් සහ ඩිජිටල් පාදක ගෙවීම් වැඩි කිරීමට නිලධාරීන්ට අපහසු වන බවත් ඇතැමුන් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාව තුළ තවමත් ක්‍රෙඩිට් කාඩ්පත් මිලියන 2කට වඩා අඩු ප්‍රමාණයක් ක්‍රියාත්මක වන අතර, පසුගිය වසර තුළ කාඩ්පතක් භාවිත කළ බොහෝ ඉහළ පෙළේ රැකියාවල නිරත වුවන් තොග පිටින් සංක්‍රමණය වූ අතර බැංකු විසින් ණය ප්‍රමිතීන් දැඩි කරමින් පහත වැටීම අවම කර ගැනීමට කටයුතු කරමින් සිටියි.

-උපුටා ගැනීමකි-

11/06/2025
17/05/2025

2015 සිට 2025 දක්වා නිශ්පාදිත වර්ශ වල ඇක්වා කාර්වල ජපානයේ මිල ලක්ශ රු.ලක්ශ 8 සිට 50 අතර වෙනවා..2025අලුත්ම හොදම ග්‍රේඩ් එක තමයි ලක්ශ 50ක් වෙන්නෙ..ජපානෙන් ලක්ශ 20-25කට ගේන ඇක්වා කාරෙකක් ලංකාවේ ලක්ශ 120 ක් 130ක් වෙන එක ජපානෙටත් අවුල් වෙන එක අහන්නත් දෙයක්ද..අමුද්‍රව්‍යදාලා තාක්ශනය දාල ශ්‍රමය යොදල නිශ්පාදනය කරල ලාබත් තියාගෙන ඒ ගානට විකුනනකොට කොහෙවත් ඉන්න උන් ඒවගේ පස් හය ගුනයකට විකුනල ලොකු බද්දක් ලොකු ලාබයක් ගනිද්දි ජපානෙට ඔහොම හිතෙන එක සාධාරනයි.

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Gothatuwa New Town
Colombo
10620