NoraHunter

NoraHunter

Share

story, novel ,short story and poems

21/10/2025

කතාව පහුගිය කාලේ දෙන්න බැරි වුණේ ප්‍රශ්න ගොඩක් තිබුණ නිසා එකට සමාවෙන්න... මොකද මගේ පොඩි පුතාගේ ස්කුල් එකේ යකඩ දෝරට අහුවෙලා ඔපරේෂන් කරන්න වුණා.. ඉතින් මට කතාව ලියන්න මනිසිකත්වයක් තිබුණේ නැහැ... තව පොඩ්ඩක් ලියන්න තියනවා සෙනසුරාදා වෙනකොට කතාව දෙනවා... ඇත්තටම සමාවෙන්න කතාව පරක්කු වුනාට...

12/08/2025

පැතු නොපැතූ ප්‍රේමය

83 වන කොටස (අවසානේට පෙර කොටස)

මුලින්ම කතාව දෙන්න පරක්කු වුණාට සමාවෙන්න...

ඔන්න කතාව දුන්නා . කියවන ඔයාලා පේජ් ඒකට like follow කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් කියන්න යාලුවනේ මම බලාගෙන ඉන්නවා.

____________X_Norahunter87D_________

ජෙරමිවත් අරගෙන හොටෙල් එකෙන් පිටත් වි ඔවුන් පැමිණියේ ඔවුන්ගේ සුපුරුදු ස්ථානයටය… කිසිවෙකුට සැක නොහිතන ලෙස මෙහි පැමිණියද ඔවුන් නොදැනුවත්ව යමක් සිදුවෙමින් තිබුණි.. කාමරයකට දමා දෝර වසා දෙමිතුරන් ඊළග පියවරට පිඹුරුපත් සකස් කරන්න ව්ය..

දෝර වසා දමා ටික වෙලාවකින් දෑස් විවර කළ තරුණයා… සිනාසුණේ තමාටමය.. තමාගේ රගපැමේ දක්ෂතාවයටය. Oh god my little girl මම හිතුවේ නැහැ ඔයා ඔච්චර මොඩයි කියලා.. මාව එච්චර ලේසියෙන් රවට්ටන්න… මම තමුන්ට ඇත්තටම ආදරය කළා ඒ තමුන් ගැන දැනගෙනම තමයි… මම හිතුවේ නැහැ මෙච්චර ඉක්මනට මට තමුන්ලව ඉවරයක් කරන්න පුළුවන් වෙයි කියලා.. තව ටික වෙලාවක් සතුටු වෙන්න Mr SA .. හා..හා..හා…. කරේ තිබුණු මාලයේ ලෝකට් එක විවාවර කළ ජෙරම් කෙටි පණිවිඩයක් සටහන් කරනු ලැබුවේ තම සගයන්ටය…

✉️ “"Be ready to attack at two in the morning... and know what to do. There can be no mistake.”

____________X_Norahunter87D_________

“කෙවින් අයියේ ඔයාට හිතෙන්නේ නැද්ද මෙතන මොකක් හරි අවුලක් තියනවා කියලා…”

“ඇයි චූටි එහෙම කියන්නේ….”

“මට තේරෙන්නේ නැහැ මගේ හිතට හරි නැහැ…. , ජෙරමිගේ ගාඩ්ලා ඔක්කොම හොටෙල් එකෙන් ගියා කලබලෙන්… “

“ඒ කියන්නේ අපි වුව ඇන්ඳුවා කියලා හිතුවට ඌ අපිව ඇන්ඳලද එතකොට…”

කතාව අහගෙන හිටපු ශෙහාන් කතාවට අවතීර්ණ වුණේ සමච්චලයට හිනා වෙනගමන්… ක්ෂණිකව දෙයක් මතක් වුන කෙවින්

“ඔව් යා/කෝ ඌ අපිව රවට්ටලා…. වරෙන් යන්න CCTV චෙක් කරන්න… ඉක්මන් කරපන්… “

වේගෙන් යන අතරම කෙවින්ට මතක් වුනේ ඉඳිරි පියවර ගැන කිසිවක් ඔවුන් දන්නේ නැහැනෙ කියලා… ඔ ෂිට්…

“කෙවින් ඒ පාර මොකද හු # නැවතිලා කල්පනා කරන්නේ…”

“චූටි ලොක්කව කන්ටැක් කරන්න … Hurry up... we have no time to waste… hurry up chuti…”

“හරි අයියේ…”

“තව දෙයක්… ලොක්කට කතා කරලා… අර්යන්ට කියන්න …”

“කෙවින් අයියේ…”

*අපි දන්නවා ඔයයි ඌ/ට ඔත්තු දෙන්නේ කියලා… මේ වෙලාවේ අපිට හැමෝගෙම උදව් ඕනේ නංගා..”

එයට හිස වැනු යුවතිය… දුරකතනය රැගෙන පිටව ගියේය… CCTV චෙක් කරන විට දේහධාරී මිතුරන් දෙදෙනා අසල තිබූ පුටුවට කඩා වැටුණේ අන්තයටම බිඳ වැටී… කොපමණ ශක්ති සම්පන්න වූනත් දැන් ඔවුන් අන්තයටම අසරණ වෙලා කියලා දැනෙන්නේ… බයට දුකට අසරණකමට කේන්තියට ඇස් අගට කදුළු ඉනුවේ නොසිතමය…

“ශෙහාන්… ය/කෝ.. අ..පි .. අපි මොකද කරන්නේ… මට පිස්සු වගේ… මුකුත් හිතා ගන්න බෑ මුකුත්….”

“ම….ට… තේරෙන්නේ…. නෑ…”

කතා කිරීමට නොහැකි තරමට අද ඒ හඬවල් පැටලේ…

“ඒ .. අඩේ… ගුණාට කතා කරලා බලමු…”

“හෙලෝ කියන්න ශෙහාන් බොස්…”

“උබත් එක්කද SA ඉන්නේ… “

“ආ… මේ… නෑ… මාත් එක්ක නෙමේ…”

“මේ අහපන් ..ඇත්ත කියපන්… මොකද මේක වැදගත් වැඩක් ඉක්මන් කරලා කියපන්..”

“ම..මම දන්නේ…. නෑ…”

“හරි මම දන්නවා උබත් එක්ක ඉන්නේ කියලා.. උබ නොකියා හිටියටමේක හොදට අහගෙන බොස්ට කියපන් දැන් ගෙනපු ජෙරම් කියන මිනිහා කරන්නේ බොරුවක් කියලා.. ඌ අපිව කොටු කරන්න හදන්නේ….”

“මොකක්… ඒත් … ඒත් ඒක කොහොමද වෙන්නේ… ඌ සිහිය නැතුවනේ ආවේ..”

“SA ට කියපන් එක.. ඉක්මන් කරපන් අපිට කාලේ නෑ..”

____________X_Norahunter87D_________

Migasthenna Group of company ප්‍රධාන කාර්යාලය.. 3.45pm

තම ප්‍රධානියාගේ හදිස්සි පැමිණීම පිළිබඳව සියල්ලටම ඇති වූයේ පුදුමයකි…

“Good afternoon sir ..”

“හ්ම්…”

වෙනදාට සිනහවෙන් සුබ පැතුම් එක් කරන තම ප්‍රධානියාගේ වෙනස සියලු දෙනාවම වීමතියට පත් කළේය… සිදුවී ඇති දේ විපරම් කිරීම් කර තොරතුරක් ලබා ගන්නා පිළිගැනීමේ නිලධාරිනිය අසලට පැමිණියේ මාන්නාක්කාරයාගේ පෞදගලික ලේකම්වරියයි..

“මොකෝ බන් අද ලොක්කා අවුලෙන් වගේ හදිසියේම ආවේ…”

“ අනේ මන්දා මල්ෂි …. “

“හ්ම්…”

ඒ කියන්නේ මගේ ගින්න සුපිරියටම පත්තු වෙලා ඇති… ගිහිල්ලා බලලා තව පොහොර ටිකක් දාන්න ඕනේ අර උරචක්කරමාලවට විරුද්ධව… එතකොට මගේ වැඩේ හරි… හිතාගෙන ඇති ශාකයගේ ඇගේ එල්ලෙන්න… ඒවා කොහෙද මාත් එක්ක… කවදා හරි මේ හැමදේකම අයිතිකාරි වෙන්නේ මම.. තමාටම මුමුනාගත් යුවතිය ප්‍රධානියාගේ කාර්යාලයට ඇතුල් වුණේ ලද අවසරයෙනි…

“ඔව් මල්ශි කියන්න…”

“Good afternoon sir..”

“හ්ම්… ආපු කාරණය කියන්න ඉක්මනට…”

“සර් ශාකය සර් ඔෆිස් ආවේ නෑ මේ ටිකෙම වැඩ ගොඩ ගැහිලා තියනවා…”

“ හ්ම්ම්.. හරි එහෙනම් ඒ ටික අරගෙන එන්න මම බලන්නම්…”

“සර් තව දෙයක්… “

පරිගණකයට අවධානය යොමුකර සිටි මේඝගේ වීමසුම්කාරි දෙනෙත් පරිගණකයෙන් ඉවත් කර යුවතිය දෙසට යොමුකළේ ඇය කුමක්ද කියන්න හදන්නේ කියලා දැන ගන්න..

“කියන්න…”

“සර් මම මෙහෙම කියන එක හරිද දන්නේ නෑ….. ඒත්… මේවා නොකියත් බෑ.. මගේ ගැන වැරදියට හිතන්න එපා සර්.. මම මෙහෙම කිව්වා කියලා…”

“මේ… කරුණාකරලා කියන්න තියන දෙයක් ඉක්මනට කියලා යනවා.. මට වැඩ තියනවා…”

“සොරි සර්… පහුගිය දවස් වල කෙල්ලෙක් ආවා ශාකය සර්ගෙ කරේමයි අහින්සකයි වගේ පෙන්නුවට ළමයි ඉන්න අම්මා කෙනෙක්… “

“මොකක් ළමයි ඉන්න අම්මා කෙනෙක්..
මොනාද තමුන් මේ කියවන්නේ….”

“මම ඇත්ත කියන්නේ බොරුනම් ඔෆිස් එකේ අයගෙන් අහන්න සර්…”

“හරි මම ඒ ගැන බළගන්නම් තමුන් යන්න..”

එතකොට ඒ ළමයි කාගෙද… මොකද්ද මෙතන වෙන්නේ… ඉක්මනටම මේ ගැන හොයන්න වෙනවා… මේ දෙන්නගේ සම්බන්ධය මොකද්ද … CCTV වල විදිහට මේ දෙන්නාගේ සම්බන්ධය ගොඩක් කිට්ටු එකක් වගේ.. ඒත් ඒක එහෙම වෙන්නේ කොහොමද.. එතකොට මම අවුරුදු ද දෙක තුනකට කලින් දැක්කේ සුදු මැණකවද.. ශික් එදා මම ගත්ත ෆොටෝ වල හිටපු කෙල්ලගේ මුහුණ පැහැදිලි නැහැනේ… ඒ කියන්නේ මගේ සැකේ හරි. එත්… ඒකොට ළමයි….

____________X_Norahunter87D_________

මහවෙල මැදුර

“ අනේ අනු සුදු මැණිකේගේ ෆෝන් එක වැඩ කරන්නේ නැ…. අනේ මන්දා මගේ හිතට හරි නැ …. අනේ අර ළමයාට හරි අරගෙන බලන්නකො….”

“හ්ම්…. ඉන්න …”

ශාක්‍යට කොපමණ ඇමතුම් ලබාගත්තද ඔහුගේද දුරකථනය ක්‍රියා විරහිත කර ඇත.. මොකද්ද මෙතන වෙන්නේ ළමයිට කරදරයක්වත්ද… වේලාවට ඩගිවත් පොලිස්සියෙන් ඇලුවානේ… ශික්…..

“අනු ඒ පාර මොකද … ඒ ළමයා කතා කරන්නෙත් නැද්ද…”

“හ්ම් ෆෝන් ඔෆ් … සමහරවිට වැඩ ඇති… බොරුවට කලබල නොවී ඉන්න තේජි…”

“ඒත්…”

“මම සැරයක් කිව්වා … ඇති….එයාලා පොඩි ළමයි නෙමේනෙ…”

“යසයි.. යසයි … ඔය කරගෙන තියෙන්නේ… මම කිව්වා ඔය නල්ල මලේ දෝණියැන්දා ගැන අර අහිංසක කොල්ලගේ ඇගේ එල්ලෙන්න ඇති… කොහෙද උබටත් මේ අම්මට වඩා පිටින් ආපු ගැණි ලොකු වුණානේ..

මොවුන්ගේ කතාවට බාධා කරමින් ඔසරි පොටද භාදමින් එතනට ආවේ අනුරුද්ධගේ මවයි… කේන්තියෙන් වගේම තමා අසීමිතව ආදරය කරන එකම දියණිය ගැන හිත ඇතුලේ තියන බය තම මවගේ වචන හමුවේ කිසි දිනක නොවූ ලෙස ආවේගශීලී විය…

“නවත්තගන්න. .. හොදටම ඇති…”

ඒ ආවේගශීලී ගිගුරුම තේජෙෂ්වරි පමණක් නොව ලොකු මැණිකේද තිගස්වීමට සමත් විය..

“මම අවුරුදු ගානක් ඉවසුවා… උපරිම ඉවසුවා… අම්මා කොච්චර වැරදි වුණත් මම අම්මගේ පැත්ත ගත්තා… ඔව් මට එහෙම නොකර ඉන්න තිබ්බා… එතන මේ ගෑණි නැතුව වෙන කෙනෙක් හිටියානම … මම හරි වැරැද්ද අම්මට පෙන්වන්න හදන හැමවෙලාවෙම කිව්වේ ඒ ඔයාගේ අම්මනේ… එයාගේ හිත රිද්දන්න එපා… අම්මා ඔයාට ගොඩක් ආදරෙයි එක නිසා අම්මට කෑගහන්න එපා… කියලා හැමදාම මාව නවත්තනවා.. “

*අනේ මයේ පුතේ…”

“ශ්… ශ් අම්මා ඔය අපහාස කරන්නේ මගේ දරුවට…. මෙච්චර කාලයක් මම ඉවසුවා තවත් බෑ… ඒ මගේ හුස්ම එක නිසා තව එපා… තව කියවලා මගේ ඉවසීම පරීක්ෂා කරන්න එපා අපේ අම්මා…”

“අනේ අනු කලබල වෙන්න එපා….ප්ලීස්”

“හ්ම්…”

____________X_Norahunter87D_________

කොපමණ දුරකථන ඇමතුම් ලබාගත්තත් වැඩක් නැහැ ඔහුගේ දුරකථනය ක්‍රියා විරහිත කරලා… හිතට දැනෙන පාළුව කොච්චරක්ද කියලා වචනයෙන් කියන්න තේරෙන්නේ නැ.. ඒ පාලුවටත් වඩා හිත ඇතුල රිදෙනවා වගේ ෆෝන් එක ඔෆ් වෙලා නිසා හිතට දැනෙන බය එන්න එන්නම වැඩියි … ළමයි දෙන්නටත් කෑම කවලා පිහිදාලා දාපු ගමන් දෙන්නම හොදටම නිදි..

ලමයිගේ වටේට කොට්ට තියලා බැල්කනියට ගියේ කරන්නත් දෙයක් නැති නිසා.. බැල්කනියට ගිය සියූමැලියගේ දෑස් විශාල වුණේ දැකපු දෙයින්.. දෙයියනේ කවුද එයාලා කළුම කළුපාට ඇදුම් ගතලගෙන ඉන්න පිරිස දෙස බලා කල්පනා කලේ බයෙන්.. ඇත්තටම මොනාද ගේ වටේ ඉඳන් කරන්නේ…දැන්නම් මට බයයි පපුව ගැහෙන වේගය එන්න එන්නම වැඩිවෙනවා. ගිහිල්ලාම බලන්න ඔනේ. මේතන මොනාද වෙන්නේ කියලා..

“ඔයාලා කවුද … මොනාද මෙතන කරන්නේ…?”

“මැඩම් බාබාලා එක්ක යන්න එන්න ඕනේ…”

“මො…කක් මො…මෝනාද ඔයාලා කියන්නේ … මට බැහැ…. මම එන්නේ නැහැ…

“සෝරි මැඩම් අපිට මැඩම්ගේ කැමැත්ත අකමැත්ත මේ වෙලාවේ බලන්න බැහැ .. ඒ නිසා අපිත් එක්ක යන්න එන්න වෙනවා…”

සියුමැලියගේ අකමැත්තෙන් ඇගේ විලාප මැද වුවද ඇයවත් දරු දෙදෙනාත් පැමිණ තිබූ කළු පාට වෑන් රියට නන්වාගත් පිරිස ඔවුන් රැගෙන පිටව ගියේ විදුලි වේගයෙන්… එක වගේම වෑන් පහක් එකටම පිටත් වන නිසාම සියුමැලිය හා දරු දෙදෙනා සිටින වාහනය පිටතින් සිටින කිසිවෙකුට හඳුනාගත නොහැකියි..

“අනේ අපිට යන්න දෙන්න… මගේ මහත්තයා දැනගත්තොත් ඔයාලව විනාශ කරලා දායි “

කළු ඇදගෙන සිටි එක් අයෙක් මුහුණු අවරනය හා හිස් වැසුම ඉවත් කළේ
සියුමැලියව පුදුමයට මෙන්ම බියට පත් කරමින්ය.. බය වේදිකමට A/C වාහනය ඇතුලේ දාඩිය දාන්න ගත්තා…

“අනේ… මට සමා…”

එහි සිටි පුද්ගලයා අතින් සංඥා කළේ නිහඩ වන ලෙසය… එම පුද්ගලයාගේ මුහුණ දීමට තියා ඒ මුණ බැලීමටද නොහැකිය… කේන්තියෙන් ඇස් දෙක රතු වෙලා.. නහර ඉලිප්පිලා.. ඒ නිසාම ඇය නිහඩ විය..

එකපාරටම වාහන ටික ආවේ චොපර් එකක් නවත්තලා තියන තැනකට..

පැය කීපයකින් ගමනාන්තය නිමා වුණේ දැඩි ආරක්ෂාවක් තිබෙන තැනකය.. ආරක්ෂකයින් සියකින් පමණ ආරක්ෂාව තර කරතිබු විශාල මාළිගාවක් බදු නිවසක් අසලය.. රථයෙන් බැසගත් මුහුණු අවාරණය ඉවත් කළ පුද්ගලයා සියූමැලියට රථයෙන් බෙදාගන්න ඉඩ සලසා දුන්නේ ඇයගේ මුහුණ දෙසවත් නොබලය..

රථයෙන් බහිනවත් එක්කම එතනට පැමිණියේ ,නිල් පාට බතික් සරමකට සුදු අත් කොට ශර්ට් එකක් ඇදපු තම පියාගේ වයසේම වගේ උස මහත දේහධාරී පුද්ගලයෙකි… සිනා මුසු මුවින් පැමිණි පුද්ගලයා මා අසල නැවතී මගේ දිහා බලාගෙන හිටියා… මට හොදට දැකලා පුරුදු මුහුණක්… දෙයියනේ මේ මොකද මේ වෙන්නේ… ඇයි මාව මෙහාට ගෙනාවේ… මොනාද මේ වෙන්නේ….

“කොහොමද දුව…”

පිළිතුරක් දීමට තරම් හොද සිහියකින් නෙමේ මම හිටියේ… මම බයවෙලා කියලා ඒ මනුසයාට හිතෙන්න ඇති…

“බය වෙන්න දෙයක් නැහැ දරුවෝ…, ඔෆිසර් මේ කරපු උදව්වට ගොඩක් ස්තූතියි…”

“එක මගේ ඩියුටිය සර්..මම සර් මට බාර දුන්න වැඩේ මම කළා…”

“හ්ම්… හරි යමු ඇතුලට මොනාහරි කාලා බීලා යමු…”

“සොරී සර් රාජකාරි වෙලාවේ මම කොහෙන්වත් කෑම කන්නේ බොන්නේ නෑ…මම යන්නම්..”

“හොදයි එහෙනම් මම බාර දුන්න අනිත් වැඩේ බලන්න… වෙන්න ඕනේ කොහොමද කියලා මම ඉන්ෆෝම් කරන්නම්…”

“සර් තව පොඩි දෙයක් දැනගන්න පුලුවන්ද…”

“ඔව් අහන්න…”

ඔහුගේ ඇස් තිබුණේ මගේ ලගය.. ඒ මුණ දිහා බලන්නත් බැරි තරම්ය.. එන්න එන්නම ඒ ඇස් රක්ත වර්ණ වි ඇත…

“තිමාලි….තීමාලි….. චුට්ටක් එන්න”

මා ගැස්සී පිටවී සිහියට ආවේ ඔහුගේ හඩටය… නිවසේ සිට පැමිණියේ ලා දම් පාටට හුරු ඔසරියක් ඇදලා කොන්ඩේ ගෙල ලඟට කර ගුලියක් සෙ සකසා ගත් රූමත් අම්මාගේ වයසේ වගේ ගෑනු කෙනෙක්…

“මොකෝ සලි කැගහන්නේ…”

මාව දැකපු ගමන් පුදුම වෙලා මගේ දිහා බලාගෙන හිටපු ඒ ගෑනු කෙනා

“අනේ රත්තරනේ ඇයි මේ බයවෙලා.. “

මම ඇය දිහා බලාගෙන හිනා වුණේ මේ කිසි දෙයක් මට තේරෙන්නේ නැති නිසා ..

“තිමා අනේ මැණික දෝණිවයි බාබාලා දෙන්නවයි ගේට එක්ක යන්න…”

“අනේ බලන්නකෝ සාලි මේ… බබලා දෙන්නම අපේ සුදු පුතා වගේමයි නේද… “

“තීමා.. මම මොකද්ද කිව්වේ…”

“හ්ම්… අපි යමු දෝණි… එන්න … “

කාන්තාව සමග ඇතුලට යන ඇය දෙස බලා සිටි නිලධාරියා දෙස බලා සිටි ප්‍රධානියා…

“මොනාද මාත් එක්ක කතා කරන්න තියෙන්නේ..”

“මම කෙලින්ම අහන්නම්… සර් ඇයි මේ ගර්ල්ව මෙහෙට ගෙන්වේ… මොකද්ද ඒ ගර්ල් එක්ක සර්ලාට තියන සම්බන්දේ…”

“මම හිතන්නේ තමුන්ට එක දැන ගන්න අවශ්‍ය නෑ…”

ඔහුගේ පිලිතුරෙන් කේන්ති ගත් කෙන්තිකාරය… තම කේන්තිය පිට කළේ ළග තියන පුටුවට පයින් ගහලා…

“මට ඒක කොච්චර එක දැනගන්න අවශ්‍යද කියලා ඒ ගර්ල්ගෙන් අහලා සර් මට කියන්න … මම සර් කෝල් එකක් දෙනකම් බලාගෙන ඉන්නවා….”


____________X_Norahunter87D_________

ඇත්තටම මේ මොනාද වෙන්නේ අප්පච්චි මේ ගැන නොදැන ඉන්න විදිහක් නෑ.. බලගමුකෝ … ශික්… දුරකථනය ගෙන ඇමතුමක් ගත්තේ තම වැඩිමල් සෝ

📞”ලොකු අයියේ කොහෙද ඉන්නේ…”

📞”මම ගෙදර යනගමන් … ඇයි චූටි මල්ලි මොකද්ද අවුල… “

📞”හරි එහෙනම් මාත් ගෙදර එනවා ආවාම කතා කරමු… මම තියන්නම්..”

මොනදේ කරන්නත් කලින් ලොකු අයියා එක්ක කතා කරලා ඉන්න එක හොඳයි..

මහවෙල මැදුර….

දුරකථනය අතට ගත් අනුරුද්ධ…

📞“හෙලෝ මේඝ “

📞”කි/ය/ප/න් අනු..”

📞” මචං පොඩි උදව්වක් කරපන් “

📞” හරි මචං එකට දෙකක් කරන්නම් ..මොකද්ද වෙන්න ඕනේ…”

📞 “ උ/බ දන්නවනේ සුදු මැණිකේ ශාකය පුතාත් එක්ක නුවර එළියේ ගියා කියලා ප්‍රෝජෙක්ට් එකේ වැඩ වලට දැන් දෙන්නගෙම ෆෝන් වැඩ නෑ… හොටෙල් එකට කතා කරාම හරි උත්තරයක් දෙන්නේ නෑ..හිතට හරි නෑ”

📞” හරි බ/න් බය වෙන්න එපා මම බලලා කෝල් බැක් කරන්නම්…”

දුරකථන ඇමතුම විසන්ධි කළ ම මේඝ කලප්නා කළේ කුමක් කරන්නද කියා සිතට නැඟුණු සිතුවිල්ල නිසාම නැවත දුරකථන ඇමතුමක් ලබා ගත්තේය..

📞“Hello …”

📞” Hello boss…”

📞” පහුගිය දවස් වල SA කොහෙද හිටියෙ..”

📞” මම ලොකේෂන් එක ඒවන්නම් බොස්”

📞” හ්ම්”

තම ආරක්ෂකයන් සමග දුරකථනයට ලැබුණු ලිපිනය සොයා ගිය මේඝගේ රථය නැවතුනේ සුදු පැහැයෙන් වර්ණ ගන්වා තිබූ දෙමහල් නිවසක් අසලය.. මූ තනියම මෙහෙ මොකද කළේ ඇතුලට ගිහින්ම බලන්න ඕනේ . ආරක්ෂකයන්ගේ උපකාර ඇතිව ප්‍රධාන දොරටුවෙන් නිවසට ඇතුළු වූ මේඝට තම ඇස් අදහාගත නොහැකි විය.. දෙයියනේ මේ මොනාද මේ … ඒ කි..යන්නේ .. ඒ කියන්නේ මගේ සැකේ හරි. ඒත් ඒත් මේක කොහොමද වෙන්නේ මෙච්චර ලොකු දෙයක්… එතකොට මේ ෆොටෝ එකේ ඉන්නේ…

ඔහුගේ සිතුවිලි වලට බාධා කරමින් දුරකථනය නාද දුන්නේ මේ වෙලාවේ කීයටවත් බලාපොරොත්තු නොවූ අංකයකිනී…

📞” කියන්න සාලි….”

📞” මචං පොඩි අවුලක් …”

📞” ඒ පාර මොකද අවුල”

📞” ඇත්තම කිව්වොත් පොඩි කිව්වට … මේක පොඩි අවුලක් නෙමේ ලොකු අවුලක්”

📞” අනේ සාලි මේ වටේ යන්නේ නැතුව කියන දෙයක් තේරෙන සිංහලෙන් කි/ය/ප/න්.. රෑවූල ගිනි අරන් තියන වෙලාවේ සුරුට්ටු පත්තු නොකර…”

📞” මේක අහලා උ/බ කලබල වෙන්න එපා… ජෙරම්ව ඇල්ලුවා අපේ කට්ටිය.. “

📞” ශා.. නියමයි… ඉතින් එකේ තියන අවුල මොකද්ද … අනිත් එක මට ජෙරම්ගේ කතාව කලින් නොකියා හිටියේ ඇයි…”

📞“ ජෙරම් අපිව කොටු කරන්න ඌම අපිට කොටු වුණා කියලා අපි සැක කරනවා…”

📞” ඉතින් එහෙනම් බල බලා ඉන්නේ නැතුව ඉක්මනට ඌගේ චැප්ටර් එක ක්ලොස් ක/ර/ප/න්…”

📞” ඒක එහෙම කරන්න තිබ්බා .. අපේ එවුන් දෙන්නා ඉන්න තැන දන්නවනම්… “

📞” මොකක් … මොනාද ය/කො.. කියන්නේ .. උ/බ විහිළු කරනවද…”

📞”මේ වගේ වෙලාවක විහිළු කරන්න උ/බ හිතුවද මට පිස්සු කියලා… විහිලු නෙමේ මම කියන්නේ ඇත්ත…”

📞” අපි මොකද කරන්නෙ …”

📞” මට තේරෙන්නේ නෑ… මේ වෙලාවේ බලාගෙන ඉන්නවා ඇරෙන්න කරන්න දෙයක් මට හිතාගන්න බෑ..”

📞” එහෙම බලාගෙන ඉන්න තිබුණා ය/කෝ ඒ අපේ ළමයි නොවුණානම්… අපියි වුන්ව ඒ තැනට ඇදලා. දැම්මේ… එක අමතක කරන්න එපා…”

📞” මේ… මේඝ මේ.. උ/බ/ට පුලුවන්නම් නංගි එක්ක දැන් ගෙදර ව/රෙ/න්… “

📞”ඒ මොකෝ හදිසියේම…. ලිහලා බලන්න තියන ඒක ඇනලා බලන්න ඕනේ නෑනේ බ/න්.. එක නිසා ඒක ආවම බලමු…”

ඇමතුම විසන්ධි වනවත් සමග දේහධාරී මිනිසා අසල තිබූ සෝෆා එකේ වාඩි වියේ පපුව අල්ලාගෙන කිප්මන සික්තිමත් සාර්ථක මිනිසෙක් වුණත් අධ ඔහුට දැනෙනව ඔහු කොච්චර අසාර්ථකද කියලා. ව්‍යාපාරිකයෙක් වශයෙන් මම සාර්ථක වුණත් පියෙක් විදිහට මම අද අසාර්ථක මනුස්සයෙක් අන්තයටම අසරණ මනුස්සයෙක් කියලා මට හිතෙනවා… ඔව් මට … මටම සමාවක් දෙන්න බැරි වෙයි..

මේ ලෝකේ අම්මලාගේ දුක කදුළු හැමෝටම පෙනුනාට තාත්තාලාගේ දුක කාටවත් පේන්නේ දැනෙන්නේ නෑ.. හරියටම කිව්වොත් දැනෙන්නේ නෑ නෙමේ. දැනෙන්න දෙන්නේ නෑ.. දුක කදුළු සඟවා ලස්සනට හිනාවෙලා නොසැලී ශක්තිමත්ව ඉන්න තාත්තලා දන්නවා.. ලොවට හොරා රහසෙයි කදුළු සලන්නේ ..
____________X_Norahunter87D_________

කෙන්තීකාරයා තම රථයෙන් බැස වේගවත් අඩි තබමින් නිවසට ඇතුළු වන විට මාවත් පියාත් තම නෑනාත් සෝෆා එකේ වාඩි වෙලා කතා කරමින් සිටියේය.. කේන්තියෙන් නිවසට ඇතුළු වන තම පුතු දෙස බලා සිටි තේජේශ්වරී තම අසුනෙන් නැගිට පුතු අසලට ලං වුනේ අවේලාවේ ඔහු නිවසට පැමිණීම පුදුමයක් බැවින්…

“චූටි පුතා ඇයි දරුවෝ මේ… ඇස් රතු වෙලා කේන්තියෙන් වගේ..”

මවට පිළිතුරු දෙන්න හදනකොටම තවත් වාහන ත්‍රිත්වයක් නිවසට ඇතුළු වූයේ.. මවගේ පමණක් නොව සියලු දෙනාවම පුදුමයට පත් කරමින්ය.. කිසිදාක නොවූ විලසින් තම බලපුතුගේ පමණක් නොව වැඩිමල් පුතුගෙන් දිස් වූයේද වියරු පෙනුමකි…

තම සැමියා කලින් නිවසට පැමිණීම පුදුමයක් වුවත් එයම සතුටට කරුණක් වූ තිලක්ෂනා තම සැමියා අසලට ලං වී ඔහුගේ පපුවට තුරුලු වුවද හැඟීම් දැනීම් නැති අයකු ලෙස ඇයව ඈත් කල ප්‍රභාෂ්වර

“අප්පච්චි අපිට කතා කරන්න ඕනේ..”

“හ්ම් .. කතා කරමු … මොනාද මගේ කොල්ලො හතර දෙනාට මාත් එක්ක කතා කරන්න තියෙන්නේ… කියමු බලන්න එහෙනම් ..”

කේන්තිකාරයගේ විමසුම් ඇස තම මව දෙසටත් නෑනාන්ඩී දෙසටත් විතැන් කළේය .

“අපිට තනියම කතා කරන්න ඕනේ…”

සෝෆා එකෙන් නැගිටගත් අනුරුද්ධ …

“යමු එහෙනම් ඔෆිස් රූම් එකට…”

කාර්යාල කාමරයේ තම අසුනේ අසුන් ගත් අනුරුද්ධ තම දරුවන් නිරීක්ෂණය කරන්න විය. වැඩිමහල් පුත්‍රයා මෙන්ම බාල පුත්‍රයාගේ මුහුණ දුටු විට තේරුම් ගත්තා කතා කරන්න යන්නේ බැරෑරුම් දෙයක් බව.. හිතේ චකිතයක් වගේම නොසන්සුන් බවක් ඇති වුවද එය පිට නෝපෙන්වා සිටීමට ඔහු දක්ෂ විය.. ඒ අතරින් සුදු පුතාගේ මුහුණේ ඇති බය හොදින් නිරීක්ෂණය කළ අනුරුද්ධ තම සිත තුළ ඇති වූ සැකය හුදෙක්ම සැකයක් නොවන බව වටහා ගත්තා…

“හරි දැන් කියමු බලන්න මොනාද කතා කරන්න තියෙන්නේ කියලා…”

“මොනාද අපිට හංගන්නේ … “

කිසි දිනක නොවූ ලෙස තම වැඩිමහල් පුතු වචන හසුරුවු අයුරු එහි වූ අවේගශිලි බව වටහාගත් මැදිවිය ඉක්මවූ දෙහදාරියා…

“ඔක්කෝටම කලින් කවුරු කවුරුත් සන්සුන් වෙලා හිටියොත් හොදයි…”

“හ්…. මේ වෙන දේවල් වලට කොහොමද අප්පච්චි සංසුන්වෙන්නේ…ආ… කියන්න කොහොමද සඳුන්වෙන්නේ කියලා… සංසුන්වෙනවා කෙසේවෙතත් මා/ර/ගෙ/න මැ/රෙ/න්/න හිතෙන්නේ…”

“ලොකු පුතා… තමුන් කාත් එක්කද මේ කතා කරන්නේ කියලා අමතක කරන්න එපා…”

“අපිට අමතක නෑ… ඒත්…ඒත්… ශික් … විතරක් … අපිව පිට අය ගානට දාලා මෙච්චර කාලයක් වැඩ කළේ ඔයයි අප්පච්චි… ඔයාට එහෙම කරන්න අයිතියක් නෑ… සුදු මැණිකේ කියන්නේ අපේ නංගි විතරක් නෙමේ … අප්පච්චි ඒක හොදටම දන්නවා… ඒ අපේ පළවෙනි දරුවා… මේ අත් වලින් වඩාගෙන කවලා පොවලා හදපු දරුවා.. ඇස් දෙකක් වගේ පරිස්සම් කළේ… පිට කෙනෙක්ගේ හුස්මක්වත් වදින්න නොදී… ඒත් අන්තිමට මොනාද අපිට අහන්න දකින්න ලැබුණේ… පරිස්සම ඇලියාවට ගියා වගේ දෙයක්… “

“චූටි පුතා….”

“අනේ ප්ලීස් මට කතා කරන්න දෙන්න මගේ අප්පච්චි… නැත්තම් මේ දුක දාරගන්න බැරුව මම පිපිරිලා මැරෙයි… අපි කොච්චර පරිස්සම් කලද කොච්චර හීන දැක්කාද ලස්සන මනාලියක් කරලා පෝරුවට නග්ගන්න.. දෝනිගේ දරුවෝ මේ අත් වලින් නලවන්න … දෝණි හැමෝටම වඩා ලං වෙලා හිටියේ මට… වෙනකටවත් නෙමේ මට… ඒත් එහෙම ඉදලත් මේ වගේ දෙයක් හැන්ගුවේ ඇයි… ඒ ඇස් වලට කදුලක් එනවට අපි කැමති වුණේ නෑ… ඒ ඇස් වලට සතුටු කදුළු එනවටවත් අපි කැමති වුණේ නෑ… ඒත් අද ඒ ඇස් වල කදුළු බය වේදනාව දකිනකොට මට මැරෙන්න හිතුනා.. ඔව් මට මාවම නැතිවුණා වගේ වුණා අප්පච්චි… ඒ තරමටම සුදු මැණිකේ අද අසරණ වෙලා දරුවෝ දෙන්නත් එක්ක…”

මෙතෙක් වෙලා අසුනේ වාඩිවි සිටි අනුරුද්ධ අසුනෙන් නැගිට්ටා නොව නැගිටුනේය… එතකොට එතකොට ශාකයද ළමයිගේ තාත්තා… මොනාද මේ වෙන්නේ … එහෙම වෙන්නේ කොහොමද…

“මොනාද මේ කියවන්නේ….”

“වෙලා තියන දේ චූටි මල්ලි කිව්වේ අප්පච්චි… කරුණා කරලා දැන්වත් ඇත්ත කියන්න අප්පච්චි.. අනිත් එක උ/බ මේ හැමදෙයක්ම දැනගෙන හංගන් හිටියා උ/බ ගැන මම පස්සේ බාලාගන්නම් සුදු මල්ලි…”

“හැමෝම කතා කරලා ඉවරද …. මේක හොදට අහගන්න සුදු මැණිකේ රට යවන්න හේතුවක් තිබුණා… නුවර එළියේ ගිහින් ආවාට පස්සේ ගෙදරින් ගියපු සුදු මැණිකේ නෙමේ ආවේ… ලොකු පුතා වගේම චූටි පුතා ඔයත් එක දන්නවනේ… ඒ විතරක් නෙමේ මේ ගේදර මෙච්චර ගාඩ් එකක් තිබිලත් මේ ගෙදරට කොල්ලෙක් ඇවිත් සුදු මැණිකේ ළග ඉදලා යනකම් අපි කවුරුත් දන්නේ නෑ.. ඒ හේතුව නිසායි සුදු මැණිකේ රට යනවාට මම ගොඩක් කැමති වුණේ.. ඒත් UK වලදී තමයි එයා පෙග්නට් කියලා දැනගන්න තියෙන්නේ… ඉශු දුව තමයි සුදු පුතාට කියලා අපි හදිසියේ ගියේ… ”

“අපිට මේකට උත්තරයක් දෙන්න අප්පච්චි කවුද ළමයි දෙන්නාගේ තාත්තා…”

“ඒක මටත් හිතාගන්න බෑ චූටි පුතා … මොකද සුදු මැණිකේ මේ වෙනකම් ඒ ගැන වචනයක් කියලා නෑ… කොච්චර ඇහුවත් කියන්නේ නෑ…”

“හැමදේම අපිත් එක්ක බෙදාගන්න අප්පච්චි ඇයි අපෙන් මේක හැංගුවේ….”

“මොකද මම බය වුණා… ලොකු පුතා..”

“අප්පච්චි…”

“ඔව් මද්ධු පුතා … මම ගොඩක් බය වුණා… මොකද ඔයාලා සුදු මැණිකේට කොච්චර ආදරේද කියලා මම දන්නවා… ඔයාලා කොච්චර කරදඬු උස් වුණත් කොච්චර ශක්තිමත් වුණත් සුදු මැණිකේගේ මේ දේ අහපු ගමන් ඔයාලා කඩාගෙන වැටෙනවා කියලා මම දැනගෙන හිටියා… විශේෂයෙන්ම චූටි පුතා…”

“අපි මොකද අප්පච්චි මේකට කරන්නේ…”

“මොකද කරන්නේ කියලා අහන්නේ ඇයි … කරන්න තියෙන්නේ එක දෙයයි ළමයි දෙන්නත් එක්ක දෝනිව අපිට බලාගන්න පුළුවන් ඒ නිසා අපි ගෙදරට ගෙමු..”

කෙන්තිකාරයගේ කතාවට සියල්ලන්ම වදා විවද වලින් තොරව කැමැත්ති වුණා…

____________X_Norahunter87D_________

වේලාව සවස හය පසුවි විනාඩි හතළිස් පහක් ගෙවී ඇත.. මිතුරන් සිව් දෙනාට අයත් දෙමහල් නිවස තුළ කෙවින් ශෙහාන් පමණක් නොව රියාද මෙහි සිටියේ ඇතිවී තිබෙන ගැටලුව නිරාකරණය කරගැනීමට නොහැකිවය.. එයට හේතුව මාන්නක්කරයගේ දුරකථනයට කොපමණ ඇමතුම් ලබාගත්තද සම්බන්ධ කරගත නොහැකි විමය.. … සියල්ලන්ගේම මුණු වල තියෙන්නේ නොසන්සුන්කමක් නොව බියක්ය….

“අපි මොකද කරන්නේ බ/න් මේකට … අනික අපිට තියන කාලේ හරිම සීමිතයි… කරන දෙයක් ඉක්මනට කරන්න වෙනවා…’

සෝෆා එකේ අසුන්ගෙන උකුළු පරිගණකයේ කුමක් හෝ විපරම් කරමින් සිටි කෙවින්ගෙන් ශෙහාන් මේ අසන්නේ දොළොස් වෙනි පාරටය…

ශෙහාන් වදන් අසා සිටියත් අවධානය දුන්නේ උකුළු පරිගණකය මතටය… යමක් සිහිවූ නිසාම එය පරික්ෂා කරමින් සිටි කෙවින්ගේ ඉතා කලාතුරකින්. ඇදෙන තෘප්තිමත් සිනාහව දුටු ශේහන්ට මෙන්ම රියා සැනසුම් සුසුම් හෙළුවේ සියල්ල යහපත් අතට හැරෙන්න යන නිසාය… මුවේ රැඳුනු සිනහවෙන්ම අනෙක් දෙදෙනා දෙස බැලූ කෙවින්

“වැඩේ හරි … උ/බ ඉක්මනට ගුණාට කෝල් එකක් ගනින්… “

“ඔව් බොස් කියන්න…”

“ගුණා උ/බ බොස්ට ගත්තද …”

“කෙවින් බොස්ට කියන්න තාම ෆෝන් වැඩ නෑ… අපේ එක පෝට් එකකටවත් ගිහින් නැහැ .. “

“හ්ම් හරි… වෙන මොනාද හොයාගත්තේ…”

“තාම මුකුත් හොයාගන්න හම්බවුණේ නෑ බොස්…”

“ SA බොස්ට අලුත් තැනක් තියනවාද අපි නොදන්න පුත්තලම් පැත්තේ…”

“අඩේ… මට ඒක එහෙන්මම අමතක වුණානේ … ඔව් කෙවින් බොස් ළඟදි ගත්තේ… “

“උ/බ ප්ලේස් එක දන්නවනේ කට්ටිය අරගෙන පුළුවන් තරම් ඉක්මනට එතනට ප/ල/ය/න්… අපිත් දැන් පිටත් වෙනවා…”

“මචං ලොක්කට කියන්න වෙයිද?..”

“උ/බ ඔහොන්මම කි/ය/ප/න් ..”

“හෝව්… හොව්… පොඩ්ඩක් ඔහොම හි/ට/ප/න් උ/බ කොහොමද අරුන් ඉන්න තැන දැනගත්තේ…”

“සිම්පල්… මේකෙන්…”

සිනහවෙමින්ම කෙවින් තම කළු පට අළුපාට මිශ්‍ර අතේ තියන බෑන්ඩ් ඒක පෙන්නුවේ.. ඔව් එය සුවිෂ්ශිය.. එය ඔවුන් විසින්ම නිර්මාණය කරන ලද්දකි ඔවුන් හතර දෙනා සිටින තැන් සොයාගන් වගේම තොරතුරු හුවමාරු කරගැනීම සඳහාම එය නිර්මාණය කර තිබුණි..”

“ඒ.. යා/කෝ .. සිරාවටම මට ඒක අමතක වෙලා ගියානේ… “

“ඔව් ඉතින් උ/බ වගේ කුරුලු මොළයක් තියන ඒවුන්ට ඒ වගේ දේවල් මතක් වෙන්නේ නෑ…”

“අනේ ප/ල මම කිව්වා කියලා හිතගනින්… ඔච්චර හොද මොළයක් තියන උ/බ/ට කලින් ඕක මතක් වුණේ නැහැනේ…”

“මතක් වුනා ඒත් එක වැඩ කළේ නෑ… මොකක් හරි අවුලක් තිබුණා… එක ෆික්ස් කළා.. “

“අපි දැන්ම යමුද අයියේ…”.

____________X_Norahunter87D_________

සාලියගේ නිල නිවස වේලාව රාත්‍රී හත පසුවී තිබුණි… විශාල ගේට්ටුවෙන් ඇතුලට ආවේ මේඝගේ Benz රථයයි.. තම මිතුරා පිලිගන්නත් කතා නිවස තුළදී කතා කළ නොහැකි ඒත් ඉක්මනින්ම කතා කරගත යුතු වැදගත් දෙයක් තිබෙන බැවින් සාලිය මේඝගේ පෙරමගට ගියේ… තම ප්‍රණ සම මිතුරාත් තම එකම නැගණිය වන ඉන්දීවරීව සුහදව පිළිගැනීමටය…

“ආ.. බන්… අපිට එන්න කියලා මොකෝ මේ එළියේ තියාගෙන ඉන්නේ…”

තම නැගණියව තුරුලෙන් මැත් නොකරම කතා කරන්න සිතුවේ..

28/07/2025

පැතු නොපැතූ ප්‍රේමය

83 වන කොටසින් බිඳක්

ඔන්න කතාව දුන්නා . කියවන ඔයාලා පේජ් ඒකට like follow කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් කියන්න යාලුවනේ මම බලාගෙන ඉන්නවා.

කතාව කියවන්න ප්‍රතිචාර බලලා හෙට දිගම දිග අවසන් කොටසත් එක්ක එන්නම්... කතාව කියවලා හොරෙන් යන්න එපා.. කතාව දෙන්නේ නැතුව හිටියේ පෞද්ගලික හේතු නිසාත් කතාව කියෙව්වාට හොරෙන් කියවලා යනවා ප්‍රතිචාර නැතුව එතකොට දුකයි... මහන්සියෙන් ආසාවෙන් ලියන්නේ ඔයාලගේ ආදරණීය ප්‍රතිචාර බලාගෙන ඉතින් .....??? හැමදාම කතාව කියලා ප්‍රතිචාර දක්වන ඔයාලා වෙනුවෙන් කතාව ලියලා ඉවර කළා...

____________X_Norahunter87D_________

“මොකෝ බන් අද ලොක්කා අවුලෙන් වගේ හදිසියේම ආවේ…”

“ අනේ මන්දා මල්ෂි …. “

“හ්ම්…”

ඒ කියන්නේ මගේ ගින්න සුපිරියටම පත්තු වෙලා ඇති… ගිහිල්ලා බලලා තව පොහොර ටිකක් දාන්න ඕනේ අර උරචක්කරමාලවට විරුද්ධව… එතකොට මගේ වැඩේ හරි… හිතාගෙන ඇති ශාකයගේ ඇගේ එල්ලෙන්න… ඒවා කොහෙද මාත් එක්ක… කවදා හරි මේ හැමදේකම අයිතිකාරි වෙන්නේ මම.. තමාටම මුමුනාගත් යුවතිය ප්‍රධානියාගේ කාර්යාලයට ඇතුල් වුණේ ලද අවසරයෙනි…

“ඔව් මල්ශි කියන්න…”

“Good afternoon sir..”

“හ්ම්… ආපු කාරණය කියන්න ඉක්මනට…”

“සර් ශාකය සර් ඔෆිස් ආවේ නෑ මේ ටිකෙම වැඩ ගොඩ ගැහිලා තියනවා…”

චූටි පුතා….”

“අනේ ප්ලීස් මට කතා කරන්න දෙන්න මගේ අප්පච්චි… නැත්තම් මේ දුක දාරගන්න බැරුව මම පිපිරිලා මැරෙයි… අපි කොච්චර පරිස්සම් කලද කොච්චර හීන දැක්කාද ලස්සන මනාලියක් කරලා පෝරුවට නග්ගන්න.. දෝනිගේ දරුවෝ මේ අත් වලින් නලවන්න … දෝණි හැමෝටම වඩා ලං වෙලා හිටියේ මට… වෙනකටවත් නෙමේ මට… ඒත් එහෙම ඉදලත් මේ වගේ දෙයක් හැන්ගුවේ ඇයි… ඒ ඇස් වලට කදුලක් එනවට අපි කැමති වුණේ නෑ… ඒ ඇස් වලට සතුටු කදුළු එනවටවත් අපි කැමති වුණේ නෑ… ඒත් අද ඒ ඇස් වල කදුළු බය වේදනාව දකිනකොට මට මැරෙන්න හිතුනා.. ඔව් මට මාවම නැතිවුණා වගේ වුණා අප්පච්චි… ඒ තරමටම සුදු මැණිකේ අද අසරණ වෙලා දරුවෝ දෙන්නත් එක්ක…”

මෙතෙක් වෙලා අසුනේ වාඩිවි සිටි අනුරුද්ධ අසුනෙන් නැගිට්ටා නොව නැගිටුනේය… එතකොට එතකොට ශාකයද ළමයිගේ තාත්තා… මොනාද මේ වෙන්නේ … එහෙම වෙන්නේ කොහොමද…

“මොනාද මේ කියවන්නේ….”

08/07/2025

පැතු නොපැතූ ප්‍රේමය

83 වන කොටසින් බිඳක්

ඔන්න කතාව දුන්නා . කියවන ඔයාලා පේජ් ඒකට like follow කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් කියන්න යාලුවනේ මම බලාගෙන ඉන්නවා.

කෙවින් ඒ පාර මොකද හු # නැවතිලා කල්පනා කරන්නේ…”

“චූටි ලොක්කව කන්ටැක් කරන්න … Hurry up... we have no time to waste… hurry up chuti…”

“හරි අයියේ…”

“තව දෙයක්… ලොක්කට කතා කරලා… අර්යන්ට කියන්න …”

“කෙවින් අයියේ…”

“ම..මම දන්නේ…. නෑ…”

“හරි මම දන්නවා උබත් එක්ක ඉන්නේ කියලා.. උබ නොකියා හිටියටමේක හොදට අහගෙන බොස්ට කියපන් දැන් ගෙනපු ජෙරම් කියන මිනිහා කරන්නේ බොරුවක් කියලා.. ඌ අපිව කොටු කරන්න හදන්නේ….”

“මොකක්… ඒත් … ඒත් ඒක කොහොමද වෙන්නේ… ඌ සිහිය නැතුවනේ ආවේ..”

“SA ට කියපන් එක.. ඉක්මන් කරපන් අපිට කාලේ නෑ..”

____________X_Norahunter87D_________
මෙහි සියලුම හිමිකම් කතෘ සතු වන අතර මේ උපුටා ගැනීම හා පළකිරීම තහනම්

27/06/2025

පැතු නොපැතූ ප්‍රේමය

82 වන කොටස

ඔන්න කතාව දුන්නා . කියවන ඔයාලා පේජ් ඒකට like follow කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් කියන්න යාලුවනේ මම බලාගෙන ඉන්නවා.

සමුගැනීමකින් තොරවම දුරකථන ඇමතුම විසන්ධි කළ මාන්නක්කාරයා… නැවත ඇය අසලට ගොස් ඇය අසලම වැතිරුනේ.. නොසන්සුන් හිත සන්සුන් කරගන්න සිතාය..

____________X_Norahunter87D_________

සීතල නුවර එලිය නගරයට හිරු උදා වුණේ මදකට සීතලට විරාමයක් එක් කරමින්ය… ගතට දැනුන තෙහෙට්ටුව නිසාම දෑස් පියන් විවර කලද අවදිවන්න නොසිතේ… තව තවත් ඔහුගේ උණුසුම් පපුවට තුරුළු වූ සියුමැලිය දෙස බලා සිටි මාන්නාක්කාර දෙහදාරියා ඇයගේ නලල මත සිපුමක් සටහන් කලේ හද දැවෙන ගින්නෙන්මය.. ආසායි ඕනේ ඔහුටද මේ උණුසුමට වි තව බොහෝ වේලාවක් ගත කරන්න ඇවිලෙන හිත නිවගන්න ගත තව තවත් ඇයගේ උණුසුමෙන් දාවාලන්න ඒත්… මේ හැමදේටම වඩා ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරගත යුතුය..

සිතුවිලි වලට විරාමයක් ගෙනෙමින් ඔහු බලාපොරොත්තුවෙන් සිටි කෙටි පණිවිඩය පැමිණියේ මාන්නක්කාරයාගේ මුවඟට තෘප්තිමත් මදහසක් එක් කරමින්ය… අවදි වීමට කාලය පැමිණ ඇත…

“සුදු මැණිකේ නැගිටින්න … බබාලට කිරි හදන්න ඕනේ නේද…”

ඔහුගේ වදන් හමුවේ ඉක්මනින් ඔහුගේ පපුවේ උණුසුමෙන් මිදී අවධි වූ සියූමැලි කාමරයෙන් පිටවෙන්න සැරසෙත්ම මාන්නාක්කාරයා සිනාසෙන්ට විය.. ඔහු දෙස රෑව්‍මක් පාකල ඇය…

“මොකද ඔයා ඔහොම හිනා වෙන්නේ… “

“හිනා වේන්නේද මගේ මැණිකෙට උදේ පාන්දරම තව වටයක් යන්න ඕන වෙලා නිසා…”

“පිස්සුද මන්දා ඔයාට මොනා කියවනවාද මේ උදේ පාන්දරම… ඊයේ බිපුව තම හිඳිලා නැද්ද…”

“කොහේ හිඳෙන්නද … මම ගත්තේ අධි මත්‍රා වෙන්නේ… එකත් මටම විතරක් මත් වෙන්න තියන ඒකක්නේ..”

ඇස් සිහින් කර යටි තොලත් සාපාගෙන කියන ඔහුගේ එක බැල්මට ඇයගේ මුළු ගතම හිරිවෙති ගියේ එම බැල්ම දාරගත නොහැකිවය..

“පිස්සු… විකාර .” තමාටම කියාගත් ඇය නැවත කාමරයෙන් පිට වෙන්න සැරසෙන විටම ඇදෙන් බැසගත් මන්නාක්කාරයා ඇය අසලට පැමිණ ඇයව තම දෝතට ගෙන කන්නාඩි මේසය අසල තැබුවේ … බලා සිටියදීම ඇයගේ වත විලියෙන් රත් පැහැ ගැනිණි.. ඔහු දෙසට හැරී ඒ ගතට තුරුල් වුණේ ඔහුගේ ඇස් වලින් බේරෙන්න සිතාය…

“මගෙන් වාහාගත්තට වැඩක් නෑ… මොකද ඉතින්…. මම නොදැකපු නොඅල්ලපු ඉබපු නැති තැනක් තියනවාද…”

“අනේ…..”

“යමු වොෂ් දාගෙනම එමු…”

____________X_Norahunter87D_________

දෙන්නත් එක්කම වොෂ් දාගෙන ඇවිත් මම ඉක්මනට කුස්සියට ගියේ මගේ අතින්ම මොනවහරි හදන්න ඕනේ කියලා හිතුනා නිසා… මම කුස්සියට යනකොට වැඩට ඉන්න ගෑනු කෙනා කෑම හදාලා තිබුණා… ඒත් ශාකය ආස නිසා කිරි බත් හදන්න ගත්තේ උම්බලකඩ දාලා ලුණු මිරිසකුත් හදන්න හිතුවා…

“අනේ නෝනා මම කෑම හැදුවනේ….”

“එකට කනක් නෑ සිතා… මට පොල් ටිකක් ගාලා දෙන්නාකෝ…”

හාල් ලිපේ තියලා ශකයටයි මටයි තේ හදලා ළමයිට කිරි බෝතල් දෙකත් හදාගෙන කාමරයට යනකොට ශාකය බර කල්පණවක.

“මොනාද ඔච්චර කල්පනා කරන්නේ .. “

“මුකුත් නෑ…”

ඔහුත් සමග තේ බිලා මම කුස්සියට ආවේ කෑම ටික හදලා ඉවර කරන්න… සීතාගේත් උදව් ඇතිව මම කිරිබතක් හදලා ලුණු මිරිස් හැදුවා…

කළු පාට බොටම් එකට කළු පටම ජැකට් එකක් දාගෙන ළමයි දෙන්නාවත් අත් දෙකින් වඩාගෙන තරප්පු පෙළ බහින් ඔහු දෙස බලා සිටියේය උතුරා යන සෙනහසිනී.. ඔහුගේ පිරිමිකම උතුරා යන කඩවසම් බවට ඇයගේ සිත ලෝභය… ඔහුව තමන්ට පමණක්ම අයිති වීම ගැන ඇයට සියුම් අඩම්බරක් තියෙන්නේ… මේ වගේ කාලය ගෙවන්න උදේට නැගිටලා ඔහු වෙනුවෙන් කෑම හදන්න ඔහුත් ළමයි දෙන්නත් එක්ක මේ විදිහට ඉන්න කොච්චර හීන දැක්කාද…. අද ඒ හීනේ සැබෑවෙලා… ඇස් වලට කදුළු ආවේ නිරායාසයෙනි..

“ආ බලන්නකෝ පුතු අම්මිගේ ඇස් වල කදුළු…”

හරි හැටි කිසිවක් නොතේරෙන මගේ පුංචි පැටව් දෙන්නා ඔහුගේ කතාවට හිනා වෙනවා…

“මොකෝ මගේ මැණිකෙගෙ ඇස් වල කදුළු….”

“සතුටට සුදු මහත්තයෝ… මම මේ වගේ දවසකට ගොඩක් හීන දැක්කා… එකයි… මට ගොඩක් සතුටුයි…”

“හ්ම් බඩගිනියි අපිට…”

“යමු මම කිරිබත් හැදුවා…”

“බාබල දෙන්නටත් කිරිබත් සීනි ටිකක් දාලා අපි දෙන්නම එකතු වෙලා කවලා පිහිදාලා.. සෙල්ලම් කරන්න දුන්නේ … සිතට බලන්න කියලා..

“අද මොකෝ කිරිබත්…හ්ම්…”

“ඇයි කියන්න හරියටම දන්නේ නැහැ… ඒත් මට හිතුනා… අපේ ජීවිතේ අලුතෙන් පටන්ගත්තා කියලා එක නිසා ඔයා අසවයි කියලා හිතුනා…”

ලයේ සිරකරගෙන හිටපු ලොකු සුසුමක් ඔහුටත් නොදැනීම මාන්නක්කාරයට පිටවුනේ… හිතට ලොකු බරක් එකතු කරමින්… ඇය නොදැනුවත්ම හෝ අද කිරිබත් හදපු එකට මට සතුටු හිතුණා.. ඔයා දන්නේ නැති වුණාට අද මම යන්නේ අපි හැමෝගෙම ජීවිත වලට සතුට සැනසීම ආරක්ෂාව ඉක්මනට ළගා කරගන්න… සමහරවිට මට පණපිටින් එන්න බැරිවෙයි.. ඒත් මට මේ ගමන යන්න වෙනවා… මට සමාවෙන්න සුදු මැණිකේ…. වචනයෙන් නොකියා සිතින් සිතුවේ එය ඇයට කියලා හිත රිද්දන්න බැරි නිසා..

“මොනාද අනේ ඔච්චර කල්පනා කරන්නේ…”

“ආදරෙයි ගොඩක්… මම හිටියත් නැතත් ඔයා හැමදාමත් සතුටින් ඉන්න ඕනේ…. “

“මො..කද …මේ අ..අනේ… කියන්නකෝ… “

“හ්ම්…නිකන් කිව්වේ… ඒත් මට පොරොන්දු වෙන්න..”

“මට බොරු පොරොන්දු වෙන්න බැ… හැමදාමත් ඔයා ළමයි අපි හැමෝම එකට සතුටින් ඉමූ… එහෙම සතුටින් ඉන්න මම පොරොන්දු වෙනවා…. ඒත්… අනේ සුදු මහත්තයෝ ඔයා නැතුව සතුටින් හොදින් ඉන්නවා කියලා මට පොරොන්දු වෙන්න බෑ…”

“හරි .. හරි… මේ මොකද කියන්නේ , සිතා බබාලව බලාගන්න නිසා අපි ආපහු මෑච් එකක් ප්ලේ කරමුද…”

“අනේ….”

මගේ විරෝධය නොතකාම ඔහු

“සිතා ….”

“සර්… .”

“සිතා බේබිලාව බලාගන්න … අපි ඉක්මනට එන්නම්..”

“සාර්.. සාර්ලා කොහේ හරි යනවාද…”

මේ ගැනිටත් ඕනේ නැති දෙයක් නෑ…

“ඔව් ..ඔව් අපි ලොකු වේදකට යනවා… මම කියපු දේ කරන්න…සිතා දැන් යන්න බේබිලා ලඟට”

“හොදමයි සාර්…”

ඇය එතනින් නික්ම ගිය පසු මාන්නක්කාරයා සියුමැලියව තම දෝතට ගෙන උඩුමහල වෙත පිය මැන්නේ අනුරාගික හොරවක් ගතකිරීමට . තෘප්තිමත් සිනහවකින් ඇයගේ ලෑම මත ගිමන් හරිමින් සිටි මාන්නක්කාරයාගේ හිස ඇයගේ සිනිඳු ඇගිලී තුඩුවලින් පිරිමදිමින් ඇය දිගු කල්පනවක සිටින අතර ඔහුට සුව නින්දක් ගොසින් තිබුණි… ඔයා මගෙන් මොනාහරි හංගනවා සුදු මහත්තයා… ඔහු නින්දටත් ඇයගේ සිතුවිලි වලටත් තිත තියමින් මාන්නක්කාරයාගේ දුරකථනයට ඇමතුමක් පැමිණියේය…

දුරකථනය දෙස බැලූ මාන්නක්කාරයා එය ක්‍රියා විරහිත කර දැමුවේය…

“සුදු මැණිකේ රස්නේන් මොනාහරි බොමු…”

“ඉන්න මම හදාගෙන එන්නම්…”

බිම විසිරී තිබූ ඇදුම් නැවත ගතාලාගෙන ඇය කාමරයෙන් පිටත ගියේ ඉක්මනට එන්නම් කියාය… ඇය කාමරයෙන් පිටතට ගිය පසු ඇමතුමක් ගත් මාන්නක්කාරයා

“කොහොමද මගේ වැඩේ තත්වය…”

📞“........”

“එතකොට ගාඩ් එක…”

📞“.......”

“මම ආපහු එනකම් මේ ගෙදරින් එළියට කාටවත් යන්නත් බෑ එන්නත් බෑ මගේ අවසර නැතුව… තෙරුණානේ..”

📞“..........”

“That’s all for now…”

📞”.............”

“ඕනේ නෑ… වෙලාවට චොපර් එක ඒවන්න ඒ ඇති…”

කාලය සීමිතය ඉක්මනින් ලෑස්ති වුණේ පිටත්වෙන්න වේලාව ළග නිසා… කළු Levi’ s සන්නාමය ඩෙනමට එයට ගැලපෙන ලෙස CK ටිශීර්ට් එකක් ඇදලා.. කලූපටම Nike සපත්තු දාගෙන පල්ලෙහට ආවේ පිටත් විය යුතු නිසාය..

තරප්පු පෙළ බැහැගෙන එන මාන්නාකාරයා දෙස බලාගෙන සිටි සියූමැලිය කලබල වුණේ ඈගෙන් වරදක් වුණාද කියලා හිටි හැටියේම යන්න ලෑස්ති වෙලා ඉන්න නිසා..

“ඔයා කොහේ හරි යනවාද…”

“හ්ම්… පොඩි වැඩක් තියනවා මැණික… එනකොට රෑ වෙයි… මම එනකම් පරිස්සමෙන් ඉන්න… ආදරෙයි ගොඩක්…”

ඇයගේ සිතට පැමිණි ක්‍ෂණික සිතුවිල්ල අනුව ඇය ක්‍රියා කරේ මන්නක් කාරයත් පුදුම කරවමින්ය.. ඔහු එය ඈයගෙන් බලාපොරොත්තු නොවූ දෙයකි… තම කකුල් දෙක අල්ලලා දන ගහලා වදින ඇය ගෙන ඔහුට ඇතිවුනේ අසීමිත වූ ගෞරවයකි… ඇයව නැගිට්ටවා තම ළයට තුරුල් කරගත් මාන්නාක්කාරයා…

“මගේ පනටත් වඩා ආදරෙයි රත්තරන්… මගේ පණ හුස්ම ඔයාලා තුන්දෙනා පරිස්සමෙන් ඉන්න … මම ඉක්මනට එනවා…”

දෑස් වලට නැඟුණු කදුළු සඟවා ඔහු ඉක්මනින් නිවසින් පිටව ගියේ තව හිටියොත් හිත හදාගෙන මේ ගමන යන්න බැරි වෙන නිසා..

____________X_Norahunter87D_________

දහවල් දොළහට අසන්ව තිබුණත් කිසිවෙකු තවම උදෙ අහාරවත් නොගෙන ඉන්නේ බඩගින්නක් නොදෑනේන නිසා ඒ ත්‍රමට හිතේ වගේම ඔලුවෙ ගින්දර වැඩි නිසා.. සෝෆාවේ වාඩි වී සිටී හතර දෙනා නිහඬය සිදුවන කිසිවක් තවම හිතාගන්න බෑ…

“මෙතන මොකක් හරි අවුලක් තියනවා අයියා…”

“ඔව් මටත් එක හිතෙනවා රවියා චූටි කියන කතාව හරි”

“ඒත් ශෙහාන්… එහෙම කොහොමද වෙන්නේ..”

“පොඩ්ඩක් හිතන්න අයියා සුදු අයියාගේ ෆෝන් වැඩ කරන්නේ නෑ… ඒ විතරක් නෙමේ ලොක්කා කතා කරපු විදිහ… “

“ඔව් උ/බ/ලා හිතන දේ හරි අපි ඇලට් එකේ ඉන්න ඕනේ… මොකද අ/රු තනියම ගේම් ඒක ගහන්න හදන්නේ…”

“මොනාද උ/බ කියන්නේ… “

“ඌ # ඊයේ ලොක්කට කතා කරලා තියනවා ආරංචිය විදිහට… නුවර එළියේ බංගලාවට දැඩි ආරක්ෂාවක් දාලා තියනවා… “

“මට ඇත්ත කි/ය/ප/න් කෙවින් උ/බ කොහොමද මේවා දන්නේ…ඒ කියන්නේ උ/බ/ත් දැනුවත්වද මේ හැමදේම වෙන්නේ”

“මම දන්න ඉටිගේදියක් නෑ රවියා ලොක්කා ගාව ඉන්න අපේ එකෙක් එක කිව්වේ…”

“මචං එතකොට කොහොමද අරු අපේ අනිත් ටාගට් ටිකට ගේම් එක දුන්නේ…”

සියලු දෙනාගේම සැකමුසු බැල්ම වැටුණේ යුවතිය දෙසටය…

“අනේ මේ ශෙහාන් අයියේ මාව ඔවාට ගාව ගන්න එපා… මොකද මම මේකට සම්බන්ධ නෑ…”

“මට තේරෙන්නේ නෑ බ/න් මූ අපිව බේරගන්න කියලා මු/ගේ ජීවිතේ බිල්ලට දෙන්න හදන්නේ…”

“ඔව් අයියා සුදු අයියා පව්… ඒත් එයාට අර අහිංසක කෙල්ලයි දරුවෝ දෙන්නා ගැන හිතන්න තිබ්බා..”

එකවරම නාද දුන්නේ කෙවින්ගේ දුරකථනයයි…

“ඒ බන් ලොක්කා කතා කරන්නේ…”

“හෙලො බොස්…”

“හ්ම් මම දන්නවා හතර දෙනාම ළග ඉන්නේ කියලා .. මම කෙටියෙන් කියන්නම් රියා දැන් ජෙරම් ගාවට යන්න ඕනේ හැබැයි කරේ තියන මාලේ ගලවන්න බෑ.. ඒ වගේම කෙවින් ශෙහාන් රියාව ගාඩ් කරන්න… එතකොට රාවිෂ්ක තමුන් කරන්න ඕනේදේ මම පස්සේ කියන්නම්… 12.45 වෙනකොට ඔය තුන්දෙනා මම ඒවන ලොකේෂන් එකේ ඉන්න ඕනේ කරන්න තියෙන්නේ මොනාද කියලා මම අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැනේ… “

“ඕකේ බොස්…”

“ආ තව දෙයක් තමුන්ලා තුන්දෙනාම secret weapon අරගෙන යන්න ඕනේ… අනිත් වෙපන් පාවිච්චි කරන්න බෑ…”

දුරකථන ඇමතුම විසන්ධි විය…

“ඒ…. රවියා ඒ… කියන්නේ අද අපේ ජීවිතේ අන්තිම දවස වෙන්නත් පුලුවන් … “

“හ්ම් ඔව් බ/න් … ගොඩක් දුරට.. එකෙනේ ලොක්ක secret weapon අරගෙන යන්න කීවේ… “

ලැබුණු අණ පරිදි රවිශ්ක හැර අනිත් තිදෙනා පිටත් විය… ඔවුන් පිටත්ව ගොස් පැයකට පසු රවිශ්කට දුරකථන ඇමතුමක් ලැබුණි ..

“ඔව් බොස් කියන්න…”

“.............”

“ඒත් බොස් එක ලොකු රීස්ක් එකක්නේ…. අපිව පොලිසියට මාට්ටු වෙන්නත් පුලුවන් මේ වැඩෙන්….”

“ඒත් බොස්..”

“............”

“ඕකේ බොස් මම කියපු විදිහට කරන්නම්….”

ඊට ටික වෙලාවකට පසු ඔහුද පිටවගියේ ලැබුණි අණ නිසාය… අදාල ස්ථානයට පැමිණි රවිෂ්කට දැක ගන්න ලැබුණේ තම මිතුරාය.. ඔහු කිසිවිටකත් ඔහුව මේ අවස්ථාවේ බලාපොරොත්තු නොවුණි.. what's the hell going on… තමාටම මුමුණාගත් ඔහු මාන්නක්කාරයා අසලට යනු ලැබුවේ කෙන්තියෙනි…

“What the hell are you trying to do?”

“Why what's up “

“ ය/කෝ තෝ # එක අහන ලස්සන….”

“මට උ/බ/ලා/ව අමාරුවේ දාන්න බෑ… මට උඩ බලාගෙන ඉදලා පුරුදු නෑ කියලා උ/බ දන්නවනේ…”

“ඒත් හු # තෝ/ට අර අහිංසක කෙල්ලයි ළමයි දෙන්නයි ගැන හිතන්න තිබ්බා…”

“hey dont worry bro... nothing will happened me.. trust me we can end this game safely…”

“i know you can do it.. and i trust you ... but you know this game is not easy”

“dont think to much…”

“නොහිතා ඉන්න තිබුණා අපි තනිකඩයෝ වුණානම්… ඒත් ඒක එහෙම නෙමෙනේ…”

“අනේ මේ ප #යෝ.. හු # කතා නොකියා හි/ට/ප/න්.. මම එක පාරක් කිව්වා මාව විශ්වාස ක/ර/ප/න් කාටවත් මුකුත් වෙන්නේ නෑ… මට මේ වැඩේට උදව් ක/ර/ප/න් …”

“උ/බ දන්නවා මම උ/බ වෙනුවෙන් පන වුණත් දෙනවා කියලා..”

“අන්න එහෙම වරෙන්…”

“හරි හරි දැන් කි/ය/ප/න් උ/බේ plan එක ..”

“රියා වැඩේට ඒන්ටර් වෙනකන් අපිට ඉන්න වෙනවා….”

“ඒ කියන්නේ…”

“ජෙරම් කියන්නේ බාහිර ලෝකෙට ලෝකේ ඉන්න ධනවතුන් අතර එක්කෙනෙක් ඒ වගේම ජ්ත්‍යන්තර ව්‍යාපාරිකයෙක් ඉතින් අපිට මේක අනිත් ගේම් වගේ ලේසියෙන් ඉවර කරන්න බෑ…”

____________X_Norahunter87D_________

“ඔයාලා දෙන්නා එළියෙන් ඉන්න මම ඇතුලට යනවා මාව අහුවුණොත් ඔයාලා පැනගන්න…”

“ත/මු/සේ/ට පිස්සුද හැටිද චූටි…”

“අනේ මේ කෙවින් අයියේ ..මම කියපු විදිහට කරන්න ඔයාලා දෙන්නත් අහුවුනොත් කොහොමද මේ වැඩේ ඉවර කරගන්නේ… “

“හ්ම්..”

රූම් එක ඇතුලට සිනා මුසු මුවින් ගිය යුවතිය දුටු තරුණයා ඇය දැක.. ඇයට ඔහු අසලට පැමිණෙන ලෙස ඇරයුම් කළේය.. ඔහුගේ ඇරයුම පරිදි තරුණයා අසලට ගිය යුවතිය ඔහුගේ දෙපා මත වාඩිවී ඔහුගේ ගෙල වටා දෙඅත් යාව ඔහුගේ දෙතොල් මාත් උණුසුම් හාදුවක් සටහන් කලේ තම ඊළග සැලැස්මට පිබුරූපත් සකස් කරගැනීමට රුකුලක් කරගනිමින්ය..

ගැහැනුන් විෂයේ වැඩි කැමැත්තක් නැති තරුණ ව්‍යාපාරිකයා ඇයට අවංකවම ආදරය කරන්න විය.. ඇයගේ පුංච් පුන්ච් දේට පාව ඔහු ආදරය කලේ අවංක සිතින්ය.. ඔහුට ඇවැසි වූයේ ඇයව තම බිරිඳ කරගෙන රැජිනක් ලෙස රැක බලාගැනීමටය.. ඔහු කිසිවිටකත් ඇය ගැන සැක කාලේ නෑ… නමුත් ආදරයෙදී හැමෝම අන්ධ වෙනවා වගේ ඔහුත් ආදරය කියන තැනදි අන්ධ වුණා.. ලෝකෙටම භායනක මාෆියා නායකයෙක් වුණ ඔහුත් ආදරය ඉස්සරහ රැවටී ඇති බව ඔහුට නොදැනුණි.. ඇයව ඔහු අසිමිතව විශ්වාස කරන නිසාම තම පෞද්ගලික ආරක්ෂකයින්වද ඔහු පිටත් කර හැරියේ ඔහුට අයත් සමග තනිවම නිදහස් සිටීමට ඇවැසි නිසා..

“What's happened darling... everything ok... is there any problem..”

“nothing... but i want to enjoy with you.. “

“so , you can be... no issue..”

තමන්ගේ ඊළග පියවර ක්‍රියාත්මක කිරීමට නියම වේලාව මෙය බව වටහාගත් යුවතිය ඔහුගේ උගුරු දණ්ඩ සිපගත්තේ ඔහුව වෙනම ලොවකට ගෙනයමින්ය..

“hey baby , what's the fu***ng thing you are doing .. dont do this.. i can't control my self .. please baby”

ඔහුගේ සාවනට දෙතොල් ලං කල ඇය..

“but you have to control yourself “

“but how i control... and why i have to control myself..”

“Because I want to drink a lot with you today....”

“Are you sure…”

“Yap”

ඇයගේ ඉල්ලීම පරිදි වොඩ්කා සහ කෑමට අවශ්‍ය දේවල් ඇණවුම් කළ ඔහු ඒවා රැගෙන එනතුරු ඇයව සෝෆා එකෙන් වාඩි කර බාත්රූම් එකට ගියේ හොදට නාන්නය.. මේ අතර යුවතිය අවශ්‍ය තොරතුරු ඔහුගේ laptop එකෙන් තම චිප් එකට කෝපි කරගත්තේ ඔහුට සැක නොහිතන ලෙසය… ඒ සියලු තොරතුරු කාමරයෙන් පිට සිටින ශෙහාන්ට හා කෙවින් හට ලබා දෙනු ලැබුවේ ඊළග පියවර ක්‍රියාත්මක කිරීමටය…. මේ අතර තරුණයා සැහැල්ලු කළු කොට කලිසමකින් හා සුදු පාට අමිකට් ටි ශර්ට් එකක් ගතලාගේන නාන කාමරයෙන් පිටතට පැමිණ සෝෆා එකෙන් වාඩි වෙනවත් සමගම ඇණවුම් කළ ආහාරපාන ගෙන එනු ලැබුණි..

ඔහු විසින් වොඩ්කා දැමූ වීදුරුවක් ඇයටද පිලිගැන්නුවද… ඇය එයින් උගුරක් ගෙන ඔහුගේ දෙතොල් සිප ගෙන ඔහුට එම වොඩ්කා උගුර පොවනු ලැබුවේ ඔහුව වෙනම ලොවකට ගෙන යමින්ය..

“is that's tast…”

“Is that even worth asking? ... It's not tasty... Because it's so delicious..., you made me drunk with just one sip of vodka.”

“oh.. realy then test this to “

ඇය දුන් වීදුරුව ගෙන එක හුස්මට පානය කළ තරුණයාට සියල්ල බොද වෙලා යනවා වගේ දැනුනේ.. සෝෆාව සිහිසුන් වූ තරුණයා දෙස බලා සිටි යුවතිය ඇමතුමක් ලබා ගත්තේය..

“හෙලෝ කෙවින් අයියේ වැඩේ හරි…”

“හරි චූටි අපිට තව විනාඩි දහයක් ඉන්න ඕනේ ඊළග පියවරට… “

“මොනාද කියන්නේ…”

“එතනින් එහාට කරනදේ තම අපි දන්නේ නෑ ලොක්කා කතා කරණකන් ඉන්න ඕනේ..”

ඇමතුම විසන්ධි කළ ඇයට ඔහු ගැන අවංකවම දුකක් දැනුනා.. ඔහු හොද ආදරවන්තයෙක්.. ආදරයට අවංකයි.. ඒත් මට සමාවෙන්න මට ඔයාට ආදරය කරන්න බෑ.. මම මේ හැමදේම කරන්නේ මගේ අයියලාගේ ජීවිත බේරගන්න ඕනේ නිසා…

මිනිත්තු දහයක් ගෙවී ගියේ කාමරය වෙත බලාපොරොත්තු නොවූ දෙදෙනෙකු පැමිණීමත් සමඟය..

“ඔයාලා…”

“හ්ම් අපි තමයි… … ත/මූ/සේ කෙවින්ලා එක්ක මෙතනින් යනවා ඉතුරු ටික අපි බලාගන්නම්….”

“ඒත් සුදු අයියා…”

“ඇයි මොකෝ දුක හිතුණාද…”

“ඒ මොකටද…”

“හරි ..හරි .. ඒවා වැඩක් නෑ දැන් යනවා …”

____________X_Norahunter87D_________

“ජෙරම් බොස් කොච්චර විශ්වාස කළත් මට ඒ කෙල්ලව අල්ලන්නේ. නෑ… මට ඒ කෙල්ල ගැන ලොකු සැකයක් තියනවා…”

“මොනාද දමිත් උ/බ ඔය කියවන්නේ … ජෙරම් බොස්ට ඇහුණනම් උ/බ ව අඩි හයක් යටට යවයි…”

“උ/බ මම කියනවට වරෙන් යන්න ජෙරම් බෝස්ගේ කාමරයට…”

තම සගයගේ පෙරැත්ත නිසාම ප්‍රධානියාගේ කාමරයට ගිය ඔවුන්ට පුදුම හිතුනේ ඔහුත් යුවතියත් එහි නොසිටීම නොවේ.. ප්‍රධානියාගේ දුරකථනය එහි තිබීම.. වගේම සැක කටයුතු ලෙස කාමරය තිබීම.. ඔවුන් දන්නා තරමින් තම ප්‍රධානියා කිසි විටකත් තම ජංගම දුරකථන අමතක කර කොහේවත් යන්නේ නෑ.. කුමක් හෝ සිදු නොවීය යුතු දෙයක් සිදුවී ඇති බව වටහා ගන්න ඔවුනට ඇති තරම් සාක්ෂි තිබිණි. වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක නිලධාරීන් අවට පරීක්ෂා කරන්න විය.. එළියේ සිටි එක් ආරක්ෂක නිලධාරීයෙක් අහඹු ලෙස දකින්නේ තම ප්‍රධානියාව පිරිසක් වාහනයකට දමා ගන්නා අයුරුය..

____________X_Norahunter87D_________

මෙහි සියලුම හිමිකම් කතෘ සතු වන අතර මේ උපුටා ගැනීම හා පළකිරීම තහනම්

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo
00700