27/05/2026
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ සුබ සාධක සංගමය විසින් වෙසක් පොහොය නිමිත්තෙන් සංවිධානය කළ ධර්ම දේශනාමය පිංකම 2026.05.25 දින ආයතන පරිශ්‍රයේදී පැවැත්වුණි. මීට සමගාමීව වෙසක් පහන්කූඩු ප්‍රදර්ශනයක් ද පවත්වන ලදී. එම අවස්ථාවන්හි ඡායාරූප කිහිපයක්…
26/05/2026
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය (HARTI) විසින් කළුතර දිස්ත්‍රික්කයේ සංවර්ධන නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද දින 03ක සමාජ සජීවි කරණය (Social Mobilization) පුහුණු වැඩසටහන 2026 මැයි 20 සිට 22 දක්වා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේදී සාර්ථකව පැවැත්විණි.
මෙම වැඩසටහන ආයතනයේ අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී මහචාර්ය ඒ. එල් . සන්දික මහාතාගේ මගපෙන්වීම යටතේ අධ්‍යාපන සහ පුහුණු අංශය විසින් සම්බන්ධීකරණය කරන ලද අතර පුහුණු වැඩ සටහනේ සම්පත්කදායකත්වය මහචාර්ය ඒ. එල් . සන්දික, ආචාර්ය චතුර ජයම්පති අධි පර්යේෂණ නිලධාරී සුසිලා ලුරුදු , ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරීන් වන චින්තක ජයසූරිය සහ ප්‍රසන්න විජේසිංහ යන මහත්ම මහාත්මීන් විසින් සපයන ලදී.
මෙම පුහුණු වැඩසටහන ඊට සහභාගීවූ නිලධාරීන් ගේ ඉහළ ඇගයීමට පාත්‍ර වු අතර, එය තම වෘත්තීය කුසලතා සහ දැනුම වැඩිදියුණු කිරීමට මහත් උපකාරී වූ බව ඔවුහූ ප්‍රකාශ කළහ
25/05/2026
" ජීවන වියදම, ඉන්දියානු ආහාර ප්‍රතිපත්ති, ශ්‍රී ලංකාවේ ආනයන පරාධීනත්වය සහ දේශීය කෘෂි ආර්ථිකයේ අභියෝග" යන මැයෙන් 2026 මැයි 24 ඉරිදා දින මව්බිම පුවත්පතට හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අධි පර්යේෂක සහ ආහාර පද්ධති අංශයේ අංශ ප්‍රධාන ඩබ්. එච් දුමින්ද ප්‍රියදර්ශන මහතා දැක් වූ අදහස්.
22/05/2026
https://youtu.be/gUTC1O-ibmc?si=neQxZF7Zp8WfMLDy
இது என்ன?
யாழ்ப்பாணம், வேலனை பகுதியில் உள்ள பனை தென்னை அபிவிருத்தி கூட்டுறவு ...
14/05/2026
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ (HARTI) නිල යූටියුබ් නාලිකාව වීඩියෝ 500ක සීමාවට ළඟා වීම අපි ආඩම්බරයෙන් නිවේදනය කරමු.
වසර ගණනාවක සිට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම කෘෂිකාර්මික පර්යේෂණ, පුහුණු වැඩසටහන් සහ නව තාක්ෂණික දැනුම ඔබ වෙත ගෙන ඒමට අප කැපවී සිටින්නෙමු. රටේ කෘෂිකර්මාන්තය නංවාලීම සඳහා අප ලබාදෙන මෙම දැනුම සමඟ අත්වැල් බැඳගත් ඔබ සැමට අපගේ ප්‍රණාමය!
*ඔබේ අදහස් අපට වටිනවා!* 🗣️
අප විකාශය කල වැඩසටහන් පිළිබද මෙන්ම අපගේ ඉදිරි වැඩසටහන් පිළිබද ඔබේ අදහස් සහ යෝජනා Comment කරන්න.
ඔබට තිලිණ කල 500 ක් වීඩියෝ
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ (HAR...
11/05/2026
දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.ඒ.පළිහවඩන මහත්මියගේ ඉල්ලීම පරිදි හෙක්ටර්කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ ( ප්‍රධාන විධායක) මහාචාර්ය ඒ.එල්. සන්දික මහත්මාගේ මග පෙන්වීම යටතේ අධ්‍යාපන හා පුහුණු අංශය විසින් සංවිධානය කරන ලද "දකුණු පළාත් කෘෂිකර්ම නිලධාරීන් සඳහා සහභාගීත්ව සැලසුම් සකස් කිරීම " පිළිබඳ තෙදින පුහුණු වැඩසටහනක් 2026.05.06 දින සිට 08 වන දින දක්වා වක්වැල්ල, දකුණු පළාත් කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි. එහි දී සම්පත් දායකයින් ලෙස හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනයේ අධ්‍යාපන හා පුහුණු අංශ ප්‍රධාන/ අධි පර්‍යේෂක චතුර ජයම්පති මහතා, අධි පර්‍යේෂක එම්.ඩී. සුසිලා ලූර්දු මහත්මිය සහ පරිසර අංශයේ අංශ ප්‍රධානී/ජ්‍යෙෂ්ඨ පර්‍යේෂණ නිලධාරී, චින්තක ජයසූරිය මහතා සහභාගී වන ලදි.
30/04/2026
https://youtu.be/tYfvG4KHE-U?si=adkUTgYXXBRE9kmh බඳුන පිරෙන්න බිම්මල්
HARTI
2 likes. "බඳුන පිරෙන්න බිම්මල්"
24/04/2026
https://youtu.be/Db4BUfwI8sE?si=kfO3jlsUn3AkepcU The Art of Resilience: Weaving Hope in a Quiet Village
HARTI
1 like, 2 comments. "From Leaves to Luxury: The Secret Art of Jaffna"
21/04/2026
රාල්කුලි - කිලෝ එකට ගෙඩි දෙකයි..
HARTI
1 like. "රාල්කුලි - කිලෝ එකට ගෙඩි දෙකයි"