පිස්සු පූසා Pissu pusa

පිස්සු පූසා Pissu pusa

Share

අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසා මේ

14/11/2021

Thats my bouy

09/05/2021

විකෘති නව වෛරසය වැළදී රෝහල්ගතවෙලා ඉන්න අපේම කෙනෙක්ගෙ සටහනක් මේ. හැමෝම කියවන්න. හැමෝටම යවන්න |

Chinese virus එක අනිත් එක තරමටම අමාරුවක් නෑ. ඒත් බයානක නැතුව නෙමේ. මුලින් උණ වගේ ගැනිලා කොන්ද පොඩ්ඩක් රිදෙනවා. දවස් 2 කින් වගෙ සමහරවිට හොද වෙනවා. මම ඒකේ විස්තර කලින් මැසේජ් එකකින් කිව්වා. ඒකත් දරුණු නැත්තෙම නෑ. ඒත් ඒකත් කො රෝනාම තමා. පැතිරෙනවා. UK co rona virus එක තමයි ගොඩක්ම දරුණු. ඒක හැදුනහම හුස්ම ගන්න අමාරු වෙනවා, ලූස් මෝශන් වෙනවා, පපුව කැක්කුම එනවා, හුස්ම ගන්න අමාරුම වෙනවා දරුණුම උනහම. ඒක නිසා ඒ අයට ඔක්සිජන් දෙන්න ඕනි. මේක තදබලව පැතිරෙනවා.
කො රෝනා හැදුන කිව්වහම මේ ජාතියේ virus 2 ම හැදුනු ලෙඩ්ඩු එකම hospital එකකට දානවා. කිසිම බෙදිල්ලක් නෑ. ඒක තව පැතිරෙනවාද කියන්නනම් මම දන්නෙ නෑ. ඒ මදිවට මේ hospital වල මැස්සෝ සෑහෙන්න. උන්ගෙනුත් තව බෝ වෙනවද කියන්න තාම හිතන්න අමාරුයි. හතරවටේ වහනවා. තියෙන ඇදන් හිස් උනහම chinese virus එක හැදුනු කෙනෙක් දායිද කියලා කාටවත්ම කියන්න බෑ. එන පිලිවෙලට තමා දාන්නෙ. ඩොක්‍ටස්ලා නර්ස්ලා ලගටවත් එන්නේ නෑ. ඒකෙ නම් මම වරදක් කියන්නෙ නෑ. මොකද ඒ අය අසනීප නොවී මේ කෙරෙන කාර්යය කරගෙන යන එක තමයි වැදගත්ම දේ.
කාට හරි අමාරු උනහම අමාරු අඩු කෙනෙක් තමා එයා ලගට ගිහින් මොනවද තියෙන අමාරු කියලා අහන්න ඕනි. ඊටපස්සෙ ගොඩක්ම අමාරුනම් ඩොක්ටර්ට call කරල කියන්න ඕනි. ඊට පස්සෙ ඒකට ඩොක්‍ටර්ස්ලා මොනවා කරනවද කියන්න නම් මම දන්නෙ නෑ.
කො රෝනා හැදුනු අය විතරක් නෙමේ හැමෝම උනත් එක දිගටම උණු වතුරම බොන එක මාර වැදගත්. ඒ වගේම උණු වතුර වාශ්ප අල්ල එකත්. පැය 24 ම මාස්ක් එක දාගෙන ඉන්නේ. කෑම කන වෙලාවට, වතුර බොන වෙලාවට විතරයි මාස්ක් එක ගලවන්නේ. මම නම් නිදා ගන්නෙත් මාස්ක් එක දාගෙන. උදේ 06 ටයි හවස 02 ටයි අපේ ප්‍රෙෂර් චෙක් කරනවා. ප්‍රෙෂර් ලෙවල් එක බලලා කෝඩිනේටර් (කොරෝනා හැදිලා දවස් 05 කට වැඩිය Hospital එකේම බෙහෙත් ගන්න කෙනෙක්) ඩොක්ටර්ට අපේ විස්තර දෙනවා. ⁣එක එක්කෙනාට තියෙන හෙම්බිරිස්සාව, ඇගපත වේදනාව, ඔලුවේ කැක්කුම අනුව බෙහෙත් දෙනවා.
පෙරේදා මගේ ඇදේ එහා පැත්තේ වයස අවු 40 ක වගෙ කෙනෙක්ට රෑ 01ට වගේ හුස්ම ගන්න අමාරු උනා. හැමෝම හොදටම නිදි. මට වෙලාවට ඇහැරුනා එයා හුස්ම ගත්තේත් ගොඩක් අමාරුවෙන්. එයාට නැගිටගන්නවත් පන නෑ වගේ. ඊට පස්සේ එයාව ඇදෙන් වාඩි කරෝලා උණුවතුර බොන්න දුන්නා. ටික වෙලාවකින් දෙයියන්ගෙ පිහිටෙන් පොර Normal තත්වෙට ආවා. එයා මගේ මූණ දිහා බලාගෙන කිව්වේ "මල්ලී මට හිතුනේ මම මැරෙයි තමා" කියලයි. "පවුලේ උන්වත් මතක් උනා" කියලයි. වාට්ටු පුරාම ඇහෙන්නේ කහින සද්දේ තමයි. බිත්තියක් අල්ලන්න බයයි, ටොයිලට් යන්න බයයි, දොරක්, ඇදක් අල්ලන්න බයයි. කෝප්ප, පිඟන් උණු වතුරෙන් පිරිසිදු කරගන්නවා හැම තිස්සෙම. ඉතින් ඔහොමයි මෙහෙ තත්වේ. හිතන තරම් මේ ලෙඩේ සුන්දර නෑ.

අපේ අම්මා call කරන හැම වෙලාවෙම කියන්නෙ, "ඇදෙන්වත් බහින්න එපා.
වැඩිය මොකුත් අල්ලන්න එපා" කියලා. මම ඉතින් "හා අම්මේ" කියලා කියනවා. ඒත් මෙහෙ ඇත්ත තත්වෙ එයාලට කියන්න බෑ. මගේ මේ හිතේ තියෙන දේවල් මේ group එකේ හරි දාලා මගේ ප්‍රෙෂර් එක අඩු කරගන්නවා.

ඔයාලට කො රෝනා හැදිලා නෑ ඔයාලට කො රොනා හැදෙන්න දෙන්නෙ නැති විදිහට මෙහෙම හරි විස්තරයක් කියල ඔයාලව පරිස්සම් කරන්න chance එකක් හම්බෙලා තියෙනවා. ඒක නිසා මම මට හිතෙන දැනෙන එක Message එකක් විදිහට දානවා. පෙරේදා Bus 6 යි. ඊයේ Bus 5 යි. ඔක්කොම පූනානි යැව්වා.

මේ තාම අහු වෙන්නේ අලුත් අවුරුද්දට එලියට ගියපු අය. තාම එ අයගේ ආශ්‍රිතයෝ හම්බ වෙන්න පටන් අරන් නැහැ. ඒ අයත් ඉස්සරහා සති වලදි PCR වලින් අඳුන ගනීවි.

හැමෝම පරිස්සමට ඉන්න. කො රෝනා නම් හදාගන්න එපා. මේක මහ අපායක් වගේ. කො රෝනා හදාගෙන එන්න හිතන්නවත් එපා.

ලොකු ටෝක්ස්
පිටුවෙන් උපුටා ගන්නා ලදී..

25/12/2020

ඉන්දියාවේ ජනගහනය බිලියන 1.38 ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 21.7
ඉන්දියාවේ ජනගහනය ශ්‍රී ලංකාවේ ජනගහනය මෙන් 64 ගුණයක් පමණ වේ.

2020 දෙසැම්බර් 24 ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 588. ලන්කාවේ ජනගහනය ඉන්දියාවේ ජනගහනයට සාපේක්ෂ කර බලමු.
588 X 64 = 37632. නමුත් ඊයේ (24 දින) ඉන්දියාවේ වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 24712. ඒ අනුව ඉන්දියාවේ කොරෝනා පැතිරීමට වඩා ලංකාවේ කොරෝනා පැතිරීම වේගවත් බව පෙනී යයි.

මිනිසුන් ලක්ශයක නියැඳියකින් දිනකට කොරෝනා ආසාදනය වන ප්‍රතිශතය
ශ්‍රී ලංකාව - 2.7
ඉන්දියාව - 1.8

25/10/2020

ජපානෙ පාසල් පෙළපොත්වලටත් ගියපු අපිට වීරයෙක් නොවුණු වීරයා රණතුංග කරුණානන්ද..
ඔලිම්පික් තරගාවලියෙන් පසුව හරිහමන් රැකියාවක් නොලැබු කරුණානන්ද මහතාට වර්ශ 1975දී ජපානයේ ව්‍යාපාරිකයෙකුගෙන් රැකියාවක් සඳහා ඇරයුමක් ලැබෙන්නේ ඔහුට ගෞරවයක් වශයෙන්. නමුත් ඔහු ජපානයට යාමට දින කීපයකට පෙර ඉඟිනියාගල 'නාමල් ඔය' වැවේ ගිලී මිය යන්නේ අභිරහස් ලෙසයි. මිනීමැරුමක්ද හදිසි අනතුරක්ද යන්න තවමත් හෙලි නොවූ කරුණානන්ද මහතාගේ අභාවයෙන් ශෝකයට පත් ඔහුගේ බිරිඳ සිහිවිකල් තත්වයට පත්වූ අතර ඇය සහ ඇගේ දරු පවුල මහමගට වැටීමට කරුණු සැලසුනා.

පසුව කරුණානන්ද මහතාගේ ඥාතියෙක් එම පවුලට රැකවරණය සහ මුදල් හදල් ලබාදීමට කටයුතු කර තිබුණත් එවකට පැවති රජය ඔවුන්ට වන්දි මුදල් ලබාදීමට හෝ රණතුංග කරුණානන්ද මහතා වීරයෙකු ලෙස පිළිගැනීමට කැමති වූයේ නැහැ.
ඒ අනුව වසර 39ක් වැනි තරුණ වියේදී අපට වීරයෙක් නොවුණු වීරයාගේ ඉරණම එසේ අවසන් උනා..

21/10/2020

අද රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කය සඳහාම නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙනවා.සඳුදා අලුයම 5 දක්වා මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා.

20/10/2020

කුලියාපිටිය, ගිරිඋල්ල, පන්නල, දුම්මලසූරිය, නාරම්මල පොලිස් බලප්‍රදේශවලටත් ඇඳිරිනීතිය..
හොඳ වෙලාවට තාම සමාජගත වෙලා නෑ. වෙන පැත්තකට පැනගන්න ඕනෙ.

Photos from පිස්සු පූසා Pissu pusa's post 25/04/2019

බෝම්බ සැකකරුවන් හදුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි...

☎️ 071 8591771
☎️ 011 2422176
☎️ 011 2395605

Photos from පිස්සු පූසා Pissu pusa's post 25/04/2019

බෝම්බ සැකකරුවන් හදුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි...

☎️ 071 8591771
☎️ 011 2422176

Photos from පිස්සු පූසා Pissu pusa's post 25/04/2019

මීට සුළු මොහොතකට පෙර යුධ හමුදාව භාවිත් කරන වෙඩි නොවදින ඇඳුම් සමඟ කුරුණෑගල -කෑගල්ල මාරගයේ බස් රථයක් තුලදී මුස්ලිම් ත්‍රස්ථවාදියෙකු අත්අඩංගුවට..

25/04/2019
25/04/2019

කටුනායක බදුල්ල, පූගොඩ සහ කුරුණෑගල හදිසි තත්වයක්. ඒ පැතිවලට යන අය ඉන්නවානම් දැනුම් දෙන්න.. බොහොමයක් මාර්ග වසා ඇත

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo
25675