Ministry of Industry and Entrepreneurship Development-Sri Lanka

Ministry of Industry and Entrepreneurship Development-Sri Lanka

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ministry of Industry and Entrepreneurship Development-Sri Lanka, Government Organization, 73/1, Galle Road, Colombo 03, Colombo.

30/03/2026

🌟 ශ්‍රී ලංකාවේ ආයෝජනයට අනගි අවස්ථාවක්!

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට අයත් කාර්මික කලාපයන්හි අක්කර 203 ක රූඩ් 2 ක් සහ පර්චස් 25.5 ක ඉඩම් ප්‍රමාණයක් මේ වන විට හිස් ව පවතිනවා.

💼 දේශීය හා විදේශීය ආයෝජකයින්ට ආරාධනා !

🌟 இலங்கையில் முதலீட்டாளர்களுக்கு ஒரு புதிய வாய்ப்பு!

கைத்தொழில் மற்றும் தொழில் முயற்சியாண்மை அபிவிருத்தி அமைச்சகத்திற்குச் சொந்தமான மொத்தம் 203 ஏக்கர், 2 ரூட்ஸ் மற்றும் 25.5 பேர்ச்சஸ் நிலம், நாடு முழுவதும் உள்ள பல்வேறு தொழிற்மண்டலங்களில் தற்போது காலியாக உள்ளது.

💼 உள்நாட்டு மற்றும் வெளிநாட்டு முதலீட்டாளர்களுக்கு திறந்த அழைப்பு!

🌟 A New Opportunity for Investors in Sri Lanka!

A total extent of 203 acres, 2 roods, and 25.5 perches of land, belonging to the Ministry of Industry and Entrepreneurship Development, is currently vacant across several industrial zones around the country.

💼 An open invitation to both local and foreign investors!

For further inquiries :
Industrial Development Division
011-2441490
011-2343937

18/03/2026
Photos from Ministry of Industry and Entrepreneurship Development-Sri Lanka's post 20/02/2026

“Rebuild Industries” කර්මාන්ත අමාත්‍යාංශයේ නිල පුවත්පත එළි දක්වයි.....

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම (ලේක් හවුස්) සමග එක්ව නිකුත් කරනු ලබන “Rebuild Industries” නිල පුවත්පත හා අන්තර්ජාල e - පුවත්පත එළිදැක්වීම 18 දා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ලේක් හවුස් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

වසර 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කයක් ලඟා කර ගැනීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශය ගෙනයන සුවිශාල වැඩපිළිවෙලේ තවත් එක් පියවරක් ලෙස මෙම “Rebuild Industries” නිල පුවත්පත එළි දක්වනු ලැබීය.

මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා බස්නාහිර පළාත තුළ කේන්ද්‍රගතව පවතින ව්‍යවසායකත්වය ලංකාවේ අනිකුත් පළාත් වෙතට ගෙනයාමටත් කර්මාන්තකරුවන්ගේ ශක්‍යතාවය ඒකාබද්ධ කිරීමටත් මෙම “Rebuild Industries” නිල පුවත්පත හරහා ඉතා හොඳ අවස්ථාවක් ලැබෙන බවත් කර්මාන්ත ක්ෂේත්‍රය තුළ මේ වන විට ඇතිවී ඇති පරිවර්තනය වෙනස සඳහා ශක්තිමත් පදනමක් සකස් කිරීමට සහ ව්‍යවසායකත්වය ජනගත කිරීමට මේ හරහා ඉතා හොඳ අවස්ථාවක් උදාවී ඇති බව පැවසීය.

පුවත්පත එළිදැක්වීම අවස්ථාව සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, අධ්‍යක්ෂ ජනරාල්වරු, ආයතන ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්, ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ සභාපති ගාමිණී වරුසමාන, සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ කතෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ පුවත්පත් කතෘවරු, සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ රාජ්‍ය සබඳතා දෙපාර්තමේන්තු ප්‍රධානී සමන්ත කරුණාසේකර ඇතුළු පිරිසක් සහභාගිවූහ.

Photos from Ministry of Industry and Entrepreneurship Development-Sri Lanka's post 20/02/2026

තිරසාර වෙළඳාම ඉදිරියට ගෙන යමින් ලංකාවේ සුපිරි වෙළඳසැල් හා සාප්පු සංකීර්ණ සඳහා පරිසර ලේබල් කිරීම (Ecolabel) හඳුන්වාදෙයි......

ශ්‍රී ලංකාවේ සුපිරි වෙළඳසැල් හා සාප්පු සංකීර්ණ සඳහා පරිසර ලේබල් කිරීම (Ecolabel) හඳුන්වා දීම තුළින් ශ්‍රී ලංකාවේ තිරසාර වෙළඳාම දියුණු කිරීම පිළිබඳව ඉහළ මට්ටමේ විධායක නිලධාරීන්ගේ සමුළුවක් පසුගියදා (11 දා) කොළඹ NH Collection හෝටලේදී පැවැත්විණ.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය හා ජපානයේ ඉකෝ මාක් (Eco Mark) ආයතනයේ සහාය ඇතිව ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය (NCPC) සංවිධානය කළ මෙම සමුළුව මගින් ශ්‍රී ලංකාවේ සිල්ලර වෙළඳ ක්ෂේත්‍රය තුළ පාරිසරික වගකීමෙන් යුත් ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම, සම්පත් කාර්යක්ෂමතාව සහ පාරිසරික කාර්ය සාධන උදෙසා උසස් ප්‍රමිතින් ස්ථාපිත කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලදී.

2018 වසරේදී ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාවේ ජාතික පාරිසරික ලේබල් කිරීමේ වැඩසටහන වන Ecolable Sri Lanka වැඩසටහන ආරම්භ කර ඇත. මෙම වැඩසටහන ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර ගෝලීය පාරිසරික ලේබල් කිරීමේ ජාලය (GEN) තුළ පූර්ණ සාමාජිකත්වය ලබාගෙන තිබෙයි. මෙම Ecolable Sri Lanka වැඩසටහන ජපානයේ ඉකෝ මාක් (Eco Mark) ආයතනය හා ජපාන පාරිසරික අමාත්‍යාංශයේ තාක්ෂණික සහාය ඇතිව ශ්‍රී ලංකාවේ සුපිරි වෙළඳසැල් හා සාප්පු සංකීර්ණ (shopping mall ) දක්වා ව්‍යාප්ත කිරීම ආරම්භ කර ඇත.
ලංකාවේ සිල්ලර වෙළඳාම තුල තිරසාර භාවය හා පාරිසරික වගකීම ඉදිරියට ගෙනයාමේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ජපානේ ඉකෝ මාක් ආයතනය හා ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය තාක්ෂණික සහයෝගිතාව පිළිබඳව අවබෝධතා ගිවිසුමකට එළඹීමද මෙහිදී සිදුවිය.

මෙම සමුළුව සඳහා ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ සභාපති ගාමිණී ගුණසේකර, ප්‍රධාන විධායක නිලධාරී සමන්ත කුමාරසේන, මෙහෙයුම් කළමනාකරු රුවන් විජයමාන්න, ජපානයේ ඉකෝ මාර්ක් කාර්යාලයේ සාමාන්‍යාධිකාරී ටකාෂි ෆුජිසාකි, ජපානයේ ඉකෝ මාර්ක් කාර්යාලයේ කළමනාකාකරු හිරෝයුකි කොබයාෂි, ජපානයේ පරිසර අමාත්‍යාංශයේ රියුහෙයි ටකෙමොටෝ, ජපාන විද්‍යාඥයින්, සාප්පු සංකීර්ණ හා සුපිරි වෙළඳසැල්වල ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Photos from Ministry of Industry and Entrepreneurship Development-Sri Lanka's post 20/02/2026

ඉසව් කළමණාකරණ (Event Management) කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා පළමුවරට උපදේශණ සභාවක් .....

ශ්‍රී ලකාවේ හදුනාගත් නව කර්මාන්ත ක්ෂේත්‍ර අතරින් ප්‍රමුඛතම ස්ථානයක් හිමිවන ඉසව් කළමණාකරණ (Event Management) කර්මාන්ත අංශයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉතිහාසයේ පළමුවරට උපදේශණ සභාවක් පත්කිරීම පසුගියදා (9 දා) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. සේවා අංශය වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය උපදේශණ සභාවක් පත්කළ පළමු අවස්ථාව මෙය වෙයි.

ශ්‍රී ලංකාවේ වසර 30 කට අධික කාලයක් තිස්සේ පවත්වාගෙන එන නිර්මාණාත්මක කර්මාන්තයක් ලෙස හදුනාගෙන ඇති මෙම ඉසව් කළමණාකරණ කර්මාන්තය 2025 වසරේදී රුපියල් බිලියන 60 ක වටිනාමක් සහිත ඍජු රැකියා අවස්ථා 30 000 ක්, වක්‍ර රැකියා අවස්ථා 80 000 ක් ලබාදී ඇති, පවුල් සාමාජිකයන් ලක්ෂ 4 කට අධික ප්‍රමාණයක් යැපෙන, ලංකාවේ ශිල්පීය දක්ෂතා ලෝකයට ගෙනයන දැවැන්ත කර්මාන්ත ක්ෂේත්‍රයක් වෙයි. ඉදිරියේදී මෙම කර්මාන්තය රැපියල් බිලියන 250 ක දක්වා වර්ධනය කර ගැනීම අපේක්ෂාවයි.

ගෝලීයව මෙම කර්මාන්තය වාර්ශකව 10%- 14% වැනි ඉහළ වර්ධන වේගයකින් ඉදිරියට යන අතර ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.5 ක වටිනාකමක් හිමිකරගෙන සිටියි.

රාජ්‍ය අංශය, පුද්ගලික අංශය හා ශාස්ත්‍රීය අංශය යන අංශ තුනම නියෝජනය වන පරිදි කමිටු සාමාජිකයින් 25 දෙනෙක්ගෙන් මෙම උපදේශණ සභාව සමන්විත වන අතර එහි සභාපතිවරයා ලෙස ඉසව් කළමණාකරණ සංගමයේ සභාපති සාලිය වීරසේකර මහතා පත්විය.

මෙම ක්ෂේත්‍රයේ මේ වන විට පවතින ගැටළු, අභිවෘද්ධිය සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ ඉදිරි සැලසුම් පිළිබඳව අවධානය යොමු කළ අතර සංචාරක ව්‍යාපාරය සමඟ ඒකාබද්ධව දකුණු ආසියාව තුළ ශ්‍රී ලංකාව ඉසව් ((Event) සඳහා කේන්ද්‍රස්ථානයක් (Hub) බවට පත්කීරීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදී. මෙහිදී ඉසව් සංචිධානය කිරීමේදී අනුමැතීන් ලබා ගැනීමේ ගැටළුව, ක්ෂේත්‍රය පිළිබඳව නිවරදි දන්ත නොමැතිවීම, නිර්මාණාත්මක අයිතීන් හා ප්‍රමිතීන් පවත්වා ගැනීම, ලංකාවේ පවත්වන විවිධ ඉසව් පිළිබඳ ජාතික දින දර්ශණයක් පවත්වාගෙන යාම, අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් සංවර්ධනය වැනි කරුණු පිළීබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. අගනගරය ආශ්‍රිතව අන්තර්ජාතික ඉසව් පැවැත්වීම සඳහා සුදුසු පරිශ්‍රයක අවශ්‍යතාවය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමුවිය.

මෙම සාකච්ඡාව සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංයේ ලේකම් තිලකා ජයසුන්දර, අතිරේක ලේකම් S.W.C. ජයමිණි, අධ්‍යක්ෂ ගීතානි දිසානායන, අමාත්‍යාංශ නිලධාරීන්, ඉසව් කළමණාකරණ ක්ෂේත්‍රයේ නියුතු නිර්මාණකරුවන් ප්‍රමුඛ කර්මාන්තකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Photos from Ministry of Industry and Entrepreneurship Development-Sri Lanka's post 20/02/2026

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් කොරියානු ආර්ථිකයට ලැබෙන දායකත්වය ප්‍රශංසනීයයි......
- කොරියානු නියෝජ්‍ය කථානායක

කොරියාවේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් එරට ආර්ථිකයට ලබාදෙන දායකත්වය ඉතාමත් ප්‍රශංසනීය බවත් ඒ පිළිබඳව ශ්‍රී ලංකාවට තම ස්තූතිය පිරිනමන බව දිවයිනට පැමිණි කොරියානු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක Lee Hack Young මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ පසුගියදා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා හමුවූ අවස්ථාවේදීය.

මෙහිදී සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා කොරියාවේ ශ්‍රමික වෙළඳපළතුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදී අවස්ථාව පිළිබඳව කොරියානු රජයට ස්තූතිය පළ කළ අතර ඉතා හොඳ පුහුණු ශ්‍රමික බලකායක් ශ්‍රී ලංකාව සතුව පවතින බවත් කොරියාව වෙත ශ්‍රමිකයින් ගෙන්වා ගන්නවා සේම කොරියානු ආයෝජකයින්ට ලංකාවේ ආයෝජනය කිරීම තුළින් එම ශ්‍රමිකයින්ගේ දායකත්වය ඉතා පහසුවෙන් ලංකාව තුළදී ලබාගෙන ලාංකික ශ්‍රම දායකත්වයෙන් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ඉන්දියාව, පකිස්ථානය, බංගලිදේශය වැනි වෙළඳපළ වෙත ඉදිරිපත් කිරීමට ඇති හැකියාව පිළිබඳව Lee Hack Young මහතා ප්‍රමුඛ කොරියානු නියෝජිත පිරිසේ අවධානය යොමු කරන ලදී.

ශ්‍රී ලංකාව වර්තමානයේ IMF ණය ලබාගන්නා කාලය වැනි දුෂ්කර කාලයක් කොරියාවද පසු කළ බවත් නමුත් මෙම තත්ත්වය ඉතා ඉක්මනින් මගහරවාගෙන කොරියාව මෙන් දියුණු ආර්ථිකයක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාට හැකිවන බව තමා විශ්වාස කරන බවද නියෝජ්‍ය කතානායක Lee Hack Young මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කොරියානු නියෝජිත පිරිස හා අමාත්‍යවරයා විසින් දෙරටටම බලපානු ලබන වීසා ගැටලූ විසඳා ගැනීම පිළිබඳවත් වසර 50 ක් පැරණි ශ්‍රී ලංකා - කොරියා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳවත් සාකච්ඡා කරන ලදී.

මෙම සාකච්ඡාව සඳහා Bok Kiwang ( Democratic Party), Song Jaebong (Democratic Party) , Jung Hyekyung ( Jinbo Party) , National Assembly Secretariat නියෝජ්‍ය අධ්‍යක්ෂ Lee Jayoung, ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි Miyon Lee මහත්මිය හා ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාල නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

Photos from Ministry of Industry and Entrepreneurship Development-Sri Lanka's post 20/02/2026

රාජ්‍ය සේවයේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂම කරමින් කර්මාන්ත අමාත්‍යාංශය අඛණ්ඩව 4 වන වරටත් කාර්ය සාධන ගිවිසුම් වලට එළඹෙයි.....

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂම කරගනිමින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවයට වගවීම සහ ප්‍රතිළුල ලඟාකර ගැනීමේ දිශානතිය තහවුරුකරගැනීම අරමුණු කරගනිමින් 2026 වර්ෂය සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සියළුම ආයතන වල කාර්ය සාධන ගිවිසුම් අත්සන් කිරීම පසුගිය 03 දා අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ මගපෙන්වීම යටතේ අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සංස්ථාපිත ආයතන, රාජ්‍ය සංස්ථා හා දෙපාර්තමේන්තුවල ප්‍රධානින් 28 දෙනෙක් හා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් හා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 9 දෙනෙක් අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සමග මෙලෙස කාර්ය සාධන ගිවිසුම් වලට එළඹෙන ලදී.

මෙලෙස වාර්ශිකව කාර්ය සාධන ගිවිසුම් වලට එළඹෙන ලංකාවේ එකම අමාත්‍යාංශය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය වන අතර අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ සංකල්පයකට අනුව 2023 වසරේදී ආරම්භකළ මෙම කාර්ය සාධන ගිවිසුම් වලට එළඹීම අඛණ්ඩව 4 වන වරටත් මෙම වසරේදීද ක්‍රියාත්මක කරන ලදී. කාර්ය සාධන ගිවිසුම් වලට එළඹ ඒ අනුව කටයුතු කළ ආයතන සියල්ලම පසුගිය වසර 3 තුළ ඉහළම කාර්යක්ෂමතාවක් පෙන්නුම් කිරීමට සමත්ව තිබෙයි.

මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කළේ, අමාත්‍යාංශය හා අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන සියල්ලටම පසුගිය වසර වලදී ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කිරිමට හැකියාවක් ලැබුනේ නිවරදිව KPI අනුගමනය කිරීමෙන් බවත් එවැනිම වූ ඉහළ කාර්ය සාධනයක් මෙම වසරේදීද සියලුම ආයතන වලින් බලාපොරොත්තු වන බවය. ලෝකයේ ශ්‍රේණිගතකිරීම් වල රටේ පිහිටි ස්ථානය තීරණය කරනු ලබන්නේ රාජ්‍ය නිලධාරීන් බව පැවසූ ඇය රාජ්‍ය සේවය තුළ ඩිජිටල්කරණයේ අවශ්‍යතාවය අවධාරණය කළාය. මෙම වසරේ සිට සෑම මාස තුනකට වරක්ම කාර්ය සාධන ගිවිසුම් ඇගයීම සිදුකරමින් එහි ඵලදායිතාව වඩාත් ඉහල නැංවීමට කටයුතු කරන බවද තිලකා ජයසුන්දර මහත්මිය මෙහිදී වැඩිදුරටත් පැවසුවාය.

මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ සියලුම අතිරේක ලේකම්වරුන්, අධ්‍යක්ෂ ජනරාල්වරු, අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතන වල ප්‍රධානීන්, අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address


73/1, Galle Road, Colombo 03
Colombo

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15