ධම්මපදය (Dhammapada)

ධම්මපදය (Dhammapada)

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ධම්මපදය (Dhammapada), Public & Government Service, Colombo.

"DHAMMAPADA" which is an invaluable treasure for Buddhists is an unparalleled religious text, which, in reality sums up the essence of the Tripitaka (The Baskets of the Buddhist Doctrine). හුදෙක් ධම්මපදය වනාහි බෞද්ධ ජනයාගේ හස්තසාර වස්තුවකි. ‘‘ධම්මපදය‘‘ වූ කලී ත්‍රිපිටකයේ සාරය මේ යැයි හකුළුවා දක්වා ලූ අනුපමේය ධර්ම සංග්‍රහයකි.
හින්දූන්ට භගවත් ගීතාව යම් සේ ද කිතුනුවනට ශුද්ධ බයිබලය යම් සේ ද මහමදිකයනට

13/04/2026

ධර්මය යනු බුද්ධියෙන් විමසා ප්‍රායෝගිකව අත්දැකිය යුතු සදාතනික සත්‍යයකි.

​බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය හුදෙක් ඇදහීමකට හෝ පොතපතට පමණක් සීමා වූ දර්ශනයක් නොවේ. එය "ස්වක්ඛාත" වූ හෙවත් ඉතා මැනවින් දේශනා කරන ලද, අනුගමනය කරන්නාට ඒ මොහොතේම ප්‍රතිඵල ලබා දෙන ජීවන මාර්ගයකි. එහෙත් වර්තමානයේ බොහෝ දෙනෙක් ධර්මයේ සඳහන් ඇතැම් ගැඹුරු අත්දැකීම්, සෘධි ප්‍රාතිහාර්යයන් හෝ මාර්ග ඵල අවබෝධයන් දෙස බලන්නේ සැකයෙනි. එසේ වන්නේ තම පියවි බුද්ධියෙන් පමණක් ඒ දෙස බලා තේරුම් ගැනීමට උත්සාහ කරන බැවිනි.

​ධර්මය යනු "ඇවිත් බලන්න" (ඒහිපස්සිකෝ) කිව හැකි දෙයකි. ​ලොව පවතින අනෙක් දෘෂ්ටිවාද මෙන් නොව, බුදුදහම ඕනෑම අයෙකුට විවෘතව ආරාධනා කරන්නේ "ඇවිත් බලන්න" යනුවෙනි. එහි කිසිදු රහසක් හෝ සැඟවුණු දෙයක් නොමැත. යමෙකු ආර්ය අෂ්ටාංගික මාර්ගය අවංකව පිළිපදින්නේ නම්, එමගින් ලැබෙන මානසික නිදහස සහ ප්‍රඥාව ඔහුට අන් අයෙකුගෙන් අසා දැනගන්නට අවශ්‍ය නොවේ. එය සන්දිට්ඨිකය; එනම් තමාටම ප්‍රත්‍යක්ෂ වන දෙයකි.

​සෘධි අභිඥා හෝ මනෝමය බලයන් යනු සිත දියුණු කිරීමේ ක්‍රියාවලිය තුළ හමුවන අතුරු ඵලයන් බඳුය. සිත පිරිසිදු කරමින්, සමාධිය සහ ප්‍රඥාව වඩන යෝගාවචරයෙකුට මේවා අමුතු දේවල් නොවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සෑම කරුණක්ම සජීවීව අත්දැකිය හැකි බව උන්වහන්සේ සහතික කළ සේක. තමාට අත්දැකිය නොහැකි කිසිවක් උන්වහන්සේ දේශනා නොකළහ. අවශ්‍ය වන්නේ ඒ සඳහා වූ කැපවීම සහ සිත දියුණු කර ගැනීම පමණි.

​ධර්මය ප්‍රත්‍යක්ෂ කරගැනීමට නම් අප යා යුතු නිවැරදි ප්‍රායෝගික මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

​සීලය: සිත පිරිසිදු කරගැනීමට අවශ්‍ය පදනමයි.

​සමාධිය: විසිරුණු සිත එකඟ කරගනිමින් ගැඹුරු ධර්මතාවන් දැකීමට සිත සකස් කිරීමයි.

​ප්‍රඥාව: ඇති ඇති සැටියෙන් ලෝකය දැක අවිද්‍යාව දුරු කිරීමයි.

​ධර්මය කෙරෙහි සැක ඇති වන්නේ අප එය ප්‍රායෝගිකව අත්හදා නොබලන තාක් පමණය. කුසගින්නෙන් පෙළෙන අයෙකුට ආහාර වට්ටෝරුවක් කියවීමෙන් කුසගින්න නිවෙන්නේ නැත. ඔහු කළ යුත්තේ ආහාරය අනුභව කිරීමයි. ධර්මයද එලෙසමය. එය කියවීමෙන් හෝ ඇසීමෙන් ඔබ්බට ගොස්, සිත පිරිසිදු කරගනිමින් භාවනානුයෝගීව කටයුතු කරන්නේ නම්, "අකාලික" වූ මෙම ධර්මයේ සැබෑ සුවය ඔබටත් මේ ජීවිතයේදීම අත්දැකිය හැකි වනු ඇත.

තෙරුවන් සරණයි..
අමා සුව

12/04/2026
11/04/2026

පින්වත් මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් ප්‍රශ්නයක්‌ විමසුවා 'ස්‌වාමීන් වහන්ස, සතිය සිහිය කියන්නේ කුමක්‌ද?' කියලා. පින්වත් ඔබ ආසනයක වාඩිවෙලා, බුදුගුණ භාවනාව මෙනෙහි කරමින් සිටිනවාය කියලා හිතන්න. මොහොතකින් ඔබේ සිත බාහිර අරමුණක්‌ කරා ඇදී යනවා. ඔබ ඇස්‌ දෙක පියාගෙන සිටියත්, ඔබේ සිත දැන් තිබෙන්නේ වෙනත් රූපයක්‌ ඔස්‌සේ ඇදී ගිහින්. දැන් ඔබ සිටින්නේ ඇතිකොටගත් සැබෑ අරමුණ කෙරෙහි අසිහියෙන්. තමා අසිහියෙන් සිටින බව දැනගෙන, ඔබ නැවතත් බුදුගුණ භාවනාව සඳහා සිත යොමුකරනවා. භාවනාව කෙරෙහි යොමුකරගන්නාවූ සිත නැවැත නැවත එම අරමුණ කෙරෙහි තැන්පත් කරගන්නවා. දැන් ඔබ තුළ සතියත්, සිහියත් දෙකම තිබෙනවා.

තවත් පින්වත් මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් ප්‍රශ්නයක්‌ විමසුවා 'ස්‌වාමීන් වහන්ස ධර්මය, අධර්මය කියන්නේ කුමක්‌ද?' කියලා. පින්වත් ඔබ අනිත්‍ය දෙය අනිත්‍යය වශයෙන් දකිනවා නම්, දුක දෙය දුක වශයෙන් දකිනවා නම්, අසුබ දෙය අසුබ වශයෙන් දකිනවා නම්, අනාත්ම දෙය අනාත්ම වශයෙන් දකිනවා නම් එය ධර්මය වෙනවා. පින්වත් ඔබ අනිත්‍ය දෙය නිත්‍ය වශයෙන්, දුක දෙය සැපයක්‌ වශයෙන්, අසුබ දෙය සුබ වශයෙන්, අනාත්ම දෙය ආත්මීය වශයෙන් දකිනවා නම් එය අධර්මය වෙනවා.

යම් පින්වතෙක්‌ භික්‍ෂුවගෙන් ඇසුවහොත් සිංහල බෞද්ධයා කියන්නේ කවරෙක්‌ද කියලා, භික්‍ෂුව මෙහෙම පිළිතුරක්‌ තමයි දෙන්නේ. සැබෑම සිංහල බෞද්ධයා කියන්නේ අන්‍ය ජාතීන්, අන්‍ය ආගමික පින්වතුන්, කායිකව මානසිකව පීඩාවට පත්කරමින් කටයුතු කරන ජාතිවාදියෙක්‌ නොවේ. ඒ වගේමයි 'සිංහල ජාතිය, බෞද්ධකම තිබුණාය කියලා බඩපිරෙනවද?' කියමින් ජාතිය, බෞද්ධකම දෙවැනි තැනට දමා, ධනය බලය පසුපස හඹායන ජාති ද්‍රෝහියෙක්‌ද නොවේ. සැබෑම සිංහල බෞද්ධයා යනු, සම්මා දිට්‌ඨියෙන් පරිපූර්ණවූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන පින්වතායි. තමනුත් සම්මා දිට්‌ඨියෙන් භව ගමනේ ආරක්‍ෂා වී, මෙලොව පරලොව සැපයන් සාක්‍ෂාත්කොටගෙන අනුනට මෙලොව, පරලොව සැපයන් ආරක්‍ෂාකරදීමට අවශ්‍ය උපකාරක ධර්මයන් සලසන පින්වතායි.

සිංහල අලුත් අවුරුද්දක්‌ ළඟ ළඟම පැමිණෙන මොහොතේ පින්වත් ඔබට සතිය සිහිය ගැනත්, ධර්මය අධර්මය ගැනත්, සැබෑම සිංහල බෞද්ධයා යන අර්ථය ගැනත් සටහනක්‌ තැබුවේ, සතියෙන් සිහියෙන් තොරව, අධර්මය පසුපස යමින්, සිංහල බෞද්ධකමේ අර්ථයන් මුවහත් කිරීමට අසාර්ථක උත්සහයක යෙදෙන සමාජය ගැන කරුණාවෙන්මයි.

සමාජය දෙස මොහොතක්‌ දෑස්‌ හැර බලන්න. හැමෝම සුදෝ සුදු ඇඳුම් අඳින්න හරිම දක්‍ෂයි. හැමෝම තුණුරුවන්ට පසඟ පිහිටුවා වඳින්න හරිම දක්‍ෂයි. හැමෝම පින්කම් කරන්න, දන් දෙන්න හරිම දක්‍ෂයි. නමුත් හැමෝම ද්වේෂයට පෙරළා ද්වේෂ කරනවා. වෛරයට පෙරළා වෛර කරනවා. හැමෝම පළිගැනීමට පෙරළා පළිගන්නවා. 'මම නැවතුනා. ඔබත් නවතින්න' කියන අර්ථවත් පූර්වාදර්ශයක්‌ සමාජයට දෙන්න කව්රුවත්ම ඉදිරිපත්වෙන්නේ නැහැ. 'ඔබ මට ද්වේෂ කළා. මම ඔබට ද්වේෂ කරන්නේ නැහැ' කියලා 'ඔබ මට වෛර කළා. මම ඔබට වෛර කරන්නේ නැහැ' කියලා 'ඔබ මගෙන් පළිගත්තා. මම ඔබෙන් පළිගන්නේ නැහැ' කියලා සිංහනාදයක්‌ කරන්න සැබෑම සිංහල බෞද්ධයෙක්‌ නැති සිංහල ජාතියට තවත් සිංහල අවුරුද්දක්‌ අනිද්දාට උදාවෙනවා.

තෘෂ්ණාව නැමැති මධුවිතට, ද්වේෂය, වෛරය, පළිගැනීම කටගැස්‌මක්‌ වී සිංහලකම, බෞද්ධකමේ අර්ථයන් ඇසට පෙනි පෙනී දුර්වලව යන මොහොතක, පින්වත් ඔබ සියලුදෙනාම සිංහල බෞද්ධකමේ සැබෑම අර්ථය, ආර්ය අෂ්ටාංගික මාර්ගයම බව හඳුනාගතහොත් එය සිංහල බෞද්ධ ජාතියට නැවුම් ශක්‌තියක්‌ වගේම අර්ථවත් අවුරුදු උදාවක්‌ද වෙනවා.

සිංහල අවුරුදු මේසයේ කැවුම්, කිරිබත්, මුං, අතිරස වැනි කැවිලි පෙවිලි තිබෙනවා වගේම, අවුරුදු මේසයට වාඩිවෙන පින්වත් ඔබේ ජීවිතය තුළ, සම්මා දිට්‌ඨියේ අර්ථයන් තිබෙන්නට ඕනේ.

පින්වත් ඔබ සිංහල බෞද්ධයෙක්‌ වෙලා උපත ලැබුවේ පෙර කුසල සංස්‌කාරයක්‌ නිසාමයි. මේ සටහන් තබන භික්‍ෂුව උපත ලැබුවෙත් සිංහල බෞද්ධයෙක්‌ වශයෙන්. නමුත් භික්‍ෂුව දක්‍ෂ වුණා සිංහල බෞද්ධයෙක්‌ වශයෙන් උපත ලබා, සිංහල බෞද්ධකමේ අර්ථය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය උපයෝගීකොටගෙන ආර්ය ජාතියට පත්වෙන්න. දැන් භික්‍ෂුවගේ ජාතිය සිංහල ජාතිය නොවේ. ආර්ය ජාතියයි. ආර්ය ජාතිය කියලා කියන්නේ මේ ලෝකය හටගත්ත දා පටන් තිබුණ සෑම ජාතියක්‌ම අනිත්‍යයි කියන ධර්මතාව අවබෝධකොටගත් ජාතියයි. නැවත ජාතියක්‌ කෙරෙහි උපාදානය නැති ජාතිය ආර්ය ජාතියයි.

මේ සටහන් තබන භික්‍ෂුව ආර්ය ජාතිකයෙක්‌ බවට පත්වුණේ සිංහල බෞද්ධ ජාතිකයෙක්‌ වශයෙන් උපත ලැබුව නිසාමයි. භික්‍ෂුව පින්වත් ඔබට සිංහල බෞද්ධ ජාතිය ගැන සටහන් තබන්නේ සිංහල බෞද්ධයෙක්‌ වශයෙන් ඉපදුණ පින්වත් ඔබටත්, ඔබේ පින්වත් උපතේ ඇති ශ්‍රේෂ්ඨභාවය මතුකොටදීමටයි. පින්වත් ඔබටත් ආර්ය ජාතියේ උපතක්‌ සකස්‌කොට දීමට උපකාරක ධර්මයන් සකස්‌කොටදෙන සිංහල බෞද්ධ ජාතිය මේ මිහිතලය මත වැඩිපුර එක දවසක්‌ හෝ රැකේවා කියන කැමැත්ත නිසාමයි. එසේ නැතිව සිංහල බෞද්ධ ජාතිය සදාකාලිකය කියන අර්ථය තුළ සිටිමින් නොවේ.

සියලු සංස්‌කාරයෝ අනිත්‍ය බව ඇත්ත. මේ අනිත්‍ය ධර්මය නිසාමයි, යහපත් දෙය, සැපය සකස්‌කොටදෙන දෙය, දුක නැතිකරන දෙය අපි වැඩිපුර එක දවසක්‌ හෝ ආරක්‍ෂාකොටගැනීමට උත්සාහගත යුත්තේ. සිංහල අවුරුද්දක්‌ සැමරීමට බලාපොරොත්තුව සිටින මොහොතේ, සිංහල බෞද්ධ ජාතිය ක්‍රමානුකූලව හීනවී යන කාරණය හේතුඵල ධර්මයක්‌ම බව පින්වත් ඔබ දකින්න ඕනේ. සිංහල බෞද්ධ ජනතාව තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් බැහැරට යනකොට, ඒ අය මරණින් පසුව අන්‍ය ආගමික පවුල්වලයි උපත ලබන්නේ. මේ හේතුඵල ධර්මය නිසා සිංහල බෞද්ධ ජනගහණය හීනවී යමින්, අන්‍ය ආගමික ජනගහනය වැඩිවෙනවා. වර්තමානයේ අන්‍යආගමික තරුණයන් අතර තිබෙන සටන්කාමී ස්‌වභාවයන් ඇසෙනකොට භික්‍ෂුවට සිහිපත් වෙන්නේ, අතීතයේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් බැහැරව, සටන්කාමීව මියගිය සිංහල බෞද්ධ ජනතාවයි. පින්වත් සිංහල බෞද්ධ ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් බැහැරව ගියොත්, මරණින් පසු ඔබ මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබුවත්, මිථ්‍යාදෘෂ්ටික පවුලක සාමාජිකයෙක්‌ වශයෙනුයි ඔබ උපත ලබන්නේ. බොහොම නිරවුල් හේතුඵල ධර්මයක්‌.

සිංහල බෞද්ධ ජනගහණය හීනවෙනවාය කියලා,පින්වත් ඔබ ජාතිවාදියෙක්‌ වෙලා වැඩක්‌ නැහැ. මොකද ජාතිවාදී ඔබත් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් බැහැරව, මිථ්‍යාදෘෂ්ටිකභාවයට අදාළ සංස්‌කාරයනුයි රැස්‌කොට ගන්නේ.

සිංහල අලුත් අවුරුද්දේ ආරම්භය සියලු වැඩ අතහැර නොනගතයෙනුයි පටන් ගන්නේ. සියලුම කාර්යයන්ගෙන් මිදී තෙරුවන්ගේ ආශිර්වාදය ලබා, බෝධි පූජා, බෝධි වන්දනා, පිරිත් සජ්ජායනා, බණ භාවනා තුළින් අලුත් අවුරුද්දේ උදාවට සැරසෙන්න පින්වත් ඔබට මාර්ගය කියලා දෙන්නේ පින වැඩෙන, කුසලය වැඩෙන,දුක තුනීවන මාර්ගය හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ඔබව ශක්‌තිමත්කොට, නව අවුරුදු උදාවට යොමුකිරීමටමය. 'නොනගතය' කියන අර්ථය සෑම අලුත් අවුරුදු උදාවකටම පෙර පින්වත් ඔබට ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳව මතක්‌කොට දෙනවා. සිංහල අලුත් අවුරුදු උදාවට පෙර ඔබ ගතකරන නොනගත කාලය, ගමේ විහාරස්‌ථානය මුල්කොට, ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන ආකාරයට ගතකිරීමෙන් ලබාදෙන ආදර්ශය, මුළු අවුරුද්ද පුරාවටම, ඔබේ ජීවිතයේ මුල්තැන ලැබිය යුත්තේ සද්ධර්මයේ අර්ථයන්ට කියන පණිවුඩය ඔබට ලබාදෙනවා. නොනගතය කාලයට විහාරස්‌ථානයට යන ඔබ බෝමළුවේ වාඩිවෙලා, ඔබට මේ උතුම් සිංහල බෞද්ධ ජීවිතය ලබාදුන් සම්මා දිට්‌ඨියට, ආර්ය අෂ්ටාංගික මාර්ගයට හදවතින්ම වන්දනාව පුදකරන්න. සිංහල බෞද්ධ ජාතියේ උපන් ඔබ, ආර්ය ජාතියේ උපදිනවාය කියන අධිෂ්ඨානය ඇතිකරගන්න.

සිංහල අවුරුද්ද සමග බැඳී පවතින නැකත් චාරිත්‍ර පින්වත් ඔබ ප්‍රතික්‍ෂේප කරන්න යන්න එපා. නැකත කියන කාරණය තුළින්, අප්‍රමාදීභාවය කියන කාරණාව මතුකොටගන්න පින්වත් ඔබ දක්‍ෂ වෙන්න. සද්ධර්මයට අනුව ජොතිෂ්‍යය කියන්නේ චිරස්‌තීන ධර්මයක්‌ බව ඇත්ත. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, සමාජයත් සමග බැඳී පවතින ධර්මතාවයන්, වෙනස්‌ කරන්න යන්න එපාය කියලා. නැකතට අවුරුදු උදාව ඔබට කියලා දෙන්නේ, ලැබුවාවූ අවුරුද්ද පුරාවට, ඔබ කරන සෑම ක්‍රියාවක්‌ම අප්‍රමාදීව, නියමිත වේලාවට, නියමිත කාලයට කරන්න කියන පණිවුඩයයි. ධර්මානුකූලව උදාවුණු අලුත් අවුරුද්දේ ලෞකික අපේක්‍ෂාවන් සාර්ථකකොට ගන්නත්, ආයුෂය, වර්ණය, සැපය, බලය අත්‍යවශ්‍ය වෙනවා. යහපත් අවුරුද්දක්‌ සඳහා ආයුෂ, වර්ණය, සැපය, බලයේ අවශ්‍යතාවය, නැකතට ආහාර අනුභවය තුළින් මතුකොට දෙනවා. පවුලේ සමගිය උදෙසා කණ්‌ඩායමක්‌ වශයෙන් ආහාර ගැනීමත්, සිතෙන සිතෙන, දකින දකින වෙලාවට ආහාර ගැනීමකින් තොරව, සුදුසු නිවැරදි වේලාවට පමණක්‌ ආහාර ගන්නය කියන පණිවුඩය, වැඩිපුර ආහාර ගැනීම නිසාම රෝගීව සිටින වර්තමාන සමාජයට හොඳ ආදර්ශයක්‌ වෙනවා. ආහාර අනුභව කිරීමේ නැකත උදාවෙන තුරුම කුසගින්නේ සිටීම නිසාම, අනුන්ගේ කුසගින්නේ වේදනාව පින්වත් ඔබ අත්දැකීමෙන්ම දැනගැනීම නිසා, නැකතට ආහාර අනුභවය පින්වත් ඔබේ දන්දීමේ ශක්‌තියද වැඩි කරනවා.

සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා කියන සතර පිරිසේම එකතුවයි. ශාසනයේ සැබෑම අර්ථය කියන, භික්‍ෂු භික්‍ෂුණී කියන කණ්‌ඩායම් දෙක පෝෂණය වෙන්න නම් අනිවර්යයෙන්ම උපාසක උපාසිකා කියන කණ්‌ඩායම් දෙකට ශක්‌තිමත් ආර්ථිකයක්‌ තිබෙන්නට අවශ්‍යයි. උපාසක, උපාසිකා කියන අය ආර්ථිකයෙන් පිරිහී ගියොත් භික්‍ෂු, භික්‍ෂුණි කියන කණ්‌ඩායම් දෙක සිව්පසය හීනවීම හේතුවෙන් අභියෝගයන්ට ලක්‌වෙනවා. ඒ වගේමයි කාමයන් තුළ ජීවත්වෙන ගිහි පින්වතුන්ලාගේ ආර්ථික ශක්‌තිය පිරිහීගියොත් ධර්ම මාර්ගයට විවේකීව යොමුවීමටත්, දන්දීම පින්කම් කිරීම වැනි කටයුතු වලටත් බාධා සිද්ධවෙනවා.

මේ හේතූන් නිසා සිංහල අවුරුද්දේ නැකතට ගනුදෙනු කිරීම තුළින්, එකිනෙකා කෙරෙහි විශ්වාසයෙන් හෙවත් බොරුවෙන් තොරව කෙරෙන ගනුදෙනු කිරීම, සම්මා ආජීවයන්ට අදාළව යහපත් ආර්ථිකයක්‌ ගොඩනගාගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව පින්වත් ඔබට පණිවුඩයක්‌ ලබාදෙනවා. සිංහල අලුත් අවුරුද්දේ නැකතට හිසතෙල්ගෑම සහ ස්‌ථානය, බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාල 'නිරෝගීබව ජීවිතයේ පරමලාභයයි' කියන ධර්මතාවයේ අර්ථය පිළිබඳව වසර ආරම්භයේදීම පින්වත් ඔබට පණිවුඩයක්‌ ලබාදෙනවා. සිංහල අලුත් අවුරුද්දේ වැඩිහිටියන්ට ගරුකිරීම, වන්දනාකිරීම, සිදුවූ වැරදි ඇතොත් කමාකරගැනීම සම්මාදිට්‌ඨියේම උතුම් අර්ථයක්‌ වෙනවා. දැන් පින්වත් ඔබට තේරුම්යනවා ඇති, සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සියල්ලක්‌ම කාමයන් සමග ජීවත්වෙන ගිහි පිවතුන්ලාට ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්‌තිමත් කොටගැනීම උදෙසාම, ගිහි ජනතාවගේ ලෞකික අධ්‍යාත්මික දියුණුව උදෙසාම ඇතිකළ ධර්මතාවයක්‌ය කියලා.

පින්වත් ඔබ, ඔබ නැකතට ආහාර ගන්න අවස්‌ථාවේදී 'මම මේ වසරේදී පමණ දැන නියමිත වේලාවේදී පමණක්‌ ආහාර ගන්නවා'ය කියන චිත්තයක්‌ ඇතිකොටගතහොත්, නැකතට ගනුදෙනු කරන වේලාවට 'මම මේ වසරේ හොර බොරු වංචාවෙන් තොරව, සම්මා ආජීවයට යටත්ව ගනුදෙනු සිදුකරනවා'ය කියන චිත්තය ඇතිකොටගතහොත්, මට යමෙක්‌ උපකාර කළහොත් පෙරළා ඔහුට උපකාර කරනවාය කියන චිත්තයක්‌ ඇතිකරගතහොත් එම චිත්තය ඇතිකරගත් මොහොතේම ඔබ තුළ තෙරුවන් කෙරෙහි සද්ධාව, සම්මා දිට්‌ඨිය ඇතිවෙලා මේ මොහොතේ ඔබ සීලයෙන් පරිපූර්ණයි. අකුසල් මූලයන් බැහැරවෙලා, කළාවූ කුසල් තව තව ශක්‌තිමත් කරගැනීමේ සම්මා ව්‍යායාමයකයි ඔබ නිරත වෙන්නේ. අකුසලය බැහැරකොට, කුසලය තුළ සම්මා සතිය සකස්‌වෙලා, පංචනීවරණ බැහැරව, සමාධිමත්ව නිවැරදිව සිතන්න දක්‍ෂභාවය ඔබට ලැබිලා, සිංහල අලුත් අවුරුද්දේ ඔබ ඇතිකරගන්නා එක යහපත් චිත්තයක මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයම පෝෂණය වෙනවා. එමනිසා පිංවත් ඔබ සිංහල බෞද්ධයා යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයේම අර්ථය බව හඳුනාගෙන, ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන ආකාරයටම සිංහල අවුරුද්ද ජීවිතයට එකතුකොටගැනීමට දක්‍ෂවෙන්න.

සිංහල බෞද්ධ ජාතිය ලෝකයේ ප්‍රෞඪ ජාතියක්‌. ආඩම්බර වෙන්න කාරණයක්‌ නොවෙයි. සම්මා දිට්‌ඨිය තුළින් කර්මය කර්ම ඵලය විශ්වාසය ඇති පින්වතා දන්නවා තමා මෙවන් ප්‍රෞඩ ජාතියක උපත ලැබුවේ හේතුඵල ධර්මයක්‌ නිසාමය කියලා. ඔහු එම ප්‍රෞඪ ජාතියේ උප්පත්තිය ලැබීම උපයෝගීකරගන්නේ තමාගේත් ජාතියේත් විනාශය සඳහා නොව තව තවත් සම්මා දිට්‌ඨියේ අර්ථයන් වැඩෙන දිශාවටමය.

සිංහල බෞද්ධයෙක්‌ හැටියට ඉපැදුණු පින්වත් ඔබගේ උපතත් මංගල්‍යයක්‌මයි. මොකද පින්වත් ඔබ දුර්ලභ සම්මා දිට්‌ඨිය දෝතින් දරාගෙනයි උපත ලබලා තිබෙන්නේ. උතුම් සම්මාදිට්‌ඨියේ අර්ථයන් ජීවිතයට එකතුකොටගෙන ජීවත්වෙන ඔබේ ජීවිතයත් මංගල්‍යයක්‌මයි. උපතත් මංගල්‍යයක්‌ නම්, ජීවත්වීමත් මංගල්‍යයක්‌ නම්, අනිවාර්යෙන්ම ධර්මයේ අර්ථයෙන් ජීවිතය පෝෂණයකොටගත් සිංහල බෞද්ධයාගේ මරණයත් මංගල්‍යයක්‌ම වෙනවා. එය පිරිනිවීමක්‌ වෙන්න පුළුවන්. භව ගමන කෙටිකොටගත් මාර්ගඵලලාභී මරණයක්‌ වෙන්නත් පුළුවන්. සශ්‍රික කාම ලෝකයක්‌ වෙන්නත් පුළුවන්. එය සිංහල බෞද්ධකමේ සැබෑම අර්ථයක්‌ වෙනවා.

පින්වත් ඔබ යමක්‌ රකින්න නම්, යමක්‌ ආරක්‍ෂාකොටගන්න නම් මුලින්ම එහි වටිනාකම දකින්න ඕනේ. පෙර කී සටන්කාමී ස්‌වභාවයෙන් යුතු කණ්‌ඩායම් හැරුණු විට, මේ මුළු ලෝකයේම ජීවත්වෙන ජනතාව තුළ මෙන්ම අන්‍යආගමික පින්වතුන් තුළ, මේ මොහොතේ තිබෙන්නාවූ යම් තරමක හෝ ගුණාත්මකභාවය, සදාචාරාත්මක ස්‌වභාවය, සිල්වත්භාවය ඇතිවී තිබෙන්නේ සිංහල බෞද්ධ ජාතිය නිසාමයි. සද්ධර්මයේ උතුම් අර්ථයන්ගෙන් පෝෂිත සිංහල බෞද්ධ ජන සමාජය ලෝකයට මතුකොට පෙන්වන දානය, සීලය, සමාධිය, මෛත්‍රිය වැනි උතුම් ධර්මතාවයන් හමුවේ අන්‍ය ආගම්ද තම ආගම්වල ගුණාත්මකභාවයන් වැඩිකර ගනිමින් සිටියි. බුද්ධාගමේ ගුණාත්මක අර්ථයන්ට සාපේක්‍ෂව අන්‍යආගම්වල ගුණාත්මකභාවය වැඩිකර නොගතහොත් එම රටවල බුද්ධිමත් ජනතාව ඉදිරියේ එම ආගම් ප්‍රශ්නකිරීම්වලට ලක්‌වනු ඇත. මේ හේතුව නිසාම, වර්තමානයේ අන්‍යආගම්ද දානයට, සීලයට, සමාධියට,මෛත්‍රියට අදාල ධර්මයන් තම ආගම්වල ගුණාත්මකභාවය වැඩිකරගැනීම සඳහා උපයෝගීකරගෙන ඇත. මේ සියල්ල ලෝකය තුළ සිදුවන්නේ උතුම් සද්ධර්මයේ අර්ථයන් තුළින් ලෝකයට මතුවී එන සත්‍යතාවයන් නිසාමය. නමුත් යම් දවසක ලෝකයට බුද්ධාගම ආරක්‍ෂකොටදෙන මේ සිංහල බෞද්ධ ජාතිය, සැබෑ සිංහල බෞද්ධ අර්ථයන්ගෙන් බැහැරව ගියොත්, සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන්ද විනාශවී යනු ඇත. එවිට ලෝකයේ අන්‍යආගම්වලට තරග කිරීමට ගුණාත්ම තරගකරුවෙක්‌ නැති නිසා ඔවුනගේ ආගම්වල ගුණාත්මකභාවයද අතහැර දමනු ඇත.

මෙම පරිසරය බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළ, මනුෂ්‍යයා තුළ මෘග සංඥාව මතුවීමේ ආරම්භයද වනු ඇත. පින්වත් ඔබ මේ මොහොතේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර රකිමින් ආරක්‍ෂාකොටගෙන ජීවත්වන සිංහල බෞද්ධ ජාතිය වර්තමානයේ සමස්‌ත ලෝකයේම ජනතාව තුළ මානසික සංහිඳීමක්‌ ඇතිකොට දී තිබෙන බව නුවණින් දකින්න. ලෝකය තුළ තුන්වැනි ලෝක යුද්ධයක්‌ තවමත් පමාවී තිබෙන්නේ මේ උතුම් සිංහල බෞද්ධ ජාතිය ලෝකයට දායකකර දී ඇති උතුම් සද්ධර්මයේ අර්ථයන් නිසාම බව නුවණින් දකින්න දක්‍ෂවෙන්න. සම්මා දිට්‌ඨියට පත් සශ්‍රික දිව්‍යතලවල ජීවත්වන සක්‍ර දෙවියන් ඇතුළු දිව්‍ය බලමුළු නිතිපතා වන්දනා කරන, දිව්‍යතලවලින් චුතවන දෙවියන් දිව්‍යංගනාවන් නැවත ඉපදීමට ප්‍රාර්ථනා කරන, දිව්‍යතලවල දිව්‍ය බලමුළුවලට අලුතින් සශ්‍රික දෙවියන් දිව්‍යාංගනාවන් ඕපපාතිකව බිහිකොටදෙන මනුෂ්‍යයාට භව නිරෝධයට, භවයේ සැපයන්ට පාර පෙන්වාදෙන මේ උතුම් සිංහල බෞද්ධ ජාතියේ වටිනාකම ඔබ තේරුම්ගත යුතුයි. සිංහල ජාතික ඇඳුම් පළඳින කොයි කවුරුත් තමන් නියෝජනය කරන සිංහල බෞද්ධ ජාතියේ වටිනාකම තේරුම්ගත යුතුය.

ලෝක ධාතුවේ මුළු දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය ප්‍රජාව තුළම කුසලයේ සැපය, මානසික සංසිඳීම ආරක්‍ෂාකොටදෙන සිංහල බෞද්ධ ජාතියේ වටිනාකම මේ සිංහල අලුත් අවුරුද්දේ තේරුම්ගතහොත් එය මුළු ලෝක ධාතුවේම සත්ව ප්‍රජාවට යහපතක්‌ම වනු ඇත. එහෙත් ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් මූලයන්ගෙන් ජීවිතය පදම්කොටගත් සමාජයට එය දුර්ලභම කාරණයක්‌ වනු ඇත.

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ධුතාංගධාරී භික්‍ෂූන්වහන්සේලා අතරින් අග්‍රස්‌ථානයට පත්වුණු මහරහතන්වහන්සේ වෙනවා. උන්වහන්සේ තරම් ධුතාංගශීලය රැකි භික්‍ෂුවක්‌ සම්මා සම්බුද්ධ ශාසනයේ තවත් නැහැ. දිනක්‌ බුදුරජාණන්වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට කියනවා 'කාශ්‍යප, ඔබ දැන් වයෝවෘදධයි.ඔබට දැන් වෙහෙස වෙන්න බැහැ. එමනිසා ඔබ දැන් ඔය පාංශකූල සිවුර අතහැරලා පහසු සිවුරක්‌ දරන්න. පිණ්‌ඩපාතයේ වැඩමකිරීම අතහැරලා, ආරණ්‍යගතව ජීවත්වෙන්න' ය කියලා. ඒ වෙලාවේ කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන්වහන්සේට කියනවා 'භාග්‍යවතුන්වහන්ස මම ආදර්ශමත් නොවුනොත් වෙන කව්රුන් සංඝ සමාජයට ආදර්ශමත්වෙන්නද ' කියලා. එසේ බුදුරජාණන්වහන්සේගේ ඉල්ලීම නිහතමානීව ප්‍රතික්‍ෂේප කරනවා. මේ සා ධුතාංග සීලයෙන් පරිපූර්ණව ජීවත්වූ මහකාශ්‍යප මහරහතන්වහන්සේ බුදුරජාණන්වහන්සේගේ පිරිනීවීමෙන් අනතුරුව, සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි. මට වැදගත්වෙන්නේ මාගේ ධුතාංග සීලයයි කියලා කැළයට වැඩමකොට ධුතාංග සීලය රැකීමට ගියේ නැහැ. උන්වහන්සේ බොහෝම උද්‍යෝගයෙන් ක්‍රියාශීලීව, අජාසත්ත රජතුමාගේ අනුග්‍රහය ලබාගෙන සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්‍ෂාව උදෙසා පළමුවැනි ධර්ම සංඝායනාව පැවැත්වූවා. මහා කාශ්‍යප මහ රහතන්වහන්සේ එදා පළමුවැනි ධර්ම සංඝායනාව නොපවත්වන්න, මේ වන විට සම්මා සම්බුද්ධ ශාසනයත්, සිංහල බෞද්ධ ජාතියත් අතුරුදහන්වෙලා. සියලු සංස්‌කාරයෝ අනිත්‍යභාවයට පත්වෙන නිසාමයි ලොවට වැඩ ඇති, සත්ත්වයාට සෙත ඇති, සත්ත්වයාගේ දුක නැතිකරන ධර්මතාවයන් පින්වත් ඔබ මේ මහපොළොව මත එකදිනක්‌ හෝ වැඩිපුර ආරක්‍ෂා කරගතයුත්තේ. සිංහල බෞද්ධ පින්වත් ඔබටද මේ උතුම් සිංහල බෞද්ධකම ලෝකයට ආරක්‍ෂා කරදෙන්න ඔබේ සිංහල බෞද්ධකම තවතවත් ධර්මයෙන් ගුණාත්මකභාවයට පත්කොටගැනීමට අනිද්දාට තවත් සිංහල අලුත් අවුරුද්දක්‌ උදාවෙනවා.

06/04/2026

05/04/2026

මහණෙනි, යම්සේ ස්ත්‍රීරූපය පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙණ සිටීද, මහණෙනි, එබඳුවූ අනික් එකම රූපයකුදු මම නොම දකිමි. මහණෙනි, ස්ත්‍රීරූපය පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.

සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය

05/04/2026

රජගහා නුවර සුප්‍රබුද්ධ නම් කුෂ්ඨ රෝගියෙක් විසූයේ ය. ඔහු දිනක් බණ අසන්නට වේළුවනාරාමයට ගියේ, තමා කුෂ්ඨ රෝගියකු බැවින්, පිරිස් කෙළවර හිඳ බණ අසත් ම සෝවන් ඵලයට පැමිණියේ ය. තමා ලත් ඒ ගුණය බුදුරජුන්ට දන්වනු කැමැති ව කුෂ්ඨරෝගය නිසා පිරිස් මැදට යා ගණු නො හැක්කේ, මහාජනයා බුදුරජුන් වැඳ ගිය පසු විහාරයට ඇතුල් විය. ඒ වේලෙහි සක්දෙව් රජ තෙමේ ‘මේ සුප්‍රබුද්ධ කුෂ්ඨයා, තමා බුදු සසුනෙහි ලත් ගුණය ප්‍රකාශ කරණු කැමැත්තේ ය’ යි දැන ‘මොහු විමසිය යුතු ය’ යි අහස සිට ‘සුප්‍රබුද්ධය! තෝ මිනිස් දිළින්දෙහි, බැගෑපත් මිනිසෙක් වෙහි, ඒ නිසා මම තට ලොකු මුදලක් දෙන්නෙම්, තෝ බුදුන් නො බුදු ය, දහම් නො දහම් ය, සඟුන් නො සඟුන් ය, මට බුදුන්ගෙන්, ධර්‍මයෙන්, සඞ්ඝයාගෙන් වැඩෙක් නැතැ යි කියව, යි කීයේ ය. එවිට සුප්‍රබුද්ධ තෙමේ තෝ කවරෙක් වෙහි?’ යි ඇසී ය. ‘මම ශක්‍ර වෙමි’ යි පිළිතුරු දුන්නේ ය. ‘අන්ධබාලය නිර්‍ලජ්ජිය! ඔබ මට මෙබන්දක් කීමට නො සුදුස්සහු ය, ඔබ මම දුප්පතෙක්මි, දිළින්දෙමි, දීනයෙක්මි’ යි කියන්නහු ය, එහෙත් මම දුප්පතෙක් දිළින්දෙක් ද නො වෙමි, සුවපත්මි මහත් ධනවතෙක්මි, සද්ධා, සීල, හිරි, ඔත්තප්ප, සුත, චාග, පඤ්ඤා. යන උසස් වූ ධන සතක් මට තිබේ, යම් ගැහැණියකට හෝ යම් පිරිමියකුට මේ කී ධනය තිබේ නම්, ඒ ගෑණි, ඒ පිරිමියා දිළිඳු නො වේ, ඔහුගේ ජීවිතය නො සිස් එකෙක, ඔහු ධනවතෙක, මට මේ සවැදෑරුම් ආර්‍ය්‍ය ධනය තිබේ, යමක්හට මේ ධන සත තිබේ නම්, ඔහු දිළින්දෙකැ’ යි බුදුවරු පසේ බුදුවරු නො වදාරති’ යි ඔහු කී ය. සක්දෙව්රජ තෙමේ ඔහුගේ කතාව අසා බුදුරජුන් වෙත ගොස්, ඒ සියලු කතාව දක්වා සිටියේ ය. එවිට බුදුරජානන් වහන්සේ ‘සක්දෙවිඳුනේ! තා වැනි දහසකටවත් සුප්‍රබුද්ධයා ලවා බුදුන් නො බුදු ය, දහම් නො දහම් ය, සඟුන් නො සඟුන් ය’ යි කියවන්න ට බැරිය’ යි වදාළ සේක. සුප්‍රබුද්ධ, කුෂ්ඨ තෙමේ ද, බුදුරජුන් වෙත ගොස් බුදුරජුන් හා කළ තුටු පහටු කතා ඇත්තේ, තමන් ලත් ගුණය කියා හුන් තැනින් නැගිට ගියේ ය. මගට බැස ටික දුරක් යුත්, තරුණ ගව දෙනක විසින් අණින ලදුව මැරී වැටුනේ ය. මෝ ගවදෙන එක්තරා යකින්නක. පුක්කුසාතිය, බාහිය දාරුචීරිය, තඹදාඨික චෝර ඝාතකය, සුප්‍රබුද්ධ කුෂ්ඨිය, යන සතර දෙන, මෑ විසින් සියයක් සියයක් අත් බව්හි දී ජීවිතක්‍ෂයට පත්කරන ලදහ.

පෙර එක් කලෙක සිටු පුත් ව උපන් මේ සතරදෙන වේසියක ගෙණ උයනට ගොස් තෑගි බෝග මිල මුදල් දී සිත් ගෙන මුළු දවසක් ම ඇය සමග එකතුව හිඳ, සවස, ‘මෙතැන කවුරුත් නැත, අප දුන් මුදලුත් ඇඳුම් කැඩුමුත් ගෙණ මෑ මරා දමා යමු යි කතා කළහ. ඈ ඒ කතාව අසා, ‘මොවුන් වැනි වල්ලු තවත් කොහි ද, මොවුනට විලි ලජ්ජා නැත, මා සමග වල්කම් කොට, දැන් මා මරා දමන්නට කොඳුරති, හොඳයි! වේවා, කළයුත්ත මම දනිමි, මා මැරුවොත් මම යකින්නක් ව මොවුන් මරා කන්නෙම්’ යි සිතමින් පතමින් හුන්නී ය. සිටු පුත්‍රයෝ එක් ව ඇය එකෙණෙහි ම මරා දැමූහ. පෙර කළ ඒ අකුශල කර්‍මයාගේ විපාකය වශයෙන් මොවුහු සතර දෙන අතර මගදී මෙසේ මැරුම් කෑහ.

භික්‍ෂූන් වහන්සේලා සුප්‍රබුධ කුෂඨියාගේ මේ මැරුම් කෑම අසා, ‘සුප්‍රබුද්ධ කුෂ්ඨියා කොහි උපන්නේ ද? කුමක් හෙයින් ඔහු කුෂ්ඨ රෝගියෙක් වී දැ’ යි බුදුරජානන් වහන්සේගෙන් ඇසූහ. උන්වහන්සේ ‘ඔහු සෝතාපත්ති ඵලයට පැමිණි බවත්, මරණින් මතු තව්තිසා දෙව්ලොව උපන් බවත්, පෙර තගරසිඛී පසේ බුදුරජුන් දැක, කාරා කෙළ ගසා උන්වහන්සේට නින්දා කළ පවින් බොහෝ කලක් නිරයෙහි ඉපිද දුක් විඳ ඉතිරි වූ කර්‍මයාගේ විපාක වශයෙන් මෙකල කුෂ්ඨ රෝගියකු වූ බවත්, මෙසේ මේ ලෝකයෙහි සත්වයන් තමහට කටුක විපාක දෙන පව්කම් තමන් ම කරමින් හැසිරෙන බවත් වදාරා අනුසන්ධි ගළපා මත්තෙහි දහම් දෙසන සේක් මේ ගාථාව වදාළ සේක:-

"චරන්ති බාලා දුම්මෙධා අමිත්තෙනෙව අත්තනා,
කරොන්තා පාපකං කම්මං යං හොති කටුකප්එලනති."

දෙලෝ වැඩ නො දත් අඥානයෝ යම් පව් කමෙක් කටුක විපාක ඇත්තේ වේ ද, ඒ පව්කම කරමින් සතුරකු වැනි වූ ආත්මයෙන් යුක්ත ව හැසිරෙත්.

පව් කම් කරන මිනිසා පව් කම් කරණුයේ, තමහට තමා, සතුරු බැවිනි. පව් කම් හැර, රළු පරළු දුකක් දෙන්නට සමත් අන් සතුරෙක් කිසිවකුටත් නැත. පව්කම ම කැකුළු දුක් දෙන එක් ම සතුරා ය. තමා, තමාට මිතුරු නම්, ප්‍රිය නම් ඔහු කිසිවිටෙකත් කුඩා පවකුදු නො කරන්නේ ය. මේ බලන්න ඒ වදාළ සැටි:-

“අත්තානං චෙ පියං ජඤ්ඤා න නං පාපෙන සංයුජෙ,
න හි තං සුලභං හොති සුඛං දුක්කතකාරිනා”

ඉදින් තමා, තමාට ප්‍රිය යි දන්නේ නම්, ඒ තමා, පාපය හා නො යොදන්නේ ය. දාන ශීලාදි වශයෙන් ලැබිය යුතු සැපය පව් කම් කරන්නන්ට සුලභ නො වේ. පව් කරන්නෝ ඒ ලැබීමෙහි අසමර්‍ත්‍ථයෝ ය.

04/04/2026

ඇවැත්නි, යමක් රාගය ක්‍ෂය කිරීමට හේතු වේද, ද්වේශය ක්‍ෂය කිරීමට හේතු වේද, මේ නිර්වාණය යයි කියනු ලැබේ.

සූත්‍ර පිටකය - සංයුක්ත නිකාය

01/04/2026

වරක් දෙවරක් නොව, ප්‍රතිඵල ලැබෙන තුරාම උත්සාහ කරන්න.

#ධම්මපදය

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Colombo
10120