Ministry of Urban Development, Construction and Housing

Ministry of Urban Development, Construction and Housing

Share

Official page of the Ministry of Ports And Civil Aviation

Photos from Ministry of Urban Development, Construction and Housing's post 15/10/2025

වරාය සහ සිවිල් ගුවන්‍සේවා ‍ අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක මහතා පත්කරනු ලැබුවා. අමාත්‍යවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී දිවුරුම් දීමෙන් සිය නව පත්වීම භාර ගනු ලැබුවා.

09/10/2025
Photos from Ministry of Urban Development, Construction and Housing's post 08/10/2025

නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය හැකියාවක් නොමැති දිළිඳු පවුල් සඳහා ලබා දෙන රුපියල් දසලක්‍ෂයේ ආධාර යටතේ බියගම මැතිවරණ කොට්ඨාශයේ ඉදිකළ නිවාස පහක් (05), එම ප්‍රතිලාභීන්ට පවරාදෙනු ලැබුවා. එම කටයුත්තට නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යය අනුර කරුණාතිලක මහතා සමඟ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රංවල මහතා ද සහභාගි වූවා.

බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති නීතිඥ ලාල් කුමාරපේලි මහතා හා කොට්ඨාශ මන්ත්‍රීවරුන්ද ජාතික නිවාස අධිකාරියේ සභාපති අරවින්ද සිරිනාථ මහතා සමඟ ගම්පහ දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන්ද එම අවස්ථාව නියෝජනය කළා. බියගම කහමල්වත්ත ග්‍රාමයේ පියසිරි කුමාරසිංහ මහතා එක් නිවසක ප්‍රතිලාභියෙක්. දරු තිදෙනෙකු, බිරිඳ හා මව සමඟ සතුටින් ජීවත්වීමට තැනුණ මේ නිවස ඉදිකිරීමට ගම්වැසියෙක් පර්චස් 10ක ඉඩමක් පරිත්‍යාග කිරීම විශේෂ සිදුවීමක්.
ගෝනලවල ගල්ඒදන්ඩ පාරේ නිදර්ශන පීරිස් මහතාටද නිවසක හිමිකම් ලැබුණා. ඔහුට දරු දෙදෙනෙක් සිටිනවා. ගෝනවල පල්ලිය පාරේ ජේ.එම්. දිනිඳු මහතාට කුඩා දරුවන් තිදෙනෙකු සිටින අතර ඔහුටද නිවසක රැකවරණය හිමි වුණා.
යබරලුව දකුණ ග්‍රාමසේවා වසමේ කිරියාලමුල්ල ග්‍රාමයේ මහේෂ් කුමාර මහතාගේ දරු පවුලටද නිවසක වාසනාව උරුම වුණා.
දරුවන් පස්දෙනෙකු සිටින පී.උදයසූරිය මහතා කම්මල්වත්ත ග්‍රාමයේ. ඔවුන්ගේ නිවසක සිහිනය සැබෑවුනා.

Photos from Ministry of Urban Development, Construction and Housing's post 08/10/2025

ලෝක ජනාවාස දින ජාතික සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්...

විවිධ හේතුන් මත නිවාස ඔප්පු ලබා දීම ප්‍රමාද වී තිබු ප්‍රතිලාභීන් දහසකට ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ සංකේතාත්මකව ප්‍රතිලාභීන් 357 දෙනෙකුට නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය, නිවසක් ඉදිකර ගැනීමට ආර්ථික හැකියාවක් නොමැති දිළිදු පවුල් දහසකට රුපියල් මිලියනය බැගින් මූල්‍ය ප්‍රදානයන් ලබාදීමේ වැඩසටහන යටතේ සංකේතාත්මකව 157 දෙනෙකුට වෙක්පත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු විය.
ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් දීප ව්‍යාප්තව පැවැත්වුණු චිත්‍ර තරගයේ ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන්ට තිළිණ ප්‍රදානය සහ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කළ විවිධ වැඩසටහන්වල ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් වෙත තිළිණ ප්‍රදානය කිරීමට ද ජනාධිපතිවරයා එක් විය.
මේ අතර ලෝක ජනාවාස දිනය නිමිත්තේ පාසල් දරු දැරියන්ගේ කලා කුසලතාවන් ඔප් නැංවීම වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ චිත්‍ර ප්‍රදර්ශනය සහ නිවාස සැලසුම්කරණයට අදාළ නිර්මාණ ඇතුළත් ප්‍රර්දර්ශන නැරඹීමට ද ජනාධිපතිවරයා එක් විය.

Photos from Ministry of Urban Development, Construction and Housing's post 07/10/2025

2025 ලෝක ජනාවාස දිනයේ ජාතික සැමරුම් උත්සවය අරලියගහ මන්දිරයේදී ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජනාවාස දින සැමරුම් වැඩ සටහනේ වගකීම දැරුවේ නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයයි. අමාත්‍ය අනුර කරුණාතිලක නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න යන මහත්වරුන්ද වැඩසටහනට සහභාගී වූවා. ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතාද ඊට එක්ව සිටියා. ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සමග අමාත්‍යාංශයට අයත් ආයතන වල ප්‍රධානීන්ද මෙම අවස්ථාව නියෝජනය කළා.
නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය හැකියාවක් නොමැති දිළිඳු පවුල් 4000කට ආසන්න සංඛ්‍යාවක් සඳහා නිවාස ඉදිකර දීම වෙනුවෙන්, නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති වැඩසටහන යටතේ දිවයින පුරා වැඩ නිම කළ නිවාස දහසක් ජනතා අයිතියට පවරාදීමද මෙහිදී විද්‍යුත් තාක්ෂණය ඔස්සේ ජනාධිපතිවරයා අතින් සිදු විය.
UN Habitat ශ්‍රී ලංකා කාර්යාලයේ මැදිහත්වීමෙන් ඉන්දියානු රජයේ සහ Coalition for Disaster Resilient Infrastructure (CDRI) ආධාර මත ක්‍රියාත්මක කිරීමට යෝජිත අඹතලේ ජල සැපයුම් ව්‍යාපෘතියේ සංකේතීය ප්‍රදානය ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාර දීම ද මෙහිදී සිදු කෙරිණි.

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address


No 19, Chaithya Road, Colombo 01
Colombo
10120