03/05/2025
ලෝක කම්කරු දිනය යනු කුමක්ද?
මැයි දිනයේ ඉතිහාසය 1888 තරම් ඈත අතීතයකට දිව යයි. 1988 මැයි 01 වනදා ඇමරිකානු කම්කරු පිරිසක් පැය 8කට තම වැඩ මුරට සීමා කරන ලෙස ඉල්ලා චිකාගෝ නුවරට එක්විය. එම පිරිස 65000ක් පමණ විය. වැඩවර්ජනයේ තෙවන දින ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් කම්කරුවන් 4 දෙනෙක් ජීවිතක්ෂයට පත්විය. එදින පොලිස් හා කම්කරුවන් වචන හුවමාරුවක පැටලුණු අතර එහිදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියකු ද මිය ගියේය. ගැටුමක් දක්වා වර්ධනය වූ එය තවත් උග්‍ර වුයේ, පොලිස් නිලධාරීන් 6දෙනෙකුට ජීවිත අහිමි කරමිනි. ඕගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්ඩ්න්ස්, ඇඩෝල්ෆ් ෆීෂර්, ජෝර්ජ් එන්ගල්ස්, සැමුවෙල් ෆීල්ඩන්, ලුයිස් ලන්ග්, මයිකල් ස්ට්වැච් හා ඔස්කා නිබේ යන කම්කරු නායකවරු පොලිසීය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔවුන්ට එරෙහිව නඩු පැවරිණි. ඔස්කා නිබේට වසර 15ක සිර දඬුවමක් නියම වූ අතර සැමුවෙල් ෆීල්ඩන්, මයිකල් ස්ට්වැඩ් දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය. පැය 8ක සේවා කාලයක් ඉල්ලා අරගල කරමින් එලෙස රුධිරය වැගිරූ තම සගයින් සදාතනිකව සිහිකිරීමට 1889 වසරේ රැස් වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේය. ඒ අනුව සැම වසරකම මැයි 01 වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කර තර ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සැමරුවේ 1927 වසරේය. ලංකා ඉතිහාසයේ පළමු මැයි රැළිය 1933 කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් විය. 1956දී මැයි දිනය මෙරට නිවාඩු දිනයක් ලෙස නම් කරන ලදී.
-copied-

03/05/2025
12/04/2025
18/03/2025
01/08/2023
22/05/2021
07/03/2021
08/11/2020