08/03/2026
තාක්ෂණයේ අනාගතය හැඩගැස්වීමට කාන්තාවන් බලගන්වමු.
Let’s empower women to shape the future of tech.
தொழில்நுட்பத்தின் எதிர்காலத்தை வடிவமைக்க, பெண்களுக்கு அதிகாரமளிப்போம்
Deputy Minister - Digital Economy
08/03/2026
තාක්ෂණයේ අනාගතය හැඩගැස්වීමට කාන්තාවන් බලගන්වමු.
Let’s empower women to shape the future of tech.
தொழில்நுட்பத்தின் எதிர்காலத்தை வடிவமைக்க, பெண்களுக்கு அதிகாரமளிப்போம்
ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන GovPay රාජ්‍ය ගෙවීම් සේවාව ඔස්සේ මුළු දිවයිනම ආවරණය වන පරිදි ස්ථානීය දඩ ගෙවීමේ පහසුකම.
2026 වසරේදී ගමට සන්නිවේදනය ව්‍යාපෘතිය යටතේ නව සන්නිවේදන කුළුණු 150 ක්.
27/02/2026
වවුනියාව විශ්වවිද්‍යාලයේ පැවැති ITAM-32 ජාත්‍යන්තර සමුළුව අමතමින් මා පෙන්වා දුන්නේ, වත්මන් ගෝලීය ආර්ථිකය කෘත්‍රිම බුද්ධිය (AI) කේන්ද්‍ර කරගත් දැවැන්ත පරිවර්තනයකට ලක්වෙමින් පවතින බවයි. නවීන ඩිජිටල් ආර්ථිකය තුළ දත්ත ප්‍රාග්ධනය ලෙසත්, නව්‍යකරණය ප්‍රධාන මුදල් ඒකකය ලෙසත් ක්‍රියා කරන බැවින්, සාම්ප්‍රදායික ව්‍යාපාරික ආකෘතිවලින් ඔබ්බට ගොස් ක්ලවුඩ් පරිගණක සහ දත්ත විශ්ලේෂණය වැනි තාක්ෂණයන් භාවිත කරන අංකුර ව්‍යාපාර (Startups) දිරිමත් කිරීම අපගේ ජාතික ප්‍රගතියට අත්‍යවශ්‍ය වේ. AI යනු හුදු තාක්ෂණික ප්‍රවණතාවක් නොව, විදුලිය හෝ අන්තර්ජාලය මෙන් සෞඛ්‍ය, කෘෂිකර්ම සහ මූල්‍ය ඇතුළු සෑම ක්ෂේත්‍රයකම ඵලදායිතාව ඉහළ නැංවිය හැකි ප්‍රබල බලවේගයකි.
තාක්ෂණික දියුණුවත් සමඟ රැකියා වෙළඳපොළේ සිදුවන වෙනස්කම්වලට පිළියම වන්නේ අපගේ ශ්‍රම බලකාය නව කුසලතාවලින් සහ ඩිජිටල් සාක්ෂරතාවයෙන් සන්නද්ධ කිරීමයි. ඒ වෙනුවෙන් වගකීම් සහගත දත්ත පාලනයක් සහ සදාචාරාත්මක AI රාමුවක් සැකසීමට රජය කැපවී සිටින අතර, මෙහි ප්‍රතිලාභ නාගරික මෙන්ම ග්‍රාමීය ව්‍යවසායකයින්ට ද සමානව ලැබෙන බව අප සහතික කළ යුතුය. අපගේ අරමුණ වන්නේ දැරිය හැකි මිලකට බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් සහ විශ්වාසනීය ඩිජිටල් මූල්‍ය පද්ධති ස්ථාපනය කිරීම හරහා, දළ දේශීය නිෂ්පාදිතය (GDP) වර්ධනය කරනවා සේම තාක්ෂණය මගින් සෑම පුරවැසියෙකුගේම ජීවන තත්ත්වය උසස් වන අනාගතයක් නිර්මාණය කිරීමයි.
ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ පසුගිය වසරේ ප්‍රගතිය සහ 2026 වසරේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන.
2026.02.25
12/02/2026
මීට වසරකට පෙර, රජයේ සේවාවන් සමඟ පුරවැසියන් ගනුදෙනු කරන ආකාරය විප්ලවීය වෙනසකට ලක් කරමින් GovPay හඳුන්වා දෙන ලදී. අද වන විට එය ශ්‍රී ලංකාවේ ඩිජිටල් පාලන ගමනේ ප්‍රධානතම කුළුණක් ලෙස පෙන්වා දිය හැකි අතර, වඩාත් වේගවත්, විනිවිද පෙනෙන සහ පුරවැසි කේන්ද්‍රීය රාජ්‍ය සේවා සැපයීම සඳහා මඟ පාදයි.
රුපියල් බිලියන 2.7කට අධික ඩිජිටල් ගනුදෙනු ප්‍රමාණයක්, රාජ්‍ය ආයතන 252ක දායකත්වය සහ අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැකි දහස් ගණනක් වූ සේවාවන් සමඟින්, GovPay පද්ධතිය රාජ්‍ය අංශය තුළ විශ්වාසය, සියලු දෙනා ආවරණය වන සහ කාර්යක්ෂමතාව තවදුරටත් ශක්තිමත් කර තිබේ.
මෙම සන්ධිස්ථානය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ICTA, ලංකාපේ (LankaPay), සහ ඩිජිටල් ලෙස සවිබල ගැන්වුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට එක්ව කටයුතු කරන පුරවැසියන්ගේ සාමූහික කැපවීම පිළිඹිබු කරන්නකි.
GovPay පිළිබඳ වැඩි විස්තර සඳහා පිවිසෙන්න: www.govpay.lk
09/02/2026
ඉන්දියාවේ බරෝදා කෞතුකාගාරයේ අතිශය සුරක්ෂිතව තැන්පත් කර තිබූ, ඉන්දියාවෙන් බැහැරට මෙතෙක් වැඩම කර නොමැති ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකික ජනතාවගේ වන්දනාමානය සඳහා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කිරීම ඇරඹිනි.
මෙම දුර්ලභ අවස්ථාවට සහභාගී වීමේ අවස්ථාව මා හට ද හිමි වූ අතර ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව මා පෙන්වා දුන්නේ පෙබරවාරි මස 05 වනදා සිට 11 වනදා දක්වා දින හතක කාලයක් පුරා පැය 24 මුළුල්ලේ ප්‍රදර්ශනය කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේලා වැදපුදා ගැනීම සඳහා බෞද්ධ ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති බවයි.
දේශීය මෙන්ම විදේශීය බැතිමතුන් සඳහා ද අවශ්‍ය ආරක්ෂාව සහ මඟපෙන්වීම් ලබා දීමට රජය සහ විහාරස්ථ දායක සභාව පියවර ගෙන තිබෙන අතර මෙම දුර්ලභ අවස්ථාව මග හැර නොගෙන, අති උතුම් සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගන්නා ලෙස මම මෙරට සමස්ත ජනතාවට ඇරයුම් කර සිටිනවා.
05/02/2026
ශ්‍රී ලංකාව පුරාම ක්‍රියාත්මක වන පරිදි ‘GovPAY’ ඩිජිටල් රථවාහන දඩ ගෙවීමේ පද්ධතිය සාර්ථකව නිම කෙරේ.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් රාජ්‍ය පාලන ක්‍රියාවලිය නව මානයකට ඔසවා තබමින්, මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරුණු ‘GovPAY’ රථවාහන දඩ මුදල් ගෙවීමේ ව්‍යාපෘතිය 2026 පෙබරවාරි 03 වන දින සාර්ථකව නිම කරන ලදී. 2025 අප්‍රේල් මාසයේදී පොලිස් ස්ථාන 11ක් කේන්ද්‍ර කරගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ඇරඹි මෙම වැඩපිළිවෙළ, අද වන විට දිවයිනේ සියලුම පළාත් 9ම ආවරණය වන පරිදි ඉතාමත් විධිමත් ලෙස ව්‍යාප්ත කර තිබේ. මෙය හුදෙක් තාක්ෂණික මෙවලමක් පමණක් නොව, මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුත් රාජ්‍ය සේවාවක් ලබාදීම වෙනුවෙන් තැබූ දැවැන්ත පියවරකි.
මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිට මේ දක්වා රුපියල් මිලියන 115කට අධික දඩ මුදල් ප්‍රමාණයක් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ රජයට එකතු කර ඇති අතර, සාර්ථකව සිදු කරන ලද ඩිජිටල් ගනුදෙනු සංඛ්‍යාව 86,000 ඉක්මවා තිබේ. දිවයිනේ ප්‍රමුඛ පෙළේ සියලුම බැංකු සහ ෆින්ටෙක් (Fintech) යෙදවුම් හරහා මෙම ගෙවීම් කිරීමේ හැකියාව පවතින අතර, වඩාත් විශේෂිත කරුණ වන්නේ මේ සතියේ සිට දිවයින පුරා විසිරී ඇති 55,000කට අධික Dialog eZ Cash නියෝජිතයන් හරහා අතැති මුදලින් (Cash) දඩ මුදල් ගෙවීමේ පහසුකම ද මහජනතාව වෙත විවෘත වීමයි.
මෙම දැවැන්ත ජයග්‍රහණය පසුපස ප්‍රවාහන, මහජන ආරක්ෂක සහ ඩිජිටල් ආර්ථිකය යන අමාත්‍යාංශවල මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), ලංකාපේ (LankaPay) සහ ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) ඇතුළු ආයතන රැසක කැපවීම සහ සහයෝගීතාවය පවතියි. 2024 නොවැම්බර් මාසයේ සිට ආරම්භ වූ මෙම වැඩපිළිවෙළ, අඛණ්ඩ පුහුණු වැඩමුළු සහ ක්‍රියාවලි සම්බන්ධීකරණය හරහා වර්තමානය වන විට ජාතික මට්ටමේ සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන ඇත. මින් ඉදිරියට රියදුරන්ට ඕනෑම ස්ථානයක සිට ක්ෂණිකව (On-the-spot) දඩ මුදල් ගෙවා තම රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව හිමිවන අතර, එය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවටම ලැබුණු සුවිශේෂී පහසුවකි.
04/02/2026
අභිමානවත් 78 වැනි නිදහස් සැමරුම.
78 වැනි නිදහස් සැමරුම සමරන මේ මොහොතේ, තාක්ෂණයෙන් සන්නද්ධ ඩිජිටල් යුගයක දොරටු විවර කරමින් 'ගොඩනඟමු ශ්‍රී ලංකා' ජාතික අරමුණ ජයග්‍රහණය කරවන්නට අපි සැම අත්වැල් බැඳගනිමු. ඩිජිටල් ආර්ථිකයක් ඔස්සේ දියුණු දේශයක් බිහිකිරීමේ අපේක්ෂාව පෙරදැරිව සියලු ශ්‍රී ලාංකිකයන් හට අභිමානවත් නිදහස් දිනයක් වෙනුවෙන් සුබ පැතුම්!
On the occasion of Sri Lanka’s 78th Independence Day celebration, let us unite to realize the national vision of ‘Rebuilding Sri Lanka’ by embracing a technology-driven digital era.
With the aspiration of shaping a developed nation through a digital economy, we extend our heartfelt wishes to all Sri Lankans for a happy Independence Day.
இலங்கையின் 78வது சுதந்திர தினக் கொண்டாட்டத்தையொட்டி, தொழில்நுட்பம் சார்ந்த டிஜிட்டல் யுகத்தை நோக்கிப் பயணிப்பதன் மூலம் 'ஸ்ரீலங்காவை கட்டியெழுப்புவோம்' எனும் தேசிய இலக்கை நனவாக்க நாம் அனைவரும் ஒன்றிணைவோம். டிஜிட்டல் பொருளாதாரத்தின் ஊடாக ஒரு வளர்ந்த தேசத்தைக் கட்டியெழுப்பும் எதிர்பார்ப்புடன், அனைத்து இலங்கை மக்களுக்கும் எமது மனமார்ந்த சுதந்திர தின நல்வாழ்த்துகளைத் தெரிவித்துக் கொள்கிறோம்.
ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය
Ministry of Digital Economy
டிஜிட்டல் பொருளாதார அமைச்சு
03/02/2026
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෘත්තීය ආයතනයක් වන BCS ශ්‍රී ලංකා අංශය (The Chartered Institute for IT - Sri Lanka Section) විසින් සංවිධානය කරන ලද "Tech Leaders Connect ‘26" සමුළුව පසුගියදා කොළඹ Courtyard by Marriott හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වුණා. මෙරට ඩිජිටල් ආර්ථිකයේ මීළඟ දශකය සහ ඒ සඳහා ඇති අභියෝග මෙන්ම අවස්ථා පිළිබඳව ක්ෂේත්‍රයේ විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් දැනුවත් කිරීම සහ ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල් දැක්ම සහ එය යථාර්ථයක් බවට පත්කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී මම අදහස් දැක්වූයෙමි.
ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ ජාතික ඩිජිටල් දැක්ම විය යුත්තේ හුදෙක් තාක්ෂණය භාවිතා කිරීම පමණක් නොව, එය ජන ජීවිතය සහ ආර්ථිකය සමඟ බද්ධ වූ පරිපූර්ණ ඩිජිටල් පද්ධතියක් (Digital Ecosystem) නිර්මාණය කිරීම සහ එම දැක්ම සාර්ථක කර ගැනීම සඳහා මූලික ප්‍රමුඛතා කිහිපයක් එක් විය යුතු බව මෙහිදී මා පැහැදිල්ස් කළා.
සෑම පුරවැසියෙකුටම පහසුවෙන් ළඟා විය හැකි ආරක්ෂිත ඩිජිටල් යටිතල පහසුකම් ස්ථාපිත කිරීම, දත්ත මත පදනම් වූ රාජ්‍ය පාලන ක්‍රමවේදයක් හරහා විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, ගෝලීය වෙළඳපොළ ජයගත හැකි නවෝත්පාදන සංස්කෘතියක් රට තුළ ප්‍රවර්ධනය කිරීම අපගේ රජයේ මූලික අරමුණු බව මම මෙහිදී අවධාරණය කළෙමි.
28/01/2026
ළමයින්ට එරෙහි සයිබර් අපරාධ වැළැක්වීමට නව නීතියක්.
කැබිනට් තීරණ
2026/01/27
28/01/2026
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නවීන ස්වයංක්‍රීය සංඛ්‍යාත කළමනාකරණ පද්ධතියක්
කැබිනට් තීරණ
2026/01/27