Eranga Weeraratne

Directions Website

Eranga Weeraratne Deputy Minister - Digital Economy

ඩිජිටල් ආර්ථිකයක් තුළින් පොහොසත් ශ්‍රී ලංකාවක් ගොඩනගන වැඩපිළිවෙල!අද පෙරවරු 11.00 ට ජනරාවය තුළින්.
22/10/2026

ඩිජිටල් ආර්ථිකයක් තුළින් පොහොසත් ශ්‍රී ලංකාවක් ගොඩනගන වැඩපිළිවෙල!

අද පෙරවරු 11.00 ට ජනරාවය තුළින්.

"ශ්‍රී ලංකා පරිගණක සංගමය  විසින් මිලියන පහක පිරිසකට ඩිජිටල් පුහුණුව ලබා දීමට ගෙන ඇති උත්සාහය සහ ඩිජිටල් ශ්‍රම බලකා දර්ශක...
16/10/2026

"ශ්‍රී ලංකා පරිගණක සංගමය විසින් මිලියන පහක පිරිසකට ඩිජිටල් පුහුණුව ලබා දීමට ගෙන ඇති උත්සාහය සහ ඩිජිටල් ශ්‍රම බලකා දර්ශකය හඳුන්වා දීම, අපේ රටේ ඩිජිටල් අනාගතයේ පදනම ශක්තිමත් කිරීම සඳහා වන දැවැන්ත පියවරක් වනු ඇත."

~ ශ්‍රී ලංකා පරිගණක සංගමය විසින් සංවිධානය කරන ලද 44 වන ජාතික තොරතුරු තාක්ෂණ සමුළුව අමතමින් ~

16/10/2026

Digital වුණාට පස්සේ Physical Files තියාගන්න ඕනෙද?

© SLRC-මහජන දිනය

මානව කේන්ද්‍රීය කුසලතා මත පදනම් වූ 44 වන ජාතික තොරතුරු තාක්ෂණ සමුළුව (NITC 2026) අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් අද ආ...
15/10/2026

මානව කේන්ද්‍රීය කුසලතා මත පදනම් වූ 44 වන ජාතික තොරතුරු තාක්ෂණ සමුළුව (NITC 2026) අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ විය.

2030 වන විට මිලියන 5ක ඩිජිටල් කුසලතා පූර්ණ ශ්‍රම බලකායක් බිහි කිරීමේ අපේක්ෂාව පෙරමුණෙහි තබා ගනිමින් පැවැත්වෙන මෙම සමුළුවේදී, "මිනිසා මුල් කරගත් ඩිජිටල් පරිවර්තන ආකෘතිය" සහ "ජාතික ඩිජිටල් ශ්‍රම බලකා දර්ශකය" හඳුන්වා දීම අරමුණු වී තිබේ.

ගොවියාගේ සිට ව්‍යවසායකයා දක්වා සියලු දෙනාට ප්‍රතිලාභ අත්වන පරිපූර්ණ ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය කිරීමට DIGIECON 2030 හරහා අපි කැපවී සිටින අතර තාක්ෂණය යනු හුදෙක් යන්ත්‍ර සූත්‍ර නොව, ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන මෙවලමකි; ඒ වෙනුවෙන් GovPay, සයිබර් ආරක්ෂණ රාමුව සහ ජාතික AI ආයතනය වැනි වැඩපිළිවෙළවල් ක්‍රියාවට නංවා තිබේ.

15/10/2026

ලංකාවේ ඉඳලා ඩොලර් හොයන තරුණයන් වෙනුවෙන් රජයෙන් හදන Plan එක.

© SLRC-මහජන දිනය

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සංවර්ධනය සහ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය භාවිතය පුළුල් කිරීම සඳහා චීනය සමඟ සහයෝගීතාව ශක්තිමත...
15/10/2026

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සංවර්ධනය සහ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය භාවිතය පුළුල් කිරීම සඳහා චීනය සමඟ සහයෝගීතාව ශක්තිමත් කරගැනීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ චීන තානාපති Wei Huaxiang මහතා ඇතුළු නියෝජිත පිරිස සමඟ අද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේදී සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබුණා. මෙහිදී ජාතික ස්වෛරී AI පරිගණක මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, AI පර්යේෂණ හා සංවර්ධනය, ක්ෂේත්‍රයට අවශ්‍ය මානව සම්පත් සංවර්ධනය සහ AI තාක්ෂණය සම්බන්ධයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම පිළිබඳව අදහස් හුවමාරු කරගත්තා. එමෙන්ම, රාජ්‍ය ආයතන තුළ AI භාවිතය පුළුල් කිරීම සහ ජනතාවගේ දත්ත සුරක්ෂිතතාව තහවුරු කරමින් නව තාක්ෂණය භාවිත කිරීමේ වැදගත්කමද සාකච්ඡා කළා.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම සඳහා ජාත්‍යන්තර තාක්ෂණික සහයෝගීතාව, දැනුම හුවමාරුව සහ ආයෝජන අවස්ථා පුළුල් කරගැනීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම, අපට අවශ්‍ය වන්නේ AI තාක්ෂණය භාවිත කිරීම පමණක් නොව, එය පර්යේෂණ, නවෝත්පාදන සහ ප්‍රායෝගික විසඳුම් නිර්මාණය කිරීම සඳහා යොදාගත හැකි ශක්තිමත් දේශීය ධාරිතාවක් ගොඩනැඟීමයි. චීනය සමඟ පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින්, ආරක්ෂිත හා වගකීම්සහගත AI තාක්ෂණය සහ ඩිජිටල් යටිතල පහසුකම් මත පදනම් වූ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ගොඩනැඟීම අපගේ අරමුණයි.

14/10/2026

ඔබත් නොදැන අමාරුවේ වැටුණ ද?

© SLRC-මහජන දිනය

13/10/2026

අනාගත Tech ලෝකය දිනන්න AI මධ්‍යස්ථානයක්.

© SLRC-මහජන දිනය

12/10/2026

ඔබේ රැකියාව Next Level එකට අරන් යන Tool එකක්.

© SLRC-මහජන දිනය

09/10/2026

වඩාත් හොඳ දුරකථන සේවාවක් වෙනුවෙන් නියාමනයක් ළඟදීම.

© SLRC-මහජන දිනය

Address

Level 11, Unit No: 1101, One Galle Face Tower, No 1 A, Centre Road, Galle Face, Colombo 02
Colombo
10200

Alerts

Be the first to know and let us send you an email when Eranga Weeraratne posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share