TELL DMT

TELL DMT

Share

The Department of Motor Traffic works to ensure excellence in motor traffic regulation in Sri Lanka.

07/07/2025

ඔබේ වාහනයත් බ්ලැක් ලිස්ට් වෙලාද දැන්ම බලාගන්න
Check now to see if your vehicle is blacklisted.
Vet.lk

12/05/2025
21/03/2025

ලෝක වනාන්තර දිනයට අමතක නොකළ යුතු වාහන විෂ දුම

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

සෑම වසරකම මාර්තු 21 වන දින, පෘථිවියේ ජීවය පවත්වා ගැනීම සඳහා වනාන්තරවල වැදගත්කම අවධාරණය කිරීම පිණිස ජාත්‍යන්තර වනාන්තර දිනය සමරනු ලබයි. අන්තර්ජාතික වනාන්තර දින සංකල්පය 1971 දී යුරෝපීය කෘෂිකර්ම සම්මේලනයේ 23 වැනි මහා සභාවේදී ආරම්භ විය. පසුව, 2012 නොවැම්බර් 28 වන දින එක්සත් ජාතීන්ගේ මහා සභාව විසින් මාර්තු 21 ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
මෙම දිනය සැමරීමේ ප්‍රධාන අරමුණ වනුයේ වනාන්තරවල වැදගත්කම පිළිබඳව ලෝකයා දැනුවත් කිරීම සහ සෑම තරාතිරමකම වන සංරක්ෂණ ක්‍රියාකාරකම්වලට දායකත්වය ලබාදීමය.
2025 ජාත්‍යන්තර වනාන්තර දිනයේ මෙවර තේමාව වනුයේ "වනාන්තර සහ ආහාර"යන්නය.

නාසා ආයතනය මෙන්ම ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ( FAO )දත්ත වලට අනුව අප ජීවත් වන සමස්ත ලෝකයෙන් සියයට 30 ත් 31 අතර ප්‍රමාණයක් වන වැස්මකින් වැසී ඇත. ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය පිළිබඳව විමසීමේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තු දත්තවලට අනුව මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 29 ක් පමණ වන වැස්මකින් පවතී.නමුත් මෙම තත්ත්වය දිනෙන් දින අවම වෙමින් පවතී. මාර්ග හා අනිකුත් සංවර්ධන කටයුතු, ගොඩනැගිලි ඉදිකිරීම්, ගෘහ භාණ්ඩ සෑදීම මෙන්ම කෘෂිකාර්මික කටයුතු සඳහාද දිනපතාම ලොව පුරා දස අතම වන විනාශයන් සිදුවේ.

මෙම ශාක පද්ධතීන් ස්වභාවධර්මයේ වායු පෙරහන් ලෙස ක්‍රියා කරයි, කාබන් ඩයොක්සයිඩ් (CO₂) අවශෝෂණය කර ඔක්සිජන් (O₂) නිකුත් කරයි, එය සියලු ජීවීන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය වේ.

අපගේ පරිසරයේ අත්‍යවශ්‍ය අංගයක් වන වනාන්තර, ගෝලීය පාරිසරික සමතුලිතතාවය පවත්වා ගැනීමටත්, ජෛව විවිධත්වය සුරැකීමටත්, දේශගුණික විපර්යාස අවම කිරීමටත් මහඟු කාර්යභාරයක් ඉටු කරයි.
එහෙත් අද වන විට ලෝකයේ බොහෝ වනාන්තර විවිධ තර්ජනවලට මුහුණ දී සිටියි. ඉන් එක් ප්‍රධාන තර්ජනයක් වනුයේ වාහනවලින් නිකුත්වන අධික විෂදුමයි. නාගරීකරණයත් සමඟ වාහන භාවිතය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, එමඟින් කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රජන් ඔක්සයිඩ් සහ අනෙකුත් අහිතකර වායුන් පරිසරයට මුදා හැරේ. මෙම වායුන් මගින් වායුගෝලය දූෂණය වනවා පමණක් නොව, වන වගාවට සහ සමස්ත පරිසර පද්ධතියටම අහිතකර බලපෑම් රාශියක් ද ඇති කරනු ලබයි.
වාහන විෂ දුම නිසා ඇතිවන අම්ල වැසි වනාන්තරවලට සෘජුවම සෘණාත්මක බලපෑම් එල්ල කරනු ලබයි.
එනම් වාහන වලින් නිකුත් වන විෂ සහිත දුම්, වායු වායුගෝලයේ රසායනික ප්‍රතික්‍රියාවලට යටත්වී අම්ල වැසි ඇති කරයි. වාහන විෂ දුම සමග සල්ෆර් ඩයොක්සයිඩ් (SO₂) සහ නයිට්‍රජන් ඔක්සයිඩ් (NOₓ) වායුගෝලයට නිකුත් වේ.

මේවා වායුගෝලයේ ජල බිඳු සමඟ මිශ්‍රවී සල්ෆියුරික් අම්ලය (H₂SO₄) සහ නයිට්‍රික් අම්ලය (HNO₃) සෑදේ. මේ අම්ල මිශ්‍රිත වර්ෂාව අම්ල වැසි ලෙස හඳුන්වනු ලබයි.

මෙම අම්ල වැසි නිසා වනාන්තර විනාශය සිදුවන්නේ කවර ආකාරයටද යන්න ඔබ දන්නවද?

මේ තුළින් අප පරිසර පද්ධතිය තුළ ඇති පත්‍ර හා ශාක පටක වලට හානි වේ. එනම් අම්ල වැසි ශාක පත්‍රවල රසායනික සංයුතිය වෙනස් කරනු ලබයි . මෙය ශාකවල ප්‍රභාසංස්ලේෂණයට හා වර්ධනයට අහිතකර බලපෑම් එක් කරනු ලබයි.

එසේම පසෙහි ස්වාභාවික ආම්ලික සමතුලිතතාවය අමිල වැසි හේතුවෙන් විනාශ වේ. මේ නිසා ශාක වල වර්ධනය සඳහා අත්‍යවශ්‍ය ඛනිජ කොටස් විනාශ වී යාම සිදුවේ. එය ශාක වර්ධනය සඳහා සෘජුවම බලපානු ලබයි. එනම් පසෙහි රසායනික සංයුතිය මේ තුළින් වෙනස්වන අතර ශාකවලට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කිරීමේ හැකියාව මේ නිසා අවම වේ. දුර්වල වූ ශාක රෝගවලට හා පළිබෝධකයන්ට පහසුවෙන් ගොදුරු වන අතර එමඟින් වනාන්තර විනාශ වීමට ද හේතු වේ.

තවද ජල මූලාශ්‍ර විනාශ වීමට ද අම්ල වැසි හේතු සාධකයක් වෙයි. මෙය ශාක පද්ධතියට පමණක් නොව සමස්ත සත්ව පද්ධතියට ද විශාල වශයෙන් බලපෑමක් එක් කරනු ලබයි.
ශාක වල පුෂ්ප විනාශවීම සඳහාද අම්ල වැසි හේතුවේ, එයද පරිසර පද්ධතිය සඳහා සෘජු බලපෑමක් කරනු ලබයි.

එපමණක් නොව, වාහන විෂදුම හරිතාගාර වායු ගෝලීය උෂ්ණත්වය ඉහළ දැමීමටද ප්‍රධාන වශයෙන් හේතු වේ. මෙය දේශගුණික විපර්යාසයන්ට මඟ පාදන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස නියඟය, ගංවතුර සහ වෙනත් ස්වාභාවික විපත් ඇතිවීමට බලපානු ලබයි. මෙම තත්ත්වයන් ද වනාන්තරවලට දැඩි බලපෑමක් ඇති කරන අතර, ඇතැම් ශාක හා සත්ව විශේෂ වඳවී යාමේ තර්ජනයන්ට පවා මේ තුළින් සිදුවේ.
වනාන්තර විනාශය කාලගුණික හා දේශගුණික විපර්යාසයන් සඳහා සෘජුව මේ අනුව බලපෑම් කරනු ලබයි. නායයෑම්, වියළි කාලගුණය වැනි පාරිසරික ගැටලු සඳහා මේ තත්ත්වයන් ප්‍රධාන හේතු සාධකව ඇත .

කුසට ආහාර, පිපාසයට දිය දෝතක් පමණක් නොව ,පිරිසිදු හුස්ම පොදක්ද
අපගේ අනාගත පරපුර වෙනුවෙන් ඉතිරි කරදීමට නම් , වනාන්තර සුරැකීම අත්‍යවශ්‍ය කරුණක් වන්නේ මේ නිසාමය. මේ සඳහා අප සැමගේ සහයෝගය අත්‍යවශ්‍යය ය.

වාහන වායු විමෝචනය අවම මට්ටමක පවත්වා ගැනීම තුළින් වනාන්තර ආරක්ෂා කර ගැනීමට පුළුවන. වනාන්තර යනු අපගේ හුස්ම පොද බව ඔබ කිසිවිටක අමතක නොකරන්න. ඔබ ඔබගේ වාහනය නිසි පරිදි නඩත්තු කරන්නේ නම් වාහන විෂ විෂදුම පිළිබඳව ඔබට කරදර වීමට අවශ්‍ය නැත. වාහන නිසි පරිදි නිසි කාලයේ නඩත්තු නොකරන නිසාම එය විෂ ඳුම් පිටවීමට හේතුවක් වෙයි, ඒ තුළින් අධික ඉන්ධන දහනයක් ද සිදුවි අමතර වැය බරක් තමන්ට ද රටට ද සිදුවේ. එසේම වාහන විෂ දුම තුළින් වසරකට මිලියන ගණනක් ජනතාව විවිධාකාර සෞඛ්‍ය ගැටලු වලින් පීඩා විදියි. විෂ වායු නිසා වසරකට මිලියන හතක් මිය යන බව ඔබ දන්නවාද?

2016 දී පැරිස් සම්මුතියේ පාර්ශ්වකාර රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාවට හරිතාගාර වායු විමෝචනය අවම කර ගැනීමට ඉලක්ක ලබාදී ඇත. ඒ අනුව
ප්‍රවාහන ක්ෂේත්‍රය සැලකීමේදී
එම ඉලක්ක සම්පුර්ණ කර ගැනීමට හරිතාගාර වායු විමෝචනය සියයට 1 කින් අවම කර ගැනීමට ලංකාව බැදි ඇත. එම ඉලක්ක සපුරා ගැනීම සඳහා වනාන්තර ගහණය ද විශාල සහයක් ලබාදේ.

වාර්ෂිකව ශ්‍රී ලංකාවේ සිදු කරන දුම් පරීක්ෂණයෙන් පළමු වාරයෙන්ම සමස්ත රථ වාහනවලින් සියයට 20ක් පමණ අසමත් වේ. ත්‍රී රෝද රථ එලෙස සියයට තිහක් පමණ අසමත්වේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල
විසින් ලංකාව තුළ ඇති ලක්ෂ 80 කට ආසන්න රථ වාහන තුළින් පිට වන මෙම විෂ දුම කළමනාකරණය සඳහා ව්‍යාපෘති රැසක් මේ වන විටත් ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරමින් ඇත.
දීප ව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මාර්ග සංඥා පුවරු සඳහා අවරෝහණ ගණනය කිරීමේ යන්ත්‍ර සවිකිරීම, සමාජයේ විවිධ ස්ථර සදහා දැනුවත් කිරීමේ විවිධ වැඩසටහන් සිදුකිරීම , හදිසි වැටලීම් සිදුකිරීම, අධික දුම පිට කරන රථවාහන සඳහා නඩත්තු නියෝග නිකුත් කිරීම, තහනම් නියෝග නිකුත් කිරීම, යනාදිය ඉන් කිහිපයක් පමණි. එසේම නව රජයේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ වාහන වායු විමෝචනය අවම කිරීම සඳහා නව ව්‍යාපෘති රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ද ඇත. මේ සියල්ල සිදු කරන්නේ හෙට දිනයේ අනාගත පරපුරට පිරිසිදු හුස්ම පොදක් උරුම කරදීම වෙනුවෙනි.

ඔබ ඔබගේ වාහනය නිසි පරිදි නඩත්තු කරන්නේ නම්, ඔබ සුරකින්නේ ඔබගේත් ඔබගේ ආදරණීයන්ගේත් වටිනා ජීවිතයම බව මේ අනුව ඔබට දැන් පසක් වනවා නොවනුමානය.

චසිත නුවන්තික බුලත්සිංහල
මාධ්‍ය ඒකකය
වාහන වායු විමෝචන භාරකාර අරමුදල
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

~~~~~~~~~~~~~~~~~~~~~~~~~




Clean Sri Lanka වැඩසටහනට සමගාමීව කොළඹ වාහන දුම් පරීක්ෂා කිරීම සම්බන්ධ වැටලීම් ඇරඹේ 11/03/2025

https://www.facebook.com/share/p/1Z4SybxrDa/

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව කොළඹ වාහන දුම් පරීක්ෂා කිරීම සම්බන්ධ වැටලීම් ඇරඹේ COLOMBO (News 1st) - ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව අද(11) සිට කොළඹ දිස්ත්‍රික්කයේ වාහන දුම් පරීක්ෂා කිරීම් සම්බන්ධ වැටලීම...

08/03/2025

2025 මාර්තු 9 මව්බිම පුවත්පතිනි

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


No. 341, Alvitigala Mawatha, Colombo 05, , Narahenpita, Sri LankaNo. 341, Alvitigala Mawatha, Colombo 05, , Narahenpita
Colombo

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:29 - 16:15
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00