06/02/2026
United National Freedom Front
එක්සත් ජාතික නිදහස් පෙරමුණ
06/02/2026
එක්සත් ජාතික නිදහස් පෙරමුණ - UNFF
United National Freedom Front
UNFF MEDIA
31/01/2025
පහුගිය දවස්වල අපේ රටේ ලොකු සංවාදයක් නිර්මාණය උන වැඩක් විදිහට වරායෙන් පරීක්ෂා නොකර බහාලුම් 323 ක් පන්නපු සිද්ධිය ගන්න පුළුවන්.ඒ බහාලුම් අතර අනිවාර්ය පරීක්ෂාවට ලක්වෙන්න ඕනි රතු ලේබල් සහිත බහාලුම් 80%ක් තිබිලා තියනවා.ඇත්තටම මේක අතිශයින් භයානක තත්වයක්.අවස්ථා තුනකදී සන්නද්ධ අරගල තුනක් ඇති වෙච්චි රටක,පාස්කු ප්‍රහාරය වගේ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවුන රටක මේ වගේ වගකීම් විරහිත වැඩ වෙන්න පුළුවන්ද?
ඇත්තටම මේ බහාලුම් ටික පරීක්ෂා නොකර පන්නන්නේ මේවායේ රහසිගතව දෙයක් තියෙන හින්දයි.මේවායේ මත්කුඩු හරි,අයිස් හරි ආවත්, ප්‍රමිතියෙන් තොරව බෙහෙත් ආවත්,නීති විරෝධී ගිනි අවි ආවත්,රත්තරං ආවත්...එහෙමත් නැත්තං වෙන මොනවා හරි නීති විරෝධී දෙයක් ආවත් ඒකෙන් රටේ මොන ක්ෂේත්රයකට හරි විනාශයක් වෙනවා.මේ බහාලුම් 323 නීති විරෝධී විදිහට පැන්නීමේ වගකීම ලංකාවේ නීත්‍යානුකූල ආණ්ඩුව දැන් බාර අරන් තියනවා.
එසෙනම් බිමල් රත්නායක දැනටමත් තමන් දරන ඇමතිධූරයෙන් ඉල්ලා අස්වෙලා තියෙන්න ඕනි.ඒ විතරක් නෙවෙයි අපේ රටේ විපක්ෂයට කොන්දක් තියනවා නං බිමල්ට විශ්වාස භංගයක් ගේන්න ඕනි.ඊට අමතරව මේ අනීතික ක්‍රියාමාර්ගයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න ඕනි. හැබැයි විපක්ෂය පැත්තෙන් ඒක සිද්ධ වෙන්නේ නෑ.ඉතින් මේ වගේ දූෂිත ආණ්ඩුවකට මේ වගේ විපක්ෂයක් තමයි ඕනි.දැන් හැබැයි එක දෙයෙක් පැහැදිලියි.
අනුර සම්බන්ධව මෙච්චර කල් බොඳවෙලා තිබුණ චිත්‍රය පාට කරගන්න දැන් ඔයාලටත් පුළුවන්.දැන් අනුරත් දූෂිතයෙක් කියලා ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්.මේ බහාලුම් අයිති එක්ස්පෝ ලංකා සමාගමට.ඒක හනීෆ් යුසුෆ්ට අයිති සමාගමක්.හනීෆ් යුසුෆ් කියන්නේ වර්තමාන බස්නාහිර පලාත් ආණ්ඩුකරණයවරයා.පහුගිය නත්තලට ජාතික සමගිය වෙනුවෙන් කියලා කෝටි ගණනක් වියදම් කරලා ගෝල්ෆේස් එක තමන්ගේ පෞද්ගලික මුදලින් අලංකාර කරපු පුද්ගලයා.
ඒ වගේම අනුරගේ පෞද්ගලික යාලුවෙක් සහ පහුගිය මැතිවරණ දෙක වෙනුවෙන් මාලිමාවට විශාල වශයෙන් වියදම් කරපු කෙනෙක්.බිමල් රත්නායක පහුගිය දවසක පාර්ලිමේන්තුවදී පරලවෙවී කිව්වේ යුසුෆ් ලංකාවේ ඉන්න කීර්තිමත් ව්‍යාපාරිකයෙක් කියලා.මිනිහගේ කීර්තියේ තරම කොච්චරද කියලා පරීක්ෂාවකින් තොරව වරායෙන් බහාලුම් පන්නගෙන යෑමෙන් හිතාගන්න පුලුවන්.නැත්තං කොරෝනා සමයේ ඉඳන් එයාලා උපයපු අයුතු ලාභ ගැන හොයලා බැලුවොත් දැනගන්න පුළුවන්.
ඒ විතරක් නෙවෙයි බිමල්ට කටුවක් වගේ පෙනෙන ඇමතිකම පාවිච්චි කරලා කරලා තියෙන තක්කඩ් වැඩෙන් බිමල්ගේ වැලිව් එකත් තුට්ටු දෙකට වැටිලා ඉවරයි.මීට කලින් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු ඒබ්රහම්ගේ පුතාලා දෙන්නා පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන ස්වයංඝාතකයෝ දෙන්නෙක් වුනා.එක් කෙනෙක් සහරාන්.ඒබ්‍රහම් පවුල එක්ක අනුර ඇතුළු ජවිපෙ නායකයන්ගේ ඉතා ළඟ සම්බන්ධයක් තිබුණා.
ඒ දවස්වල අනුරලාගේ දුක සැප බැලුවේ ඒබ්රහම්ලා තමයි.ඒ ඒබ්රහම්ගේ පුතා එහෙම කලා නං මේ ඒබ්‍රහම්ටත් එහෙම කරන්න බැරිකමක් නෑ.ඒක බෝම්බ ප්‍රහාරයක් වෙන්නම ඕනි නෑ. මොකක් හෝ නීති විරෝධී වැඩක් කියන්නේ සමාජයට එල්ල කරන ම්ලේච්ඡ ප්‍රහාරයක් තමයි. යුසුෆ්ට කෙසේ වෙතත් අඩුම ගානේ අනුරට විලි ලැජ්ජාව කියලා එකක් තියනවා නම් ජනාධිපතිවරයා විදිහට තමන්ගේ පෞරුෂය තියාගන්න තිබ්බා.ලැජ්ජා නැතිකම දැන් අනුරට ජනාධිපතිකමටත් වැඩිය ලොකුවෙලා.
මේ සිද්ධිය සහ මීට කලින් අනුරට චෝදනා එල්ලවෙන තවත් සිද්ධියක් තියනවා.මේ සිද්ධි දෙකේදී අනුරගේ භාවිතාව නිරීක්ෂණය කරද්දී අනුර ගැන බරපතලම සැකයක් මතුවෙන එක නවත්තන්න බෑ.මීට කලින් පෙරටුගාම් සමාජවාදී පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජික අනුරාධපුර දිස්ත්‍රික් නායක ඉන්ද්‍රානන්ද අනුරට බරපතල චෝදනාවක් කළා.ඒ පහුගිය ජනාධිපතිවරණයේදී අනුර ඩඩ්ලි සිරිසේනගෙන් කෝටි දහයක් ගත්තා කියලා.
ඉන්ද්‍රානන්ද කිව්වා ඕනි උසාවියක ගිහින් අභියෝග කරන්න හඩපටිත් එක්ක එනවා කියලා.හැබැයි තමන්ට අපහාස කලා කියලා අනුරවත් එහෙම දුන්නේ නෑ කියපු ඩඩ්ලිවත් තමන්ගේ කීර්ති නාමය වෙනුවෙන් කියලා කිසිම නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ.දෙන්නම ඒ ගැන සද්ධ නැතිව ඉන්නවා.ජනාධිපති සහෝදරයට අපහාස කරපු ඉන්ද්රානන්දත් අවුලක් නැතිව ඉන්නවා.ඉන්ද්‍රානන්ද කියපු කතාව නීතියෙන් ඔප්පු උනේ නැතිවුනාට අනුරගේ භාවිතාව ඇතුලේ සෑහෙන දුරට අනුර විසින් වැඩේ ඔප්පු කරලා තියනවා.
අනුර දවසකට කිලෝ ලක්ෂ ගානක් හාල් වෙළදපොලට නිකුත් කරන ඩඩ්ලි ඇතුළු හාල් මෝල් හිමියන්ට රුපියල් දහයක අමතර ලභයක් අරන් දුන්නා.ඒ විතරක් නෙවෙයි මෙච්චර කල් මහ මෝල් හිමියන් ගැන ජවිපෙ විසින්ම සමාජගත කරලා තිබුණ මතය අනිත් පැත්ත හරවලා දැන් අනුර මහ මෝල් හිමියන්ට චරිත සහතික දෙන්නත් පටන් අරන්.තමන්ගේ යාලුවට පෞද්ගලිකව ඒක දෙන්න බැරි නිසා පොදුවේ එයා ඉන්න ගෲප් එකට දෙනවා.
වී වලට සහතික මිලක් නොකියන ආණ්ඩුව මහ මෝල් හිමියන්ට ඕනි විදිහට ගොවියාගේ අස්වැන්න මංකොල්ල කන්න ඉඩ හදලා තියනවා.
මේ දක්වා අනුර ගත්ත තීරණවලින් අසරණ වෙලා තියෙන්නේ අනුර බලයට ගේන්න ඡන්දය දුන්න ගොවියා සහ පාරිබෝගිකයායි.ගොඩ ගිහින් තියෙන්නේ අනුරගේ මැතිවරණය වෙනුවෙන් සල්ලි වියදම් කරපු ව්‍යාපාරිකයෝ.මේ බහාලුම් 323 පරික්ෂණයකින් තොරව පැන්නීමේදීත් වෙලා තියෙන්නේ ඒක.(මේක ඇතුලේ තවත් භයානක කතාවක් තියනවා.ඒක වෙනම කතා කරමු) අනුරලා බයියන්ට සහ ජෙප්පන්ට සුරංගනා කතා කියන ගමන්ම තමන්ගේ ගජ මිතුරන් නඩත්තු කරන්නේ එහෙමයි.
ඇත්තටම මේ වෙලා තියෙන්නේ ගජ මිතුරන්ට මස් රාත්තලම දීලා ජනතාවට සූප්පු කරන්න හාල් මැසි කට්ටක්වත් නොදෙන එකයි.දැන් ජවිපෙ මන්ත්‍රීලා කියන්නේ ඉදිරි ගමන අමාරුයි ඒ වෙනුවෙන් කැපකිරීම් කරන්න ලෑස්ති වෙන්න කියලා.චීනෙ ජනතාව රටේ ගමන වෙනුවෙන් සර්පයෝ පවා මරාගෙන කාලා ජීවත් උනාලු. ගස්වල පොතු පවා කෑවා කියලා දැන් ජවිපෙ මන්ත්‍රීලා කියනවා.මේ සිද්ධවෙන ක්‍රියාවලිය හරියට තේරුම් ගන්න බැරි නං ඇත්තටම මේ රටේ ජනතාවට අත්වන ඉරණම කියා නිම කිරිමට නොහැක.
#එක්ව_ගොඩනගමු
01/01/2025
Maithri Gunaratne
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
Boralla
Colombo
00700
