JVP Sweden
This is the Official page of JVP - Sweden
ජනතා විමුක්ති පෙරමුණ - ස්වීඩන්
24/04/2026
13/01/2026
රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ දියත් කිරීමේ සමාරම්භක උළෙලේදී සිදු කළ සම්පූර්ණ කතාව
நாட்டை மீண்டும் கட்டியெழுப்பும் திட்டத்தை செயற்திறனாக வழிநடத்துவதற்காக முன்னெடுக்கப்படும் ‘Rebuilding Sri Lanka’ தேசிய வேலைத்திட்டத்தின் அங்குரார்ப்பண நிகழ்வில் ஆற்றிய முழுமையான உரை.
The full speech delivered at the inaugural ceremony to launch the “Rebuilding Sri Lanka” National Programme, implemented to effectively steer the country’s reconstruction efforts.
‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ දියත් කිරීමේ සමාරම්භක උළෙලේදී සිදු කළ සම්පූර්ණ කතාව | AKD රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ දියත් කිරීමේ සමාර...
12/01/2026
‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට 13 දියත් කෙරේ
රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල ජනවාරි 13 වන අඟහරුවාදා ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මිනිස් ජීවිතවලට මෙන්ම පෞද්ගලික හා පොදු දේපළවලට සිදු කරන ලද හානියද ඇතුළත්ව ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශ කෙරෙහි බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ ව්‍යසනයට අදාළ පශ්චාත් ආපදා පුනරුත්ථාපන හා ප්‍රතිසාධන කටයුතුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉහළ මට්ටමේ මනා සම්බන්ධීකරණයෙන් යුතු ජාතික ප්‍රතිසාධන යාන්ත්‍රණයක කඩිනම් සහ හදිසි අවශ්‍යතාව අනුව යමින් ‘Rebuilding Sri Lanka’ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
රට නැවත ගොඩනැඟීමේ වැඩසටහන මූල්‍යනය කිරීම මේ වනවිට උපක්රමික ප්‍රවේශ 3ක් යටතේ සිදු කෙරෙමින් ඇත. එහිදී ප්‍රමුඛතා මත නැවත සකස් කිරීම (Re-purposing) යටතේ දැනට ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති අතරින් තෝරා ගත් ව්‍යාපෘතිවල අරමුණු වෙනස් කරමින් ක්‍රියාත්මක කිරීම, නැවත ප්‍රතිපාදන වෙන් කිරීම (Re-allocating) යටතේ මූල්‍ය කළමනාකරණ පනතේ ඇති ප්‍රතිපාදන මත පදනම්ව අයවැයෙන් වෙන් වන ප්‍රතිපාදනවලට අමතරව අතිරේක මුදලක් වෙන් කිරීම. ඒ අනුව 2026 වසර සඳහා රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් සිදුකිරීම සහ ‘Rebuilding Sri Lanka’ අරමුදල මගින් දේශීය, විදේශීය සහ රාජ්‍ය, පෞද්ගලික පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ලබා ගැනීම තුළින් සිදුවේ.
මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යමින් ‘Rebuilding SriLanka’ සඳහා උපායමාර්ගික නායකත්වය, සම්බන්ධීකරණය, සංගත ප්‍රවේශය සහ අධීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් යුතුව අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් පසුගියදා ජනාධිපතිවරයා විසින් ස්ථාපිත කරන ලදී.
මෙමඟින් මූලික අවශ්‍යතා, සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය නැවත ස්ථාපිත කිරීම, මූලික යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම, ජීවනෝපාය සහ වත්කම් ප්‍රමාණවත් ලෙස ඉහළ නැංවීම, දේශීය ආර්ථිකය යථා තත්වයට පත් කිරීම, ඩිජිටල් දත්ත පද්ධති සහ තීරණ සහාය යාන්ත්‍රණය ස්ථාපිත කිරීම, සන්නිවේදනය සහ පාර්ශ්වකාර සම්බන්ධතා වැඩිදියුණු කිරීම යන නැවත ගොඩනැඟීමේ ක්‍රියාකාරකම්වලදී සමස්ත මඟ පෙන්වීම, උපාය මාර්ගික තීරණ ගැනීම, අන්තර් අමාත්‍යාංශ ගැටලු විසඳීම, ප්‍රධාන අරමුදල් සැපයීම ප්‍රතිසාධන සහ ප්‍රතිසංස්කරණවල තීරණ සඳහා මඟපෙන්වීම සිදු කරනු ඇත.
(https://lankatruth.com/si/?p=193609)
24/12/2025
ජනපතිගේ නත්තල් සුබ පැතුම් පණිවිඩය...
ලොව පුරා කිතුනු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත බැතියෙන් සමරන අසිරිමත් නත්තල අදට (25) යෙදී තිබේ.
ශ්‍රී ලංකාවාසී අප මෙවර නත්තල සමරන්නේ ජාතියක් ලෙස ඉතා වේදනාකාරී ස්වභාවික ව්‍යසනයකට මුහුණදීමෙන් පසු අධිෂ්ඨානයෙන් යළි ගොඩනැඟෙමින් සිටින තීරණාත්මක අවස්ථාවක බව අපි දනිමු.
නත්තලේ සැබෑ අරුත වන්නේ, ප්‍රේමය, සාමය, සතුට, බෙදා ගැනීම සහ පරිත්‍යාගයයි. පීඩාවට පත් වූවන්ට සහෝදර හැඟීමෙන් පිහිටවීම සහ සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය උදෙසා කැපවීම ඒ අතර ප්රමුඛ වේ.
කිතුනු දහමේ මෙන්ම සියලු ආගම්වල ඉගැන්වීම වන අසල්වැසියා විපතට පත් වූ අවස්ථාවේදී අත්නොහැර සහෝදරත්වයෙන් වැලඳ ගැනීමේ උතුම් මනුසත් ගුණාංගය සහ නොසැලෙන අධිෂ්ඨානය පසුගිය ව්‍යසනය හමුවේ මෙරට ජනතාව නැවත නැවතත් පසක් කර තිබේ. කිසිදා යාමට අපේක්ෂා නොකළ මංමාවත්වල සිය සහෝදර ජනතාව වෙනුවෙන් ඇවැසි දෑ රැගෙන ඔවුන් ඇවිද ගියේ අසල්වැසියාට ප්‍රේම කරන, සාමය, සමගිය රජයන, පරිත්‍යාගයෙන් සහ සහකම්පනයෙන් යුත් සමාජයක් ගොඩනැඟීමට ආරාධනා කෙරෙන උතුම් නත්තලේ අරුත සැබෑ ලෙසම අර්ථ ගන්වමින් බව මම විශ්වාස කරමි.
අන්ධකාරය පලවා හරින්නට ඇවැසි නම් ආලෝකයේ දීප්තිය පතුරුවාලිය යුතුය. බෙත්ලෙහෙමේ දිළිඳු ගවලෙනක ඉපදී කල්වාරි කඳු මුදුනේදී මිනිස් සමාජය පාපයෙන් මුදවා ගනු වස් කුරුසයට කැප වූ ජේසුස් වහන්සේ දැඩි අධිෂ්ඨානය, විශ්වාසය සහ ප්‍රඥාවේ මහිමයෙන් මරණය ජයගෙන උත්ථානය ලැබූ බව ක්‍රිස්තු ධර්මයේ සඳහන් වෙයි.
යථාර්ථයේ වේදනාකාරී සත්‍යයට මුහුණ දෙමින් අභියෝග ජය ගෙන රටක් ලෙස එක්ව නැගී සිටිමු'යි සියලු දෙනාට ආරාධනා කරමින් ලැබුවා වූ අසිරිමත් නත්තල සාමය, සතුට පිරුණු සහ දයාව පෙරදැරිව මනුසත් බව පැහැබර කරන්නා වූ සුබ නත්තලක් වේවා'යි ප්‍රාර්ථනා කරමි.
අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 දෙසැම්බර් 25
உலகம் முழுவதும் உள்ள கிறிஸ்தவர்கள் இயேசு கிறிஸ்து பிறந்த தினமான நத்தார் பண்டிகையை இன்று (25) கோலாகலமாக கொண்டாடி வருகின்றனர்.
இலங்கையர்களாகிய நாம், ஒரு நாடாக, மிகவும் வேதனையான இயற்கை பேரழிவை எதிர்கொண்ட பிறகு உறுதியுடன் மீண்டுவரும் சந்தர்ப்பத்திலேயே இந்த நத்தார் பண்டிகையை கொண்டாடுகிறோம் என்பது அனைவரும் அறிந்த விடயம். அன்பு, அமைதி, மகிழ்ச்சி, பகிர்வு மற்றும் தியாகம் ஆகியவையே நத்தார் பண்டிகையின் உண்மையான அர்த்தங்கள் ஆகும். பாதிக்கப்பட்டவர்களுக்கு சகோதர உணர்வுடன் ஆதரவு வழங்குதல் மற்றும் மனிதகுலத்தின் விடுதலைக்கான அர்ப்பணிப்பு என்பன இவற்றில் முதன்மையானதாகும்.
கிறிஸ்தவம் உட்பட அனைத்து மதங்களின் போதனையான, இக்கட்டான காலங்களில் அயல் வீட்டாரை கைவிடாமல் சகோதரத்துவத்துடன் அரவணைக்கும் உன்னதமான மனிதப் பண்பையும், அசைக்க முடியாத உறுதியையும் கடந்த அனர்த்த நிலைமையில் இந்நாட்டு மக்கள் மீண்டும் மீண்டும் நிரூபித்துள்ளனர்.
அமைதி, நல்லிணக்கம், தியாகம் மற்றும் இரக்க குணம் கொண்ட ஒரு சமூகத்தை உருவாக்க அழைப்பு விடுக்கும் புனித நத்தாரின் அர்த்தத்தை உண்மையில் புரிந்துகொண்டதனாலேயே, ஒருபோதும் பயணிக்க எதிர்பார்க்காத வீதிகளில் கூட தமது சகோதர மக்களுக்காக அத்தியாவசியப் பொருட்களை மக்கள் சுமந்து சென்றார்கள் என்று நான் நம்புகிறேன்.
இருள் நீங்க வேண்டுமானால், ஒளியின் பிரகாசம் பரவ வேண்டும். பெத்லகேமில் ஒரு ஏழை தொழுவத்தில் பிறந்து, கல்வாரி மலைப் பகுதியில் மனித சமூகத்தை பாவத்திலிருந்து மீட்க சிலுவையில் தன்னை அர்ப்பணித்த இயேசு, மிகுந்த உறுதியுடனும், நம்பிக்கையுடனும், ஞானத்துடனும் மரணத்தை வென்று உயிர்த்தெழுந்தார் என்று கிறிஸ்தவம் கூறுகிறது.
யதார்த்தத்தின் வேதனையான உண்மையை எதிர்கொண்டு, சவால்களை வென்று ஒரு நாடாக ஒன்றிணைந்து மீண்டெழுவோம் என்று அனைவருக்கும் அழைப்பு விடுத்து, அமைதி, மகிழ்ச்சி, மனிதநேயம், இரக்கம் மற்றும் கருணை ஆகியவற்றால் நிறைந்த இனிய நத்தார் பண்டிகையாக அமைய வேண்டும் என்று அனைவரையும் வாழ்த்துகிறேன்.
அநுர குமார திசாநாயக்க
ஜனாதிபதி
இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசு
2025 டிசம்பர் 25
Christians around the world joyfully commemorate the birth of Jesus Christ with deep devotion today (25), marking the sacred celebration of Christmas.
This year, the people of Sri Lanka observe Christmas at a decisive moment in our national journey, having faced an extremely challenging natural disaster as a nation and while striving with determination to overcome its hardships and rise again. The true meaning of Christmas is love, peace, joy, sharing and sacrifice. At the forefront of these values is the commitment to support the oppressed and the unwavering dedication to the liberation of all people.
In the face of the recent disaster, the people of Sri Lanka once again demonstrated, in the most practical manner, the noble human virtue of embracing a neighbour in distress with compassion and unwavering resolve, a principle that is upheld by Christianity and all religions. I believe that our citizens who traversed difficult paths to deliver relief to the affected have given living meaning to the Christmas message of loving one’s neighbour and building a society founded on empathy and solidarity.
To dispel darkness, light must be spread. Christianity teaches that Jesus Christ, born in humble surroundings in Bethlehem, sacrificed on the Cross to save humanity from sin on Mount Calvary. He triumphed over death and was resurrected through his unwavering determination, faith and the brilliance of his wisdom.
Therefore, I invite all of you to rise together as a nation, facing the painful challenges of reality with courage and unity. May this blessed Christmas renew our humanity through compassion, and bring peace, joy and hope to every home.
I wish you all a peaceful, joyful and compassionate Christmas!
Anura Kumara Dissanayake
President
Democratic Socialist Republic of Sri Lanka
25th December, 2025
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Colombo
