මාලිමාව

මාලිමාව

Share

මාලිමාව හැමදේම..........

15/05/2025

"නියමිත තැන, නියමිත හැරවීමේ තීන්දුව ගන්න අපි කටයුතු කරනවා. නියමිත තැන නියමිත දිශාවට ගෙන යන්න අප එඩිතර වෙනවා. අපේ එඩිතර භාවය ඇඟෙන් මනින්න එපා. යුග ගණනකට ඈත ඉතිහාසයක් අපේ දේශපාලනයේ තිබෙනවා. නිශ්චිත තැනදී පැකිලීමකින් තොරව නිසි බරෙන් නිසි තීරණ ගැනීමට මේ පක්ෂයට, මේ ආණ්ඩුවට එඩිතරභාවයක් තිබෙනවා. අපේ ව්‍යාපාරය අපේ ආණ්ඩුව එක්ක විපක්ෂය අලගු තබන්නවත් සුදුසු නැහැ. අපි ව්‍යවහාරික බුද්ධියෙන් කටයුතු කරනවා. අප විසින්ම ගොඩනඟා තිබෙන සංකල්ප මත හිරවෙයි කියලා විපක්ෂය සිතුවා. ඒ නිසා ඩොලරය ඉහළ යයි, තෙල් පෝලිම් ඇති වෙයි කියා බලාපොරොත්තුවෙන් සිටියා. අපි ව්‍යවහාරික බුද්ධියෙන් පෝෂණය වූ දේශපාලන ව්‍යාපාරයක් නිසා එසේ වරද්දාගන්නේ නැහැ."

ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරයට එක්වෙමින්...

"We are ready to take decisions to turn this around. We are brave enough to take those decisions. Our bravery is not because of our size. We have a legacy of politics that spans eras. We have shown that this party, this government is brave enough, and will unhesitatingly take decisions with due deliberation when it is necessary. The opposition, does not even compare to this government and this party. We work with practical intelligence. The opposition speculated that we will be prisoners of our own ideological preferences. They speculated that will lead to a sharp depreciation of the rupee, that it will lead to fuel queues. We did not make those mistakes because we are not a dogmatic party, but one with practical intelligence."

At the 60th anniversary of the Janatha Vimukthi Peramuna

15/05/2025
07/05/2025

339 න් දැනට 205ක බලය මාලිමාව සතුකරගනී.🙏

Photos from මාලිමාව's post 18/04/2025
08/04/2025

"ගමන ඇරඹුවා පමණයි
ඔබ නොමැති පාඩුව බරයි...

ඔබ පැතූ දේශය ගොඩනගන්නට අපි කැප වන්නෙමු.

කෝසල සොයුර,
ඔබට විප්ලවීය ආචාරය!"

15/03/2025

◽️ඇඹිළිපිටිය මධ්‍ය විද්‍යාලය ඇතුළු ප්‍රදේශයේ පාසල් කිහිපයක සිසුන් අතුරුදන් වේ...

◽️එකොලහ ශේණීයේ සිසුන් 45 දෙනෙක්...

◽️සෙවණ හමුදා කදවුරට රැගෙන ගිය බවට තොරතුරු...
________________________________________________

1989 වර්ෂයේ අවසාන කාර්තූව වනවිට ලංකා ඉතිහාසයේ අතිශයින්ම ලෙයින් වැකුණ යුගයක් උච්චම කාර්තූවට ලගා වෙමින් තිඹුණා.

අනිකුත් ප්‍රදේශවල මෙන්ම ඇඹිලිපිටිය , කොලොන්න ආදී ප්‍රදේශවලට තත්ත්වය එසේම විය.

ඒ අතර කොලොන්න ආසනයේ එජාප බලවතකු වූ නන්ද මැතිව්ගෙ හෙන්චයියකු ඇඹිලිපිටිය මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති බවට පත්වනවා.

ඇඹිලිපිටියෙ මධ්‍ය විද්‍යාලය පිහිටා තිඹුණෙ සෙවණ හමුදා කදවුරට මුහුණලා වූ භූමීයෙයි. එම නිසාම හමුදා කදවුරෙ නිලධාරීන් අතරත් එවක රට පුරා ම්ලේච්ඡ පාලනයක් ගෙනගිය එජාප ආණ්ඩූවේ සහචරයකු වූ පාසලේ විදුහල්පති අතරත් නිරන්තර සබදතාවයක් වර්ධනය වී තිඹුණා.

විදුහල්පතිවරයාට පාසල තුලදී ආරක්ෂාවට හමුදා කදවුරේ සෙබළුන් දෙදෙනකුද ලබා දී තිඹුණා. එමෙන්ම විදුහල්පතිවරයා සන්තකයේ අත් බෝම්බයක් හා ගිනි අවියක් නිතර පැවැති බව සදහන්.

එකල විදුහලේ සේවය කල ගුරුවරුන් පවසන පරිදි විදුහල්පතිවරයා පාසල තුල සැරිසරන සෑම මොහොතකම එම ගිනි අවිය සහා අත් බෝම්බය ප්‍රදර්ශණය කරමින් ගුරුභවතුන් හා සිසු දරු දැරියන්ට තර්ජනය කල බව වාර්ථා වෙනවා.

ඔය අතර මෙම විදුහල්පතිවරයාගෙ පුතනුවන්ගෙන් විදුහලේ 11 - A පංතියේ සිසුවියකට ලැබුණ පෙම් හසුනක් එම පංතියේම ශිෂ්‍ය කණ්ඩායමක් අතට පත්වනවා. එය මේ ශෝචනීය කථාවෙ එක් ආරම්භයක් බවට පත්වනවා.

පෙම් හසුන දුටු ශිෂ්‍යයන් අදාල ශිෂ්‍යාවට උසුළු විසුළු කරන අතර එය එම ශිෂ්‍යාවගේ පෙම්වතා වූ අදාල විදුහල්පතිවරයාගෙ පුත්‍රයාට සැලවන්නෙ එම ශිෂ්‍යාව මාර්ගයෙන්මයි.

තම පෙම්වතියට උසුළු විසුළු කල ශිෂ්‍යයන්ට පාඩමක් ඉගැන්වීමට සිතාගන්නා අදාල පෙම්වතා පාසලට පිටතින් පිරිස ගෙන්වාගෙන තෙවරක් එම ශිෂ්‍යයන්ට පහර දෙන බව සදහන් වනවා.

_______________________________________________

මෙම සිදුවීම සම්බන්ධව සොයාබැලීමට ගුරු දෙගුරු සමිතියක් රැස්වන අතර එහිදී විදුහල්පතිවරයා දෙමාපියන් වෙත දැඩි සේ තර්ජනය කරනු ලබන්නෙ දරුවන්ව පැහැරගැනීමට වුවද ලක්විය හකි බවටයි.

ඔය අතරවාරයේ සැබැවින්ම මෙම සිදුවීමට සම්බන්ධ වයස අවුරුදු 16 ක කෙලිලොල් වියේ කුඩා සිසු දරුවන් සෙවණ හමුදා කදවුරේ සෙබළුන් යැයි සැකකෙරෙන පිරිසක් විසින් පැහැරගනු ලබනවා.

මෙම සිදුවීම හේතුවෙන් විදුහල්පතිවරයාගෙ ක්‍රියකලාපය ප්‍රශ්න කිරීමට තරම් එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා නිර්භීත වන නමුත් දින කිහිපයකින් එම නියෝජ්‍ය විදුහල්පතිවරයාගෙ නිවෙසට කඩා වදින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩූවේ මැරයින් පිරිසක් විසින් එම නියෝජ්‍ය විදුහල්පතිවරයාව වෙඩි තබා ඝාතනය කරනු ලබනවා.

එම සිදුවීම් මාලාව අතර පැහරගෙන අතුරුදන් කරවන ලද සිසුන් ගණන 45 ක් බව සදහන් වනවා. නමුත් වසර ගණනාවක් යනතුරු ඔවුන්ට සිදුවුයේ කුමක්ද යන්න පිළිබද නිසි තොරතුරක් නොලැබී යන අතර තැනින් තැන ආරංචි වූ තොරතුරු අනුව ඔවුන් සියළු දෙනා දැඩි වධ බන්ධනවලට ලක්කර පසුව කොහෝ හෝ තැනකට ගෙන ගොස් වෙඩි තබා පුළුස්සා දමා තිඹුණි.

වසර කීපයකට පසු යම් සංවර්ධන කටයුත්තක් වෙනුවෙන් සුරීයකන්ද ප්‍රදේශයේ සිදුවූ පස් කැනීමකදි ඇටසැකිළි කිහිපයක් හමුවීමත් සමග මෙම සිසුන් 45 දෙනා පිළිබද කතිකාව නැවත වරක් ඉස්මතු වනවා.

ඇඹිළිපිටිය ප්‍රදේශය පුරා පැතිර යන ආරංචියත් සමග ප්‍රදේශවාසීන් මාධ්‍යවෙදින් ඇතුළු බොහෝ දෙනා මෙම ස්ථානය සොයා පැමිණෙනවා. ඔවුන් ඉදිරියේ මෙම ස්ථානය නිසි කැනීමකට ලක්කිරීම ආරම්භ කරනු ලැබුවා.

ඇතැම් මව්වරුන් හා පියවරුන් තම අතුරුදහන් වූ පුත්‍රයා අවසන් වරට ඇදසිටි ඇදුම්වල පැහැය ඇති ඇදුම් කැබැල්ලක් හෝ හමුවන් තුරු ඈස් දල්වා බලාසිටියෙ දැඩි සෙනෙහසක් පිරි පපු හාරාගෙන යන තරම් වූ දැඩි ශෝකයකින්.

ඇටසැකිලි සමග ඇති ඇතැම් රෙදි කැබලි හමුවීමත් සමග ඇතැම් මව්පියන් ඒ තම කුඩා දරුවාගෙ ඇදුමක් යැයි කෑ මොරදෙමින් හඩා වැලපෙන්නට වුණා. එම ස්ථානයේ පුවත් වාර්ථාකරණයට ගිය ඇතැම් මාධ්‍යවේදීන් පවා පවසා සිටියෙ එය බලාසිටීමට නොහැකි තරම් අනුවේදනීය මොහොතක් බවයි.

අවුරුදු 16 ක සිසුන් 45 දෙනෙකු වධ බන්ධනවලට ලක්කරමින් කපාකොටා වෙඩි තබමින් පුළුස්සා දැමීමට තරම් එකල පාලකයින් හා ඔවුන්ගෙ හෙංචයියන් ම්ලේච්ඡ වී තිඹුණේ කෙසේද ?

ඇතැම් සිසුන් ගින්නට ඇදදමන විටත් පණ අදිමින් සිටි බව කියවෙන විට එය දරා සිටින්නට තරම් සවි ශක්තියක් ඇති මවෙක් හෝ පියෙක් වේද ?

තම ඇකයේ තබා රක්ෂා කරන ලද සිගිත්තන් සුළු වයසක් ඉක්මව ගිය පසු එවන් ඉරණමකට ලක් වූ විට ඉවසා සිටිය හැක්කෙ කුමන මව්වරුනටද කුමන පියවරුනටද ?

නමුත් එය විදදරාගැන්මට එම දෙමාපියන්ට සිදුවිය. ම්ලේච්ඡත්වය ඔටුනු පැළදි රාජ්‍යයක යථාර්තය වූයේ එයයි.

සමූහ මිනීවලෙහි කැනීම් අතරමග නවතා දැමුණෙ කුමන හෝ ඉහල පාර්ශවයක බලපෑම මතයි. පසුව මේ සිදුවීම සම්බන්ධව නඩු පැවරුණද වගකිවයුත්තන් වෙත නිසි දඩුවමක් හෝ හිමිවුයේ නැත.

ම්ලේච්ඡත්වය ඇතිකර ලේ වියරුව පිරිමසා ගත් නායකයින් හා හෙංචයියන් බොහෝමයක් තවමත් රජ සැප විදිමින් සුවසේ කල් ගෙවයි.
නමුත් කිසිම දිනයක ඝාතනයට ලක් වූ අහිංසක දරුවන් වෙත යුක්තිය ඉටු වූයේ නැත.

මේ සියළු ම්ලේච්ඡත්වයන්ට නායකත්වය දුන් එකකු දැන් ජනතා පරමාදිපත්‍යෙන් නෙරපා ඇත. තවත් එකකුගෙ පුතෙකු දැන් රටේ විපක්ෂ නායකයය. තවත් වුන් සිල්වත් තැන්පත් ප්‍රභූවරුන් ය.
(උපුටාගැනීමකි.)
මෙහි පළ කිරීමේ අයිතිය මුල් හිමිකරු සතුයි..

10/01/2025

කුඩු රෙනෝ

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo
Colombo
00130