KOFIH Sri Lanka Office

Directions Website

KOFIH Sri Lanka Office Official page of the Korea Foundation for International Healthcare (KOFIH) Sri Lanka Office. Greetings from the KOFIH Sri Lanka Office!

The Korea Foundation for International Healthcare (KOFIH) is a government organization affiliated with the Ministry of Health and Welfare, Republic of Korea. As a key player in global health cooperation, KOFIH provides healthcare assistance to developing countries, North Korea, overseas Koreans, and migrant communities in Korea-promoting international collaboration and humanitarian values. Established in November 2023, the KOFIH Sri Lanka Office is the foundation’s 10th overseas office. Located at 302, Ministry of Health (Suwasiripaya), Colombo 10, we work in close partnership with the Government of Sri Lanka and health sector stakeholders to strengthen national health systems. KOFIH Introduction Video:

https://youtu.be/rDcwYbJ_o8M?si=OJSfDFuIQbTE35YS

KOFIH Introduction Video:

https://youtu.be/zXN5YMRsukg?si=R-UbNmFewpRnmvGv


KOFIH ශ්‍රී ලංකා කාර්යාලයෙන් සුභ පැතුම්!

ජාත්‍යන්තර සෞඛ්‍ය සඳහා වන කොරියානු පදනම (KOFIH) යනු කොරියානු ජනරජයේ සෞඛ්‍ය හා සුභසාධන අමාත්‍යාංශය හා අනුබද්ධ රජයේ සංවිධානයකි. ගෝලීය සෞඛ්‍ය සහයෝගීතාවයේ ප්‍රධාන ක්‍රියාකරුවෙකු ලෙස, KOFIH සංවර්ධනය වෙමින් පවතින රටවල්, උතුරු කොරියාව, විදේශගත කොරියානුවන් සහ කොරියාවේ සංක්‍රමණික ප්‍රජාවන්ට සෞඛ්‍ය සේවා සහාය ලබා දෙමින් ජාත්‍යන්තර සහයෝගීතාවය සහ මානුෂීය වටිනාකම් ප්‍රවර්ධනය කරයි. 2023 නොවැම්බර් මාසයේදී පිහිටුවන ලද KOFIH ශ්‍රී ලංකා කාර්යාලය පදනමේ 10 වන විදේශීය කාර්යාලයයි. කොළඹ 10, සුවසිරිපාය,සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාමර අංක 302 හි පිහිටා ඇති KOFIH ශ්‍රී ලංකා කාර්යාලය, ශ්‍රී ලංකාවේ ජාතික සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අංශයේ කොටස්කරුවන් සමඟ සමීප හවුල්කාරිත්වයකින් කටයුතු කරයි. KOFIH හඳුන්වාදීමේ විඩියෝව

https://youtu.be/rDcwYbJ_o8M?si=OJSfDFuIQbTE35YS

KOFIH හඳුන්වාදීමේ විඩියෝව

https://youtu.be/zXN5YMRsukg?si=R-UbNmFewpRnmvGv

Greetings from the KOFIH Sri Lanka Office!This is the media coverage published regarding the Completion and Handover Cer...
06/07/2026

Greetings from the KOFIH Sri Lanka Office!

This is the media coverage published regarding the Completion and Handover Ceremony of the Biomedical Engineering Services (BES) Centre Renovation and the Donation of Biomedical Engineering Tools held on 16 June 2026 at the Ministry of Health and Mass Media. Under the Project for Capacity Building of Biomedical Engineering Services in Sri Lanka, KOFIH completed the renovation and modernization of the BES Centre and donated biomedical engineering tools, medical testing equipment, and repair tools for Provincial Biomedical Engineering Units. Hon. Minister of Health and Mass Media Dr. Nalinda Jayatissa, H.E. Ambassador of the Republic of Korea to Sri Lanka Ms. Miyon Lee, KOFIH Secretary General Mr. Baek Kwan-baek, and senior officials participated in the ceremony, reaffirming the strong partnership between the Republic of Korea and Sri Lanka in strengthening healthcare services.

KOFIH continually contributes to the health service improvements in Sri Lanka.

15 June 2026, https://www.newswire.lk
Link for the Press Release:
https://www.newswire.lk/2026/06/15/upgraded-biomedical-engineering-services-centre-to-begin-operations-tomorrow/

15 June 2026, https://www.news.lk (English)
Link for the Press Release:
https://news.lk/current-affairs/upgraded-biomedical-engineering-services-centre-opens-tomorrow

15 June 2026, https://www.news.lk (Sinhala)
Link for the Press Release:
https://sinhala.news.lk/current-affairs/2026-06-15-05-07-44

15 June 2026, https://www.vivalanka.com
Link for the Press Release:
https://www.vivalanka.com/newspage/12264054ai-renovated-biomedical-engineering-center-opens

16 June 2026, Dinamina
Link for the Press Release:
https://www.dinamina.lk/2026/06/16/local/294627/

17 June 2026, https://www.news.lk (Sinhala)
Link for the Press Release:
https://sinhala.news.lk/current-affairs/2026-06-17-03-56-41

17 June 2026, https://www.news.lk (English)
Link for the Press Release:
https://news.lk/current-affairs/upgraded-biomedical-engineering-services-centre-handed-over-to-health-ministry

17 June 2026, Daily News
Link for the Press Release:
https://dailynews.lk/2026/06/17/local/1011994/health-minister-opens-modernised-biomedical-engineering-services-centre/

17 June 2026, Independent Television Network (ITN) Sinhala News
Link for the Press Release:
https://www.youtube.com/watch?v=GoPGShO9qGM

Greetings from the KOFIH Sri Lanka Office!KOFIH ශ්‍රී ලංකා කාර්යාලයෙන් සුභ පැතුම්!KOFIH Sri Lanka Office in coordination...
18/06/2026

Greetings from the KOFIH Sri Lanka Office!
KOFIH ශ්‍රී ලංකා කාර්යාලයෙන් සුභ පැතුම්!

KOFIH Sri Lanka Office in coordination with the Biomedical Engineering Service (BES) Division and the Ministry of Health and Mass Media organized the Completion and Handover Ceremony for the BES Center Renovation and Biomedical Engineering Tools Donation to the BES Center for Provincial Biomedical Engineering Units on 16 June 2026 at the BES Center of the Ministry of Health and Mass Media.

The ceremony was graced by Hon. Minister of Health and Mass Media, Dr. Nalinda Jayatissa; Her Excellency the Ambassador of the Republic of Korea to Sri Lanka, Ms. Miyon Lee; and the Secretary General of the Korea Foundation for International Healthcare (KOFIH), Mr. Baek Kwan-baek, together with senior officials from the Ministry of Health and Mass Media and representatives of Korean partner organizations.

Under the Project for Capacity Building of Biomedical Engineering Services in Sri Lanka which is a donation of USD 7.2 Million, KOFIH completed the renovation and modernization of the Biomedical Engineering Services Centre, including the addition of a modern auditorium and improved technical facilities. Biomedical engineering tools, medical testing equipment, and repair tools were also donated to BES Division for Provincial Biomedical Engineering Units in the Central, North Central, Northern, Eastern, Uva, and Southern Provinces.

Addressing the gathering, Hon. Minister Dr. Nalinda Jayatissa highlighted the critical role of Biomedical Engineering Services in ensuring uninterrupted healthcare delivery, emphasizing that the maintenance and management of medical equipment are essential for quality patient care. He also expressed appreciation for the longstanding support extended by the Government of the Republic of Korea to Sri Lanka’s health sector and acknowledged the significant contribution made by the Korea Foundation for International Healthcare (KOFIH) through this project towards strengthening biomedical engineering services across the country.

Addressing the gathering, H.E. Ambassador Miyon Lee highlighted the strong partnership between the Republic of Korea and Sri Lanka in the health sector. She noted that KOFIH is celebrating its 20th anniversary and commended its growth into a globally recognized healthcare development agency. She also highlighted upcoming cooperation to strengthen the management of non-communicable diseases in Sri Lanka and reaffirmed Korea’s commitment to supporting healthcare digitalization and advanced medical technologies.

KOFIH Secretary General Mr. Baek Kwan-baek described the Project for Capacity Building of Biomedical Engineering Services in Sri Lanka as an important milestone in strengthening biomedical engineering services across the country. He recalled that the current cooperation began in 2019 and builds upon the longstanding partnership between Korea and Sri Lanka established following the 2004 tsunami. He also highlighted the opening of the KOFIH Sri Lanka Office in 2023 and expressed KOFIH’s commitment to expanding cooperation in areas such as climate resilience, non-communicable disease management, and other emerging healthcare priorities.

Secretary to the Ministry of Health and Mass Media, Dr. Anil Jasinghe, emphasized the importance of developing a modern biomedical equipment management system and highlighted the project's contribution to strengthening infrastructure, technical capacity, and the long-term sustainability of healthcare services.

KOFIH continually contributes to the health service improvements in Sri Lanka.

කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි (KOFIH) ශ්‍රී ලංකා කාර්යාලය විසින් ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානය (BES) නවීකරණයෙන් පසු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට භාරදීමේ සහ පළාත් ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකක සඳහා බෙදාහැරීම සඳහා ජීව වෛද්‍ය ඉංජිනේරු අංශය වෙත ජීව වෛද්‍ය ඉංජිනේරු මෙවලම් බෙදාදීමේ උත්සවය 2026 ජූනි 16 වන දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙහි ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ දී සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ශ්‍රී ලංකාවේ කොරියා ජනරජයේ තානාපතිනී Miyon Lee මහත්මිය සහ කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි මහලේකම් Baek Kwan-baek මහතා ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කොරියා හවුල්කාරීත්ව ආයතනයන්හි නියෝජිතයන් සහභාගී වූහ.

ඇමරිකානු ඩොලර් මිලියන 7.2 ක ප්‍රදානයකින් සමන්විත “ශ්‍රී ලංකාවේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවයේ ධාරිතා ගොඩනැගීම” ව්‍යාපෘතිය යටතේ කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනම (KOFIH) විසින් ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානය නවීකරණය කරමින් නවීන ශ්‍රවණාගාරයක් සහිතව වැඩිදියුණු කළ තාක්ෂණික පහසුකම් ස්ථාපිත කර ඇත. එමෙන්ම මධ්‍යම, උතුරු මැද, උතුරු, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත් ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකක වෙත බෙදාහැරීම සඳහා ජීව වෛද්‍ය ඉංජිනේරු මෙවලම්, වෛද්‍ය පරීක්ෂණ උපකරණ සහ අලුත්වැඩියා මෙවලම් ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානය වෙත ප්‍රදානය කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, රෝග හඳුනාගැනීමේ සහ ප්‍රතිකාර සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාව ඉටු කරන කාර්යභාරය ඉතා වැදගත් බව අවධාරණය කළේය. වෛද්‍ය උපකරණ නිසි පරිදි නඩත්තු කිරීම සහ කළමනාකරණය කිරීම ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාමේ මූලික අවශ්‍යතාවයක් බවද සඳහන් කළේය. තවද ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා කොරියානු රජය සහ කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනම විසින් ලබාදෙන අඛණ්ඩ සහයෝගය අගය කරමින්, මෙම ව්‍යාපෘතිය ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාවන් ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන දායකත්වය පැසසුමට ලක් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපතිනී Miyon Lee මහත්මිය, සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ කොරියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් හවුල්කාරීත්වය අවධාරණය කළාය. කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනම සිය 20 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී, එය ගෝලීය විශේෂඥතාවයකින් යුත් සෞඛ්‍ය සංවර්ධන ආයතනයක් ලෙස වර්ධනය වී ඇති ආකාරය ඇගයීමට ලක් කළාය. එමෙන්ම ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග කළමනාකරණ ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සහයෝගීතා පිළිබඳව සඳහන් කළ ඇය, සෞඛ්‍ය ඩිජිටල්කරණය සහ නවීන වෛද්‍ය තාක්ෂණයන් සම්බන්ධයෙන් කොරියාවේ අඛණ්ඩ සහයෝගය යළි තහවුරු කළාය.

කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි මහලේකම් Baek Kwan-baek මහතා, “ශ්‍රී ලංකාවේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවයේ ධාරිතා ගොඩනැගීම” ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාවන් ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්වීය. 2019 වර්ෂයේ ආරම්භ වූ මෙම සහයෝගීතාව කොරියාව සහ ශ්‍රී ලංකාව අතර 2004 සුනාමි ව්‍යසනයෙන් අනතුරුව ගොඩනැගුණු දිගුකාලීන හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් බව ඔහු සඳහන් කළේය. 2023 වර්ෂයේදී කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි ශ්‍රී ලංකා කාර්යාලය විවෘත කිරීම ද සිහිපත් කළ ඔහු, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව, බෝ නොවන රෝග කළමනාකරණය සහ අනෙකුත් නව සෞඛ්‍ය ප්‍රමුඛතා ක්ෂේත්‍රයන් වෙත සහයෝගීතාව පුළුල් කිරීමට කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි කැපවීම ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, නවීන ජීව වෛද්‍ය උපකරණ කළමනාකරණ පද්ධතියක් ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කළ අතර, මෙම ව්‍යාපෘතිය මගින් යටිතල පහසුකම්, තාක්ෂණික ධාරිතාව සහ සෞඛ්‍ය සේවාවන්හි දිගුකාලීන තිරසාරභාවය ශක්තිමත් වන බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ අභිවෘද්ධිය සඳහා කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනම අඛණ්ඩව සිය දායකත්වය සපයනු ඇත.

Greetings from the KOFIH Sri Lanka Office! The following articles from various media outlets in Korea recognize lifelong...
21/05/2026

Greetings from the KOFIH Sri Lanka Office!

The following articles from various media outlets in Korea recognize lifelong dedication to advancing equitable healthcare and strengthening global solidarity of the late Dr. Lee Jong-wook, and highlight the growing impact of KOFIH over the past 20 years inspired by Dr. Lee’s vision and commitment to international health cooperation.

Featured Articles

• Yonhap News (Main Feature)
https://n.news.naver.com/article/001/0016090089?lfrom=kakao

• Yonhap News / Naver
https://naver.me/G7NCcxJl

• DocDocDoc Special Feature
http://www.docdocdoc.co.kr/news/articleView.html?idxno=3039268

• Kukmin Ilbo
https://www.kmib.co.kr/article/view.asp?arcid=1779261443&sid1=soc

• Additional Naver Coverage
https://naver.me/FsowFYNa

Dr. Lee Jong-wook 20th Memorial Website
https://www.drljw20.org

KOFIH ශ්‍රී ලංකා කාර්යාලයෙන් සුභ පැතුම්!

කොරියාවේ විවිධ මාධ්‍ය ආයතනවල පහත ලිපි තුළ දිවංගත වෛද්‍ය ලී ජොං-වූක් මැතිතුමාගේ සාධාරණාත්මක සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනය කිරීම සහ ගෝලීය සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා ජීවිත කාලය පුරාම කළ කැපවීම හඳුනා ගන්නා අතර, වෛද්‍ය ලී මැතිතුමාගේ දැක්ම සහ කැපවීමෙන් ආභාෂය ලැබූ කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි ජාත්‍යන්තර සෞඛ්‍ය සහයෝගීතාව සඳහා පසුගිය වසර 20 තුළ වර්ධනය වන බලපෑම ඉස්මතු කරයි.

ප්‍රධාන ලිපි

• Yonhap News (ප්‍රධාන විශේෂාංග ලිපිය)
https://n.news.naver.com/article/001/0016090089?lfrom=kakao

• Yonhap News / Naver
https://naver.me/G7NCcxJl

• DocDocDoc විශේෂාංග ලිපිය
http://www.docdocdoc.co.kr/news/articleView.html?idxno=3039268

• Kukmin Ilbo
https://www.kmib.co.kr/article/view.asp?arcid=1779261443&sid1=soc

• අතිරේක Naver පුවත් ආවරණය
https://naver.me/FsowFYNa

ආචාර්ය ලී ජොං-වුක් 20වන අනුස්මරණ වෙබ් අඩවිය
https://www.drljw20.org

정은경 복지장관 "삶 자체가 보건 형평성의 본보기" WHO 사무총장 "이종욱 박사가 이룬 성취, 전 세계 보건의 근간" 송진원 특파원 = 한국인 최초의 국제기구 수장이자 제6대 세계보건기구(WHO) 사무총장을 지낸

Greetings from the KOFIH Sri Lanka Office! Remembering Dr. Lee Jong-wook on the 20th Anniversary of His Passing.Dr. Lee ...
21/05/2026

Greetings from the KOFIH Sri Lanka Office!

Remembering Dr. Lee Jong-wook on the 20th Anniversary of His Passing.

Dr. Lee Jong-wook, the 6th Director General of WHO (World Health Organization), devoted his life to advancing the vision of “Health for All” and strengthening global solidarity through public health cooperation.

We invite you to the Memorial Website to honour the legacy of Dr. Lee Jong-wook.

Dr. Lee Jong-wook 20th Memorial Website: https://www.drljw20.org

KOFIH ශ්‍රී ලංකා කාර්යාලයෙන් සුභ පැතුම්!

වෛද්‍ය ලී ජොං-වූක් මැතිතුමාගේ විසිවන වර්ෂ පූර්ණ අනුස්මරණ සැමරුම.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (World Health Organization- WHO) 6 වන අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ වෛද්‍ය ලී ජොං-වූක් මැතිතුමා, "සැමට සෞඛ්‍යය" යන දැක්ම ඉදිරියට ගෙන යාමට සහ මහජන සෞඛ්‍ය සහයෝගීතාවය තුළින් ගෝලීය සහයෝගීතාවය ශක්තිමත් කිරීමට තම ජීවිතය කැප කළේය.
වෛද්‍ය ලී ජොං-වූක් මැතිතුමාගේ දායාදය වෙත ගෞරව කිරීම පිණිස වන අනුස්මරණ වෙබ් අඩවියට පිවිසීමට අපි ඔබට ආරාධනා කරන්නෙමු.

වෛද්‍ය ලී ජොං-වූක් 20 වන අනුස්මරණ වෙබ් අඩවිය : https://www.drljw20.org

Greetings from the KOFIH Sri Lanka Office! This is the press release published on the Dinamina on 10 April 2026 on the C...
10/04/2026

Greetings from the KOFIH Sri Lanka Office!

This is the press release published on the Dinamina on 10 April 2026 on the Commencement Ceremony of MSc in Biomedical Engineering Degree Programme at the University of Moratuwa on the 27 March, 2026.

10 April 2026, The Dinamina

ජීව වෛද්‍ය ඉංජි­නේරු නිල­ධා­රීන්ට Biomedical Engineering Master වැඩසටහන මොරටු සරසවියේදී

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජි­නේරු අංශ­යට අනුයුක්තව සේවය කරන ජීව වෛද්‍ය ඉංජිනේරු නිලධාරීන් සඳහා Biomedical Engineering Master (MSc) වැඩසටහන මොර­ටුව විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ දී පසුගියදා ආරම්භ කෙරිණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ඉංජිනේරු) සාලින්ද බණ්ඩාර, මොරටුව විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ඩිලේකා ඩයස්, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය ජේ.එම්.ඒ. මනතුංග, ජාත්‍යන්තර සෞඛ්‍ය සඳහා වන කොරියානු පදනමේ මෙරට නියෝජිත කිම් ටේහූන් (Kim Taehoon) මහත්ම මහත්මීන්ගේ මේ වැඩසටහන මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ආරම්භ කෙරිණි.

ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි හෝ විද්‍යාපති (MSc) වැඩසටහන් කිහිපයක් දැනට ශ්‍රී ලංකාවේ පිරිනමන අතර ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ වෘත්තීය ව්‍යූහයේ නිල වශයෙන් පිළිගත් පළමු විද්‍යාපති උපාධි වැඩසටහන ලෙස මේ වැඩසටහනට විශේෂ පිළිගැනීමක් ලැබී තිබේ. කොරියානු ජනරජයේ විශේෂඥයන්ගේ තාක්ෂණික සහය ඇතිව සහ ජාත්‍යන්තර සෞඛ්‍ය සඳහා වන කොරියානු පදනම (KOFIH) සපයන ලද ප්‍රදාන උපයෝගී කරගනිමින් මොරටුව විශ්වවිද්‍යාලය එය සංවර්ධනය කරයි.

ජාත්‍යන්තර සෞඛ්‍ය සඳහා වන කොරියානු පදනමේ (KOFIH) මේ ප්‍රදාන සහය මඟින් පශ්චාද් උපාධි වැඩසටහන සැලසුම් කිරීම සහ සංවර්ධනය කිරීම මෙන්ම රාජ්‍ය අංශයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල සේවය කරන ජෛව වෛද්‍ය ඉංජිනේරුවන් සහ කාර්මික ශිල්පීන් සඳහා මේ පශ්චාද් උපාධි පාඨමාලාව හැදෑරීමට ශිෂ්‍යත්ව පිරිනැමීම ද සිදු කරයි. මේ දෙවසරක උපාධි වැඩසටහන සෞඛ්‍ය සේවා අංශයට අවශ්‍ය නවීන තාක්ෂණික විසඳුම් ලබා දීමට උපකාරි වේ. කොරියානු රජයේ ආධාර මත ජාත්‍යන්තර සෞඛ්‍ය සඳහා වන කොරියානු පදනම (KOFIH) විසින් මෙරට ක්‍රියාත්මක කරන ‘ශ්‍රී ලංකාවේ ජෛව විද්‍යා ඉංජිනේරු සේවාවන්හි ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය’ යටතේ මේ වැඩසටහන ක්‍රියාවට නංවයි.

ජීව වෛද්‍ය ඉංජිනේරු නිලධාරීන් (Biomedical Engineering Officers) යනු රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල ඇති නවීන වෛද්‍ය උපකරණ නඩත්තු කිරීම, කළමනාකරණය සහ තාක්ෂණික දෝෂ නිරාකරණය සඳහා වග කියන වෘත්තිකයන් පිරිසකි.

රෝහල්වල ඇති MRI, CT ස්කෑන්, Dialysis යන්ත්‍ර සහ ICU උපකරණ නිසි පරිදි ක්‍රියාත්මක වන බව සහතික කිරීම, වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට නව වෛද්‍ය උපකරණ හැසිරවීම පිළිබඳ පුහුණුව ලබාදීම, අලුතින් වෛද්‍ය උපකරණ මිල දී ගැනීමේදී ඒවායේ තාක්ෂණික පිරිවිතර (Specifications) පරීක්ෂා කිරීම ඇතුළු රාජකාරී මේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් වන අජිත් පැස්කුවල්, රංග රුද්‍රිගෝ, රුක්ෂානි ලියනාරච්චි මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.



Link for the press release:

  සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ජීව වෛද්‍ය ඉංජි­නේරු අංශ­යට අනු­යු­ක්තව සේවය කරන ජීව වෛද්‍ය ඉංජි­නේරු නිල­ධා­රීන් සඳහා Biomedi...

Greetings from the KOFIH Sri Lanka Office!KOFIH ශ්‍රී ලංකා කාර්යාලයෙන් සුභ පැතුම්!KOFIH Sri Lanka Office works closely w...
07/04/2026

Greetings from the KOFIH Sri Lanka Office!

KOFIH ශ්‍රී ලංකා කාර්යාලයෙන් සුභ පැතුම්!

KOFIH Sri Lanka Office works closely with the Government of Sri Lanka and health sector stakeholders to strengthen the national health system.

Sri Lanka achieved a historic milestone in 2026 with the commencement of its Master of Science in Biomedical Engineering degree programme that is officially recognized within the professional career structure, developed by the University of Moratuwa with technical assistance from experts of the Republic of Korea and grant support from the Korea Foundation for International Healthcare (KOFIH).

The Commencement Ceremony was held on 27 March at the Faculty of Engineering Auditorium of the University of Moratuwa, with the participation of representatives from KOFIH Sri Lanka Office, the Ministry of Health and Mass Media, the University of Moratuwa, and the inaugural students.

Speaking at the event, Dean of the Faculty of Engineering Professor J.M.A. Manatunge described the programme as a significant milestone for Sri Lanka, the University, and the Faculty, while Deputy Vice Chancellor Professor Dileeka Dias and the academics of the Department of Electronics and Telecommunication Engineering highlighted its strong academic, research, and practical foundation designed to promote innovation and interdisciplinary clinical cooperation.

The Additional Secretary (Engineering Services) of the Ministry of Health, Engineer Dr. I.M.S. Bandara, stressed the urgent need for biomedical engineers to manage the country’s growing investments in healthcare infrastructure and advanced medical equipment, emphasizing that equipment reliability directly affects patient survival. He also appreciated the commitment of Mr. Taehoon Kim, Country Representative of KOFIH Sri Lanka Office, for helping make the programme a reality.

In his address, Mr. Taehoon Kim expressed his pleasure at witnessing the launch of Sri Lanka’s first official postgraduate degree programme in Biomedical Engineering and noted that it was initiated under the “Capacity Building for Bio-Medical Engineering Services of Sri Lanka” project to enhance the professionalism of biomedical engineers in the country.

Overall, the launch of this MSc programme marks a landmark achievement in strengthening healthcare technology, professional expertise, and national development in Sri Lanka.
KOFIH continually contributes to the health service improvements in Sri Lanka.

කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි ශ්‍රී ලංකා කාර්යාලය ශ්‍රී ලංකාවේ ජාතික සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අංශයේ කොටස්කරුවන් සමඟ සමීප සහයෝගීතාවයකින් කටයුතු කරයි.

කොරියානු ජනරජයේ විශේෂඥයින්ගේ තාක්ෂණික සහාය සහ කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි ප්‍රදාන සහයෝගය ඇතිව මොරටුව විශ්ව විද්‍යාලය විසින් සංවර්ධනය කරන ලද වෘත්තීය ව්‍යුහය තුළ නිල වශයෙන් පිළිගත් ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රපති උපාධි වැඩසටහන 2026 දී ආරම්භ කිරීමත් සමඟ ශ්‍රී ලංකාව ඓතිහාසික සන්ධිස්ථානයක් අත්කර ගත්තේය.

ආරම්භක උත්සවය මාර්තු 27 වන දින මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශ්‍රවණාගාරයේදී කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි ශ්‍රී ලංකා කාර්යාලයේ නියෝජිතයින්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයින්, මොරටුව විශ්වවිද්‍යාලයේ නියෝජිතයන් සහ පාඨමාලාවේ ආරම්භක කණ්ඩායමේ සිසුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

උත්සවය අමතමින් ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය ජේ.එම්.ඒ. මනතුංග මහතා මෙම වැඩසටහන ශ්‍රී ලංකාවට, විශ්වවිද්‍යාලයට සහ පීඨයට වැදගත් සන්ධිස්ථානයක් ලෙස විස්තර කළ අතර, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය දිලීකා ඩයස් සහ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ විද්වතුන් නවෝත්පාදන සහ අන්තර් විෂය සායනික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා නිර්මාණය කර ඇති මෙම පාඨමාලාවහි ශක්තිමත් අධ්‍යයන, පර්යේෂණ සහ ප්‍රායෝගික පදනම ඉස්මතු කළහ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ඉංජිනේරු සේවා) ඉංජිනේරු වෛද්‍ය අයි.එම්.එස්. බණ්ඩාර මහතා, සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් සහ උසස් වෛද්‍ය උපකරණ සඳහා රට තුළ වර්ධනය වන ආයෝජන කළමනාකරණය කිරීම සඳහා ජෛව වෛද්‍ය ඉංජිනේරුවන්ගේ හදිසි අවශ්‍යතාවය අවධාරණය කළ අතර, උපකරණවල විශ්වසනීයත්වය රෝගීන්ගේ පැවැත්මට සෘජුවම බලපාන බව අවධාරණය කළේය. මෙම වැඩසටහන යථාර්ථයක් බවට පත් කිරීමට කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි ශ්‍රී ලංකා නියෝජිත Taehoon Kim මහතාගේ කැපවීම ද ඔහු අගය කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම නිල ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි වැඩසටහන දියත් කිරීම දැකීමට ලැබීම ගැන Taehoon Kim මහතා සිය සතුට පළ කළ අතර, එය රටේ ජෛව වෛද්‍ය ඉංජිනේරුවන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා “ශ්‍රී ලංකාවේ ජෛව වෛද්‍ය ඉංජිනේරු සේවා සඳහා ධාරිතා ගොඩනැගීම” ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කරන ලද බව සඳහන් කළේය.
සමස්තයක් වශයෙන් ගත් කල, මෙම ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධි වැඩසටහන දියත් කිරීම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා තාක්ෂණය, වෘත්තීය විශේෂඥතාව සහ ජාතික සංවර්ධනය ශක්තිමත් කිරීමේ සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරයි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම් සඳහා කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනම අඛණ්ඩව දායක වේ.

Greetings from the KOFIH Sri Lanka Office!KOFIH ශ්‍රී ලංකා කාර්යාලයෙන් සුභ පැතුම්!KOFIH Sri Lanka Office works closely w...
18/03/2026

Greetings from the KOFIH Sri Lanka Office!
KOFIH ශ්‍රී ලංකා කාර්යාලයෙන් සුභ පැතුම්!

KOFIH Sri Lanka Office works closely with the Government of Sri Lanka and health sector stakeholders to strengthen the national health system.

From 26 to 30 January 2026, the Mid-Term Evaluation of the project “Capacity Building of Bio-Medical Engineering Services in Sri Lanka” was conducted with participation from the Republic of Korea evaluation team and representatives of the KOFIH.

During the evaluation, the team met Ministry of Health officials from Biomedical Engineering Services to discuss the current status of biomedical equipment management, challenges in maintenance and inventory, and project progress including workshop development, equipment procurement, and use of mobile workshop vehicles.

High-level discussions were held with the Additional Secretary (Engineering) and Additional Secretary (Development) on project progress, Medical Equipment Inventory Management System (MEIMS) development, capacity-building programmes such as the Biomedical Engineering Master’s Degree and short-term training, and future directions. The team also inspected workshop facilities and functionality.

The team visited the Faculty of Engineering, University of Moratuwa, to review MEIMS development and capacity-building initiatives for biomedical professionals, and observed laboratory facilities.

At the Provincial Director of Health Services (PDHS) office in the Southern Province, the team reviewed the status of biomedical engineering services, inspected service units and the KOFIH-donated mobile workshop vehicle, and discussed maintenance practices, operations, and service management with engineering staff.

During the visit to the PDHS office of the North Central Province in Anuradhapura, discussions were held on biomedical engineering services and equipment management, and the Regional Director of Health Service (RDHS) presented a letter of appreciation to the KOFIH Country Representative.

The team conducted site visits and discussions with staff at District General Hospital Matara, Anuradhapura Teaching Hospital, Galnewa Divisional Hospital, and Thambuththegama Base Hospital. They observed equipment management practices, inspected devices such as gas analysers, defibrillators, and mobile X-ray machines, and discussed maintenance procedures, inventory systems, and challenges related to spare parts and service agreements.
These meetings and field visits provided valuable insights for the Mid-Term Evaluation and reaffirmed strong collaboration between KOFIH, the Ministry of Health, Biomedical Engineering Services, and stakeholders.

KOFIH continually contributes to the health service improvements in Sri Lanka.

කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි ශ්‍රී ලංකා කාර්යාලය ශ්‍රී ලංකාවේ ජාතික සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අංශයේ කොටස්කරුවන් සමඟ සමීප සහයෝගීතාවයකින් කටයුතු කරයි.

2026 ජනවාරි 26 සිට 30 දක්වා, "ශ්‍රී ලංකාවේ ජෛව වෛද්‍ය ඉංජිනේරු සේවාවල ධාරිතාව ගොඩනැගීම" ව්‍යාපෘතියේ මධ්‍ය කාලීන ඇගයීම කොරියානු ජනරජ ඇගයීම් කණ්ඩායමේ සහ කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

ඇගයීම් කාලසීමාව තුළ දී, ජෛව වෛද්‍ය උපකරණ කළමනාකරණයේ වත්මන් තත්ත්වය, නඩත්තු කිරීමේ සහ ඉන්වෙන්ටරි පවත්වාගැනීමේ ඇති අභියෝග සහ වැඩහල් සංවර්ධනය, උපකරණ ප්‍රසම්පාදනය සහ ජංගම වැඩමුළු වාහන භාවිතය ඇතුළු ව්‍යාපෘති ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කණ්ඩායම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජෛව වෛද්‍ය ඉංජිනේරු සේවාවන්හි නිලධාරීන් හමුවිය.

ව්‍යාපෘති ප්‍රගතිය, වෛද්‍ය උපකරණ ඉන්වෙන්ටරි කළමනාකරණ පද්ධතිය (MEIMS) සංවර්ධනය, ජෛව වෛද්‍ය ඉංජිනේරු ශාස්ත්‍රපති උපාධිය සහ කෙටි කාලීන පුහුණුව වැනි ධාරිතා වර්ධන වැඩසටහන් සහ අනාගත දිශාවන් පිළිබඳව අතිරේක ලේකම් (ඉංජිනේරු) සහ අතිරේක ලේකම් (සංවර්ධන) සමඟ ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්විණි. වැඩහල් පහසුකම් සහ ක්‍රියාකාරිත්වය ද කණ්ඩායම විසින් පරීක්ෂා කරන ලදී.

වෛද්‍ය උපකරණ ඉන්වෙන්ටරි කළමනාකරණ පද්ධතිය (MEIMS) සංවර්ධන කටයුතු සහ ජෛව වෛද්‍ය වෘත්තිකයන් සඳහා ධාරිතා ගොඩනැගීම සම්බන්ධ මුලපිරීම් සමාලෝචනය කිරීම සඳහා ඇගයීම් කණ්ඩායම මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ගිය අතර එහිදී විශ්ව විද්‍යාලයීය රසායනාගාර පහසුකම් නිරීක්ෂණය කළහ.

දකුණු පළාතේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ (PDHS) කාර්යාලයේදී, කණ්ඩායම ජෛව වෛද්‍ය ඉංජිනේරු සේවාවන්හි තත්ත්වය සමාලෝචනය කළ අතර, සේවා ඒකක සහ කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනම විසින් පරිත්‍යාග කරන ලද ජංගම වැඩමුළු වාහනය පරීක්ෂා කළ අතර, ඉංජිනේරු කාර්ය මණ්ඩලය සමඟ නඩත්තු පිළිවෙත්, මෙහෙයුම් සහ සේවා කළමනාකරණය පිළිබඳව සාකච්ඡා කළහ.

අනුරාධපුර පිහිටි උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලයෙහි නිරීක්ෂණ චාරිකාවේ දී ජෛව වෛද්‍ය ඉංජිනේරු සේවා සහ උපකරණ කළමනාකරණය පිළිබඳ සාකච්ඡා පැවැත්වූ අතර, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ (RDHS) විසින් කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි ශ්‍රී ලංකා නියෝජිත වෙත කෘතඥතා ලිපියක් පිළිගැන්වීය.

ඇගයීම් කණ්ඩායම මාතර දිස්ත්‍රික් මහ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, ගල්නෑව ප්‍රාදේශීය රෝහල සහ තඹුත්තේගම මූලික රෝහල වෙත නිරීක්ෂණ චාරිකා සඳහා ගමන් කළ අතර එහිදී කාර්ය මණ්ඩලය සාකච්ඡා පැවැත්වීය. ඔවුන් උපකරණ කළමනාකරණ පිළිවෙත් නිරීක්ෂණය කළ අතර, ගෑස් විශ්ලේෂක, ඩිෆයිබ්‍රිලේටර් සහ ජංගම එක්ස් කිරණ යන්ත්‍ර වැනි උපාංග පරීක්ෂා කළ අතර, නඩත්තු ක්‍රියා පටිපාටි, ඉන්වෙන්ටරි පද්ධති සහ අමතර කොටස් සහ සේවා ගිවිසුම්වලට අදාළ අභියෝග පිළිබඳව සාකච්ඡා කළහ.

මෙම රැස්වීම් සහ ක්ෂේත්‍ර චාරිකා මධ්‍ය කාලීන ඇගයීම සඳහා වටිනා අවබෝධයක් ලබා දුන් අතර කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනම, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජෛව වෛද්‍ය ඉංජිනේරු සේවා සහ පාර්ශවකරුවන් අතර ශක්තිමත් සහයෝගීතාව නැවත තහවුරු කළේය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම් සඳහා කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනම අඛණ්ඩව දායක වේ.

Greetings from the KOFIH Sri Lanka Office! KOFIH ශ්‍රී ලංකා කාර්යාලයෙන් සුභ පැතුම්!KOFIH Sri Lanka Office works in close...
26/12/2025

Greetings from the KOFIH Sri Lanka Office!
KOFIH ශ්‍රී ලංකා කාර්යාලයෙන් සුභ පැතුම්!

KOFIH Sri Lanka Office works in close partnership with the Government of Sri Lanka and health sector stakeholders to strengthen the national health system of Sri Lanka.
The Korea Foundation for International Healthcare (KOFIH) Sri Lanka Office successfully convened the 2025 KOFIH Global Alumni (KGA) General Assembly – Sri Lanka on 05 December 2025 at the Cinnamon Grand, Colombo.
KOFIH Global Alumni (KGA) comprises recipients of the Dr. Lee Jong-Wook Fellowship Programme and other KOFIH training programmes, who continue to apply the knowledge, experience, and professional networks gained through these initiatives to strengthen health systems in their home countries. In Sri Lanka, the KGA network represents a diverse group of health professionals and public sector officials committed to translating international learning into sustainable national impact.
The General Assembly served as a key platform for alumni to reconnect, reflect on collective achievements, and strengthen professional collaboration. The programme featured a presentation on the successful establishment of the Emergency Medicine specialty and cluster training programme in Sri Lanka, highlighting the role of long-term capacity development and alumni engagement in strengthening national emergency care services. Participants also revisited the history and past KGA-led initiatives in Sri Lanka, including NCD prevention advocacy, community-based health camps, and technical capacity-building activities that have directly benefited communities.
The meeting further included the election of new KGA office bearers, conducted in accordance with the KGA constitution, reinforcing transparent governance and continuity of alumni leadership. Discussions on future directions encouraged members to contribute ideas and proposals for upcoming KGA activities, ensuring continued alumni engagement and relevance.
The KGA General Assembly reaffirmed the value of sustained alumni leadership, peer collaboration, and locally driven initiatives in advancing health system strengthening beyond formal training programmes. The KOFIH Sri Lanka Office remains committed to supporting the KGA network as a platform for knowledge exchange, partnership building, and meaningful contributions to Sri Lanka’s health sector.
KOFIH continually contributes to the health service improvements in Sri Lanka.

කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි ශ්‍රී ලංකා කාර්යාලය ශ්‍රී ලංකාවේ ජාතික සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අංශයේ කොටස්කරුවන් සමඟ සමීප සහයෝගීතාවයකින් කටයුතු කරයි.
කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි ශ්‍රී ලංකා කාර්යාලය 2025 දෙසැම්බර් 05 වන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ජාත්‍යන්තර සෞඛ්‍ය සඳහා වන කොරියානු පදනමෙහි ගෝලීය විද්‍යාර්ථීන්ගේ සංසදයේ ශ්‍රී ලාංකේය විද්‍යාර්ථීන්ගේ 2025 මහා සභා රැස්වීම සාර්ථකව කැඳවන ලදි.
හෝටලයේදී ජාත්‍යන්තර සෞඛ්‍ය සඳහා වන කොරියානු පදනමෙහි ගෝලීය විද්‍යාර්ථීන්ගේ සංසදය ආචාර්ය ලී ජොං-වූක් සාමාජිකත්ව වැඩසටහන සහ අනෙකුත් ජාත්‍යන්තර සෞඛ්‍ය සඳහා වන කොරියානු පදනමේ පුහුණු වැඩසටහන්වල ප්‍රතිලාභීන්ගෙන් සමන්විත වේ. ඔවුන් මෙම පුහුණු වැඩසටහන් හරහා ලබාගත් දැනුම, අත්දැකීම් සහ වෘත්තීය ජාල ඔවුන්ගේ මව් රටවල සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩව යොදා ගනී. ශ්‍රී ලංකාවේ, කොරියානු පදනමෙහි ගෝලීය විද්‍යාර්ථීන්ගේ සංසදයෙහි ජාලය නියෝජනය කරන්නේ ජාත්‍යන්තර ඉගෙනීම තිරසාර ජාතික බලපෑමක් බවට පරිවර්තනය කිරීමට කැපවී සිටින විවිධ සෞඛ්‍ය වෘත්තිකයන් සහ රාජ්‍ය අංශයේ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් ය.

කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි ගෝලීය විද්‍යාර්ථීන්ගේ සංසදයේ ශ්‍රී ලාංකේය විද්‍යාර්ථීන්ගේ මහා සභා රැස්වීම විද්‍යාර්ථීන්ට නැවත එක්වීමට, සාමූහික ජයග්‍රහණ පිළිබිඹු කිරීමට සහ වෘත්තීය සහයෝගීතාව ශක්තිමත් කිරීමට ප්‍රධාන වේදිකාවක් ලෙස සේවය කළේය. ජාතික හදිසි සත්කාර සේවා ශක්තිමත් කිරීමේදී දිගුකාලීන ධාරිතා සංවර්ධනයේ සහ විද්‍යාර්ථීන්ගේ සහභාගීත්වයේ කාර්යභාරය ඉස්මතු කරමින්, ශ්‍රී ලංකාවේ හදිසි වෛද්‍ය විශේෂඥතා සහ පොකුරු පුහුණු වැඩසටහන සාර්ථකව ස්ථාපිත කිරීම පිළිබඳ ඉදිරිපත් කිරීමක් මෙම වැඩසටහනේ අන්තර්ගත විය. බෝ නොවන රෝග වැළැක්වීමේ උපදේශනය, ප්‍රජා පාදක සෞඛ්‍ය කඳවුරු සහ ප්‍රජාවන්ට සෘජුවම ප්‍රතිලාභ ලබා දී ඇති තාක්ෂණික ධාරිතා ගොඩනැගීමේ ක්‍රියාකාරකම් ඇතුළුව කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි ගෝලීය විද්‍යාර්ථීන්ගේ සංසදයේ ශ්‍රී ලාංකේය විද්‍යාර්ථීන්ගේ ඉතිහාසය සහ විද්‍යාර්ථීන්ගේ අතීත ප්‍රමුඛ මුලපිරීම් පිළිබඳව ද සහභාගිවන්නන් නැවත සලකා බැලූහ.
කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි ගෝලීය විද්‍යාර්ථීන්ගේ සංසදයේ ව්‍යවස්ථාවට අනුකූලව පවත්වන ලද නව කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි ගෝලීය විද්‍යාර්ථීන්ගේ සංසදයේ ශ්‍රී ලාංකේය විද්‍යාර්ථීන්ගේ නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනීම, විනිවිද පෙනෙන පාලනය සහ විද්‍යාර්ථීන්ගේ නායකත්වයේ අඛණ්ඩතාව ශක්තිමත් කිරීම මෙම රැස්වීමට ඇතුළත් විය. අනාගත දිශාවන් පිළිබඳ සාකච්ඡා මඟින් ඉදිරි කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි ගෝලීය විද්‍යාර්ථීන්ගේ සංසදයේ ක්‍රියාකාරකම් සඳහා අදහස් සහ යෝජනා දායක කිරීමට සාමාජිකයින් දිරිමත් කරන ලද අතර, විද්‍යාර්ථීන්ගේ අඛණ්ඩ සහභාගීත්වය සහ අදාළත්වය සහතික කරන ලදී.
විධිමත් පුහුණු වැඩසටහන්වලින් ඔබ්බට සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා තිරසාර විද්‍යාර්ථීන්ගේ නායකත්වය, සහයෝගීතාවය සහ දේශීය වශයෙන් මෙහෙයවනු ලබන මුලපිරීම්වල වටිනාකම කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි ගෝලීය විද්‍යාර්ථීන්ගේ සංසදයේ ශ්‍රී ලාංකේය විද්‍යාර්ථීන්ගේ මහා සභා රැස්වීම විසින් නැවත තහවුරු කරන ලදී. දැනුම හුවමාරුව, හවුල්කාරිත්වය ගොඩනැගීම සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයට අර්ථවත් දායකත්වයක් ලබා දීම සඳහා වේදිකාවක් ලෙස කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි ගෝලීය විද්‍යාර්ථීන්ගේ සංසදයේ විද්‍යාර්ථීන්ගේ ජාලයට සහාය වීමට කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි ශ්‍රී ලංකා කාර්යාලය කැපවී සිටී.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම් සඳහා කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනම අඛණ්ඩව දායක වේ.

Address

Room No. 302, Ministry Of Health And Mass Media, No. 385, Ven. Baddegama Wimalawansha Thero Road, Colombo 10
Colombo
01000

Alerts

Be the first to know and let us send you an email when KOFIH Sri Lanka Office posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share