Toxicology & National Poisons Information Centre

Toxicology & National Poisons Information Centre

Share

The National Poisons Information Centre (NPIC), situated in National Hospital of Sri Lanka, Colombo under the Ministry of Healthcare and Nutrition.

Providing toxicologically related divers information to upgrade quality of poisons informations and other general health informations related to toxicology with open access.

Photos from Toxicology & National Poisons Information Centre's post 23/02/2026

The training programme for Air Force and Navy officers following the Pharmacy Assistance Course at the Navy Nursing School was held on 27th January 2026. The session was conducted by Consultant Physician and Head of NPIC, Dr. A.G.S. Asiri, and Dr. Erandi Weerasekara De Silva

Photos from Toxicology & National Poisons Information Centre's post 21/01/2026

“An introduction to poisoning management lecture was delivered on 21/01/2026 to final-year students from the Faculty of Nursing, University of Colombo, by Dr. A. G. S. Asiri, Head of the National Poisons Information Centre (NPIC), and Dr. E. S. W. De Silva.”

22/11/2025
Photos from Toxicology & National Poisons Information Centre's post 22/11/2025

“An educational session, including lectures and demonstrations, was conducted for the Bachelor of Pharmacy (B.Pharm) students of the University of Sri Jayewardenepura at the NPIC, NHSL. The lectures were delivered by Consultant Physician Dr. A. G. S. Asiri and Dr. Erandi Weerasekara de Silva on 21/11/2025.”

Photos from Toxicology & National Poisons Information Centre's post 12/11/2025

“A lecture on Basic Management of Poisoning was delivered to the new intern medical officers at the New OPD Auditorium, NHSL, by Consultant Physician Dr. A. G. S. Asiri on 12th November 2025.”

Photos from Toxicology & National Poisons Information Centre's post 03/11/2025

KNOWLEDGE SHARING SESSION BASED ON WHO GUIDELINES FOR ESTABLISHING A POISON CENTRE

Date: 14/10/2025
Venue : Auditorium ,National Poisons Information Centre

Photos from Toxicology & National Poisons Information Centre's post 16/09/2025

“Lecture delivered to the Nursing Officers of the Accident Service by Consultant Physician Dr. A. G. S. Asiri on 04/09/2025.”

Photos from Toxicology & National Poisons Information Centre's post 26/08/2025

"Teaching Session at the Nurses Training College, NHSL – 25/08/2025
Lecture delivered by Dr. (Mrs.) K.D.C. Fernando, Head, NPIC"

Department of Government Information 26/08/2025

2025.08.23
සුදු වෙමුද ලෙඩ වෙමුද ?
සම සුදුකර ගැනීම සඳහා වර්තමාන තරුණ පරපුර දක්වන්නේ දැඩි රුචිකත්වයක්. මේ ඉල්ලුමට සරිලන පරිදි දවස් 03 න් සතියෙන් සම සුදු කරන විවිධ වර්ගයේ ආලේපන රාශියක් අද වෙළදපළ ආක්‍රමණය කර තිබේ. සිරුරට අහිතකර විවිධ රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් සකස් කරන නිසි ප්‍රමිතියක් නැති අලේපනවල අවදානම නොදන්නාකම නිසාම පාරිභෝගිකයෝ විවිධ වර්ගයේ රෝගාබාධවලට ගොදුරු වෙති.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අනුව පසුගිය වසර තුන ඇතුළත රූපලාවන්‍ය ආලේපන පමණක් නව දහස් ගණනක් ලියාපදිංචි කර තිබේ. එනම් වසරකට තුන්දහසක ප්‍රමාණයකි.
සම යනු අපේ ශරීරයේ ඇති විශාල ම ඉන්ද්‍රියයි. සම මතු පිට ආලේපන කරන දේ සම හරහා සිරුරට අවශෝෂණය වීම නිසා සම මතුපිට ගල්වන ආලේපනයන් පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු බව චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු අවධාරණය කරති. ආලේපන ලෙස හැඳින්වූ විට ක්‍රීම්, ලෝෂන් , මු‍හුණ සෝදන දියර වර්ග ,සීරම් වර්ග ආදී මේ සියල්ල අඩංගු වේ.
අතීතයේ බොහෝ යුවතියන්ට අවශ්‍ය වූයේ තම මුහුණ සුදු කර ගැනීම වුව ද අද වන විට මුළු සිරුරම සුදු කර ගැනී‌මේ අවශ්‍යතාවය දක්වා එය වර්ධනය වී තීබේ. මේ නිසා හිසේ සිට දෙපතුළ දක්වා පාවිච්චි කරන ක්‍රීම් වර්ග අධික ලෙස රුධිරයට අවශෝෂණය වේ. මෙම ආලේපනයන් තුළ අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වනවා නම් ඒ්වා පෙති බහුල වශයෛන් පාවිච්චි කිරීමේදී ඇති වන අතුරු ආබාධ හා සමානවම එමගින් අතුරු ආබාධ ඇතිවීමේ හැකියාව පවතී. සම පුරාම අලේපන භාවිත කිරීමෙන් ඒ්වා ශරීරයට විෂ වීමට ඇති හැකියාව ඉතා අධික බව ද මේ වනවිට තහවුරු වී තිබේ.
බොහෝ විට සම පැහැපත් කිරීම සඳහා භාවිත කරන ක්‍රීම්වර්ගවල රසදිය(Hg) ස්ටෙරොයිඩ් ( Steroids) හයිඩ්‍රොක්විනෝන් හා අනිකුත් බැරලෝහ අඩංගු වේ.
අපේ සමේ මේ වර්ණය සෑදී ඇත්තේ මෙලනින් වර්ණකය නිසාය. ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීට රටවල සිටින පුද්ගලයින්ට මෙලනින් වර්ණකය වැඩිපුර ලැබී ඇත්‌තේ හිරු එළියේ ඇති පාරජම්බුල කිරණවලින් සම හා ශරීරය ඇතුළත ආරක්ෂා කර ගැනීම සඳහායි. මෙලනින් නිසා පාරජම්බුල කිරණ සමෙන් ඇතුළු වීම වළක්වා අපේ ශරීරයේ සෛලවල පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරන අතර මෙලනින් සම වසාගෙන සිටින ආවරණයක් ලෙස ද ක්‍රියාකරයි. පාරජම්බුල කිරණවලින් ඇතිවිය හැකි වයස්ගත පෙනුම නැති කිරීමට ද මෙම මෙලනින්වලට හැකියාවක් පවතී. සම සුදු කිරීම සඳහා භාවිත කරන රසදිය(Mercury) වැනි දේවල්වලින් සිදු වන්නේ මෙම මෙලනින් අඩු කිරීමයි. මේ නිසා සම තුනී වීම නිසා මෙලනින් මගින් සිරුරට ලැබෙන ආරක්ෂාව නැතිවී යයි. වෙළදපළෙහි ඇති මෙවැනි ආලේපනවල බහුලවශයෙන් රසදිය ඇති බව පැහැදිලිව ම තහවුරු වී තිබේ. ඊට අමතරව දවසින් සතියෙන් ක්ෂණිකව සම සුදු කිරීම් සඳහා බහුලවම භාවිත කරනු ලබන්නේ ස්ටෙරොයිඩ්. මේවා මගින් සම ඉතා තුනී කිරීම නිසා අතුරු ආබාධ රැසකට මුහුණ පෑමට සිදුවේ. විශේෂයෙන්ම සමේ වෙනස්කම් , සම තුනීවීම, සම ඇදීම ,සමේ කුරුලෑ ඇතිවීම හා නියපොතු දුඹුරු පැහැති වීම වැනි ලක්ෂණ ඇති විය හැකියි. ඇතැම් විට මේ ලක්ෂණ ජීවිත කාලයම පැවතිය හැකියි. සම තුනී වීම නිසා තුවාලයක් ඇති වුව ද සුවවීම සඳහා බොහෝ කාලයක් ගතවන අතර ශල්‍යකර්මවලදී විවිධ ගැටලුවලට මුහුණ පෑමට සිදුවේ.
ස්ටෙරොයිඩ්වල එක් ක්‍රියාකාරීත්වයක් වන්නේ ශරීරය තුළ සීනි ප්‍රමාණය වැඩි කිරීමයි. මේ නිසා ස්ටෙරොයිඩ් පිටතින් ලබා ගන්නා පුද්ගලයෙකුට ඒ් අවධානම ද පවතී. මේ ආලේපන සම මතුපිිටින් ගැල්වුව ද සම ඇතුළට උරා ගන්නා අතර ආලේප කරන වාර ගණන , පාව්චිචි කරන කාල සීමාව හා ඇතුළත් කර ඇති රසදිය ඇතුළු අනිකුත් බැරලෝහ නිසා විශාල ප්‍රමාණයකින් රසායනික ද්‍රව්‍ය ශරීරයට ඇතුළු විය හැකියි. විශේෂයෙන්ම වයිට්නින් ක්‍රීම් භාවිත කරන්නන් මේ පිළිබඳ දැඩිව අවධානය යොමු කළ යුතුයි.
සුදු වීම සඳහා එන්නත් භාවිත කිරීමට ද ලෝකයේ කිසිම රටක අවසර ලබා දී නැති අතර සුදු වීමට ඇති දැඩි උනන්දුව නිසා බොහෝ දෙනා මින් ඇතිවන අහිතකර තත්ත්වය පිළිබඳ අවබෝධ කර නොගැනීම කනගාටුදායකය.
මේ වන විට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සිදු කරන ලද පරීක්ෂණවලින් වෙළෙඳපළේ ඇති ක්‍රීම් වර්ග 49 ක් විකිණීම තහනම් කරමින් හා මිලදී නොගන්නා ලෙස පාරිභෝගිකයන් දැනුවත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වෙබ් අඩවියේ නම් ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම ආලේපන වර්ගවල බොහොමයක නියමි‍ත ප්‍රමාණයන් ඉක්මවා අධික ලෙස සිරුරට අහිතකර ලෙස රසායනික ද්‍රව්‍ය අඩංගු කර ඇති අතර මේවා අතර ප්‍රසිද්ධ ආලේපන ද පැවතීම සුවිශේෂීය. ශ්‍රී ලංකා ප්‍රමිතිය අනුමත රසදිය ප්‍රමාණය කිලෝග්රෑම් එකකට මිලිග්රෑම් 01 ක් වුව ද පනස්දාහක් හැටදාහක් පමණ රසදිය අඩංගු ආලේපන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කරන ලද වැටලීම්වලදී හමු වී තිබේ. අධීක රසදිය ප්‍රමාණයන් අඩංගු කර ඇති මෙවැනි ආලේපන භාවිතයෙන් ඉතා ඉක්මණින් ශරීරය සුදු පැහැ ගැන්විය හැකි විය හැකි නමුත් ඉන් ජීවිත කාලටයම තම ශරීරයට සිදුවන හානිය මිල කළ නොහැකිය.
කිසිදු ප්‍රමිතියකින් තොර ආලේපන විකිණී‌මේ ජාවාරම අද බහුලවම සිදු කරන්නේ අන්තර්ජාලය මගිනි. මෙම නිෂ්පාද‍න පිළිගත් ආයතන මගින් සිදු කරන නිෂ්පාදන නොවන අතර පිටරටින් ගෙන්වන ලද බවට ද නිවසේ සකස් කරන ලෙසට ද දක්වමින් කිසිදු පිළිගත් සාධක නොමැතිව විකිණීම අද ලාභදායි ව්‍යාපාරයක් බවට පත්ව ඇත්තේ නිසි අවබෝධයකින් තොරව මේවා භාවිත කිරීමට පෙළඹී ඇති පාරිභෝගික පිරිසක් ද සිටිනා බැවිනි. මෙම ජාවාරමේ නිතර වන්නන් පවසන පරිදි දින 03 න් සුදු වන බවට කරන ප්‍රකාශ සත්‍ය වන්‌නේ අධික රසදිය ප්‍රමාණයන් ඇතුළත් කරමින් කිසිදු නියාමනයකින් තොරව මේවා නිෂ්පාදනය කරන බැවිනි.
පොදුවේ සුදු පැහැ ගැන්වීමට භාවිත කරන මෙවැනි ආලේපන නිසා දියවැඩියාව ,වකුගඩු රෝග , ස්නායු ආබාධ , පිළිකා සහ සම විරූපී වීම වැනි රෝගාබාධ රැසකට මුහුණ පෑමට සිදුවේ .
විශේෂයෙන්ම ලස්සන යනු සුදු සම නොවන බව අවබෝධ කර ගත යුතුය. මෙරට ජනතාවගෙන් වැඩි දෙනෙකුට සුදුසු මොයිස්චරයිසින් ක්‍රීම් වර්ගයක් භාවිත කළ හැකි අතර අවශ්‍ය අයට හිරු එළියෙන් ආරක්ෂා වීමට සන්ස්ක්‍රීම් වර්ගයක් පාවිච්චි කිරීම සුදුසුයි.
විශේෂයෙන්ම රූපලාවන්‍ය නිෂ්පාදනයක් මිලදී ගැනීමේදී නිසි ලේබලයක් පවතිනවාද යන්නත් එහි නිෂ්පාදිතයාගේ නම, ලිපිනය හා දුරකතන අංකය, අඩංගු ද්‍රව්‍ය ,නිෂ්පාදිත දිනය ,කල් ඉකුත් වී‌මේ දිනය, SLS සහතිකය හෝ ISO සහතිකය පවතිනවාද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතු අතර තමන්ට තම සම පිළිබඳ ගැටලුවක් පවතිනවා නම් කළ යුත්තේ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හමුවී ඒ් පිළිබඳව දැනුවත් කිරීමයි.
ඉරේෂා මධුරකාවිනි
ජාතික විෂ නිවාරණ සතිය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාව ඇසුරෙනි
=============
Subscribe Our Social Media Channels :
Subscribe on YouTube : https://www.youtube.com/channel/UCdx49t9VoLVOfl-X3z-6lkg
Like on Facebook : https://www.facebook.com/DepartmentOfGovernmentInformation
Follow on Instagram : https://www.instagram.com/infodprtsl/
Follow on TikTok : https://www.tiktok.com/
Follow on X : https://x.com/infodprtsl
Follow on Whatsapp : https://chat.whatsapp.com/GiCXhhpwVFpCVEDG4AVADo
Follow on Web : https://www.dgi.gov.lk/

Department of Government Information The department assists media in a macro level in welfare, training, policy planning, and accreditation, and provides easy access to Sri Lanka Government news and information.

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Poison Center NHSL
Colombo
0112686143