22/05/2026
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජනමාධ්‍ය අංශයේ තොරතුරු ඒකකය විසින් 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ සිවිල් ප්‍රජාව දැනුවත්කිරීම සඳහා සංවිධානය කල “ගමට RTI”වැඩසටහන 2026.05.15 දින දින කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී පවත්වන ලදී.
ප්‍රධාන දේශක වරුන් ලෙස කළුතර දිස්ත්‍රික් ලේකම් (පාලන) සමන්තිකා ලියනගේ මහත්මිය සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) ශ්‍යාමා කාරියවසම් මහත්මිය විසින් සාර්ථකව පවත්වන ලදී.
මෙහිදී සිවිල් ජනතාව හා නිළධාරීන් වෙත තොරතුරු පනත පිළිබඳව අවබෝධයක් ලබා දීම සහ ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා විය.
Teams ඔස්සේ ඕනෑම කෙනෙක්කුට සම්බන්ධ වීමේ හැකියාව ජනමාධ්‍ය අමාත්‍යාංශය පහසුකම් සලසන ලදී.
22/05/2026
රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද දින පවත්වනු ලබන තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ සිවිල් ප්‍රජාව දැනුවත්කිරීමේ වැඩසටහන සඳහා තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් අද දින දේශනය online ඔස්සේ සම්බන්ධ වීමට අපහසු තත්වයක් ඇත
11/05/2026
⚖️ IMPORTANT!!!
THE COURT OF APPEAL DECISION FOR ALL EXAM CANDIDATES IN SRI LANKA!
The Open University of Sri Lanka Vs. The RTI Commission
CA RTI Appeal 01-2024
The Court of Appeal ruled recently that Examination Candidates shall have the Right to Inspect their Answer Scripts 📄
අභියාචනාධිකරණ තීන්දුව:
විභාග අපේක්ෂකයන්ට තම පිළිතුරු පත්‍ර බැලීමට අයිතියක් ඇත.
✅ Students can legally request their evaluated answer scripts.
✅ Right to Information is further strengthened in Sri Lanka.
✅ Major victory for transparency and fairness in examinations.
✅ OUSL revision application dismissed with no costs by the Court of Appeal.
This landmark judgment of the Court of Appeal confirms that all examination candidates have the RIGHT TO KNOW how their examination papers were evaluated.
📌 Date: 08.05.2026
📌 Before : Hon. R. Gurusinghe J.
Hon. Dr. Sumudu
Premachandra J.
📌 Written by : Hon. Dr. Sumudu
Premachandra J
11/05/2026
*උසස් අධ්‍යාපන ආයතනවල හැංගි මුත්තන් සෙල්ලං බෑ - තොරතුරු අයිතිය තහවුරු කරමින් අභියාචනාධිකරණයෙන් තවත් තීන්දුවක්*
උසස් අධ්‍යාපන ආයතනවල හැංගි මුත්තන් සෙල්ලං බෑ - තොරතුරු අයිතිය තහවුරු කරමින් අභියාචනාධිකරණයෙන
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටි සිසුවියකට ඇගේ ලකුණු කළ පිළිතුරු පත්‍රය පරීක්ෂා...
05/05/2026
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජනමාධ්‍ය අංශයේ තොරතුරු ඒකකය විසින් 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ සිවිල් ප්‍රජාව දැනුවත්කිරීම සඳහා සංවිධානය කල “ගමට RTI”වැඩසටහන 2026.04.30 දින දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී පවත්වන ලදී.
ප්‍රධාන දේශක වරුන් ලෙස අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) S.N.G. අබේසේකර මහත්මිය සහ සහකාර දිස්ත්‍රික් ලේකම් R.D.M.P.S.B. යසරත්න මහතා විසින් සාර්ථකව පවත්වන ලදී.
මෙහිදී සිවිල් ජනතාව හා නිළධාරීන් වෙත තොරතුරු පනත පිළිබඳව අවබෝධයක් ලබා දීම සහ ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා විය.
Teams ඔස්සේ ඕනෑම කෙනෙක්කුට සම්බන්ධ වීමේ හැකියාව ජනමාධ්‍ය අමාත්‍යාංශය පහසුකම් සලසන ලදී.
29/04/2026
තොරතුරු දැනගැනීමේ අයිතිය හා තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ ප්‍රජාව දැනුවත් කෙරේ
====================================
තොරතුරු දැනගැනීමේ අයිතිය හා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණි ජයසේකර ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
මෙහි දි 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පිළිබද පුර්ණ විවරණයක් සිදුකරන ලදි. මේ සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය විසිනි.
තොරතුරු පනතේ ආරම්භය, අවශ්‍යතාව හා ඒ පිළිබඳ නීතිමය මුලාශ්‍ර, පනතේ ඇති වටිනාකම, මෙම පනතට යටත්වන අයට තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ හැකි අවස්ථා හා තොරතුරු ඉල්ලිමකට පෙර අනුගමනය කළ යුතු ක්‍රමවේද මොනවාද? යන්නත්, තොරතුරක් ඉල්ලුම් කිරීමෙන් අනතුරුව තොරතුරු ලබාදීමට ගත යුතු නිශ්චිත කාලය පිළිබඳව වඩාත් සරලව නිවැරදි පැහැදිලි කරලීමක් සිදු කරන ලදි.
වැඩසටහන අවසානයේ දී සහභාගි වූ පිරිස අදහස් දක්වමින් කියා සිටියේ, මෙම වැඩසටහන ඉතාම කාලෝචිත මෙන්ම ප්‍රයෝජනවත් වැඩසටහනක් බවත් ඒ තුළින් විශාල දැනුම් සම්භාරයක් ලබා ගැනීමට හැකි වූ බවත්ය. එමෙන්ම ඉදිරියේදී තවත් මෙවැනි වැඩසටහන් තුළින් මහජනතාවට දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව සදහා මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසලක නානායක්කාර මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය සහභාගි වූ අතර මාතර දිස්ත්‍රික්කයේ වැඩිහිටි බලමණ්ඩල නියෝජිතයින්, කාන්තා බලමණ්ඩල නියෝජිතයින්, ස්වශක්ති සංවිධාන නියෝජිතයින් හා විවිධ සිවිල් සංවිධාන නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික්කයේ මහජනතාව සහභාගි වී සිටියහ.
එමෙන් ම දිවයිනේ දිස්ත්‍රික්ක විසිපහම නියෝජනය වන පරිදි මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ද රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.
Teams ඔස්සේ ඕනෑම කෙනෙක්කුට සම්බන්ධ වීමේ හැකියාව ජනමාධ්‍ය අමාත්‍යාංශය පහසුකම් සලසන ලදී.