State Ministry of Home Affairs

State Ministry of Home Affairs

Share

State Ministry Of National Security, Home Affairs & Disaster Management

20/11/2025
Photos from State Ministry of Home Affairs's post 27/10/2025

2025.10.24

2024 අංක 8 දරන “අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත” පිළිබඳ විද්වත් සාකච්ඡාවක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා ආචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු අංශයේදී 2025.10.24 දින පැවැත්විණි.

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධන, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් චායා ශ්‍රී නම්මුණි, රජයේ නීතිඥ රාජික අළුවිහාරේ යන මහත්ම මහත්මීන් මෙම වැඩසටහනේ විද්වත් මණ්ඩලය ලෙස එක්විය.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා, ප්‍රාදේශීය පරිපාලන ප්‍රතිසංස්කරණ අංශයේ අතිරේක ලේකම් ආචාර්ය රෝෂණී දිසානායක මහත්මිය, ස්වදේශ කටයුතු අංශයේ මාණ්ඩලික නිලධාරීන්, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් සහ online තාක්ෂණය හරහා දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් , රජයේ සංස්ථා ප්‍රධානීන්, මාධ්‍යවේදීන් සහ රජයේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු 500 කට අධික පිරිසක් එක්ව සිටියහ.

Photos from State Ministry of Home Affairs's post 15/09/2025

2025.09.10

රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීමට රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සන (Digital Signature ) හඳුන්වාදෙයි


රාජ්‍ය සේවය ඩිජිටල් කරනය කර නව මාවතකට යොමු කිරිම වත්මන් රජයේ අරමුණ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා ආචාර්ය චන්දන අබේරත්න මහතා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයේ රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සන (Digital Signature ) හඳුනාදීමේ අවස්ථාවට 2025.09.15 දින එක්වෙමින්.

ජනතාව අපේක්ෂා කරන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම තම අරමුණු බවත් ග්‍රාම නිලධාරිවරයා දක්වා මෙම නව තාක්ෂණය ගෙන යා යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රාජකාරී කටයුතු පහසුව සහ කාර්යක්ෂමව කිරීම සඳහා 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත පරිදි ස්වදේශ කටයුතු අංශයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුල සිටින නිලධාරීන්ගේ අත්සන් ඩිජිටල් කරනය ක්‍රියාවලිය මෙහිදී ආරම්භ විය.

ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ විධිවිධාන ප්‍රකාරව LankaPay ආයතනය ඩිජිටල් අත්සන සහිතක කිරීමේ අධිකාරිය වේ.

මේ අනුව ලිපි මගින් කටයුතු කිරීමේදී ඇතිවෙන ප්‍රමාදයන් වළක්වා ගැනීමට හැකිවන සේම වඩාත් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් සලසා ගත හැකියි.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර , ස්වදේශ කටයුතු අංශයේ අතිරේක ලේකම්වරුන් වන ආචාර්ය රෝෂිණී දිසානයක, ඒ.ජී. නිශාන්ත, චිත්‍රා තිලකරත්න , ධම්මික මුතුගල, ඔමාලි විමලරත්න මෙන්ම ප්‍රධාන මුල්‍ය නිලධාරී ජේ .ඩී.ඒ. පී ජයසිංහ, අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු යූ. එල්.ඒ. නසාර්, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගීගනගේ යන මහත්ම මහත්මීන් සහ ස්වදේශ කටයුතු අංශයේ මාණ්ඩලික නිධාරීන් රැසක් එක සිටියහ.

ස්වදේශ කටයුතු මාධ්‍ය ඒකකය

Photos from State Ministry of Home Affairs's post 08/09/2025

පිරිසිදු රාජ්‍ය සේවයක් ඇති කිරීම රජයේ අරමුණයි

ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමේ Law Clinic වැඩසටහන අරඹමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා පවසයි

රාජ්‍ය නිළධාරීන් රටේ නීතියට යටත්ව ජනතාගේ සුභ සිද්ධියෙන් වෙනුවෙන් පරිපාලන සේවයේ නියැලිය යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා ආචාර්ය ඒ.එච්.එම්. එච් අබයරත්න මහතා කියා සිටියේය.
අමාත්‍යාවරයා මේ බව සඳහන් කළේ 2025.08.29 දින නාරාහේන්පිට නිල මැදුර ශ්‍රවණාගාරයේදී ස්වදේශ කටයුතු අංශය සංවිධානය කළ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ රාජකාරි ගැටලු විසඳීම සඳහා නෛතික උපදෙස් ලබා දීමේ ව්‍යාපෘතිය law Clinic පළමු විශේෂ වැඩසටහනට එක් වෙමින්.
නව යුගයක් ඇති කිරිම සඳහා රාජ්‍ය සේවකයින්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරිම මෙම වැඩසටහනේ අරමුණ බවත් ඒ තුළින් පිරිසිදු රාජ්‍ය සේවයක් ඇති කිරීම වර්තමාන රජයේ අරමුණ බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
දිවයින පුරා ප්‍රාදේශීය ලේකම්වරු 25 දෙනෙක් සහ නිලධාරීන් සහභාගි වූ මෙම Law Clinic විශේෂ වැඩසටහන 29 සහ 30 යන දෙදින තුළ පැවැත්වූ අතර එහිදී ඉඩම් කළමනාකරණය අදාළ යාවත්කාලීන නීති පිළිබඳව , තොරතුරු තාක්ෂණය නීතිය පිළිබඳ , සමාජ සේවා කටයුතු , විශ්‍රාම කටයුතු, ව්‍යාපාර නාම ලියාපදිංචි සම්බන්ධව, බලපත්‍ර ලබාදීම, වන්දි ගෙවීම් සම්බන්ධව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට ඉදිරිපත් වූ ගැටලු සඳහා විසඳූ මෙහිදී සාකච්ඡා කෙරිණි.
මීට අමතරව තොරතුරු පනතට අදාළ නීතිමය පසුබිම හා ඉදිරිපත් වූ ගැටලු සම්බන්ධයෙන් විසඳුම් සඳහා සාකච්ඡා වු අතර මෙම Law Clinic වැඩසටහන ඉදිරියේදී දිවයින පුරා සිටින ප්‍රාදේශීය ලේකම්වරුන් කැඳවා ඔවුන් දැනුවත් කිරීමට නියමිතයි.
මෙහිදී ඩිජිටල්කරණය නියමු ව්‍යාපෘති සඳහා තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිල වශයෙන් හඳුනාදීම සහ 2020 සහ 2021 වසර වල ග්‍රාම නිලධාරි කාර්යාල කළමනාකරණ හා රාජකාරී පරීක්ෂා කිරීම ජාතික මට්ටමේ ඇගයීමේ තරගාවලියේ ජයග්‍රහණය කළ ග්‍රාම නිධාරීන් සඳහා සම්මාන ලබාදීමද රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා ආචාර්ය ඒ. එච්.එම්.එච් අබයරත්න මහතාගේ සුරතින් ලබා දෙන ලදී.
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර , අමාත්‍යාංශයේ උපදේශක අශෝක පීරිස් , කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර ,
ස්වදේශ කටයුතු අංශයේ අතිරේක ලේකම්වරුවන ඒ.ජි. නිශාන්ත, ආචාර්ය රෝෂිණී දිසානායක, ධම්මික මුතුගල , ඔමාලි විමලරත්න , හිටපු ඉඩම් කොමසාරිස් ජනරාල් කීර්ති ගමගේ , මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් චායා ශ්‍රී නම්මුණි , නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ගංගා වාකිෂ්ඨආරච්චි, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉෂාන් රත්නපාල යන මහත්ම මහත්මීන් සහ අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

ස්වදේශ කටයුතු මාධ්‍ය ඒකකය
2025.08.30

Photos from State Ministry of Home Affairs's post 06/09/2025

ප්‍රථම වරට කාන්තාවක් රෙජිස්ට්‍රාර් ජනරාල් ධුරයට

නව රෙජිස්ට්‍රාර් ජනරාල් ලෙස සසිදේවි ජලදීපන් මහත්මිය රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ දී වැඩ භාර ගනු ලැබිණි.

වසර 150 කට වැඩි ඉතිහාසයක් ඇති රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රථම කාන්තා රෙජිස්ට්‍රාර් ජනරාල් ලෙස සසිදේවි ජලදීපන් මහත්මිය ඉතිහාසයට එක්වෙයි.

2003 වසරේ රාජ්‍ය පරිපාලන සේවයට එක් වූ එම මහත්මිය 2006 වසරේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස සහ 20015 වසරේ දිඹුලාගල ප්‍රාදේශ ලේකම් ලෙසත් සේවය කර ඇත.

ඉන් අනතුරුව 2018 වසරේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ සහාකාර ලේකම් ධුරයේත් , 2019 වසරේ ආර්ථික ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සහ 2020 වසරේ මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙසත් සේවය කරන ලදී.

සසිදේවි ජලදීපන් මහත්මිය 2021 වසරේදී ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙසද සේවය ඇත.

රෙජිස්ට්‍රා ජනරාල් ලෙස කැබිනට් මණ්ඩලය අනුමත කිරීමට ප්‍රථම රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක් ලෙස සේවය කරන ලදී.

Photos from State Ministry of Home Affairs's post 19/05/2025

ස්වදේශ කටයුතු අංශය හා සුබසාධක සංගමය එක්ව මහා සංඝරත්නය උදෙසා පිරිනැමූ සාංඝික දවල් දානය.....

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන වෙසක් පොහොය සමරනුවස්, රාජ්‍ය වෙසක් උත්සවය හා සමගාමීව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශය සහ ස්වදේශ කටයුතු සුභසාධක සංගමය එක්ව සංවිධානය කරනු ලැබූ මහා සංඝරත්නයට සාංඝික දවල් දානය 2025.05.16 වන දින නාරාහේන්පිට නිල මැදුර ගොඩනැගිල්ලෙහිදී පැවැත්විණි. ස්වදේශ කටයුතු අංශයේ සියලුම නිලධාරින් මීට එක්ව සිටියහ.අනතුරුව බත් සහ අයිස් ක්‍රීම් දන්සැල පවත්වන ලදී.

Photos from State Ministry of Home Affairs's post 22/03/2025

රජයේ සංවර්ධන ප්‍රත්පත්තිමය අවශ්‍යතාවන්ට සරිලන පරිදි රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීතිරීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීම සදහා මහජන අදහස් හා යෝජනා ලබා ගැනීමට අදහස් කෙරේ.

𝐂𝐚𝐥𝐥𝐢𝐧𝐠 𝐟𝐨𝐫 𝐩𝐮𝐛𝐥𝐢𝐜 𝐨𝐩𝐢𝐧𝐢𝐨𝐧𝐬 𝐚𝐧𝐝 𝐬𝐮𝐠𝐠𝐞𝐬𝐭𝐢𝐨𝐧𝐬 𝐨𝐧 𝐑𝐞𝐯𝐢𝐞𝐰𝐢𝐧𝐠 𝐚𝐧𝐝 𝐬𝐢𝐦𝐩𝐥𝐢𝐟𝐲𝐢𝐧𝐠 𝐭𝐡𝐞 𝐫𝐮𝐥𝐞𝐬 𝐚𝐧𝐝 𝐫𝐞𝐠𝐮𝐥𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐩𝐞𝐫𝐭𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐭𝐨 𝐭𝐡𝐞 𝐩𝐮𝐛𝐥𝐢𝐜 𝐬𝐞𝐫𝐯𝐢𝐜𝐞 𝐭𝐨 𝐬𝐮𝐢𝐭 𝐭𝐡𝐞 𝐧𝐞𝐞𝐝𝐬 𝐨𝐟 𝐠𝐨𝐯𝐞𝐫𝐧𝐦𝐞𝐧𝐭 𝐝𝐞𝐯𝐞𝐥𝐨𝐩𝐦𝐞𝐧𝐭 𝐩𝐨𝐥𝐢𝐜𝐲 𝐫𝐞𝐪𝐮𝐢𝐫𝐞𝐦𝐞𝐧𝐭𝐬.

அரசாங்கத்தின் அபிவிருத்திக் கொள்கைகள் சார்ந்த தேவைப்பாடுகளுக்கு பொருந்தக்கூடிய வகையில் அரச சேவையுடன் தொடர்புடையதாக நிலவுகின்ற சட்ட, ஒழுங்கு விதிகளை மீளாய்வுக்குட்படுத்தி இலகுபடுத்துவதற்காக பொது மக்களின் கருத்துக்கள் மற்றும் முன்வொழிவுகளைக் கோரல்.

ඔබගේ අදහස් හා යේජනා අපවෙත එවන්න.
Send us your ideas and suggestions.
உங்களுடைய கருத்துக்கள் மற்றும் முன்மொழிவுகளை எமக்கு அனுப்பிவையுங்கள்!

විද්‍යුත් තැපෑල / e-mail / மின்னஞ்சல் முகவரி : 𝐢𝐧𝐟𝐨𝐫𝐚𝐫@𝐦𝐨𝐡𝐚.𝐠𝐨𝐯.𝐥𝐤
WhatsApp : 𝟎𝟕𝟒𝟎𝟖𝟔𝟔𝟕𝟔𝟖
ලිපිනය / Address / அஞ்சல் முகவரி :

ප්‍රාදේශිය පරිපාලන ප්‍රතිසංස්කරණ අංශය, 17 වන මහල, ''නිල මැදුර'', ඇලිවිටිගල මාවත, කොළඹ 05

பிரதேச நிர்வாக மறுசீரமைப்புப் பிரிவு, 17 ஆம் மாடி, “நில மெதுர”,
எல்விட்டிகல மாவத்தை, கொழும்பு 05

𝐑𝐞𝐠𝐢𝐨𝐧𝐚𝐥 𝐀𝐝𝐦𝐢𝐧𝐢𝐬𝐭𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝐑𝐞𝐟𝐨𝐫𝐦𝐬 𝐃𝐢𝐯𝐢𝐬𝐢𝐨𝐧, 𝟏𝟕𝐭𝐡 𝐟𝐥𝐨𝐨𝐫, "𝐍𝐢𝐥𝐚 𝐌𝐚𝐝𝐮𝐫𝐚",
𝐄𝐥𝐯𝐢𝐭𝐢𝐠𝐚𝐥𝐚 𝐌𝐚𝐰𝐚𝐭𝐡𝐚,
𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨 𝟎𝟓

05/03/2025

#අයවැය2025

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address


Nila Medura", Elvitigala Mawatha, Narahenpita
Colombo

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15