06/06/2026
𝐁𝐞 𝐩𝐚𝐫𝐭 𝐨𝐟 𝐚 𝐥𝐚𝐧𝐝𝐦𝐚𝐫𝐤 𝐝𝐞𝐯𝐞𝐥𝐨𝐩𝐦𝐞𝐧𝐭 𝐬𝐡𝐚𝐩𝐢𝐧𝐠 𝐭𝐡𝐞 𝐟𝐮𝐭𝐮𝐫𝐞 𝐨𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚'𝐬 𝐚𝐯𝐢𝐚𝐭𝐢𝐨𝐧 𝐚𝐧𝐝 𝐞𝐜𝐨𝐧𝐨𝐦𝐢𝐜 𝐥𝐚𝐧𝐝𝐬𝐜𝐚𝐩𝐞.
Join us in advancing the future of regional connectivity, aviation, tourism, and economic growth through a strategic development opportunity at MRIA.
Your opportunity to make a lasting impact starts here.
Submit your Expression of Interest (EOI) and partner with us.
www.airport.lk/aasl/tenders/tender_details?TenderId=1216
05/06/2026
නාවික හමුදා නෞකා බල ඇණියට එක්වන අභිනව යුද නෞකාව අධිකාරිත්වයට පත්කිරීම අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර පර්යන්තයේදී සිදු විය...
P 268 නෞකාව ඇමරිකා එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාවට ලැබුණ පරිත්‍යාගයක්. ඇමරිකානු වෙරළාරක්‍ෂක බලකාය සතු වූ මෙම නෞකාව පූර්ණ අළුත්වැඩියාවකින් පසු ශ්‍රී ලංකා රජයට ලැබිණි.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු නැගෙනහිර පර්යන්ත (ECT) ජැටියේදී රාජකීය නෞකා සම්ප්‍රදායට අනුව මෙම යුද නෞකාව අධිකාරිත්වයට පත්කිරීම අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම සුවිශේෂී අවස්ථාවට වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යෟ අනුර කරුණාතිලක මහතා ද සහභාගි විය.
නි.ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා සමඟ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා ද නාවික හමුදාපතිවරයා ද ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
නාවික හමුදා සම්මාන මුරයෙන් උත්තමාචාර පිරිනැමීමෙන් පසු මෙම නෞකාවේ අණ දෙන නිලධාරියා ලෙස පත්ව සිටින කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා විසින් අධිකාරිත්වයට පත් කිරීමේ අක්ත පත්‍රය කියවනු ලැබීය.
අනතුරුව ජනාධිපතිවරයා නෞකාව නිරීක්‍ෂණය කිරීමේ අවස්ථාවට සහභාගි විය.
“සමුද්‍රවිජය” ලෙස නම් ලද මෙම නෞකාව නාවික හමුදා බලය ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්‍ෂාව වෙනුවෙන් දියඹට යාත්‍රා කරනු ලබන්නේය.
05/06/2026
නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ මැදිහත්වීමෙන් ගුවන්තොටුපළ ප්‍රවේශ මාර්ග ජලයෙන් යටවීමේ ගැටලුවට කඩිනම් ක්‍රියාමාර්ග...
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පිවිසෙන මාර්ග ජලයෙන් යටවීමේ ගැටලුව සම්බන්ධයෙන් පසුගිය 2026.05.28 දින නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ මූලිකත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවේදී ගත් තීරණ අනුව, ඒ සඳහා පත්කළ කාර්ය සාදක බලකායේ මූලිකත්වයෙන් 2026.06.04 දින ප්‍රදේශයේ ඇළමාර්ග පිරිසිදු කිරීමේ සහ ඒවායේ ජල ධාරිතාව වැඩිදියුණු කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි.
අදාළ ආයතන එක්ව මෙම ගැටලුව සඳහා කඩිනම් විසඳුම් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර, ඇළමාර්ගවල පවතින අවහිරතා ඉවත් කිරීම, ඒවායේ ජල ධාරිතාව ඉහළ නැංවීම සහ ජල ගලායාම විධිමත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වේ.
මෙම ක්‍රියාමාර්ග මගින් ගුවන්තොටුපළ ප්‍රවේශ මාර්ග ජලයෙන් යටවීම අවම කිරීමට පමණක් නොව, අධික වර්ෂාපතන අවස්ථාවලදී අවට ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ගංවතුර අවදානම ද සැලකිය යුතු ලෙස අවම කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ගුවන් මගීන් සහ මහජනතාව මුහුණ දෙන අපහසුතා අවම කිරීම සඳහා කෙටිකාලීන ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කරන අතරම, ගැටලුවට ස්ථිර හා තිරසාර විසඳුම් ලබාදීම සඳහා දිගුකාලීන වැඩපිළිවෙළක් ද අදාළ ආයතනවල සහයෝගයෙන් ඉදිරියට ගෙන යාමට නියමිතය.
05/06/2026
ඉන්දියානු සාගර වරාය හා සැපයුම් දාම සමුළුවේදී ශ්‍රී ලංකාවේ දැක්ම ජාත්‍යන්තරයට ඉදිරිපත් කළ නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා.
04/06/2026
ඇමරිකානු රජයේ පරිත්‍යාගයක් වූ P628 නෞකාව කොළඹ වරායට…
එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද P628 නාවික නෞකාව මේ වන විට කොළඹ වරායට සේන්දු වී තිබේ.
ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව සහ වෙරළ නිරීක්ෂණ මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වන මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්වීම විශේෂ සන්ධිස්ථානයකි.
මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධිකාරීත්වයට පත්කිරිමේ අවස්ථාව අද (04) කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
04/06/2026
A delegation from Uzbekistan recently met with Capt. Daminda Rambukwella, Director General and CEO of the Civil Aviation Authority of Sri Lanka (CAASL), to discuss launching direct air services between Uzbekistan and Sri Lanka.
This initiative aims to enhance air connectivity, boost tourism, and positively impact the national economy by strengthening trade and people-to-people ties between the two nations.
The Uzbekistan delegation was led by Mr. Adil Miraza Khalmirzaev, Head of the Agents Department at Centrum Air, with Mr. Clive Shamal Fernando, Head of Network Planning of Centrum Air, also attending.
From CAASL, participants included Mr. Rayhan Wanniappa (Deputy Director General, Air Transport & Security Regulation), Capt. Lasantha Dahanayake (Deputy Director General, Flight Safety Regulation), and Mr. Asanga Liyanaarachchi (Director, Air Transport & Economic Regulation), Dr. Sumith De Silva, Head of Corporate Communication, represented AASL.
The meeting focused on facilitating the launch of air services and further strengthening aviation cooperation between Sri Lanka and Uzbekistan.
03/06/2026
ඉන්දියානු සාගර වරාය හා සැපයුම් දාම සමුළුවේදී ශ්‍රී ලංකාවේ දැක්ම ජාත්‍යන්තරයට ඉදිරිපත් කළ නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා…
ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. නගරයේදී පැවැත්වෙන U.S. Forum on Indian Ocean Ports and Supply Chains ජාත්‍යන්තර සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සහභාගී විය.
සමුළුවේ (2026.06.02) දින පැවති සැසිය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඉන්දියානු සාගර කලාපයේ වරාය සංවර්ධනය, වරාය සහ නාවික ක්ෂේත්‍රයේ ආයෝජන අවස්තා, සැපයුම් දාම සුරක්ෂිතභාවය සහ කලාපීය සහයෝගීතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැක්ම ඉදිරිපත් කළේය.
එහිදී ශ්‍රී ලංකාවේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම, ඉන්දියානු සාගර කලාපයේ වෙළෙඳ හා සමුද්‍රීය කටයුතු සඳහා රට සතු වැදගත්කම සහ කලාපීය සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉටුකරන කාර්යභාරය පිළිබඳව ද අවධානය යොමු කරන ලදී.
වරාය කළමනාකරණය හා සැපයුම් දාම ආරක්ෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවාද සඳහා වේදිකාවක් සපයන මෙම සමුළුව, කලාපීය හා ගෝලීය සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ.