Boralesgamuwa pegion

Boralesgamuwa pegion

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Boralesgamuwa pegion, 119/1/1 millagahawatta Road, katuwawala, boralesgamuwa, Colombo.

31/10/2022

♥️🇱🇰

31/10/2022

හැමොම ප්‍රාර්ථනා කරන්න

31/10/2022

නිවන් සුව මැණික 😢😢
රතිඤ්ඤා එයාලට දරාගන්න බෑ.

Photos from Boralesgamuwa pegion's post 28/10/2022
11/08/2022

සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් කතාබහට ලක්වන සංසිද්ධි යොදාගනිමින් ඒ සඳහා නව අර්ථකතන ලබාදෙමින් සංසරණය වන සටහන්, ඡායාරූප මෙන්ම වීඩියෝවල දැක්වෙන අන්තර්ගතය පිළිබඳ කරුණු තහවුරු කිරීමකින් තොරව බොහෝ දෙනා හුවමාරු කරගන්නා අවස්ථා අපට නොයෙකුත් හමුවෙනවා. මේ අතර නොමඟ යවන සුළු සටහන් ද දැක ගන්නට පුළුවන්.

පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ උණුසුම් මාතෘකාවක් වූ තරුණ කාන්තාවක් සහ භික්ෂුවක් සම්බන්ධව හුවමාරු වූ දර්ශන පෙළකට මෙසේ නව අර්ථකතනයක් ලබාදෙමින් හුවමාරු වූ නොවූ තොරතුරක් පිළිබඳ අප කළ විමසා බැලීමක් මේ.

සමාජ මාධ්‍ය සටහන් :

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ තරුණ ස්වාමීන් වහන්සේ නමක් සහ තරුණියකගේ ඡායාරූප වල වීඩියෝවේ සිටින්නේ එක කුස උපන් සහෝදරයෙකු සහ සහෝදරියක බවට පොලීසිය තහවුරු කළ බවට සඳහන් කරමින් සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ නැවත සංසරණය වූයේ මෙලෙසින්.

“ කැන්සර් එකක් හැදිලා ඉන්න අම්මාව බලන්න Hospital යන ගමන් පොලිස්සියෙන් හොයාගෙන තියෙන්නේ ” යනුවෙන් සඳහන් කරමින් මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වුණා.

Facebook | Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මෙම සටහන් සම්බන්ධයෙන් නිරවද්‍යතාවය සොයා බලන ලෙසට ලද ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙහි සත්‍යතාවය පිළිබඳ විමසීමක් කිරීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා උණුසුම් වූ මාතෘකාවක් ලෙස පහත සඳහන් වීඩියෝ බහුලව හුවමාරු වුණා.

මෙහි දැක්වෙන්නේ, පෙම් සම්බන්ධතාවයක් පවත්වන තරුණ ස්වාමීන් වහන්සේ නමක් සහ තරුණියක් මොවුන් ගමන් කළ ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් විසින් කොටු කර ගත් ආකාරයක් බවයි.

Archived Link

Archived Link

මේ පිළිබඳව පළ වූ තවත් වීඩියෝවක් මෙතනින්. සටහනක් මෙතනින්. Archived Link

කෙසේ වෙතත් මෙම වීඩියෝව සහ සටන් පිළිබඳ නැවත කතාබහක් ඇති වූයේ, මෙහි සිටින්නේ එක කුස උපන් සහෝදරයෙකු සහ සහෝදරියෙකු බවට පොලීසිය විසින් තහවුරු කර ඇති බවත්, පිළිකාවක් වැළඳුණු සිය මව බැලීමට යමින් සිටියදී මෙලෙස ජනතාව කොටු කර ගත් බවත් දක්වා තිබීම හේතුවෙනි.

නමුත් මෙම සටහන් වල කුමන පොලිස් ස්ථානය විසින් තහවුරු කළා ද, යන්න පිළිබඳව සඳහන් කර නොතිබුණි. එසේම මෙම වීඩියෝ තුළ දී ස්වාමීන්වහන්සේ ගේ සහ තරුණියගේ ක්‍රියාකලාපය පිළිබඳ අවට සිටින ප්‍රදේශවාසීන් අදහස් දක්වා තිබූ අයුරු දැක ගන්නට ලැබුණ ද එම තරුණිය හෝ ස්වාමින් වහන්සේ සිදුවීම පිළිබඳ කරුණු දැක්වීමක් සිදුකරනු දැක ගන්නට නොලැබුණි.

ඒ හේතුවෙන් ඉහත වීඩියෝවලින් දැක්වෙන සහ පැවසෙන ලෙස, මොවුන්ව වීඩියෝගත කරන්නනේ නුවර ප්‍රදේශයේ බැවින් සහ එහි පසුබිමේ මෙම තරුණ ස්වාමීන් වහන්සේ සිටින පන්සල වන්නේ, නුවර, බෝවල ප්‍රදේශයේ බවක් පැවසනෙ හෙයින් අප මේ පිළිබඳව නුවර පොලිස් ස්ථානයෙන් විමසීමක් කරනු ලැබුවා.

නුවර පොලිස් ස්ථානාධිපති

නුවර පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් නොල ද බවත්, නුවර පොලිසීය විසින් තරුණ ස්වාමීන් වහන්සේ නමක සහ තරුණියක් සහෝදරයන් බවට විමර්ශනයක් සිදු නොවුණු බවයි.

බෝවල ප්‍රදේශයේ කොටස් නුවර පොලිස් ස්ථානයට මෙන්ම පේරාදෙණිය පොලිස් ස්ථානය යටතට ද පැමිණෙන හෙයින් පේරාදෙණිය පොලිස් ස්ථානයෙන්ද, මේ පිළිබඳව තහවුරු කර ගන්නා ලෙස අපට පැවසීය.

පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති

පේරාදෙණිය පොලිස් ස්ථානාධිපතිවරයා ද, තහවුරු කළේ, ප්‍රදේශ වාසීන් විසින් එලෙස ස්වාමීන් වහන්සේ නමක් හා තරුණියක් භාර නොදුන් බවත්, එවැනි පැමිණිල්ලක් නොලැබුණු බවයි. එමෙන්ම පේරාදෙණිය පොලිසීය විසින් මොවුන් සම්බන්ධයෙන් කිසිදු තහවුරු කිරීමක් හෝ නිවේදනයක් නිකුත් නොකළ බව ද පවසා සිටියා.

ගම්පොළ පොලිස් ස්ථානාධිපති

ඉහත ඇතැම් සටහන් වල ගම්පොල ප්‍රදේශයේ ද යනුවෙන් සඳහන් කර තිබූ බැවින්, අප ගම්පොළ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ද, විමසීමක් කරනු ලැබුවා.

ඔහු ද තහවුරු කළේ, එම පොලිස් ස්ථානයෙන්ද එවැනි තහවුරු කිරීමක් සිදු නොකළ බවත්, ඒ පිළිබඳ කිසිදු පැමණිල්ලක් ද, නොලැබුණු බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතාගෙන්ද අප ඉහත සිදුවීම සම්බන්ධයෙන් විමසීමක් සිදු කළා.

තල්දූව මහතා සඳහන් කළේ, එම වීඩියෝව පිළිබඳ බොහෝ දෙනා විමසා සිටියත්, එම සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු නිසියාකාරයෙන් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

මෙතෙක් පොලිස් මාධ්‍ය කොට්ඨාශය මගින් ස්වාමීන් වහන්සේ හෝ එම තරුණිය කවුරුන්ද යන වග හෝ මොවුන්ගේ සබඳකම හෝ ඥාතීත්වය කුමක්ද යන්න පිළිබඳව තහවුරු කිරීමක් සිදු නොවී ඇති බව ද, පවසා සිටියා.

කෙසේ වෙතත් මේ පිළිබඳ තහවුරු වූ තොරුතරු ලැබුණු පසු මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙමු.

සැ.යු : අප මෙම සටහනින් පෙන්වා දී ඇත්තේ, පොලීසිය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ දක්වා තිබු පරිදි ඥාතීත්වය හෝ සබඳකමක් අදාළ ස්වාමින් වහන්සේ හෝ තරුණිය අතර ඇති බවට පවසා නොමැති බව මෙතෙක් සිදු නොකර ඇති බව පමණී.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ලෙස තරුණ ස්වාමීන් වහන්සේ නමක් සහ තරුණියක් සම්බන්ධයෙන් වූ වීඩියෝවේ සිටින්නේ පෙම්වතුන් නොව එක කුස උපන් සහෝදර, සහෝදරියෙකු බවට පොලීසිය තහවුරු කළ බවට හුවමාරු වන සටහන් නොමග යවන සුළු බවයි.

එම ස්වාමීන් වහන්සේ සහ අදාළ තරුණිය ප්‍රදේශ වාසීන් විසින් වටකරගෙන තිබු ප්‍රදේශය වන නුවර පොලිස් ස්ථානය ද සහ අවට පොලිස් ස්ථාන මෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ද, තහවුරු කළේ, පොලිස් මාධ්‍ය කොට්ඨාශය මගින් ස්වාමීන් වහන්සේ හෝ එම තරුණිය කවුරුන්ද යන වග හෝ මොවුන්ගේ සබඳකම හෝ ඥාතීත්වය කුමක්ද යන්න පිළිබඳව තහවුරු කිරීමක් මෙතෙක් සිදු කර නොමැති බවයි.

https://srilanka.factcrescendo.com/2022/08/11/police-has-not-issued-any-statement-claiming-the-young-girl-and-thero-were-siblings/?fs=e&s=cl

Photos from Boralesgamuwa pegion's post 06/08/2022

ආසාවට

04/01/2022
04/01/2022

යන්න ගියා

23/10/2021

1000

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


119/1/1 Millagahawatta Road, Katuwawala, Boralesgamuwa
Colombo
5123

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00