AFESA - Sri Lanka Air Force Ex Servicemen's Association

AFESA - Sri Lanka Air Force Ex Servicemen's Association

Share

AFESA - Sri Lanka Air Force Ex-Servicemen's Association

02/06/2026

ගගන විරු සවිය සාමාජිකයන්ගේ දැනගැනීම පිණිසයි!

වෛද්‍ය සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ වෛද්‍ය සේවා අංශයේ ක්‍රියාකාරකම් පරිපාලන කිරීම - ගගන විරු සවිය සාමාජිකයන් සම්බන්ධව

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්ගේ උපදෙස් පරිදි 2026 මැයි මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි රෝහල්ගතවීම් හෝ ප්‍රතිකාර සඳහා දරණ ලද වියදම් සම්බන්ධව අදාළ සියලුම රාජකාරීන් සහ කාර්යයන් අධ්‍යක්ෂක වෛද්‍ය සේවා මගින් ඉටුකරන බව දන්වා ඇත.

එබැවින්, රෝහල්ගත ප්‍රතිකාර ලබා ගැනීමට අපේක්ෂා කරන සාමාජික සාමාජිකාවන් ළඟම ගුවන් කඳවුරේ සිටින ගුවන් හමුදා වෛද්‍ය නිලධාරීගේ උපදෙස් ලබා ගත යුතු අතර, ඔහුගේ/ඇයගේ නිර්දේශ මත අදාළ රෝහල්ගත ශල්‍යකර්ම/ රෝහල්ගත වෛද්‍යාධාර/ රෝහල්ගත ආයුර්වේද ප්‍රතිකාර සහ දරු උපත් සම්බන්ධව හිමිකම් සඳහා තම සේවා අංකය, නිලය සහ නම සඳහන් කර සාමාන්‍ය පණිවිඩයක් මගින් SSO/SO 1 වෙතින් පූර්ව අවසරයක් ලබා ගත යුතු බව දන්වා ඇත.

සියලුම සාමාජිකයන් දැනුවත් කිරීම පිණිස ඉදිරිපත් කරමි.

ස්තුතියි

කමල් පද්මකාන්ත
ගරු ලේකම්
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා මුක්ත සංගමය

26/05/2026

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමය මගින් ගෞරවාන්විත සේවා පදක්කම ප්‍රදානය කිරීම

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමය මගින් අසූ දෙවැනි සේවා මුක්ත සංගම් දිනයට සමගාමීව සුදුසුකම් ලාභීන්ට ගෞරවාන්විත සේවා පදක්කම ප්‍රධානය කිරීමට කටයුතු කර ඇති හෙයින් පහත දක්වා ඇති විෂයන්ට අදාළව සුදුසුකම් සහිත සාමාජික සාමාජිකයාවන්ගේ අයදුම්පත් මෙයට ඇමුණුම ‘ආ’ වශයෙන් දක්වා ඇති ආකෘතියට අනුව සකස්කර 2026 ජුනි මස 15 වන දිනට පෙර සභාපති, ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා මුක්ත සංගමය වෙත ලබාදීමට කටයුතු කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අ. එම සංගමයේ යාවජීව සාමාජිකත්වය ලබා තිබිය යුතුය.
ආ. යාව ජීව සාමාජිකත්වය ලබාගෙන වසර තුනක් ඉක්මවා තිබිය යුතුය.
ඇ. එම වසර 03 තුළ වසර දෙකක් මෙම සංගමයේ විධායක කමිටුව හෝ අනුකමිටු නියෝජනය කර තිබිය යුතුය.

අදාල අයදුම් පත්‍රයෙන් අපේක්ෂිත විස්තර නිසි පරිදි සම්පූර්ණ කර නොමැති අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බවද දන්වා සිටිනු ලැබේ.

මෙයට

කමල් පද්මකාන්ත
ගරු ලේකම් - ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා මුක්ත සංගමය

20/05/2026

ගුවන්හමුදා සේවාමුක්ත සංගමයේ සාමාජිකයන් සඳහා විශේෂ වරප්‍රසාදයක්! 💊

​පසුගිය 2026.05.17 වන දින පැවැති විධායක කමිටු රැස්වීමේදී සාමාජිකයින්ගේ සුබසිද්ධිය උදෙසා අප විධායක කමිටු සාමාජික BHG බුවනෙක මහතාගේ පෞද්ගලික මැදිහත්වීම මත, ඔබගේ මාසික ඖෂධ අවශ්‍යතා සඳහා HOMCO Pharmacy විසින් 10% ක වට්ටමක් ලබා දීමට සහයෝගය පල කරන ලදී.

​දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් ඇතුළු වෛද්‍ය නිර්දේශ සහිත ඕනෑම ඖෂධයක් මාසෙටම අවශ්‍ය ප්‍රමාණයට එකවර මිලදී ගන්න.

​✅ සෑම බිල්පතකටම 10%ක සුවිශේෂී වට්ටමක්!

✅ මාසෙටම අවශ්‍ය බෙහෙත් ටික එකවර මිලදී ගැනීමෙන් ඔබේ කාලය, වියදම සහ මහන්සිය ඉතිරි කරගන්න.

✅ නොමිලේ BP (රුධිර පීඩනය) පරීක්ෂා කර ගැනීමේ පහසුකම.

​📍 ස්ථානය: HOMCO Pharmacy,
අංක 39, අවිස්සාවේල්ල පාර,
රණාල.

​📞 විමසීම්: BHG බුවනෙක - 0757356507 (Call / WhatsApp)

​මෙය ගුවන් හමුදා සේවාමුක්ත සංගමයේ සාමාජිකයන්ගේ සුබසාධනය උදෙසා ලබා දෙන විශේෂ වරප්‍රසාදයකි.

Photos from AFESA - Sri Lanka Air Force Ex Servicemen's Association's post 18/05/2026

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවාමුක්ත සංගමය සහ JJ Foundation එක්ව පැවැත්වූ ඇස් කණ්නාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහන
​ගුවන් හමුදා සේවාමුක්ත සංගමයේ (SLAFESA) සාමාජික සාමාජිකාවන්ගේ සුබසාධනය වෙනුවෙන් කෙරෙන සුවිශේෂී උපහාරයක් ලෙස, JJ Foundation හි සභාපති, ආචාර්ය අයි.වයි.එම්. හනීෆ් මහතා විසින් නොමිලේ ඇස් කණ්නාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2026 මැයි 17 වන දින සාර්ථකව පවත්වන ලදී.
​ගුවන්පුර පිහිටි SLAFESA ප්‍රධාන කාර්යාලයේදී පැවැති මෙම උත්සවයේදී, අප සංගමයේ සාමාජික සාමාජිකාවන් 16 දෙනෙකු වෙත උසස් ප්‍රමිතියෙන් යුත් ඇස් කණ්නාඩි බෙදා දීම සිදු කෙරිණි.

​දිගුකාලීන ව්‍යාපෘතියක් ලෙස ඉදිරියටත්...
මෙම සද්කාර්යය එක් දිනකට පමණක් සීමා නොකර, ඉදිරියේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන දීපව්‍යාප්ත සුබසාධන ව්‍යාපෘතියක් ලෙස සිදු කිරීමට ආචාර්ය අයි.වයි.එම්. හනීෆ් මහතා සිය කැමැත්ත පළ කළේය. ඒ අනුව, මීළඟ අදියර යටතේ ඇස් කණ්නාඩි ලබා ගැනීමට සුදුසුකම් ලැබූ සාමාජිකයන්ගේ පොරොත්තු ලේඛනය (Waiting List), එයාර් වයිස් මාර්ෂල් හේමන්ත සොයිසා මහතා විසින් නිල වශයෙන් ආචාර්ය හනීෆ් මහතා වෙත භාර දෙන ලදී.

​මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා සේවාමුක්ත සංගමයේ ගරු සභාපතිතුමන් ඇතුළු විධායක කමිටු සාමාජිකයින් මෙන්ම, අනුබද්ධිත සංගම් නියෝජනය කරමින් ඒවායේ සභාපතිවරුන් සහ ලේකම්වරුන් ද සහභාගී වූහ.

18/05/2026

රණවිරු දින නිල පණිවිඩය - ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවාමුක්ත සංගමය

​මව්බිම වෙනුවෙන් දිවි පිදූ, ලේ, මස්, කඳුළු මෙන්ම තම තාරුණ්‍යය කැපකළ අභීත රණවිරුවන් අභිමානයෙන් සැමරෙන "රණවිරු දිනය" නිමිත්තෙනි.

​දේශයේ ඒකීයභාවය, ස්වෛරීභාවය සහ භූමියෙහි අඛණ්ඩතාවය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සියලුම වීරෝදාර රණවිරුවන් ඉටුකළා වූ ඓතිහාසික හා අසමසම මෙහෙවර අද වැනි දිනක අපි අතිශය ගෞරවයෙන් හා කෘතවේදීත්වයෙන් යුතුව සිහිපත් කරමු.

​විශේෂයෙන්ම, දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු තැතිගැන්වීම් නිමා කරමින්, මව්බිමට තිරසාර සාමය උදාකර දීම උදෙසා ගුවන් ගැබ ජයගනිමින් සතුරු බලකොටු බිඳහෙලූ, ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ අපගේ සහෝදර ගුවන් හමුදා රණවිරුවන්ගේ වීරත්වය සදාකාලිකවම මෙරට ඉතිහාසයේ රන් අකුරින් ලියවී පවතිනු ඇත.

​"තම අද දවස මව්බිමේ හෙට දවස වෙනුවෙන් කැපකළ ඒ උදාර මිනිසුන් අප හදවත් තුළ සදාතනිකය."
• ​දිවිපිදූ වීර රණවිරුවන්ට: ඔවුන් පතන්නා වූ උතුම් නිවන් සුව මෙන්ම පරම සැපත අත්වේවා!
• ​යුධ බිමේදී තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන්ට: ඔවුන්ගේ ඉදිරි ජීවිත කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමු!
• ​දැනට සේවයේ නියුතු සහ සේවාමුක්ත (විශ්‍රාමික) සියලුම රණවිරුවන්ට: ඔබ මව්බිමට ඉටුකළ සහ ඉටුකරන ඒ අසිරිමත් සේවයට සමස්ත ජාතියේ ප්‍රණාමය හිමිවේවා!
​රට වෙනුවෙන් ජීවිතය කැපකළ වීරයන්ගේ පවුල්වල සාමාජිකයින් මුහුණ දෙන කැපකිරීම් ද අප කිසිවිටෙකත් අමතක නොකරන අතර, සේවාමුක්ත අප සංගමය සැමවිටම ඔවුන්ගේ සහ ඔබ සැමගේ සුභසාධනය වෙනුවෙන් කැපවී සිටින බව මේ උතුම් දිනයේදී නැවත වරක් සිහිපත් කිරීමට කැමැත්තෙමු.
​වීර රණවිරුවන්ට ජාතියේ ප්‍රණාමය වේවා...! 🇱🇰✈️

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවාමුක්ත සංගමය (SLAFESA)

30/04/2026

විශ්‍රාමික ගුවන් හමුදා රණවිරුවන් සඳහා නිවාස ආධාර ව්‍යාපෘතිය - 2026

​ආරක්ෂක අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන “අපි වෙනුවෙන් අපි” නිවාස ව්‍යාපෘතිය යටතේ, නිවාස අවශ්‍යතා ඇති විශ්‍රාමික ගුවන් හමුදා රණවිරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

​මෙම ව්‍යාපෘතිය පූර්ණ නිවාස සහ අර්ධ නිවාස (වැඩ නිම නොකළ) යන අංශ දෙක යටතේ ක්‍රියාත්මක වේ.

​✅ මූලික සුදුසුකම්:

• ​2009 මැයි 19 දිනට පෙර සේවයට බැඳී තිබීම.
• ​2009 මැයි 19 දිනට පෙර ස්කොඩ්‍රන් ලීඩර් (Sqn Ldr) හෝ ඊට පහළ නිලධාරියෙකු හෝ සෙසු නිලයක අයෙකු වීම.
• ​නිවස ඉදිකිරීමට යෝජිත හෝ දැනට ඉදිකර ඇති ඉඩමේ නිරවුල් අයිතිය රණවිරුවා හෝ කලත්‍රයා සතු විය යුතුය.
• ​වෙනත් කිසිදු ආයතනයකින් නිවාස සඳහා සුභසාධන ආධාර ලබා නොතිබීම.

🏠 තෝරා ගැනීමේ නිර්ණායක:

​1. පූර්ණ නිවාස ව්‍යාපෘතිය සඳහා:
• ​ක්‍රියාන්විත රාජකාරි හේතුවෙන් 65% කට වඩා ආබාධිත තත්ත්වයේ පසුවීම හෝ මියගිය රණවිරුවෙකුගේ ළඟම ඥාතියෙකු වීම.
• ​තමාටම අයත් නිවසක් නොමැති බව තහවුරු වීම.
• ​අදාළ පළාත් පාලන ආයතනයෙන් ඉඩමේ සැලසුම් අනුමත කර තිබීම.

2. අර්ධ නිවාස ව්‍යාපෘතිය සඳහා:

• ​ක්‍රියාන්විත රාජකාරියේ යෙදී තිබීම.
• ​පදිංචිව ඇති නිවස මුල් සැලසුමට අනුව වැඩ නිම කර නොමැති බව තහවුරු වීම.
• ​(දෙමහල් නිවාස සඳහා ආධාර ලබා දෙන්නේ බිම් මහල සම්පූර්ණ කිරීමට පමණි.)

📝 අයදුම්පත් ඉදිරිපත් කිරීම:
​අදාළ කරුණු ඇතුලත් අයදුම් පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර, 2026 මැයි මස 05 වන දිනට පෙර සුබසාධන අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමු කරන ලෙස කාරුණිකව දැනුම් දෙමු.
එහි පිටපතක් ගුවන්හමුදා සේවාමුක්ත සංගමයේ +94113 355 886 වට්ස්ඇප් අංකයට යෙමු කරන මෙන් දන්වා සිටිමු.

​වැදගත්:
අර්ධ නිවාස ව්‍යාපෘතිය සඳහා අයදුම් කිරීමේදී, නිවසේ බිත්ති ඉදිකර, වහලය සෙවිලි කර අවම මට්ටමක තිබිය යුතුය. අත්තිවාරම පමණක් හෝ බිත්ති අඩක් ඉදිකර ඇති නිවාස මේ සඳහා සලකා බලනු නොලැබේ.

30/04/2026

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා වූ විශේෂ ආර්ථික සහන වැඩසටහනක්!

​ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය මගින් 2026 අප්‍රේල් මස 09 වන දින නිකුත් කරන ලද ලිපියට අනුව, විශ්‍රාමික සාමාජිකයින්ගේ ආර්ථික තත්ත්වය උසස් කර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන විශේෂ ව්‍යාපෘතියක් පිළිබඳව ඔබව දැනුවත් කරමු.

වැඩසටහනේ පසුබිම:

"එයාර්පෝට් ට්‍රැවල් කවුන්ටර්ස් වෝටර් ඇසෝසියේෂන්" පුද්ගලික සමාගම මගින්, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සංචාරක කවුන්ටරවල සේවය කරන රියදුරන් විසින් රජයේ ලියාපදිංචි පුද්ගලික සමාගමක් ස්ථාපනය කර ඇත. මොවුන් විසින් දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා "QPICK (Quick Pick)" නමින් නව ප්‍රවාහන යෙදුමක් (Tourist & Taxi App) නිර්මාණය කර ඇත.

ඔබට ලැබෙන අවස්ථාවන්:

• ​අමතර ආදායමක්: ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාම්ක, වසර 12 සහ 5 ක සේවා කාලය නිම කර නීත්‍යානුකූලව ඉවත් වූ සාමාජිකයින්ට තමන් සතු වාහන මෙම යෙදුම යටතේ ලියාපදිංචි කළ හැකිය.

• ​සහනදායී කොන්දේසි: රජයේ අනුමත බදු සහ Google සමාගමට ගෙවිය යුතු අවම ගාස්තු (Service Commission) පමණක් අය කරමින් සහනදායී පදනමක් මත සේවාව සැපයීමට අවස්ථාව සලසා ඇත.

• ​පාරිභෝගික ආකර්ෂණය: මෙම යෙදුම භාවිතා කර පුද්ගලික ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගන්නා පාරිභෝගිකයින් සඳහා සාමාන්‍ය ගාස්තුවෙන් 15% ක උපරිමයකට යටත්ව විශේෂ වට්ටමක් ලබා දීමට ද කටයුතු යොදා ඇත.

​මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ වීමට කැමැත්තක් දක්වන හෝ මේ පිළිබඳව වැඩිදුර තොරතුරු විමසීමට අවශ්‍ය සියලුම විශ්‍රාමික සාමාජිකයින් පහත සඳහන් නිලධාරියා අමතන ලෙස කාරුණිකව දන්වා සිටිමු.

​සම්බන්ධීකරණය:
👤 ප්‍රියන්ත කුමාර මහතා
📍 අංක 230, පලගතුර, මීගමුව.
📞 077-3619000
📧 [email protected]


28/04/2026

URGENT NOTICE
Subject: University Admissions – Children of Ex-Servicemen

With reference to university admissions for children of ex-servicemen, please note the following update from AFHQ:

AFHQ has informed us today that all duly completed applications from eligible students must reach AFHQ on or before 4th May 2026, not 8th May 2026 as previously communicated.

Submission Details:
Please hand deliver duly filled applications to:
SLAF Ex-Servicemen’s Association
Eagles Skylink Complex, SLAF Guwanpura
Deadline: Before 4th May 2026

Special Arrangements:
The Skylink Complex Guard Room will accept applications on 1st May, 2nd May, and 3rd May 2026.

Important Requirements:
1. Applications must be zero-defect - ensure all sections are correctly and completely filled.
2. If submitting copies of documents, they must be certified as true copies by an authorized person.

Sarath Kumara
Coordinator
SLAF EX Servicemen's association

Photos from AFESA - Sri Lanka Air Force Ex Servicemen's Association's post 27/04/2026

ශ්‍රි ලංකා ගුවන් හමුදා සේවාමුක්ත භට සංගමයේ විධායක කමිටු රැස්වීම 2026 අප්‍රේල් මස 26 වන ඉරුදින 0930 පැයට ගුවන්පුර ඊගල්ස් ස්කයිලින්ක් සංකීර්ණයේ AFESA කාර්යාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

සභාපති එයාර් වයිස් මාර්ෂල් හේමන්ත සොයිසාගේ මූලිකත්වයෙන් විධායක කමිටු සාමාජිකයින්, අනුබද්ධ සංගම් 18ක පමණ සභාපති, ලේකම් හෝ නියෝජිතයකුගේ සහභාගීත්වයෙන් රැස්වීම සාර්තකව පැවැත්විණි.

14/04/2026

අලුත් අවුරුදු සුබ පැතුම්! ​✈️🇱🇰

ලැබුවා වූ 2026 සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවාමුක්ත සංගමයේ
සාමාජික මහත්ම මහත්මීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සැමට නිදුක් නිරෝගී, සෞභාග්‍යමත් සහ සාමකාමී අලුත් අවුරුද්දක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු!

​රට වෙනුවෙන් කැප කළ අභිමානවත් සේවය සිහිපත් කරමින්, මෙම නව වසරේ ද ඔබගේ ජීවිත ආලෝකමත් වේවා!

ගෙවී ගිය වසරේ අප සංගමය වෙනුවෙන් දැක්වූ සහයෝගයට ස්තූතිවන්ත වන අතර, නව වසරේත් අපගේ එකමුතුකමේ සහ සහෝදරත්වය තවදුරටත් ශක්තිමත් වේවා!

සුබ අලුත් අවුරුද්දක් වේවා!

​සභාපතිතුමන් ඇතුළු විධායක කමිටුව,
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවාමුක්ත සංගමය (SLAFESA)

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address


Sri Lanka Air Force Ex Servicemen's Association, Egales Skyline Complex, Guwanpura, Saranapala Thero Mawatha, Colombo 08
Colombo

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00