Arya Sansadaya

Directions

Arya Sansadaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Arya Sansadaya, Social service, Bauddhaloka Foundation, Galle Road, Colombo 04, Colombo.

ගුණදම් සපිරි සහ විනයානුකූල සමාජයක් බිහි කිරීම, සමබර-ගුණවත් ප්‍රජාශීලී යොවුන් නායකයන් බිහි කිරීම සහ සමාජයට සහ ජාතියට වැඩදායී තරුණ පරපුරක් බිහි කිරීම සඳහා ස්ථාපිත කල බෞද්ධාලෝක පදනමෙහි තරුණ ව්‍යාපෘතියකි.

🚀 Sri Lanka’s First Buddhism-Inspired Youth Robotics Programme! 🤖✨History was made at Gurukula National College, Kelaniy...
12/07/2026

🚀 Sri Lanka’s First Buddhism-Inspired Youth Robotics Programme! 🤖✨

History was made at Gurukula National College, Kelaniya! This pioneering initiative was successfully executed under the Guidance of Mr. Jagath Sumathipala, President of the Bauddhaloka Foundation and under the Leadership of Prof. Rangamini Werawatta - Chairman of the Education and Youth Affairs Committee of the Bauddhaloka Foundation, with the event organized by Aarya Sansadaya.

The Bauddhaloka Foundation sponsored and conducted the project and provided this entire training programme completely free of charge for brilliant young minds from Grades 7 to 11 at the Gurukula National College.

Out of 100+ applicants, 26 determined students conquered a rigorous 3-month curriculum developed by the Association for ICT Professionals, guided by resource person Mr. Lahiru Karunanayake. Their ultimate challenge? A groundbreaking capstone project designing robotics solutions to address traditional Buddhist practices—a first-of-its-kind initiative in Sri Lanka!

The journey culminated on June 22nd, 2026, with the spectacular "නැණ පවුර" (Nena Pawura) Robotics Exhibition & Competition. The audience was deeply inspired by a powerful Keynote Address delivered by Prof. Praneeth Abeysundere (Vice President of the Bauddhaloka Foundation).

The young innovators' projects were evaluated by Chief Adjudicator Dr. Kamal Wasala (Senior Lecturer, University of Moratuwa) in the presence of distinguished leadership, including Bauddhaloka Foundation President Mr. Jagath Sumathipala, Mrs. Samantha Sumathipala, Mr. Chadu Sumathipala, Mr. Chathula Sumathipala, Gurukula College Principal Dr. Kusala Fernando and his academic and administrative staff.

A massive congratulations to the next generation of Sri Lankan tech innovators! 🇱🇰🌟

🚀 බෞද්ධ වත්පිළිවෙත් සහ නවීන තාක්ෂණය යා කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම රොබෝ තාක්ෂණ පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් වෙයි! 🤖✨
ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළමින්, කැලණිය ගුරුකුල ජාතික විද්‍යාලයේ 7 සිට 11 ශ්‍රේණි දක්වා වූ දක්ෂතම සිසු දරු දැරියන් වෙනුවෙන් සංවිධානය කෙරුණු සුවිශේෂී රොබෝ තාක්ෂණ පුහුණු වැඩසටහන නිමාවට පත්විය. බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ මඟපෙන්වීම සහ බෞද්ධාලෝක පදනමේ අධ්‍යාපන හා තරුණ කටයුතු කමිටුවේ සභාපති මහාචාර්ය රංගමිණි වේරවත්ත මහතාගේ මෙහෙයවීම මත ක්‍රියාත්මක වූ මෙම සුවිශේෂී ව්‍යාපෘතිය සංවිධානය කරනු ලැබුවේ ආර්ය සංසදය විසිනි.

බෞද්ධාලෝක පදනමේ පූර්ණ අනුග්‍රහය සහ මූල්‍ය දායකත්වයෙන්, කිසිදු මුදලක් අය කිරීමකින් තොරව සම්පූර්ණයෙන්ම නොමිලේ මෙම පාඨමාලාව ගුරුකුල ජාතික විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් පවත්වනු ලැබීය.

අයදුම්පත් 100කට අධික සංඛ්‍යාවක් අතරින්, යෝග්‍යතා පරීක්ෂණ සහ සම්මුඛ පරීක්ෂණ මාලාවකින් පසුව තෝරාගත් සිසුන් 26 දෙනෙකු, තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය (Association for ICT Professionals) විසින් සකස් කරන ලද මාස 3ක දැඩි පාඨමාලාව සාර්ථකව නිම කිරීමට සමත් විය. මෙහි සම්පත්දායකයා ලෙස ලහිරු කරුණානායක මහතා කටයුතු කළේය. මෙම සිසුන්ගේ අවසාන ව්‍යාපෘතිය (Capstone Project) වූයේ බෞද්ධ වත්පිළිවෙත් සහ ආගමික පසුබිමකට ගැළපෙන පරිදි රොබෝ තාක්ෂණික නිර්මාණ බිහි කිරීමයි. මෙම පරිමාණයෙන් බෞද්ධ සංකල්පයක් පෙරදැරි කරගෙන රොබෝ තාක්ෂණ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

මෙම සුවිශේෂී ගමනේ මහා මංගල්‍යය 2026 ජූනි 22 වන දින ගුරුකුල විද්‍යාලීය පරිශ්‍රයේදී "නැණ පවුර" රොබෝ තාක්ෂණික ප්‍රදර්ශනය සහ තරඟාවලිය සමඟින් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී බෞද්ධාලෝක පදනමේ උප සභාපති මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා විසින් සිදුකළ ප්‍රධාන දේශනය (Keynote Address) එතැන සිටි සැමගේ ඉමහත් ඇගයීමට ලක්විය.

සිසුන්ගේ නිර්මාණ ඇගයීමට ලක්කිරීමේ ප්‍රධාන විනිශ්චය මණ්ඩල ප්‍රධානී ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කමල් වාසල මහතා කටයුතු කළේය. මෙම අවස්ථාව සඳහා බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතා, සමන්තා සුමතිපාල මහත්මිය, චාදු සුමතිපාල මහතා, චතුල සුමතිපාල මහතා, ගුරුකුල විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය කුසල ප්‍රනාන්දු මහතා ඇතුළු විද්‍යාලීය ආචාර්ය මණ්ඩලය සහ පරිපාලන නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.

හෙළ බුදු සමය සහ නවීන තාක්ෂණය මුසු කරමින් ශ්‍රී ලංකාවේ තාක්ෂණික ක්ෂේත්‍රයේ පෙරළියක් කරන්නට සැරසෙන අපේ රටේ හෙට දවසේ නව නිපැයුම්කරුවන්ට අපගේ උණුසුම් සුභපැතුම්! 🇱🇰🌟

21/06/2026
Congratulations to the Aryans of Gurukula College who were appointed to the Prefects Top Board of the school. We wish yo...
05/03/2026

Congratulations to the Aryans of Gurukula College who were appointed to the Prefects Top Board of the school. We wish you all the success during the tenure!

Congratulations on this remarkable achievement!

Your selection as leaders of the prefect board is a testament to your unwavering dedication, exemplary character, and visionary spirit. As you step into these pivotal roles, may you inspire excellence, foster unity, and illuminate the path for your fellow students with wisdom and compassion.Together, let's make Gurukula College shine brighter than ever. Wishing you a journey filled with triumphs, growth, and endless pride!








Magazine realised ...
25/02/2026

Magazine realised ...

බෞද්ධාලෝක පදනමෙහි ගරු සභාපති සහ නිර්මාතෘ ජගත් සුමතිපාල මහතාගේ මග පෙන්වීම සහ නායකත්වය යටතේ එම පදනමේ අධ්‍යාපන සහ යොවුන් කට...
10/02/2026

බෞද්ධාලෝක පදනමෙහි ගරු සභාපති සහ නිර්මාතෘ ජගත් සුමතිපාල මහතාගේ මග පෙන්වීම සහ නායකත්වය යටතේ එම පදනමේ අධ්‍යාපන සහ යොවුන් කටයුතු පිළිබඳ කමිටුව මගින් කැලණිය අධ්‍යාපන කලාපය තුළ තෝරාගත් පාසල් කිහිපයක් සමඟ රොබෝ තාක්ෂණය පිළිබඳ පාඨමාලාවක් , ප්‍රදර්ශනයක් සහ තරඟාවලියක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම වැඩසටහන සඳහා හත්වන (07) වසර සිට දසවන (10) වසර වල සිසුන් 100කට ආසන්න පිරිසකගෙන් අයදුම්පත් ලැබුණු අතර, ලිඛිත පරීක්ෂණයක් සහ සම්මුඛ පරීක්ෂණයක් මගින් සිසුන් 50 දෙනෙකු හඳුනා ගන්නා ලදී.

මෙම වැඩසටහන හා පාඨමාලාවට අවශ්‍ය රොබෝ තාක්ෂණ මෙවලම් කට්ටල සහ පාඨමාලා ගාස්තු බෞද්ධාලෝක පදනම මගින් ලබා දෙන අතර, පාඨමාලාවේ විෂය නිර්දේශය සහ සම්පත් දායකයන්ද නොමිලේ ලබා දෙනු ලැබේ.

මෙම පාඨමාලාව අවසානයේ සාර්ථක ලෙස පාඨමාලාව අවසන් කරන සිසුන් සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමය මගින් වටිනා සහතිකයක් ලබා දීමටත් සැලසුම් කර ඇත. තවද වෙසක් මාසයේ වෙසක් තේමාව යටතේ සිසුන් විසින් ඉදිකරන තෝරාගත් රොබෝ තාක්ෂණය ආශ්‍රිත වෙසක් නිර්මාණ ප්‍රදර්ශනයක් සහ තරඟයක් සංවිධානය කිරීමටද බෞද්ධාලෝක පදනම අපේක්ෂා කරයි.

මෙම පාඨමාලාවේ පළමු වැඩමුළුව 2026 පෙබරවාරි මස මුල් 09 වන සඳුදා දින පාසල් ශ්‍රවණාගාරයෙහි දී බෞද්ධාලෝක පදනමෙහි අධ්‍යාපන සහ යොවුන් කටයුතු පිළිබඳ කමිටුවේ ගරු සභාපති මහාචාර්‍ය රඟමිණි වේරවත්ත මහතා, ගුරුකුල විද්‍යාලයේ විදුහල්පති ආචාර්‍ය කුසල ප්‍රනාන්දු මහතා, ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍ය ලහිරු කරුණානායක මහතා, ගුරුකුල විද්‍යාලයේ ආචාර්‍ය චින්තක සේරම් මහතා, ගුරුකුල විද්‍යාලයේ ආචාර්‍ය මහේෂා දිසානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගුරුකුල විද්‍යාලයේ ආර්‍ය සංසදයේ සභාපති සුබෝධ පුනර්ජීව සිසුවා ඇතුළු ආර්‍ය සංසදයේ නිලධාරීන්ගේ සහ අනෙකුත් සිසු දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් සාර්ථක ලෙස පවත්වන ලදී.

With Kusala Fernando – I just got recognized as one of their top fans!
03/02/2026

With Kusala Fernando – I just got recognized as one of their top fans!

24/01/2026

සුමති හෝල්ඩින්ග්ස් ආයතනයේ වාර්ෂික පොත් බෙදා දීම සම්බන්ධීකරණය සඳහා ආර්ය සංසදයට අවස්ථාව ලබා දීම සහ ගුරුකුල විද්‍යාලයේ සිසුන් තෝරා ගැනීම පිළිබඳ ස්තුතිය එම සමාගමේ සභාපති ගරු ජගත් සුමතිපාල මහතාට පිරිනමමු.

සුමති සමූහ ව්‍යාපාරය විසින් අඛණ්ඩව 20වන වරටත් සංවිධානය කරන ලද පොත් බෙදා දීමේ වැඩසටහන 2026 ජනවාරි 02වන දින ආනන්ද විද්‍යාල...
21/01/2026

සුමති සමූහ ව්‍යාපාරය විසින් අඛණ්ඩව 20වන වරටත් සංවිධානය කරන ලද පොත් බෙදා දීමේ වැඩසටහන 2026 ජනවාරි 02වන දින ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේ දී පැවැත්විණ.
පාසල් සිසුන් 1000කට ආසන්න පිරිසකට මෙහිදී පොත් සහ පාසල් උපකරණ බෙදා දුන් අතර දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් කැලණිය ගුරුකුල විද්‍යාලයේ තෝරාගත් දරුවන් සදහා ද පාසල් උපකරණ ප්‍රධානයක් ගුරුකුල විද්‍යාලයීය ආර්ය සංසදයේ සම්බන්ධීකරණයෙන්
සිදු කරන ලදී.
ගුරුකුල විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ ආර්‍ය සංසදයේ දරුදැරියන් සහ තවත් විශේෂ ආරාධිතයන් රැසක් මෙම උත්සවය සදහා සහභාගි විය .
📷 EN Photograhpy

දිත්වා සුළි කුණාටුව සහ ගංවතුර නිසා පීඩාවට පත් වූ බියගම බටහිර දරු දැරියන් සඳහා පාසල් උපකරණ බෙදා දීම සඳහා වූ උත්සවය 2025 ද...
10/01/2026

දිත්වා සුළි කුණාටුව සහ ගංවතුර නිසා පීඩාවට පත් වූ බියගම බටහිර දරු දැරියන් සඳහා පාසල් උපකරණ බෙදා දීම සඳහා වූ උත්සවය 2025 දෙසැම්බර් මස 31 වන දින බියගම ගනේවත්ත පුරාණ විහාරයේදී පැවැත්විය.
මෙහිදී පළමු වසර සිට නව වන වසර දක්වා සිසු සිසුවියන් 65 දෙනෙකුට පාසල් බෑග් සහ සපත්තු වවුචරපත් බෙදා දෙන ලදී. ගෞරවනීය මහා සංඝරත්නය, බෞද්ධාලෝක පදනමේ ගරු සභාපති ජගත් සුමතිපාල මහතා, එහි තරුණ සහ අධ්‍යාපන කමිටුවේ ගරු සභාපති මහාචාර්‍ය රඟමිණි වේරවත්ත මහතා සහ ගුරුකුල විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය කුසල ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ ආරාධිතයින් ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණ. ගුරුකුල විද්‍යාලයීය ආර්‍ය සංසදයේ භාර ආචාර්‍යතුමා, සභාපති සහ ලේකම් ඇතුළු සිසු නිලධාරී මඩුල්ලේ සිසු දරුවන් මෙම උත්සවයේ සංවිධාන කටයුතු සමායෝජනය සහ සංවිධානය කරන ලදී.
මෙම උත්සවය සඳහා අවශ්‍ය පාසල් උපකරණ සම්පාදනය සඳහා අප කෙරෙහි විශ්වාසය තබා විශාල පිරිසක් මුදල් සහ නන් අයුරින් දායක විය. ගෞරවනීය මහා සංඝරත්නය, ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී ඇතුළු නිලධාරීන්, ග්‍රාම සංවර්ධන සමිතිය සහ බියගම ප්‍රාදේශීය සභාව ප්‍රමුඛ බියගම බටහිර ප්‍රදේශ වාසින් අප මහත් හරසරින් පිළිගෙන මෙම උත්සවය සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය දක්වන ලදී.
"ආර්‍ය සත්කාර" තේමාව යටතේ පාසල මගින් ගමට සේවාවක් සැලසීමේ අරමුණින් සංවිධානය කල මෙම ව්‍යාපෘතිය බෞද්ධාලෝක පදනමේ තරුණ කමිටුව යටතේ ඇති කැලණිය ගුරුකුල විද්‍යාලයීය ආර්‍ය සංසදයේ තවත් ප්‍රජා සත්කාරයකි.
එම උත්සවයේ සේයාරූප කිහිපයක් පහත දැක්වේ.

Address

Bauddhaloka Foundation, Galle Road, Colombo 04
Colombo
00400

Website

Alerts

Be the first to know and let us send you an email when Arya Sansadaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category