05/03/2026
Congratulations to the Aryans of Gurukula College who were appointed to the Prefects Top Board of the school. We wish you all the success during the tenure!
Congratulations on this remarkable achievement!
Your selection as leaders of the prefect board is a testament to your unwavering dedication, exemplary character, and visionary spirit. As you step into these pivotal roles, may you inspire excellence, foster unity, and illuminate the path for your fellow students with wisdom and compassion.Together, let's make Gurukula College shine brighter than ever. Wishing you a journey filled with triumphs, growth, and endless pride!
10/02/2026
බෞද්ධාලෝක පදනමෙහි ගරු සභාපති සහ නිර්මාතෘ ජගත් සුමතිපාල මහතාගේ මග පෙන්වීම සහ නායකත්වය යටතේ එම පදනමේ අධ්‍යාපන සහ යොවුන් කටයුතු පිළිබඳ කමිටුව මගින් කැලණිය අධ්‍යාපන කලාපය තුළ තෝරාගත් පාසල් කිහිපයක් සමඟ රොබෝ තාක්ෂණය පිළිබඳ පාඨමාලාවක් , ප්‍රදර්ශනයක් සහ තරඟාවලියක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙම වැඩසටහන සඳහා හත්වන (07) වසර සිට දසවන (10) වසර වල සිසුන් 100කට ආසන්න පිරිසකගෙන් අයදුම්පත් ලැබුණු අතර, ලිඛිත පරීක්ෂණයක් සහ සම්මුඛ පරීක්ෂණයක් මගින් සිසුන් 50 දෙනෙකු හඳුනා ගන්නා ලදී.
මෙම වැඩසටහන හා පාඨමාලාවට අවශ්‍ය රොබෝ තාක්ෂණ මෙවලම් කට්ටල සහ පාඨමාලා ගාස්තු බෞද්ධාලෝක පදනම මගින් ලබා දෙන අතර, පාඨමාලාවේ විෂය නිර්දේශය සහ සම්පත් දායකයන්ද නොමිලේ ලබා දෙනු ලැබේ.
මෙම පාඨමාලාව අවසානයේ සාර්ථක ලෙස පාඨමාලාව අවසන් කරන සිසුන් සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමය මගින් වටිනා සහතිකයක් ලබා දීමටත් සැලසුම් කර ඇත. තවද වෙසක් මාසයේ වෙසක් තේමාව යටතේ සිසුන් විසින් ඉදිකරන තෝරාගත් රොබෝ තාක්ෂණය ආශ්‍රිත වෙසක් නිර්මාණ ප්‍රදර්ශනයක් සහ තරඟයක් සංවිධානය කිරීමටද බෞද්ධාලෝක පදනම අපේක්ෂා කරයි.
මෙම පාඨමාලාවේ පළමු වැඩමුළුව 2026 පෙබරවාරි මස මුල් 09 වන සඳුදා දින පාසල් ශ්‍රවණාගාරයෙහි දී බෞද්ධාලෝක පදනමෙහි අධ්‍යාපන සහ යොවුන් කටයුතු පිළිබඳ කමිටුවේ ගරු සභාපති මහාචාර්‍ය රඟමිණි වේරවත්ත මහතා, ගුරුකුල විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය කුසල ප්‍රනාන්දු මහතා, ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍ය ලහිරු කරුණානායක මහතා, ගුරුකුල විද්‍යාලයේ ආචාර්‍ය චින්තක සේරම් මහතා, ගුරුකුල විද්‍යාලයේ ආචාර්‍ය මහේෂා දිසානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගුරුකුල විද්‍යාලයේ ආර්‍ය සංසදයේ සභාපති සුබෝධ පුනර්ජීව සිසුවා ඇතුළු ආර්‍ය සංසදයේ නිලධාරීන්ගේ සහ අනෙකුත් සිසු දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් සාර්ථක ලෙස පවත්වන ලදී.
03/02/2026
With Kusala Fernando – I just got recognized as one of their top fans!
21/01/2026
සුමති සමූහ ව්‍යාපාරය විසින් අඛණ්ඩව 20වන වරටත් සංවිධානය කරන ලද පොත් බෙදා දීමේ වැඩසටහන 2026 ජනවාරි 02වන දින ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේ දී පැවැත්විණ.
පාසල් සිසුන් 1000කට ආසන්න පිරිසකට මෙහිදී පොත් සහ පාසල් උපකරණ බෙදා දුන් අතර දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් කැලණිය ගුරුකුල විද්‍යාලයේ තෝරාගත් දරුවන් සදහා ද පාසල් උපකරණ ප්‍රධානයක් ගුරුකුල විද්‍යාලයීය ආර්ය සංසදයේ සම්බන්ධීකරණයෙන්
සිදු කරන ලදී.
ගුරුකුල විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ ආර්‍ය සංසදයේ දරුදැරියන් සහ තවත් විශේෂ ආරාධිතයන් රැසක් මෙම උත්සවය සදහා සහභාගි විය .
📷 EN Photograhpy
10/01/2026
දිත්වා සුළි කුණාටුව සහ ගංවතුර නිසා පීඩාවට පත් වූ බියගම බටහිර දරු දැරියන් සඳහා පාසල් උපකරණ බෙදා දීම සඳහා වූ උත්සවය 2025 දෙසැම්බර් මස 31 වන දින බියගම ගනේවත්ත පුරාණ විහාරයේදී පැවැත්විය.
මෙහිදී පළමු වසර සිට නව වන වසර දක්වා සිසු සිසුවියන් 65 දෙනෙකුට පාසල් බෑග් සහ සපත්තු වවුචරපත් බෙදා දෙන ලදී. ගෞරවනීය මහා සංඝරත්නය, බෞද්ධාලෝක පදනමේ ගරු සභාපති ජගත් සුමතිපාල මහතා, එහි තරුණ සහ අධ්‍යාපන කමිටුවේ ගරු සභාපති මහාචාර්‍ය රඟමිණි වේරවත්ත මහතා සහ ගුරුකුල විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය කුසල ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ ආරාධිතයින් ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණ. ගුරුකුල විද්‍යාලයීය ආර්ය සංසදයේ භාර ආචාර්‍යතුමා, සභාපති සහ ලේකම් ඇතුළු සිසු නිලධාරී මඩුල්ලේ සිසු දරුවන් මෙම උත්සවයේ සංවිධාන කටයුතු සමායෝජනය සහ සංවිධානය කරන ලදී.
මෙම උත්සවය සඳහා අවශ්‍ය පාසල් උපකරණ සම්පාදනය සඳහා අප කෙරෙහි විශ්වාසය තබා විශාල පිරිසක් මුදල් සහ නන් අයුරින් දායක විය. ගෞරවනීය මහා සංඝරත්නය, ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී ඇතුළු නිලධාරීන්, ග්‍රාම සංවර්ධන සමිතිය සහ බියගම ප්‍රාදේශීය සභාව ප්‍රමුඛ බියගම බටහිර ප්‍රදේශ වාසින් අප මහත් හරසරින් පිළිගෙන මෙම උත්සවය සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය දක්වන ලදී.
"ආර්‍ය සත්කාර" තේමාව යටතේ පාසල මගින් ගමට සේවාවක් සැලසීමේ අරමුණින් සංවිධානය කල මෙම ව්‍යාපෘතිය බෞද්ධාලෝක පදනමේ තරුණ කමිටුව යටතේ ඇති කැලණිය ගුරුකුල විද්‍යාලයීය ආර්ය සංසදයේ තවත් ප්‍රජා සත්කාරයකි.
එම උත්සවයේ සේයාරූප කිහිපයක් පහත දැක්වේ.
02/01/2026
දිත්වා සුළි කුණාටුව සහ ගංවතුර නිසා පීඩාවට පත් වූ බියගම බටහිර දරු දැරියන් සඳහා පාසල් උපකරණ බෙදා දීම සඳහා වූ උත්සවය 2025 දෙසැම්බර් මස 31 වන දින බියගම ගනේවත්ත පුරාණ විහාරයේදී පැවැත්විය.
මෙහිදී පළමු වසර සිට නව වන වසර දක්වා සිසු සිසුවියන් 65 දෙනෙකුට පාසල් බෑග් සහ සපත්තු බෙදා දෙන ලදී. බෞද්ධාලෝක පදනමේ ගරු සභාපති ජගත් සුමතිපාල මහතා සහ ගුරුකුල විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය කුසල ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ ආරාධිතයින් ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණ, අප ආර්ය සංසදය සඳහා මෙම සද්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා දායක වූ සියලු දෙනාට අපගේ ස්තුතිය පිරි නමමු.
උත්සවයේ ඡායාරූප ඉදිරියේදී පල කිරීමට අපේක්ෂා කරමු.
16/12/2025
බියගම බටහිර ග්‍රාම සංවර්ධන සමිතිය, අපේ ඉස්කෝලේ විදුහල්පතිතුමාගෙන් කරපු ඉල්ලීමකට අනුව බියගම බටහිර ග්‍රාම නිලධාරී වසම තුල ගංවතුර නිසා ඉස්කෝලේ ගෙනියන පොත්,සපත්තු,බෑග් වලට හානිවෙලා ඉන්න වයස අවුරුදු 11 ට අඩු නංගිලා මල්ලිලා 45 දෙනෙක් වෙනුවෙන් නැවත ඔවුන්ගේ අවශ්‍යතා අරගෙන දෙන්න ගුරුකුල විද්‍යාලයීය ආර්‍ය සංසදය විදියට අපි තීරණය කලා.
අපි වගේම එයාලත් අලුත් අවුරුද්දේ අලුත් විදියට ඉස්කෝලේ යන්න කැමති නිසා දුෂ්කර කාර්‍යයක් උනත් කොහොමහරි මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගන්න තමයි ආර්‍ය සංසදය විදියට අපේ බලාපොරොත්තුව.
අපේ මේ සද්කාර්‍යට සම්බන්ධ වෙන්න පුලුවන් නම් පහත අංකවලට කතාකරන්න.
මම
සුබෝධ (සභාපති),
ආර්‍ය සංසදය,
ගුරුකුල විද්‍යාලය.
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
🔹 භාර ආචාර්ය: 071 084 094 4(චින්තක සර්)
🔹 සභාපති: 070 670 16 49(සුබෝධ)
🔹 ලේකම්: 074 180 67 53(රිශිනි)
16/12/2025
Warmest congratulations to Mr. Iruka Dedigama on his reappointment as Vice President of the World Fellowship of Buddhist Youth.
16/12/2025
Warmest congratulations to Prof. Rangamini Werawatta on his appointment as Chairman of the Standing Committee on Publications, Publicity, Education, Culture, and Arts at the World Fellowship of Buddhists.