23/10/2026
"සුරක්ෂිත දරුවෙක්...
සතුටුදායක අනාගතයක්..." 👨👩👧👧
♦ දඹුල්ල ප්රාදේශීය ලේකම්තුමිය ඇතුළු මාණ්ඩලික නිලධාරීන්ගේ මඟ පෙන්වීම යටතේ ළමා ආරක්ෂාව පිළිබඳව රාජ්ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2026.10.23 අද දින දඹුල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේදී පැවැත්විණි. මෙහි සම්පත්දායකත්වය, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දිස්ත්රික් මනෝ සමාජීය නිලධාරී අනූෂා කුමාරි කොහොන හා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී බුද්ධික ප්රේමරත්න යන මහත්ම මහත්මීන් විසින් දරණ ලදී.
♦️දරුවාගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් රාජ්ය නිලධාරියෙකුගේ මැදිහත්වීම කුමන ආකාරයකින් සිදුවිය යුතුද යන්න මෙහිදී සාකච්ඡා කරන ලදී.
වැඩසටහන සංවිධානය කරන් ලද්දේ දඹුල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලය විසිනි.
අනාගත පරපුරට ආරක්ෂිත හා සුරක්ෂිත හෙටක් උරුම කර දීමට අප සැවොම එක්වෙමු! ✨