05/10/2026
ලෝක ජනාවාස දිනයට සමගාමීව රුපියල් මිලියනය බැගින් මූල්ය පහසුකම් සලසා වැඩ නිමකළ නව නිවාස 07ක් දිවුලපිටියේදී ජනතා අයිතියට
ලෝක ජනාවාස දිනය වෙනුවෙන් රටපුරා නව නිවාස 5000ක් විවෘත කිරීමේ අවස්ථාවට සමගාමීව දිවුලපිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ කැලෑපිටමුල්ල ග්රාමසේවා වසමේ සුදුසුකම් සම්පූර්ණ කළ පවුලක් සඳහා ඉදිකළ නව නිවස විවෘත කිරීම අද(05) උදෑසන කම්කරු අමාත්ය සහ මුදල් හා ක්රම සම්පාදන නියෝජ්ය අමාත්ය අචාර්ය අනිල් ජයන්ත මහතාගේ ප්රධානත්වයෙන් සිදුවිය.
'තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්' යන තේමාව යටතේ රටපුරා ආරක්ෂිත නිවාසයක් නොමැති අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ලබාදීමේ වැඩපිළිවෙල යටතේ රුපියල් මිලියනයක නිවාස ආධාර ලබාදීමේ වැඩපිළිවෙලේ තවත් එක් නිවසක් මෙසේ විවෘත විය. ඊට අමතරව අද(05) දිනය තුළ දිවුලපිටිය ආසනයේ වැඩ නිමකළ තවත් නිවාස 06ක් පල්ලිපිටිය බටහිර, පින්නලන්ද, ඌරපාන, බලගල්ල බටහිර, කුඩගම්මන සහ වෑකඩ යන ග්රාම නිලධාරී වසම් හිදී ජනතා අයිතියට පත් කිරීම ද සිදුවිය.
දිවුලපිටිය ආසනය තුළ මේ වසර තුළ නව නිවාස 111ක් ඉදිකර ජනතා අයිතියට පත් කිරීමට යෝජනා වී ඇති අතර සමෘද්ධි අධිකාරිය යටතේ දැනටමත් නිවාස 03ක් ඉදිකර අදාළ පවුල් වෙත ලබාදීමද සිදුකර ඇත. ඊට අමතරව දිට්වා සුළි කුණාටු තත්ත්වයෙන් පූර්ණ හානි වූ නිවාස 20ක වැඩ කටයුතුද මේ වනවිට ආරම්භව ඇත.
මෙම අවස්ථාව සඳහා දිවුලපිටිය ප්රාදේශීය සභාවේ සභාපති, නීතීඥ ජනක විකුම්තිලක මහතා,දිවුලපිටිය ප්රාදේශීය ලේකම්තුමිය, උප සභාපති ගයාන් නිලූක්ෂ රණවීර මහතා, දිවුලපිටිය ප්රාදේශීය සභා මන්ත්රීවරුන් වන විශ්මල් ගමගේ, රවී ගයන්ත, මහින්දලාල් ජයසිංහ, අනුරාධා විජේසිංහ යන මහත්ම මහත්මීන් සහ පර්යේෂණ නිළධාරී පුබුදු රණසිංහ මහතා මෙන්ම නිවාස සංවර්ධන නිළධාරී, ග්රාම නිළධාරීන්, ප්රජා සවිබල ගැන්වීමේ නිළධාරීන් ඇතුළු රාජ්ය නිළධාරීන් ද එක්විය.