17/04/2026
දම් සිසිල සමාජ සත්කාර ඒකකය
"මිනිසත්කමට දහම් සිසිලසක්..."
17/04/2026
17/04/2026
"නොමියෙන මතකයන් සහ අපට දුන් මගපෙන්වීම් සදාකල් අප හදවත් තුළ රැඳෙනු ඇත. ආදරණීය ගුරුතුමියට උතුම් නිවන් සුව ලැබේවා!"
පව් එ අහිංසක සතා 🥹
15/02/2026
නිවන්සුව ලැබේවා අයියේ 🥹🙏
12/02/2026
අනේ මටත් උදව් කරන්නකෝ
උදව් ලැබෙන්නෙ නැ
රුපියල් 100උනත් වටිනවා
මට canser එකක් තීනවා ඒක සනීප කරන්න බෑලු ජීවිත කාලේම බෙහෙත් බීලා පාලනේ කරන් ඉන්න පුළුවන්
ඒත් එහෙම ඉන්නත් හොදට කාලා බීලා අමතර පෝශණය ගන්න ඕන
doctor කිව්වෙ මස් මාලු එක්ක කෑම කන්න
පළතුරු කන්න
Susterjn බොන්න
මේ මුකුත් නැතුව ඉන්නෙ දැන්
susterjn නම් හම්බුනා ටික කාලෙකට ඒත් ඒකට දාන නිකන් පිටි ඉවරයි මස් මාලු නෙවෙ පොල් සම්බෝලයි බතුයිවත් කන්න නැතුව ඉන්නෙ දැන් ඇග තව තවත් කෙට්ටු වෙලා දැන්නම් මට නිතරම කලන්තෙටත් එනවා
දැන් ඇවිදින්නත් බෑ ඇද ලග බාස්කට් එහෙකට කක්කා චූ දාන්නෙ
අම්මයි මායි නංගියි තාත්තායි හුගක් දුක් විදිනවා
මට් කෑම දෙන්න ලේ වඩවන කෑම කන්න කිව්වෙ මස් මාලු එක්ක එත් ගෙදර හැමදම පරිප්පුයි බතුයි ම්ට උදව්වක් කරන්න මාව බලන්න ඇවිත් මස් ටිකක් මාලු ටිකක් ඉස්සො අල ටිකක් කොල ටිකක් ගන්න කියක් හරි දීලා හරි ගෙනත් දීලා හරි එවා ම්ට ඉක්මනට නැගිටින්න එහෙන් මහ කරුමයක් ගෙවන්නෙ ම්ං පුළුවන්නම් උදව් කරන්න මට ගොඩ එන්න
බෙහෙත් වලටයි කෑමටයි සනීපාරක්ෂක දේවල් පිටිවලට විතරක් මාසෙට 100000 කට වඩා යනවා
මාසෙ බෙහෙත් වලට ක් අතර යනවා පිටිවලට පලතුරු වලට අඩුපාඩු වලට මේ සේරම තියා කන්නවත් නෑ දැන්
තාත්තාට වයසයි ඇහේ සුද ඇවිත් බඩේ හර්නියා ගෙඩියක් ඇවිත්
අම්මාට සීනී
නංගිට උගන්නගන්නෙත් හරි අමාරුවෙන් එයාට පංති වලට 12000ක් යනවා
Cancer එක හින්දා
ලියුකේමියා තත්වයක් මට තීන්නෙ
ප්‍රතිශක්තිය අඩුයි මගේ ඉක්මනින් ලෙඩ හැදෙනවා වෙලාවට කාලා බෙහෙත් බිව්වම අව්ලක් වෙන් නෑ නිව්මෝනියාව ෆිට් එක කන්න බැරුව යන ලෙඩ හැදෙනවා මට හරියටම එ ඩොක්ටලා කියන දේවල් කරන්න සල්ලි නැහැ මට
වීදියෝ කෝල්
ඇවිත් හරි බලලල උදව්වක් කරන්න පුළුවන්
එකක් ඇදුම් ටිකක් බෙඩ් ශීට්
කොට්ට
පලතුරු
පිටි තමයි වැඩියෙන් ඕන
Susterjan එක්ක fresh milk හරි නෝමල් පිටි හරි දාන් බොන්න ඕන
මස් මාලු මුකුත් නෑ
ඉතින් කන්න විදියක් නෑ
බෙහෙත් වලට සල්ලි හම්බුන් නෑ 35000ක් විතර යනවා
පුළුවන් කෙනෙක් උදව්
කරන්න
අනේ ඔයාලගේ උදව් ලැබුනොත් මට අවුරුදු 5ක් බෙහෙත් කරලා සාමන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්
මාත් ආසයි ඔයාලා වගේ සාමන්‍ය ජීවිතයක් ගත කරන්න
Share කරලා හරි උදව් කරන්න
8005856738
Commercial bank
Galle city
T.a mahishanka
0728757900
පුළුවන් කෙනෙක් rice cooker අරන් දෙන්න
උපුටා ගැනිමකි
09/02/2026
🚨 වසර 14ක් එකතැන් වූ ජීවිතයකට නව බලාපොරොත්තුවක් දෙමු! 🚨
දම් සිසිල සමාජ සත්කාර එකමුතුවේ දයාබර හිතවතුනි,
අනපේක්ෂිත ලෙස ගසකින් වැටී සිදුවූ අනතුරක් හේතුවෙන්, පසුගිය වසර 14ක් තිස්සේම එකතැන් වී සිටින පහළ කිඹියේ වසන තාත්තා කෙනෙකු පිළිබඳව අපට තොරතුරු ලැබී තිබේ. ඔහු මේ වන විට පාවිච්චි කරන රෝද පුටුව අතිශයින්ම අබලන් වී පවතින අතර, එය ඔහුට මහත් අපහසුවක් ගෙන දෙන්නකි.
ඔහුගේ දෛනික කටයුතු මඳක් හෝ පහසු කරගැනීමට සහ ලෝකය දෙස බලා සිනහවීමට නව රෝද පුටුවක (Wheelchair) අවශ්‍යතාවය ඉතා තදින් පවතී.
අපට කළ හැකි දායකත්වය:
නව රෝද පුටුවක් පරිත්‍යාග කිරීමට හෝ ඒ සඳහා මූල්‍යමය ආධාරයක් ලබා දීමට ඔබට හැකිය.
මෙම පණිවිඩය Share කර තවත් කෙනෙකුට දැකීමට සැලැස්වීමෙන් ඔබට උදව් විය හැකිය.
📍 සම්බන්ධීකරණය සහ වැඩි විස්තර සඳහා:
📞 දුරකථන: 070 362 0134
💬 Messenger: දම් සිසිල සමාජ සත්කාර එකකය
ඔබේ පුංචි උදව්වක් පවා වසර 14ක් රෝද පුටුවට සීමා වූ ජීවිතයකට මහත් අස්වැසිල්ලක් වනු ඇත. සැමට තෙරුවන් සරණයි! 🙏
"මිනිසත්කමට දහම් සිසිලසක්..."
දම් සිසිල සමාජ සත්කාර එකකය
09/02/2026
🌸 දරුවා සුව සේ නිවසට! 🌸
දම් සිසිල සමාජ සත්කාර එකමුතුවේ දයාබර පින්වතුනි,
ඔබ සැමගේ කරුණාවන්ත දෑතින් දුන් ඒ ශක්තිය නිසා, සැත්කම සාර්ථක වූ අපේ දරුවා රෝහල් බිල්පත් ගෙවා අවසන් කර දැන් සුව සේ නිවස බලා පිටත්ව ආවා. ❤️
පැය කිහිපයක් ඇතුළත රුපියල් 190,000 ක මුදලක් සොයා දෙමින්, දරුවෙකුගේ සිනහව වෙනුවෙන් ඔබ කළ ඒ කැපකිරීමට දෙවියන්ගේ ආශීර්වාදයත්, තෙරුවන් සරණත් ලැබේවා! මේ දරුවාට කළ උදව්වෙන් රැස් කරගත් පින, ඔබේ ජීවිත වලටත් නිදුක් නීරෝගී සුවයම ගෙනේවා!
විශේෂ ස්තුතිය:
ඉතා ඉක්මනින් දායකත්වය දැක්වූ සියලුම පරිත්‍යාගශීලීන්ට.
පණිවිඩය Share කරමින් ලෝකයටම මේ පුවත ගෙන ගිය ඔබට.
දැන් දරුවා නිවසේ ආරක්ෂිතව ඉන්නවා. මනුෂ්‍යත්වය තවමත් ජීවමාන බව අද ඔබ ඔප්පු කළා! 🙏🙏🙏
"මිනිසත්කමට දහම් සිසිලසක්..."
දම් සිසිල සමාජ සත්කාර එකකය
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Address
Galle
