02/06/2025
ගාල්ල - මාතර යාවන මුහුදේ ‘යක්ෂණීගේ දූපත’
--------------------------------------------------------------
ගාල්ල දිස්ත්‍රික්කයත් මාතර දිස්ත්‍රික්කයත් එකිනෙකින් වෙන් කැරෙන මුහුදුබඩ සීමාව අහංගම ගොවියාපාන ගඟයි. එගං මෝයෙහි දැනට මුහුදේ තරමෙක ගල් කුළක් ද ඉන් බටහිරට බර වන්නට වෙරළින් මීටර් තුන්සීයක් පමණ ඈත මුහුදේ අලංකාර දූපතක් ද වෙයි. ඒ දූපත අද හැඳින්වෙන්නේ “යක්ෂණීගේ දූව” නමිනි.
ගොවියාපාන ගමට ඒ නම ලැබුණේ ගං මෝයෙහි පිහිටි ගල්කුළ නිසාය. පහණ යනු ගලයි. සඳකඩපහණ ඈ නිදසුනකි. “පහණ හින්දවා” (ගල් සිටුවා) යනුවෙන් පැරණි සෙල්ලිපිවල ද එයි. ගොවියාගේ පහණ (ගොවියාගේ ගල) ගොවියාපහණයි. උච්චාරණයේ පහසුව තකා එය (පහණ පාණ) පාන වෙයි. ඒ අනුව අද එගම ගොවියාපාන නමින් හැඳින්වේ.
ඉහත සඳහන් ගල්කුළ එකල ද වූයේ කුඹුරෙහියැ. නැතහොත් ගොවියාගේ නිවස අසලයැ. එහෙයින් විය යුතුයැ එය ගොවියාපහණ වූයේ. මේ සියල්ල වඩා වැදගත් වන්නේ මුහුද මැද වූ යස්සණීගේ දූවයි. එය මැටි කන්දකි. තැනින් තැන කුදු නොකුදු ගල් කුළින් ද ගැවසුණේයි. පෙර විශාලවැ පැවති ඒ බිම්කඩ මුහුදු කෑමත් මිනිස් කටයුතුත් නිසා අද වට පමණින් මෙන්ම උසින් ද කුඩාවැ සිටී. එහි යෑම සඳහා ඉංගිරිසි පාලන සමයෙහි ගොඩ බිමේ සිට තනන ලද මාවතක් වීයැ. ඒ ගල්වැටියෙන් කොටසක් දැනුදු මුහුදින් මතු වී පෙනේ.
දෙවැනි ලෝක යුද සමයෙහි මේ දූපත නොයෙක් අතින් ප්‍රයෝජනවත් වියැ. වරෙකැ වෙඩි තැබීම සඳහා සෙබළුන් පුහුණු කිරීමේ දී මේ දූපතේ නොයෙකුත් තැන් ඉලක්ක සේ යොදා ගැනිණි. වරෙක කොග්ගල යුද කලාපයෙහි යුදවම් (Military) ඉදිකිරීම් සඳහා මේ දූපතේ ගල් හා මැටි විශාල ප්‍රමාණයක් ගෙන යන ලදී.
තවත් වරෙකැ එය සෙබළුන් රැඳී සිටි මුර පොළක් විය. ඒ මුහුදින් ද අහසින් ද සතුරු යානා රට දෙසට ඇදී එද්දැයි සෝදිසි කරනු සඳහාය. දූපතේ පිහිටීමේ හැටියට එහි සිට බලන්නෙකුට දකුණු මුහුදේ හා දළ මුහුදු තීරයේ ඉතා දිගු දුරක් එක එල්ලේ ඇසැ ගැසේ.
යක්ෂණීගේ දූවෙහි ඈත ඉතිහාසය අප්‍රකටයැ. එය පළමු වරට සඳහන් වන්නේ කෝට්ටේ යුගයෙන් මෙපිටැ ලියවුණු ඇතැම් කඩයිම් පොතකය. එහි එය දැක්වෙන්නේ “යකිනිගේ දූව” නමිනි. ඒ යකිනිය කුවේණිය වැන්නවුන් විසූ සමයට අයත් වූවක් ද නැතහොත් ඉන් මෑත මිනිසුන් බිය ගන්වනු සඳහා ගොතන ලද ජනප්‍රවාදවලින් බිහි වූවක්දැයි ඉඳුරා කිව නොහැකියැ.
📷
ඇතැම් දිනෙක මැදියම් රැයේ ගිනි කබලක් ගත් ගැහැනියක් දූපතේ සිට ගොඩබිම වෙත එනු තමන් දුටු බව පැරැන්නෝ කියති. දූපතට නිතර යන්නෝ පවා ඇඳිරි වැටෙන්නට පෙර ඉන් ඉවත් වන්නට අමතක නොකරති. ඒ එහි නොයෙක් අඩිකෝඩ අවතාර ඇති හෙයිනි.
කෝට්ටේ යුගයෙහි සන්දේශ රැගෙන මේ අසලින් ගිය කුරුල්ලන්ට පවා මේ රමණීය බිම්කඩ නොපෙනුණු සේ පුදුමයැ. ඉන් කිලෝ මීටර් දෙකක් පමණ නැගෙනහිරින් වූ මානැවියා පොකුණ (අද මුහුදට යට වී) ද ඉන් එතරම්මැ දුරින් බටහිරින් වූ පෝකරපිටිය (අද පියදිගම) ද ඔවුන් සිත් මහත් සේ ඔකඳ කරවන්නට සමත් වියැ.
යක්ෂණීගේ දූවෙහි බටහිර කෙළවරේ ගල් කුළක් මතැ තවත් කුඩා ගල් පතුරක් දක්නා ලැබේ. වෙරළේ සිට බලන්නෙකුට එය දිස් වන්නේ රේන්ද කොට්ටයක හැඩයෙනි. එහෙයින් ගම්වැසියෝ එය “යක්ෂණීගේ රේන්ද කොට්ටය” නමින් හඳුන්වති. මේ රේන්ද කොට්ට කතාව එතරම් පැරණි එකක් විය නොහැකියැ. සිංහලයන් රේන්ද හඳුනා ගන්නේ පුරුතුගීසින්ගෙනි (රේන්ද යනු පුරුතුගීසි වදනකි). රේන්දත් රේන්ද කොට්ටත් රේන්ද කර්මාන්තයත් දිවයිනේ මුහුදු තීරයේ බහුල ප්‍රචාරයට පත්වූයේ ලන්දේසි යුගයේ දීය. එහෙයින් මේ කතාව ඒ යුග දෙකෙන් එකකට අයිති වූවකි.
සයුරු තරග වැල සිවු දිගින් ඇදී අවුත් එය සිප ගනී. රිටි පන්න ධීවරයෝ එය අසල මුහුදේ කනුවල නැගී සිය මලු පුරවා ගනිති. ධීවර ඔරු ද එය වටා නිතර දක්නා ලැබේ. සැඳෑ සමයෙහි හිරු බැස යද්දී මුහුද පසුබිම් කොට යක්ෂණීගේ දූවෙන් නැගෙන දර්ශනයේ චමත්කාරය නම් වැණුම් ඉම ඉක්මා සිටී. අද ඉන් අපට වඩා රස විඳින්නෝ විදේශීය සංචාරකයෝයි.
සටහන- ඡායාරූප
උණවටුන ඩී. ජී. සුගතපාල
(සටහන - හෙලවංශය ඇසුරිනි )
07/12/2020
රූමස්සල කියන්නෙ ගාල්ල ප්‍රදේශයේ තියෙන ලස්සනම කැළෑ රොදක් කිව්වොත් නිවැරදියි. ලංකාවෙ තියෙන බොහොමයක් බෙහෙත් ශාක මේ ප්‍රදේශයේ තියෙනවා. රූමස්සල කිව්වම ගොඩක්ම ජනප්‍රිය වෙන්නෙ අර ලස්සනම ලස්සන වෙරළ තීරය. අපි ජන්ගල් බීච් කියලත් කියනවා. ගියාම එන්න හිතෙන්නෙ නැති තරම් ලස්සන මුහුදු තීරයක් තමයි ඒ. ඒකට යන්න ඕනෙ කැළෑ රොද තමයි රූමස්සල කැළේ කියන්නෙ. ඒක මැද්දෙන් බීච් යන ගමන ඇත්තටම හරිම විනෝදජනකයි.
20/09/2020
Beautiful evening in Galle Fort Rampart
23/08/2020
Kosgoda Turtle Conservation and Research Centre
සාමාන්‍යයෙන් කැස්බෑවා සැලකෙන්නේ දීර්ඝායුෂ ඇති සත්ත්ව විශේෂයක් ලෙසය. අවුරුදු 80 සිට 120ක් තරම් කාලයක් කැස්බෑවා එක් ජීවිත කාලයක් ගත කරන බව පර්යේෂණවලින් හෙළිවී තිබේ. අතීතයේදී විශාල වශයෙන් වාසය කළා යැයි පැවැසෙන සාගර කැස්බෑවුන් විශේෂ සියල්ලක්ම මේ වන විට සිටින්නේ වඳවී යෑමේ තර්ජනයට ලක්වය. සාමාන්‍යයෙන් අනෙක් සතුන්ගේ පැටවුන් බෝවීමේ ක්‍රමයට බොහෝ සෙයින් වෙනස් ක්‍රමයකට සිදුවන කැස්බෑවුන්ගේ බෝ වීම ඉතා දීර්ඝ කාලයකට පසුව සිදුවන්නක් ලෙස සැලැකේ.
මුහුදු ජලයේ ජීවත් වන කැස්බෑවුන් සංසර්ගයේ යෙදෙන්නේද මුහුදු ජලය තුළදීම වන අතර ගැහැනු කැස්බෑවා පිරිමි සතුන් කිහිප දෙනකු සමඟම සංසර්ගයේ යෙදීම එහි ඇති විශේෂත්වයකි. තමන් සමඟ සංසර්ගයේ යෙදෙන පිරිමි සතුන්ගේ ශුක්‍රාණු කර්මාන්ත ශාලාවක් මෙන් සිය සිරුර තුළ ගබඩා කර ගන්නා ගැහැනු කැස්බෑවුන් එම ශුක්‍රාණු මඟින් ඩිම්බ සංසේචනය කරන්නේ අත්‍යවශ්‍යම විටෙකදී පමණි. මේ අනුව ගැහැනු කැස්බෑවකුගේ සිරුර තුළ සංසේචනය නොවූ බිත්තර 1,000කටත් වඩා වැඩි ප්‍රමාණයක් තිබිය හැකි අතර එලෙස ගැහැනු කැස්බෑවකු විසින් දමනු ලබන බිත්තර කැදැල්ලක විවිධ පියවරුන්ගේ පැටව් සිටීමද කැස්බෑවුන් බිහිවීමේදී දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයකි.
සාගරයේ එහා කෙළවරේ ජීවත් වුවත් තමන් බිත්තර දැමීමට ආසන්න වෙත්ම තමන් උපන් වෙරළටම ආපසු පැමිණීම කැස්බෑවන්ගේ සිරිතකි. මේ හේතුවෙන් මවු කැස්බෑවා උපන් වෙරළ දරුවන්ගේද උපන් වෙරළ වන්නේ නිරායාසයෙන්මය.
කෙසේ වෙතත් කැස්බෑ බිත්තරයක් බීජෞෂණය වීම සඳහා දෙමසකට ආසන්න කාලයක් ගත වන අතර වෙරළට පැමිණ බිත්තර දමා මවු කැස්බෑවා යළි සාගරයට නික්ම යෑම නිසා බාහිර උපද්‍රවවලින් කැස්බෑ බිත්තර ආරක්ෂා වීම සිදුවන්නේ ඉතාමත් අල්ප වශයෙන්ය. මෙසේ වෙරළේදී දමන බිත්තර අතරින් ස්ත්‍රී - පුරුෂ බිත්තර, බිත්තර දැමීමේදීම තීරණය කළ නොහැකිය. එම බිත්තරවලින් බිහිවන පැටවුන්ගේ ස්ත්‍රී - පුරුෂ භාවය හෙවත් ලිංග නිර්ණය වන්නේ බිත්තර දැමූ වැල්ලේ උෂ්ණත්වය අනුවය. සාමාන්‍යයෙන් කැස්බෑ බිත්තරයකින් පිරිමි පැටවකු බිහි වීමට උෂ්ණත්වය සෙල්සියස් අංශක 29කට වඩා අඩු ප්‍රමාණයේ තිබිය යුතුය. උෂ්ණත්වය ඊට වැඩි වන සෑම අවස්ථාවකම ගැහැනු සතුන් බිහිවීම සිදුවේ.
මෙලෙස මවු කැස්බෑවා විසින් දමනු ලබන බිත්තරවලින් වෙරළින් මුහුදට යන පැටවුන්ගෙන් ලිංගික පරිණතභාවයට පත්වන්නේ 1,000කින් එක් පැටවකු පමණි. ඉතිරි සියල්ලම විවිධ හේතු මත විනාශ වී යෑම කැස්බෑවුන්ගේ ඉරණමයි. එය ඇතැම් විට ස්වාභාවික හේතු මත සිදුවන අතර ඇතැම් අවස්ථාවන්හිදී ඒවා බාහිර බලපෑම් හේතුවෙන් විනාශයට පත්වන ආකාරය දැක ගත හැකිය. නමුත් එලෙස දාහකින් ඉතිරිවන එක කැස්බෑවකු පෙර කී පරිදි අවුරුදු 80ක් 120ක් වැනි දීර්ඝායුෂක් භුක්ති විඳීම
දකුණු මුහුදු තීරයේ කැස්‌බෑවන්ගේ බිත්තර කැදලි බිම් මුලින්ම අපට හමුවෙන්නෙ ඉඳුරුව හා කොස්‌ගොඩ ප්‍රදේශවලිනි. ඒ හින්දම මේ ප්‍රදේශවල කැස්‌බෑ සංරක්‍ෂණ මධ්‍යස්‌ථාන රැසක් පිහිටල තිබේ.
මුහුදු කැස්බෑ බිත්තර ආරක්ෂා කිරීම සදහ කොස්ගොඩ කැස්බෑ සුරැකුම් වැඩසටහන අරමුණු කර ඇත. ඔවුන් අභිජනනයෙන් පමණක් නොව, ආබාධිත වූ කැස්බෑවන්හට හා ධීවර කටයුතු නිසා දුර්වලවූ කැස්බෑවන්හට ප්‍රතිකාර කරය්.
කැස්‌බෑවන් මසට මැරීමත්, උන්ගේ බිත්තර ආහාර සඳහා පැහැර ගැනීමත් ජයටම සිදුවූ මෙම ප්‍රදේශ දැන් කැස්‌බෑ සංරක්‍ෂණය සඳහා පුළුල් වැඩ කොටසක් කරන ප්‍රදේශ බවට පත්වෙලා. රජයේ අධීක්‍ෂණය යටතේ මේ කටයුතු තරමක් හොඳට සිදුවෙනවා. මේ සංරක්‍ෂණ මධ්‍යස්‌ථාන දැන් දෙස් විදෙස් සංචාරකයන් අතරත් ජනප්‍රිය වෙලා.
බිත්තර දැමීම සඳහා ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට කැස්‌බෑවන් විශේෂ 5 ක් පැමිණේ. ඒ අතරින් අපි කතා කළ ඉඳුරුව වෙරළට කොළ කැස්‌බෑවා, ගල් කැස්‌බෑවා, දාර කැස්‌බෑවා යන විශේෂ ප්‍රධාන වශයෙන් පැමිණෙන අතර, යාබද කොස්‌ගොඩ වෙරළට ඊට අමතරව ඔළුගෙඩි කැස්‌බෑවා සහ පොතු කැස්‌බෑවාත් පැමිණෙනවා.
ශ්‍රී ලංකාවේ දකුණු වෙරළේ කැස්බෑවුන් බිත්තර දැමීමට පැමිණෙන කාලය බොහෝවිට වසරේ දෙසැම්බර්-ජනවාරි හා පෙබරවාරි කාළවලට අයත්වේ.
Kosgoda - (Arun & Aman) Turtle Conservation and Research Center is the largest turtle protecting center in Kosgoda and also in the Sri Lanka. It has a large tank and wide beach area.
The sea turtle does not have teeth, but has a sharp jaw with modified ‘beaks’ that helps them eat. It usually finds it own food, and each variety has its own diet. It commonly eats mostly jellyfish, seaweed, crabs, shrimp, sponges, snails, algae and mollusks. However, the Green Turtle switches to an herbivorous diet, while the Loggerhead is omnivorous. It has an excellent sense of smell, and while its vision underwater is good, it is near sighted on land. Sea turtles usually come out onto the surface of the water every eight to 30 minutes to breathe. Sea turtles are also believed to have a remarkable life span of over 300 years.
Out of the seven existing sea turtle varieties that exist today, five are found in Sri Lanka; the Hawksbill, the Green Turtle, the Loggerhead, the Leatherback and the Olive Ridley.
Sea turtles reach sexual maturity after only reaching 18-30 years, when they meet for mating. Females then come to the beach to lay their eggs (males rarely return to the beach after going into the ocean as hatchlings). Most species nest multiple times in one nesting season. They build a large pit (body pit) in the sand with their flippers and then another (egg chamber), where it lays 100 to 190 eggs at a time, buries them and returns back to sea.
22/08/2020
Blue Beach island
Dikwella
package includes..
Camping tents
Camp fire
BBQ (specially fish & chicken)
Next day Snorkeling session
(In Shallow water with full Safety equipment)
20/08/2020
වැලිගම සෙනානයක ක්‍රීඩාන්ගනය සහ අග්‍රබෝධි රජමහා විහාරය අසල පිහිටි ඉතාමත් ඉපැරැණි එතිහාසික වටිනාකමකින් යුක්ත කුෂ්ඨරාජ ගල මෙය වේ. එහි කුෂ්ඨ රාජ නැමැති හඳුන්වනු ලැබූ රජ කෙනෙක් වාසය කළ බව ඉතිහාසය කියයි.. මෙය ක්‍රි.ව 8 වෙනි සියවසයට අයත් වේ. රජුට හැදුණු කුෂ්ඨ රෝගය සුව කරන්නට රජුට දින 7 ක් ගත විය. එහිදී තැඹිලි වල උපත සිදුවූවේද වැලිගම එම ප්‍රදේශයෙන් බව පැවසේ. යකෂාධිපති දෙවියෙක් එම රෝගයට බෙහෙත් කෙරූ බව ද වාර්තාවේ. අවලෝකිතේශ්වර රුවට සමාන රුවක් එහි කොටා ඇත..
16/08/2020
ගොක් කලාව
ලාංකීය අනන්‍යතාව ලොවට විදහාපාන එක් සැරසිලි ක්‍රමයකි ‘ගොක් කලාව‘.ගැමි ජනයා තොවිල් - පවිල්වලට, පිරිත් මණ්ඩපයට, තොරණට, මඟුලට, මරණෙට ගොක් කොළ සැරසිලි යොදාගත්හ.
ළපටි පොල් කොළය - ගොක් කොළය යනුවෙන් හැඳින්වේ. ගොබයේ අැති කොළ: ගොබ කොළ: ගොප් කොළ: ගොක් කොළ වූ බව පැහැදිලිය
සශ‍්‍රීකත්වය සංකේතවත් කරන පුන්කලස, පිරිත් මණ්ඩප සදහා යොදා ගන්නා සැරසිලි, ගොක් ගෙඩි, තොවිල් පවිල් ආදියට යොදාගන්නා පහන් පැළ, තවත් තොවිල් භාණ්ඩයක් වූ කිරුළු තොප්පිය, සාම්ප‍්‍රදායික පොල්තෙල් පහනක හැඩරුව ගත් ගොක් පහන, වෙසක් පහන, මඟුල් පෝරුව, මුතු කුඩය, අනුරාධපුර, පොළොන්නරු පෙදෙස්වල බෙහෙවින් ප‍්‍රචලිත තනිමාලේ තොරණ, තොවිල්වලට යොදාගන්නා පිදවිලි සැරසිලි, ගම්මඩු - දෙවොල් මඩුවලදී දැකිය හැකි බිසෝකප, වෙසමුණි රජුගේ ආයුධයක් සේ සලකන ඊ-ගහ, ශාන්තිකර්ම සඳහා යොදාගන්නා කුමාර කළය මේ නිර්මාණ අතරට අයත්ය. මේ හැරුණු විට කුඩා දරු දැරියන් විනෝදය සදහා සකස් කරන නිර්මාණ ද විශාල ප්‍රමාණයක් අැත. හුලංපෙත්ත, ගොක් කොළ ඔරලෝසුව, නෙළුම් මල, නයා, පත්තෑයා, ඉස්සා, ගිරවා වැනි නිර්මාණ රැසක් ගොක් කොළ අාශ්‍රිතව සිදු කරයි.
07/08/2020
මාතර හොඳට නාන්න පුලුවන් වෙරළ තීරයවල් දෙකක් තියෙනවා. එයින් එකක් තමයි මේ. පොල්හේන කියන්නේ ස්වාභාවික වෙරළ තටාකයක් කිව්වොත් නිවැරදියි. ඒ කියන්නේ කොරල් පර වලින් ආරක්ෂිත වෙලා සැඩ රළ නොඑන්නට ජලයෙන් පිරිලා තියන බය නැතුව පුංචි දරුවෙක්ට වුනත් නාන්න,පීනන්න ආරක්ෂිත තැනක්.
පොල්හේන වෙරළ තීරය හම්බවෙන්නේ මාතර ගාල්ල ප්‍රධාන මාර්ගයේ මාතර ඉඳලා පොඩි දුරක් යද්දි හම්බවෙන වම් පැත්තට තියෙන අතුරු පාරෙන් ගියාමයි. මේක සංචාරකයෝ බහුල තැනක්.
Polhena beach is about 2 km inside to the Matara city. This is ideal place for scuba diving, Surfing, Sunbathing. This is a very famous destination because of the natural swimming pool created by the coral reef. There is not only one beach, It is consisting of bunches of beaches along the coastline.
04/08/2020
පුංචි නුවරඑළිය විදිහට සමහරු හඳුන්වන දෙනියාය ප්‍රදේශය එහි ජෛව විවිධත්ව ලක්ෂණ සහ සුන්දරත්වය නිසා සංචාරකයන් අතර අතිශය ලෙස ජනප්‍රිය වී තිබෙනවා. විදේශීය සංචාරක ආකර්ශනය බහුලව දිනාගෙන තිබෙන දකුණුකරයේ සීත ප්‍රදේශයක් විදිහට දෙනියාය හඳුන්වන්න පුලුවන්. දෙනියායට යන අතරමග වගේම දෙනියායෙදීත් ඔබට වැඩිපුරම දකින්න ලැබෙන දෙයක් තමයි තේ වතු. නුවර එළියෙ වගේම විශාල තේ වතු වලින් පාර දෙපස හැඩ වෙලා තියෙන අයුරු ඔබට බලාගන්න හැකියාව තියෙනවා.
සුන්දර ගල්තලාවක් මැදින් ගලායන ස්වභාවික ජල පහර මෙහි එන සංචාරකයන්ගේ හිතත් ගතත් දෙකම අමන්දානන්දයට පත්කරවනවා.
පැට්නා හි තියෙන්නෙත් අපූරු භූ පිහිටීමක්. සුලු දිය සීරාවක් ගලා එන, පල්ලෙහාට ලිස්සල එන්න පුලුවන් විදිහේ පැතලි විශාල ගලක් මෙහි තියෙනවා.
ගල්තලාව මත ගලායන දියපහර මතින් ලිස්සා පහළට යන්න මෙහි එන කිසිවෙකුත් අමතක කරන්නේ නැහැ. ඒ අපූරු ස්වභාවික අත්දැකීමට මුහුණ දෙන්න තමයි සංචාරකයන් විශාල ප්‍රමාණයක් පැට්නා වෙත ඇදී එන්නේ.
Patna Sliding Rock, locally know as the Patna Burus Gala is one of the newer destinations discovered local travelers. The location is situated inside Patna Division in Enesalwatta estate belonging to Maturata Plantations in Deniyaya.
At this location the river flows over a number of wide rocks with gentle slopes and at end of the each rock lies a shallow pool. Due to the gentle water flow over the smooth rock surface, number of natural water slides are created on the rock.