Ruhunu Tourist Bureau

Ruhunu Tourist Bureau

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruhunu Tourist Bureau, Government Official, 153/B, S. H. Dahanayake Road, Galle.

🌴 Discover the Magic of Sri Lanka’s Southern Province! 🌴 ⛵
Embark on an unforgettable journey to a land of hidden treasures, pristine beaches, and vibrant culture! 🌅

29/05/2026

𝐌𝐚𝐲 𝐭𝐡𝐞 𝐥𝐢𝐠𝐡𝐭 𝐨𝐟 𝐕𝐞𝐬𝐚𝐤 𝐛𝐫𝐢𝐧𝐠 𝐩𝐞𝐚𝐜𝐞, 𝐜𝐨𝐦𝐩𝐚𝐬𝐬𝐢𝐨𝐧, 𝐚𝐧𝐝 𝐡𝐚𝐫𝐦𝐨𝐧𝐲 𝐭𝐨 𝐚𝐥𝐥.

𝙴𝚡𝚙𝚎𝚛𝚒𝚎𝚗𝚌𝚎 𝚝𝚑𝚎 𝚌𝚊𝚕𝚖 𝚊𝚗𝚍 𝚜𝚙𝚒𝚛𝚒𝚝𝚞𝚊𝚕 𝚋𝚎𝚊𝚞𝚝𝚢 𝚘𝚏 𝚂𝚘𝚞𝚝𝚑𝚎𝚛𝚗 𝚂𝚛𝚒 𝙻𝚊𝚗𝚔𝚊 𝚒𝚗 𝚝𝚑𝚒𝚜 𝚅𝚎𝚜𝚊𝚔 𝚂𝚎𝚊𝚜𝚘𝚗. 🙏

27/05/2026

✨2026 ආදායම් ඉලක්කය මාර්තු මාසය වනවිට අභිබවා යමින් රුහුණු සංචාරක කාර්යාංශයේ වාර්තාගත ප්‍රගතියක් ! ✨

රුහුණු සංචාරක කාර්යාංශය 2026 වර්ෂයට පළාත් භාණ්ඩාගාරයට යැවීමට නියමිත/ඉලක්කගත ආදායම වූයේ රු. 9,500,000.00 කි. නිවැරදි මූල්‍යය විනයක් සහිතව විධිමත් ගිණුම්කරණ ක්‍රියාවලියක් තුළින් 2026 මාර්තු 31 වන විටම, එම ඉලක්කය අභිබවා රු. 9,717,947.00 ක ආදායමක් පළාත් භාණ්ඩාගාරයට ලබා දීමට අප කාර්යාංශයට හැකි වී ඇත.
ස්වංය මූල්‍ය පාලන ආයතනයක් ලෙස ආදායම් වැඩි කර ගැනීමේ වැඩ සටහන් සහ වියදම් අවම කිරීමේ ක්‍රමවේද සැලසුම් කරමින් ක්‍රියාත්මක වන අතර දකුණු පළාතේ සංචාරක කේෂත්‍රයේ අභිවෘද්ධිය වෙනුවන් ව්‍යාපෘති රාශියක්ද මේ වනවිටත් ආරම්භ කර ඇත. ලංකාවේ වැඩිම සංචාරක පැමිණීම සහිත දකුණු පළාතේ රුහුණු සංචාරක කාර්යාංශය ලෙස අපට හැකි උපරිමයන් ඉදිරියෙදීද මැදිහත් වන්නෙමු.

වාර්තාගත ප්‍රගතීන් හා සාර්ථකත්වයන් ළගා කර ගැනීම වෙනුවන් සහයෝගය දක්වන සියළුම රාජ්‍යය ආයතන, පාර්ශවකරුවන් හා ප්‍රජාවට රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපතිතුමා, අධ්‍යක්ෂ මණ්ඩලය හා කාර්ය මණ්ඩලය කෘතඥතාව පළ කර සිටින්නෙමු.

Photos from Ruhunu Tourist Bureau's post 23/05/2026

කැපූඇල තිරසාර ප්‍රජා සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය

ගාල්ල මහමෝදර ප්‍රදේශයෙන් මුහුදට ගලා බසින ගින්ගඟේ ප්‍රධාන අතු ශාඛාවක් වන "කැපූ ඇල" ආශ්‍රිතව සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අදාළ මූලික සාකච්ඡාවක් ගාල්ල නගරාධිපති සුනිල් ගමගෙ මහතාගෙ හා රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති පී.ජී.ජී.එස් ජයාන් මහතාගෙ ප්‍රධානත්වයන් පසුගිය මැයි 18 දා ගාල්ල මහ නගර සභා පරිශයේදී පැවත්විණි.

මෙය පරිසර හිතකාමී මෙන්ම දෙස් විදෙස් සංචාරකයින් ආකර්ෂණය කරගත හැකි ලෙස සකස් කරමින් ප්‍රජාව දායක කරගත් හා ප්‍රජාවට ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘතියක් ලෙස යෝජනා කරමින් සංචාරක සංවර්ධන අධිකාරිය සමග මේ වන විටත් සාකච්ඡා කර ඇති බවත් මේ සදහා අදාළ සියළු රාජ්‍ය ආයතන හා පාර්ශව වල එකගතාව මත වඩාත් ඵලදායී ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කරන්නෙ නම් එ සදහා ප්‍රතිපාදනද ලබා ගත හැකි බව රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති විසින් මෙහිදී ප්‍රකාශ කරන ලදි.

මූලික සාකච්ඡාවන් අනතුරුව සිදු කරන කේෂත්‍ර නිරීක්ෂණයෙ සිටම ඇල මාර්ග හා සමස්ත පරිසර පද්ධතිය පිළිබදවම විශේෂ අවධානයක් යොමු කරමින් තිරසාර සංචාරක ව්‍යාපෘතියක් ලෙස සියළු පාර්ශව ඒකාබද්ධව සිදු කළ යුතු බව Clean Sri Lanka දකුණු පළාත් සංවිධායක සංජය ධුනෂ්ක මහතා ප්‍රකාශ කරන ලදි.

මෙම අවස්ථාවට නාගරික මන්ත්‍රීවරුන්, ගාල්ල කඩවත් සතර හා බෝපෙ පෝද්දල ප්‍රාදේශිය ලේඛම්වරුන්, ගාල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස්තුමිය, රුහුණු සංචාරක කාර්යාංශය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍යය ආයතන වල නිළධාරීන් හා කැපූ ඇල සුරැකීමේ සංවිධානයෙ සභාපති ඇතුළු පිරිසක් සහභාගී විය.

21/05/2026

𝐒𝐨𝐮𝐭𝐡𝐞𝐫𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 – 𝐀𝐥𝐰𝐚𝐲𝐬 𝐎𝐩𝐞𝐧 𝐟𝐨𝐫 𝐌𝐈𝐂𝐄 𝐓𝐨𝐮𝐫𝐢𝐬𝐦.

Photos from Ruhunu Tourist Bureau's post 20/05/2026

𝐂𝐞𝐥𝐞𝐛𝐫𝐚𝐭𝐢𝐧𝐠 𝐆𝐥𝐚𝐦𝐨𝐮𝐫 𝐚𝐧𝐝 𝐒𝐭𝐫𝐞𝐧𝐠𝐭𝐡𝐞𝐧𝐢𝐧𝐠 𝐌𝐈𝐂𝐄 𝐓𝐨𝐮𝐫𝐢𝐬𝐦 𝐢𝐧 𝐒𝐨𝐮𝐭𝐡𝐞𝐫𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 ✨👑 (𝐌𝐫𝐬 𝐈𝐧𝐝𝐢𝐚 𝐐𝐮𝐞𝐞𝐧)

The Southern Sri Lanka shone brightly as the prestigious 𝐌𝐫𝐬 𝐈𝐧𝐝𝐢𝐚 𝐐𝐮𝐞𝐞𝐧 Semi Final Pageant Talent Round, organized by Indian SR Queen Media Pvt Ltd, was successfully held on May 15th at the iconic Taj Bentota Resort & Spa. Attending the event as a special guest, Ruhunu Tourist Bureau Chairman Mr. P.G.G.S. Jayan expressed his deep appreciation to the organizers for selecting the southern coast as the destination for such a high profile international event, noting its significant impact on boosting regional tourism.

The glamour filled evening was well-attended by distinguished dignitaries, including COPE Committee Chairman and Member of Parliament Dr. Nishantha Samarasinghe, the Chairmen of Ambalangoda, Balapitiya, and Bentota, alongside a vibrant gathering of artists, singers, celebrities, contestants, and media personnel.

Capitalizing on this momentum to position the region as a premier hub for international gatherings, Chairman Mr. Jayan announced that the Ruhunu Tourist Bureau will collaborate with the Sri Lanka Convention Bureau (SLCB) this June to host a specialized MICE Tourism Workshop. Specifically tailored for southern province hoteliers, this upcoming initiative aims to enhance local capacity, refine corporate hosting standards, and instill global organizers with the utmost confidence to select Southern Sri Lanka for world-class events, conferences, and pageants in the future.

19/05/2026

𝐔𝐧𝐥𝐨𝐜𝐤 𝐭𝐡𝐞 𝐅𝐮𝐭𝐮𝐫𝐞 𝐨𝐟 𝐌𝐈𝐂𝐄 𝐓𝐨𝐮𝐫𝐢𝐬𝐦 – 𝐒𝐨𝐮𝐭𝐡𝐞𝐫𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚

📍 𝙍𝙚𝙖𝙙𝙮 𝙩𝙤 𝙥𝙪𝙩 𝙩𝙝𝙚 𝙎𝙤𝙪𝙩𝙝 𝙤𝙣 𝙩𝙝𝙚 𝙜𝙡𝙤𝙗𝙖𝙡 𝙈𝙄𝘾𝙀 𝙢𝙖𝙥 ?

The 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗖𝗼𝗻𝘃𝗲𝗻𝘁𝗶𝗼𝗻 𝗕𝘂𝗿𝗲𝗮𝘂 together with 𝗥𝘂𝗵𝘂𝗻𝘂 𝗧𝗼𝘂𝗿𝗶𝘀𝘁 𝗕𝘂𝗿𝗲𝗮𝘂 brings you the 𝙈𝙄𝘾𝙀 𝙏𝙧𝙖𝙞𝙣𝙞𝙣𝙜 𝙋𝙧𝙤𝙜𝙧𝙖𝙢𝙢𝙚 2026 the definitive platform to advance MICE expertise.

This is your chance to gain cutting edge skills, network with industry leaders, and be part of the movement shaping Southern Sri Lanka into a top-tier destination for Meetings, Incentives, Conferences, and Exhibitions.

𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦 𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬

- Fee: Rs. 1,500 only
- Deadline : Register by 31st May 2026
- Secure your seat : https://docs.google.com/forms/d/e/1FAIpQLSf23Vha9oADHojtYlcpwH2NERSRS3Br80sx0WImMacCofMrSQ/viewform

- 𝐅𝐨𝐫 𝐅𝐮𝐫𝐭𝐡𝐞𝐫 𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬 : WhatsApp us: +94 76 850 0240

𝚂𝚎𝚊𝚝𝚜 𝚊𝚛𝚎 𝚕𝚒𝚖𝚒𝚝𝚎𝚍. 𝙳𝚘𝚗’𝚝 𝚖𝚒𝚜𝚜 𝚝𝚑𝚎 𝚙𝚛𝚎𝚖𝚒𝚎𝚛 𝚘𝚙𝚙𝚘𝚛𝚝𝚞𝚗𝚒𝚝𝚢 𝚝𝚘 𝚕𝚎𝚊𝚍 𝙼𝙸𝙲𝙴 𝚎𝚡𝚌𝚎𝚕𝚕𝚎𝚗𝚌𝚎 𝚒𝚗 𝚝𝚑𝚎 𝚂𝚘𝚞𝚝𝚑.

𝘽𝙚 𝙩𝙝𝙚 𝙧𝙚𝙖𝙨𝙤𝙣 𝙞𝙣𝙩𝙚𝙧𝙣𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝙚𝙫𝙚𝙣𝙩𝙨 𝙘𝙝𝙤𝙤𝙨𝙚 𝙎𝙤𝙪𝙩𝙝𝙚𝙧𝙣 𝙎𝙧𝙞 𝙇𝙖𝙣𝙠𝙖.

17/05/2026

සංචාරක කේෂත්‍රය හා බැදුණු බොහො පාර්ශවයන් විධිමත් නොවීම හා නියාමනයකට ලක් නොවීම නිසා සංචාරක කේෂත්‍රයේ ගැටළු බොහොමයක් පැන නැගී ඇති බවත් එවන් හදුනා ගන්නා පාර්ශව හා එ සදහා මැදිහත් විය හැකි ආයතන සම්බන්ධීකරණය කරමින් සංචාරකයින් අඩු කාල සීමාව තුළදි ගතහැකි සියළු ක්‍රියාමාර්ග ගන්නා බවත් රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති පී.ජී.ජී.එස් ජයාන් මහතා මාධ්‍යයට දැක්වූ අදහස් අද රතුඉර ඉරිදා (මැයි 17) පුවත් පත තුළින්.

Photos from Ruhunu Tourist Bureau's post 15/05/2026

✨ ✨ සදාහරිත මිහිදුම් සංචාරක කලාපය ✨ උරුමය සුරකිමු • සංචාරකත්වය ප්‍රවර්ධනය කරමු • දකුණු ලකට ආවේණික සන්නාමකරණයන් ගොඩ නගමු 🇱🇰

ඉතිහාසය, සංස්කෘතිය, උරුමය සහ සත්කාරශීලීත්වයෙන් සපිරි ශ්‍රී ලංකාවේ දකුණු පළාත ලෝක සංචාරක සිතියමේ තවත් ශක්තිමත් ගමනාන්තයක් ලෙස ඉදිරියට ගමන් කරමින් සිටී. දකුණු පළාතෙ ගාල්ල, මාතර හා සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කය යා කරමින් සදාහරිත මිහිදුම් කලාපයක් ලෙස සංවර්ධනය කිර්‍රමේ සමාරම්භක අවස්ථාව දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයන් හා සංචාරක නියෝජ්‍යය අමාත්‍යය රුවන් රණසිංහ මහතාගේ සහභාගීත්වයන් තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවත්විණි.

මෙහිදී රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති පී.ජී.ජී.එස් ජයාන් මහතා සදහන් කලේ පිටබැද්දර, දෙණියාය, නෙළුව හා තවලම ආශ්‍රිතව මේ වනවිටත් කාර්යාංශය සංවර්ධන ව්‍යාපෘතීන් රාශියක් සිදු කර ඇති අතර ඉදිරියටත් සිදු කිරීමට ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි. විශේෂයන් මෙලෙසින් ව්‍යාපෘතීන් සිදු කරද්දි මෙම කළාපය තුළ වූ පොදු ලක්ෂණ නිසාත් විධිමත් සංවර්ධනයක් ඔස්සේ සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය රුහුණු සංචාරක කාර්යාංශය විසින් හදුනා ගන්නා
ලදි. එම නිසා ගාල්ල, මාතර හා රත්නපුර දිස්ත්‍රික්ක වල සදහාරිත පරිසර කලාප ඒකාබද්ධ කරමින් සංවර්ධනය කිරීමේ යෝජනාව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.කේ ජයසුන්දර මන්ත්‍රී යෝජනාවක් ලෙස අවධානයට යොමු වී සියළුම දෙනාගෙ සහභාගීත්වයන් ක්‍රියාත්මක කිරීමට ආරම්භ කිරීම පිළිබදව කාර්යාංශයේ ප්‍රසාදය හිමිවේ. රුහුණු සංචාරක කාර්යාංශය හදුන්වා දී ඇති *Fort to Forest Heritage Trail* ගාල්ල කොටුවෙන් ආරම්භ වී සිංහරංජ වනාන්තරයන් අවසන් වන අතර මෙය මෙම නව කලාපය සන්නාමකරණය වෙනුවන් යොදා ගත හැකි හොදම හා ප්‍රායෝගිකම වැඩසයහන වනු ඇත.

මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලංක යූ ගමගේ සහ නිශාන්ත පෙරේරා මැතිතුමන්ලා, මාතර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මැතිතුමන්, දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම සී. මුහන්දිරම් මහතා, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ. චන්ද්‍රලාල් මහතා, රුහුණු සංචාරක කාර්යාංශයේ උප සභාපති රවී ජයවර්ධන මහතා හා කළමනාකාර අධ්‍යක්ෂ එම්.ඒ.කේ.එන් ගුණවර්ධන ඇතුළු කාර්යාංශයේ නිළධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ආසියානු සංවර්ධන බැංකුව නියෝජිතයින්, සංචාරක ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින් සහ ප්‍රාදේශීය ප්‍රජා නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

✨ 𝐒𝐨𝐮𝐭𝐡𝐞𝐫𝐧 𝐌𝐢𝐬𝐭 𝐓𝐫𝐢𝐚𝐧𝐠𝐥𝐞 ✨�𝙋𝙧𝙚𝙨𝙚𝙧𝙫𝙞𝙣𝙜 𝙃𝙚𝙧𝙞𝙩𝙖𝙜𝙚 • 𝙋𝙧𝙤𝙢𝙤𝙩𝙞𝙣𝙜 𝙏𝙤𝙪𝙧𝙞𝙨𝙢 • 𝘽𝙪𝙞𝙡𝙙𝙞𝙣𝙜 𝙐𝙣𝙞𝙦𝙪𝙚 𝙎𝙤𝙪𝙩𝙝𝙚𝙧𝙣 𝙎𝙧𝙞 𝙇𝙖𝙣𝙠𝙖𝙣 𝘽𝙧𝙖𝙣𝙙𝙨 🇱🇰

The Southern Province of Sri Lanka, enriched with history, culture, heritage, nature, and warm hospitality, continues to move forward as a stronger destination on the global tourism map.
The inaugural programme to develop an “𝐒𝐨𝐮𝐭𝐡𝐞𝐫𝐧 𝐌𝐢𝐬𝐭 𝐓𝐫𝐢𝐚𝐧𝐠𝐥𝐞 ” connecting the districts of Galle and Matara in the Southern Province together with Ratnapura District in the Sabaragamuwa Province, on 14th of May was held at the Thawalama Divisional Secretariat under the patronage of Southern Province Governor Prof. Susiripala Manawadu and Deputy Minister of Tourism Ruwan Ranasinghe.

During the event, the Chairman of the Ruhunu Tourist Bureau P.G.G.S Jayan stated that several tourism development projects have already been implemented in areas including Pitabeddara, Deniyaya, Neluwa, and Thawalama, while further allocations have also been made for future developments. He further emphasized that due to the common environmental and cultural characteristics shared within this region, the Bureau identified the importance of developing these areas under a well-planned and integrated tourism zone.
Accordingly, the proposal to combine and develop the evergreen environmental regions of Galle, Matara, and Ratnapura districts received attention through a proposal presented by Galle District Member of Parliament T.K. Jayasundara, and the Bureau expressed its appreciation for the initiative being launched with the participation of all relevant stakeholders.

The Fort to Forest Heritage Trail, introduced by the Ruhunu Tourist Bureau, begins from the historic Galle Fort and extends to the Sinharaja Rainforest. This initiative is expected to become one of the most practical and impactful programmes for branding and promoting this newly proposed tourism zone.
The occasion was attended by Members of Parliament Thilanka U Gamage, Nishantha Perera, and Lal Premanath, Southern Province Chief Secretary Chandima C. Muhandiram, Galle District Secretary K.U. Chandralal, Vice Chairman of the Ruhunu Tourist Bureau Ravi Jayawardhana, Managing Director M.A.K.N. Gunawardhana and officials of the Bureau, Divisional Secretaries, representatives of the Sri Lanka Tourism Development Authority, the Asian Development Bank, tourism-related government institutions, private sector stakeholders, and community representatives.

Photos from Ruhunu Tourist Bureau's post 14/05/2026

ජර්මානු භාෂාව කතා කරන සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන් සඳහා ඔවුන්ගේ සංගමය විසින් ගාලු උරුමය පදනම සමග සංවිධානය කරන ලද දින දෙකක වැඩමුළුවක් ගාලු උරුමය පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

මෙම ආරම්භක අවස්ථාවට මැයි 13දා රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති පී.ජී.ජී.එස්. ජයාන් මහතා ද සහභාගී වූ අතර, වෘත්තීය සංචාරක මාර්ගෝපදේශකයින් සඳහා මෙවැනි දැනුම්වත් වැඩසටහන් සංවිධානය කිරීම පිළිබඳ සිය ස්තූතිය පළ කළේය.

සිය අදහස් දක්වමින්, ගාලු කොටු පවුර හා එම ප්‍රදේශයේ සැබෑ ඓතිහාසික හා උරුම වටිනාකම් අනාගත පරපුර සඳහා නිවැරදිව සහ තිරසාර ලෙස ආරක්ෂා කර ඉදිරිපත් කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.
එමෙන්ම සංචාරකයින් සහ මාර්ගෝපදේශකයින් සඳහා අවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීම සඳහා කාර්යාංශය විසින් සිදුකර ඇති යටිතල පහසුකම් සංවර්ධන කටයුතු පිළිබඳවද පැහැදිලි කළේය.
වෘත්තීය සහ පළපුරුදු සංචාරක මාර්ගෝපදේශකයින්ගේ අදහස්, යෝජනා සහ දැනුම සෑම විටම සාදරයෙන් පිළිගන්නා බවත් එකමුතුව ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය ශක්තිමත් කළ යුතු බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

A successful two day workshop for German speaking Tourist Guide Lecturers was recently held at the Galle Heritage Foundation premises, organized by their Association with the support of the Galle Heritage Foundation.

The Chairman of the Ruhunu Tourist Bureau, Mr. P.G.G.S. Jayan, participated in the opening session on 13th May and expressed his appreciation for organizing such an important educational program for professional tourist guides.
During his speech he emphasized the importance of protecting and presenting the true historical, cultural, and heritage values of Galle Fort in a sustainable and responsible manner for future generations. He also explained the infrastructure developments carried out by the Bureau to improve facilities for both tourists and tourist guides.

The Chairman further stated that the Bureau warmly welcomes new ideas, suggestions, and professional insights from experienced tourist guides in order to strengthen Sri Lanka’s tourism industry together.

Photos from Ruhunu Tourist Bureau's post 11/05/2026

ජෛව විද්‍යාත්මක, පුරාවිද්‍යාත්මක හා භූගෝලීය වටිනාකම් සහිත උස්සන්ගොඩ ජාතික උද්‍යානයෙ නව මාවතක් සංචාරකයින් වෙනුවන් විවර කරමින් රුහුණු සංචාරක කාර්යාංශයන් නව ව්‍යාපෘතියක්.

ඉතිහාසයේ සිදුවීම් රැසකට මෙන් ම ජනප්‍රවාද රැසකට ම තෝතැන්නක් වූ උස්සන්ගොඩ සංචාරකයින්, පර්යේෂකයින් මෙන්ම අධ්‍යයනය කරන්නන්ගෙ තෝතැන්නක් වී තිබුනද එම භූමියෙ වටිනාකම නිසි ලෙස අත්විදින්න නොහැකී වී ඇත. එබැවින් එහි පැමිණෙන සංචාරකයින්ට ස්ථානයට සුදුසු පරිදි කඳවුරුගත වෙමින් හා මාර්ගෝපදේශනය සහිතව සංචාරය කිරීම සදහා කටයුතු සකස් කිර්‍රම පිළිබද මූලික සාකච්ඡාවක් මැයි 8දා රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති පී.ජී.ජී.එස් ජයාන් මහතාගෙ සහ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති විපුල් විජයදාස මහතාගෙ ප්‍රධානත්වයන් ප්‍රාදේශීය සභාවේදි පැවත්විණි.

ඉන් අනතුරුව ස්ථානීය නිරීක්ෂණයකට සහභාගී වූ අතර එහිදී ආවේණික පරිසර පද්ධතියක්‌ සහිත සර්පෙන්ටීන් නිධිය සංචාරක ආකර්ෂණයට බඳුන් කරවීම, භූ විද්‍යාත්මක උද්‍යානයක්‌ ලෙසින් සංවර්ධනය කර විනෝදය හා සංචාරය සඳහා මේ ප්‍රදේශය දියුණු කිරීම හා එමගින් මෙම ප්‍රදේශයේ ප්‍රවර්ධනය මෙන්ම ප්‍රජාවගෙ ජීවන තත්ත්වය වර්ධනය කිරීමේ හැකියාව පිළිබදව අවධාරණය කෙරිණි. රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපතිවරයා විසින් වඩාත් යෝජිත ව්‍යාපෘති වාර්තාවක් සකස් කරමින් ඉතා ඉක්මණින් මෙහි කටයුතු ආරම්භ කරන බව සදහන් කරන ලදි.

මෙම අවස්ථාවට අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ උප සභාපති සුරංග සංජීව මයා ඇතුළු නිළධාරීන්, රුහුණු සංචාරක කාර්යාංශයේ කළමනාකාර අධ්‍යක්ෂ එම්.ඒ.කේ.එන් ගුණවර්ධන ඇතුළු නිළධාරීන්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, ප්‍රාදේශිය ලේඛම් කාර්යාලය හා පරිසර සංවර්ධන අධිකාරිය නියොජනය කරමින් නිළධාරින් පිරිසක් සහභාගී විය.

Want your business to be the top-listed Government Service in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


153/B, S. H. Dahanayake Road
Galle
80000

Opening Hours

Monday 08:15 - 16:15
Tuesday 08:15 - 16:15
Wednesday 08:15 - 16:15
Thursday 08:15 - 16:15