17/11/2025
අභාවප්‍රාප්ත ගරු දකුණු පළාත් ආණ්ඩුකාරවර එම්.කේ. බන්දුල හරිශ්චන්ද්‍ර මැතිතුමන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු 2025.11.18 දින ගාල්ල සමනල ක්‍රිඩාංගනයේ දී රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කිරීමට කටයුතු යොදා ඇත. එතුමාගේ දේහය මහජන ගෞරවය සඳහා 2025.11.17 වන දින සවස 06.00 සිට 2025.11.18 වන දින සවස 02.00 දක්වා ආණ්ඩුකාර නිල නිවසේ තැන්පත් කිරීමට නියමිතයි.
11/06/2025
Calling of Quotations for the Sale of Vehicles - Southern Provincial Council
19/04/2025
හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂ හිනිදුම ආසන සංවිධායක සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
සේනානායක මහතා මාවනාන ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ක්‍රියාකාරී මහජන සේවයට අවතීර්ණ වූ අතර ඒ මහතා 1994 වසරේ සිට අවස්ථා ගණනාවකම දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය. සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත වන විට 69 වන වියේ පසුවිය.
ඒ මහතාගේ දේහය මේ වන විට එතුමාගේ නෙළුව නිවසේ තැම්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 20 වන ඉරිදා සවස 04ට නෙළුව මහජන ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතය.
එතුමන්ට නිවන් සුව පතමු !
දකුණු පළාත් සභා ලේකම් ඇතුළු, සභා ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලයේ සාතිශය සංවේගය.
07/09/2024
ගැඹර පතළ මනු ගුණෙනා
මැදහත් මුදු කරුණා පා
තියුණු දෙනෙත සෘජු හදවත
මානව ප්‍රේමය වපුරා
මනකල් හදවතේ
ඇල් ගඟුල් දයාවේ
පෘථුල වූ හදවතින්
නැණ නුවණ පෙරා දී
සභා ලේකම් පියස වෙත
පෙරමං තැනූ
සුවිපුල් පහන් ටැඹමය ඔබ
දිලෙනු මැන සදා ඔබ
නිදුකින් සොම්නසින්
පතන්නෙමු දීඝායු නිදුක් නීරෝගි සුව
සපුරා හදවතින් සුබ පැතුම් මල් පුදා...
සභා ලේකම් කාර්යාලයීය නිලධාරීන්
02/09/2024
දකුණු පළාත් සභා ලේකම් කාර්යාලයේ වසර 27 ක දීර්ඝ සේවා කාලයක් සපුරාලීමෙන් අනතුරුව 2024 .09.01 දින විශ්‍රාම දිවියට එළැඹී ප්‍රධාන කළමනාකරණ සහකාර ලක්ෂ්මි සන්ධ්‍යාණි විජේසිංහ මියට උපහාර පිදීමේ සුහද හමුව 2024 .08.27 දින පෙරවරු 09.30ට සභා ලේකම් කාර්යාලිය කමිටු රැස්වීම් ශාලාවේදී පවත්වන ලදී.ඔබතුමියට,
සුභ උපන්දිනයක් හා සුවබර විශ්‍රාම දිවියක් වේවා.
සභා ලේකම්තුමා ඇතුළු සහෘද කැළ........
05/08/2024
1948.10.28 දින පිටබැද්දර, දෙහිගස්පේ දී උපත ලැබූ සිරි විජේවික්‍රම මැතිතුමා දකුණු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වී අඛණ්ඩව සය වතාවක් ජයග්‍රහණය කරමින් 1988 වසරේ සිට 2009 වසර දක්වා දකුණු පළාත් සභාවේ ගරු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළේය. එසේම 2009 වසරේ සිට 2014 වර්ෂය දක්වා දකුණු පළාත් සභාවේ ගරු විපක්ෂනායක ධූරයේද කටයුතු කළ එතුමා දකුණු පළාත් සභා ඉතිහාසය තුළ කීර්තිමත් නාමයක් දිනා සිටි මානව හිතවාදී දේශපාලනඥයෙකි. වසර 76 ක් ආයු වළඳා 2024.08.05 දින සිය දිවි සැරිය නිමාකළ සිරි විජේවික්‍රම මැතිඳුන්ට උතුම් නිර්වාණ සුවය අත්වේවා!
දකුණු පළාත් සභා ලේකම් ඇතුළු, සභා ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලයේ සාතිශය සංවේගය.
05/06/2024
ජගත් පරිසර දින සැමරුම් වැඩ සටහනට සමගාමිව ජුනි මස මස 05 වැනි දිනට යෙදුනු රුක් රෝපණය හා ජගත් පරිසර දින සැමරුම යටතේ දකුණු පළාත් සභා ලේකම් කාර්යාලයේ පවත්වන ලද රුක්රෝපණ වැඩසටහන සභා ලේකම් මහේෂ් රාජිත කරුණානායක මහතා, පරිපාලන නිලධාරී ඇතුළු සෙසු නිලධාරීන් ගේ සහභාගිත්වයෙන් 2024.06.05 දින පෙරවරුවේ සභා ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී පවත්වන ලදී.
එම අවස්ථාව සංකේතවත් කරමින් ප්‍රධාන කළමනාකරණ සහකාර ලක්ෂ්මි විජේසිංහ මහත්මිය විසින් නෙල්ලි පැලයක් රෝපණය කළ අවස්ථාව.
18/03/2024
දකුණු පළාත් සභා සෙන්කෝලයේ නිර්මාතෘ ප්‍රවීණ කලාකරු විමල් වික්‍රමසුරේන්ද්‍ර මහතා අභාවප්ප්‍රාප්ත වි ඇත. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභා ගැබේ පිවිසුම් දොරටුවේ මනස්කාන්ත පිත්තල කැටයම මෙන්ම සභා ගැබේ ඇති සියළු කැටයම් එතුමාගේ නිර්මාණයන් බව සඳහන් වේ.
දකුණු පළාත් සභාව ඇතුළු තවත් පළාත් සභා කිහිපයක සෙන්කෝල නිර්මාණය කර ඇත්තේ මෙම කලාකරුවා විසිනි.
දකුණු පළාත් සභා සෙන්කෝලයේ නිර්මාතෘතුමනි.. ඔබට උතුම් නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමු.
02/02/2024
07 වන දකුණු පළාත් සභාව යටතේ මහජන පෙත්සම් කාරක සභාව වෙත ඉදිරිපත් කර තිබූ මහජන පෙත්සම් සඳහා එම පෙත්සම් කාරක සභාවෙන් ලබා දී තිබූ තීරණ හා නියෝග සම්බන්ධයෙන් වර්තමාන ක්‍රියාකාරිත්වය පිළිබඳ වන පසුවිපරම් සාකච්ඡා මාලාවේ සිව්වැනි වැඩසටන 2024.02.01 වන දින පෙරවරු 10.00 ට දකුණු පළාත් සභා ලේකම් කාර්යාලීය කමිටු රැස්වීම් ශාලාවේදී පවත්වන ලදී.
දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය ඩබ්ලිව්. ඩබ්ලිව්. ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුතුව දකුණු පළාත් සභාවේ ගරු සභාපති කේ. ඒ. සෝමවංශ මැතිතුමා, දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මහතා සහ ආණ්ඩුකාර ලේකම් දීපිකා ගුණරත්න මහත්මිය ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබූ මෙම පසුවිපරම් සාකච්ඡාව සභා ලේකම් මහේෂ් රාජිත කරුණානායක මහතා විසින් සම්බන්ධිකරණය කරන ලදී.
07 වන පළාත් සභාව යටතේ එවකට සීටී මන්ත්‍රීවරුන් විසින් සභාගත කරන ලදුව මෙතෙක් නොවිසඳී තිබූ තවත් මහජන පෙත්සම් 13 ක් සම්බන්ධ පසුවිපරම් කටයුතු මෙහිදී සකච්ඡාවට භාජනය විය.
එම ගැටළු ඉදිරිපත් කර තිබූ පෙත්සම් කරුවන්ගේ ද සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම සාකච්ඡාවේදී අදාළ ගැටළුවලට විසඳුම් ලබාදීම පිණිස ප්‍රධාන අමාත්‍යංශ ලේකම් ක්‍රිසන්ත මහේන්ද්‍ර මහතා, අධ්‍යාපන හා ඉඩම් අමාත්‍යංශ ලේකම් රංජිත් යාපා මහතා, පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර මහතා නාගරික කොමසාරිස් ආර්. එම්. ටී. කේ. රස්නායක මිය සහ දකුණු පළාත් ඉඩම් කොමසාරිස් සේනක පල්ලියගුරු මහතා ඇතුළු එම පෙත්සම් සඳහා අදාළ බල ප්‍රදේශ භාරව සිටින ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් රාශියක් ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
මෙහිදී අදාළ ගැටළු සියල්ල සඳහා කඩිනම් විසඳුම් ලබා දීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගරු ආණ්ඩුකාරතුමන් විසින් ලබා දුන් අතර එම තීරණ නොපමාව ක්‍රියාත්මක කර ඒ පිලිබඳ පෙත්සම් කාරකසභාවට සහ තමන් වෙතද වාර්තා කරන ලෙස එතුමන් විසින් වැඩිදුරටත් අදාළ රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබාදෙන ලදී.
වසර ගණනාවක් පුරා නොවිසඳී තිබු මහජන ගැටළු සඳහා විසඳුම් ලබා දී පිඩාවට පත් පාර්ශවයන් වෙත නිසි සහන සැලසීම මෙම වැඩපිළිවලෙහි මූලික පරමාර්ථය වූ අතර මේ වන විට ඒ තුළින් බොහෝ පිරිසක් ප්‍රගතියක් අත්කරගෙන ඇත.
01/01/2024
දකුණු පළාත් සභා ලේකම් කාර්යාලයේ 2024 නව වසරේ රාජකාරි ඇරඹුම !