02/06/2026
Bope Poddala - Divisional Secretariat
ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය - බෝපෙ පෝද්දල
Divisional Secretariat - Bope Poddala
பிரதேச செயலகம் - போப்பே பொட்டலை
02/06/2026
01/06/2026
වෙසක් සතියට සමගාමීව, බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, පුනරුත්ථාපන කාර්යාංශය හා පෝද්දල පොලීසිය ඒකාබද්ධව සංවිධානය කළ විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන 2026.05.27 දින මීපාවල අමරසූරිය මහා විද්‍යාලයේදී සාර්ථකව පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ ඉසුරි රත්නායක මහත්මිය විසිනි.
මෙම අවස්ථාවට පුනරුත්ථාපන කාර්යාංශයේ ලුතිනන් කර්නල් ධර්මසිරි මහතා, පෝද්දල පොලීසියේ පොලිස් පරීක්ෂක අශෝක මහතා, බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන නිළධාරිනී ඉරේෂා ලක්මාලි මහත්මිය, පාසලේ විදුහල්පතිතුමන්, නියෝජ්‍ය විදුහල්පතිතුමන්, උපදේශන ගුරුතුමිය ඇතුළු අචාර්ය මණ්ඩලය සහභාගී වූහ.
එමෙන්ම, මීපාවල අමරසූරිය මහා විද්‍යාලයේ 9 සිට 13 ශ්‍රේණි දක්වා සියලුම සිසු සිසුවියන් මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වූහ.
බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කල අතර තරුණ පරපුර මත්ද්‍රව්‍යයෙන් තොර සුරක්ෂිත අනාගතයක් කරා යොමු කිරීම අප සැමගේ වගකීමයි.
31/05/2026
ජාතික වෙසක් සතිය නිමිත්තෙන් බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද වෙසක් කූඩු තරගය ඉතා සාර්ථක අන්දමින් පැවැත්විණි.
මෙම තරගයේ විශේෂත්වය වූයේ සියලුම වෙසක් කූඩු ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිර්මාණය කර තිබීමයි. නිලධාරීන්ගේ නිර්මාණශීලීත්වය, කණ්ඩායම් හැඟීම හා වෙසක් උත්සවයේ සංස්කෘතික වටිනාකම් මැනවින් විදහා දැක්වීමට මෙම අවස්ථාව සමත් විය.
🏆 ප්‍රතිඵල
🥇 පළමු ස්ථානය – සංවර්ධන අංශය
🥈 දෙවන ස්ථානය – සමාජ සේවා අංශය
🥉 තෙවන ස්ථානය – ආයතන අංශය
මෙම තරගයට සහභාගී වූ සියලුම අංශවල නිලධාරීන්ට හා වැඩසටහන සාර්ථක කර ගැනීමට දායක වූ සියලු දෙනාට අපගේ ස්තුතිය පුද කරමු
30/05/2026
🌼 සතුටින් පිරුණු සුවපත් වැඩිහිටි දිවියක් 🌼
බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් ජාතික වෙසක් සතියට සමගාමීව සංවිධානය කරන ලද "සතුටින් පිරුණු සුවපත් වැඩිහිටි දිවියක්" වැඩසටහන 2026.05.27 දින පළිවතුගොඩ අපේක්ෂා වැඩිහිටි නිවාසයේදී ප්‍රාදේශීය ලේකම්තුමාගේ මූලිකත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.
මෙම වැඩසටහන තුළ වැඩිහිටි ප්‍රජාවගේ ශාරීරික, මානසික හා සමාජීය යහපැවැත්ම නංවාලීම අරමුණු කරගනිමින් විවිධ දැනුවත් කිරීමේ හා අන්තර්ක්‍රියාකාරී ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරන ලදී.
වැඩිහිටි පරපුරට ගෞරවය හා රැකවරණය ලබාදෙමින් ඔවුන්ගේ ජීවිත වඩාත් සතුටින් හා සුවපත්ව ගත කිරීමට අවශ්‍ය දැනුම සහ සහයෝගය ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.
මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා සහභාගී වූ සියලු දෙනාට අපගේ ස්තුතිය පුද කරමු.
28/05/2026
විදේශ ගත පවුල්වල සාමාජිකයන්ගේ හා දරුවන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනයත් විදේශ ගත ශ්‍රමිකයන්ට සෙත් පැතීමත් අරමුණු ඇතිව සංවිධානය කරන ලද බෝධි පූජා පිංකම 2026.05.27 දින නරාවල සුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
මෙම පිංකම නරාවල විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා විදේශ රැකියා නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද අතර, වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම්තුමාගේ මඟපෙන්වීම හා සහයෝගය හිමි විය.
මෙම ආධ්‍යාත්මික වැඩසටහන සඳහා සහභාගී වූ සියලු දෙනාට ස්තුතිය පළ කරමු. 🙏
23/05/2026
🌱🍄 රැකවරණ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන යටතේ ජීවනෝපාය සංවර්ධනයට නව පියවරක් 🍄🌱
පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව, ළමුන් නිවාසගත වීම වැළැක්වීමේ වැඩසටහන යටතේ බිම්මල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇති පවුලක් සඳහා අවශ්‍ය බිම්මල් මාධ්‍ය මිශ්‍ර කිරීමේ යන්ත්‍රයක් ලබාදීම සිදු කරන ලදී.
මෙම වැඩසටහන මඟින් ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත් වන පවුල් සවිබල ගැන්වීම, ස්වයංරැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීම සහ දරුවන්ට ආරක්ෂිත පවුල් පරිසරයක් තුළ අනාගතය ගොඩනැගීමට සහය ලබාදීම අරමුණු කරයි.
🌿 පවුල ශක්තිමත් වූ විට දරුවාගේ අනාගතයද ශක්තිමත් වේ. 🌿
මෙම වැඩසටහන සඳහා සහයෝගය ලබාදුන් සියලුම පාර්ශවයන් වෙත අපගේ ස්තූතිය පුද කරමු. 🙏
23/05/2026
🌱හරිත කාර්යාල සංකල්පයට නව පියවරක්
කාර්යාලය සතු, කලක් කැලෑවට ගොස් පැවති භූමිය ඵලදායී ලෙස භාවිතයට ගනිමින් කෙසෙල් වගාව ආරම්භ කිරීමේ වැඩසටහන අද දින ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.
මෙම අවස්ථාව සඳහා සහකාර අධ්‍යක්ෂතුමිය ද සහභාගි වූ අතර, පරිසර හිතකාමී හා ස්වයංපෝෂිත කාර්යාල පරිසරයක් ගොඩනැගීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. 🌿
අනාගතයේදී කාර්යාල භූමිය ඵලදායීව පවත්වාගෙන යාම සඳහා මෙවැනි වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
Labuduwa
Galle
Opening Hours
| Monday | 08:30 - 15:00 |
| Tuesday | 08:30 - 15:00 |
| Wednesday | 08:30 - 15:00 |
| Thursday | 08:30 - 15:00 |
| Friday | 08:30 - 15:00 |
