The Wound Clinic by Dr.Thilina - තුවාල සායනය

The Wound Clinic by Dr.Thilina - තුවාල සායනය

Share

විශ්වාසනීය සහනදායී තුවාල ප්‍රතිකාර සායනය.
දියවැඩියා තුවාල | සුව වීම කල් ගතවන් තුවාල | වැරිකෝස් නහර නිසා ඇතිවන තුවාල සඳහා සහනදායී ප්‍රතිකාර සේවය.

24/04/2026

රැකියා ඇබෑර්තු.
වයස 18-25 අතර, සාමාන්‍ය පෙල සමත්.
කිතුලම්පිටිය.
077 210 15 34

03/04/2026
16/10/2025

තුවාලෙ හොඳ වෙලා මාස දෙකකට පස්සෙත්, දුර🤫 ඉඳං ගාල්ලෙ නෑදෑ ගෙදරක එන ගමං;
ක්ලිනික් එක ඉස්සරහ ත්‍රී වීල් එක නවත්තල, "ඩොක්ටර්ව බලන්න ආවෙ" කියන මිනිස්සුන්ට මම හරි ආසයි. ❤️❤️❤️❤️
[තුවාල කැලලෙන් කියන්න පුලුවන් සයිස් එක] 🤓
..............................................

07/12/2024

මාසයකට අධික කාලයක් විවිධ ප්‍රතිකාර වෙනත් ප්‍රදේශ වලින් අත්හදා බැලීමෙන් අනතුරුව, අප ආයතනයෙන්, සරල ප්‍රතිකාර ක්‍රම කිහිපයක් මගින් දින දහයකදී සුවය ලැබූ ආකාරය.
......................................................................
වෛද්‍ය කේ. බී. තිලිණ සසංක
077 210 1534

11/09/2024

Thank you so much for your valuable feedback.
I'm glad to know my efforts are making a positive impact.
🥰🥰🥰🥰🥰

ඇල්පිටියේ මාගේ හිතවත් මිතුරියකගේ කකුලේ ඇතිවී තිබූ තුවාලයක් ඉතාමත් කෙටි කාලයකින් සුව කරවා දීම සම්බන්ධයෙන් තිලිණ සසංක දොස්තර මහතාට බෙහෙවින් ස්තූතියි ..මාස 4ක් පමණ විවිධ ස්තාන වලින් ප්‍රතිකාර ලබා ගත්තද කිසිඳු සුවයක් නොලැබීය.අඟලක් පමණ ගැඹුරින් යුතු කුහර සහිත මෙම තුවාලය සති 8කින් සම්පූර්ණ සුවය ලබාදීමට තිලිණ දොස්තර මහතා සමත් විය.එතුමාව ඇයට හඳුන්වා දුන් ඇල්පිටියේ චාමර දොස්තර මහතාටද ස්තුතිය පුද කරමි.ඉතාමත් අසාධ්‍ය තත්වයේ සිටි මාගේ මිතුරිය දැන් ඉතාමත් සතුටින් තම සුපුරුදු රාජකාරි කරගෙන සිටිනු දැකීම ගැන ඉතාමත් සතුටක් මටද දැනේ..ඔබ තුමන්ලා දෙපලටම බොහෝ පින් අත්වේවා

27/08/2024

🔴 තුවාල සුව වීම කල්ගත වීමට මූලික හේතු. 🔴

සමහර තුවාල සුව වීමට විශාල කාලයක් ගැනීමට හේතු මොනවාද යන්න ඔබ සිතමින් පසුවෙනවාද?🩹
පහතින් දැක්වෙන්නේ ඊට බලපාන ප්‍රධාන හේතු කීපයකි:

1️⃣ ආසාදනය: බැක්ටීරියා, සුව කිරීමේ ක්‍රියාවලියට බාධාවක් වන අතර සංකූලතා ඇති කරයි. ආසාදන වැලැක්වීම සඳහා නිසි තුවාල ප්‍රථිකාර සහ යාවත්කාලීන දැනුම අත්‍යාවශ්‍ය වේ.

2️⃣ දුර්වල රුධිර සංසරණය: දියවැඩියාව හෝ රුධිර වාහිනී ආශ්‍රිත ගැටළු තත්වයන් නිසා රුධිර සැපයුම අඩු කළ හැකි අතර, හානියට පත් පටක අලුත්වැඩියා කිරීමට ඔබේ ශරීරයට අපහසු වේ.

3️⃣ පෝෂණ ඌනතා: ඵලදායී ලෙස තුවාල සුව කිරීමට ඔබේ ශරීරයට නිවැරදි පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වේ. විටමින්, ඛණිජ ලවණ සහ ප්‍රෝටීන නොමැතිකම තුවාල සුව වීම මන්දගාමී කරයි.

4️⃣ නිදන්ගත රෝගී තත්වයන්: දියවැඩියාව හෝ ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග වැනි සෞඛ්‍ය ගැටලු ඔබේ සිරුරේ ස්වයං සුව කිරීමේ හැකියාවට බලපෑම් කළ හැකිය. තුවාලය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙම තත්වයන් කළමනාකරණය කිරීම ඉතා වැදගත් වේ.

5️⃣ ඖෂධ මගින් සිදුවන අතුරු ආබාධ: සමහර ඖෂධ තුවාල සුව කිරීමට බලපෑම් හැකිය. ඔබ යම් ගැටලුවක් දුටුවහොත් සැමවිටම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවන්න.

6️⃣ දුම්පානය: නිකොටින් රුධිර සැපයුම සීමා කරන අතර තුවාල සුව කිරීම අඩාල කරයි. දුම්පානය නතර කිරීමෙන් ඔබේ තුවාල සුවවීමේ කාලය සැලකිය යුතු ලෙස වැඩි දියුණු කළ හැකිය.

7️⃣ ආතතිය: අධික ආතතිය ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කළ හැකි අතර, ඔබේ ශරීරයට ස්වයං සුව කිරීමේ හැකියාව අඩාල කරයි.

💥 ඔබගේ හෝ ඔබගේ සමීපතමයෙකුගේ තුවාල සුවවීම ප්‍රමාද වී දුක් විදින්නේ නම්,
සුදුසුකම්ලද වෛද්‍යවරයෙකුගේ උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත් වේ.
🩺🩺🩺🩺🩺🩺🩺🩺🩺🩺🩺🩺🩺🩺🩺

වෛද්‍ය කේ. බී. තිලිණ සසංක
First Care Clinic - විශේෂ තුවාල සුවකිරීමේ සායනය - Wound Care by Dr.Thilina
077 210 15 34

18/05/2024

වසර 2කට අධික කාලයක් මුළුල්ලේ, විවිධ ප්‍රතිකාර මගින් සුව නොවූ තුවාලය,
නවීන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයන් මගින් සුවය ලැබූ ආකාරය පහත දැක්වේ. ❤️❤️❤️❤️
.......................................................................
(මා වෙත පැමිණි පළමු දින ඡායාරූප ගැනීමට අතපසු විය. මෙහි පළමු ඡායාරූපය, තෙවන සැරහුම් දිනයේදී ගන්නා ලද්දකි.)
......................................................................
වෛද්‍ය කේ. බී. තිලිණ සසංක
First Care Clinic - විශේෂ තුවාල හා සැත්කම් සායනය
077 210 1534

22/02/2024

ඔබත්, සුව නොවන තුවාලයකින් පීඩා විඳින්නෙක්ද?
අපගේ ෆේස්බුක් පිටුව වෙත පිවිස වැඩි විස්තර දැන ගන්න.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
நீங்களும் ஆறாத காயத்தால் அவதிப்படுகிறீர்களா?
மேலும் விவரங்களுக்கு எங்கள் facebook பக்கத்தைப் பார்க்கவும்.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
වෛද්‍ය කේ. බී. තිලිණ සසංක
First Care Clinic - විශේෂ තුවාල හා සැත්කම් සායනය
077 210 1534

17/02/2024

🔴 දියවැඩියා රෝගයේ සංකූලතාවයක් වන "චාකෝට් පාද" තත්ත්වය නිසා හටගත් තුවාලයකි.
🔴 වයස අවුරුදු 65ක් වන ව්‍යාපාරික මහතා, අප වෙත පැමිණියේ, පාදයේ සැරව පිරුණු තුවාලයක් සමඟිනි. ඉතා සියුම් ලෙස නරක් වූ කොටස් ඉවත් කර, නවීන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම ඇසුරෙන් ප්‍රතිකාර සිදු කරන ලදි.
✔️ වෛද්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැදීම හා නියමිත ප්‍රතිකාර නිසි ලෙස ගැනීම නිසා, ඉතාම ඉක්මනින් සුවය ලැබීමට එම මහතා හට හැකි විය.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
.............................................................
First Care Clinic - විශේෂ තුවාල හා සැත්කම් සායනය
වෛද්‍ය කේ. බී. තිලිණ සසංක
077 210 1534

16/02/2024

🔴 වයස අවුරුදු 60ක් වූ දියවැඩියා රෝගයෙන් පෙළෙන, ව්‍යාපාරික මහතෙකු, අප සායනයට පැමිණියේ තම වම් පාදයේ හදිසියේ ඇති වූ සැරව පිරි තුවාලයක් හේතුවෙනි.
✔️ (පළමු පින්තූරයේ දැක්වෙන්නේ, එම සැරව කොටස් ප්‍රවේසමෙන් කපා ඉවත් කිරීමෙන් පසු අවස්ථාවය)
✔️ එය වම් පදයේ කුඩා ඇඟිල්ල ඉවත් වන මට්ටමට ගැඹුරට විහිදී තිබුනි.
🔴 දියවැඩියා තත්ත්වය මනා ලෙස පාලනය කිරීමෙන් හා; නවීන ප්‍රතිකාර ක්‍රම, ගැලපෙන අයුරින් යොදා ගැනීම හේතුවෙන්, ඉක්මන් සුවය ලද අයුරු පහත දැක්වේ.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
..................................................
වෛද්‍ය කේ.බී.තිලිණ සසංක
First Care Clinic - විශේෂ තුවාල හා සැත්කම් සායනය
077 210 1534

Want your business to be the top-listed Government Service in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Kithulampitiya
Galle
80000

Opening Hours

Monday 16:00 - 20:30
Tuesday 16:00 - 20:30
Wednesday 16:00 - 20:30
Thursday 16:00 - 20:30
Friday 16:00 - 20:30
Saturday 16:00 - 20:30
Sunday 16:00 - 20:30