19/10/2023
මහා කරුණාවේ සද දිය දෝතක් - 2023
(04 වන වැඩසටහන)
හශාන් කෝදාගොඩ තරුණ මහතා සහ පිරිවර සංවිධානය කරන පොසොන් බැති ගී ප්‍රසංගය ජුනිමස 03 දින උත්කර්ෂවත් අයුරින් පවත්වන්නට යෙදුණි. ඒ සමග එහිම තවත් අනු අංගයක් වශයෙන් පසුගිය වසර තුනේ මෙන්ම මේ වසරේදීත් එම ප්‍රසංග භූමියේ පැවැත්වූ බීම සහ කේක් දන්සැල පැවැත්වුනි. එය සෑම වසරකම සංවිධානය කරනු ලැබුවේ ගුණසිරි කෝදාගොඩ මහතා විසිනි.
19/10/2023
මැයි මස 19 ඩෙංගු කමිටුව රැස්වීම..
ඩෙංගු පිලිබඳ තලාපිටිය වෛද්‍ය නිළධාරිතුමන් , මහජන සෞඛ්‍ය පරීක්ෂක පැමිණ ඩෙංගු කමිටු සාමාජිකයන් හා වසමේ රාජ්‍ය නිළධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වීම.
01/02/2023
2023.02.01 දින ජේෂ්ඨ පුරවැසි සමිතිය ග්‍රාම නිලධාරී කාර්යාලයේ පැවැත්විය.
එයට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩිහිටි නිලධාරී ඉනෝකා මිය සම්බන්ධ විය. අද දින ඉතා සාර්ථකව මෙම සමිතිය පවත්වන ලද අතර ඊලග සමිතිය මාර්තු මස පලවනදා බුද්ධසිංහාරාම විහාරස්ථානයේ උදෑසන 9 ට පැවැත්වීමට කටයුතු යොදා ගැනින.
22/01/2023
මකුලුව "නෙලුම් " කාන්තා සමිතිය සහ මකුලුව "සිතමු ලිය සවිය" ගොවි සමිතිය සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ජනවාරි 18 බදාදා මකුලුව ශ්‍රී බුද්ධසිංහාරාම විහාරස්ථානය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් පවත්වන ලදී.
එය අතිසාර්ථකව පැවැත්වූ අතර ඒ සදහා සහභාගී වූ ඔබ සැමට මෙන්ම වසමේ කෘෂි පර්‍යේශණ නිෂ්පාදන සහකාර නිලධාරීතුමියටද බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.
18/01/2023
2023.01.18 වන දින ආර්ථික පුනර්ජීවන කමිටුවේ ආරාධනය මත සංවර්ධන සහකාර සැලසුම් නිලධාරී අශෝකා මිය විසින් පොල් කේක් සෑදිමේ පුහුණුවක් 99-සී මකුලුව වසමේ පවත්වන ලදී. මේ අවස්තාවට ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී සහ කෘෂි පර්‍යේශණ නිෂ්පාදන සහකාර නිලධාරී සහභාගී විය.
නෙලුම් කාන්තා සමිති සාමාජිකාවන් මේ සදහා ඉතා උනන්දුවෙන් සහභාගී වූ අතර ව්‍යාපාරයක් ලෙස කේක් සැදීමට බලපොරොත්තු වන නවකයන් සදහා මෙම පුහුණුව මනා පිටුවහලක් වූ බව විශේෂයෙන් සදහන් කල යුතුවේ.