29/05/2026
බුදු සමිඳුන් පෙන්වා දුන් ඒ නිර්මල ධර්මයේ ආලෝකයෙන් අප සැමගේ සිත් සතන් සැනසෙත්වා! හැමදෙනාටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🌸🙏✨
Contributing to the overall development of the country by developing the people of the area and the area through an excellent public service
29/05/2026
බුදු සමිඳුන් පෙන්වා දුන් ඒ නිර්මල ධර්මයේ ආලෝකයෙන් අප සැමගේ සිත් සතන් සැනසෙත්වා! හැමදෙනාටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🌸🙏✨
29/05/2026
වෙසක් පුන් පොහෝ දිනය සහ වෙසක් සතිය නිමිත්තෙන් බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද වෛද්‍ය සායනය සාර්ථක අයුරින් පවත්වන්නට යෙදුණි.
කායික මෙන්ම මානසික සුවතාවය වෙනුවෙන් ප්‍රජා සත්කාරයක් ලෙස දියත් වූ මෙම සායනය සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වී ප්‍රතිකාර ලබා ගන්නා ලදී.
මෙම පුණ්‍යකර්මය සාර්ථක කර ගැනීමට දායක වූ වෛද්‍යවරුන්, සහායක කාර්ය මණ්ඩලය සහ අප ආයතනික පවුලේ සියලුම සාමාජිකයින්ට අපගේ ප්‍රණාමය හිමිවේ.
මෙම පින්කමේ ආනිශංසයෙන් සැමට නිරෝගී සුවයම අත්වේවා! 🙏
Niluka Suriyaarachchi
28/05/2026
✨ සිත නිවන දහම් අමා බිඳක් ✨
කාර්යබහුල ජීවිතයේ මොහොතකට නැවතී, මනස සන්සුන් කරගැනීමට සහ ආත්මීය සුවය උදෙසා පූජ්‍ය පැපිලියානේ ආර්යදේව රතන හිමිපාණන්ගේ වැඩමවීමෙන් බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සුමදුර ධර්ම දේශනා පින්කම පසුගියදා (27) සාර්ථකව පවත්වන්නට යෙදුණි.
නිලධාරීන්ගේ එදිනෙදා වෘත්තීය ජීවිතය සාර්ථක කරගැනීමටත්, පීඩනයන් කළමනාකරණය කරගනිමින් යහපත් මානසිකත්වයකින් යුතුව කටයුතු කිරීමටත් මෙම දහම් අවවාද සැමට මහඟු මඟපෙන්වීමක් වුණි.
මෙම උදාර පින්කම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහ සහයෝගය දැක්වූ සමස්ත කාර්ය මණ්ඩලයටම පින්!
සැමට ධර්මාවබෝධයම ලැබේවා! 🙏✨
Niluka Suriyaarachchi
28/04/2026
දකුණු පළාත් ක්‍රීඩා හා සංස්කෘතික අමාත්‍යංශය, බද්දේගම ප්‍රාදේශීය සභාව සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ “දක්ෂිණ හෙලජන බක්මහ උළෙල 2026”
27/04/2026
22/04/2026
දක්ෂිණ හෙළජන බක්මහ උළෙල 2026 - වෙළඳ කුටි දැන් වෙන් කරවා ගත හැක
අලුත් අවුරුදු සිරිය විඳ ගැනීමට පැමිණෙන ජනතාවට ඔබේ නිෂ්පාදන හඳුන්වා දෙන්න කදිම අවස්ථාවක්
අප සංවිධානය කරන දක්ෂිණ හෙළජන බක්මහ උළෙලේ වෙළඳ කුටි වෙන් කිරීම දැන් ආරම්භ වී ඇත.
📅 දිනය:2026 අප්‍රේල් මස 25
📍 ස්ථානය: බද්දේගම කුම්මේ ක්‍රීඩාංගනය
ඉතා සීමිත කුටි සංඛ්‍යාවක් ඇති බැවින් ඔබේ වෙළඳ කුටිය කඩිනමින් වෙන් කරවා ගන්න!
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 0912292238
21/04/2026
🌸🎉 දක්ෂිණ හෙළජන බක්මහ උළෙල 🎉🌸
🏃♂️🏃♀️ ගම හරහා දිවීමේ තරඟය
👉 ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි වයස අවුරුදු 16 ට වැඩි කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම!
🔥 ඔබේ වේගය, ඔබේ ශක්තිය, ඔබේ ජය...!
🏅 අදම ලියාපදිංචි වෙලා අභියෝගයට මුහුණ දෙන්න!
📢 අයදුම්පත් සදහා අමතන්න -
077 3511455
077 211 4842
14/04/2026
| Monday | 08:30 - 16:15 |
| Tuesday | 08:30 - 16:15 |
| Wednesday | 08:30 - 16:15 |
| Thursday | 08:30 - 16:15 |
| Friday | 08:30 - 16:15 |