කුමන ඝෝෂාවන් පැමිණියද තබන ලද පියවර හරවන්නේ නෑ ♥️🫡
“No stopping or turning back “ 🏃♂️➡️
NPP Elpitiya / ඇල්පිටිය
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NPP Elpitiya / ඇල්පිටිය, Political Party, Galle.
24/08/2025
මේ මිනිසුන් ඇතුලුව රටේ මහජනතාවට යුක්තිය ඉටු කිරීමට දිවා රෑ
වෙහෙස මහන්සි
ජීවිත තර්ජන නොතකා වැඩ කල වැඩ කරන සියලු දෙනාට සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ උත්තමාචාරය... ❤️🫡🙏
22/08/2025
🚨
හිටපු ජනපති රනිල් CID අත්අඩංගුවට ...
🔴මෙරට ඉතිහාසයේ ජනාධිපති ධූරය දැරූ තැනැත්තෙක් අත්අඩංගුවට පත් උන ප්‍රථම අවස්ථාව මෙයයි
(මා මිත්‍ර අනුර කියලත් කිව්වා 😂)
ඩබල් සැලියුට් 🧭🫡🫡
මේන්න මේ වගේ කෙලින් තීරණ තමයි අපිට ඕන බොසා 🫡. රටේ අනිත් රාජ්‍ය ආයතනවලටත් finger print වැඩේ පටන්ගත්තනම් සුපිරි ✅ Dr Nalinda Jayatissa
13/08/2025
🛑ප්‍රවාහන අමාත්‍යාංශය Next Level..❤️
දුර ගමන් බස් රථවල අනතුරු අවම කිරීමේ අරමුණින් නව ව්‍යාපෘතියක් සකසා තිබේ. පෞද්ගලික අංශය මැදිහත්වීමෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාවට නැංවෙයි. ඒ යටතේ ලංගම හා පෞද්ගලික බස් රථවලට AI කැමරා පද්ධති හතළිහක් සවි කෙරේ.
ඒවායෙන් රියදුරුගේ හැසිරීම නිරීක්‍ෂණය කර රියදුරු දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගැනේ. රියදුරුගේ වෙහෙසකාරී තත්ත්ව සහ නින්දයාම, ඇස් පියවීම ආදිය නිරීක්ෂණයට නව කැමරා පද්ධතියට හැකියාව තිබේ. ඊට අමතරව මාර්ග නීති පිළිපැදීම සහ බඳ පටි පැළඳ සිටීම ආදිය නිරීක්ෂණය කර රියදුරන් වෙත සංඥා නිකුත් කිරීමද මෙම පද්ධතිය මගින් සිදු කෙරේ. බස් රථ කළමනාකරණයට ද එය පහසුවකි.
නියමු ව්‍යාපෘතියෙහි පළමු අදියර කතරගම ඩිපෝවේදී ප්‍රවාහන , මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරිණ. එහිදී දුර ගමන් බස් රථ කිහිපයකට AI කැමරා පද්ධති සවි කෙරිණ. අමාත්‍යවරයා ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවක ද නිරතවිය.
මාධ්‍ය අංශය,
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය.
Bimal Rathnayake Dr Prasanna Gunasena 🫡✅
සමැන්තා ජෝයි මොස්ටින්
ඕස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකාරවරිය .
අපේ රට ගැන , ආණ්ඩුව ගැන කිව්ව කතාව ♥️
Anura Kumara Dissanayake ✅
05/08/2025
Anura Kumara Dissanayake ♥️🫡
04/08/2025
⭕️කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 20,000 සීමාව ඉක්මවා යයි...✅ 🫡
01/08/2025
44% - 24% = 20%
ඇමරිකානු තීරු බදු අඩුකරගැනීමට රට වෙනුවෙන් මැදිහත් වූ
ජනාධිපතිවරයා ඇතුළු සැමට
අපගේ ප්‍රණාමය ♥️🫡
අපේ ජනපතිව art එකකින් පේන විදිය 🥰
Anura Kumara Dissanayake
(මේක art එකක් විදියට ගන්න 🫡)
(මහින්දව හැදුවේත් Art එකක් විදියට මගේ යාලුව )
28/07/2025
2025 පළමු මාස හයේ අපනයන ආදායම ඩොලර් බිලියන 8.3 ඉක්මවයි
July 28, 2025
ශ්‍රී ලංකාවේ අපනයන 2025 වර්ෂයේ පළමු මාස හය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරමින් සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 8,337.86 කට ළඟා වී ඇති බවත්, එය 2024 වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව 6.70%ක වර්ධනයක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
මේ සම්බන්ධයෙන් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළු සමස්ත අපනයන 2025 ජූනි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,460.34 කට ළඟා විය. මෙය 2024 ජූනි මාසයට සාපේක්ෂව 8.73%ක වර්ධනයක් පෙන්නුම් කරයි.
2025 ජූනි මාසයේදී පමණක් වෙළඳ භාණ්ඩ අපනයන 6.85%කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 1,150.73 කට ළඟා වී ඇති බව ශ්‍රී ලංකා රේගුව සහ විද්‍යුත් භාණ්ඩ සඳහා ඇස්තමේන්තු දත්ත අනුව පෙන්නුම් කරයි.
2025 ජනවාරි සිට ජූනි දක්වා කාල සීමාව සඳහා වෙළඳ භාණ්ඩ අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 6,504.72 ක් විය, එය 2024 වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව 5.86%ක වර්ධනයකි.
2025 ජූනි මාසයේදී සේවා අපනයනවලින් ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 309.61 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. එය 2024 වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව 16.38 % ක වර්ධනයකි.
වර්ෂයේ පළමු මාස හය තුළ සේවා අපනයන 9.78%කින් වර්ධනය වී අති අතර ඇමරිකානු ඩොලර් මිලියන 1,833.14 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය, ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහනය සහ සැපයුම් යන අංශවලින් සමන්විත සේවා අපනයන ක්ෂේත්‍රය අඛණ්ඩව ශ්‍රී ලංකාවේ අපනයන විවිධාංගීකරණය කරමින් දිවයින පුරා ඉහළ වටිනාකමක් සහිත රැකියා අවස්ථා නිර්මාණය කරමින් සිටී.
Anura Kumara Dissanayake
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Galle
