WiseWalk foundation

WiseWalk foundation

Share

To walk wisely to the right direction....

04/12/2025

අපි හැමෝම විවිධ ආකාරයෙන් මේ වෙලාවෙ අපේ මාතෘ භූමිය වෙනුවෙන් අත්‍යාවශ්‍යම කටයුතු කරන්න එකතුවී ඉන්නවා දැකීම සැනසීමක්. 🙏

මේ වන විට කිසිදු ආකාරය සහන සේවයක් ක්‍රියාත්මක වී නොමැති හෝ ඉතාමත් සුළු වශයෙන් සහන සේවා ලැබුණු පාසල් සොයා යන ගමනක අපිත් ඉන්නෙ. දරු පැටවු 1000ක් අනුමාන කරමින් ඔවුන්ට අත්‍යාවශ්‍ය පෑන් පැන්සල් පොත් ටික දීගන්න අපිට පුලුවන් කියන විශ්වාසය හිත් වල තියන් මේ සත්කාරය පටන් ගන්නෙ.🙏

හිතමිත්‍ර ඔබත් අපි එක්ක මේ සත්කාරයට එකතු වනු දැනීම සහ දැකීම මේ ගමනට ඉතා විශාල හයියක්. ඔබට පුලුවන් පරිදි දරු පැටවුන් වෙනුවෙන් ලබා දෙන්න පුලුවන් දේ පහත ඕනැම අංකයකට පණිවිඩයක් දීලා අපිව දැනුවත් කරන්න කියන කාරුණික සහ ගෞරවනීය ඉල්ලීමත් එක්කම 🙏 පහත පෙළ ගැහෙන්නෙ අපි එකතු කරමින් පවතින දේවල්.

💧තනිරූල් පොත්
💧ලොකු / පොඩි කොටු රූල් පොත්
💧පැන්සල්
💧මකන
💧කටර
💧පොඩි කතුරු
💧පොඩි ගම් බෝතල්
💧15cm අඩිරූල්
💧කලු පෑන්
💧නිල් පෑන්
💧‍රතු පෑන්
💧පෑන් පැන්සල් දාන cases
💧ප්ලාස්ටික් පාසල් කෑම පෙට්ටි
💧ප්ලාස්ටික් පාසල් වතුර බෝතල්
(පාසල් බෑග් එකම ස්ථානයකින් පසුවට ගනු ලැබේ)

Kanishka Jananath
+39 333 769 8669 (Italy)
Buddhini Akmeemana
+39 333 225 8959 (Italy)

Isuru Amaranath
Oshima De Silva
+971507594534 (UAE/Dubai)
+94 71 290 2313 (Whatsapp)

Amila Dinusha Akmeemana
+94 77 899 8169
Yohan Akmeemana
+94 76 692 5109

Shan De Silva

Thilini Devarahandi

WiseWalk foundation
🤝Volunteer Staff🤝

Photos from WiseWalk foundation's post 14/08/2023

Wisewalk Foundation හී ගරු අනුශාසක ලෙස කටයුතු කල ජයන්ත අමරනාත් මහතා පසු ගිය දිනක අප අතරින් සදහටම වෙන් වුනා.අප පදනම ආරම්භ කල දිනයේ පටන් මේ දක්වා පැමිණි ගමනේදී එතුමාණන් විසින් දුන් ඔවදන් අපගේ මතකයේ සදා රැඳී තිබෙනවා.ඔහු සුන්දර මිනිසෙක්.

ගරු සභාපති කනිෂ්ක ජනනාත් මහතා ඇතුලු Wisewalk Foundation අපගේ ශෝකය මෙයින් ප්‍රකාශ කර සිටිනවා.

ජයන්ත අමරනාත් මහතාණනි, ඔබට නිවන් සුව ලැබේවා !

Photos from WiseWalk foundation's post 17/06/2023

හික්කඩුව දොඩන්දූව, ලංකා සභා කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ගේ ලිපිගොනු සුරක්ෂිතව තබා තිබූ රාක්කය අබලන්ව ඇති බවත්,ඒ වෙනුවෙන් නව රාක්කයක අවශ්‍යතාව පවතින බවත්, නැතහොත් දරුවන්ගේ වැදගත් ලිපිගොනු විනාශ වී යා හැකි බවත් Wisewalk Foundation අපට දැනගැනීමට ලැබුනේ සංවර්ධන නිළධාරීතුමියක් වන ඩයනා රණවීර මෙනෙවිය මාර්ගයෙන්.
එම ඉල්ලීමට අනුව Wisewalk Foundation ගරු සභාපති කනිෂ්ක ජනනාත් මහතා විසින් නව රාක්කයක් එම පාසල වෙත ලබා දීම පසුගිය දිනෙක සිදු කෙරුණා.

දරුවන් විසි දෙනෙකු පමණක් ඉගෙනුම ලබන මෙම පාසලේ සියලුම දරුවන් ඉතාමත් දිලිඳු පවුල් වල දරුවන්.පාවහන්,පොත් බෑග් වල හිඟයක් ඔවුන්ට තදින්ම ඇති බව පෙනී ගියා.

ඒ අහිංසක දරුවන් සඳහා උදව් කිරීමට කැමති අයෙකු වේ නම් ඒ සඳහා සම්බන්ධීකාරකත්වය දැරීමට Wisewalk Foundation අප සූදානම්.

Photos from WiseWalk foundation's post 29/05/2023

පිළිකා රෝගයකින් පීඩාවට පත්ව අසරණව සිටින කාන්තාවකට අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීම අද දින Wisewalk Foundation මූලස්ථානයේදී සිදු කෙරුණා.
ඒ සඳහා සම්පූර්ණ මූල්‍යමය දායකත්වය ලබා දුන්නේ මේ වනවිට ෆින්ලන්තයේ පදිංචිව සිටින ශෙහාරා මහත්මිය විසින්.
එම අවස්ථාව සංවිධානය කිරීමට අපහට අවස්ථාව ලබාදීම වෙනුවෙන් ශෙහාරා මහත්මියට, Wisewalk Foundation ගරු සභාපති තුමන් වන කනිශ්ක ජනනාත් මහතා ඇතුලු අප සැමගේ ස්තූතිය පුදකර සිටිනවා.

Photos from WiseWalk foundation's post 07/05/2023

අප රටෙහි වත්මන් තත්වය හමුවේ ආර්ථික අපහසුකම් වලට ලක්ව සිටින පවුල් පහක දූ දැරියන් පස් දෙනෙක් වෙත, ඔවුන්ට අවශ්‍ය පාසල් පාවහන් ලබා ගැනීම සඳහා රුපියල් 4000/= බැගින් වූ වවුචර පත් බෙදා දීම අද දින Wisewalk Foundation මූලස්ථානයේදී සිදු කෙරුණා.

මේ සඳහා සම්පූර්ණ මූල්‍යමය දායකත්වය ලබා දුන්නේ මෙරට හික්කඩුව ප්‍රදේශයේ පදිංචි,මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිව සිටින සංඛ දිනෙත් මහතා විසින්.

මේ අවස්ථාව සංවිධානය කිරීමට කනිෂ්ක ජනනාත් ගරු සභාපතිතුමන් ඇතුලු Wisewalk Foundation කණ්ඩායමට ලබාදීම පිලිබඳ අපගේ ගෞරවනීය ස්තූතිය සංඛ දිනෙත් මහතාට පුද කර සිටිනවා..

Photos from WiseWalk foundation's post 29/01/2023

රටේ පවතින දරුණු ආර්ථික අර්බුධය හමුවේ අධ්‍යාපනික උපකරණ වල මිල අසීමිත ලෙස ඉහල ගොස් ඇති අවස්ථාවක,ප්‍රාථමික පාසල් අධ්‍යාපනය හදාරන,මූල්‍යමය වශයෙන් අගහිඟකම් ඇති දරුවන් සිව් දෙනෙකුට රුපියල් 10,000/= බැගින් වූ අධ්‍යාපන උපකරණ බෙදාදීමේ අවස්ථාව Wisewalk Foundation මූලස්ථානයේදී අද දින සිදු කලා.
මේ සඳහා සම්පූර්ණ මූල්‍යමය දායකත්වය සිංගප්පූරුවේ පදිංචිව සිටින අමිල තිලකරත්න සහ ශානදී තිලකරත්න ‍යුවල විසින් දරනු ලැබුවා..ඔවුන්ගේ ආදරණීය දියණියගේ සිව් වන උපන්දිනය අද දින යෙදී තිබීම ඔවුන් විසින් මෙම අවස්ථාව වෙනුවෙන් දායකත්වය දැරීමට හේතු වුනා..
ආදරණීය නුතාරා තිලකරත්න දියණියට සුබ උපන්දිනයක් වේවා කියා Wisewalk Foundation ගරු සභාපති කනිෂ්ක ජනනාත් මහතා ඇතුලු අප සියලු දෙනා හදවතින්ම සුබ පතනවා.
මෙම අවස්ථාව සංවිධානය කිරීමට අපහට කල ආරාධනයට අමිල තිලකරත්න හා ශානදී තිලකරත්න යුවලට ස්තූතිය පුදකර සිටිනවා..

Photos from WiseWalk foundation's post 27/11/2022

හික්කඩුව තොටගමුව ප්‍රදේශයේ ජීවත් වන ගැබිණි මවුවරුන් එකොලොස් දෙනෙකුට රුපියල් පන්දහස බැගින් වූ භාණ්ඩ මලු බෙදා දීම අද දින Wisewalk Foundation මූලස්ථානයේදී සිදු කෙරුණා.ඒ සඳහා මූල්‍යමය දායකත්වය ලබා දුන්නේ මේ වන විට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ඉංජිනේරු සුදම් කේශව වික්‍රමසේකර මහතා විසින්. Wisewalk Foundation ගරු සභාපති කනිශ්ක ජනනාත් මහතා ඇතුලු අපහට මෙම අවස්ථාව සංවිධානය කිරීමට ඇරයුම් කිරීම වෙනුවෙන් සුදම් මහතාට අප පදනමේ ස්තූතිය පුද කර සිටිනවා.

Photos from WiseWalk foundation's post 30/10/2022

හික්කඩුව,ගෝනපිනුවල ප්‍රදේශයේ ජීවත් වන සම දියවී යාමේ රෝගී තත්වයක් ඇති දරුවකු පිලිබඳ wisewalk foundation අපට අසන්නට ලැබුනා.අවුරුදු දා හතරක දරුවකු වුවත් ශාරීරික හා මානසික වර්ධනය ඉතා අඩු මට්ටමක පැවතීමත්, සසරේ බියකරු කම කියාපාමින් එම දරුවාගේ දියවූ සම එමදරුවා විසින්ම කාදමන තත්වයට පත්ව තිබීමත්, ඉතාමත් දිළිඳු පවුලක දරුවකු වීමත් නිසා wisewalk foundation අප එම දරුවාට හැකි අයුරින් උපකාර කිරීමට තීරණය කලා.
Wisewalk foundation ගරු සභාපති කනිෂ්ක ජනනාත් මහතාගේ ආදරණීය බිරිඳ වන බුද්ධිනී අක්මීමණ මහත්මිය දරුවාගේ අබලන්ව පැවති රෝදපුටුව වෙනුවට අලුත් රෝදපුටුවක් පිරිනැමීමටත්,සිංගප්පූරුවේ ජීවත්වන පොබකර ජයසිංහ මහතා විසින් දරුවාගේ ඉතා අපිරිසිදු මට්ටමක පැවති මෙට්ටය වෙනුවට අලුත් මෙට්ටයක් ලබාදීමටත්,අලුත් ඇඳ ඇතිරිලි,කොට්ට උර සහ දරුවාට අලුත් ඇඳුම් ලබාදීම අප හට මෙම දරුවා පිලිබඳව විස්තර සොයා දුන් ජනිතා මාධවී මහත්මිය විසින් ලබා දීමත්,නිවසට අවශ්‍ය දේවල්,දරුවා ආහාරයට ගැනීමට ප්‍රිය දේවල් ඇතුලු භාණ්ඩ පාර්සලයක්ද ලබාදීමට අපවිසින් කටයුතු කලා.
අප පදනමේ වෛද්‍ය ධනුෂ්ක දේවප්‍රිය මහතා දරුවා පරීක්ෂා කර වෛද්‍ය උපදෙස් ලබාදීමද අද දින සිදු කෙරුනා.
මේ ඉතාමත් දිලිඳු පවුලක උපන් මෙම දරුවාට ඔබගේ උපකාරය අවශ්‍යම මොහොතක්.ඉදිරියේදී ඔවුන් හට උදව් කිරීමට කැමති අයෙකුට ඔවුන් සම්බන්ධ කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා සම්බධීකාරකත්වය දැරීමට wisewalk foundation අප සූදානම්.

Photos from WiseWalk foundation's post 03/09/2022

හික්කඩුව,තොටගමුව ප්‍රදේශයේ ජීවත් වන රටේ පවතින ආර්ථික දුශ්කරතා හමුවේ අසරණව සිටින පවුල් 110ක් වෙත රුපියල් 5000/=ක් වටිනා භාණ්ඩ මලු බෙදා දීම අද දින Wisewalk foundation මූලස්ථානයේදී ගරු සභාපති කනිෂ්ක ජනනාත් මහතාගේ මූලිකත්වයෙන් එතුමා ඇතුලු එතුමාගේ පවුලේ සාමාජිකයන්ගේ මූල්‍ය දායකත්වයෙන් සිදු කෙරුනා.
නැසීගිය කන්දේ ජෝන් ද සිල්වා,දේව ඇඩ්ඩිං නෝනා,කන්දෙ ජයසිරි,රම්‍යා පද්මලතා යන මහත්ම මහත්මීන්ට පිං පිණිස ඔවුන් විසින් මෙම අවස්ථාව Wisewalk foundation සමඟ එක්ව සංවිධානය කරනු ලැබුවා.

Photos from WiseWalk foundation's post 07/08/2022

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිව සිටින සිය අනන්‍යතාවය හෙලි නොකරන ලෙස ඉල්ලාසිටි මහතමයෙකු හා මහත්මියකගේ අනුග්‍රහයෙන්, මීට ටික කලකට ඉහතදී අප අතරින් වෙන්වූ එම මහත්මියගේ ආදරණීය පියාණන්ට පිං පිණිස, පවුල් 10කට රුපියල් පන්දහසක් වටිනා බඩු මලු බෙදාදීම Wisewalk foundation මූලස්ථානයේදී අද දින සිදු කෙරුනා.
පිලිස්සීමකින් පවුලේ ස්වාමියාගේ අත් දෙකේම ඇඟිලි අහිමිව අසරණවූ පවුලක්,පිළිකා රෝගයකින් පීඩාවිඳින කාන්තාවක්,මෑතකදී සිය ස්වාමියා අහිමිවූ ගැබිණි කාන්තාවක්,ඩවුන් සින්ඩ්‍රෝම් රෝගයෙන් පීඩාවිඳින දරුවෙකු සිටිනා කුලීවැඩ කර ජීවත් වන පවුලක්,තමාව රැකබලාගත් පුතණුවන්ගේ හදිසි වියෝවෙන් අසරණ වූ වියපත් පියෙකු ඇතුලු තවත් පවුල් කිහිපයකට බඩු මලු බෙදාදීම අද දින සිදු කෙරුනා
මේ අවස්ථාවේ සම්බන්ධීකාරකත්වය දැරීමට Wisewalk foundation කණ්ඩායමට ඇරයුම් කිරීම පිලිබඳව ගරු සභාපති කණිෂ්ක ජනනාත් මහතා ඇතුලු කණ්ඩායමේ ස්තූතිය පුදකර සිටිනවා.
මෙම පවුල් වලට පෞද්ගලිකව උදව් කිරීමට කැමති අයෙකු වේ නම් ඔවුන් සම්බන්ධ කර දීමට Wisewalk foundation අප සූදානම්.

ස්තූතියි

28/11/2021

කොරෝනා වසංගතය සමඟ තම රැකියාව නැතිවීමෙන් දරිද්‍රතාවය ඉහවහා ගොස් තම බිරිඳ හා දරුවන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් ඉටුකරගත නොහැකි වීම හා ණය තුරුස් ගෙවාගත නොහැකි වීම නිසා පුද්ගලයෙකු දුම්රියකට පැන සියදිවි නසාගත් පුවතක් අම්බලන්ගොඩ ආසන්න ගම්මානයකින් අපට අසන්නට ලැබුනා..එම පවුලට එකම පිලිසරණ වූ සැමියාගේ වියෝවෙන් පසු කබලෙන් ලිපට ඇද වැටුනු බිරිඳ හා දරුවන්ගේ ජීවිතය ගැටගසා ගැනීමට වියෝවූ පුද්ගලයාගේ බිරිඳට රැකියාවක් සොයාදීමට අද අපට හැකිවුනා.එමගින් ඔවුන්ගේ අගහිඟකම් යම්තාක් දුරකට මගහැරෙනු ඇති.
මේ රැකියාව ලබා දීම සඳහා දායක වූ Safe Guard Defence Serviceහි ගරු කළමණාකාරණ අධ්‍යක්ෂතුමන් වන ගිසර උවීන් ද සිල්වා මහතාටත්, පියල් ද සිල්වා මහතා සහ එම මැතිණියටත් අපගේ ප්‍රණාමය පුදකර සිටිනවා.

Want your business to be the top-listed Government Service in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Galle