02/06/2026
“ප්‍රජාශක්ති ගම් දහසක වැඩ දහසක්“ ජාතික වැඩසටහනට සමාගාමීව , ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ,පින්නදුව පත්තන්කට්ටිය යාය අමුණ සංවර්ධන කරලීම සදහා,පලමු ආදියර යටතේ,රු.මිලියනයක මුදලක් යෙදවීමට නියමිතයි.
මේ අවස්ථාව සඳහා කෝප් කමිටු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ඇතුළු පාළත් පාලන මහජන නියෝජිතයන්ද, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ යූ චන්ද්‍රලාල් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැස්ක්ද මීට එක්ව සිටියහ.වැඩසටහන අක්මීමන ප්‍රාදේශිය ලේකම් කාර්යලය වෙතින් සංවිධානය කර තිබේ.
02/06/2026
“ප්‍රජාශක්ති ගම් දහසක වැඩ දහසක්“ ජාතික වැඩසටහනට සමාගාමීව , ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන අක්මීමණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි අද ( 02)දින පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිනි.
මැස්මකින් දිරිය සවියට අත්වැලක් මැයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, අක්මීමණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 109ඉහළගොඩ දකුණු ග්‍රාම නිලධාරී වසමේදි ක්‍රියාත්මකය.මෙම ව්‍යපෘතියේ ප්‍රතිලාභීන් සංඛ්‍යාව 40ක් වන අතර, ඉන් අතුරින් මහන මැශින් 20දෙනෙකුට හිමිවේ.මෙම ව්‍යපෘතියේ මුළු වටිනාකම රුපියල් මිලියන 2.9කි රජය විසින් රුපියල් මිලියන 1.7ක මුදලක් යොදවා ඇත. මෙම ප්‍රතිලාභීන් මේ වන විට පුහුණුව ලබා ඇති අතර,එකී පුහුනු ලාභීන් සඳහා සහතික පත් ප්‍රධානය කිරිම අද දින සිදු විය.මෙයට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යපෘති 64ක් අද පෙරවරුවේ ආරම්භ කෙරිනි.
මේ අවස්ථාව සඳහා කෝප් කමිටු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ඇතුළු පාළත් පාලන මහජන නියෝජිතයන්ද, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ යූ චන්ද්‍රලාල් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැස්ක්ද මීට එක්ව සිටියහ.වැඩසටහන අක්මීමන ප්‍රාදේශිය ලේකම් කාර්යලය වෙතින් සංවිධානය කර තිබේ.
02/06/2026
https://youtu.be/X1Lc5E_F4KI?si=maOp3V0OXgYtSqYw
2026 06 01 Ruhiru pooja
Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.
01/06/2026
Clean Sri Lanka ලේකම් කාර්යාලය විසින් නාගරික ඇළමාර්ග පවිත්‍ර කිරිමේ ව්‍යපෘතිය යටතේ, ගාල්ල නගාරික බලප්‍රෙද්ශයේ ඕලන්ද කැපු ඇළ පිරිසිදු කිරිමේ ව්‍යපෘතිය අද(01) පෙරවරුවේ ආරම්භ කෙරිනි. මීටර් 600ක පමණ දිගින් යුත් මෙම ඇළ මාර්ග පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත පවිත්‍ර කිරිම සිදු වේ.මේ අවස්තාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සහ ගාල්ල නගරාධිපති සුනිල් ගමගේ මහතා ඇතුළු පළාත් පාලන නියෝජිතයින් එක්ව සිටියහ.
මෙම ව්‍යපෘතිය දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය, ගාල්ල මහනගර සභාව සහ ක්ලීන් ශ්‍රි ලංකා ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරයි.
01/06/2026
වෙසක් සතියට සමගාමිව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලය, දිස්ත්‍රික් සමෘද්ධි කාර්‍යාලීය සමාජ සංවර්ධන අංශය හා දිස්ත්‍රික් සමෘද්ධි කාර්‍යාලයීය සේවක සුභසාධක සංගමය ඒකාබද්ධව සංවිධානය කල උත්තම රුහිරු පුජා, ලේ දන්දිමේ වැඩසටහන අද දින(01) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිශ්‍රයේදී පැවත්විනි.
මේ සඳහා නිලධාරී මහත්ම මහත්මීන්ට අමතරව, විවිධ සිවිල් සංවිධාන, ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු බොහෝ දෙනෙක් ලේ පරිත්‍යාගශිලින් ලෙස එක්ව සිටියහ.
සමාරම්භක අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් කේ.යූ චන්ද්‍රලාල් මහතා ,අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන)අයේෂා කාරියවසම් මහත්මිය ,අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන )ජී.ජී ලක්ෂ්මි කාන්ති මෙනවිය, ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.