DS Galle

Directions Website Contact the organization

DS Galle Information Department,
District Media Unit
Galle.

මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව වෙතින් සංවිධානය කල ගාල්ල රැකියා පොළ හා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන අද දින (10/07)...
07/10/2026

මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව වෙතින් සංවිධානය කල ගාල්ල රැකියා පොළ හා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන අද දින (10/07) හෝල්ඩි ගෝල් පරිත්‍රයේදී පැවැත්විණ.

මෙම අවස්ථාව සඳහා එක්වෙමින් ස්ටාගාමන්ට් පුද්ගලික සමාගමේ විධායක උප සභාපති ක්‍රිෂාන්ත සම්පත් මහතා සහභාගී වෙමින් වර්තමාන වැඩ ලෝකය හා පුද්ගලික අංශයේ රැකියා අපේක්ෂිතයන්ගේ බලාපොරොත්තු වන කුසලතා පිළිබඳව විශේෂ දේශනයක් ද පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ආයේෂා කාරියවසම් මහත්මිය, ගාල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් නලින්ද උදය කුමර මහතා, ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී රොෂාන්ත බෝපගේ මහතා ඇතුළුව, දේශීය රැකියා ආයතන, පුහුණු ආයතන, ත්‍රිවිධ හමුදා ආයතන, විදේශ රැකියා ආයතන, උසස් අධ්‍යාපන ආයතන මෙන්ම ව්‍යවසායක ආයතනවල නියෝජිතයින් මෙන්ම තරුණ තරුණියන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

07/10/2026

ඔක්තෝබර් 05 දිනට යෙදුණු ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් සහ රජයේ සංවර්ධන වැඩපිළිවෙළෙහි ප්‍රමුඛතම සංවර්ධන ව්‍යාපෘතියක් වන "තමන්ගේම තැනක්, ලස්සන ජීවිතයක්" වැඩසටහන යටතේ අසරණ ජනතාව වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි නිවාස 5000ක් ප්‍රදානය කිරීමේ කටයුතු පසුගියදා ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිදු කෙරිනි.
❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️
මේ යටතේ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා නිවාස 40ක් ඉදි කර පසුගියදා ජනතා අයිතියට පත් කිරීම විශේෂත්වයක් .ඒ පිළිබඳව ජාතික තරුණ සේවා සභාවේ පුහුණුව ලත් සමාජ මාධ්‍යවේදියෙකු වෙතින් නිර්මාණය කල නිවාස ලාභියෙකුගේ කතාවක්..කැමරා ඇසින්.

07/10/2026

ඔක්තෝබර් 05 දිනට යෙදුණු ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් සහ රජයේ සංවර්ධන වැඩපිළිවෙළෙහි ප්‍රමුඛතම සංවර්ධන ව්‍යාපෘතියක් වන "තමන්ගේම තැනක්, ලස්සන ජීවිතයක්" වැඩසටහන යටතේ අසරණ ජනතාව වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි නිවාස 5000ක් ප්‍රදානය කිරීමේ කටයුතු පසුගියදා ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිදු කෙරිනි.
❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️

මේ යටතේ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා නිවාස 40ක් ඉදි කර පසුගියදා ජනතා අයිතියට පත් කිරීම විශේෂත්වයක් .ඒ පිළිබඳව ජාතික තරුණ සේවා සභාවේ පුහුණුව ලත් සමාජ මාධ්‍යවේදියෙකු වෙතින් නිර්මාණය කල නිවාස ලාභියෙකුගේ කතාවක්..කැමරා ඇසින්.

Sasindu Sahan Tharaka

07/10/2026

රැකියා පොළ 2026 10 07

මෙරට පළමුවරට සංවිධානය කරන ධීවර ජංගම සේවා වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කය කෙන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සියලු  කටයුතු සුදානම්...
07/10/2026

මෙරට පළමුවරට සංවිධානය කරන ධීවර ජංගම සේවා වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කය කෙන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සුදානම්ව පවතී. ඔක්තොම්බර් මස 16 වැනි දින ගාල්ල දොඩම්දුව ධීවර වරාය පරිශ්‍රයේ මෙම එක් දින ජංගම සේවා වැඩසටහන පැවත්වීමට නියමිතව ඇත.

ඒ පිළිබඳව ආදාළ ආයතන දැනුම්වත් කරලීම වෙනුවෙන් සිදු කළ විශේෂ සාකච්ඡාවක් ඊයේ දින(06) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවත්වූයේ ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ධීවර ප්‍රජාවට ඝෘජුව සහ වක්‍රව බලපාන ක්ෂේත්‍රයේ ගැටළු සඳහා නොවිසඳුනූ කඩිනම් විසඳුම් ලබා දීම මෙහි අරමුණයි.

විශේෂයෙන්ම ධීවර බලපත්‍ර ලබාදීම, මොහෙයුම් බලපත්‍ර, ලියාපදිංචි බලපත්‍ර සහ රේඩීයෝ බලපත්‍ර ආදී සේවාවන් එදිනට ධීවර ප්‍රජාවට ලබා ගැනිමේ හැකියාව පවතී.

මිරිදිය ධීවර ප්‍රජාව සහ විසිතුරු මත්ස්‍ය ව්‍යවාසායකත්වය මුහුණ දෙන ,ක්ෂේත්‍රයේ ගැටළු කඩිනමින් විසඳාලීමත් මෙම ජංගම සේවාවේ තවත් එක් අපේක්ෂාවකි.

මිරිදිය ධීවර ක්ෂේත්‍රයේ නියුතු වූවන් ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළබඩ කලාපයේ බහුලව සිය ජීවිකාව සිදුකරගෙන යන අතර, කරන්දෙණිය , ඉමදුව ,ගෝනපීනුවල යන කොට්ඨාසයන්හිද එම වෘත්තින් ප්‍රචලිතව පවතී.

මෙම ක්ෂේත්‍රයේ නියුතු වූවන් විධිමත්ව හදුනාගැනිමේ අවශ්‍යතාව අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් පෙන්වා දෙන්නට විය.

ඔවුන්ගෙන් මෙරට ජාතික ආර්ථිකයට ලැබෙන දායකත්වය නිවැරදිව හදුනාගත යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම ජංගම සේවාව මගින් ධීවර විශ්‍රාම වැටුප්, ධීවර රක්ෂණාවරණය, සහ ඔවුන්ට මේ වන විටත් ලබා ගැනිමට නොහැකි වූ ජාතික හැදුනුම්පත්, උප්පැන්න සහතික වැනි ලියාපදිංචි සහතික පත්‍ර ලබා ගැනිමටද මෙම ජංගම සේවාව මගින් හැකියාව පවතී.

වෛද්‍ය සායන, ඉඩම් සම්බන්ධ ගැටළු, ජීවිතාරක්ෂක පුහුණු සැසි, බෝ නොවන රෝග සායන මෙහිදි පැවත්වීමට නියමිතය.

දිය යට කිමිදුම් කරුවන් සම්බන්ධව විශේෂ සෞඛ්‍ය සායනයක් පැවත්වීමට නියමිතව පවතී.

එසේම ධීවර ප්‍රජාවට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීමද මෙහි තවත් අදියරයකි. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය , ශ්‍රි ලංකා නාවුක හමුදාව, කාළගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව යන ආයතන ඇතුළු ආයතන 60කට ආසන්න සංඛ්‍යාවක් මෙම ජංගම සේවයට එක් වීමට නියමිතය.

මෙම විශේෂ සාකච්ඡාව සඳහා, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ යූ චන්ද්‍රලාල් මහතා, ධීවර දේපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ධීවර ක්ෂේත්‍රය නියෝජනය කරන නිලධාරීන් රැසක්ද සහ ධීවර නියෝජිතයින්ද මෙයට එක්ව සිටියහ.

ගාල්ල නගර සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට පියවර♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️ගාල්ල නගර සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊ...
06/10/2026

ගාල්ල නගර සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට පියවර
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️

ගාල්ල නගර සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ(05) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතාගේ සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ චන්ද්‍රලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි .

මෙහිදී ගාල්ල නගර සංවර්ධන සැලැස්ම වෙනුවෙන් ආයතනික මට්ටමින් ගත යුතු පියවරයන් පිළිබඳව සහ එම ක්‍රියාමාර්ගයන්හි ප්‍රගතිය පිළිබද විශේෂයෙන් සාකච්ඡා කෙරිනි.

ගාල්ල මහ මෝදර රෝහල් භූමියේ භුක්තිය ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් වෙතින් පොලිසිය සහ තැපැල් කාර්යාලය ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන වෙත කඩිනමින් පවරාදීමට අවශ්‍යතාව මෙහිදි සදහන් කෙරිනි .

ගාල්ල හෙද විදුහල් භූමිය බෝපෙ පෝද්දල ගොඩකන්ද ප්‍රදේශයේ ප්‍රති ස්ථාපනය සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ සහාය ලබාගෙන කඩිනමින් අවසන් කිරීමටද මෙහිදී එකගතාවය පල කෙරිනි.

එමෙන්ම යෝජිත නව නගර සැලැස්ම පිළිබඳ නාගරික සංවර්ධන අධිකාරිය විසින් පැහැදිලි කලේය. නගර සංවර්ධන සැලැස්ම යටතේ නගර 16ක් සංවර්ධනය කිරීමට සමගාමීව විවිධ වෙනස්කම් සහිතව සැලසුම් කර ඇති බැවින් එය ඉදිරියේ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව සදහන් විය.

ගාල්ල නගරය ආශ්‍රිතව පවතින නාගරික රථ වාහන තදබදය, මාර්ග සංවර්ධන කටයුතු, නාගරික උද්‍යාන ඉදිකිරීම්, නව නාගරික වෙළඳපොළ ,මංමාවත් ඉදිකිරීම් කටයුතු පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

ලෝක ජනාවාස දිනයට සමගාමීව ගාල්ලේ ප්‍රතිලාභීන් 40කට නිවාස​❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️​ඔක්තෝබර් 05 දිනට යෙදෙන ලෝක ජනාවාස දිනය නි...
05/10/2026

ලෝක ජනාවාස දිනයට සමගාමීව ගාල්ලේ ප්‍රතිලාභීන් 40කට නිවාස
​❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️

​ඔක්තෝබර් 05 දිනට යෙදෙන ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් සහ රජයේ සංවර්ධන වැඩපිළිවෙළෙහි ප්‍රමුඛතම සංවර්ධන ව්‍යාපෘතියක් වන "තමන්ගේම තැනක්, ලස්සන ජීවිතයක්" වැඩසටහන යටතේ අසරණ ජනතාව වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි නිවාස 5000ක් ප්‍රදානය කිරීමේ කටයුතු අද ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිදු කෙරිනි.

මේ යටතේ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා නිවාස 40ක් ඉදි කර අද ජනතා අයිතියට පත් කිරීම විශේෂත්වයක් ..

ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 12ක් ,හබරාදුව නිවාස 07ක්,වඳුරඹ නිවාස 5ක්,බෙන්තොට නිවාස 05ක්,කරන්දෙණිය නිවාස 04ක්, බද්දෙගම නිවාස 04ක්, යක්කලමුල්ල නිවාස 02ක් බලපිටිය නිවාස 01ක් බැගින් මේ යටතේ නිවාස අද ජනතා අයිතියට පත් විය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් නිවාස වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.

ආපදා පෙරහුරුව 2026/10/06
05/10/2026

ආපදා පෙරහුරුව 2026/10/06

දැය නංවන සපිරි ගමක්" ආදර්ශ  ගම්මාන වැඩසටහන- ගෝනපිනුවල  බාන්වැල්ගොඩැල්ල❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය ...
02/10/2026

දැය නංවන සපිරි ගමක්" ආදර්ශ ගම්මාන වැඩසටහන- ගෝනපිනුවල බාන්වැල්ගොඩැල්ල
❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️

ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය හා ක්ලීන් ශ්‍රී ලංකා‍ ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක "දැය නංවන සපිරි ගමක්" ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ "ආකල්ප සංවර්ධනය සහ ගීත රසාස්වාදන හා විචාරාත්මක වැඩසටහනක් පසුගියදා (29) බාන්වැල්ගොඩැල්ල ප්‍රජා ශාලාවේදී ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යු. චන්ද්‍රලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී බාන්වැල්ගොඩැල්ල ප්‍රජාවගේ තොරතුරු ඇතුලත් QR කේත ජනගත කිරීම ද දිස්ත්‍රික් ලේකම් කේ. යූ. චන්ද්‍රලාල් මහතාගේ සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අජිත් ජයවර්ධන මහතාගේ සම්පත්දායකත්වයෙන් සිදුවිය.

මේ සඳහා ගෝනපිනුවල ප්‍රාදේශීය ලේකම් එම් .එම් .එම් ශර්ෆාස් මහතා , සහකාර දිස්ත්‍රික් ලේකම් ටී.බී නලින්ද උදය කුමාර , ගෝනාපිනුවල සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු මාණ්ඩලික නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්, ප්‍රදේශ වාසීන්ගේ හා ප්‍රතිලාභීන්ගේ සහයෝගයෙන් වැඩසටහන පැවැත්විණි.

අරාබි විද්‍යාලවල පරිපාලන ,මූල්‍ය සහ ශිෂ්‍ය කටයුතු පිළිබඳ  දැනුම්වත් කිරීමක් ගාල්ලේ දී❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️මුස්ලිම් ...
02/10/2026

අරාබි විද්‍යාලවල පරිපාලන ,මූල්‍ය සහ ශිෂ්‍ය කටයුතු පිළිබඳ දැනුම්වත් කිරීමක් ගාල්ලේ දී
❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️

මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් දකුණු පළාතේ අරාබි විද්‍යාල සඳහා වන මාර්ගෝපදේශ පිළිබද පුහුණු වැඩසටහනක්
ඊයේ (10-01) ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේ දී පැවැත්විණ .

අරාබි විද්‍යාලවලl පරිපාලන ව්‍යුහය, මූල්‍ය පාලනය සහ ශිෂ්‍ය කටයුතු යන ප්‍රධාන මාතෘකා තුන යටතේ මෙහිදී දැනුම්වත් කිරීම සිදුකෙරිණ .

මේ සඳහා සම්පත් දායකයන් ලෙස:
අග්නිදිග විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආර්. ඒ. සර්ජූන් මහතා (Prof. R. A. Sarjoon) කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආචාර්ය එන්. ගෆූර්දීන් මහතා (Prof. Dr. N. Gafoordeen) අල් ඉමාම් බින් බාස් අරාබි විද්‍යාලයේ අධ්‍යක්ෂ ආචාර්ය එම්. එච්. එම්. අසාර් මහතා (Dr. M. H. M. Azhar) සහකාර දිස්තික් ලේකම් ටී.බී.නලින්ද උදයකුමාර මහතා සහභාගී වූහ.

ඉදිරියේ දී මෙම වැඩසටහන සෙසු පළාත්වල මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති සියලුම අරාබි විද්‍යාල සඳහා ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත .

මෙම අවස්ථාවට දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ

Address

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, නො. 06, කොළඹ පාර, ගාල්ල
Galle
80000

Opening Hours

Monday 08:15 - 16:15
Tuesday 08:15 - 16:15
Wednesday 08:15 - 16:15
Thursday 08:15 - 16:15
Friday 08:15 - 16:15

Alerts

Be the first to know and let us send you an email when DS Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to DS Galle:

Shortcuts

Share