ගාල්ල මහා නගර සභාව මගින් නොමිලේ වාර්ෂිකව,ඇදුම් මැසීමේ (Dress making)
හා එම්බ්‍රොයිඩරි(Embroidery) එක් අවුරුදු මැහුම් පාඨමාලාවන් පවත්වාගෙන යනු ලබයි.
එම පාඨමාලාවන් ගාල්ල මහා නගර සභාවේ, දඩැල්ල මැහුම් පුහුණු මධ්‍යස්ථානය
මාගාල්ල මැහුම් පුහුණු මධ්‍යස්ථානය
ගල්වඩුගොඩ මැහුම් පුහුණු මධ්‍යස්ථානය
තලාපිටිය මැහුම් පුහුණු මධ්‍යස්ථානය
යන මැහුම් පුහුණු මධ්‍යස්ථාන වලදී පැවැත්වේ.
ගාල්ල මහා නගරසභා සීමාතුළ පදිංචි වයස අවුරුදු 16-50 අතර කාන්තා ඔබට මෙම පාඨමාලාවන් සමග එක්වන්නට අවස්ථාව ඇත.
සෑම වර්ෂයකම දෙසැම්බර් මාසයේදී පාඨමාලාවන් සඳහා නවක ශිෂ්‍යාවන් බදවාගන්නා අතර පාඨමාලාව අවසානයේ මැහුම් ප්‍රදර්ශනයක් පවත්වා පාඨමාලාව සාර්ථකව අවසන් කරන ශිෂ්‍යාවන්ට වටිනා සහතික පත්‍රක් පිරිනැමේ.
වැඩිදුර තොරතුරු -: 0912248827 (ප්‍රජාසංවර්ධන ඒකකය)
Galle Municipal Council
Official page of the Galle Municipal Council Galle Municipal Council is the third Municipality in Sri Lanka after Colombo and Kandy.Our first Mayor Mr.
W.Dhahanayake was able to become the 5th Prime minister of SriLanka.
05/05/2026
නගරයේ පවිත්‍රතාවය හා මංමාවත් දෙපස මෙන්ම අපවහන කානු පද්ධති එළිපෙහෙළි කිරීම හා පිරිසිදු කිරීම ගාල්ල මහා නගරසභාව විසින් දෛනිකව සිදුකරනු ලබන මූලික කර්තව්‍යයකි.
අද (05) දිනයේදී ලබුදූව සිට කරාපිටිය,කරාපිටිය සිට හිරිඹුර පාර,හිරිඹුර හරස්පාර බෙලිගහ මංසන්ධිය,බෙලිගහ සිට ජූල්ගහ මංසන්ධිය හරහා කලුවැල්ල දක්වා මාර්ග දෙපස හා කානු පිරිසිදු කිරීමේ කටයුතු සිදුවිය.
03/05/2026
ලෝක මාධ්‍ය නිදහස් දිනය අදයි!
මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය මගින් සහතික කර ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතීන් සහතික කිරීම සදහා
1993 එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේදී ප්‍රකාශයට පත් කරන ලද ලෝක මාධ්‍ය නිදහස් දිනය "සාමයේ අනාගතයක් හැඩගැස්වීම" තේමා කොටගනිමින් 2026 වර්ෂයේදී සමරනු ලබයි.
30/04/2026
ආදරය,රැකවරණය සමගින් දිවා කාලයේ ඔබේ දරුවා රැකබලා ගැනීම සදහා 25 වසරක අඛණ්ඩ විශ්වාසයකින්,නිසි පුහුණුව සහිත කාර්යය මණ්ඩලයක් සමගින්
"ගාල්ල මහා නගරසභාවේ"
" දිවා සුරැකුම් මධ්‍යස්ථානය " ගාල්ල නගරවාසී ඔබ වෙනුවෙන් දිනපතා
පෙ.ව 7.30 සිට ප.ව 05.00 දක්වා විවෘතව පවතියි.
* වයස අවුරුදු 2 සිට ඉහළ වයස් මට්ටම්වල දරුවන් දක්වා ආරක්ෂාරී රැකවරණය.
* පාසල් වේලාවෙන් පසුව මෙන්ම පෙරපාසල් කාලයෙන් අනතුරුව සවස් කාලයේ සුරක්ෂිත ලෙස රඳවා ගැනීමේ පහසුකම්.
* පාසල් වැඩකටයුතු (Home work) සදහා උදව් කිරීම.
* දරුවන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරකම්.
ඉහත සියලු පහසුකම් හා සේවාවන් සමගින් සහනදායී මිළකට වඩාත් ආරක්ෂාකාරී පරිසරයක ඔබේ දරුවා රඳවන්ට
ගාල්ල මහා නගරසභාවේ
" ගිනි නිවීමේ ඒකකය අසල" පිහිටි "දිවා සුරැකුම් මධ්‍යස්ථානය" සමගින් ඔබටත් අවස්ථාව ඇත.
වැඩිදුර තොරතුරු -: 0912248827
(ප්‍රජා සංවර්ධන ඒකකය)
29/04/2026
ගාල්ල මහා නගරසභා සීමාව තුළ අනවසරයෙන්,අනීතිකව කසළ බහැරලීම අවම කිරීම පිළිබදව අද (29) දින පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් ගාල්ල මහා නගරසභාවේදී පැවැත්විණි. එහිදී අනවසරයෙන් කසල බැහැර කරන්නන් හදුනාගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ගාල්ල මහා නගරසභාව ,ක්ලීන් ශ්‍රී ලංකා ආයතනය හා පොලීසිය එක්ව ඒකාබද්ධ කමිටුවක් ස්ථාපනය කිරීම හා අනවසර ලෙස කසල බැහැර කරන ස්ථාන හදුනාගෙන ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සදහා එකඟත්වය ඇතිවිය.
මෙම සාකච්ඡාව වෘත්තීය අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්,ගාල්ල මහා නගරසභාවේ ගරු නගරාධිපති සුනිල් ගමගේ මැතිතුමන්ගේ අධීක්ෂණය යටතේ දකුණු පළාත් ක්ලීන් ශ්‍රීලංකා සම්බන්ධීකාරක සංජය ධනුෂ්ක මහතා, ගාල්ල මහා නගරසභාවේ පරිසර කමිටුවේ සභාපති ගාල්ල කොට්ඨාශ නාගරික මන්ත්‍රී මනෝජ් විතානගේ,වැලිවත්ත කොට්ඨාශ නාගරික මන්ත්‍රී ධර්මවර්ධන මුණසිංහ,කලුවැල්ල කොට්ඨාස නාගරික මන්ත්‍රී විල්ෆ්‍රඩ් අතුකෝරල,බටගන්විල කොට්ඨාශ නාගරික මන්ත්‍රී දිලිප් කුමාර,මිලිද්දුව කොට්ඨාශ නාගරික මන්ත්‍රී සලාම් මැතිතුමන්,සංඝමිත්තපුර කොට්ඨාස නාගරික මන්ත්‍රී ඉරේස් ලියනගේ,කලුවැල්ල කොට්ඨාශ නාගරික මන්ත්‍රී කපිල කොහොඹන්ගේ යන මන්ත්‍රීවරුන්ගේ මෙහෙයවීම මත ගාල්ල මහා නගරසභාවේ නාගරික ඉංජිනේරු තුමන්,මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්,තාක්ෂණ නිළධාරීන්,කසළ කළමනාකරණ ඒකකයේ නිලධාරීන්,ගාල්ල පොලීසියේ නිලධාරීන් හා කසළ කලාප නීරික්ෂකයන් ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
26/04/2026
22/04/2026
"අපේ බලය අපේ පෘථිවිය"
ලෝක මිහිකත දිනය අදයි!
“පොළව මත ඇති සියළුම ජීවීන්ගේ පැවැත්ම තහවුරු කරන පද්ධතියක් ලෙස මිහිතලය සැලකීම"
අරමුණු කරගනිමින් ලෝකය පුරා මෙම දිනය සමරනු ලබයි.
19/04/2026
2026 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගාල්ල නගරවාසී සහෘද ඔබ වෙනුවෙන් "ගාල්ල මහා නගරසභාව" මගින් සංවිධානය කරනු ලබන
"බක්මහ උළෙල"
අප්‍රේල් (25 ) සෙනසුරාදා දිනය පුරා
"ගාල්ල ධර්මපාල උද්‍යානයේදී" පැවැත්වේ.
දිනය පුරාවට ජනක්‍රීඩා හා විනෝද ක්‍රීඩා රැසක් ඔබ වෙනුවෙන් සංවිධානය වන අතර එම සියලුම තරග "විවෘත" තරඟ ලෙස පැවැත්වේ.
14/04/2026
ගාල්ල නගරවාසී,ශ්‍රීලංකාවාසී ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය සපිරි "සුබ අලුත් අවුරුද්දක් වේවා"
-මහා නගරසභාව ගාල්ල-
Click here to claim your Sponsored Listing.
Location
Contact the business
Telephone
Website
Address
Galle
Opening Hours
| Monday | 08:30 - 16:15 |
| Tuesday | 08:30 - 16:15 |
| Wednesday | 08:30 - 16:15 |
| Thursday | 08:30 - 16:15 |
| Friday | 08:30 - 16:15 |
