09/01/2026
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
Sri Lanka Freedom Party
இலங்கை சுதந்திரக் கட்சி B.
Sinhala name ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
Tamil name இலங்கை சுதந்திரக் கட்சி
Leader Maithripala Sirisena
Chairperson Maithripala Sirisena
Secretary-General Anura Priyadarshana Yapa
Founder S.W.R.D Bandaranaike
Parliamentary Leader Nimal Siripala de Silva
Founded September 2, 1951
Split from United National Party
Preceded by Sinhala Maha Sabha
Headquarters 307 T. Jayah Mawatha, Colombo 10
Newspaper Sing
09/01/2026
04/06/2025
පුටුවේ නාගරික මන්ත්‍රිවරුන් දිවුරුම් දෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ යටතේ දිස්ත්‍රික් 8ක් නියෝජනය කරමින් තේරීපත්වූ සභිකයින් අද (03) නාගරික මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දුනි.
මෙම දිවුරුම්දීම පැවැත්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී ය.
21/09/2024
දේශපාලන පුවත් දැනගැනීමට එකතු වෙන්න
මනාපය..lk
https://www.facebook.com/manapaya.lk
මනාපය අපි වෙනුවෙන්.... අපි ඔබ වෙනුවෙන්.....
https://www.facebook.com/lankaelection
https://chat.whatsapp.com/E9d1InI2O0u9h6wAawq5PV
Lanka Election
Presidential Elections 2019
ශ්‍රීලනිප කාර්යාලය සම්බන්ධයෙන් වූ තහනම් නියෝගය දීර්ඝ කෙරේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අර්බුදයක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල මහතා විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ල ඉදිරියට විභාග කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය සැප්තැම්බර් මස 06 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ තීරණයට එරෙහිව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ගොනු කර තිබෙන පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා ඉදිරියේ යළි කැඳවනු ලැබීය.
එහිදී විරෝධතා තිබේනම් ඒවා සැප්තැම්බර් මස 06 වනදා ගොනුකරන ලෙසත් අධිකරණය විසින් වගඋත්තරකාර තිලංග සුමතිපාල මහතාට නියෝග කර ඇත.
පෙත්සම්කාර නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටින්නේ පොදුජන එක්සත් පෙරමුණේ ලේකම්වරයා වූ තිලංග සුමතිපාල මහතා කොළඹ ටී. බී. ජයා මාවතේ පිහිටි නිදහස් පක්ෂ කාර්යාලය තුළ තිබෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලය තුළ සිටියදී ආරක්ෂක නිළධාරීන් දෙදෙනෙකු පැමිණ දොරවල්වලට ඉබි යතුරු දැමීමට කටයුතු කළ බවට ඒ මහතා විසින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවය.
අයුතු ලෙස රඳවා තබා ගැනීම ඇතුළු අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ තිලංග සුමතිපාල මහතා මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවත් පෙත්සමේ සඳහන් වෙයි.
එය සලකා බැලූ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ඉකුත් 19 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තමන් වෙත සිතාසි නිකුත් කළ බව පෙන්වා දෙන නිමල් සිරිපාල ද සිල්වා මහතා අධිකරණය විසින් මෙම සිතාසි නිකුත් කර තිබෙන්නේ ප්‍රමාණවත් කරුණු හැදෑරීමකින් තොරව බවත් සඳහන් කළේය.
ඒ අනුව තමන්ට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පැවැත්වෙන පෞද්ගලික පැමිණිල්ල මතවූ ඉදිරි විභාග කටයුතු අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර නිමල් සිරිපාල ද සිල්වා මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණි.
එමෙන්ම තමන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කර තිබෙන සිතාසිය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර නිමල් සිරිපාල ද සිල්වා අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
මැ.කො. කැළඹෙයි.. ශ‍්‍රීලනිපය යනු කුමක්දැයි නීතිපතිගෙන් අහයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේවන විට පාර්ශව කිහිපයකට බෙදීයාම හෙතුවෙන් තමන් කටයුතු කලයුත්තේ කුමන පාර්ශවයක් සමඟ දැයි නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව කරුණු විමසූ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එහිදී ලැබෙන තීරණය සමග ඊට අදාළ පාර්ශවය සමඟ ඉදිරියේදි කටයුතු කරන බව එම කොමිෂන් සභාව පවසයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය ,අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශවය සහ පාර්ලිමේන්තු මංත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පාර්ශවය ලෙස කොටස් තුනකට බෙදී පවතියි.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශවය සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පාර්ලිමේන්තු මංත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා දෙන බව පැවසීය.
– නාගොඩ සුමන උදයන්ත
03/08/2024
ශ‍්‍රීලනිපයෙන් ලෝක වාර්තාවක්.. රනිල්ට, සජිත්ට, විජේදාසට එකවර සහාය දෙති
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර මහතා නියෝජනය කරන පාර්ශවය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දීමට තීරණය කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයැසිරි ජයසේකර මහතා කියා සිටියේ පක්ෂයේ ආසන සංවිධායකයින් අද කොළඹට රැස්කර සාකච්ඡා කිරීමෙන් පසු මෙම තීරණය ගත් බවයි.
කෙසේ වෙතත් මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමද කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බවයි.
ඒ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී සහාය දීමට තීරණය කර තිබේ.
28/07/2024
ජනාධිපතිවරණයට ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශ්වයේ සූදානම
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල පාර්ශ්වය විසින් එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් පක්ෂ සංවිධායකවරු දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
එම වැඩසටහන ඊයේ (27) ආරම්භකර කර ඇති අතර අද (28) දිනයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පක්ෂ සංවිධායකවරු දැනුවත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මේ වනවිට අභ්‍යන්තර ගැටලු රැසක් මතුව ඇති අතර එම ගැටලු අධිකරණ ක්‍රියාමාර්ග දක්වා දුරදිග ගොස් තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම හෝ ලකුණින් මෙවර ජනාධිපතිවරණයට කිසිදු පාර්ශ්වයකට ඉදිරිපත්වීමේ හැකියාවක් නොමැති පසුබිමක එම අර්බුදකාරී තත්ත්වය තවදුරටත් ඉහළ ගොස් ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් මේ වනවිට අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ප්‍රකාශ කර ඇති පසුබිමක ඔහුගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය අතුරුගිරිය ප්‍රදේශයේ ආරම්භ කර තිබේ.
මේ අතර සමගි ජනබලවේගය සමග එක්වීමට කිසිදු අවස්ථාවක සාකච්ඡා කර නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ තමා ඇතුළු කණ්ඩායමක් සමගි ජන බලවේගය සමග එක්වීමට සූදානමින් සිටින බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකරන ලද ප්‍රකාශය පදනම් විරහිත බවය.
28/07/2024
ශ්‍රිලනිප තීරණය 31 දා කියයි
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය සහයෝගය දෙන ජනාධිපති අපේක්ෂකයා ලබන 31 දා හෙළිකරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටස්වලට කැඩී නැතැයි ද දැන් තියෙන්නේ නීත්‍යානුකූල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් පමණක් බව ද අමාත්‍යවරයා කීය.
පක්ෂ මූලස්ථානය තියෙන්නේත් තමා අතේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යැයි ඇතැමුන් කරන ප්‍රකාශ වලංගු නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
08/07/2024
නිමල්- අමරවීර යළි ඩාලි පාර හොල්ලති
(අංජුල මහික වීරරත්න)
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඩාලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ එහි ඉදිරිපිට සිට ලියවිල්ලකට අත්සන් කොට පක්ෂ ලේකම් ධුරයේ වැඩ බාරගෙන තෙදිනක් ගතවීමට පෙර නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමාරවීර අමාත්‍යවරු ප්‍රමුඛ පිරිසක් අද (8) පක්ෂ මූලස්ථානයේ දොරටු ඇරගෙන පැමිණ වැඩ ආරම්භ කළහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් හා පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම තහනම් කරමින් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා නියෝජ්‍ය ලේකම්වරයාට කොළඹ අතිරේක දිසා විනිසුරු අනුර වික‍්‍රමසිංහ මහතා ඉකුත් 2 දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර දයාසිරි ජයසේකර මහතා ඉකුත් 5 වැනිදා ශ්‍රීලනිප මූලස්ථානය ඉදිරිපිටට පැමිණ වැඩ බාර ගත්තේ ඉන් අනතුරුවයි.
පක්ෂ මූලස්ථානයේ ඉබි අතුරු දමා වසා ඇති හෙයින් එළියේ සිට ලිපියට අත්සන් කොට වැඩ බාර ගන්නා බව දයාසිරි ජයසේකර මහතා එහිදී සඳහන් කළේය.
මේ අතර අද (8)දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලස්ථානයේ ඉබි යතුරු විවෘත කොට එහි පැමිණි වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහත්වරු ප්‍රමුඛ පිරිසක් පක්ෂ කාර්යාලයේ සිට වැඩ ආරම්භ කළහ.
එහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලේකම්වරයෙක් මෙන්ම සභාපතිවරයෙක් නීත්‍යානුකූලව පත්වී තිබෙන අතර නිමල් සිරිපාද සිල්වා සහ දුමින්ද දිසානායක එම තනතුර වල කටයුතු කරන බවයි.
පසුගිය දිනෙක පක්ෂ කාර්යාලය ඉදිරිපිට නීතියට පටහැනි කාර්යයක් කර තිබෙන බව කී අමරවීර මහතා බාධාවකින් තොරව පක්ෂ කටයුතු කරගෙන යන්නට නිමල් සිරිපාල සිල්වාට සහ දුමින්ද දිසානායකට අධිකරණ නියෝගයක් ලබා දී තිබෙන අතර පසුගිය දිනක පැමිණි කණ්ඩායමක් ඒ නියෝගය කඩ කර ඇතැයි කීය .
එම කණ්ඩායමට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීති පියවර ගන්නා බවත් නිමල් සිරිපාලගේ සහ දුමින්ද දිසානායකගේ තනතුරු වලට විරුද්ධව කිසිවකුත් මේ වන තෙක් අධිකරණයකට හෝ ගොස් නැති බවත් අමරවීර මහතා සඳහන් කළේය.
මෙහෙම ගියොත් ගම් වල ඉන්න අයත් පක්ෂ මූලස්ථානය ඉදිරිපිටට පැමිණ මේස පුටු තියාගෙන අත්සන් ගසා වැඩබාර ගනු ඇතැයි කී මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සජිත් ප්‍රේමදාසට හේත්තු කරන්න පිරිසක් සූදානම් වී සිටින බව කීය.
ඒවා සාර්ථක වන්නේ නැතැයි ද පක්ෂ මූලස්ථානය මෙන්ම මහජන මතයත් තිබෙන්නේ තම පාර්ශවය සතුව බවද අමරවීර මහතා පැවසීය.
වෙනත් කණ්ඩායම් වලටත් ඇවිත් පක්ෂ සාමාජිකත්වය ගෙන කටයුතු කරගෙන යන්න හැකියාව තිබෙන අතර කවුරුවත් එලවන්න අවශ්‍ය වන්නේ නැතැයි ද පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් නිමල් සිරිපාලට හෝ දුමින්ද දිසානායකට කිසිම අධිකරණ වාරණයක් නොපවතින බවද මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් කීය.