Galle Official

Galle Official

Share

Latest Updates in Galle
Promote Your Business
Real Estate in Galle
Villa / House /Apartment Rentals

24/11/2025

ඔබේ දරුවාටත් නොබියව අනාගතයට මුහුණදීමට හැකි පරිදි හැකියාවන් ඔප්නංවා මුවහත් කරන සුපිරිම තැනක් දැන් ගාල්ලේ 😍
ගාල්ලේ විද්‍යාලෝක විදුහල අසල.....
KFC ගොඩනැඟිල්ලේ උඩු මහලේ පැවැත්වෙන....
Stage Craft Academy Galle වෙත ගිහින් බලන්න 👌
නැත්නම් අදම Call එකක් දීලා බලන්න....
📞0702246447

17/11/2025

Pink Arcade ගාල්ල 💗
අගනා රැකියා අවස්ථා රැසක්!
▶පුහුණු / නුපුහුණු සැමට අයදුම් කළ හැක.
▶ඉහළ වැටුප් සහ දීමනා.
▶නවාතැන් පහසුකම් සහිතයි.
සතියේ දින පහේම උදේ 9.00 සිට 11.00 දක්වා...
සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.
📞Call or Whatsapp 0773570825

27/03/2025

රාමදාන් තොග අවසන් කිරීමේ මහා සේල්!!!!
මාර්තු 29, 30 දෙදින පුරාවට....
ඇදුම් පැළදුම් සඳහා 10%, 20%, 30%, 50% දක්වා... අදහාගත නොහැකි වට්ටම් රැසක් ලබාගන්න.😍
මේ වටිනා අවස්ථාව මග නොහැර....
ඔබත් මාර්තු 29, 30 දෙදින Pink Arcadeඑන්න🙏
Pink Arcade 💗
මෙම දෙදින පුරාවට....
ඔබවෙනුවෙන්ම රාත්‍රී 10 දක්වා විවෘතව පවතී❤️

Photos from Galle Official's post 27/03/2025

Pink Arcade 💗 තවත් සමාජ සත්කාරයක් 🙏

දකුණු පළාත් ගෘහණියන්ගේ සංගමයේ වාර්ෂික සමුළුව පසුගිය මාර්තු 17දින ගාල්ල සමෝදා උත්සව ශාලාවේදී සාර්ථක ලෙස පැවැත්වුණා.

මේ සඳහා සමාදර අනුග්‍රහය දැක්වූයේ ගාල්ල Pink Arcade ආයතනය විසිනුයි. මේ ඔවුන්ගේ සමාජ සත්කාරවලින් එකක් පමණයි.

ඔවුන් නිහඬවම ඉටුකරන දැවැන්ත සමාජ මෙහෙවරට අපගේ හෘදයාංගම ප්‍රණාමය හිමිවිය යුතුමයි❤️

26/03/2025

මේපාර සිංහල සහ හින්දු අළුත් අවුරුද්දට.....
රාමසාන් උත්සවයට......
සුපිරියට Shopping කරන්න....
Pink Arcade 💗එන්න....😍

▶️අළුත්ම Trending Branded Fashions
▶️High Qality Cosmetics
▶️තෑගි භාණ්ඩ
▶️පොඩිත්තන්ගේ සෙල්ලම් බඩු
▶️Hand Bags
▶️අළුත්ම Shoes සහ Slippers
▶️Original Perfumes

හැමදෙයක්ම එකම තැනකින් 👍👌😊


Photos from Galle Official's post 22/03/2025

අළුත් අවුරුද්දට Shopping කරන්න හොඳම තැන👍

අළුත් අවරුද්ද ජයටම සමරන්න🎉🎊
නිදහසේ Shopping කරන්න 👜
Pink Arcade එකට අදම යන්න😍
10% සිට 50% දක්වා දැවැන්ත වට්ටම් 📣

Pink Arcade එකේ තුන්වෙනි මහලේ අළුතින් විවෘත කෙරුණු නවීනතම කාන්තා විලාසිතා එකතුව නම් අනිවාර්යෙන්ම ඔබේ Shopping List එකට එකතු කර ගත යුතුම තැනක්!

අතේ ඇති මුදලට හිතේ හැටියට Shopping කරන්න!
ඔබත් අදම Pink Arcade එකට යන්න 🥰

Pink Arcade ගාල්ල
(ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පල ඉදිරිපිට)
Pink Arcade
0912 230 733
https://g.co/kgs/bVdQX7A

11/03/2025

Cargills Food City වෙතින් දැවැන්ත වාසියක් 😍

▶️කරාපිටිය අළුත් ශාඛාව (නව මාතෘ රෝහල ඉදිරි)
▶️ගාල්ල විද්‍යාලෝක විදුහල ඉදිරිපිට ශාඛාව
▶️තනිපොල්ගහ ශාඛාව

ඉහත ශාඛාවලින් ඔබ මිලදී ගන්නා....

▶️ රු.2,000/-ට වැඩි Sea Food සඳහා 20% ක
දැවැන්ත වට්ටමක්!!!
▶️සවස 6.00 - 8.00 අතර රු.5,000/-ට වැඩි සියළුම
බිල් සඳහා 20%ක වට්ටමක්!!!!

ඔබ සවස 6.00 - 8.00 අතර ඉහත ශාඛා තුනෙන් එකකට ගියොත් ඔබට....

▶️Sea Food සඳහා 40%ක වට්ටමක් ලබාගත හැකියි!
(රු.2,000/-)

Photos from Galle Official's post 11/03/2025

Pink Arcade Galle අළුත් අවුරුදු මහා සේල් 📣

අළුත් අවුරුද්දට shopping කරන්න....
Pink Arcade 💗 එකට එන්න....
10% සිට 50% දක්වා දැවැන්ත වට්ටම්!




27/02/2025

අපි හැමෝම පුළුවන් උපරිමයෙන් උදව් කරමු 🙏

27/02/2025

පළපුරුදු සේවක සේවිකාවන් සඳහා ඇබෑර්තු📣
-------------------------------------------------------------------------
ගාල්ල Pink Arcade ආයතනයේ සේවය සඳහා...
කාන්තා සහ පිරිමි ඇඳුම් අලෙවිය සඳහා....
පළපුරුදු සේවක සේවිකාවන් අවශ්‍යව තිබේ!

▶️ඉහළ වැටුප්
▶️අතිකාල දීමනා
▶️නවාතැන් පහසුකම්
▶️විශේෂ දිරි දීමනා
▶️විශේෂ මාසික නිවාඩු

සෑම සතියේ දිනකම උදේ 9.00 සිට උදේ 11.00 දක්වා
සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ!

අදම අමතන්න
📞0712092284

26/02/2025

ඔබ සැමට සුභ මහා ශිව රාත්‍රී දිනයක් වේවා 🙏

26/02/2025

පැය 24 ම ඇරලා තියෙන පාස්පෝට් ඔෆිස් එකෙන් ඉක්මනට පාස්පෝර්ට් එක ගන්නේ කොහොමද?

🔆 මේ වෙද්දී පාස්පෝට් ඔෆිස් එක පැය 24 ම (සති අන්ත හැර) ඇරලා තියෙන බව ඔයාලා දැනටමත් දන්නවා ඇති.

🔆 ඉතින් මම හදන්නේ එක දවසින් කොහොමද පාස්පෝට් එක කරදරයක් නැතුව හදාගන්නේ කියලා.

🔆 පාස්පෝට් එක විදි දෙකකට හදාගන්න පුළුවන්.
1. Normal - රු.10,000
2. Urgent (One Day) - රු.20,000

🔆 මුලින්ම මොන විදියටද ගන්න ඕනේ කියලා තීරණය කරන්න.

1️⃣ මුලින්ම පාස්පෝර්ට් ඇප්ලිකේෂන් එක (K 35A) පුරවගන්න ඕනේ හරියට. ඒකටත් විදි කීපයක් තියෙනවා.

💠 බත්තරමුල්ලේ ආගමන විගමන කාර්යාලයෙන් ගන්න පුළුවන්.

💠 මහනුවර, කුරුණෑගල, වවුනියාව, මාතර තියෙන ප්‍රාදේශීය ආගමන විගමන කාර්යාලවලින් ගන්න පුළුවන්.

💠 ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ගන්න පුළුවන්.

💠 ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.

🔆 ලේසිම විදිය තමයි ඉතින් වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගන්න එක. ඒකත් විදි දෙකකින් කරන්න පුළුවන්.
ඒ තමයි,

i. ඔන්ලයින්ම පුරවලා ඒකේ ප්‍රින්ට්අවුට් එකක් ගන්න පුළුවන් විදියට හදපු ඇප්ලිකේෂන් එක.

ii. මුලින් ප්‍රින්ට්අවුට් එකක් අරන් පස්සේ අතින් ලියලා පුරවගන්න විදියට හදපු ඇප්ලිකේෂන් එක.

🔆 ඉන්ටර්නෙට් එකෙන් ඔය දෙකම ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ නම් පල්ලෙහා ලින්ක් එකෙන් ගන්න.

https://www.immigration.gov.lk/content/files/applications/passport_application.pdf

2️⃣ හරි දැන් ඇප්ලිකේෂන් එක පුරවගන්නයි ඕනේ.

මේ ඇප්ලිකේෂන් එකේ පියවර 21 ක් තියෙනවා. 👇

🚨🚨🚨
පාස්පෝට් ඇප්ලිකේශන් එක හරියට පුරවගන්න හැටි

🔆 මේ වෙද්දී පාස්පෝට් ඔෆිස් එක පැය 24 ම (සති අන්ත හැර) ඇරලා තියෙන බව ඔයාලා දැනටමත් දන්නවා ඇති.

🔆 පාස්පෝට් එක කරදරයක් නැතුව හදාගන්න නම් මුලින්ම පාස්පෝර්ට් ඇප්ලිකේෂන් එක (K 35A) පුරවගන්න ඕනේ හරියට.
ඒ ගැන පියවරෙන් පියවර පැහැදිළිව තියෙනවා මෙතන .

🔆 ගොඩක් අය මේ වෙනකොට රට යන්න පාස්පෝර්ට් හදන්න බත්තරමුල්ලේ ගියාට හරියට පිළිවෙලක් දන්නේ නැතුව වෙලාව, මහන්සිය,මුදල් නාස්ති කරගන්නවා දැකපු නිසයි මේක ලියන්න හිතුනේ.

💠 1. පාස්පෝර්ට් එක ගන්නේ Normal ද, One Day ද කියලා දාන්න.
(Normal නම් රු.10,000 යි, One Day නම් රු.20,000 යි)

💠 2. මොන රටවල්වලටද යන්න ඕනේ කියලා දාන්න.
(ගොඩක් වෙලාවට දාන්නේ All Countries තමයි)

💠 3. කලින් පාස්පෝර්ට් එකක් තිබ්බා නම් ඒකේ අංකය දාන්න.
(කලින් එක නැති වෙලා නම් පොලීසියේ දාපු පැමිණිල්ලේ සහතික කරපු ෆොටෝ කොපියක් ඕනේ ඇප්ලිකේෂන් එක භාර දෙද්දී)

💠 4. පිටරට ඉද්දී පාස්පෝර්ට් එක කල් ඉකුත් වුනාම හරි, පාස්පෝර්ට් එක නැති වුනාම හරි ලැබෙන NMRP (Non- Machine Readable Passport) එකේ අංකය දාන්න.
(NMRP එකේ ෆොටෝ කොපියක් ඕනේ ඇප්ලිකේෂන් එක භාර දෙද්දී)

💠 5. ජාතික හැඳුනුම්පතේ අංකය දාන්න.
(ජාතික හැඳුනුම්පතේ ෆොටෝ කොපියක් ඕනේ ඇප්ලිකේෂන් එක භාර දෙද්දී)

💠 6. ඔයාගේ වාසගම දාන්න. ඔයා විවාහක නම් ස්වාමිපුරුෂයාගේ වාසගම දාලා පාස්පෝර්ට් එක හදන්න ඕනේ නම් ඒක දාන්න.
(විවාහ සහතිකයේ ඔරිජිනල් එකයි, ෆොටෝ කොපි එකයි ඕනේ ඇප්ලිකේෂන් එක භාර දෙද්දී)

💠 7. වාසගම හැර අනෙක් නම් දාන්න.

💠 8. පදිංචි ලිපිනය දාන්න.

💠 8.1 ලිපිනය අයත් දිස්ත්‍රික්කය දාන්න.

💠 9. උපන්දිනය ඇතුලත් කරන්න.

💠 10. උප්පැන්න සහතිකයේ අංකය සහ දිස්ත්‍රික්කය දාන්න.
(උප්පැන්න සහතිකයේ ඔරිජිනල් එකයි, ෆොටෝ කොපි එකයි ඕනේ ඇප්ලිකේෂන් එක භාර දෙද්දී)

💠 11. උපන් ස්ථානය ඇතුලත් කරන්න.

💠 12. ස්ත්‍රී/පුරුෂ භාවය දාන්න.

💠 13. පාස්පෝර්ට් එකේ රැකියාව සඳහන් වෙන්න ඕනේ නම් එය ඇතුලත් කරන්න.
(රැකියාව සනාථ කළ හැකි සහතිකවල ඔරිජිනල් එකයි, ෆොටෝ කොපි එකයි ඕනේ ඇප්ලිකේෂන් එක භාර දෙද්දී)

💠 14. ඔයා ද්විත්ව පුරවැසියෙක්ද නැද්ද යන වග ඇතුලත් කරන්න. ද්විත්ව පුරවැසියෙක් නම් එම අංකය දාන්න.
(ද්විත්ව පුරවැසිභාවය සඳහන් සහතිකවල ඔරිජිනල් එකයි, ෆොටෝ කොපි එකයි ඕනේ ඇප්ලිකේෂන් එක භාර දෙද්දී)

💠 15. ජංගම දුරකථන අංකය ඇතුලත් කරන්න.
(මේ අංකයට තමයි පාස්පෝර්ට් එක සම්බන්ධ සියළුම SMS එන්නේ)

💠 16. ඊමේල් එක දාන්න.

💠 17. ද්විත්ව පුරවැසියෙක් නම් අනිත් පුරවැසිභාවය සඳහන් කරන්න.

💠 18. එම ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ පාස්පෝර්ට් එකේ අංකය දාන්න.

💠 19. මේ ඇප්ලිකේෂන් එක පුරවන්නේ අවුරුදු 16 ට අඩු ළමයෙක්ට නම්, ළමයාගේ අම්මගෙයි, තත්තාගෙයි ජාතික හැඳුනුම්පතේ හරි පාස්පෝර්ට් එකේ අංක දාන්න.

💠 20. අත්සන දෙපාරක් දාන්න.
(පාස්පෝර්ට් එකේ ප්‍රින්ට් වෙන්නේ මේ අත්සන)

💠 21. ඇප්ලිකේෂන් එක පුරවපු දවසයි, අත්සනයි දාන්න.

3️⃣ හරි දැන් ෆොටෝ එක ගන්නයි තියෙන්නේ.

🔆 ඒකට හැමතැනම දුවන්න ඕනෙත් නෑ, බත්තරමුල්ලේ ගිහින් ස්ටුඩියෝ හොයන යන්න ඕනෙත් නෑ.

🔆 පල්ලෙහා තියෙන ලින්ක් එකට යන්න.

https://www.immigration.gov.lk/studio_e.php

🔆 ඔයා ඉන්න දිස්ත්‍රික්කය තෝරන්න. එතකොට ඒ දිස්ත්‍රික්කයේ තියෙන ලියාපදිංචි ස්ටුඩියෝ ලිස්ට් එකම එනවා.

🔆 මේ ලිස්ට් එක කිසිම පිළිවෙලක් නැති ලිස්ට් එකක්. ඒ නිසා ඔයාගේ ගම පළාතේ ස්ටුඩියෝ එකක් හොයාගන්න අමාරු වෙයි ටිකක්.

🔆 ඒකට කරන්න තියෙන්නේ කීබෝර්ඩ් එකේ Ctrl කී එක ඔබාගෙන F කී එක ඔබන්න. එතකොට එන Search එකේ ඔයාගේ ගම ටයිප් කරන්න. එතකොට ළඟ පාත ස්ටුඩියෝ ටික ෆෝන් නම්බර් එක්ක එයි.

🔆 කැමති ස්ටුඩියෝ එකකට කෝල් එකක් අරන් දිනයක් වෙලාවක් දාගෙන ස්ටුඩියෝ එකට ගිහින් ෆොටෝ එක ගන්න.

🔆 ඉස්සර වගේ ෆොටෝ එක ප්‍රින්ට් කරලා දෙන්නේ නෑනේ දැන්. ස්ටුඩියෝ එකෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවට ෆොටෝ එක අප්ලෝඩ් කරලා, ඊටපස්සේ එහෙන් කන්ෆර්ම් කරලා එන කොලයක් ඔයාට ප්‍රින්ට් කරලා දෙයි.

ඒකට කියන්නේ Photo studio acknowledgement කියලා.
🔆 එතනින් ස්ටුඩියෝ එකේ වැඩ ඉවරයි.

4️⃣ දවසට හදන පාස්පෝර්ට් ගාණ වැඩිවෙනවත් එක්කම, පෝලිම් කිලෝමීටර් ගණන් දික් වෙනවත් එක්කම ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණයක් ගත්තා ඔන්ලයින් අපොයින්මන්ට් දාන්න. ඒකෙන් තමයි දැන් ඇතුලට යන්න ලේසිම.

🔆 මෙන්න ලින්ක් එක.
https://eservices.immigration.gov.lk/MakeAppointments/

🔆 අවශ්‍ය දවසයි, වෙලාවයි, ඇප්ලිකේෂන් එක භාරදෙන්න යන තැනයි දාලා අපොයින්ට්මන්ට් එක දාන්න.

🔆 මතක් කරලා Photo Acknowledgement No එක තියෙන තැනට ස්ටුඩියෝ එකෙන් දුන්න කොලේ තියෙන Reference No එක දාන්න.

🔆 පස්සේ කන්ෆර්ම් කරලා එහෙන් pdf එකක් ඩවුන්ලෝඩ් වෙයි.

5️⃣ හරි, දැන් ඔක්කොම වැඩ ටික හරි. යන්න කලින් බලන්න මේ ලියකියවිලි ඔක්කොම ටික තියෙනවද කියලා.

💠 උප්පැන්න සහතිකයේ ඔරිජිනල් එක, ෆොටෝ කොපි එක.

(ඔරිජිනල් එක වෙනුවට ඉංග්‍රීසි පරිවර්තන හරියන්නේ නෑ හැබැයි)

💠 ජාතික හැඳුනුම්පතේ ඔරිජිනල් එක, ෆොටෝ කොපි එක.

💠 ස්ටුඩියෝ එකෙන් දුන්න කොලේ.

💠 ඇපොයින්ට්මන්ට් එකට ආපු pdf එක.

💠 සම්පූර්ණයෙන් පුරවපු පාස්පෝර්ට් ඇප්ලිකේෂන් (K 35A) එක.

ළමයෙක්ගේ ඇප්ලිකේෂන් එකක් නම් මේ ටිකත් ඕනේ.

💠 අම්මගෙයි, තාත්තාගෙයි ජාතික හැඳුනුම්පතේ ඔරිජිනල් එක, ෆොටෝ කොපි එක.

💠 දෙමව්පියන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය.

💠 අම්මා හරි තාත්තා හරි මිය ගිහින් නම්, මරණ සහතිකය සහ එකේ ෆොටෝ කොපි එක.

💠 දෙමව්පියන් දික්කසාද නම්, දික්කසාද සහතිකය සහ එකේ ෆොටෝ කොපි එක.

🔆 ළමයෙක්ගේ පාස්පෝර්ට් වැඩේට දෙදෙනාම ජීවතුන් අතර ඉන්නවා නම් අම්මයි තාත්තයි දෙන්නම ඕනේ.

6️⃣ ඇපොයින්ට්මන්ට් එකට ආපු pdf එක ගේට්ටුවට පෙන්නලා ඇතුලට යන්න.

7️⃣ ඇතුළට ගිහින් ටෝකන් අංකයක් අරගන්න.

8️⃣ ඔබගේ අංකය එළඹෙන තෙක් "C" පර්යන්තයේ රැදී ඉන්න.

9️⃣ ඔබගේ වාරය පැමිණි පසු "D" පර්යන්තයට යන්න.

1️⃣0️⃣ ඔබගේ ටෝකන් අංකය ලියාපදිංචි කර ගන්න.

1️⃣1️⃣ කැඳවීමක් ලැබෙන තෙක් "D" පර්යන්තයේ රැදී ඉන්න.

1️⃣2️⃣ අයදුම් පත්‍රය නියමිත කවුළුව වෙත භාර දෙන්න.

1️⃣3️⃣ ඔබගේ ඇඟිලි සලකුණු ලබා දෙන්න.

1️⃣4️⃣ ඔබට නියමිත මුදල ගෙවන්න.

1️⃣5️⃣ පසුව "C" පර්යන්තයේ අදාළ කවුළුව වෙත ගොස් ඔබගේ අංකය තෙක් රැදී ඉන්න.

1️⃣6️⃣ කැඳවීම ලැබුණු පසු ඔබගේ පාස්පෝට් එක ලබා ගෙන සතුටින් ගෙදර යන්න.

🔆 ඇතුළේ පිළිවෙලකට හදලා තියෙන ක්‍රියාවලියට අනුගත වෙලා වැඩ ටික හරියට කරගන්න.

🔆 ඇතුළේ ATM තියෙනවා සල්ලි ගන්න හදිසියක් වුනොත්.

🔆 බඩගිනි වුනොත් කෑම කන්න කැන්ටින් එකක් තියෙනවා.

🔆 කිරි දෙන අම්මලාට වෙනම තැනක් තියෙනවා.

🔆 සතියේ දවසක රෑට හරි පාන්දරට හරි ගියොත් උදේ වෙද්දී වැඩේ කරගන්න පුළුවන් මේ වෙනකොට.

🔆 ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉතා කාර්යක්ෂමතාවයකින් වැඩේ කරනවා.

💠 පුළුවන් පිළිවෙලට වැඩේ ලියලා තියෙනවා. කාටහරි වැදගත් වෙයි කියලා හිතුණා. ඒකයි ලිව්වේ.

💠 එහෙනම් වැඩ ටික හරියට කරගෙන‚ යන ගමන පරිස්සමින් යන්න.

ඔබේ විදේශ ගමන් සිහිනය ඉක්මණින් සැබෑ වේවා🙏

🖋️විකුම් හර්ෂණ

Want your business to be the top-listed Government Service in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Karapitiya
Galle