රැකගමු ලංකා මාතා

රැකගමු ලංකා මාතා

Share

රටට හිතැති දේශ හිතෛශී තරැණ සංසදය...

Sign the Petition 14/10/2019

අහිංසක අලිඇතුන් පෙන්නලා වනජීවි එක හම්බකරන බිලියන ගනන් මුදලින් කොටසක් මේ අසරණයන්ට යොදවලා ⁣රේල්පාරෙ වෙන බියකරු ඛේදනීය මරණ නවත්තගන්න රජයට හා එන රජයකට බලපෑම් කරන්න. Pls sign and share this petition

Sign the Petition Take Actions to Prevent Railway Deaths of Elephants Sri Lanka-Demanding for Underpasses

Photos from රැකගමු ලංකා මාතා's post 13/10/2019

අපගේ කසළින් සෑදුනු අලි මාරකය "දීඝවාපියේ කුණු කන්ද"

මේ දිනවල අලි මරණ පිළිබදව දැඩි සමාජ කතාබහක් මතු වී තිබේ. සති කිහිපයකට පෙර හිරිවඩුන්න ප්‍රදේශයේ සිදු වූ 8කට අධික අලි සමූල ඝාතනයන් ද, දළ ලබා ගැනීමට කලක පටන් සිදු කරන ඇත් ඝාතනයන් ද මෙන්ම දිගු කාලයක සිට දුම්රියන්ට හසුවීමෙන් ඝාතනය වන අලි ඇතුන් පිළිබදව ද සමාජය තුළ කතා බහක් මතුව තිබේ. 2015 සිට මේ දක්වා ඝාතනය වී ඇති දහස් ගණනක අලි ඇතුන් සංඛ්‍යාව ද මෙම 2019 වසරේ මේ මාස කිහිපය තුළ පමණක් අපට අහිමි වූ 293කට අධික අලි ඇත් ජීවිතයන් ද අපට රතු එළියක් දල්වමින් පෙන්වා දෙන්නේ තවත් වසර කිහිපයකින් අලි ඇතුන් මෙම භූමියෙන් සමුගන්නා බව නොවේද?. දූෂිත රාජ්‍ය යාන්ත්‍රණය ද, ආත්මාර්ථකාමී මිනිස් පරිභෝජනවාදය ද ඒ සදහා වගකිව යුතුව ඇත. මේත් එවන් අකාර්යක්ෂම, දූෂිත රාජ්‍ය යාන්ත්‍රණය හේතුවෙන් නිර්මාණය වී ඇති අලි මාරකයකි. මෙම දීඝවාපීයේ මහා කසළ කන්ද අලි ඇතුන් මෙන්ම වෙනත් දහස් ගණන් වන ජීවීන්ගේ ද කුස් තුළට පොලිතින් පොම්ප කරමින් එම කුස් පුපුරවා දමමින් සිටියි. මෙම තත්වය දිගටම ක්‍රියාත්මක වුවහොත් අපට අහිමි වන ජෛව පද්ධතිය සුළුපටු නොවේ. එම නිසා මෙම දූෂිත ක්‍රියාවලිය නවතා දැමීමටත්, යළිත් මෙවැනි ක්‍රියාවන් සිදු නොවීමට සැළකිලිමත් වීමටත් රජයන්ට බලකිරීමට ඔබගේ හඬ අවදි කළ යුතුව ඇත. ඒ සදහා ඔබට අයිතිය ඇත. හඬක් අහිමි ජීවීන් උදෙසා හඬක් වන්න. ඔබගේ අනාගතය ඔබගේ අයිතියයි.

©️Voice for Climate Change

චායාරූප: කුමාරි ගමගේ | Kumari Gamage ගේ වෝලයෙනි.

#අවිධිමත්වකසළබැහැරකිරීමනවතමු #ජෛවපද්ධතියසුරකිමු #දූෂිතයාන්ත්‍රණයපිටුදකිමු #තිරසාරහෙටක්වෙනුවෙන්පෙළගැසෙමු

13/10/2019
Photos from රැකගමු ලංකා මාතා's post 12/10/2019

2019/10/09 රාත්‍රි මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ මීනගයා නගරාන්තර දුම්රියෙ හදුනාගත් අලි මංකඩකදීම අලි රංචුවක තිදෙනෙකු ගැටී ඉන් එක අලියෙක් සිරවී යටව මරණයට පත්වූ පුවතක් අසන්නට ලැබිණ.
තාක්ෂණික වශයෙන් කොතරම් දියුණු යයි කියාගත්තද මෙවන් වටිනා ජීව විශේෂයක් ඒ සංවර්ධනයෙ නාමයෙන් ඛේදනීය ලෙස මෙවන් මරණවලට පත්වීම සංවර්ධනය ලෙස හැදින්විය නොහැක. දිගින් දිගටම මෙවැනි අපරාධ සිදුවෙද්දී එය වැලැක්වීමට විකල්ප ක්‍රියාමාර්ග නොගන්නේ නම් උන් ජාතියක් වශයෙන්ද ම්ලේච්ඡයෝය. දුම්රිය රියදුරන් සේම වනජීවි දෙපාර්තමේන්තුවත් විසදුමක් නොදෙන දේශපාලකයොත් මේ අපරාධ සදහා වගකිවයුතු අපරාධකරුවන්ය.

විසදුම ඇත්තේ අලිඇතුන්ගෙ නිජබිම් හා අලිමංකඩවල් අලින්ට ලබාදිම තුලය. ඒ සදහා උන්ගෙ නිජබිම් හා සංක්‍රමණයන්ට බාධාවූ දුම්රිය මාර්ගවලට elephant crossings ලබාදිය යුතුය. පිටරටවල වනජීවි රක්ෂිත ආශ්‍රිතව පවතින දුම්රිය හා අධිවේගී මාර්ග සදහා මෙවන් wildlife crossings underpases ලබාදී අනතුරු අවම කර ඇත.
පසුගිය වසරෙ මෙම දුම්රිය මාර්ගයේම ඇතිවූ අනතුරු වලින් පසුව අලිමංකඩවල් ලෙස අලි බහුලව දුම්රිය මාර්ගය හරහා ගමන්කරන ස්ථාන හදුනාගත් අතර එතනින් පසුව එම ව්‍යාපෘතියෙ කල කිසිවක් පැහැදිලි නැත.

වනජීවි සංචිතවල බිලියන 3 ක මුදලත් ඇත. මෙවන් වූ වටිනා ජීව විශේෂයකගේ සංරක්ෂණය වෙනුවෙන් එයින් කොටසක් හො වැයකර මෙම හදුනාගත් මාර්ගවල වනජීවි මාරුවන් සෑදිය නොහැකි ඇයි?

REAP Main.pdf 11/10/2019

දුම්රිය වනඅලි ගැටීම වැලැක්වීමට රජය ආරම්භකල වනජීවි,වන හා දුම්රිය දෙපාර්තමේන්තු එක්ව සැකසූ වැඩ සටහන කෝ?
ඊයෙ දින රාත්‍රියෙද මඩකලපුව සිට කොලඹ බලා ධාවනය වූ මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියෙ පුනානිහිදී හදුනාගත් අලිමංකඩකදී වැදුන අලි රංචුවක තිදෙනෙකුගෙන් එකෙකු දුම්රියට යටව පැටලී මියයාමේ ඛේදජනක මරණයත් සමග 2019 වසරට දුම්රිය වනඅලි ගැටුමින් මියගිය 16 වැනියත් සංඛ්‍යා ලේකන අතරට එකතුවිය.

REAP Main.pdf

09/10/2019

ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 35ක්!

03/10/2019

https://m.facebook.com/story.php?story_fbid=430803657565638&id=395807597731911

මේ ලිපිය ටිකක් දිගයි. ඒත් කියවා බලන්න

සජිත් ප්‍රේමදාස ඉල්ලා බිම් මට්ටමේ එජාප පාක්ෂිකයන් මහා ඝෝෂාවක් නගනවා. එජාප පසුපෙළ හා මැදපෙළේ මන්ත්‍රීවරු විශාල පිරිසක් ද මේ සදහා සජිත්ට සහය දෙන බව පේනවා. කලක් තිස්සේ රටපුරා මේ සජිත් ඉල්ලුම නිර්මාණය කරනු ලැබුවේ සිරස නාලිකාව විසිනුයි. මේ මෑත දිනක මා සමග එජාප පාක්ෂිකාවක් පැවසුවේ සජිත්ට අපේක්ෂකත්වය නොදුන්නොත් නැවත අවුරුදු 30 කින්වත් එජාපයට බලයට පැමිණි නොහැකි බවයි. එනිසා කෙසේ හෝ සජිත්ව අපේක්ෂකයා කර ගැනීම ඔවුන්ගේ එකම බලාපොරොත්තුවයි. නමුත් මෙරට ප්‍රධාන සංරචනය ලෙස බෞද්ධ සංස්කෘතිය ප්‍රමුඛතැන්හි නොසලකන යුඑන්පියේ ඇති බහු වාර්ගික බහු සංස්කෘතික හා අති දක්ෂිණාංශික ලිබරල්වාදී චින්තනයක් ඇයට නැහැ. අලියා ඉදිරියේ කතිරය ගැසුවට මොකද ඇයට ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතික විඥානයෙන් යතු මැද ඔප වැටුණු මනසක්. ඇය ආසාවෙන් කියවන්නේ කුමාර ලියනගේ සහ මම ලියන ලිපි බව පැවසීමෙන් පෙනේනේ එයයි. රට, දැය, සමය, අපේකම ගැන සංවේදී බවක්ද ඇති ඇගේ සිතුම් පැතුම් ආකල්ප සකස්වීමට බලපා ඇත්තේ බෞද්ධ සංස්කෘතියේ ආභාසයෙන් ලද චින්තනයයි. මුලධාර්මිකව යුඑන්පියේ බටහිරට ගැති ලිබරල් චින්තනයක් ඇති අයට නම් අපි දෙදෙනාගේම ලියවිලි නයාට අඳුකොළ බඳුයි. නමුත් ඇය ජාතිකවාදී මනසකින් අපේ ලිපි කියෙව්වද ඡන්දය දවසට අලියා ඉදිරියේ කතිරය ගහනවා. මෙතැන ඇති විරුද්ධාභාසය මෙයයි ! එජාපයට බලය දීමෙන් තමන්ගේ සිතුම් පැතුම්වලට සරිලන සමාජ සංස්කෘතියක් ගොඩනගා ගැනීමට පුළුවන් ද යන්නයි.

ඊළග වැදගත්ම කාරණය නාගරික මැද පන්තියේ බොහෝ බෞද්ධයන්ගේද පාක්ෂික විඥානය ගැට ගැසී ඇත්තේද එජාපය සමගයි. බොහෝ විහාරස්ථානවල දායක සභාවේ සභාපතිවරු ලේකම්වරු කතිර සටනේ දී තෝරා ගන්නේ අලියා සලකුණයි. එහෙත් විහාරස්ථානවල කඨින පිංකම්, මහණ- උපසම්පදා පිංකම්, වාර්ෂික පෙරහැර සංවිධානය කිරීමේ සිට සියලු සංවර්ධන කටයුතු දක්වා මුලිකත්වය ගෙන කටයුතු කරන්නේ මේ අයයි. ඔවුන්ට ඇත්තේ යුඑන්පි පාක්ෂික කොළපාට විඥානයක් වුවත් ඔවුන් පන්සල ඇසුරු කරන, විවිධ පින්කම් සංවිධානය කරන, දහම් පාසල් කරන, බෞද්ධ සංස්කෘතියේ ප්‍රගමනය වෙනුවෙන් කටයුතු කරන බුදු දහමට ලැදි, යම්කිසි ජාතිකත්වයක් ඇති පිරිසක්. නමුත් අලියට කතිරය ගසා යුඑන්පියේ බහු සංස්කෘතික ලිබරල් ප්‍රතිපත්තිවලින් තමන් නියෝජනය කරන බෞද්ධ සංස්කෘතියට, සිංහල බෞද්ධයන්ට යමක් දිනාගත හැක්කේ කෙසේද ? මේ ලිපියේ එක් අරමුණක් වන්නේ එජාපයට ඇති එබඳු සිංහල බෞද්ධ ඡන්ද පදනම ආමන්ත්‍රණය කිරීමයි. කවදත් එජාපයෙන් පිට කතිරයක් නොගසන පුරුද්දට රනිල්ට හොරෙන්ම ඡන්දය දී නිහඩ වූ නාගරික මැද පන්තියේ බෞද්ධයන් දැන් සජිත් ගැන මහත් බලාපොරොත්තුවක් ඇතිකරගෙන තිබෙන බව පැහැදිලියි. උතුරු නැගනහිර බෞද්ධ උරුමයන් පවා ඩෝසර් කරද්දී රනිල්ට ඡන්දය දුන් අවමානය යටපත්කරගෙන සිටි යුඑන්පි බෞද්ධයන් දැන් සජිත් වැන්නෙක් එනතෙක් පුල පුලා බලා සිටින්නේ ඔහු බුදුදහම නගා සිටුවන දේවදුතයෙක් යැයි සිතා ගැම්මෙන් කතිරය ගැසීමටය. සාමාන්‍ය මිනිස්සු පමණක් නොව පන්සල්වල විහාරාධිපති භික්ෂුන් වහන්සේලාද යම් ප්‍රමාණයක් සසුනට අරුණ වැනි පනස්දාහේ දීමනා නිසා සජිත්ට ඡන්දය දීමේ වැදගත්කම කියන්නට පෙරට එනු ඇත. එබැවින් ඔහුව බලයට ගෙනඒමට දගලන බලවේගවල පිටුපස ඇති සාර්ව චිත්‍රය පෙන්වාදීම හා ඒ පිලිබඳ සංවාදයක් ඇතිකිරීම මේ ලිපියේ අරමුණ වන ටිකක් දිග වුණත් මේ ලිපිය සම්පුර්ණයෙන්ම කියවන ලෙස ඉල්ලා සිටින්නත් කැමතියි.

සැබවින්ම සජිත් යනු රටක් පාලනය කිරීමට තරම් දැක්මක් ඇති, දේශපාලන නායකත්වයක් දියහැකි චරිතයක් නොවේ. ඔහු රනිල් තරමටවත් රාජ්‍ය පාලනයට සුදුස්සෙකු නොවේ. මාගේ සදාදරණිය පියාණන්ට අනුව..,මාගේ සදාදරණිය පියාණන් සිතූ ලෙස..., මාගේ සදාදරණිය පියාණන් කළ ආකාරයට ... ආදී වේදිකාවේ වාගාලම්බර දැක්වීමට පෙර සජිත් කල්පනා කළ යුත්තේ තාත්තාගේ වාසගම ආ පමණින් තමා රණසිංහ ප්‍රේමදාස කෙනෙකු නොවෙන බවයි. රණසිංහ ප්‍රේමදාස පහතමාලයේ උපන් මිනිසකු වුවද ජේ.ආර්ගෙන් පසුව ජනාධිපති අපේක්ෂකයා වනවිට ඔහු ජනතාව අතර කැපිපෙනෙන ප්‍රතිරූපයක් ගොඩනගාගෙන සිටියේය. එහෙත් සජිත් ප්‍රේමදාසට රණසිංහ ප්‍රේමදාසගේ පුතාවීම හැර එහෙම තමන්ටම කියා ගොඩනගා ගත් ප්‍රතිරූපයක් නැත. ඒ නිසාම සජිත්ට අද අලෙවි කරන්නට සිදුවී ඇත්තේ මියගිය පියාගේ මතකයයි. කිසිම පරිණත බවක් නැති ගිරාපෝතක මෝඩයකු ලෙස කෑගැසූ පමණින් තමා රාජ්‍ය නායකත්වයට සුදුස්සකු නොවේ. නමුත් ඔහු ඉහළම ගණයේ සුදුස්සකු ලෙස ඔජවඩණු ලබන්නේ මහ රාජාගේ මාධ්‍ය ව්‍යාපාරයට අයත් ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා කිහිපයයි. (සිරස FM, ශක්ති FM, වයි FM / සිරස TV,/ ශක්ති TV/ ටීවී1) ඔවුන්ගේ මේ මාධ්‍ය නාලිකා ප්‍රේක්ෂකයන්ට පුන පුනා කියන ඔවුන්ගේ තේමා පාඨයක් තිබේ. එනම් we report you decide යන්නයි. එහි තේරුම අපි වාර්තා කළා ඔබම තීරණය කරන්න යන්නයි. එහෙත් ඔවුන්ගේ ප්‍රවෘත්ති හා වෙනත් වැඩසටහන් නරඹන ඕනෑම කෙනෙකුට තවත් තීරණය කිරීමට ඔවුන් කිසිවක්ම ඉතුරු නොකරන බව පැහැදිලියි. ඇත්ත වශයෙන්ම අපිට ඇත්තේ ඔවුන් තීරණය කරන දේ පිළිගැනීමට පමණයි. නොපිළිගන්නේ නම් ඊළග විනාඩියේ දී ඒ අය කම්බස් කරන ආකාරයේ ක්ෂිතිමය අත්දැකීමත් ප්‍රේක්ෂකයාට ලබාදෙයි. නිදසුනක් ලෙස එජාපයේ නායකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාස බව මේ මාධ්‍ය හිමියා තීරණය කලේ මීට වසර කිහිපයකට ඉහතයි. එය නොපිළි ගන්නා මැති ඇමතිවරු කම්බස් කරන ආකාරය බලන්න. සමලිංගික අයිතීන් වෙනුවෙන් ද පෙනී සිටීන ලිබරල් ප්‍රතිපත්තිය කරගත් සිරස සජිත්ට විරුද්ධව සිටි මංගලට බැටදෙනු ලැබුවේ ඔහු සමග සමලිංගික සේවනයේ යෙදුණ කොල්ලෙකු පවා මාධ්‍ය ඉදිරියට ගෙනමිනි. එහෙව් මංගල දැන් සිරසට හොදවී සිටින්නේ සජිත්ට පක්ෂ වූ නිසයි.

සජිත්ට එරෙහි එජාපයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරු සියල්ලට බැට දෙමින් සජිත් එජායේ නායකත්වයටත් පසුව රාජ්‍ය නායකත්වයටත් පත්කර ගන්න හදන්නේ නිකම්ම නොව එය දිගුකාලීනව සැලසුම් කළ ව්‍යාපෘතියක කොටසක් ලෙසයි. එනම් මෛත්‍රී ඉදිරියට දමා රනිල් රට පාලනය කළා සේ සජිත් ඉදිරියට දමා මහාරාජාට හැසිරවිය හැකි ආණ්ඩුවක් බිහිකර ගැනීම සදහායි. සජිත්ට පක්ෂයේ නායකත්වය අරන් දීමටත්, රාජ්‍ය බලය අරන් දීමටත් මහරාජාගේ සිරස ඇතුළු අනෙකුත් නාලිකා මේසා කැපකිරීමක් කරන්නේ ඔවුන්ද රාජ්‍ය බලයේ පංගුකාරයන් වීමේ යටි අපේක්ෂා ඇතිවයි. මහරජා යනු දෙස් විදෙස් ආයෝජන සහිත දැවැන්ත ව්‍යාපාරිකයෙක්. ඔහුට අයත් ලංකාවේ විශාලතම ව්‍යාපාර අතර ජනමාධ්‍ය, ප්ලාස්ටික්, ඇසුරුම්, විදුලි උපකරණ , රසායනික ද්‍රව්‍ය, පුද්ගලික සනීපාරක්ෂක හා පාරිභෝහික නිෂ්පාදන, තේ කර්මාන්ත ශාලා , විනෝදාස්වාද හා සන්නිවේදන, තොරතුරු සන්නිවේදන තාක්ෂණ (ICT), සේවා ආදී පැතුරුණු ක්ෂේත්‍ර ගණනාවක සමාගම් හා උප සමාගම් විශාල ප්‍රමාණයකින් යුක්තයි. ප්ලාස්ටික් නිෂ්පාදන සදහා සීමාසහිත එස්-ලෝන් ලංකා (පුද්) සමාගම, සීමාසහිත එස්-ලෝන් ඉන්ඩස්ට්‍රීස් ප්ලාස්ටික් (පුද්) සමාගම, සීමාසහිත එස්-ලෝන් ලියර් ලංකා (පුද්) සමාගම, සීමාසහිත පීඊ ප්ලස් (පුද්) සමාගම යන දැවැන්ත සමාගම් 4ක් ඔහුට හිමියි. රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනයට හා බෙදාහැරීම්ට සීමාසහිත හැරිසන්ස් කෙමිකල්ස් (පුද්) සමාගම සහ සීමාසහිත හාක්‍රෝස් කෙමිකල්ස් (පුද්) සමාගම යන සමාගම් දෙක ඔහුට තිබෙයි. මේ හැරුණු විට සීමාසහිත ඒ.එෆ්.ජෝන්ස් එක්ස්පෝටර්ස් (ලංකා) (පුද්) සමාගම සහ සීමාසහිත හැරිසන්ස් කලම්බු (පුද්) සමාගම යන තේ කර්මාන්ත ශාලා දෙකත්, විදුලි උපකරණ සදහා සීමාසහිත කෙවිල්ටන් ඉලෙක්ට්‍රිකල් ප්‍රොඩක්ට්ස් (පුද්) සමාගම, ඇසුරුම්කරණය සදහා සීමාසහිත ටෆ්ලයින් සමගම, තොරතුරු සන්නිවේදන තාක්ෂණ (ICT) පැත්තෙන් සීමාසහිත කොම්පියුටර් සිස්ටම්ස් (පුද්) සමාගම, පෞද්ගලික සනීපාරක්ෂක ද්‍රවය පැත්තෙන් සීමාසහිත අයි සී එල් මාකටින්ග් (පුද්) සමාගම සහ සීමාසහිත ඉන්ටර්නැෂනල් කොස්මෙටික්ස් (පුද්) සමාගම මහරාජාට අයත් තවත් දැවැන්ත ව්‍යාපාර වෙයි. මීට අමතරව සීමාසහිත කැපිටල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම, සීමාසහිත ඩෝසන් කැපිටල්, සීමාසහිත ජෝන්ස් ඕවර්සීස් , සීමාසහිත හැරිසන්ස් ෂිපින් (පුද්) සමාගම ,සීමාසහිත කැනීස් ක්‍රියේෂන්ස් ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම, සීමාසහිත විෂන් ලින්ක් (පුද්) සමාගම, සීමාසහිත මහරාජා කළමනාකරණ ආයතනය (පුද්) සමාගම, සීමාසහිත ද මහරාජා ඕගනයිසේෂන් (ව්‍යාපෘති) විනෝදාස්වාදය සැපයීමට ස්ටයින් ස්‍ටුඩියෝ, සීමාසහිත මහරාජා එන්ටර්ටේන්මන්ට් (පුද්) සමාගම, සහ සීමාසහිත ඇක්වේරියස් (පුද්) සමාගම යන විශාල ව්‍යාපාර ගණනාවක් මහරාජා සතුයි. මේ ව්‍යාපාර වලින් ඇතිතරම් සල්ලි හම්බකරගත් මහරාජට දැන් අවශ්‍ය වන්නේ බලයයි. ඒ මේ ව්‍යාපාර තවත් ප්‍රසාරණය කරගැනීමට අවශ්‍ය රාජ්‍ය බලය යෙදවීම සදහායි. දැනට රජයේ ඇති බාධක, බදු, නීතිරීති සිමාකම් ඉක්මවා තම අණසට රාජ්‍යයේ පංගුවක්ද යටත්කර ගැනීම සදහායි.

දැනට සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම වෙන වෙනම විකාශනය කරන මහරාජාගේ MBC නෙට්වර්ක්ස් (පුද්) සමාගම යටතේ ඇති යර්ස් FM , සිරස FM, ශක්ති FM , වයි FM සහ ලෙජන්ඩ්ස් FM යන ගුවන් විදුලි නාලිකා සියල්ලත්, සීමාසහිත MTV චැනල්ස් (පුද්) සමාගම යටතේ ඇති ශක්ති TV, සිරස TV හා ටීවී වන් යන රූපවාහිනී නාලිකා තුන සමග මහරාජාගේ සමස්ත මාධ්‍ය ව්‍යාපාරයේම ගුවන් කාලයත් අවභාවිතා කරමින් සජිත් බලයට ගෙන එන මෙහෙයුම සාර්ථක වුවහොත් ඊට කළගුණ දැක්වීමට සජිත් කිලී මහරාජාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන අගමැති කිරීමටත් බැරි නැත. ඇතැම්විට සජිත් හා මහරාජා අතර ඇති රහසිගත එකගතාවද එය විය හැකියි. ඒ නැතැත් උතුරෙන් හෝ සුළු ජාතින් බහුලව වෙසෙන දකුණේ ඕනෑම දිස්ත්‍රික්කයකින් ජයග්‍රහණය කිරීම මහරාජාට ඔහුගේ විශාල සේවක පිරිස සහ මාධ්‍ය ජුන්ටාව මෙහෙයවා ජනතාවගේ මොළ සේදීමෙන් කළ හැකියි.

මහරජාගේ අරමුණ තමාට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක්, ඇමැතිකමක් ලබා ගැනීම පමණක් නොව රාජ්‍ය බලය හැසිරවීමේ ඓන්ද්‍රිය මැදිහත්කරුවකු වීමටයි. ඔහු දැනටමත් සිය මහරාජා සමාගමේ නිෂ්පාදනයන් වූ කිහිප දෙනෙක්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සිට ප්‍රාදේශීය දේශපාලනය දක්වා පක්ෂ දෙකින්ම ඇතුළට රිංගවා තිබේ. බුධික පතිරණ, එස්.එම්. මරික්කාර්, ජේ.සී. රංගා, සිරස නාලිකා ප්‍රධානීව සිටි සුසාර දිනාල්, සුසිල් කිදෙල්පිටිය, ආදිය උදාහරණ ලෙස දැක්විය හැකියි. මේ සියල්ලට එකම පක්ෂයකින් නාමයෝජනා ගැනීම අපහසු නිසා සහ දේශපාලනයේ කෞටිල්‍ය උපායන් ලෙස විවිධ පක්ෂ වලින් දේශපාලන ප්‍රවේශය ගෙන ඇතත් මේ සියලු දෙනා තම මහගෙදර (සිරස) ස්වාමියාට හෙවත් මහරජාට විරුද්ධ ප්‍රතිපත්තියක නැත. අන් මන්ත්‍රීවරුන්‌ට සාපේක්ෂව සිරසෙන් මේ අයගේ ඉමේජ් එක වර්ධනය කරගැනීමට වැඩි ගුවන් කාලයක් දෙන බවද පෙනේ.

මහරාජා සිය ප්‍රාදේශීය මාධ්‍යකරුවන් පවා ප්‍රාදේශීය දේශපාලනයට රිංගවීමට අටවාගත් ව්‍යාපෘතිය වන්නේ "සිරස ගම්මැද්ද" වැඩසටහනයි.(https://youtu.be/l-KjBA658Dk ) බැලූ බැල්මට මෙය මහ ජනතාවට සෙත සලසන වැඩසටහනක් යයි පෙනී ගියද ඉන් කරන්නේ සිරසේ නියෝජිතයන්ට දේශපාලනයට පැමිණිමට අවස්ථාව එනතෙක් ජනතාව මානසිකව සුදානම් කිරීමයි.(බලන්න 4.20 සිට https://youtu.be/034DE4su65g ) එතෙක් තමන් තෝරා ගත යුත්තේ මොනවගේ සිතුම් පැතුම් ආකල්ප තියෙන නියෝජිතයන්ද යන්න බ්‍රේන්වොෂ් කිරීමයි. දැනට තෝරා එවන දේශපාලකයින්ගේ දේශපාලනය හා සිරසේ දේශපාලනය අතර පරතරය අවම කරගන්නා දේශපාලන ව්‍යාපෘතිය ලෙස ගම්මැද්ද සැලකිය හැකියි. එහෙත් ගමක පාරක්, බෝක්කුවක්, නිවසක්, හෝ වතුර නැති පෙදෙසකට ජල නල ,වතුර ටැංකි බෙදාදෙන සමාජ සත්කාර මුහුණුවර නිසා සිරසේ ඇත්ත මුහුණ ප්‍රේක්ෂකයන්ට නොපෙනේ. අවාසනාවට ලඝු සහ පටු බලාපොරොත්තු සහිතව එක් එක් රාජපක්ෂවරුන්ගේ සෝසල් මිඩියා භාරකරුවන් වී සිටින මතවාදී දිළින්දන්ටද මේවා ගැන වැටහීමක් තිබෙන බව නොපෙනේ. නමුත් රාජපක්ෂවරු බෙදාගැනීමට පොරකන සෙල්ෆි තරගකරුවන් සිටියදී පවා සජිත් හා සිරස ව්‍යාපෘතිය යට ඇති සාර්ව චිත්‍රය ජනතා කැන්වසය මත අදින්නේ මේ සෙල්ෆි කණ්ඩායම් වලින් මේ ගැන ජනතාවට අනාවරණය කෙරෙන ලිපියක් බලාපොරොත්තු විය නොහැකි නිසාය.

රටේ මහානායක හිමිවරුන්ගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා "ගම්මැද්ද" නමින් එන සිරස ප්‍රෝඩාවට හසුවී හමාරය. මල්වතු මහානායක හිමියන්ද වරක් මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කලේ සිරස විතරයි වැඩක් කරන්නේ යනුවෙනි. ඉන් අදහස් කලේ මේ ආණ්ඩුවෙන් කෙරෙන වැඩක් නැති බවත් ආණ්ඩුව කළයුතු වැඩත් කරන්නේ සිරස බවයි. හුණුපිටිය ගංගාරමයේ ඥානිස්සර හිමියන්ද ගම්මැද්ද ගැන ඉමහත් ප්‍රශංසාවකින් කතා කළේය. මේ හැරුණු විට ඒ ඒ ප්‍රදේශවල විහාරාධිපති ස්වාමීන්වහන්සේලාගෙන් ද ප්‍රභූ චරිත වලින් ද , රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන්ගෙන් ද සිරස මයික් එක අල්ලා ගම්මැද්ද ගැන විවිධ මානයන්ගෙන් කෙරෙන අගය කිරීම් ප්‍රවෘත්ති වලට පෙන්වමින් සිරස ජනතා සේවයට කැපවූ නාලිකාව යැයි ප්‍රසාදය දිනා ගනී.(බලන්න 23.විනාඩියේ සිට https://youtu.be/BnkMBuOOys4 ) ගම්වාසීන්ගේ දුක කඳුළ විකුණමින් නායක හිමිවරුන්ගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා අන්දමින් කෙරෙන මේ ප්‍රෝඩාකාර ගම්මැද්ද වැඩසටහන යට ඇති අනෙක් කාරණය පරිත්‍යාගශිලීන්ගේ ආධාරවලින් තම ව්‍යාපාර සරුකර ගැනීමයි.

සිරස කරන්නේ ගම්බද ප්‍රදේශයක පානීය ජල ප්‍රශ්නයක් ගැන ජනතා කඳුළු තම නාලිකාව ඔස්සේ අලෙවි කරමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ගිණුමකට මුදල් බැර කරන්නැයි දෙස් විදෙස් පරිත්‍යාගශිලීන්ගෙන් ඉල්ලීමයි.(බලන්න https://youtu.be/QdRpa6C2D4g (https://www.facebook.com/GammaddaSL/videos/1686518158071090/ ) එක ව්‍යාපෘතියකට රට වටෙන් සහ විදෙස්ගත ලාංකිකයන්ගෙන් එකතු වූ මුල්‍ය ආධාර කොපමණද යන්න කිසිවකු නොදනී.( මුදල් දෙන පරිත්‍යාගශිලින් 15.20 විනාඩියේ සිට https://youtu.be/DyYaIYQRXy4 ) අනුන්ගේ ගනුදෙනු සියල්ල රටට කියන්න සුදානම් සිරස ඒ ගැන රටට කියන්නට සුදානමක් නැත. මහරාජා කරන්නේ මිනිසුන්ගෙන් ලැබුණු මුල්‍යමය පරිත්‍යාග වලින් කොටසක් ජල නල, විකුණන තම කොම්පැනියට ගෙවා අදාල ගමට වතුර දීමයි. අවසානයේ සිදුව ඇත්තේ ජනතාවගේ මුදලින් මහරාජා වක්‍රාකාරයෙන් සිය ව්‍යාපාර සරුකර ගැනීමයි. මේ සෑම ව්‍යාපෘතියකම ස්ලෝන් බට, ජල කරාම, වතුර ටැංකි ආදිය මහරාජාට අයත් කොම්පැණිවල භාණ්ඩයි. ජනතා දුක කඳුළ අලෙවිකොට ලබාගන්නා පරිත්‍යාගශිලින්ගේ මුදලින් මහරාජා තම ව්‍යාපාරත් ගොඩදමා, එය සිය නියෝජිතයන් ප්‍රාදේශීය දේශපාලනයට පවා රිංගවා ගැනීමට බෝනස් ආයෝජනයක් කරගන්නේ එහෙමයි. දැන් කෙනෙක් අහන්න පුළුවන් ගම්මැද්ද හරහා ජනතාවට සේවයක් වෙන්නෙම නැද්ද වගේ ප්‍රශ්නයක්. අපි ඒකත් නැහැ කියන්නේ නැහැ වෙනවා. නමුත් මේ සාකච්ඡාව ඒ යට දිවෙන දේශපාලන අරමුණ සහ අනුන්ගේ කිල්ලෝටවල විතරක් කුණු හොයන මහරාජාගේත් සදාචාරය ගැනයි.

ඉන්දුනීසියාවේ බාලි නගරයේ පැවති ආසියානු ගුවන්විදුලි සංගමයේ වාර්ෂික සැසිවාරයේදී සිරස ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට දැඩි සේ හානිවන ඉදිරිපත් කිරීමක් කලේ ඩොලර් උපයා ගැනීමේ අරමුණ ඇතුවයි. මේ මාධ්‍ය සම්මන්ත්‍රණයේදී සිරස කියා තිබෙන්නේ යුද්ධයෙන් මියගිය අයගේ පවුල්වලට කිසි හව් හරණක් සලසා නැති බවයි.එමෙන්ම ගම්වල හරිහැටි පාරක් තොටක් නැතිබවත්, මිනිසුන්ට බොන්න පානිය ජලය නැති බවත්, මිනිස්සු නිතරම කඳුළු සළන බවත් ඒ කඳුළු පිසින්නට ඉන්නේ සිරස ගම්මැද්ද පමණක් බවත් පවසමින් සිරස ලෝකය හමුවේ රට හෑලුකර උපයා ගත් ඩොලර් ප්‍රමාණය කීයක් දැයි අපි නොදනිමු. අන් සෑම කෙනෙක්ගේම කිල්ලෝටවල හුණු ගැන කතා කරන සිරස විදෙස් ආධාර (ඩොලර් ) කොපමණ ලැබුණේද? ඒවා වියදම් කලේ කෙසේ දැයි රටට කියන්නට සුදානම් නැත. නමුත් මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ අන් කිසිදු මාධ්‍යකට නොදෙවෙනි ආකාරයට ප්‍රහාරාත්මක ස්වරූපයකින් දිනපතා වාර්තා කලේ සිරස නාලිකාවයි. වංචා දුෂණයන්ට තම නාලිකාව තදින් විරුද්ධ බව පෙන්වන මුහුණුවරකින් සිරස කලේ දේශපාලනයක්. එහි එක් අරමුණක් වුයේ දැවැන්ත මුල්‍ය ආයෝජනයකින් ව්‍යාපාර ක්ෂේත්‍රයට පැමිණෙන අනවශ්‍ය තරගකරුවෙක් වෙන ඇලෝෂියස් කලින්ම අවුට් කර ගැනීමයි. අර්ජුන් ඇලෝෂියස් මැති ඇමතිවරු විශාල ප්‍රමාණයකට සල්ලි බෙදමින් මුලින්ම ඔවුන් දේශපාලන හයිය ආයෝජනය කරගෙන, විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය නාලිකා ද , අරක්කු සමාගමක් ඇතුළුව ව්‍යාපාර ගණාවකට අත ගැසුවේය. එනිසා මහරාජාට අනාගතේ ව්‍යාපාර ඇතුලේ විශාල තරගකරුවකු විය හැකි කෙනෙක් කල්තියා ඉවත්කර ගැනීම එක පැත්තකින් වෙළඳපොළ අභියෝගයක් ජය ගැනීමකි. අනෙක් කාරණය වුයේ සජිත්ට පක්ෂයේ නායකයාවීමට රනිල් කම්බස් කරන ව්‍යාපෘතියේ කොටසක් ලෙසයි.

ඊළගට වැදගත්ම කාරණය දැනට කිලී මහාරාජාට දේශපාලන අධිකාරි බලයක් නැතුවම ඕනෑම කෙනෙකුට පහරදිය හැකි බලයක් ලැබුනේ කෙසේද යන්න විමසා බැලීමයි. රටේ අගමැතිවරයාගේ සිට ඕනෑම තරාතිරමක කෙනෙකුට ප්‍රහාරයක් දියත් කිරීමට අවශ්‍ය වූ විට කිසිදු මාධ්‍ය ආචාර ධර්මයක් නොසලකන සිරස ප්‍රවෘත්ති විකාශනය පවා වාර්තා වැඩසටහනක් හෝ විශේෂාංගයක් බවට පත්කර පහර දෙයි. එවැනි පහරදීම් මෙරට තවත් පෞද්ගලික ටෙලිවිෂන් නාලිකා ලෙස විකාශන අයිතිය ( ලයිසන්) ලබාගෙන තිබෙන දෙරණ නාලිකාවට හෝ හිරු නාලිකාවට කළ හැකිද ? දෙරණ නාලිකාවට ලයිසන් අලුත් නොකරන ආණ්ඩුවේ තර්ජනයක්ද පසුගිය කාලයේ අසන්නට ලැබුණි. එම නාලිකා අයිතිකරුවන්ට නැති බලයක් සිරස මහරාජාට ලැබී ඇත්තේ කෙසේද ? මේ බලය සමාජයක් ලෙස අප ප්‍රශ්න කළයුතු නැද්ද ? රටේ ජනාධිපති,අගමැතිගේ සිට කිසිම ඇමතිවරයෙක් හෝ මන්ත්‍රීවරයෙක් සිරසේ මේ මාධ්‍ය භූමිකාව ගැන ප්‍රශ්න නොකරයි. ඒ ඔවුන්ව මේ මාධ්‍ය ජුන්ටාවෙන් ජනතා අප්‍රසාදයට පත් කෙරෙන ප්‍රහාරයක ඉලක්කයක් වීමට ඇති බිය නිසයි. "සිරසට අත තියන්න එපා. අත තියලා පසු තැවෙන්න එපා" යැයි ඔවුන් විටින් විට අනතුරු අගවනුද දැකිය හැකියි. අනෙක් මාධ්‍ය හිමියන්ට නැති මහාරාජාට පමණක් තමන් තෝරා ගන්නා පුද්ගලයන් හම ගැසීමට ඇති විශේෂ බලපත්‍රය කුමක්ද? අනෙක් මාධ්‍ය අයිතිකරුවන්ට එම බලපත්‍රය ලබාගත නොහැකි හේතුව කුමක් ද ? යන ප්‍රශ්න ගණනාවක් අප ඉදිරිපිට තිබෙයි.

අද එජාපය තුළ විශාල අර්බුදයක් නිර්මාණය කර ඇත්තේද කලක් තිස්සේ මහරාජා හඹා එන ඔහුගේ දේශපාලන ඉලක්කයක ප්‍රතිඵලයක් වශයෙනුයි. සිංහල බෞද්ධ සංස්කෘතිය කිසිදාක ප්‍රමුඛත්වයෙන් නොසැලකු සිරස ක්‍රිස්තියානි සංස්කෘතිය නත්තල මුල් කරගෙන මාසයක් තිස්සේ සමරයි.වෙසක් වෙනුවෙන් සතියක් වෙන් කරන්නේ ඒ ගැන අවයාජ හැගීමක් ඇති නිසා නොව අනෙකුත් නාලිකා සමග රේටින් තරගකාරිත්වය ආරක්ෂා කරගැනීම පිණිසයි. එනම් සිංහල බෞද්ධයන්ගෙන් ප්‍රතික්ෂේප නොවී ප්‍රේක්ෂකාගාරය රදවා ගැනීම පිණිසයි. මේ රටේ බහුතර බෞද්ධය ජනයාට ආගමික වශයෙන් වැදගත් වෙන පොහොය දිනය අනෙකුත් නාලිකාවල ප්‍රථම ප්‍රවෘත්තිය වෙද්දී සිරස ඊට තැනක් දෙන්නේ විනාඩි 20 කට වැඩි කාලයක් ගෙවීගිය පසු අන්තිමටයි.(බලන්න 20.53.විනාඩිය https://www.youtube.com/watch?v=KBntQi0CWyo&t=1269s ) දැන් කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් පොහොය යනු මුලට ගැනීමට තරම් වැදගත්කමක් ඇති ප්‍රවෘත්තියක් නොවෙන බව. එසේ නම් බහුතර ජනයාට ආගමික වැදගත්කමක් නැති රාමසාන් පාස්කු වැනි අන්‍ය ආගමික සුළුතර බැතිමතුන්ට පමණක් වැදගත් දිනයක් මුලට ගන්නේ ඇයි? (මෙන්න මුල්ම ප්‍රවෘත්තිය https://youtu.be/XJvWRjpT540 ) (මෙන්න පොසොන් පෝයත් විනාඩි 8 පසු https://www.youtube.com/watch?v=I-2wM8xKyKk ) සිරස බෞද්ධ සංස්කෘතියට මෙතෙක් දුන් තැන සහ අන්‍ය ආගමික දිනයන්ට දුන් තැන බලාගැනීමට අවශ්‍ය නම් ඕනෑම කෙනෙකුට ඒ ඒ දිනයන්ට අදාළ ප්‍රවෘත්ති විකාශයන් නැරඹීමෙන් බලාගත හැකියි. (මෙම ලිපියෙන් පසු එම ප්‍රතිපත්තිය වෙනස් කිරීමට ඉඩ ඇති නිසා මෙය පළ කිරීමට පෙර දිනයන් නිරීක්ෂණය කරන්න )

නමුත් බෞද්ධයන් රැවටීමට සිරස නාලිකා පරිශ්‍රයේ බුදු කුටියක් තනවා පොහෝ දින බුද්ධ පුජාව තබන අන්දමත්,(බලන්න 21.40. https://youtu.be/KBntQi0CWyo ) අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගැනීම වැනි රටක් බලා සිටින අවස්ථාවක එය ආවරණය කිරීමට යන සිරස සියුම් ලෙස ඔවුන්ගේ වාහනවල බුදු පිළිම බෝකොළ එල්ලා තිබෙන ආකාරයත් පෙන්වනු දැකිය හැකියි.(බලන්න 11.08 සිට https://www.youtube.com/watch?v=h73H3Yb_siA ) මෙය අහඹු දර්ශනයක් නොව සුක්ෂම ලෙස එයට කැමරාව අල්ලා ජන මනසට කාන්දු කරන්නේ ඔවුන් ද බෞද්ධ සංස්කෘතියේ නිර්මිත බව පිළිගන්නා ලෙසයි. දැන් මේ බුද්ධ පුජා තැබීම, වාහනවල කුඩා පිළිමයක්, බෝකොළ එල්ලා ගැනීම ආදිය කිසිවක් නරක දේවල් නොවේ. ගැටලුව ඇත්තේ මේ කරන්නේ ඔවුන්ගේ ඉලක්කයක් උදෙසා ආගම පාවිච්චි කරන්නක් වීමයි. බෞද්ධ සංස්කෘතික ක්‍රියාකාරකම්වලට ඔවුන් කොතරම් අවංක දැයි සිංහල බෞද්ධයන්ටම ප්‍රශ්නයක් ඇත්තේ මේ මාධ්‍ය නාලිකාව ආරම්භයේ පටන් වගා දිගා කලේ බෞද්ධ සංස්කෘතියෙන් ශික්ෂණය වූ සමාජයක් ගොඩනැගීමට නොවේ. එනිසා මේ පුදපුජා වත්පිළිවෙත් සන්නස්ගලත් ඡන්ද ගැනීමට පන්සල්වලට ගොස් පිරිත් නූල් බැඳ බැඳ භික්ෂුන්ට වැඳ වැඳ ගියාට සමානයි.

දැන් සජිත්ව බලාපොරොත්තුවෙන් ඉන්න ගම්මට්ටමේ සිංහල බෞද්ධයන්ද, එජාපයෙන් පිට කතිරය නොගසන නාගරික මැද පංතියේ යුඑන්පි බෞද්ධයන්ද සිතා බැලිය යුත්තේ ඔබ තවදුරටත් සජිත් පසුපස ගොස් ලාංකික දේශපාලනයේ රිමෝට් කොන්ට්‍රෝල් එක මහරාජා අතට පත් කරනවා ද යන්නයි. සිංහලයන් පක්ෂ වලට බෙදී ඇති පසුබිමක දේශපාලනයේ Remote control එක නුදුරු කාලයකදී මහරාජා අතට පත්කර ගැනීම වැළක්විය නොහැකියි. අප මේ කරන්නේ එය තවත් වසර කිහිපයක් පසුපසට දා ගැනීමට උත්සාහ කීරීමයි. එය නැවැත්විය හැකි පරමාධිපත්‍ය බලය ඇත්තේ මහජනයා ලෙස ඔබටයි. සජිත් සමග රට සිරස මහරාජාට භාර දෙනවා ද ? නො එසේනම් සජිත් පිටුපස ඇති මහරාජා ව්‍යාපෘතිය පරාජය කරනවා ද යන්න තීරණය කිරීම ඔබට භාරයි. දේශපාලන දාම් පෙතේ දක්ෂ ඉත්තෝ කපන්නෙකු වූ රනිල් වික්‍රමසිංහ සජිත් පිල අන්තිම විනාඩියේ දී හෝ පරාජය කරනු ඇති බව මගේ විශ්වාසයයි. එහෙත් මොන හේතුවක් නිසා හෝ රනිල් පරාජය වී සජිත්ට පක්ෂයේ නායකත්වය දීමට සිදුවුවහොත් සජිත්ගේ අනුග්‍රහය යටතේ පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් මහරජාගේ නියෝජිතයන්ට රිංගා ගැනීමට හැකිවෙයි. මහරාජාගේ තාලම්පොටට නැටවෙන නැට්ටුවකු වන සජිත්ට සිදුවන්නේ මෛත්‍රීට මෙන් බොහෝ විට එක් ධුරකාලයකින් විශ්‍රාම ගැනීමටයි. විශාල සේවක ප්‍රමාණයකින් හා ඉතාම සංවිධිත ව්‍යුහයකින් සමන්විත (බලන්න https://youtu.be/0UHZxNJeNfE) සහ (https://youtu.be/JgQicF4SJ4I ) කැපිටල් මහරාජා සමාගම එක්ක හැරෙන්නවත් සජිත්ට නොහැකිවන අතර ප්‍රාදේශීය මට්ටමේ දේශපාලකයන්ටත් සිදුවන්නේ මහරාජා මාධ්‍ය ජුන්ටාවේ නියෝජිතයන්ට තම ආසනයත් පූජා කොට පරාජය භාරගැනීමටයි.
එනිසා රට ගැන හැගීමක් තිබෙන සිංහල බෞද්ධ එජාප පාක්ෂිකයන්ගේ 2020 දේශපාලන පරිකල්පනය විය යුත්තේ මහරාජාගෙන් එජාපයත් රටත් ගලවා ගැනීමයි.

රත්තනදෙණියේ මේධානන්ද හිමි ගෙන් උපුටා ගත්තකි .

Want your business to be the top-listed Government Service in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Galle